🖤_Mr. Perfect_🖤

🖤_Mr. Perfect_🖤

Sarani liyanage

___🖤___


Part 2...


___🖤___


" පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.

මේ අර චණ්ඩි කෙල්ලගේ යාළුවා නේද.

මාව අනාථ වෙන්නම පාරක් දුන්න කෙල්ලගේ."

ඩෙවෝන් කියද්දී කොල්ලා කෙල්ල දිහා බැලුවේ ඔයාලා කලින් අදුනනවද අහන්න වගේ.

" අනේ මට යන්න ඕනි දැන්.."

දැන්නම් කෙල්ලට බාගෙට ඇඩෙනවා.


" මොකද මේ ආ.

යාලුවනම් ඔහොම නෑනේ.."


" ඩෙවෝන් මෙයාව දන්නවද."


" අර මන් කිව්වේ ඔයාට කෙල්ලෙක් මේ ලඟදි දවසක් මට හොඳ ශොට් එකක් දුන්නා කියලා.

අන්න ඒ කෙල්ල එක්ක තමා මෙයා හිටියේ..

මන් හරිනේ නේ.."

කෙල්ලගේ මූණටම පාත් වෙලා ඩෙවෝන් අහද්දි කෙල්ල කකුල් පොළවේ අතුල්ල අතුල්ල හෙමින් නීතෙෂ් ලඟට ගියා.


" සර් මන් යන්නද..."

බිම බලන් අහනවා.

" ඩෙවෝන් අහපු දේට උත්තර දෙන්න.

අනික ඔයාට මෙතන වැඩ ඉවර නෑ තාම."

" ඩෙවෝන් සර් එයා එපා කියද්දී ලඟට ගිය නිසානේ එයා ගැහුවේ.."

කෙල්ල බිම බලන් ඇහෙන නෑහෙන ගානට මිමිණුවා.

ඒත් ඒක කොල්ලො දෙන්නටම ඇහුනා.

කෙල්ලගේ අහිංසක හුරතල් හැසිරීමට ඩෙවෝන්ටනම් හිනා.

ඒත් නිතේශ්,

ඔහු ඔහේ කෙල්ල දිහා බලාගෙන ඒ මුනෙන් කියවෙන හැම දෙයක්ම හොදට බලන් ඉන්නවා.


" එතකොට වැරදි මන්ද."

" ඉතින්... ඉතින් මන් කිව්වේ ඇත්තනේ. අ.. අකමැත්තෙන් ලඟට එ... එනවට කවුරුත් කැ... කැමති නැ... නෑනේ.."


" ඒ කියන්නේ කැමතිනම් ලඟට එන එක හරි.."


" අනේ ඉතින්.."

කෙල්ලට එතනින් එහාට කියන්න ලැබුණේ නැ නිතේශ් කෙල්ලගේ කන රත් වෙන්න පාරක් ගැහුවා.

සුදු මූණේ රතු පාටින් ඇගිලි පහම හිටලා.

කෙල්ලට සද්දෙන් ඇඩෙන්න ගත්තා..


" නවත්ත ගන්නවා ඇඩියාව.

මේක අහ ගන්නවා මේ ඉන්නේ තමුන්ගේ ප්‍රධානියෙක්.

ඒ මනුස්සයා එක්ක එකට එක කියන්න සුළු සේවකයෙක්ට අයිතියක් නෑ.

තමුන් තමුන්ගේ තත්වේ මතක තියා ගන්නවා.

නැත්නම් අෑග්‍රීමන්ට් එකේ ගාන කම්පැනි එකට දීලා යන තැනක යනවා."


කෙල්ලගේ කන් අඩි පැලෙන්න සද්දෙන් නිතේශ් කෑ ගහද්දි.

කෙල්ලට ඇඩෙනවා තවත්.


" ඒ ඒ නිතේශ් ඒක ඒ තරම් හිතන්න දෙයක් නෙවෙයි.

නංගි ඔයා යන්න එළියට ටිකක්."


ඩෙවෝන් කියද්දී කෙල්ල කොල්ලගේ මුනවත් බලන්නේ නැතුව බිම බලාගෙනම එළියට ගියා...


" මොකද්ද බං ඒ කරපු වැඩේ.

ඒ කෙල්ල අහින්සකයි."


" උන් දැන ගන්න ඕනි උන්ගේ තරම.

සේවකයා කියන්නේ සේවකයට නැතුව මේ..."


" ඒ උනාට හැමෝම මිනිස්සුනේ.

මන් යනවා අර කෙල්ල ටිකක් බලන්න."


නිතේශ්ට සමුදීලා ඩෙවෝන් එළියට ගියා.

කෙල්ල කා පාකින් එකට ගිහින් සෙනුට කෝල් කරලත් ඉවරයි.

පාකින් එක ලඟම තියෙන කොන්ක්‍රීට් බැම්මෙන් කෙල්ල වාඩි උනා.

ඩෙවෝන් ගියා කෙල්ල ලඟට.


තමන්වත් දාලා කෙල්ලෙක් බලන්න ගිය තමන්ගේ යාළුවා එක්ක තරහින් නිතේශ් මිරර් එකෙන් පහළ කා පාකින් එක දිහා බැලුවා.


කොන්ක්‍රීට් එක උඩ වාඩි වෙලා ඉන්න කෙල්ලවත් ඊට එහා පැත්තේ ඉන්න ඩෙවෝන් වත් කොල්ලා දැක්ක.

ඩෙවෝන් මෙහෙම සේවකයෝ එක්ක ගොඩක් එකතු එකට නිතේශ් ආස නෑ.

එය හිතන්නේ ආයතන ප්‍රධානියෙක් සේවකයෝ එක්ක ඕනිවට වඩා ඉන්න ඕනි නෑ කියලා.

******


" නංගිගේ නම මොකද්ද කිව්වේ."


" මන් ආදිත්‍යා සර්..."

නහයත් උඩට ඇද ඇද කෙල්ල කියන්නේ හරි හුරතලේට.

ඩෙවෝන් ආසයි කෙල්ලගේ ඒ අහිංසක හුරතල් විදියට.


" නිතේශ් එහෙම තමා නංගා.

එයාට කේන්ති යනවා ගොඩක්.

දැන් ඔයා දිගටම හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්නේ නේ.

මේ පාර වික්‍රමබාහු ගෘප් ඔෆ් කම්පැනි ගාමන්ට් සයිඩ් එකේ හොදම ඩිසයිනර් ඔයානෙ.

ඊස්සරහට ඔයාට එයා එක්ක මීට වඩා එකට වැඩ කරන වෙනවා.

කොහොමහරි පිරිමහ ගන්න එයාව.

තේරුනාද.."


" ඔව් සර්..."


" ආ ආ දැන් අඬන්න එපා.

අනික ඔහොම අහිංසක වෙන්න එපා.

එතකොට කරදර වැඩි කෙල්ලෙක්ට.

අර ඔයාගේ යාළුවා වගේ ගෑම්මෙන් ඉන්න.."


ඩෙවෝන් ඒක කියපු විදියට ආදීට කදුළු අතරින් හීනත් ගියා ලාවට.


" තැන්ක්ස් සර්."


" හෙට ඔයා මගේ ඔෆිස් ඒකට එන්න. වැඩිය දුර නැ.

මෙතන ඉදලා කිලෝමිටර් දෙකක් විතර තියෙන්නේ.

ඔයාට වෙලාවට ලොකේෂන් එවන්නම්.

හෙට ඉඳන් ඒ වැඩේ කරන්න පටන් ගන්න."


" හරි සර්.. තැන්ක්ස් සර්.."


ඩෙවෝන් ගියා කෙල්ලගේ ඔළුවටත් පොඩි තට්ටුවක් දාගෙන.

නිතේශ් මේ සේරම බලාගෙන පුරුදු කේන්තියෙන් ම හිටියා...


ටිකකින් කෙල්ලව එක්කන් යන්න සෙනු ආව.

මොකක් නමුත් ලොකු දෙයක් වෙලා කියල ආදි කෝල් කරපු වෙලේම සෙනු දැන ගත්තා.

ආදි අහිංසක නිසා සෙනු තමා ගොඩක් වෙලාවට ආදිව පරිස්සම් කළේ.


" ආදී මැණික මොකෝ උනේ.."

බැම්ම උඩ ඉඳන් ඉන්න අදීව තමන්ගේ තුරුලට ගන්න ගමන් සෙනු අහද්දි ආදි ආයිත් අඬන්න ගත්තා.


" මොකද්ද උනේ කියන්නකෝ දරුවෝ.."


" එය මහා නරකයි සෙනු.

මේ බලන්න මට ගැහුවා.

මේ රතු වෙලා. "

කම්මුල පෙන්න පෙන්න සේනුට කියනවා..

පොඩි ලමෙක් ප්‍රී ස්කුල් ගිහින් ඇවිත් උන සේරම අම්මට කියන්න වගේ ආදිගේත් තිබ්බ දවසේ වෙන සේරම සෙණුට කියන කැත පුරුද්දක්.


අවුරුදු විසි හතරක කෙල්ලෙක් නේ මේ...


" හරි අපි යමුකො. යද්දී ෆාමසියෙන් බෙහෙත් අරන් යමු හරිද සුදු.."


සෙනු ආදිව පොඩි එකෙක් වගේ ගානට සන්සුන් කරන දිහා දෙන්නෙක් බලන් හිටියා.

එක්කෙනෙක් ආදී ගේ බොළඳ වැඩ දිහාත් අනික් කෙනා අර නපුරු සෙනු ඇතුලේ ඉන්න සංවේදී කෙල්ල දිහාත් බලන් හිටියා හිස් හැඟීමෙන්.


*******


ගෙදර යන ගමන් මගින් සෙනු බාම් එකකුත් අරන් අදිගේ මූණේ හිමීට ගෑවා.

ප්‍රශ්ණයක් වෙයි කියලා ආදි සේණුට කිව්වේ නෑ ඩෙවෝන් ගැන.

දන්නවනේ සේණුගේ හැටි.

දෙන්න ඉන්නේ ඇනෙක්සි එකක නිසා කාගෙන්වත් ප්‍රශ්නයක් නැ.

ආදීව ගෙදරට දාලා සෙනු එයාගේ ෆ්ලෝරා එකට යන්න හැදුවේ...


" සෙනු මාත් එන්නම්.

මට බෑ ගෙදර තනියෙන් ඉන්න.

තාම එකොළහටත් නෑනේ..."


" හරි එහෙනම් ඇදූමක් දාන් එන්න සාරී පටලන් ඔෆිස් ගියාට මෙහෙ එහෙම යන්න ඕනි නෑ.."


" හරි මට පැය බාගයක් දෙන්න.."

කෑගහන් කාමරේට දුවන ආදිව දැක්කම සෙනු ට හිනා ගිය.

ටිකකට කලින් හොටු පෙරාගෙන ඇඩුව වගක්වත් නැ දැන්.

ඉක්මනට හිත රිද්දන් ඇඩුවට ඒ හිත හරි වේගෙන් සැනසෙනවා.

ඒ තමා සරලම ආදී...


" යමු මන් රෙඩි..."

දනිස්සෙන් වියතක් විතර උඩට තියෙන ලා රෝස පාට තට්ටු ගවුමක් ඇඳගෙන විළුබට දිග කොන්ඩේ කෑලි පනින්න ගෙඩියක් ගහගෙන ස්කෝලෙ කෙල්ලො ක්ලාස් ගෙනියන සයිඩ් බෑග් එකකුත් එල්ලන් දුවන් ඇවිත් සෙනු ලඟට.

දැන්නම් ස්කෝලෙ පොඩි කෙල්ලෙක් වගේ..

බොනික්කියෝ ඉන්නේ අන්න ඒ වගේ..


" අම්මේ ඉතින් මට සේරම වැඩ දාලා මෙයාව පරිස්සම් කරන්න වෙයි වගේ..."


" ඇයි සෙනු.."

" නැ ඉතින් බෝනික්කෙක් වගේ ඉන්නවනේ ආදි ඔයා."


" හේ හේ .."


" හරි හරි යමු."


දෙන්න පිටත් උනා මහරගම ටිකක් පාස් වෙද්දී තියෙන සේනුගෙ පර්පල් ෆ්ලෝරා එකට.

දැන්නම් ආදි, නිතේෂ්ගෙන් කාපු කම්මුල් පාරේ මාර්ක් එක ගොඩක් අඩුයි.


" ආ... අදනම් වහිනවා හරිද.

මෙන්න අද ආදී ඇවිත් අපිව මතක් වෙලා."

" අනේ මට ඔයාලව අමතක උනේ නෑ.

අනික මන් ගිය සතියෙත් ආවේ අනේ.

මහා නරකයි ඔයාලා."

" හරි හරි ආදී.

ඒක නෙවේ අද අපිට පොඩි බීච් පාර්ටි එකකට ඩේකරේෂන් කරන්න ඕනි.

මොකෝ කියන්නේ යමුද අපි එක්ක."


" යමු යමු."

කෙල්ල කියන්නේ උඩ පැන පැන සතුටට..


" එහෙනම් යමු.

ආදි නගින්න එහෙනම් ලොරියට."


" හරී..

සෙනු ඔයා වාහනේ එන්න මන් ගිම්හාන අයියල එක්ක ලොරියෙ එන්නම්."


" මගේ කෙල්ලව පරිස්සම් අරන් වරෙන් හරිද ගිම්හාන අයියේ."


" හරි හරි බොස්."


කට්ටියම එන්න පිටත් උනේ ගල්කිස්ස බීච් එකට.

ප්‍රපෝසල් එකක් සල්ලිකාර කොල්ලෙක්ගේ.

ගිම්හාන, නෙත්මි, වරුණි, දහම්, සතිෂ් කියන්නේ සෙනු ගාව වැඩ කරන කට්ටිය.

ඒ කාටවත් වැඩි වයසක් නැ.

එයාලා වැඩ කරන තැන කියල නැ විනෝදෙන් හිටිය.

සෙනුට වඩා කට්ටිය ආදී එක්ක එකතුයී.

මොකද සෙනු හොඳ අදීට විතරයි නැත්නම් අනිත් අයට නපුරුයි.


" සෙනු යන් රැල්ල පාගන්න."


" ආ ආ මේ ඉස්සල්ලා මේ වැඩ ටික කරලා ඉමු.

අනික්වා පස්සේ හරිද ආදී."


" ඕකෙ ලොක්කා."


මුහුද දැක්කම කෙල්ලට සිහි නැ.

කෙල්ල ඉන්න ආසම තැනක්නේ මුහුද කියන්නේ.

ඒත් ඉතින් එයාලා ආව වැඩේ කරලා ඉන්න ඔනිනේ මුලින්ම.

කට්ටියම එකතු වෙලා ලස්සනට තැන සැරසුවා.


සුදු රෝස, ලිලී මල් එක්ක චාම්ව ඒත් ගොඩක් ලස්සනට එයාලා එතන සැරසුවා.

බීච් එකේ හිටියා හැමෝම මේ දිහා බලාගෙන.

දෙක හමාර වෙද්දී සේරම ලෑස්ති කරලා ඉවරයි.

කපල් එක එන්නේ තුනට.

තව වෙලා තියෙන නිසා සෙනු හැමෝටම කන්න කෑම ඔඩර් කළ.


" මට ඉස්සෝ වඩේ ඕනි සෙනු."


" කමු ඉතින්.

දැන් බත් කන නිසා හවසට කමු හැබැයි.

නැත්නම් උබ දැන් බත් කන්නේ නෑ.

මන් දන්නෙ නැද්ද ඔයාගේ හැටි."


" මහා නරකයි ඔයා."


" මන් නරක උනාට කමක් නැ."


තුන හමාර විතර වෙද්දී ආවා කපල් එක.

කොල්ලා කෙල්ලගේ ඇස් බැදලා.

අදාළ තැනට එක්කන් ගියා.

ඒ දෙන්නගේ යාළුවෝ කට්ටියත් ඇවිත් හිටියා.

කොල්ලො හතකුයි කෙල්ලෝ තුනකුයි.


කොල්ලා කෙල්ලගේ ඇස් බැදලා තිබ්බ රෙදි කෑල්ල ගැලෙව්වා.

සරසලා තියෙනවා දැකලා කෙල්ල ෆුල් හොල්මන්.

මෙන්න මේ වගේ තමා. චාම් එකටනේ වැඩේ කලේ.


ෆ්ලෝරා එකේ වැඩ කරන හැමෝම එකම කීට් එක ඇදන් ඉන්නේ.

ගිම්හාන, නෙත්මි, සතිෂ්,

* Will you marry me*

කියලා තියෙන බෝඩ් ටික ලස්සනට කෙල්ලට පෙන්න තියං ඉන්නවා.

දහම් පැත්තක ඉඳන් ලස්සනට වයලින් එක ප්ලේ කරනවා.

වරුණි සේරම ලස්සනට කැමරාවට ගන්නවා.

ඒ තමා පර්පල් ෆ්ලෝරා එකේ විශේෂත්වය.


මැද්දෙන් ඇඩ් උන ආදී පොඩි එකෙක් වගේ සුදුයි රතුයි බැලුන් බෝල සීයක් විතර අත් දෙකෙන්ම අල්ලන් ඉන්නවා.

ඇදන් ඉන්න ඇදුමයි බැලුන් අල්ලන් ඉන්න විදියයි එක්ක හැමෝම ආදී දිහා බලනවා.

ඉන්න විදියට හීනත් යනවා.

හුරතල් වෙන්න ගියාම අදීටත් ඉතින් තැනක් නොතැනක් නෑනේ.


ඉතින් කපල් එකේ කොල්ලා සරසලා තියෙන තැන කෙල්ල ඉස්සරහ දනගහගෙන කෙල්ලට මුද්ද දික්කරණව.


" Will you marry me dear.."


" Yes. I'LL do it."

ඒ කෙල්ලට ඇඩෙනවා සතුටට.

කදුළු පිහද පිහද අත දෙනවා කොල්ලාට.

මුද්ද දැම්මාම දෙන්නම හග් කලා.


සෙනු ලස්සන කේක් එකක් අරන් ආවා.

එකත් කැපුවා කපල් එක.


වෙන කේටරින් එකකින් ඕන කරන කෑම බිම ගෙනත් තිබ්බා.

ඒ සංග්‍රහ සේරම ඉවර වෙද්දී හවස පහත් පහුවෙලා.


" සර් මේක අපේ පර්පල් ෆ්ලෝරා එකෙන් අලුත් කපල් එකට පොඩි ප්‍රසන්ට් එකක්."

සෙනු ගිහින් කපල් එකගේ අතින් තිබ්බේ ටිකකට කලින් ආදි රැපින් කරපු ගීෆ්ට් එක.


ඒ දෙන්නා තැන්ක්ස් කරලා එක ගත්තා.

කපල් එකේ කෙල්ල කවරේ කඩලා බලලා ගොඩක් සතුටු උනා.

එකේ තිබ්බේ කපල් එකකගේ පෙන්සිල් අර්ට් එකක්.


" Mrs. සෙනුෂා ඇත්තටම ඔයාලා අපි බලාපොරොත්තු උනාටත් වඩා හොදට මේ වැඩේ කරලා තිබ්බා.

ඒකට තැන්ක්ස් ගොඩක්.

මන් ඔයාගේ ගාන සේරම බැන්ක් එකට දාලා තියෙන්නේ."


" තැන්ක්ස් සර් ඇන්ඩ් මිස්."


" යූවර් වෙල්කම් මිස්."


සෙනු එතන වැඩ ගැන බලද්දි ආදී එයටත් හොරෙන් ගිහින් තනියම රැල්ල පාගනවා.

" හායි ඩියර්."

" හායී.."

කෙල්ල කවුද බල්නනේවත් නැතුව හායි කියලා ඉවරයි.

" මන් ආකෙන්."


" ඕ... මන් ආදී."

දැන් තමා කෙල්ල ඒ මනුස්සයාගේ මුන බැලුවේ.

තලෙළු උස හැන්ඩි කොල්ලෙක්.


" ඔයා අර අතන හිටියා නේ."

ඇහිල්ලකුත් දික් කරලා අහනවා.


" ඔව් ඔව් මතකයි නෙ.

ඒ මගේ අයියා..."


" ආ...."


" ආදී..."

සෙනු මේක දැකලා කෑ ගැහුවා.

සෙනු දන්නවා තමන්ගේ යාලුවට මනුස්සයෙක් එක්ක කතා කරන්න එයාව අදුණන්නම ඕනි නෑ කියලා.


" ඕ... කියන්න සෙනු."


" යන් අරහෙට.

කාගෙන් අහලද අනික තනියම රැල්ල පාගන්න ආවේ."


" අනේ සෙනු තව ටිකයි.

ඔය වැඩ ඉවර වෙද්දී හවස් වෙනව.

රැල්ල පගල සෙම හැදෙයි කියල ඔයා රැල්ල පාගන්න දෙන්නේ නැනේ.

ඒකයි ආවේ.

අනේ තව ටිකයි."


මූනත් පුලුටු කරන් කියද්දී අකෙන්ට හිනා ගියා.

සෙනු අහු වෙන්නේ නෑ ඔය කෝලම් වලට.


" මන් දැන් මොකද්ද කිව්වේ."


" හරි හරි මන් යන්නම්.

ඔයා මහා නරකයි සෙනු."


" මන්නෙ නරක.

එකට කමක් නැ අරහෙට යන්න."


" මිස් සෙනූෂා මන් නිසානම් එයට යන්න කියන්නේ මන් මෙතනින් යන්නම් එයට ඉන්න දෙන්න."


" නැ මිස්ටර් දැන් හවස් වෙල ලෙඩ උනොත් එහෙම.

කියන දෙයක් අහන්නේ නෑනේ මෙය."

එහෙම කිව්වට ඇත්තටම සෙනු අකෙන් නිසා තමා ආදීව එක්කන් යන්න ආවේ.

ආකෙන්ට එක තේරුණා හොඳටම.


" මන් නරකයිනේ කොහොමත්."

ආදී එහෙම කියලා දිව්වා රැල්ල එන පැත්තට.

එතකොටම ආව ලොකු රැල්ලට කෙල්ලව සම්පුර්නෙන් නෑවිලා ගියා විතරක් නෙවේ බැලන්ස් එක නැතුව වෙරලේම වැටුණ.


හැබැයි වැටුණ විදියට ආකේන්ට සෙනුට විතරක් නෙවේ එහා ඉඳන් නේ දිහා බලන් හිටිය හැමෝටම හිනා ගියා.

තාම කෙල්ල වැටුණ විදියටම ඉඳන් උනේ මොකද්ද කියලා බලන් ඉන්නවා.

අාකෙන් ඉක්මනට ගිහින් කෙල්ලව හිට්ටල එයාගේ ශර්ට් එක ගලවලා කෙල්ලට ඇන්දුව.


" හොඳ වැඩේ මන් කියපු දේ ඇහුවේ නැති එකට."


" අනේ සෙනු.."


" මගේ වාහනේ ඇති ටවල් එකක්. එකෙන් ඔලුව පිහදා ගන්න යන්.

ඔයා එනවා කිව්ව නිසාම මන් අරන් ආවා හැටි දන්න නිසා."


" හොඳ සෙනු මගේ."


" හා හා බටර් ඕනි නෑ.

මිස්ටර් අාකෙන් ඔයාට ගොඩක් ස්තුති උදව් කළාට."


" ඒක මොකද්ද."


" තැන්ක්ස් ආකෙන් අයියේ."


කෙල්ල අාකෙන්ට අත වන වන කියල සෙනු එක්ක ගියා.

මේ අමුතු කෝළම දිහා හැමෝගෙම අවදානේ තිබ්බේ.

හැමෝගෙම කියන්නේ හැමෝගෙම..



____🖤____


කතාව ගැන අදහස් කියන්න කමෙන්ට් කරන්න 🙃😊





Report Page