My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

https://telegra.ph/My-dear-angel-03-25

02nd episode


මම ග්‍රවුන්ඩ් එක ළඟටම ආවට පස්සෙ ආයෙත් මොකෙක් හරි මගේ ඇගේ වැදුණා..දත්මිටි කාගෙනෙ ඇගේ වැදුනේ කවුද කියලා ඔලුව හරවලා බලද්දි මම දැක්කේ රෝස්ව...


ආයෙත් කරදරකාරියක්!!


මම රෝස් දිහා බලනවත් එක්කම එයාගේ දෙපැත්තේ ඉදපු මනු & විනු කරේ මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න දෙපැත්තෙන් ඇවිත් මාව අල්ල ගත්ත එක..


"රෝස්.....

මේ මොන විකාරයක්ද කියලා කියනවා මට"


මම එහෙම කෑගද්දි වටේ පිටේ හිටපු ළමයි කීපදෙනෙක්ගෙම අවධානෙ නම් අපිට නොඅඩුව ලැබුණා.


"මිස් ජෙනිෆර් අශිරෙලා ඒකනායක..මොකද තමුන්ගෙ කට ඔච්චර සද්දෙ ආ.."


කියන ගමන්ම රෝස් කරේ හෙල්ලෙන්නවත් බැරුව ඉදිය මගෙ කට දෙපැත්තෙන් අල්ලලා මිරිකන එක...

මම දවා අලු කරන බැල්මක් රෝස්ට දුන්නෙ කට ඇරලා මට වචනයක්වත් කියන්න බැරි උන නිසා..


"තමුන් මගේ රශේන්ගෙන් ඈත් වෙලා ඉන්නවා..තමුන්ගේ හෙවනැල්ල හරි ආයේ රශේන්ගේ පැත්තට වැටිලා තිබුණොත් මම තමුන්ට කරන දේ මටවත් හිතා ගන්න බැරි වෙයි..


තමුන්ගේ ඔය චූටි මොළේට ඒ කියපු දේ තේරෙන්න ඇති කියලා මම හිතනවා"


කියලා රලු විදියට කියන් ගියපු රෝස් ගස්සලා ගියේ මගේ ඔලුවටත් තට්ටුවක් දාගෙනමයි..


ඒත් එක්කම රෝස්ගේ සුවච කීකරු සේවිකාවෝ දෙන්නා මාව අතෑරියේ මම කොන්ක්‍රීට් කැට අතුරපු බිමේ දඩස් ගාලා වැටෙන විදියට..



ගහෙන් ගෙඩි එන්නා වගේ එකදිගට උන දේවල් වලින් හොඳටම කන්ෆියුස් වෙලා ඉදපු මම වැටුණ තැනින් නැගිට්ටා..


කොන්ක්‍රීට් කැට නිසා මගෙ දණිස් තුවාල වෙලා ලේ ගලමින් තිබුණත් හැගීමක් දැනීමක් නැති කෙනෙක් ගානට මම ගියේ ග්‍රවුන්ඩ් එකට..



රෝස් මිනායා..අපේ VICTORIA INTERNATIONAL SCHOOL එකේ ප්‍රින්සිපල්ගේ එකම දුව..ඉන ගාවට විතර ක්‍රේල් කොණ්ඩයක් වගේම කිරි පාට ස්කින් එකක් තමයි එයාට තිබුනේ..කොච්චර ලස්සන උනත් එයාට තිබුනේ එපාම කරපු කටක් වගේම..තෙතමනයක් නැති හිතක්..(එහෙම කීවේ ඇයි කියලා ඉස්සරහට කියන්නම්)

රෝස්ගේ දෙපැත්තෙන් ඉන්න මනු & විනු නිවුන්නු ඩබල කියන්නෙ ඉස්කෝලේ එපාම කරපු ඩයල් දෙකක් වගේම, කෙල්ලො කියලා බලන්නෙ නැතුව මැර වැඩ ඕනෙ එකකට පැනලම යන ඉස්කෝලෙන් උසම වගේම මහතම කෙල්ලො දෙන්නා..ඇඟ විතරයි පෙන්ස්..ඒ උනාට මොළේ නැහැ ඒකනේ රෝස් වගේ නැට්ටිච්චියක් කියන කියන පදේට නටන්නෙ..

හෙමි හෙමින් ග්‍රවුන්ඩ් එකට ළං වුන මට දකින්න ලැබුනේ ශවේන් සෙල්ලම් කරලා ඉවරයි කියලා.. එයා සෙල්ලම් කරනවා බලන්න ආසාවෙන් ඉදපු මට ඒ අවස්ථාව නැති කරපු යක්ෂයො ටික ගැන මට ආවේ පුදුම කේන්තියක්..


ඒත් එක්කම තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි දෙන්න හදනවා දැකපු ළමයි හැමෝම වගේ ඒ පැත්තට හැරුණා..


"Good afternoon everyone,

Now we can announce the winner of the badminton battle in this year..


He is...Mr.Anuk Ranasinghe from st.sebasthiyan international school.."


(සුභ සන්ද්‍යාවක් හැමෝටම, අපිට දැන් නිවේදනය කරන්න පුලුවන් මේ අවුරුද්දේ බැඩ්මින්ටන් තරගෙයේ ජයග්‍රාහකයව..

ඒ තමයි සාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් රණසිංහ.)


හැමෝම හයියෙන් අත්පුඩි ගැහුවේ නිවේදකයා තවත් මොනාද කියවද්දි..


"ඒත්..ඒත් කොහොමද එහෙම වෙන්නෙ..ශවේන් ගොඩක් ටැලන්ටඩ් කෙනෙක් ඒ වගේම මම දැක්කා එයා මේක වෙනුනෙන් මහන්සි උන තරම..මෙහෙම වෙන්න බෑ..."

මගෙ හිත එහෙම කෑ ගහද්දි මගෙ ඇස් හෙව්වෙ ශවේන්ව..


කලබලෙන් වගේ සික් රූම් එක පැත්තට දුවන් යන රශේන්වයි එයාගේ හෙංචයියෝ ටිකයි දැකපු මට මොකක් හරි නරක දෙයක් වෙලා තියනවා කියලා ඕනවටත් වඩා දැනුණා..

ඒ නිසාම හීනෙන් වගේ මාත් ඒ පැත්තටම ඇවිදින්න ගත්තා..සික් රූම් එකේ දොර ළඟට වෙලා මම ඔහේ බලන් හිටියේ ඇතුළට යනවද නැද්ද කියලා හිත හිත..

එතකොටම සික් රූම් එකෙන් එළියට රශේන්වයි හෙංචයියෝ ටිකයි පන්නපු අපේ ක්‍රීඩා භාර ගුරුවරයා ඊට පස්සෙ බැලුවෙ එළියෙන් හිටන් ඉන්න මම දිහා..


"ජෙනිෆර්.. මොනාද වෙන්න ඕනේ?"

සර් එහෙම අහද්දි මටත් ඉස්සර වෙලා උත්තර දුන්නෙ රශේන්..


"දනිස් දෙකම ලෙලි ගහගෙන වගේ සර්"


රශේන් ඇහිබැමකුත් උස්සලා මම දිහා බලලා කියද්දි තමා මට මතක් උනේ මනු & විනු තල්ලු කරපු නිසා තුවාල උන මගේ කකුල් දෙක..

"Come inside jennifer. Our school nurse will help for you.."

(ඇතුළට එන්න ජෙනිෆර්.අපේ ඉස්කෝලේ හෙදිය ඔබට උදව් කරාවී)

කියලා කියපු සර් රශේන්ලා දිහාට හැරිලා


"තමුන්ලට මෙහෙ වැඩ නෑ..පන්තිවලට යනවලා "

කියලා තදින් කියනවා ඇහුනේ මම හෙමි හෙමින් නර්ස් ගාවට ඇදෙද්දියි..

ශවේන් ගැනම හිත හිත ආපු මම ගල් වුණේ සික්‍ රූම් එකේ ඇදට වෙලා ඉදපු ශවේන්ව දැකලා..


______________________________________

ශවේන්ට මොකද උනේ කියලා ගෙස් කරන්න බලන්න ළමායී.. ජෙනිෆර්ට ගැලපෙන්නේ රශේන්ද? ශවේන්ද?

රෝස්ට හොඳ පාඩමක් උගන්නමු නේද?

ඔයාලගේ අදහස් කියන් යන්න පැටව්නේ😚

Report Page