My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-27

05th episode


අපි තුන්දෙනාගෙම ඇස් ඩිලන් දිහාට යොමු වෙලා තිබුණ නිසා ඩිලන් කතාකරන්න පටන් ගත්ත..


"ජෙනිෆර්.."


අපි තුන්දෙනාම පුදුම වුණා..මොකද ඩිලන් මීට කලින් කීප සැරයක්ම මයුමිගෙන් කැමැත්ත අහලා තිබුණා වගේම එකම ක්ලාස් එකේ ඉදියත් මේ වෙනකන්ම මාත් එක්ක වචනයක්වත් කතා කරලා තිබුණෙත් නැහැ..


හැමෝම කතාවෙන්නෙ පාර්ටි එක ගැන නිසා ඩිලනුත් ආවේ මයුමිගෙන් එයාගේ ඩාන්සින් පාට්නර් වෙන්න පුලුවන්ද කියලා අහන්න වෙන්නැති කියලයි මට හිතුනේ..


"අහ්..."ඇහුන දේ වැරදිද බලන්න ඩිලන්ගේ මූණ දිහා බලන් මම එහෙම කියද්දි ඩිලන් කරේ නොරිස්සුම් බැල්මක් මට යොමු කරපු එක..


"ඔයාට ශවේන් පොන්ඩ් එක ළඟ තියෙන බෙන්ච් එකට එන්න කීවා.."


මම වගේම මගෙ කෙල්ලො දෙන්නත් පුදුම වෙලා..මිශෙලිගෙ කට භාගෙට ඇරිල තියනවත් මට ඇස් කොනින් පේනවා..වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරි උනත් මම ශවේන් හම්බ වෙන්න යන්න ඉදන් හිටපු තැනින් නැගිට්ටා..


මම නැගිටිනවා දැකපු මිශෙලියි මයුමිත් ලෑස්ති උනේ මාත් එක්කම යන්න..ඒත් ඒක දැකපු ඩිලන් කරේ


"ජෙනිෆර්ට විතරයි එන්න කිව්වේ"


කියල අපි හිටපු තැනින් ගියපු එක..


"මම ගිහින් බලල එන්නම්.." කියලා කෙල්ලො දෙන්නට කියපු මම ඉක්මනට ක්ලාස් එකෙන් එළියට ගියේ මයුමි මොනා හරි කියන්න හදනවා කියලා දකිද්දිමයි..


මම ටිකක් ඉක්මනින් වගේ පොන්ඩ් එක පැත්තට යන්න පටන් ගත්තා...ඇයි ශවේන් මට තනියම එන්න කීවේ? එයා මාත් එක්ක කතාකරල තියෙන්නෙත් හරිම අඩුවෙන්..මම එයා එක්ක කතා කරන්න හදන අවස්ථාවක උනත් එයා කරන්නෙ මාව මඟාරින එක...ඉතින් ඇයි අද මට තනියම එන්න කියලා?


ඔය වගේ විකාර හිත හිත පොන්ඩ් එක පේන මානෙට එද්දි ඒ ළඟම තිබුණ බෙන්ච් එකේ එයා වාඩිවෙලා හිටියා..එයා ඉන්න පැත්තට තියන අඩියක් අඩියක් ගානේ මගේ හාට් බීට් එක වැඩිවෙනවා වගේ මට දැනුනා..


ඒ පැත්තෙ වැඩිය ළමයි පේන්න හිටියෙත් නැහැ..ශවේන්ගේ ගැන්සියත් පේන්න නැහැ..අඩුම එයාගේ අයියා වගේ එයත් එක්කම ඉන්න රශේනුත් නැහැ..විකාර හිත හිතම මම ගිහින් එයාගේ ළඟ හිටගත්තා..


මට ලස්සන චූටි හිනාවක් දුන්න එයා කරේ බෙන්ච් එකේ එයාට එහාපැත්තෙන් මට වාඩිවෙන්න කියලා අතින් සන් කරපු එක..වේගෙන් ගැහෙන හාට් එකකුත් එක්ක මම එයාට එහා පැත්තෙන් ඉදගත්තෙ එන්න කීවේ ඇයි කියලා අහනවා වගේ බැල්මක් එයාගේ කලු ඇස් වලට යොමුකරන ගමනුයි...


ඒක තේරුණා වගේ එයා කතා කරන්න පටන් ගත්තා..


"ජෙනී, ඔයාට මේක කොහොම කියන්නද කියලා ඇත්තටම මට තේරෙන්නෙ නැහැ..මම මීට කලින් කෙල්ලො ගොඩක් ආශ්‍රය කරලා තියනවා..ඒත් මේක හරි වෙනස් දෙයක්..මොකද්ද කියලවත් මට තේරෙන්නෙ නැහැ හරියටම..


ඔයාට මතකද කියන්න දන්නෙ නැහැ ඒත් මට ඔයාව ඉස්සරලම නෝට් උනේ මම ග්‍රවුන්ඩ් එකේ වලියක් දා ගත්ත දවසක මට වැදෙන්න ගියපු පොලු පාර ඔයාගේ නලලේ වැදුණ දවසේ..ඔයා ඊටපස්සෙ එතනම වැටෙද්දි කවදාවත් වලියක් මැද්දෙන් අතෑරල නොගිය මම වලිය අතෑරල ඔයා ගාවට දුවන් ගිහින් සිහි නැතුව හිටපු ඔයාව අරන් සික් රූම් එකට දිව්වා..


එදා ඉදන් මම ඔයා ගැන හැමවෙලේම වගේ හොයලා බැලුවේ ඔයාටත් නොදැනෙන්න...හැම දවසකම වගේ මට ඔයාව දකින්න ඕනෙ උනා..ඒ නිසා ස්කූල් නැති දවස් වල මම කරේ ඔයාලගේ ගෙදර ගාවට ඇවිත් ඔයා බැල්කනි එකෙන් එළියට එන මොහොතක් වෙනකන් බලන් ඉදිය එක..එහෙම කරන්න පෙලඹුන හේතුවවත් ඇත්තටම මම දැනන් හිටියෙ නැහැ..


ස්කූල් ආපු නැති දවස් ටිකේ මට තේරුණා මෙච්චර කල් මට තේරුම්ගන්න බැරි උන දේ..ඔව් ජෙනී මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්..අහේතුකවම මම ඔයාට බැදිලා ජෙනී.. මෙච්චර කල් මට මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව හිටිය දේට කියන්නෙ ආදරේ කියලා ජෙනී..."


කියලා ශවේන් එක හුස්මට මගෙ ඇස් දෙක දිහාම බලාගෙන හරිම ආදරණීය විදියට කියන් යද්දි මගෙ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ මට දැනුණා..බඩ ඇතුළෙ සමනල්ලු පියාඹන අත්දැකීම කොයි වගේ එකක්ද කියලා මට දැනෙද්දි වචනයක්වත් කියා ගන්න බැරි තරමට මම ගොලු වෙලා තිබුණා..


"එ...ත…කොට...ටශිනි.." අමාරුවෙන් හරි කට ඇරලා මම කීවේ අවස්ථාවට කොහෙත්ම නොගැළපෙන දෙයක් කියලා මට තේරුණෙ මගෙ ඇස් දිහාට යොමු වෙලා තිබුණ එයාගේ ඇස් වෙන පැත්තකට හැරෙද්දියි..


"ඔයා ගැන හොයන්න ගත්ත දවසේ ඉදන්ම මම වෙන කිසිම කෙල්ලෙක් ඩේට් කරේ නැහැ ජෙනී..මම play boy කෙනෙක් කියලා හැමෝම කියන නිසා ඔයාට මම කියන දේ විශ්වාස නැතුව ඇති..ඒත් ජෙනී මම කියන්නෙ ඇත්ත..ඔයාට තීරණයක් ගන්න ඕනෙනම් ටිකක් කල් අරන් හිතන්න..


ටශිනි ගැන කියනවා නම් එයාලාගේ මමී අපෙ මමීගේ යාලුවෙක්...ඉතින් එයාලා නිතරම අපේ ගෙදරට යනවා එනවා..ටශිනිගේ මමී මරියා ආන්ටි හදන්නේ ටශිනිව මගේ කරේ එල්ලන්න කියලයි මට හිතෙන්නෙ..


මට ටශිනිගෙ කරදරේ ඉවසන්නම බැරි තැන මම අපේ මමීට කීවා ඔයාලගේ යාලුකම් නිසා මට මෙහෙම කෙල්ලෙක්ගේ වදේ තවත් ඉවසන් ඉන්න බැහැ කියලා..


ඒත් මමී "ශවූ, නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව ඒ හැමෝමත් එක්ක හොදින් ඉන්න බලන්න..."


කියලා හිනාවෙවීම කීවේ හරියට එයාගේ ලෙක්චර් එකක් මැද්දෙන් ගොන් ප්‍රශ්නයක් අහපු ළමයෙක් ගානට මාව දාලා..


මම විතරයි දන්නෙ ටශිනි මට කොච්චර ඇණයක්ද කියලා..මම යන හැමතැනටම වගේ පස්සෙන් එල්ලි එල්ලි එනවා..මම කරන්න ඕනෙ මොනාද නැත්තෙ මොනාද කියලා මට කියවගෙන එනවා...


ඒ මදිවට ගිරවියක් වගේ මගෙ කන අස්සෙ නවත්තන්නෙ නැතුව කියවන එකමයි කරන්නෙ...එයා කරපු එපාම කරපු දේ තමයි මට ස්පෝර්ට්ස් නවත්තන්න වෙන තැනට අපේ මමීට එක එක දේවල් කියපු එක...ඒකි මොන වගේ විකාර කියලද කියන්න මම දන්නෙ නැහැ...ඒත් අවසානෙට ඒකිට ඕන දේ උනා..."


එයාගේ කටින් ඒ වචන පිටවෙද්දි එයාගේ කලු ඇස් දෙකේ තිබුණ ගිනි පිටවෙන කේන්තිය වගේම, තරහින් මිට මෙලවෙන එයාගේ අත් දෙකත් මම දැක්කා...



"මම අද ස්කූල් ආපු ගමන්ම කරේ ටශිනිගෙ මූණටම කියලා දැම්මා තවදුරටත් මට ඇණයක් නොවී ඉදහන් කියලා...මට හරිම කේන්තියි ජෙනී එයා එක්ක...ඒ ගමන්ම මම ඒකිට කීවා ජෙනී තමයි මගෙ ආදරේ..


ඒ වගේම මම කවදහරි මැරි කරන්නෙත් එයාවමයි කියලා..ඊටපස්සෙ හොටු පෙරාගෙන අඬාගෙන ගිහින් ඒක රශේනයට කියලා..ටශිනි කියන්නේ රශේන්ගේ දුරින් නැදෑ වෙන කෙනෙක්...ඒත් රශේන් කියන්නෙ ඉතින් මගෙ එකානේ..ඌ ටශිනිව ගනන් අරගෙන නැහැ...ඌත් දන්නවා ඒකිගෙන් තියෙන වදේ ගැන..."


එහෙම එකදිගටම කියවන් ගියාට පස්සෙ එයාගේ මූණෙ පේන්න තිබ්බෙ හිතෙ හිරකරන් ඉදපු දේවල් කාට හරි කීවම ඇතිවෙන විදියේ නිදහස් සැහැල්ලු හිනාවක්..


මම නිහඬවම එයා කියපු දේවල් අහන් හිටියේ මුකුත්ම හිතා ගන්න බැරුව...ඇත්තටම මේ ඇහෙන වචන ඇත්තක්ද කියලවත් මට හිතාගන්න බැහැ...හරියට නිකන් හීනයක් වගේ... මම නිහඬව ඉන්න එක දැකපු ශවේන් ආපහු කතා කරන්න ගත්තා..


"මම ඔයාට බල කරන්නෙ නැහැ ජෙනී මට කැමති වෙන්න කියලා...ඔයාට කැමති තීරණයක් හොඳට හිතලා ගන්න...මගේ හිතේ තිබ්බ හැමදේම මන් ඔයාට කීවා..ඔයාගේ අත මම අල්ල ගන්න හදන්නෙ ආයේ අතාරින්න බලන් නෙවෙයි..මම යනවා ජෙනී..."


කියපු එයා මාව ඒ බෙන්ච් එකේ තනි කරලා ගියේ මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා...

Meanwhile jenni's mind🌚👉👈


විනාඩි 5ක්...10ක්...15ක්...කොච්චර වෙලාවක් මම හෙල්ලෙන්නවත් නැතුව එතෙන්ටම වෙලා හිත හිතා හිටියද කියන්න මමවත් දන්නෙ නැහැ...



"ජෙනී...ජෙනී..."එහෙම මයුමි කෑ ගහනකොට තමයි මම පියවි සිහියට ආවේ..


"මොකද මේ යකෙක් දැකලා වගේ...මොකද උනේ..උබ Interval එකේ ගියත් ගියාමයි...ශවේන් නම් ක්ලාස් එකට ආවා..අපි උබ එනකන් ඉදලා බැරිම තැන මේ හොයන්න ආවේ"


මිශෙලි එහෙම කියවන් යද්දි මම එයාලා දෙන්නට මගෙ ළගින් ඉදගන්න කියලා වෙච්චි හැමදේම කියවගෙන ගියා...


මම කියපු දේ අහපු ඒ දෙන්නත් පුදුම වෙලා වචනයක්වත් නොකියා ටික වෙලාවක් හිත හිත හිටියා...අවසානේ මයුමි කතා කරන්න ගත්තා.


"අනේ මන්දා ජෙනී මට නම් තේරෙන්නෙ නෑ ඕවා..ඔයාව අවුල් වෙලා කියලා මට තේරෙනවා.හෙට නිවාඩුනේ..හෙට අපි ලිලී එකේ මීට් වෙමු..දැන් එන්න ක්ලාස් එකට යන්න"


කියලා ඉදන් හිටපු තැනින් නැගිට්ටා..මායි මිශෙලිත් නැගිටලා මයුමිගේ පස්සෙන් ක්ලාස් එක දිහාට එන්න ආවා..ඒත් අපිට වැඩි දුරක් යන්න උනේ නෑ.මගෙ අත තවත් අතක හිරවෙලා මාව එතනම නැවතුණා..


මිශෙලියි,මයුමියි දිහාට හැරුණ එයා ඔයාලා දෙන්න යන්න කියලා කීවා..ඒත් ඒ දෙන්නම කරේ මොකද කරන්න ඕනේ කියල අහන්න වගේ මගෙ මූණ දිහා බලපු එක..මම ඒ දෙන්නට යන්න කියලා ඔලුව යන්තම් හොල්ලලා කීවා..


ඒ දෙන්නා යනවත් එක්කම මට වචනයක්වත් කියන්න නොදී එයා කරේ මගේ අතින් ඇදගෙන වේගෙන් එතනින් ගියපු එක...එයා ගියේ ඇවිදගෙන උනත් මට උනේ එයාගේ පස්සෙන් දුවන්න උන එක..අවසානේ කවුරුත් නැති තැනකට ඇවිත් එයා නතර වුනා..


එයාගෙන් මගෙ අත ගසලා අරගත්ත මම කරේ එයා අල්ලන් ගියපු විදිය නිසා රතු වෙලා තිබුණ මගේ අත දිහා බලන ගමන් එයාට රවපු එක..


"රශේන්! කරුණාකරලා මොකද්ද මෙතන වෙන්නෙ කියලා කියනවද මට.." කියලා මම සැරෙන් වගේ එයාගෙන් ඇහුවා..


ලොකු හුස්මක් පහතට දාපු එයා


"සොරි ජෙනී... රිද්දන්න හිතුවෙ නැහැ"

කියලා ටික වෙලාවක් නිශ්ශබ්දව ඉදලා ආයෙත් කතාකරන්න පටන් ගත්තා..


"ඔයා හිතන් හිටියේ ඔයා ශවේන්ට කැමතියි කියලා දන්නෙ මයුමියි,මිශෙලියි,ඔයයි ඔයාගේ ඩයරි එකයි විතරයි කියලනේ.."



කියලා රශේන් කියද්දි මම පුදුම උනේ එයා කොහොමද ඒක දැනගත්තෙ කියලා හිතන ගමන්..



"ඒක ඔච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි..ශවේන්ව ඈතින් දැක්කත් ඔයාගේ ඇස් දිළිසෙන හැටි මම ඕනෙ තරම් දැකලා තියෙනවා..ඔයා ශවේන්ට ගොඩක් කල් ඉදන් කැමති කියලා මම දැනන් හිටියා..


ඒ දැනගෙනත් මම ඔයාගෙන් කැමැත්ත ඇහුවේ ශවේන්ගේ හිතේ ඔයා ගැන අදහසක් නැතුව ඇති කියලා හිතලා..මම හිතන් හිටියේ ශවේන් ගැන වැඩිපුරම දන්නෙ මම කියලා..ඒත් මම වැරදියි කියලා අද ඔප්පු උනා.."



මම දැනන් හිටියෙ නැහැ ඇත්තටම ශවේන් ඔයාට ආදරෙයි කියලා..එයා ඒක මගෙන් හැංඟුවේ ඇයි කියන්නත් මම දන්නෙ නැහැ..මගේ එකා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ..මගෙ හිතේ ඇතිවුණ පළවෙනි ආදරේ උනත් මරලා දාන්න මට පුලුවන්. ශවේන්ට මේ දේවල් දැන ගන්න තියන්නත් එපා.මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි..මම කලින් දවසෙ කියපු දේවල් අමතක කරලා දාන්න.."


කියලා රශේන් මම දිහාවත් නොබලා කියවන් ගිහින් එතනිනුත් යන්න ගියේ මට වචනයක්වත් කියන්න ඉඩක් නොතියා..


මොනාද මේ වෙන්නෙ? රශේනුයි ශවේනුයි දෙන්නම මට හිතන්න දේවල් ඉතුරු කරලා මාව තනි කරලා ගිහින් තිබුණා..මම එතනම බිම ඉන්ද වුණා..


ටික වෙලාවක් එහෙම්ම හිටපු මගේ ඉස්සරහින් එකපාරටම මතු උනේ සපත්තු ජෝඩු 4ක්! මම ඉක්මනට උඩ බලද්දි දැක්කෙ තරහෙන් පුපුර පුපුර ඉන්න රෝස්වයි,ටශිනිවයි එයාලගේ දෙපැත්තෙ ඉදපු මනු & විනුයි..


එයාලව දැකපු ගමන් මම ඉක්මනටම හිට ගත්තේ ඒ ගමන මොන මරාලයක් කඩා පාත් වෙයිද කියලා හිතන ගමනුයි..


"මෙතනට දැන් ළමයි එයි...ඒ නිසා මෙයාව වොශ් රූම් එකට එක්කන් යමු.."


කියලා රෝස් කියද්දි මනු & විනු දෙපැත්තෙන් ඇවිත් මගේ අත් වල බාහු වලින් අල්ලගෙන මාව ඇදන් වගේ වොශ් රූම් එක පැත්තට ගියා...


මාව වොශ් රූම් එක ඇතුළෙ ටයිල් එකේ වැටෙන විදියට මනු & විනු මාව අතාරිද්දි ටශිනි කාටවත් ඇතුළට එන්න බැරි වෙන්න වොශ් රූම් එකේ දොර ලොක් කරනවා මම දැක්කා...


"මොකද්ද මේ කරන වැඩ වල තේරුම?" කියලා මම තරහින්ම කියල දැම්මා..


"තමුන්ද අපෙන් මේවගෙ තේරුම අහන්නෙ? ආ... මම තමුන්ට කලිනුත් අනතුරු ඇගෙව්වා රශේන්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා...රශේන් මගේ විතරයි...තමුන් රශේන් වගේම ශවේන් එක්කත් කතා කරනවා අපි බලන් හිටියේ..."


කියලා රෝස් කියවන් යද්දි මගෙ හිත කීවේ ඒත් අපි එයාලව කොයිම වෙලාවකවත් දැක්කෙ නැහැනේ කියලා..මෙතන මොකක් හරි අවුලක් තියනවා...


ඒත් එක්කම ටශිනි එකපාරටම මගෙ බෙල්ලෙන් අල්ලගෙන මාව වොශ් රූම් එකේ බිත්තියකට තද කරා.."තමුන් නිසා අද ශවේන් මාව කුණු මල්ලක් වගේ විසික් කරලා දැම්මා..තමුන්ට මොනාද ඕනේ කියනවා....." කියන ගමන් මගෙ බෙල්ල එන්න එන්නම තද කරන ගමන් ටශිනි පිස්සුවෙන් වගේ කෑ ගැහැව්වා..


මට හුස්ම ගන්න අමාරුයි..ටශිනි මගේ බෙල්ල එන්න එන්නම හිර කරනවා...එහෙම්ම ටික වෙලාවක් මාව අල්ලන් ඉදලා මාව අතෑරියා..ඒත් එක්කම මම බිම ඉදගෙන අමාරුවෙන් හුස්ම ගන්න ගමන්ම කතා කරන්න පටන් ගත්තා...


"රෝ..ස්..ම..ම රශේන්ට... කැමති නැහැ...එ..යා ආයෙත් මාත් එක්ක කතා කරන එකකුත් නැහැ...ඒ වගේම ටශිනි ඔයාට කියන්න තියෙන්නෙ ශවේන් ඔයාව අයින් කරේ මට ආදරේ නිසාම විතරක් නෙවෙයි...


එයාට ඔයාව කරදරයක් උන නිසයි...ශවේන් මට ආදරෙයි..තමුන්ලා කරන වැඩ නිසා මම ශවේන්ට ආදරෙයි කියල කියන එක තවත් ඉක්මන් වෙයි.....තමුන්ලට ඇත්තටම ලැජ්ජ නැද්ද පිරිමි ළමයි දෙන්නෙක් හින්දා මෙච්චර පහත් විදියට හැසිරෙන්න..අනික ඔයාලා දෙන්නටම එයාලා ගැන තියෙන්නෙ ඇත්තම ආදරයක් නෙවෙයිනේ..ඔයාලා වහ වැටිල ඉන්නෙ එයාලගෙ ලස්සනටයි, සල්ලිවලටයි.."


කියලා කියපු මම එතනින් නැගිටලා වොශ් රූම් එකේ දොර ළගට යන්න හදනවත් එක්කම


"මෙයා උඩ පනිනවා හොදටම වැඩියි..මනු,විනු මෙයාව අල්ල ගන්න.." කියලා ටශිනි කියද්දිම ඒ ඩබල ඇවිත් යන්න නොදී මාව අල්ල ගත්තා...


"තමුන්ට අපි මතක හිටින පාඩමක් උගන්නන්නම් ජෙනිෆර් අශිරෙලා ඒකනායක..." කියලා කියපු ටශිනි කතුරක් එයාගේ සාක්කවකින් එළියට ගත්තා..


මම ගැළවෙන්න කොච්චර දැඟලුවත් උස මහත මනු & විනු එක්ක මට හෙල්ලෙන්නවත් බැරි උනා..ඒත් එක්කම මම ළඟට ආව ටශිනි මගේ කොණ්ඩෙන් අල්ලලා උරහිස ළඟින්ම කපලා දැම්මා...


මනු & විනු මාව අතාරිද්දිම මගේ ඉස්සරහට ආපු රෝස් මාව තල්ලු කරපු නිසා මම පිටිපස්සට විසික් වෙලා ගිහින් බිමට වැටුණා..


ඒත් එක්කම ස්කූල් එක ඉවර වෙන්න නාද වෙන බෙල් එක වැදුණ නිසා ටශිනි එයාගේ අතේ තිබුණ මගෙ කොණ්ඩෙ මම ගාවටම විසික්කා...


මගේ කම්මුල් දිගේ කඳුලු ඔහේ ගලන් ගියා වෙද්දි ඒ හතරදෙනාම වොශ් රූම් එකේ දොරත් ඇරගෙන හයියෙන් හිනාවෙවීම එතනින් යන විදිය මගේ බොඳවුණු ඇස් දෙකෙන් මම දැක්කා...


මම ආසාවෙන් වවපු කොණ්ඩෙ මගෙ කකුල් දෙක ළඟ වැටිල තිබුණා..මටත් වඩා මගෙ කොණ්ඩෙට ආදරේ කරේ අම්මා කියලා මතක් වෙද්දි මට තවත් ඉකි ගැහුණා...

Jenni's old hair

අද දවසට විතරක් එක දිගට උන දේවල් නිසා මගෙ ඔලුවත් රිදෙන්න අරන් තිබුණා..

"ජෙනී....ජෙනී..." කියාගෙන මයුමියි මිශෙලියි ඈතින් දුවන් එන සද්දෙ ඇහෙද්දි මම කරේ කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන තව තවත් ගුලිවෙලා අඩපු එක....


______________________________________


මොනා හරි කියන් යන්න..

Report Page