My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-25-2

03rd episode

ශවේන් ගැනම හිත හිත ආපු මම ගල් වුණේ සික්‍ රූම් එකේ ඇදට වෙලා ඉදපු ශවේන්ව දැකලා..


ශවේන් සික්රුම් එකේ ඇඳේ පැත්තකින් වැතිරිලා ඉදියත් එයාගේ ඇඟේ පේන්න කිසිම තුවාලයක් තිබුණේ නැහැ..


එහෙනම් එයාට මොකද උනේ කියලා හිත හිතම ඉස්සරහට ආපු මම පියවි සිහියට ආවේ නර්ස් මට කතා කරනවා ඇහෙද්දියි..


"මෙතනින් ඉඳගන්න දරුවෝ"

නර්ස් එහෙම කියද්දිවත් ශවේන් හැරිලවත් අපි දිහා බැලුවෙ නැති වෙද්දි එයාට මොකද උනේ කියලා මගෙ හිත ඇතුලෙන් එක දිගට ප්‍රශ්න අහන්න ගත්තා..


නර්ස් බෙහෙත් දානකම් මම හිටියේ ශවේන් දිහා බලන් වෙනමම ලෝකෙක..


"බෙහෙත් දාලා නම් ඉවරයි..ඔයාට ඇවිදින්න අමාරුයි වගේ නම් අනිත් බෙඩ් එකට වෙලා ටිකක් ඉන්න.."


නර්ස් එහෙම කියද්දි කල්පනා ලෝකෙන් මිදුණු මම අනිත් බෙඩ් එකෙන් ගිහින් ඉද ගත්තෙ රොබෝ කෙනෙක් ගානටයි.අපි දෙන්නව සික් රූම් එකේ තනි කරලා නර්ස් එළියට ගියා වෙද්දි මටත් නොදැනුවත්වම මම ඇදිලා ගියේ ශවේන්ගේ බෙඩ් එක ගාවට..


"ශ..ශවේන්... මො..මොකද ඔයාට උනේ?"


කලබලෙන් උනත් මම ඇහුවෙ විකාර ප්‍රශ්නයක් කියලා මට තේරුනේ ශවේන් එයාගේ කලු හීනී ඇස් පුංචි කරලා මම දිහා රවලා වගේ බලද්දියි..


ටික වෙලාවක් එහෙම්ම ඉදපු එයා ඇස් වලින් මට එයාගේ කකුලක් පෙන්නුවා..


මුකුත්ම හිතා ගන්න බැරුව ඉදිය මම කරේ ශවේන් දිහාම බලන් ඉන්න එක..


"පොඩි කාලේ ඇක්සිඩන්ට් එකක් වුනා..මම ආයෙමත් ඇවිදියි කියලවත් කවුරුත් හිතුවේ නෑ..ඒත් අවුද්දකට පස්සෙ පරණ ශවේන්ම වෙන්න මට පුලුවන් උනා..හිතපු නැති විදියට අද කකුල ආයෙත් ඩැමේජ් වුනා.."

කියලා එක හුස්මට කියන් ගියපු එයා සික් රූම් එකේ වහලේ දිහාට ඇස් හැරෙව්වෙ ආය මාත් එක්ක වචනයක්වත් කතා කරන්න කැමති නැහැ කියන්න වගේ..


ඒත් එක්කම සික් රූම් එකේ ඇරුණ දොරෙන් ඇතුළට ආපු නර්ස් එක්ක ඉදපු තවත් දෙන්නෙක් ශවේන්ව වීල් චෙයා එකකට දාගෙන එලියෙන් නවත්තලා තිබුණ ඇම්බියුලන්ස් එකට ගෙනිච්චෙ මාව සික් රූම් එක ඇතුළෙ තනි වෙද්දියි..

_______________________________________

ස්කූල් ඉවර වෙලා මාව එක්කන් යන්න ආව ඩ්‍රයිවර් අන්කල් එක්ක වෙනදා වගේ කයියක් දාන්නෙත් නැතුවම ශටර් එකෙන් එළිය බලන් ගෙදරට එනකන්ම ආවේ අද උන දේවල් එකින් එක මතක් කරන ගමනුයි..


කාර් එකෙන් එළියට බැස්ස මම හොයන් ගියේ අම්මව..


"Mommy...Mommy.... Where are you?"


"I'm here honey" කියමින් kitchen එක පැත්තෙ ඉදන් මම ගාවට ආපු අම්ම කරේ පුදුම වෙලා මන් දිහා බලපු එක..


"ජෙනී, ඔයාගේ කකුල් වලට මොකද උනේ?"


"ඒක එච්චර දෙයක් නෙවෙයි මමී..ස්කූල් එකේදි මම වැටුණනේ.නර්ස් ඒකට බෙහෙත් දැම්මා..

ඒක නෙවෙයි කෝ ඔයාගේ හැන්ඩ්සම් ඉංජිනේරු මහත්තයා.."

සුපුරුදු විනෝදකාමී ජෙනී බවට පත්වෙමින් මම එහෙම අහද්දි යන්තම් හිනා උන අම්ම කරේ තාත්තගේ ඔෆිස් රූම් එක පැත්තට හැරුන එක..


"උදේ ඇතුළට ගියපු ගමන්..තාම එළියට ආවෙ නැහැ..මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා වගේ"


"ම්ම්ම්... එහෙනම් මිසිස් ඒකනායකට ගොඩක් පාලු ඇති නෙහ්.." කියලා ඇහැක් ගහලා මම අම්මට කියද්දි එයා කරේ මට රවලා බලපු එක..


"ජෙනී..දුවනවා..ගිහින් නාගෙන එනවා.."

කියලා මවාගත්ත තරහකින් අම්ම කියද්දිම මම කරේ kitchen එකට දුවන් ගිහින් fridge එකේ තිබුණ ඇපල් ගෙඩියකුත් අරගෙනම කාමරේට දුවපු එක.මගේ රූම් එක තියෙන්නෙ second floor එකේ..පඩිපෙළ නැගගෙන රූම් එකට ගියපු මම බෑග් එකත් එහෙම්ම පැත්තකින් තියලා ඇදට වැටුණේ ටිකක් කල්පනා කරන්න හිතන්..


ඇපල් ගෙඩිය හෙමි හෙමින් කන අතරම මම කරේ මම ගැනම කල්පනා කරපු එක..


ජෙනිෆර් අශිරෙලා ඒකනායක... Ekanayake construction company එකේ owner උන සිදත් වික්‍රම ඒකනායකගේ තුන්වෙනි ළමයා..මගේ අම්මා හෙලා ඇන්ඩර්සන්..එංගලන්ත ජාතික කාන්තාවක්.. තාත්තා එයාගේ ප්‍රොජෙක්ට් එකකට England ගිහින් ඉද්දි නිරූපණ ශිල්පිණියක් උන මගේ අම්මයි තාත්තයි ආදරෙන් බැදුණෙ හරි අහම්බෙකින්ලු..


නිරූපණ ශිල්පිණියක් උන නිසාම අම්මා හරිම ලස්සන කෙනෙක් වෙද්දි තාත්තාගේ කඩවසම්කමත් එකතු වෙලා හැදුන ළමයි උන අයියලා දෙන්නයි මායි නන්ගියිත් ඒන්ජල්ලා වගේ කියලා හැමෝම කීවා..


අයියලා දෙන්න England වල ඉන්න සීයගෙයි ආච්චිගෙයි ගෙදරට වෙලා එයාලගේ higher studies කර්ද්දි මම ලංකාවට වෙලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඉගෙන ගත්තා..අවුරුදු 3ක් උන නංගි කරේ අම්මට වද දුන්න එක තමයි..


අම්මා ලංකාවට ආවත් එයාගේ නිරූපණ වැඩ අමතක කරේ නැහැ..ඉතින් ඒ හින්දම මගේ අවධානෙත් පොඩි කාලෙම fashion industry එකටයි modeling වලටයි යොමු උනේ නිරායාසයෙන්ම..

Jenny🧚💗



එක එක දේවල් හිත හිත හිටපු මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා වෙද්දි අම්මා ඇවිත් කතා කරපු නිසා මම වොශ් එකක් දාන් පහළට ගියේ ඩිනර් එක ගන්න බලාගෙන..


මම යද්දි කෑම මේසෙ පුටු වල ඉදන් හිටියේ තාත්තගේ තාත්තයි අම්මයි උන සීයා තාත්තයි,සුදු ආච්චියි වගේම තාත්තගේ මල්ලි උන බාප්පයි එයාගෙ වයිෆ් ලියාරා පුන්චියි වගේම එයාලා දෙන්නගේ වසවර්ති පැටව් දෙන්න උන මල්ලිලා දෙන්නයි, අපේ තාත්තයි..බාප්පත් ඉංජිනියර් කෙනෙක් නිසා අපේ කම්පැනි එකේම වැඩ කරන ගමන් ඒ හැමෝම අපේ ගෙදරම ජීවත් උනා..ඉතින් කොහෙන්ද පාලුවක්!

"ජෙනී අක්කී...ජෙනී අක්කී..."

මම කෑම මේසෙට එද්දිම වසවර්තියෝ දෙන්නා බෙරිහන් හන් දුන්නා..


ඒ දෙන්නට දිව දික් කරලා විරිත්තපු මම පුටුවකින් ඉද ගත්තෙ කෑම කන්න හිතාගෙන..


කට්ටියම කෑම බෙදාගත්ත්තට පස්සෙ කෑම බෙදාගත්ත මම ඔහේ කන්න පටන් ගත්තා..

එතකොටම කෑම මේසෙට ආපු අම්මා කරේ සුදු ආච්චි ගාවට ගිහින් පොළොස් එකක් දික් කරපු එක..


"අම්මා ආසම නිසා මම අද හැදුවා ඔන්න.."


"මෙහෙම ගියොත් නම් හෙලා මැඩම්ට ඉන්ග්ලිශ් වගේම එයා ඉපදුනේ එංගලන්තෙ කියලත් අමතක වෙයි වගේ.." කියලා මම දඟකාර විදියට කියද්දි අනිත් හැමෝම යන්තම් හිනා උනත් අම්ම නම් කරේ මට යන්තම් රවපු එක..


මම එහෙම කියන්න හේතු වුනේ සුදු ආච්චි කියපු කතාවක් තමයි..

අම්මා, තාත්තව මැරි කරලා ලංකාවට එනකොට අම්මට එක සිංහල වචනයක්වත් බැරිලු..ඒ වගේම එයාට ලංකාවේ සාම්ප්‍රදායික කෑම උයන්න තියා කපන්නවත් බැයිලු..


ඉතින් එහෙම ඉදපු කෙනා දැන් තාත්තටත් වඩා හොදට සිංහල කතා කරන්නයි,පොළොස් උයන්නයි ගත්තම කලින් කියපු කතාව තමයි ඉතින් කියන්න වෙන්නෙ..


යාලුවො වගේ හිනා වෙවී කතා කර කර ඩිනර් එක ගත්ත අපි ඊට පස්සෙ අපේ කාමරවලට ගියේ තම තමන්ගේ වැඩ වලට..රූම් එකට ඇවිත් හෝම් වර්ක් කරපු මම නිදාගන්න කියලා ඇදට වැටුණත් මගේ ඔලුවේ කැරකෙන්න ගත්තෙ ශවේන්,රශේන් වගේම රෝස්..


ෆෝන් එක ගත්ත මම මයුමිගෙයි,මගෙයි,මිශෙලිගෙයි whatsapp ගෲප් එකට මැසේජ් එකක් දාන්න ගත්තා..


"අද ගොඩක් දේවල් උනා..හෙට අනිවාරෙන්ම එන්න😤"

කියලා ඒ දෙන්නගේ කුතුහලෙත් ටිකක් අවුස්සලා ආයෙමත් තදින් ඇස් දෙක පියා ගත්තෙ නිදා ගන්න හිතාගෙන..


______________________________________


"ඒයී... ජෙනී... මොකො ඊයේ උනේ?"

පහුවදා ක්ලාස් එකට අඩිය තියනවත් එක්කම මට ඇහුණෙ මයුමිගෙ කටහඩ....

______________________________________

දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ළමායී..කමෙන්ට් දාන ටික දෙනාට ආදරෙයි හොදේ💐❤️

Report Page