🖤_Mr. Perfect_🖤

🖤_Mr. Perfect_🖤

Sarani liyanage.

https://telegra.ph/Mr-Perfect-09-20

පෙර කොටසට👆


____ 🖤____


Part 3...


____🖤____


මේ අමුතු කෝළම දිහා හැමෝගෙම අවදානේ තිබ්බේ.

 හැමෝගෙම කියන්නේ හැමෝගෙම..


*****


නිතේෂ් ගල්කිස්ස බීච් හොටෙල් එකකට ඇවිත් හිටියේ එයාගේ බිස්නස් පාට්නර් කෙනෙක් හම්බෙන්න.

ඒත් අහම්බෙන් දැක්කා බීච් ප්‍රපොසල් පාටි එකක ඉන්න ආදිව.


බෝනික්කෙක් තිබ්බ වගේ බැලුම්බෝල ගොඩක් අත් දෙකෙන්ම අල්ලන් හිනා වෙවී ඉන්නවා,

එතන ඉන්න සේරම එක්ක හිනා වෙවී කියවනවා.

රැල්ල පාගද්දි කොල්ලෙක් ඇවිත් කතා කරනවා.

සිහියක් නැතිව ඒ කොල්ලා එක්ක කියවනවා.

පස්සේ තව කෙල්ලෙක් ඇවිත් එක්කන් යන්න හදද්දි දුවල ගිහින් රැල්ල පාගනවා.

ලොකු රැල්ලකට අහුවෙල වැටෙනවා.

ඒ විදියටම ඉඳන් බලන් ඉන්නවා,

අර කොල්ලා නැගිට්ටලා එයාගේ ශර්ට් එක අන්දනවා.

පස්සේ අනිත් කෙල්ල එක්ක යනවා.


ඒ වගේම එතන කෙල්ල එක්ක කතා කරපු කොල්ලා ඇමති කුලසිංහගේ පොඩි පුතා ආකෙන් කුලසිංහ කියලත් කොල්ලා දන්නවා.


මේ සේරම දිහා ඔහේ බලාගෙන හිටියා මිසක ආපු වැඩේට කොල්ලා අවදානේ දුන්නේ නෑ.

නිතේෂ්ගේ සේකට්‍රී අරුන් තමා සේරම බැලුවේ එතන.

" මිස්ටර් නිතේශ් මොකක් හරි ප්‍රශ්නයක්ද."


" අහ් නැ.

මිස්ටර් පෙරේරා අපි මේ ඩීල් එක ගැන වෙන වෙලාවක කතා කරමු මට දැන් ඉම්පෝටන් මිටින් එකක් වැටිලා හදිස්සියේ."


" ඔෆ්කොස් මිස්ටර් නිතේශ්..."

එහෙම කිව්වට mr. පෙරේරා වගේම සෙකට්‍රී අරුන් දෙන්නටම තේරුණා ඒක බොරුවක් කියලා.

නිතේශ්ට සමුදීලා mr. පෙරේරා ගියා.

ඒත් නිතේශ් තාමත් එතන...


" සර් යන්නේ නැද්ද."

" අරුන් අද මට මහරගම මගේ ප්‍රයිවට් හවුස් එක රෙඩි කරන්න කියන්න."


" ඕකෙ සර්."


" හොදයි අපි යමු දැන්."


නිතේශ් කොහොමත් වැඩි කතාබහක් නැති අමුතු චරිතයක්නේ.

ඉතින් එයා වටේ ළඟින්ම ඉන්න අයට මේ වගේ සිදුවීම් අලුත් දේවල් නෙවෙයි.

නීතේශ් මහරගම ගෙදරට යන්නේ එයාට තනි වෙන්න ඕනි උනහම.


රෑ හත විතර වෙද්දි වාහනේ ඒ ගෙදරට ආවා.

තට්ටු දෙකක තරමක් විශාල නිවසක්.

" ඇතුලේ වැඩට ඉන්න අයට යන්න කියන්න අරුන්."


" ඕකෙ සර්."


නිවසින් පිටත ශරීර ආරක්ෂකයින් නතර වෙද්දී නිවස ඇතුලත නිතේශ් තනි උනා.

පඩිපෙල නැගන් උඩ තට්ටුවේ තමන්ගේ කාමරයට ගිහින් ඇතුලතින් අගුළු දැම්මා.

හැම සැප පහසුකමක්ම තියෙනවා.

නැති උනොත්නේ පුදුමේ.

නැත්තේ සල්ලිද.


හෙමින් අඩි තියලා ගියේ මිරර් එක ඉස්සරහට.

තමන්ගේ රූපේ දිහාම බලන ඉන්න ඇති විනාඩි ගානක්ම.

ෆුල් සූට් අදින එක නිතේශ්ගේ පුරුද්ද.

එයින් පිට අදින්නේ නැති තරම්.

කෝට් එක ගලවල එහා පැත්තේ තියෙන සෝෆා එක උඩට දැම්මා.

ශර්ට් එකේ බොත්තම් පන්නල එකත් ගලවලා දැම්මා.

අම්මගෙන් ලැබුණ පැහැපත් හම,

පවුලේ කාටවත් නැති ලා දුඹුරු ඇස්,

පිටිපස්සට කරලා බැදලා තියෙන තාත්තාගේ වගේ කළු කර්ලි උරහිස් මට්ටමට දිග කොන්ඩේ,

එයාටම ගැලපෙන විදියට කපලා තියෙන රැවුල,

ගානට මේන්ටන් කරපු ඇග,

අඩි හතකට කිට්ටු වෙන්න තියෙන උස,

නිතේශ් කොච්චර නපුරු චරිතයක් උනත් එයාගේ රූපේ ගොඩක් ආකර්ෂණීය වගේම හැන්ඩ්සම්.

කෙල්ලොන්ගේ විතරක් නෙවෙයි ඇන්ටිලගේත් ඇස් නවතිනවා කොල්ලා ළග.


ඔහේ තමන්ගේ රූපේ දිහාම ගොඩක් වෙලා බලන් හිටිය නිතේශ් අතේ තිබ්බ වොච් එකත් ගලවලා මිරර් ටේබල් එක උඩින් තියලා බාර්ත් රූම් එකට ගියා.


හොට් වොටර් වලින් බාත් ටබ් එක පුරෝලා ඒකට බැහැලා ඇස් දෙක පියා ගෙන වෙනම කල්පනා ලෝකෙක තනි උනා කොල්ලා.

පැයක් විතර ගියාට පස්සේ බාත් රොබ් එක ඇදන් කොල්ලා කාමරේට එද්දී ඇද උඩ කොල්ලගේ පූසා.

බංගලාවේ හිටිය පූසා දැන් මෙහෙ කියන්නේ ආණිවරෙන් අරුන්ගෙ වැඩක් කියලා කොල්ලා දන්නවා.

තනි සුදු පර්සියන් පූසෙක්.

සරලව කිව්වොත් උපරිම විදියට සැප විදින සතෙක්.

සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ හුරතලා වෙන්නේ බල්ලොනේ.

ඒත් නිතේශ් ආස උන සතා පූසා.


" කිටී..."

ලඟට ගිහින් ටිකක් පාත් උනා විතරයි පූසා කොල්ලගේ කර උඩ.

ඒ පුසත් හුරතල් වෙන්නේ නිතෙශ් ළග විතරයි.

අනිත් අයව ගනං ගන්නේවත් නැ.

හරියට නිකම් කොල්ලගේ ලොකුකම පුසටත් පිහිටලා වගේ.

නීතේෂ්ගේ කිටී...


කළු ශෝටකුයී බැනියමකුයි ඇදන් කොල්ලා පූසා එක්ක බැල්කනි එකට ගියා.

අහසේ තරු රටා හැම එකක්ම වගේ කොල්ලා දන්නවා.

හද වටකරන් හදේ පාළුවට ඉන්න තරු දිහා බලාගෙන හිටිය කොල්ලා පියවි සිහියට ආවේ එහා ගෙදර ගේට්ටුව අරින සද්දෙට.

බැල්කනියට ඒ ගෙදර වත්ත හොදට පෙනුනට ඒ ගෙදර වත්තේ ඉඳන් බැලුවට බැල්කනි එකේ කවුරු හිටියත් පේන්නේ නෑ.

වැඩි අවදානයක් නැතුව බැලුවත් ඉන්න කෙනා දැක්කම කොල්ලා පුදුම උනා.

ඔහුගේ මතකේ හරිනං මීට මාස හය හතකට කලින් ඒ ගෙදර හිටියේ වයසක ජෝඩුවක්.

ඒත් දැන් කොල්ලා දකින්නේ උදේ තමන්ගෙන් කම්මුල්පාර කාපු ආදියි, එයා එක්ක හිටිය අනිත් කෙල්ලයි.

කෙල්ලෝ දෙන්න ගේ ඇතුලට යනකම් කොල්ල ඒ දිහා බලන් හිටිය.

ඒ ගේ ඇතුලේ බල්ලෙක් බුරන සද්දෙත් ඇහුනා...

තමන්ට ඒ දේවල් වැඩක් නෑ කියලා හිතට තරවටු කරන් කොල්ලා පහළ තට්ටුවට යන්න ගියේ රැට කන්න හිතන්...


____🖤____


" හා... හා.. හච්චින්..."

" හොඳ වැඩේ මන් කිව්වා. කොහෙද ඇහුවද.

නෑ...

පණ්ඩිත වැඩි නේ..."


" අනේ... හච්චිං... අනේ සෙනු.."


" දැන් ගිහින් හොට් වෝටර් වලින් ඇග හෝදන්න.

නාලනම් අහුවෙන්න එපා මට හමගහනව.

මන් සමහන් එකක් හදන්නම්.

දුම් ටිකක් අල්ලලා පිරිටන් එකකුත් බිල නිදා ගත්තාම හරි..."


" හරි...

අනේ සෙනු පපිටත් මොනාහරි.."


" හරි මන් පපිටත් හදන්නම් මොන හරි ඔයා යන්න දැන් ගිහින් හොදා ගන්න."


කෙල්ල හච්චිං ඇර ඇර ඇග හෝදන්න යන දිහා බලන් හිටියා සෙනු කුස්සියට ගිහින් වතුර එකක් ලිපේ තිබ්බ.

ආපු ගමන් තමන්වත් ගනං ගන්නේ නැතුව ගිය ආදි දිහා බලන් හිටිය පපි දුකෙන් වගේ සෙනු ගාවට ගියා..


පපී කියන්නේ අදිගේ බලු පැටියා.

පැටියෙක්නම් නෙවෙයි හැබයි.

ලැබ්‍රඩෝර් වර්ගේ ලොකු බල්ලෙක්.

ඒ බල්ල සැර නැ ගොඩක් හැබැයි මදි නොකියන්න හුරතල්.

ආදිගේම බල්ලනේ.

අදිගේ පපී...


" සෙනු ඔයත් ගිහින් වොෂ් දාලා එන්න."


" මේ මන් නූඩ්ල්ස් එකක් හදන්න වතුර තිබ්බ ඒක ටිකක් බලනවද මන් හෝදන් එනකම්.."


" හරී..."

සෙනු ගියාට පස්සේ කෙල්ල නූඩ්ල්ස් එක හැදුවා.

හදලා පපී එක්ක ටිකක් සෙල්ලම් කර කර ඉද්දී මැසේජ් එකක් ආවා.

බලද්දි අන්නොවේ නම්බර් එකකින් වට්සප් මැසේජ් එකක්.

ලොකේෂන් එකක්..

කෙල්ලට හිතුනේ උදේ ඩෙවෝන් කියපු ලොකේෂන් එක වෙන්න ඇති කියලා.

එකෙන්ම කෝල් එකක් එන නිසා කෙල්ල ආන්ස්වර් කළා.


" හෙලොව් ඩියර්."

" කවුද මේ.."


" මන් ඩෙවෝන්.

නම්බර් එකනම් ගත්තේ ඔයාගේ කම්පැනි එකෙන්.

මේ මන් ඔයාට ලොකේෂන් දැම්මා හොඳේ.

හෙට උදේ අට වෙද්දී එන්න හරිද.."


" හරි සර්.."


" ඕකෙ ඩියර් ගුඩ් නයිට්..."


" ගූඩ් නයිට් සර්.."


කෙල්ලට හිතුනේ නිතේශ් වගේ ඩෙවොන් නපුරු නැ කියලා.

ඒත් ඉතින් එහෙම කොහොමද දවසින් අදුන ගත්ත කෙනෙක් ගැන අපි හරියටම කියන්නේ.

ආදී ඒ නිසා ඩෙවෝන් ව උනත් අතේ දුරින් තියා ගන්න හිත ගත්තා.

ආදි බොළදයි තමා ගොඩක් වෙලාවට.

ඒත් මෝඩ නැ.

පොඩි කාලේ ඉඳන් අනතනිවසේක හැදිච්ච කෙල්ල දන්නවා සමාජෙ පේන තරම් හොඳ නෑ විස ගොඩක් කියල.


" ආදි මේ අහන්න.

ඔයා දැන් යන්නේ යූත් ටීවී එකේ වැඩකටනේ.

ඕවගේ මිනිස්සු සමහරු සත්තු වගේ ඒ නිසා වැඩිය කතා බහ කරන්න යන්න එපා හැමෝම එක්ක.

අනික උඹේ අහිංසක කම ඕනීවට වඩා පෙන්නන්න යන්න එපා."


" හරී...

මට පොඩි බයක් වගේ එකකුත් තියේ සෙනු."


" හිතන්න එපා වැඩිය.

මන් හෙට උදේට ඔයාව ගිහින් දාන්නම්."


" මන් බස් එකේ යන්නම් ඔයා වැඩ පාඩු කරගන්න එපා මන් නිසා."


" මේ අහපන් බං උඹෙන් මට මොන පඩුවක්ද.

ස්කෝලෙ කාලේ ඉඳන් එකට හිටිය එකාව මට වදයක් නෙවෙයි."


" හෙට උදේ අටට ඉන්න ඕනි යූත් ටීවී ඔෆිස් එක ගාව."


" හතරහමාරටවත් නැගිටින්න වෙයි එහෙනම්.

දැන් නිදා ගන්න යන්න ඒ නිසා."


" හ්ම්ම්..

සාරී එකකුත් එළියෙන් තියන්න ඕනි."


" බ්ලවුස් එකයි ස්කර්ට් ඒකයි ඇන්දනම් ඉවරනේ.

යාර හයක් පටලන් යන්නේ නැතුව."


" ඔයා දන්නවනේ සෙනු එයා ආස කළේ මන් එහෙම අදිනවට කියල."


" හ්ම්ම්ම් මන් දන්නවා.

සකුන් අයියා ඇති කොහේ හරි හොදින් "


" ඇයි සෙනු එයා ගාවට මාව ගන්නේ නැත්තේ."


" අයියා කිව්වේ බං හරි කාලෙදී ආයිත් උබ ඉස්සරහට එන්නම් කියල."


" මන් නාකි උනහම එයි."


" හරි හරි බං දැන් පලයන් බුදියන්න."


අදත් සෙනු කතාව ඉක්මනට නැවැත්තුවේ ආදි අඩයි කියලා හිතලා.

නොකිව්වට සෙනුත් බලන් හිටියා තමන්ට සහෝදරයෙක් වගේ උන සකුන් ආයිත් එයාලා ලඟට එනකම්.


මූනත් පුලුටු කරන් කාමරේට ගියා ආදි ක්‍රීම් පාට සාරී එකක් එළියෙන් තිබ්බ.

කෙල්ලගේ හමෙ පාටට ළඟින්ම යන පාටක් ඒක.


______🖤______


නිතේශ් උදේ පහහමාරට නැගිට්ටෙ එලාම් එක වදින සද්දේට.

බඩ උඩ බරක් වගේ දැනුන නිසා බලද්දි පූසා හොදට නිදි.

පුසාවත් පැත්තකින් තියලා බාත් රූම් එකට ගියා.

දුඹුරු පාටින් ෆුල් සූට් ඇදලා නිතේශ් පහලට එද්දී එයාගේ ගාඩ් කෙනෙක් උදේ කෑම එක ගෙනත් තිබ්බ.

කාලා එළියට ගිය කොල්ලාට එහා ගෙදර සද්දෙ හොදට ඇහුනා.


" මන් කිව්වා උබට ඔය යාර හය පටලන් යන එක මහ එපා කරපු වැඩක් කියලා."


" හරි සෙනු.

සාරිය අදින්න නෙවේනෙ පරක්කු උනේ.

කොන්ඩේ බන් එක දා ගන්නනේ."


" මන් වගේ බෙල්ල මුලටම කැපුවනම් හරිනේ.

ඇවිදින්නේවත් කොහොමද කියහංකෝ විළුබේ ගැවෙන්න දිගට තියෙද්දී."


" ඒකනේ සුදු කොන්ඩේ බන් එකක් දාන්නේ.

තරහා ගන්න එපා ඉතින්.

අනික දැන් මන්ද පරක්කු ඔයානෙ පරක්කු.

මන් මේ එලියටත් ඇවිත් ඉන්නේ."


" අම්මපා මට උබට කෙලියහැකි ගඩොළකින්.

නැ බොට නෙවෙයි ගහන්න ඕනි තෝව හුරතල් කරලා නරක් කරපු අර සකුන් කියන මිනිහව."


" මේ... මේ... අනේ ඉතින් එයාට මොකුත් කියන්න ඕනි නෑනෙ."


" ඔව් බොට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ඌට මොකක් හරි කියද්දී."


" ඔව් එහෙම තමා."


" යමන් යමන් දැන්වත්."


කෙල්ලෝ දෙන්න යන සද්දෙ ඇහුණත් නීතේශ් තාම ගෙදර දොර ගාවට වෙලා ඔහේ බලන් ඉන්නවා.


ඒ හිතේ එකම එක නමක් දෝංකාර දුන්නා.

ඇයි කියන්න එයාවත් දන්නේ නෑ...


සකුන්....


____🖤____


කතාව ගැන අදහස් කියන්න කමෙන්ට් එකක් දාන්න...😊🙃

සෙනුශා.... අදිගේ යාළුවා...





Report Page