My dear angel🧚💗

My dear angel🧚💗

~Niro

01st episode

"ශවේන්..."

මම එහෙම කියද්දිම එයාගේ  කලු හීනි ඇස් මන් දිහාට යොමු උනේ මොකද කෑගන්නෙ කියන්න වගේ..

"All the best"

මම එහෙම කියද්දි එයා ටිකක් පුදුම උනත් යන්තම් ඔලුව හොල්ලලා මට

''Thank you jenny" කියලා යන්න ගියා..

ඒ ගමන්ම වගේ එයාගේ ඇගේ එල්ලිලා එයාගේ කම්මුලකට  කිස් එකක් දුන්නෙ ටශිනි..

"මගේ චූටි කොම්ලා...ඔයා තමා දිනන්නෙ මගෙ පැටියෝ.." කියලා ටශිනි නලවලා ශවේන්ට කියද්දි මට හිනා යන්න ආවත් නැති ප්‍රශ්න දා ගන්න ඕනේ නැති නිසා මම එතනින් ග්‍රවුන්ඩ් එකට යන්න හැරුණා..

ශවේන් සතිජ පෙරේරා. ලංකාවේ නම්බර් වන් cardiologist(හෘද රෝග විශේෂඥයා)ගේ දෙවෙනි පුතා වගේම Suwasa private hospital එකේ අනාගත උරුමක්කාරයෙක්..ශවේන්ගේ අම්මා University lecturer කෙනෙක් වෙද්දි, එයාගේ එකම අයියා මිනෝල් මතීශ පෙරේරා medical student කෙනෙක්..

ශවේන් කියන්නේ මගේ අවුරුදු ගානක ඒකපාර්ශවික ආදරේ..

මම එයාව ඉස්සරලම දැක්කෙ ග්‍රවුන්ඩ් එක මැද්දෙ කොල්ලො සෙට් එකක් එක්ක ගහ ගද්දි..එයා උසට ගැලපෙන මහතක් තිබුණ, බ්‍රව්න් කලර් ස්කින් එකක් තිබුන,හැමතිස්සෙම වගේ දිළිසෙන කලු පාට ඇස් දෙකක් තිබුණ,කූරු කූරු කොණ්ඩයක් තිබුණ, හරිම පණ්ඩිත පිරිමි ළමයෙක්..ගෑණු ළමයින්ගේ ආකර්ෂණේ එයාට ඕනවටත් වඩා හම්බෙද්දි එයත් කරේ සතියෙන් සතියට ගෑණු ළමයි මාරු කරන එක..

හේතුවක් නැතුවම එදා ග්‍රවුන්ඩ් එකේ නැවතිලා අපි හැමෝම ඒ වලිය දිහා බලන් ඉද්දි ශවේන්ට වදින්න කියලා වලියේ ඉදපු කොල්ලෙක් දමලා ගහපු ලී කෑල්ල වදින්න යද්දිම ශවේන් එහාට වෙද්දි, ඒක වැදුණේ කොහෙවත් ඉදපු අහිංසක මට..

ඒ වැදුණ පාරත් එක්කම උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි උන මගේ ඇස් පියවෙනවා වගේ දැනුනේ නලලෙන් මොනා හරි ගලනවා වගේ දැනෙද්දි..ඇස් ඇරපු ගමන් මම දැක්කෙ හරිම භයානක විදියට මම දිහා බලන් ඉන්න මයුමිව..බලන්නත් බයයි ඒකි දිහා ඇස් වලින් නිකන් ගිණි පිටවෙනවා වගේ..


මම හෙමීට ඇස් අරිනවා දැකපු මයුමි පටන් ගත්තේ මට බනින්න..


"ජෙනී, උඹ මොකටද ග්‍රවුන්ඩ් එක පැත්තෙ ගියේ? මායි මිශෙලියි වොශ් රූම් එකට ගියපු ටිකට මොකද්ද මේ කර ගත්තෙ?

ආ.... කතා කරපන්"


"මේකිට කියලා වැඩක් නෑ බන්..කිව්වා කියලා තේරුම් ගන්න එකියක් වැයි..අපි එක්ක යන්න එන්න කීවට ආවෙත් නෑ.. දැන් ඔලුවත් පලාගෙන..හොඳ වැඩේ.."


ඇස් ඇරපු ගමන්ම මොකද්ද උනේ කියලාවත් හිතාගන්න බැරුව හිටපු මේ අහිංසකීට බනින රාක්ශනියෝ දෙන්නා දිහා මම ඔහේ බලන් හිටියා...එතකොටම


"උබේ කටටත් මොනා හරි උනාද?

ආ...කතා කරපන්.." ආයෙත් මයුමිගෙ සුමිහිරි වොයිස් එක


"මේ.. මේකයි බන් උනේ.. මම ක්ලාස් එකට වෙලා ඔලුව තියන් ඉද්දි මිස් ට්‍රබල් ආවනේ..

(මිස් ට්‍රබල් යනු අප පාසලේ ගණිතය උගන්වන ගුරුතුමියකි..ඇයගේ විනෝදාංශය ඕන දේට මෙන්ම එපා දේටත් හොට දැමීමයි..එමෙන්ම ළමුන්ට නිතර කරදර කරමින් ඇයගේ වැඩ කරවා ගැනීමද ඇයගේ සිරිතයි..කොටින්ම කීවෝත් නම්බර් වන් කරදරකාරියක්..)


"මිස් ට්‍රබල් මට එයාගේ ක්ලාස් එකේ මොනිටර් එක්කන් එන්න කීවා..ඒ යන ගමන් ඉද්දි තමා ග්‍රවුන්ඩ් එකේ ගිය වලිය දැක්කේ.."


මම එහෙම කියද්දි මැද්දට පැනල කියවන්න ගත්තෙ මිශෙලි


"ඉතුරු ටික හිතා ගන්න පුලුවන් අපිට..උබේ නලල තුවාල වෙලා ඔන්න..ඉතුරු පීරියඩ් ටික ඉන්න වෙන්නෙ සික් රූම් එකෙ තමා...අනික..."


හුස්ම ගන්නෙත් නැතුව මිශෙලි  කියවන් යද්දි එකපාරටම වැහිලා තිබුණ සික් රූම් එකේ දොර ඇරුනා වෙද්දි ඇවිත් ඉදපු කෙනා දැකපු අපි තුන්දෙනාම කන්ෆියුස් උනා..


"සොරි උන දේට"


ඇවිත් හිටියේ ශවේන්.. එයා මාත් එක්ක ඉස්සරලම කතා කරේ ඒ වචන ටික වෙද්දි මට මුකුත් කියන්නවත් ඉඩ නොදී ආපු වේගෙන්ම දොරත් වහන් යන්න ගියා..


ඒත් එක්කම මටත් දැනෙන නොදැනෙනෙ ගානට මගෙ හදවත අමුතු රිද්මෙකට ගැහෙනවා වගේ දැනෙද්දි මම කරේ ලොකු හුස්මක් ඉහලට ගන්න එක..


ඒ අවුරුද්දේ පන්ති කැඩුවට පස්සෙ ශවේන් එයාගේ නසරාණියෝ සෙට් එකත් එක්කම මම හිටපු පන්තියට වැටුණා..මිශෙලියි,මයුමි දෙන්නත් මගේ පන්තියටම වැටුන එක ගැන මම දෙවියන්ට පින් දුන්නා..



අපි දැන් 11 වසරේ..මටත් නොදැනුවත්වම මගෙ හිත එයාවම හොයන්න අරන් දැන් අවුරුදු දෙකක් විතර...



අද අපේ ස්කූල් එකයි, සාන්ත සෙබස්ටියන් එකයි අතර බැඩ්මින්ටන් තරගයක්..ශවේන් ආසම වගේම එයා දක්ශම ස්පෝර්ට් එක..මම උදෙන්ම එයාට විශ් කලේ ඒකට..



අතීතය මතක් කරන ගමන් වගේම, අද ආවේ නැති එකට මිශෙලිටයි,මයුමිටයි බනින ගමන් හිටපු මම ග්‍රවුන්ඩ් එකට යන පාරේ තිබුන 6 ළමයිගේ ක්ලාස් එකක් ඇතුලට ඇදිලා ගියේ වෙන්නෙ මොනාද කියලා මටම හිතා ගන්න බැරි වෙද්දි..

"රශේන්!!... තමුන්...මොනාද මේ කරන්නෙ අතාරිනවා මාව.."


මට නොදැනුවත්වම එහෙම කෑ ගැහෙද්දි රශේන් කරේ මගේ කටින් එයාගේ හීන් දිග ඇගිල්ලක් තියලා මම දිහා රවලා බලපු එක.


"මෙහ් මැඩම්..මම තමුසෙව මරන්න හැදුවේ නෑනේ.. මොකටද ඔච්චර කෑගන්නේ ආ?"


ඇහිබැමක් උස්සලා එයාගේ ඩීප් වොයිස් එකෙන් එහෙම කියනවා ඇහෙද්දි දගලන්නෙ නැතුව ඉස්සරවෙලා ඌ කියන දෙයක් අහන් ඉදපම් කියලා මගේ මොළෙන් සිගනල් එකක් ආව නිසා මම කරේ ඌ දිහාම බලන් ඉදපු එක..


මම පරාජය භාරගත්තා කියලා හිතුව රශේන්ගේ කට කොනින් හිනාවක් පනිද්දි, එයා කරේ එයාගේ හෙංචයියෝ ටිකට දොරත් වහන් එළියට යන්න කියලා ඇහෙන් කියපු එක..


දැන් නම් මගෙ ඇග සීතල වෙලා වගේ..මේ වෙලාවෙ හැමෝම ග්‍රවුන්ඩ් එකේ ඇති..මගේ හාට් එක ගැහෙන සද්දෙ මටම ඇහෙනවා..


ටික වෙලාවක් මම දිහා බලන් ඉදපු රශේන් කරේ මාව පන්තියේ බිත්තියකට තල්ලු කරලා මම ඉස්සරහ හිට ගත්ත එක..ටික ටික මට ළං වුන එයා මට කොහෙවත්ම යන්න බැරි වෙන්න එයාගේ අත් වලට මාව හිර වෙන විදියට බිතිතියෙන් අත් තිබ්බා..


මට නම් දැන් සිහි නැති වෙන්න වගේ..මේ යකාගේ ඔලුව හොද නැද්ද.. අපි වගේ අහිම්සක ළමයි කවද කාපු කටුද මෙව්වා..                   


ඒ විදියට  එකටම පිස්සු නටන්න ගත්තෙ මගෙ ඔලුව..


ඒත් එක්කම මගෙ ළඟට ආපු රශේන් කනට කරලා

''මන් තමුසෙට ගොඩක් කැමතියි..තමුසෙ තමයි මගේ ඒන්ජල්.."

කියලා කට කොනින් හිනා වෙද්දි මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා..


මම එහෙම්ම ගල් වෙලා ඉද්දි දොර දිහාට යන්න හැරුණ රශ් ටික දුරක් ගිහින් ආපහු හැරිල


"වෙන එකෙක්ට ළං වෙන්න හිතන්නවත් එපා..එහෙම උනොත් ඒක උබෙයි උගෙයි දෙන්නගෙම අවසානේ"


කියලා කින්ඩි හිනාවකුත් දාලා දොරත් ඇරලා යන්න ගියා..


මම තාමත් බිත්තියට හේත්තු වෙලා..එහෙම්ම ටිකක් වෙලා ඔහේ බලන් ඉදපු මම ළඟ තිබුණ පුටුවකින් ඉද ගත්තා..



රශේන් මයන්ත සූරිබණ්ඩාර.. සූරිබණ්ඩාර මිනිස්ටර්ගේ මුණුබුරා..S & Sons pvt.ltd එකේ අනාගත උරුමක්කාරයා...ඒ වගේම මගේ ශවේන්ගේ සහෝදරයා ගානට ඉන්න හොඳම යාලුවා...

ශවේන්ට වඩා ගොඩක් වෙනස් පෙනුමක් රශේන්ට තිබුනේ..සුදු පාට ස්කින් කලර් එක,උසට ගැලපෙන මහත, දුඹුරු පාටට හුරු ක්‍රේල් කොන්ඩේ නිසා රශේන්ට ලැබුනේ western look එකක්..ඒ වගේම එයාගේ බළල් ඇස් වලට කෙල්ලො පිස්සු වැටුණත් එයාට තාමත් කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් නැහැලු කියලා අපේ පන්තියේ රොයිටරේ උන තිසුරි කීවා මට යන්තමින් මතක් උනා..

මේ වගේ විකාර දේවල් එකින් එක මගෙ ඔලුව ඇතුලේ කැරකෙද්දි මට මතක් උනේ ශවේන්ව..


එයා ප්ලේ කරනවා බලන්න තිබ්බ ආසාව නිසාම ටිකකට කලින් උන දේ පස්සෙ හිතන්න ඉතුරු කරන් මම පන්තියෙන් එළියට ආවේ ආයෙමත් ග්‍රවුන්ඩ් එකට යන්න හිතාගෙන..

මම ග්‍රවුන්ඩ් එක ළඟටම ආවට පස්සෙ ආයෙත් මොකෙක් හරි මගේ ඇගේ වැදුණා..දත්මිටි කාගෙනෙ ඇගේ වැදුනේ කවුද කියලා ඔලුව හරවලා බලද්දි මම දැක්කේ රෝස්ව...


ආයෙත් කරදරකාරියක්!!

______________________________________

රෝස් කියන්නෙ කවුද කියලයි,ජෙනීට ඊටපස්සේ උනේ මොනාද කියලා දැන ගන්නයි දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්ඩෝ😚

Report Page