Miss. Anonymous - 8
Sachy Collins
"ශෙලී.."
"අම්මෙ ?"
"මැරේජ් ලයිෆ් එක අවුලක් නෑ නේද. ඔයාලා දෙන්නා සතුටින් නේද ඉන්නෙ ?"
ලිලී ප්‍රශ්න කරද්දි මිශෙල් කරාමය විවෘත කර අත තිබූ වීදුරු කෝප්ප කිහිපය සෝදන්නට පටන් ගත්තාය. ලිලී තමා ගැන ඕනෑවට වඩා වද වෙන බව දන්න නිසා මිශෙල් තිවේන් ලඟට ගිය පසුත් සතියකට වතාවක් වත් ඈව බලන්නට නිවසට පැමිණෙන්නට පුරුදු වුණාය.
"එහෙම අවුලක් නෑ අම්මේ. හැමදෙයක්ම හොඳින්."
"තිවේන් ඔයාට ඇත්තටම ආදරෙයි නේද ?"
ලිලී ඇසූ ප්‍රශ්නය හමුවේ මිශෙල්ගේ දෑත් මොහොතකට නතර විය. මුළු මුළුතැන්ගෙයටම ශබ්දයකට ඉතිරි වුනේ සින්කය තුලට කරාමයෙන් වැටෙන වතුර පහරේ ශබ්දය පමණි.
"අපි ඔයාව එයාට බාර දුන්නෙ අපිටත් වඩා ඔයාට ආදරේ කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයා එයාගෙ ජීවිතේ වටිනම කෙනා කියලා."
තිවේන් අද වෙනතුරු ඈට වචනෙන් ආදරය ප්‍රකාශ කර නැත. එලෙසම ඈද ඔහුට ඒ බව කියා නැත. සමහර අවස්ථා වල තමා ඔහුට ආදරය කරනවාද කියා වත් ඈට සිතා ගත නොහැක. නමුත් ඔහුගේ ක්‍රියාවෙන් හා වචන වලින් ඔහු තමාට ආදරේ නොකරන බව ඈ කිවහොත් එය නිසැකවම බොරුවක් වනු ඇත..
❝ ඔයාගෙ ඔය සයිලන්ස් එක.. මට ඒක සද්දෙයි මිශෙල්.. මට හැමවෙලේම ඕනි උනා ඔයාගෙ ඒ සයිලන්ස් එක කඩන්න විදිහක් හොයන්න ❞
❝ මම නැති ටිකට තමුසෙ තවත් ලස්සන වෙලා ❞
❝ මට අයිති දේවල් ගැන වෙන කෙනෙක්ගෙ හිතේ තියෙන්න බෑ ❞
❝ My little strawberry ❞
තිවේන් සමඟ පළමුව කතා කල දින සිට ඔහු ඈට අද වනතුරු නරක වචනෙන් හෝ හිත රිදෙන වචනයකින් කතා කර නොමැත. ඔහු කවියෙකු සේ තමාව වචනෙන් වර්ණනා කරන්න දක්ෂයෙක් බව ඈ දනී. ඉතින් එය ආදරය පෙන්වන තව ක්‍රමයක් නොවේද යන්න ඇගේ සිතේ ප්‍රශ්නාර්ථයක්ව ඉතුරු වී ඇත..
"ඔව්.. එදා ඉඳන් අද වෙනකම් එයා මට හොද හස්බන්ඩ් කෙනෙක් උනා."
"එහෙනම් කමක් නෑ. මම ඔයාව සදහටම වෙන කෙනෙකුට දුන්නට පස්සෙ ගොඩක් දුකෙන් හිටියේ. එතනත් ඔයාට සතුටක් නැත්නම් මම මීට වඩා දුක් වෙන්න තිබ්බා ශෙලී. මොකද ඔයාව අපිට අපේ දුව විදිහට හම්බ වෙලා තාම අවුරුදු දහයයි. අම්මෙක් හැටියට දුවෙක්ව අවුරුදු දහයක් නෙවෙයි අවුරුදු සීයක් ලඟ තියා ගත්තත් මට මදි කියලා හිතෙන්නේ."
"ඔව් ඒක හරි."
මිශෙල් වීදුරු කෝප්ප සියල්ල සෝදා බන්දේසියක් මතින් තබා මවගේ පැත්තට හැරුණාය..
"ඒත්.. අම්මා කාටවත් ඇහෙන්න කියන්න එපා ඔය අවුරුදු දහයෙ කතාව. ඒක අපි තුන් දෙනා අතර විතරක් තිබ්බම ඇති."
ඈ හඬ බාල කරමින් ලිලීගේ දෙස බලා එසේ කිව්වේ මේ ගැන ඔවුන් තුන් දෙනා හැරෙන්නට මේ නිවසේ වැඩ කරන සේවකයෙකු හෝ දැන ගතහොත් නිම නොවෙන ප්‍රශ්නයක් නිර්මාණය වෙන නිසායි. මීට අවුරුදු දහයකට පෙර සිදු වූ සිදුවීම් හා අද මේ මොහොත දක්වා එකට බැඳී ඇත්තේ යකඩ දම්වැලක ශක්තිමත් පුරුක් මෙන්ය. ඉතින් කවුරුන් හෝ මෙය දැනගත හොත් ඒ දිගු යකඩ දම්වැල අවසානය වෙන තෙක් පරීක්ෂා කරන්නට සිදු වනු ඇත. එයින් ඔවුන් තිදෙනා නොව බහුතරයක් අය අවධානමකට වැටෙන බව නිසැකය.
"හරි මම ඒක ආයෙ කියන්නෙ නෑ ශෙලී. ඔයා දන්නවනේ මම ප්‍රෙශර් උනාම අතීත සිද්ධි මතක් කර කර කියවනවා කියලා."
"I know.. ඒ ගැන වචනයක් වත් නොකියන තරමට අම්මටයි මටයි තාත්තටයි තුන් දෙනාටම හොඳයි."
ඈ මවගේ දෙසට තවත් ලං වූයේ රහසක් කියන්නට මෙන්ය..
"ඒ වගේම මතක තියාගන්න. කොහෙ ගියත් අපි යන තැන් වල තියෙන බිත්ති වලට කන් තියෙනවා කියලා. මොකද ඒ බිත්ති වලට තෘප්තියක් ලැබෙන්නෙ තව කෙනෙක්ගෙ රහස් එළි කරනකොට."
"හ්ම්ම්.. මං ආයෙ කියන්නෙ නෑ ශෙලී."
මිශෙල් කෙටි සිනහවක් පාමින් කෝපි ඇට තිබූ විදුරු බෝතලය අතට ගත්තේ ඒවා කුඩු කර සියල්ලන්ටම කෝපි වත් කිරීමටය. ඒ අතරතුරේ ඇගේ පියා තිවේන් සමඟ කතාබහක සිටියේය.
"මට තාත්තාගෙන් අහන්න දෙයක් තියෙනවා."
"මොකක්ද පුතා ?"
"ශෙලී ඔයාලව බලන්න හැම වෙලේම වගේ මෙහෙ එනවා නේද ?"
තිවේන් මෙවැනි ප්‍රශ්නයක් අසන බව මුල සිටම දැනගෙන සිටි නිසා මිශෙල් නිවසට ආ විගස තමාටත් ලිලීටත් රහසින් එවන් දෙයක් කියූ බව දැන් මිහිත්ට වැටහී ගියේය. එනිසා තිවේන් ඉදිරියේ වෙනසක් නොපෙන්වූ ඔහු කලින් මිශෙල් කියූ පරිදි පිළිතුරු දුන්නේය.
"ලිලී ඕනෑවට වඩා ශෙලී ගැන වද වෙනවා. ශෙලී මැරි කරලා ඔයා එක්ක අලුත් ගෙදරකට ගියපු දවසෙ ඉඳන් එයා අඬනවා. මොකද එයා අපිට ඉන්න එකම දරුවා. ඉතින් ශෙලීටත් එයා එහෙම දුක් වෙනවා බලන් ඉන්න බැරි නිසා පුළුවන් හැම වෙලාවකම එයාව බලන්න එනවා."
"එහෙමද.. මම ශෙලී ගැන මේ ටිකේ ටිකක් හොයනවා තාත්තෙ. මොකද මං එක්ක තරහා මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඒ වගේම ශෙලීගෙ ජොබ් එක නිසා එයා එක්ක තරහා මිනිස්සුත් ඉන්නවා. ඩිපාර්ට්මන්ට් එකේ කාට සල්ලි දීලා කට වැහුවත් කාව නම්මගත්තත් ශෙලී ඒවට යටත් වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් එයා අවධානමක ඉන්න නිසා මම එයාව පරිස්සම් කරන්න ඕනි එයාගෙ හස්බන්ඩ් හැටියට."
"මට තේරෙනවා පුතාව. හස්බන්ඩ් උනාම තමන්ගෙ වයිෆ්ව පරිස්සම් කරන එක වගකීමක්. අනික පුතාට ප්‍රශ්නයක් නෑනෙ ආරක්ෂාව අතින් වත් බලය අතින් වත්. මම ඒකයි ශෙලීව පුතාටම බාර දුන්නෙ."
"ඔව්.. ශෙලීට මං ලඟ ඇරෙන්න වෙන කවුරුවත් ලඟ ආරක්ෂාවක් නෑ තාත්තෙ. මම ඒක හොඳටම දන්නවා."
ඔවුන් දෙදෙනාගේ කතා බහ මොහොතකට නතර වූයේ මිශෙල් කෝපි කෝප්ප දෙකක් රැගෙන ආලින්දයට ආ නිසායි. සෝෆා තුනකට මැදි වූ මේසය මතින් ඈ බන්දේසිය තබා යලිත් මුළුතැන්ගෙයට ගියාය.
පැයක් පමණ ගෙවී ගියේ සියල්ලන්ටම නොදැනිය. මවත් එක්ක කතාවක සිටි මිශෙල් යලිත් ආලින්දයට ගියේ හිස් වූ කෝපි කෝප්ප යලිත් රැගෙන එන්නට අමතක වූ නිසායි. නමුත් ඈ යද්දී තිවේන් වත් ඇගේ පියාවත් ආලින්දයේ සිටියේ නැත. සමහර විට ඔවුන් නිවසෙන් පිටතට ගොස් ඇතැයි කියා සිතූ ඈ හිස් වූ කෝප්ප රැගෙන යලි මුළුතැන්ගෙට ගියාය.
"ශෙලී.. ඔයයි තිවේනුයි ආසම දේවල් අද ලන්ච් එකට හදමු. ඔයාට Broccoli, Cauliflower, Carrot, Cabbage දාලා කරි එකක් හදමු. ඔයා ඒවට ආසයිනේ. ඒත් තිවේන් මොනවටද ආස. එයා වීගන් කෙනෙක් නෙවෙයිනෙ නේද ?"
"නෑ එයා ඕනිම දෙයක් කනවා. එයා ගොඩක් ආසයි ක්‍රීමි ගාර්ලික් චිකන් වලට."
"එහෙනම් එහෙම හදමු. එතකොට ඩෙසර්ට් එකට මොනවද හදන්නෙ ?"
"ඒ ගැන නම් මට අයිඩියා එකක් නෑ. මම ගිහින් එයාගෙන් අහලා එන්නම්."
එසේ කියූ ඈ යලිත් වතාවක් ආලින්දයට ගියේ ඔවුන් නිවස තුලට ඇවිත් ඇතැයි කියා සිතාගෙනය. නමුත් ඔවුන් තවමත් එතන පෙනෙන්නට නැත. ඈ නිවසෙන් පිටතට ගියාය. එවිට ඈ දුටුවේ ඇගේ පියා හදිසියේ ආ ආගන්තුකයෙකු සමඟ කතා කරන ආකාරයයි. ඉතින් ආරක්ෂකයින් ඇරෙන්නට ඔහු පෙනෙන්නට නැති නිසා ඈ යලිත් නිවස තුලට ගියාය. නමුත් ඈට වැඩි දුරක් යන්නට ලැබුණේ නැත..
"......"
කවුරුන් හෝ ඇගේ අතින් අදිද්දී ඈව කාමරයක් තුලට විසි වී බිත්තියකට තද විය. එසැනින් ඔහුගේ පපුව ඇගේ පියයුරු වලට තද වුණේ ඔහු දොරේ ඉහල තිබූ අගුල දැමූ නිසායි.
"My little strawberry.. ගෙදරින් එන්න කලින් මට දෙයක් කරන්න අමතක උනා මම හිතන්නෙ."
ඈට වචනයක් වත් කියන්නට ඉඩ නොදී ඔහු ඇගේ රතු පැහැ දෙතොල් තදින් සිප ගන්නට පටන් ගත්තේය. ඔහු කරන දේ ගැන ඈට කිසිම අදහසක් නැත. එනමුත් විටින් විට ඔහුගේ දසන් වලට තද වූ ඇගේ දෙතොල් රිදුම් කන්නට පටන් ගත්තේය..
ඇගේ ඉන දෙපසින් තද වී තිබූ ඒ රළු දෑත් සෙමෙන් ඇගේ සිරුර දිගේ ගමන් කලේ නොසන්සුන් අයුරිනි. එලෙසම ඇගේ ඇඟිලි තුඩු නැවතුණේ ඔහුගේ උරහිස් දෙපසය. ටික වෙලාවක් ගිය පසු ඈ ඔහුගේ දෙතොල් මත අතක් තැබුවේ හුස්ම ගැනීමට අපහසුවක් දැනුණු නිසායි.
"ලන්ච් එකට කලින් මම ඩෙසර්ට් එක ගත්තා."
ඔහු ඇගේ යටි තොල දිගේ මහපටැඟිල්ල අදිද්දී ඇගේ දෙතොල් වල තිබූ රතු පැහැ ලිප්ස්ටික් ඔහුගේ ඇඟිල්ල මත තැවරුණි.
"Your lips and the whole body are my dessert. So I don't want any dessert other than you."
ඈ ඔහු සොයාගෙන ආ කාරණාව අවසානයේ ඔහු විසින්ම කියා දැමුවේය. ඔහු කතා කල අයුරින් ඈට තේරුම් ගියේ ඔහු තමාත් මවත් කතා කරන දේ ගැන සෙවිල්ලෙන් සිටින බවය.
"මට යන්න දෙන්න."
ඈ ඔහුගේ පුළුල් පපුවට දෑත් තබා තල්ලු කරන්නට උත්සාහ කලේ ඈ අසන්නට ආ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන් නිසායි. නමුත් ශක්තිමත් ඔහුව තල්ලු කිරීම ඈට එදා සිටම කල නොහැකි දෙයකි.
"මතකයිනේ. මම තමුසෙව මැරි කලේ එහෙම හිතෙන හිතෙන වෙලාවට මගෙන් ඈත් වෙලා යන්න ඉඩ දෙන්න නෙවෙයි."
යලිත් වරක් ඔහු ඇගේ දෙතොල් පෙති තමා සතු කරගත්තේය. නමුත් ඈ පෙර පරිදිම ඔහුගේ දෙතොල් වලට තම අත තබා එය නැවැත්වුවාය.
"එහෙම කියලා නෙවෙයිද ඔයා අපේ මැරේජ් සෙටිෆිකට් එකේ රූල්ස් කැඩුවෙ ?"
"හ්ම්ම්.. රූල්ස් ?"
ඔහු ඇගේ ගෙල මත දෙතොල් තද කරද්දී, ඒ කොළ පැහැ දෑස් මොහොතකට පිය වුණි..
"තමුසෙ ඉස්සරහා කොහොමද මම රූල්ස් නොකඩා ඉන්නෙ."
"පුළුවන් නම් මට කියලා දෙනවා ශෙලී. තමුසෙ ඉස්සරහා මම කොහොමද මගෙ ෆීලින්ග්ස් හංගගෙන ඉන්නේ. තමුසෙ අයිස් කියුබ් එකක් උනාට මම එහෙම එකක් නෙවෙයි."
ඔහුගේ දෙතොල් ඇගේ ගෙල දිගේ කන පිටුපසට ගමන් කරද්දි ඈ ඔහුගේ කළු පැහැ කමිසය මිරිකා ගත්තාය. සෑම විටම ඈ තමාගේ හැඟීම් නොපෙන්වන්නට කොපමණ උත්සාහ කලත් ඔහු ඉදිරියේ එය අසාර්ථක උත්සහයක් පමණක්ම විය..
"යන්න ගිහින් අම්මා එක්ක කතා කරන්න. එයා ඔයා ගැන ගොඩක් වද වෙනවා."
ඔහු ඇගේ කම්මුලක සිප ගැන්මක් තවරා දොරේ අගුල පන්නා දැමුවේය. කාලගුණය මෙන් වෙනස් වන ඔහුගේ මේ හැසිරීම් හමුවේ ඇය වියවුල් වී සිටියාය. තත්පර කීපයක් ඔහු දෙස බලාගෙන කල්පනාවක සිටි ඇය කාමරයෙන් ගියේ ඇගේ ඒ මිහිරි සුවඳ ලඟ ඔහුව තනිව අතරමං කර දමාය.
........
සවස හය හමාර පසු වී පරිසරය කෙමෙන් අඳුරු වූයේ කඳු පංති අතරින් හිරු, ගිනි බෝලයක් මෙන් සැඟවී ගිය නිසායි. ඈත ගස් අතු පතරින් පෙනෙන ඒන්ජල් විල අවට නිවෙස් හා හෝටල් වල ඇති විවිධ වර්ණයේ විදුලි පහන් එළි දෙස බලමින් මිශෙල් රතු මෝටර් රථයෙන් බැස්සේ බංගලාවට යන අඩි පාර ඉදිරියෙන් ය.
තමා මේ ගෙවන ජීවිතයේ තේරුම කුමක්ද. ඇය මදක් නැවතී කල්පනා කලාය. සමහර විට එදා එවන් දෙයක් සිදු නොවුනා නම් අද ඇය අනෙක් ගැහැණු ළමයින් මෙන් සාමාන්‍ය අයෙක් වෙන්නට ඉඩ තිබුණි. එලෙසම ඈ අද කරන රැකියාවද, නිහඬව ගෙවන මේ ජීවිතයද වෙනස් වෙන්නට ඉඩ කඩ තිබුණි.
'මගේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද' යන ප්‍රශ්නය ගැටවර වියේ සිට ඇගේ මනස තුල තිබුණි. නමුත් අද වන විට ඇගේ සිතේ එදා මෙන් බලාපොරොත්තු නොමැත. කාටවත් කියවිය නොහැකි ඇගේ සිත සම්පූර්ණයෙන්ම හිස්ව ගොසින් ය. ඈ හුදෙක්ම ජීවත් වන්නේ තමාට ඉතුරු වී ඇති අරමුණු කීපයක් සාර්ථක කර ගැනීමට පමණි.
නමුත් ඒ අරමුණු සාර්ථක කරගන්නට කලින් තිවේන් ඇගේ ජීවිතයට හරස් වුණොත් ඒ සියල්ල වතුරේ ගියාක් හා සමාන වනු ඇත. ඈ ඔහු කල යෝජනාවට කැමති වී ඔහු සමඟ විවාහ උනේ තමාට ඔහු සමඟ සමීප සම්බන්ධයක් පටන් ගැන්ම වාසියක් වන නිසාය. ඇය ඔහුට ආදරය කලේ නැත. ඇයට මේ විවාහය සම්පූර්ණයෙන්ම කොළයක යෙදූ අත්සන් දෙකක් පමණක්ම විය. නමුත් මේ වන විට ඔහු ඉදිරියේ ඇගේ සිත සෙමෙන් වෙනස් වෙන්නට පටන් ගෙන ඇත. ඇය කෙතරම් උත්සාහ කලත් ඇයට එය නවත්වා ගත නොහැකි විය.
❝ My little strawberry ❞
❝ මම තමුසෙව මැරි කලේ එහෙම හිතෙන හිතෙන වෙලාවට මගෙන් ඈත් වෙලා යන්න ඉඩ දෙන්න නෙවෙයි ❞
ඇය මෝටර් රථයේ දොර වසා බංගලාව දෙසට ඇවිදගෙන යද්දි, ඇගේ මනස තුලින් ඔහුගේ කටහඬ ඇහෙන්නට පටන් ගත්තේ ය. අදටත් දෙදෙනාම වචනයෙන් ආදරය ප්‍රකාශ නොකලත් ඔහුගේ වචන වලින් හා ක්‍රියාවෙන් ඔහු තමාට ආදරය කරන බව ඈට මේ වන විටත් දැනී තිබුණි. ඔහු මාස ගණනාවක් විදේශ ගත වී සිටින විට දිනකට වරක් හෝ ඈට කෙටි පණිවිඩ එවා අසා තිබුණේ තමා හොඳින් සිටිනවාද යන්නයි. නමුත් ඒවාට ඈ පිළිතුරු දුන්නේ අකුරු දෙකකින් පමණයි. ඒ හමුවේ ඔහුට දැනෙන දේ ගැන ඈට වගක් නොවීය.
දැන් මේවා අමතක කල යුතුය. එලෙසම තමා මෙතෙනට ආ අරමුණ කෙරෙහි අවධානය යොමු කල යුතුය. එසේ සිතූ ඈ දිගු හුස්මක් ගෙන බංගලාවේ දොර විවෘත කලාය. එදා මෙන්ම අදත් කවින් ආලින්දය මැද පුටුවේ විඩාවට පත්ව වැටී සිටියේය.
"තමුන්ට තව එක දවසක් තියෙනවා. හැබැයි අද තමුන්ගෙ නංගිගෙ අවසාන දවස."
ඈ කවින් ඉදිරියට ගොස් නවතිද්දි ඔහු ඇගේ දෙස හිස ඔසවා බැලුවේය. ඔහුගේ මුහුණේ රැඳී තිබුණ ඒ විඩාපත් බව ඇගේ සතුට තවත් වැඩි කලේය. නමුත් ඒ හා සමානව ඔහු වැනි අපරාධකරුවන් දකින විගස ඇගේ ශරීරයම ගින්නකින් දැවෙන්නාක් මෙන් දැනෙන්නේය.
"ඇයි දැන්ම ඔය වගේ මූණක් හදා ගන්නේ. මම කිව්වෙ තමුන්ට තව දවසක් තියෙනවා කියලනේ."
"තමුසෙ කරපු වරදට මෙහෙම දඬුවමක් දීලා මදි කවින්. මම සැටිස්ෆයි නෑ තවම. ඒ නිසා රෙඩි වෙලා ඉන්නවා තව වේදනා විඳින්න."
ඈ එසේ කියමින් ගියේ පඩිපෙළ අසලටයි. එදා මෙන්ම අදත් ඔහුට ඇගේ අඩි උස යුගලය ලී පඩ් වල ගැටෙන හඬ ඇසෙද්දී ඔහු දෑස් වසා ගත්තේ මීලඟට තමාට ඇසෙන්නේ රිහාෂාගේ කෑගැසිල්ල බව දන්නා නිසායි.
මිශෙල් රිහාෂා බැඳ සිටි කාමරයට ගොස් එහි විදුලි පහන් පත්තු කලාය. එ සැනින් රිහාෂා හිස ඔසවා බැලුවේ ඈ දෙසය. පෙර දිනයක ඈ රිහාෂාගේ දකුණතේ කල තුවාලය දැන් නරක අතට හැරී ඇති බව ඈට තේරුණේ එහි පැහැය තද පැහැයකට හැරී ඇති බව දුටු විටය.
"ඔයා.. මගෙ.. අයියව.. මැරුවද.."
රිහාෂා ප්‍රශ්න කරද්දි මිශෙල් නිහඬව තමා ලඟ තිබූ කළු පැහැ පිස්තෝලය අතට ගත්තාය.
"තවම නෑ."
"මම දන්නවා.. මිශෙල්.. අපේ අයියා.. කරපු දෙයින්.. දෙන්නෙක්ම.. මැරුණා.. ඔයාටත් ඒ වේදනාව.. දැනෙනවා ඇති.. කාටත් වඩා.. ඒත්.. ඒකට විසඳුම.. මේක නෙවෙයි.."
"වග කියන්න ඕනි කෙනා මැරුණා කියලා ඒ මතක මැරෙන්නෙ නෑ. කරන්න තියෙන හොඳම දේ ඒ වේදනාත්මක මතක වලට සතුටක් එකතු කරන එක."
එසේ කියූ මිශෙල් රිහාෂාගේ හිස දෙසට පිස්තෝලය එල්ල කලේ රිහාෂාගේ දෑස් විසල් වෙද්දියි. මෙවන් මිනිසුන්ට අනුකම්පාවෙන් බිඳක් වත් වෙන් කරන්නට ඇගේ සිතේ අදහසක් දැන් ඉතිරිව නැත.
"මම සතුටු වෙන්නෙ මම අවුරුදු ගාණක් විඳවන්න හේතු උන මිනිස්සු මගෙ ඇස් ඉස්සරහා විඳවනවා දකිනකොට."
"So.. just die."
ආලින්දයේ දෑස් තද කරන් සිටි කවින්ට එකවරම ඇසුනේ වෙඩි හඬවල් කිහිපයකි. ක්ෂණිකව ඔහු හිස ඔසවා බැලුවේ තමා ඉදිරියේ තිබූ තිරය දෙසය. දුටු දසුනින් ඔහුගේ දෑස් වලට කඳුළු පිරෙන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
රිහාෂාගේ දෑස් හා නළලත පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩ නිසා ඈ ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන තිබුණි. ඇගේ මුහුණේ සැදී ඇති ඒ සිදුරු හතරින් ගලාගෙන ආ ලේ ඒ මුහුණ වසා ගෙන ය. ඒ දෙස බැලීමට සිතන්නටවත් ඔහුට නොහැකිය. එනිසා ඔහු හිස බිමට හරවා ගත්තේය. තත්පර කීපයකට පසුව යලිත් මිශෙල්ගේ අඩි උස යුගලයේ ශබ්දය ආලින්දය පුරා දෝංකාර දුන්නේය..
"ඔයාට පේනවනේ කවින්.. මම නන්නාඳුනන මිනිස්සු නෙවෙයි මරන්නෙ. මම මරලා දාන්නෙ මතක. කවදාවත් මගෙ හිතින් මැකෙන්නෙ නැති මතක."
ඈ ඔහු ඉදිරියට විත් සිට ගත්තාය. ඔහුගේ දෑස් තවමත් බිම බලාගෙන ය. තවත් ඉවසිය නොහැකි නිසා ඇය තම අත තිබූ වීදුරු ජෝගුවේ තිබූ උණු වතුර ඔහුගේ මුහුණටත් ඇඟටත් වදින පරිදි විසි කලාය. එයින් දැනුණ වේදනාවට ඔහු හිස ඔසවන්නට තත්පරයක් ගත වූයේ නැත.
"Aghhhh."
ඔහුට මේ දුන් දඬුවම හමුවේත් ඇගේ සිත සෑහීමකට පත් නොවීය. මේ සියල්ලටම හේතුව දන්නේ වේදනාවෙන් ජීවත් වෙන ඈ පමණි.
"ගෑනු පලි ගන්න පටන් ගත්තම පිරිමි පලි ගන්නවට වඩා අන්තයි. තමුසෙ ලබන ආත්මෙවත් ඒක මතක තියාගෙන ජීවත් වෙනවා."
........................................................... 🖤 ...
ඒක නෙවෙයි ළමයි. මොකක්ද අර ශෙලීයි එයාගෙ අම්මයි කතා උන අවුරුදු 10 යෙ කතාව. කමෙන්ට් එකක් දාන්න බලන්න ❔
තිවේන්ගෙ ඩෙසර්ට් එක ශෙලී කියන්නේ 😋
Sachy Collins