My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-26

04th episode


"ඒයී... ජෙනී... මොකො ඊයේ උනේ?"


පහුවදා ක්ලාස් එකට අඩිය තියනවත් එක්කම මට ඇහුණෙ මයුමිගෙ කටහඩ....


මයුමිටයි එයාගේ එහා පැත්තෙ ඉදපු මිශෙලිටයි ගස්සගෙනම ක්ලාස් එක ඇතුළට ගියපු මම ඩෙස්ක් එක උඩින් බෑග් එක දැම්මා..


මගෙ පස්සෙන්ම ආපු ඒ දෙන්නා මම කතාව පටන් ගන්නකන් වගේ මගේ මූණ දිහා බලන් හිටියා..ඉතින් මම කරේ ළඟ තිබුණ පුටුවකින් ඉද ගන්න ගමන් ඊයේ උන හැමදේම පැහැදිලි කරන එක..


"පුදුමයි රශේන් උබට කැමතියි කිව්වා කියලා ඇහුවමත්..මම හිතන් හිටියේ ඔච්චර ලස්සන වෙලත් කෙල්ලෙක් නැත්තෙ උට හැගීම් නැති නිසා කියලා "


කතාව අහන් ඉදපු මිශෙලි එහෙම කියද්දි මයුමි එයාටත් රවලා


"උබේ ක්‍රශ් එක ශවේන් කියලා අපි දන්නවා..ඒත් ශවේන් ගැන උබට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ..අනික එයාගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවද කියලවත් අපි දන්නෙ නෑ..තීරණය ගන්න එක ඔයාගෙ අතේ ජෙනී..ඔයා මොන තීරණයක් ගත්තත් අපි දෙන්නා ඔයා එක්කම ඉන්නවා කෙල්ලෙ "


කියලා එක හුස්මට කියන් යද්දි මට දැනුනේ අක්කෙක් නැති මට ඒ අඩුව සම්පූර්ණ උනා වගේ හැගීමක්..


"ඒත් රෝස් කරපු වැඩේ නම් හරිම කැතයි..ඒකිට හොඳ දෙකක් කියන්න ඕනා.."


කියලා මිශෙලි දත් මිටි කන ගමන් කීවත් ඒක ගනන් නොගත්ත මම කරේ එයාලගෙන් ශවේන් ගැන අහපු එක..


"අපිත් හරියටම විස්තරයක් දන්නෙ නැහැ..ඒත් සතියක්වත් යනකන් ස්කූල් එන්නෙ නම් නැති වෙයි"


කියලා මිශෙලි කියද්දි මම කරේ ලොකු හුස්මක් පහත දාපු එක..


_____________________________________


අදට දවස් 9ක් විතර ශවේන්ව දකින්නෙ නැතුව. මගෙ හිතට අමුතු පාලුවක් දැනුණා..අයිතියක් නැතත් ඈත ඉදන් හරි හිත ඉල්ලනම කෙනා දිහා බලන් ඉන්න එක වෙනම ෆීලින් එකක්..


ශවේන්ටම අවුරුදු ගානක් කැමැත්තෙන් ඉන්න හේතුව මම අදටත් දන්නෙ නැහැ..ඒත් මම හොදටම දන්න දේ තමයි මගෙ හිත ඉල්ලන්නෙම එයාව කියන එක..එයාගේ වැරදි කොච්චර දැක්කත් මගේ හැඟීම වෙනස් වුනේ නැහැ..


සමහර වෙලාවට සමහරුන්ට අපි හේතුවක් නැතුවම බැදෙනවා..ඉතින් ආදරේට හේතු කාරණා හාර හාර හොයන්න ඕනේ නෑ තමයි!


ප්‍රපෝස් කරපු දවසට පස්සෙ රශේන් දවස් කීපයක්ම ස්කූල් ආවත් එයා හැසිරුණේ හරියට මම වගේ කෙනෙක් දන්නෙවත් නැති ගානට..


"ශවේන් ඉක්මනටම එයි බන්..රශේනයත් වැඩිය ස්කූල් එන්නෙ නැත්තෙ උගෙ ඇගේ කෑල්ලක් වගේ ඉන්න එකා නැති නිසා වෙන්නැති.. උට දැන් හෙනට යකා නගිනවා..මම බලාගෙන ගැන්සියේ එකෙක්ටත් හොඳටම බනිනවා.."


මිශෙලි එහෙම එක එක දේවල් කියන් ගියත් ඒවට මුකුත් නොකියා මම කරේ ඔහේ බලන් ඉදපු එක..



කිසිම විශේෂයක් නැතුව තවත් සතියක් ගෙවුණා..


මම ස්කූල් එකෙන් ටියුෂන් වලටයි එතනින් ගෙදරටයි යන එන රොබෝ කෙනෙක් උනා.. නිදහස් විනෝදකාමී කෙල්ලෙක් උන ජෙනී මේ දවස් වල නම් නිශ්ශබ්ද ජෙනී කෙනෙක් වෙලාලු..එහෙම කීවේ මිශෙලි..


මගෙ හිතින් මමම ඇහුවේ ඒ ශවේන් නිසාද කියලා..


වෙලාවකට මම මගෙන් අහන ප්‍රශ්න වලටත් මම ළඟ උත්තර තිබුණේ නැහැ..


___________________________________


"අන්න ශවේන් ඇවිත්" රොයිටර් තිසුරි පන්තියටම නිවුස් එක කියන ගමන් උන්නා..ඒක ඇහුණම මට ශවේන්ව හොයන් ගිහින් බදාගන්න හිතුණා..


එයා හරියටම සති දෙක හමාරක් වගේ ස්කූල් ආවේ නෑ..කට්ටිය නම් කීවේ ට්‍රීට්මන්ට්ස් ඉක්මනට ඉවර උනත් ආයෙමත් කිසිම ස්පෝර්ට් එකක් කරන්න එයාට තහනම් කරපු නිසා ඒ දුකට එයා ස්කූල් ආවෙ නැහැ කියලයි..


රශේන්ගෙන් හරි ශවේන් ගැන විස්තරයක් අහන්න කොච්චර හිතුණත් මම ඒ හැගීම පාලනය කර ගත්තෙ ශවේන් ගැන මට කිසිම අයිතියක් නැහැ නේද කියලා මතක් වෙද්දියි...


එයා පන්තියට ඇවිත් සද්දයක් නැතුවම ඉද ගත්තා..එයාගේ ගැන්සියත් රශේන් එක්කම ආවේ කිසිම සද්දයක් නැතුව..මේක නම් හරිම පුදුමයක්!

"එයාලා කෑගහන්නෙ නැතුව ඉන්නත් එහෙනම් දන්නවා වගේ.." කියලා මයුමි මගෙ කනට කරලා කියද්දි මම කරේ යන්තම් හිනා උන එක..



සුපුරුදු විදියටම ටීචර්ස්ලා එයාලගේ ලෙසන්ස් කරන් යද්දි මගෙ ඇස් විටෙන් විටේ යොමු උනේ ශවේන් දිහාට.. ඇයි දෙවියනේ කී දවසක් නම් හිටියද හිත ඉල්ලන ඒ කලු හීනි ඇස් දකින්නෙ නැතුව..


එයා වෙනදා වගේ නෙවෙයි කියලා අපි හැමෝටම තේරුණා...ලොකු දුකක් හිතේ තියන් ඉන්නවා වගෙයි පේන්න තිබුණේ..සෙල්ලක්කාර , හැම තිස්සෙම වගේ විහිලු කර කර ඉන්න ශවේන්ව තැන්පත් චරිතයක් කරන්න හේතු උනේ ස්පෝර්ට්ස් නවත්තපු එකද? එයා ස්පෝර්ට්ස් වලට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා නම් මම හොදටම දැනන් හිටියා..


"Jennifer, Stand up"


හොඳටම මනෝ ලෝකෙක ඉදපු මම ගැස්සුණේ මගෙ නම ඇහෙද්දියි..ඒ ගමන්ම මම හිටගත්තෙ මයුමි මට රහසින් හිට ගන්න කියලා කියපු නිසයි..


"What did I say?"

(මම මොකද්ද කීවේ?)


ටීචර් එහෙම මගෙන් අහද්දි මට දෙන්න උත්තරයක් තිබුණේ නෑ..මයුමි රහසින් මොනාද කියෙව්වත් මට ඒවා පැහැදිලිව ඇහුනෙත් නැහැ..පන්තියේ ළමයි හැමෝගෙම ඇස් මගෙ දිහාට යොමු වෙලා තිබ්බත් ශවේන් නම් හිටියේ ඉස්සරහ බලාගෙන..


"Sit down jennifer. Just pay your attention only what I'm saying and stop thinking another nonsense."

(ඉදගන්න ජෙනිෆර්. මම කියමින් ඉන්න දෙයට විතරක් ඔයාගේ අවධානය දෙන්න සහ වෙනත් විකාර දේවල් හිතන එක නවත්තන්න.)


කියලා ටීචර් මම දිහා බලමින් රලු විදියට කියද්දි මම එහෙම්ම පුටුවේ ඉන්දවුනා..


"පස්සේ ශවේනයව කාපන්.. දැන්වත් අර බෝම්බෙ කියන දේ අහගෙන ඉන්න..මොනා උනත් interesting වැඩක් කරන්න යන්නේ."කියලා මිශෙලි මගෙ කනට කරලා කීවත් එක්කම මම ඉස්සරහ බලාගත්තේ ඊළගට මොන විකාරයක්ද වෙන්න යන්නෙ කියලා හිතන ගමනුයි..


"මේ අවුරුද්දෙ අවසාන මාසෙට තව දවස් කීපයයි..ඉතින් අපේ ස්කූල් එකේ හැම අවුරුදකම අවසානයේ තියෙන පාර්ටි එකට ඔයාලට පුලුවන් මේ අවුරුද්දේ තම තමන්ට ඩාන්සින් පාට්නර් කෙනෙක් හොයා ගන්න.."


ටීචර් එහෙම කියද්දි නම් ළමයි හැමෝගෙම අමුතු උද්‍යෝගයක් පේන්න තිබ්බා..


"පාර්ටි එක තියෙන්නෙ Rosemary Hotel එකේ..ඔයාලට පාර්ටි එකට කැමති ඕනෙම ඇදුමක් අදින්න පුලුවන්.. Exam පස්සෙම දුවන්නෙ නැතුව ඔයාලට ලයිෆ් එක එන්ජෝයි කරන්නයි අපි මේ වගේ ඉවෙන්ට්ස් කරන්නෙ..පාර්ටි එක තියෙන්නෙ 23.. "


කියලා කියද්දිම ඉන්ටර්වල් එකට බෙල් කරපු නිසා ටීචර් ක්ලාස් එකෙන් යන්න ලෑස්ති වුණා..


"ඉතුරු විස්තර පස්සෙ දැනුම් දෙන්නම්"


කියලා ටීචර් ක්ලාස් එකෙන් යද්දිම මගේ දෙපැත්තෙ හිටපු ගිරවියො දෙන්නගෙ සතුටෙන් පිම්බුණු මූණු දෙක මගෙ දිහාට යොමු උනා..


"මට නම් ඉවසිල්ලක් නැහැ" ඒ මයුමි


"ඒත් ලස්සන ඇදුමක් ගන්න ඕනේ..ගෙදරින් පර්මිශන් ගන්න ඕනේ..කොන්ඩෙට අලුත් කලර් එකක් දාන්න ඕනේ..කොච්චර නම් වැඩ තියනවද..ඒත් ලොකුම ප්‍රශ්නෙ තමයි පාට්නර් කෙනෙක් හොයා ගන්න එක.."


කියලා මිශෙලි බොහොම බැරෑරුම් විදියට කියද්දි මායි මයුමියි දෙන්නම කරේ හිනා වෙන එක..


"මම නම් යන්නෙ ශවේන් මගෙ ඩාන්සින් පාට්නර් වෙනවනම් විතරයි" කියලා මම කියද්දිම එතනට ආවේ ඩිලන්..


අපි තුන්දෙනාම පුදුමෙන් වගේ ඩිලන් දිහා බැලුව..ඩිලන් කියන්නෙ ශවේන්ගේ ගැන්සියේ කෙනෙක්..

මම කියපු දේ ඩිලන්ට ඇහුණද දන්නෙ නෑ කියලා හිතට අමුතු බයකුත් දැනුනේ ඒක ඇහිලා නම් එයා ගිහින් ඒක ශවේන්ට කීවොත් ශවේනුයි රශේනුයි මොන වගේ රියැක්ට් කරයිද කියලා හිතාගන්න බැරි නිසයි..අද වෙනකන්ම මගේ ක්‍රශ් එක ශවේන් කියලා දන්නෙ මායි ,මයුමියි, මිශෙලියි, මගෙ ඩයරි එකයි විතරයි..


අපි තුන්දෙනාගෙම ඇස් ඩිලන් දිහාට යොමු වෙලා තිබුණ නිසා ඩිලන් කතාකරන්න පටන් ගත්ත..


__________________________________


ඩිලන් අහන්න ආවේ එයාගෙ ඩාන්සින් පාට්නර් වෙන්න කැමතිද කියලා නම්, ඩිලන් අහන්න හිතන් ඉන්නෙ ජෙනීගෙන්ද? මිශෙල්ගෙන්ද? මයුමිගෙන්ද කියලා ගෙස් කරන්න බලන්න ළමායී..කතාව බෝරින් වගේද කියලත් කියන්ඩෝ😚

Report Page