My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-31

07th episode


කෑම අරගන්න ගමන්ම මිශෙලි කතාව පටන් ගත්තා..


"ඔයාට උන දේට වග කියන්න ඕනේ තිසුරි"


"මොකක්..තිසුරි?


"ඔව් ජෙනී...එයා තමා රෝස්ටයි ටශිනිටයි කේලම කියලා තියෙන්නෙ..රෝසුයි,ටශිනි ඔයා ශවේනුයි,රශේනුයි එක්ක කතා කරනවා දැකලා නැහැ..තිසුරි තමා හොරෙන් හැමදේම අහන් ඉදලා ඒ දෙන්නට කියලා තියෙන්නේ..


මටයි මයුමිටයි ඇහුණා ක්ලාස් එකේ ඉද්දි තිසුරි ඔය විස්තරේ එයාගේ යාලුවෝ එක්ක රස කර කර කියවනවා වගේම එයා ඒක රොස්ටයි ටශිනිටයි කීවා කියලා හිනාවෙවීම කියනවා..


ඇත්තමයි මයුමි මාව නැවැත්තුවේ නැත්තම් මම ඒ වෙලාවේ මිනීමරුවෙක් වෙන්න තිබ්බා..මයුමි කීවා අපි ඉස්සරලම ඔයාට කරදරයක් නොවෙන්න ඉක්මනට ඔයා ළඟට යන්න ඕනේ කියලා..


ඒත් අපි එද්දි පරක්කු වැඩියි ජෙනී..අපට සමාවෙන්න ඔයා ළඟ ඔයාට ඕනෙම වෙලාවේ ඉන්න බැරි උන එක ගැන..


ආය නම් ජෙනී ඔයා නෙවෙයි දෙවියෝ ඇවිත් යන්න කීවත් අපි නම් ඔයාව තනියම යවන්නෙ නෑ කොහෙවත්.."


කියලා මිශෙලි කීවම මගේ ඇස් වල කඳුලු පිරුණේ මටත් නොදැනිම..


"හා.. හා..ඉතින් දැන් මෙතන හොටු පෙරන්න පටන් ගන්න එපා ජෙනී..ඔයා දන්නවනේ අපි දෙන්න ඕන දේකට ඉන්නවා කියලා..


Eww..මට නම් මේ ඕපදූප හොයන උනුයි,කේලම්කාරියොයි පේන්න බැහැ..අපි එකතු වෙලා මේ හැමෝටම හොඳ පාඩමක් උගන්නන්න ඕනේ.."


මිශෙලි එහෙම කියද්දි මයුමිත් ඒ අදහසට කැමති උනා..


"මාත් ඒකට එකඟයි ජෙනී..එයාලට අමතක නොවෙන පාඩමක් උගන්නන්න ඕනේ ඔයාට මේ කරපු දේට.."


මයුමියි,මිශෙලියි එහෙම කීවත් මම හිටියේ මුකුත්ම හිතා ගන්න බැරුව..


"මේ අහන්න ජෙනී..මම ළඟ හොඳ අදහසක් තියෙනවා..ඒක අපි කරන්න ඕනේ පාර්ටි එක දවසෙදි..."


කියලා කියපු මිශෙලි එයාගේ අදහස අපි දෙන්නටම කීවා..කතාවෙන් කතාව අපි breakfast අරන් ඉවර උනා...


"ඔයාගේ අදහසට මම එකඟයි මිශෙලි..අපි එදාට මේ Bomb එක බ්ලාස්ට් කරන්න ඕනෙමයි..මේක නම් හරිම ෆන් වැඩක් වෙයි.."


කියලා මයුමිත් ඒ අදහසට කැමති උනා...


"ඒත් ළමයි..."


"ඒත් මේත් නෙවෙයි ජෙනී අපි මේක කරනවමයි..ඔයා කිසිම වැරද්දක් නොකරත් ඔයාට මෙහෙම කරපු අයව අපට ලේසියෙන් අතාරින්න බැහැ..." මිශෙලි කේන්තියෙන්ම එහෙම කියද්දි මාත් ඔලුව හොල්ලලා එයාලගේ අදහසට එකඟ උනා..


"ඒක නෙවෙයි..දැන් ඔයා තෝරගන්නෙ කාවද?"


මට හිතන්න ඉතුරු වෙලා තිබුණ ප්‍රශ්නෙ මයුමි මගෙන් ඇහුවා..


"ඔයාලා දන්නවනෙ මට අමුතුවෙන් තෝරගන්න දෙයක් නැහැ කියලා..ශවේන් කියන්නෙ අවුරුදු ගානක මගේ වන් සයිඩ් ලව් එක..එයා මට ආදරෙයි නම් මම තවත් මොකටද බලන් ඉන්නෙ ඒ ආදරේ පිළිගන්න? "


කියලා මම කියනවත් එක්කම මගේ ෆෝන් එක වයිබ්‍රේට් උනා..ශවේන්ගෙන් මැසේජ් එකක්..


"I knew it jenny"

(මම ඒක දැනන් හිටියා ජෙනී..)


එයා මොනා ගැනද කියන්නෙ කියලා මට හිතාගන්න බැරි වෙද්දි එයාගෙන් ආයෙමත් මැසේජ් එකක්..


"Look up😉"

මම ඒත් එක්කම උඩ බැලුවා..ශවේන්!... එයා ඉන්නවා කැෆේ එකේ එකේ උඩ තට්ටුවේ වැටට හේත්තු වෙලා අපි දිහාම බලාගෙන..එයාගේ එක අතක ලස්සන රෝස පාට මල් වගයක් තියෙන bouquet එකක්...


අපි තුන්දෙනාම පුදුම වෙලා එයා දිහා බලන් ඉද්දි කට කොනින් චූටි හිනාවක් දාගෙනම පඩිපෙළ බැහැලා අපි ඉන්න තැනට ආවා..එහෙම ආපු එයා flower bouquet එක මගෙ අතට දීලා මගෙ කම්මුලකින් චූටි කිස් එකක් තිබ්බා..


ඒ ගමන්ම කනට කරලා


"මම දැනන් හිටියා ජෙනී ඔයා මට ආදරේ කරයි කියලා..ඒක නෙවෙයි ඔහොම ලැජ්ජාවෙන් රතු උනාම ඔයා තවත් ලස්සනයි" කීවා..

ඒත් එක්කම මයුමියි මිශෙලියි එතනින් නැගිටලා වොශ් රූම් එකට ගිහින් එන්නම් කියලා මාවයි ශවේනුයි තනි කරලා ගියා..


දැන් ටිකකට කලින් දෙයියෙක් ඇවිත් යන්න කීවත් යන්නෙ නෑ කීව ඩබල මාව මෙතන හැන්ඩ්සම් යක්ෂ පැටියෙක් එක්ක තනි කරලා ගිහින්.."ජෙනී, ඇයි කොණ්ඩෙ කැපුවේ?"


"පාර්ටි එකට යන්න මට පොඩි වෙනසක් කරන්න හිතුණා..ඒකයි..." කියලා මම එකපාරටම හිතට ආව අදහස ශවේන්ට කියලා දැම්මා..මේක Girl's war එකක්..මේකට පිරිමි ළමයි මැදිහත් වෙන්න ඕනෙ නැහැ..එහෙම උනොත් මේක තවත් දුර දිග යයි..මට හිතුණෙ එහෙම..


ශවේන් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉද්දි එකපාරටම එයාගේ ෆෝන් එක රින්ග් උනා..එයා කෝල් එක ආන්ස්වර් කරලා කතා කරනකන් මම එයා දුන්න flower bouquet එකේ මල් වල පෙති අතින් පොඩි කරන ගමන් ඒවගේ සුවද බැලුවා..ඒවා හරිම ලස්සන pink silk peony කියන මල්..එයා මේවා කොහෙන් හොයාගෙනද මන්දා..එහෙම හිත හිත ඉද්දි මට ආයෙත් එයාගේ කටහඬ ඇහුණා..



"ජෙනී මට ඩැඩීගේ වැඩකට හොස්පිට්ල් එකට යන්න වෙනවා..ඔයා පරිස්සමින් ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න..ඔයා එක්ක තව ටික වෙලාවක් ඉන්න තිබුණ නම් මාත් කැමතියි..ඒත් මට දැන් යන්නම වෙනවා.."


කියපු එයා මගේ නළලට චූටි කිස් එකක් තියලා, මගේ කම්මුලකුත් යන්තම් මිරිකලා හිනාවෙවීම යන්න ගියා..සාක්කුවට අතකුත් දාගෙන හරි කෙලින් බලාගෙන මගෙන් ඈතට යන ඒ රූපෙ දිහා මම බලන් හිටියෙ හරිම ලෝභ කමකින්...


"ඉස්සරහට හැමදාම ශවේනයව කන්න පුලුවන් නෙහ්..දැන්වත් ටිකක් අපි දිහා බලපන්.." ඒ මයුමි..


"ආව්..ආව්..මෙන්න කෙල්ලගෙ මූණෙ තියෙන හිනාව.." කියලා මිශෙලිත් කියද්දි මම කරේ ඒ දෙන්නට මගේ Flower bouquet එක පෙන්නපු එක..


ඒකෙ ලස්සන වර්ණනා කරපු ඒ දෙන්නා, ටශිනිටයි රෝස්ටයි කරන්න ඕන දේත් කියවලා අවසානේ ගෙවල් වලට යමු කීවා..


කැෆේ එකෙන් එළියට ආපු ගමන්ම මිශෙලි කරේ flower bouquet එක අතේ තියන් ඉන්න මගේ ෆොටෝ එකක් ගත්ත එක..

Jennie with pink silk peony flower bouquet💗


කැෆේ එකෙන් එළියට ඇවිත් කාර් එකේ තුන්දෙනාම ගෙවල් වලට යන ගමන් කතා උනේ හෙටත් ආපහු සෙට් වෙලා ලස්සන Haircut එකකුයි කොණ්ඩෙට ලස්සන කලර් එකකුයි දාමු කියලා..එහෙනම් මට හෙට වෙනකන්ම ගෙදර අයට මූණ දෙන්න වෙන්නෙ නැහැ..මට හිතුණෙ එහෙම..


___________________________________

පහුවදාත් මිශෙලි මාව එක්කන් යන්න ඇවිත් තිබ්බා වෙද්දි මම ගුරු පාට හීනි පටි තියෙන ගවුමකුත් ඇදන් අතට චූටි වොච් එකකුත් බැදන් ලෑස්ති වෙලයි ඉදියේ..පුංචිට විස්තරේ කියලා මම ගෙදරින් ආවා..අද නම් ගෙවල් වලින්ම breakfast එක ගත්තේ කැෆේ ගානේ රස්තියාදු වෙන්න බෑ කියලා අපි තුන්දෙනාටම හිතුණ නිසා..


අපි තුන්දෙනා ගියේ Barby saloon එකට.. ඒකේ Theme එක විදියට තිබුණේ "We can change you into a barby" කියලා..Barby කෙනෙක් වෙන්න ආසාවක් නොතිබුණත් අපි ඒකට ගියේ ඒ Saloon එකේ වැඩ perfect කියලා ප්‍රසිද්ධ වෙලා තිබුණ නිසා...


මම උරහිස ගාවට වගේ තිබුණ මගේ කොණ්ඩෙට යන්තම් පෙනෙන Brown colour එකක් දැම්මේ ලස්සන haircut එකක් දාන්න තරම් මගේ කොණ්ඩෙ දිගක් නොතිබුණ නිසයි..

Jenni's new hair


සුදු බෝලයක් වගේ ඉදිය මයුමි එයාගේ දිග කොණ්ඩෙට long layer එකක් දැම්මා වෙද්දි මිශෙලි එයාගේ කැරලි කොණ්ඩෙට පෙනෙන නොපෙනෙන ගානට කලර් එකක් විතරක් දැම්මා..

Mayumi's hair
Misheli's hair


ඔය ඔක්කොමත් කරලා ගෙදර යන්න උන්න අපි තුන්දෙනාට බර්ගර් බඩගින්නක් ආවා..ඉතින් අපේ ටව්න් එකේ තිබුණ බෙස්ට්ම බර්ගර්ස් තියෙන කඩේට අපි ගියා..


ඒ Restaurant එකේ නම උනේ "Amazing burgers"...අපි තුන්දෙනා බර්ගස් වගේම ඒ restaurant එකේ special chocolate milkshake එකත් ඕඩර් කරා..(කෑම කියන්නෙ ආගමක් නේද පෙන්ස්?)

Their orders😍


ඔක්කොම ඉවර වෙලා ගෙදර ගිහින් හොද නින්දක් දැම්ම මට ඇහැරුණේ මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට..


ශවේන්! එයා මොකද මේ වෙලාවකට කතා කරන්නෙ කියලා හිත හිතම මම ෆෝන් එක ආන්ස්වර් කරා..


"හෙලෝ ජෙනී..දැන් මීට් වෙන්න පුලුවන්ද?"


"දැන්?"


"ඔයා ලෑස්ති වෙලා එන්න..මම බලන් ඉන්නවා.."


"ඒත්..."


මට කියන්න පුලුවන් උනේ එච්චරයි..මේ යක්ෂ පැටියා කෝල් එක කට් කරලා..දැන් මම පුංචිට මොකද කියන්නෙ? යාලු වෙලා දවසයි පහුවදාම ඩේට් එකක්..අනේ මන්දා මේ ශවේනුත්..අඩුම මට එන්න ඕනෙ තැනවත් කීවේ නැහැ..


මම දැන් මොකද කරන්නේ?

______________________________________

දිග එපියකින් සෙනසුරාදා හම්බෙමු..😚

Report Page