My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-29

06th episode

අද දවසට විතරක් එක දිගට උන දේවල් නිසා මගෙ  ඔලුවත් රිදෙන්න අරන් තිබුණා..



"ජෙනී....ජෙනී..." කියාගෙන මයුමියි මිශෙලියි ඈතින් දුවන් එන සද්දෙ ඇහෙද්දි  මම කරේ කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන තව තවත් ගුලිවෙලා අඩපු එක....


Washroom එකේ දොරත් අරන් ආපු ඒ දෙන්න වෙලා තිබුණ දේ දැක්කා.. දුවන් ආපු මයුමි කරේ ගුලිවෙලා අඬ අඬ හිටපු මාව බදාගත්ත එක...මිශෙලිත් ළඟින් ඉඳන් ඔලුව අත ගාද්දි මම කරේ ඇතිවෙනකන් අඬපු එක...



උනේ මොකක්ද කියලා වචනයක්වත් මගෙන් ඇහුවෙ නැති ඒ දෙන්නා මට අඬන්න ඇති තරම් වෙලාව දීලා ඔහේ බලන් හිටියා..මයුමිව  බදාගෙන එහෙමම අඬපු මම අවසානේ නැගිටලා ගිහින් මූණ හෝද ගත්තා...



වොශ්රූම් එකේ බිම වැටිලා තිබුණ මගේ කොණ්ඩෙ මම අරන් Dustbin එකකට දැම්මා..ඊට පස්සෙ මම වොශ් රූම් එකෙන් එළියට එද්දි වචනයක්වත් නොකියා මයුමියි, මිශෙලියිත් මගෙ පස්සෙන්ම ආවා..


______________________________________


ගෙදර ආපු ගමන් මම වචනයක්වත් නොකියා මගෙ රූම් එකට ගිහින් දොර ලොක් කරා..අඬන්න කදුලු නැහැ..ඒත් උන දේවල් නිසා හිත සෑහෙන්න රිදිල තිබුණේ.....මම ආසම කරන සින්දුවක් ප්ලේ වෙන්න දාලා බාත්රූම් එකට ගිහින් ඇතියි කියලා හිතෙන තරම් නෑවා...


දැන් නම් හිතට පොඩි සැහැල්ලුවක් දැනෙනවා...අම්මා මම ගැන තාම හෙව්වෙ නැති එක නම් ලොකු පුදුමයක්..ඉතින් පහළට යන්න තියෙන කම්මැලිකමට මම කරේ අම්මට call එකක් ගත්ත එක..අනික අම්මා මගේ කොණ්ඩෙ දැක්කොත් ඒකට දෙන්න උත්තරයක් මට තාමත් හිතා ගන්න බැරුවයි හිටියේ...අම්මට කෝල්ස් කීපයක්ම ගත්තත් No answer.. ඉතින් මම ලියාරා පුංචිට ගත්තා..


"හෙලෝ පුංචි...කෝ අම්මා?"


"මොකද ජෙනී මේ කෝල් ගන්නෙ එක ගෙදර ඉදන්? ආ...."


"හී....පහළට එන්න කම්මැලියි පුංචෝ.."


"අනෙ අනෙ..දැන් ඩිනර් එකටවත් පහළට එන්නෙ නැද්ද? අම්මා නම් සුදු ආච්චියි,සීයා තාත්තයි එක්ක නැන්දලාගේ ගෙදර ගියා...මාමාටයි නැන්දටයි ඇක්සිඩන්ට් එකක් වෙලා ජෙනී.."


"අනෙහ්...එතකොට නන්ගිලා දෙන්නා?"


"එයාලා ඒ වෙලාවෙ කාර් එකේ ඉදල නැහැ...මාමයි නැන්දයි හොස්පිට්ල්..නන්ගිලා දෙන්නට ගෙදර තනියම ඉන්න බෑනෙ ඉතින්..ඒකයි කට්ටියම එහෙ ගියේ..මාමවයි නැන්දවයි බලලා නන්ගිලාව මෙහෙ එක්කන් එන්න...



"අනේ පුංචි...මටත් ඕනේ එයාලව බලන්න...නංගිලා දෙන්නත් හොඳටම බය වෙලා ඇතී.."


"බලමුකො ජෙනී අම්මලා මොකද කියන්නෙ කියලා..මෙහෙ වැඩ බලාගන්න කෙනෙක් නැති වෙන නිසයි මම ගෙදර නැවතුනේ.."



"ම්ම්ම්....පුංචො මගෙ ඔලුවත් ටිකක් රිදෙනවා වගේ..මම අද රූම් එකේම ඩිනර් එක ගන්නම්..ඔයාට පුලුවන් නේද සර්වන්ට් කෙනෙක් අතේ උඩට එවන්න?"



"ජෙනී...බොරු ලෙඩ නේද ඔය...ඔයා නම් දැන් හොඳටම කම්මැලි වෙලා..කමක් නැහැ මම ඩිනර් එක එවන්නම්.."


කියලා පුංචි කෝල් එක කට් කරා..මම කරේ ලොකු හුස්මක් ඉහළට ගන්න එක... ඔලුවේ අමාරුවකටත් වඩා මට තියෙන්නෙ හිතේ අමාරුවක් කියලා මම කොහොම කියන්නද පුංචි...



සාමාන්‍යයෙන් මගේ විදිය උනේ මගේ ප්‍රශ්න ගෙදරට අරගෙන යන්නෙ නැතුව මම ම විසද ගන්න එක..පවුලේ අය කොච්චර මාත් එක්ක යාලුවෝ වගේ ඉදියත් මම එයාලා ගාවට මගේ ප්‍රශ්නයක් අරන් ගියේ හරිම කලාතුරකින්..


අම්ම නම් මගේ මේ ගතිගුණේට පොඩ්ඩක්වත් කැමති නැහැ..ඒත් එයාලට විසදන්න තියන ප්‍රශ්න හොඳටම ඇති..හැම ජීවිතයකම විවිධාකාර ප්‍රශ්න තියනවා..සමහර ඒවට තනියම මූණ දෙන්න වෙනවා වගේම සමහර ඒවට අපට කාගේම හරි උදව්වක් ඕන වෙනවා...ඉතින් මම අපේ පව්ලේ අයව හැමතිස්සෙම සතුටින් තියන්න උත්සාහ කලා වගේම එයාලා ඉස්සරහ කිසිම ප්‍රශ්නයක් නැති ගානට විනෝදකාමී කෙල්ලෙක් වගේ රඟපාමින් ජීවත් වුණා..මම හිතන විදියට ඇත්තටම ජීවිතේ කියන්නෙ රඟමඩලක්..අපි කරන්නෙ මැරෙනකන්ම එක එක චරිත රඟපාන එක...


ඔය වගේ විකාර හිත හිතම ඇස් දෙක පියාගත්තම මට මැවුණේ තාතගේ එකම නංගි උන අමායා නැන්දගෙයි,එයාගෙ හස්බන් මිනුල මාමගෙයි වගේම එයාලගේ ළමයි උන නංගිලා දෙන්නගෙයි ලස්සන මූණු ටික...

______________________________________


"ජෙනී බේබී..."

නින්ද ගිහින් ඉදිය මට ඇහැරුණේ කව්රුහරි මට කතා කරන සද්දෙකින්..කටහඬේ විදියට නම් සාරදා වගේ..


"ඇතුළට එන්න.." කියන ගමන් මම කාමරේ දොර අරිද්දි ඇතුළට ආව සාරදා කෑම බන්දේසිකුයි, වතුර වීදුරුවකුයි මගෙ ටේබල් එක උඩින් තිබ්බා...


"ලියාරා මැඩම් මේ පෙනඩෝල් දෙකත් බේබිට දෙන්න කීවා" කියලා මගෙ අතින් පෙනඩෝල් දෙකක් තියලා සාරදා යද්දි මම එයාට ස්තූති කරා...


ඩිනර් එකත් අරගෙන මම එහෙම්ම ඇදට ආවේ පාඩම් වැඩ මුකුත්ම කරන්න තරම් හොද මානසිකත්වයක් මට තිබුණෙ නැති නිසා..මොකද ශවේන් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තිබුණා..ඒ වගේම ටශිනියි,රෝස් දෙන්න ගැන මට දැනුනේ හරිම පිළිකුලක්..



ඕවා හිත හිතම මම ඩේටා ඔන් කරද්දි වට්සැප් කෝල්ස් සෑහෙන ගොඩක් මයුමිගෙනුයි මිශෙලිගෙනුයි...ඒත් එක්කම අපි තුන්දෙනාගේ ගෲප් එකටත් මැසේජ් දාලා තිබුණා..


"We should talk about these nonsense..So let's meet tomorrow at lily cafe..Mayumi & Jenni, please ready before 10.00P.M...I'll pick you from your home"

(අපි මේ විකාර ගැන කතා කරන්න ඕනේ..එහෙනම් අපි හෙට ලිලී කැෆේ එකෙදී හමුවෙමු.. මයුමි & ජෙනී, කරුණාකරලා 10ට කලින් ලෑස්ති වෙලා ඉන්න..මම ඔයාලව ඔයාලගේ ගෙදරින් ගන්නම්..)කියලා මිශෙලි දාලා තිබුණ මැසේජ් එකට මම "okay" කියල විතරක් රිප්ලයි එකක් දැම්මා...


ඒත් එක්කම Unknown Number එකකින් මැසේජ් එකක්!


Hi😍


කියලයි තිබුණේ..ප්‍රොෆයිල් පික් එකේ හිටියේ වෙන කවුරුත් නෙවෙයි ශවේන්..මම ඒ ෆොටෝ එකේ තිබුණ කඩවසම් රූපෙ දිහා ටික වෙලාවක් බලන් ඉන්න ඇති..ඒ නිසාද කොහෙද ශවේන්ගෙන් ආයෙම මැසේජ් එකක්..


"Hello jenny, It's me..shaven.."


"Heyy...Now I'm so tired..Can we talk later?"


"Of course jenny..

Is everything are okay?"


"I think that so..Good night shaven.."


"Okay..Good night jenny"


මම එයාට එහෙම කීවේ මේ වෙලාවෙ මට කාත් එක්කවත්ම කතා කරන්න උවමනාවක් තිබුණේ නැති නිසා..මට ඕන උනේ මගේම සිතුවිලි ලෝකෙක අතරමන් වෙලා නිදා ගන්න..ඉතින් මම ඔලුවෙ බර ගතිය අයින් වෙන්න කියලා හිතන් පෙනඩෝල් දෙකත් බීලා ඇදේ වැතිරිලා ඇස් දෙක පියා ගත්තා...

_____________________________________


මම උදේ නැගිටලා රෝස පාට, දණහිසෙන් ටිකක් උඩට තියෙන මගේ ෆේවරිට් ගව්මක් දා ගත්තෙ කැෆේ එකට යන්න හිතන්...

කොණ්ඩෙ පීරන්න කියලා හිතන් mirror එක ගාවට ගියපු මට දැනුනේ හරි ආගන්තුක බවක්..මොකද මම මෙහෙම කොට කොණ්ඩයක් තිබුණ ජෙනී කෙනෙක්ට හුරු වෙලා හිටපු නැති නිසා...


මම ලෑස්ති වෙන ගමන් එහෙම්ම මගෙ දිහා බලන් ඉද්දි මට පහළින් ඇහුණෙ කාර් එකක් හෝර්න් කරන සද්දයක්...මිශෙලි ඇවිත්!....


මම කොණ්ඩෙ ශෝල් එකකින් වහ ගන්න ගමන්ම පහළට ගියේ පුංචිව හොයන්..පුංචිට විස්තරේ කියපු මම එහෙම්ම දිව්වෙ මිශෙලි ගාවට..මයුමිලාගේ ගෙදරින් මයුමිවත් අරගෙනම අපි විනාඩි දහයකින් විතර හිටියේ කැෆේ එකේ ටේබල් එකකට වෙලා මූණෙන් මූණ බලාගෙන...


Cafe Lily


ගෙවල් වලින් Breakfast ගත්තෙත් නැති නිසා ඉස්සරලම මොනා හරි කාලා ඉමු කියලා හිතපු අපි කරේ menu එක බලපු එක..

Their breakfast


කෑම අරගන්න ගමන්ම මිශෙලි කතාව පටන් ගත්තා..


"ඔයාට උන දේට වග කියන්න ඕනේ තිසුරි"


"මොකක්..තිසුරි?"

_____________________________________


අද ඉදන් හැමදාම වගේ එපියක් දෙන්න මම උපරිම ට්‍රයි කරන්නම්.

නවත්තන්න ඕනි නම් පටන් ගත්තෙ ඇයි? ඔයා හරි ළමයෝ..මට ඒ වචන ටික දැනුනා..ඉතින් පටන් ගත්ත කතාව මම ඉවර කරනකන් මාත් එක්ක එකතු වෙලා ඉන්න.. 😊

Report Page