Miss. Anonymous - 7

Miss. Anonymous - 7

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"ආහ්.."


සඳලුතලයේ කළු පැහැ අත්වැට අතරින් ඈට පෙනුනේ ආරක්ෂකයින් පස් දෙනෙක් පමණ ගැහැණු ළමයෙකු ඔසවාගෙන විත් බිමට දැමූ ආකාරයයි. සුදු පැහැ කෙසඟ ශරීරයක් ඇති ඇගේ දෙදන දක්වා දිගු කඩා හැලෙන කොණ්ඩයත් තද වෙන පරිදි ඇගේ මුවේ කළු පැහැ රෙදි පටියක් බැඳ තිබුණි. ඈව බිමට දැමු ආකාරය නිසා ඇගේ සුදු පැහැ දෙදණ සීරී ගොස් රතු ලේ මතු වෙන්නට විය.


"සර් මේ ඉන්නෙ අරකගෙ දුව. තව ටිකකින් සර්ට වෙඩි තිබ්බ වෙලේ ගන් එක අතේ තිබ්බ එකාත් මෙතෙන්ට එයි."


මිශෙල් කෝපි කෝප්පය දෙතොල ලඟම තබාගෙන බලා සිටියේ බොත්තම් කීපයක් විවර කල කළු පැහැ කමිසයක් හා කළු පැහැ කලිසමක්ද ඇඳ තිවේන් ආරක්ෂකයින් දෙදෙනෙක් සමඟ ගැහැණු ළමයා ඉදිරියට ගිය අයුරු ය.


"වයිෆ්වයි පුතාවයි හොයාගන්න හම්බුණේ නැද්ද ?"


"නෑ සර්.. උන් තාම ආගිය අතක් නෑ."


තිවේන් සංඥාවක් දුන් පසු එක් ආරක්ෂකයෙකු ඉදිරියට විත් ගැහැණු ළමයාගේ මුවේ තද වී තිබූ කළු පැහැ රෙදි පටිය ඉවත් කලේය. පටියට තද වී තිබූ ඇගේ ලවන් තද රෝස පහැයට හැරී තිබුණි. එලෙසම බිම ඇතිරූ ඉන්ටර්ලොක් ගල් වලට සීරුණු ඇගේ දෙදණද රෝස පැහැයට හැරී ගොස් තිබුණි.


"අනේ ප්ලීස්.. මාව අතාරින්න.. මම ඔයාලට වරදක් කලේ නෑනෙ.."


තමා ඉදිරියේ සිටින පිරිමියා දරුණු පුද්ගලයෙක් බව ඈට විශ්වාස කල නොහැක. හේතුව ඔහුගේ පෙනුම නිසායි. ඈ තිවේන්ව දුටුවේ කතුවරයෙක් විසින් මැවූ නවකතාවක සිටින කඩවසම් පිරිමි රුවක් ලෙසිනි.


"තමුන් වරදක් කරේ නෑ. හැබැයි තමුන්ගෙ තාත්තා කරා."


එසේ කියමින් තිවේන් ඈ අසලට නැවී ඉඳගත්තේය. එවන් ගැඹුරු නිල් පැහැ දිගු දෑස් ඇති, හැඩිදැඩි ශරීරයක් ඇති පිරිමියෙක් ඈ මීට පෙර දැක තිබුණේ නැත. එලෙසම ඔහු වැනි අයෙකුට මෙවන් ස්වරූපයක් නොගැලපෙන බව ඇගේ අදහස විය.


"So.. තමුසෙ මගෙ ටාගට් එකක්."


ඒ ගැහැණු ළමයා පැතූ අනුකම්පාව තිවේන්ගෙන් කිසිසේත්ම නොලැබෙන බව මිශෙල් දනී. හේතුව නම් ඈ ඔහුට පිටු පෑ පුද්ගලයෙකුගේ පවුලේ එක් පුරුකක් නිසාය. කෝපි කෝප්පය යලිත් පීරිසිය මතින් තබා මිශෙල් නිහඬව ඔහු දෙස බලා සිටියාය.


"මම තමුසෙට යන්න දෙන්නම්. හැබැයි එක කන්ඩිෂන් එකක් මත. තමුන් මම අහන දේවල් වලට හරියට උත්තර දෙන්න ඕනි."


"මො..නා..ද.."


ඇගේ හඬ බිඳී ගොස්ය..


"තමුන්ගෙ තාත්තාගෙ බොස් කව්ද ?"


"මම.. එහෙම.. කෙනෙක්.. දන්නෙ නෑ.."


"එතකොට තමුන් කියන්නෙ තමුන්ගෙ තාත්තා කරන ඒවා තමුන් දන්නෙ නෑ කියලද ?"


"මම.. ඇත්තටම.. දන්නෙ නෑ.. සර්.."


"එහෙනම් ඉතින් විඳවන්න ලෑස්ති වෙනවා."


එසේ කියූ ඔහු යුරේන්ටත් ලියන්ගොල්ලටත් සංඥාවක් දුන්නේ ඈව පිටුපස ඇති ගරාජයට ඇදගෙන යන ලෙසය. ඔහුගේ අණ පිලිපැදි ඔවුන් දෙදෙනා ආරක්ෂකයින් සමඟ ඈව පිටුපසට රැගෙන ගියේ සිර කර වැඩි දුර ප්‍රශ්න කිරීමටයි..


මේ සියල්ල නිහඬව බලා සිටි මිශෙල් කෝපි කෝප්පය හිස් කර සුදු පැහැ පුටුවෙන් නැගිට සදලු තලයෙන් කාමරයට ගියාය. මාග්‍රට් ඇතුළු අනෙක් මෙහෙකාරියන් බලා සිටිද්දී ඈ කළු පැහැ බ්ලේසරයක් අතට ගෙන කැඩපත ඉදිරියට ගොස් දෙතොල් වල රතු පැහැය අලුත් කලේ ලිප්ස්ටික් කූරක් මගිනි.


යලිත් එය මේසය මතින් තබා ඈ කාමරයෙන් පිටතට විත් තරප්පුවත් බැස ගොස් මෝටර් රථයේ යතුර අතැතිව නිවසේ ප්‍රධාන පිවිසුමෙන් පිටතට ගියාය. ගැහැණු ළමයා රැගෙන ගිය දෙස බලා සිටි තිවේන් පිටුපස හැරී බැලුවේ ඇසුණු අඩි උස ශබ්දය නිසාය. එවිට ඔහු දුටුවේ මිශෙල් රතු පැහැ අත් පටි ගවුමක් ඇඳ බ්ලේසරයක්ද අතැතිව රථගාල දෙසට යන ආකාරයයි. ඇගේ රතු පැහැ ගවුමේ එක් පසෙක දණ මට්ටමට ඇති විවරයෙන්, පැලඳ සිටි රන් පැහැ පටි අඩි උස යුගලය දිළිසෙනු ඔහුට පෙනුණි..


ශෙලී ඇඳන් ඉන්න Dress එක ❤️


"ශෙලී.."


ඔහු තමාව ආමන්ත්‍රණය කරනු ඇසී මිශෙල් නැවතී ඔහු දෙස බැලුවාය. ඈ නිහඬව බලා සිටිද්දි ඔහු ඈ අසලට ගියේය.


"කොහෙද යන්නෙ ?"


"අම්මයි තාත්තයි බලන්න යනවා."


"මට තමුසෙ එක්ක දෙයක් කතා කරන්න තියෙනවා."


ඇය නිහඬව හිස වැනුවේ කියන්නට ඇති දේ ඔහුට පවසන ලෙසය. ඈ දෙස මද වේලාවක් බලා සිටි ඔහු ඇගේ වමතේ මැණික් කටුවෙන් තදින් අල්ලාගෙන ඈ රැගෙන ගියේ නිවස පිටුපස තිබෙන ඒන්ජල් විලට යා හැකි පඩිපෙළ අසලට ය.


එය පඩි විස්සකින් පමණ යුත් ස්වාභාවික ගල් පඩිපෙළකි. එහි අවසානයේ ඇත්තේ ඒන්ජල් විලේ නොගැඹුරු තැනකි. සමහර දිනවල උදයේ හෝ සවස් යාමයේ ඈ පඩිපෙළේ අවසන් පඩිය මත ඉඳගෙන ඒන්ජල් විලේ නිල් පැහැ වතුර තුල දෙපා රඳවාගෙන සිටින්නේ එහි සිටින කුඩා මාලු පැටවුන් නිසායි.


පඩිපෙළින් වතුරට බැස මීටර් කීපයක් ගිය පසු ඇත්තේ ලී වලින් තැනූ කුඩා විලා එකකි. එහි ඇතුලත ලී මේසයක්ද කුඩා පුටු තුනක්ද තබා ඇත. ඒන්ජල් විලේ මෙවන් දේ තැනීමට එහි අවට සිටින සියල්ලන්ටම අවසර නැත. නමුත් තිවේන් එයට විශේෂ අවසරයක් ගෙන තිබුණි. කෙසේ වුවත් ඒන්ජල් විලේ අනෙක් කෙලවරට සුදු පැහැයට පෙනෙන මේ බංගලාව දකිනා ඕනෑම අයෙකුට පෙනෙන්නේ එහි අද්විතීයත්වය හා සුඛෝපභෝගී බව නොවේ. ඔවුන්ට එයින් පෙනෙන්නේ තිවේන්ට ඇති මුදල් හා අනීතික බලය ගැනය..


"තමුසෙ මේ දවස් වල බලන කේස් එක මට ඇටෑක් කරන ටීම් එක කිව්වා නේද ?"


"ඔව්.. මම ගෙස් කරපු විදිහට ඒ අය තමයි."


ඇය හිස සොලවා එසේ කියද්දි ඔහු බැලුවේ ඇගේ දෑස් දෙසය..


"ඊයෙ පාර්ටි එකේදි තමුසෙට සැක කරන්න පුළුවන් කෙනෙක් හිටියද ?"


"නෑ.."


ඈ සෑම අයෙකුම දිහා පරික්ෂාවෙන් බලන නිසා ඔහු සිතුවේ ඇගේ සිතේ දැනටමත් සුළුවට හෝ සැක සහිත පුද්ගලයෙක් ඇති බවයි. නමුත් මෙවර ඔහුගේ සිතුවිල්ල වැරදිය.


"තමුසෙ අද වෙනකම් උන් ගැන මොනාද හොයා ගත්තෙ ?"


"ඒ ටීම් එකේ පරණම මෙම්බර් කෙනෙක් දැන් Mount Lavinia වල ඉන්නවා. ඒ කෙනාට ක්ලබ් දෙකක් තියෙනවා එහෙ. එකක ඩ්‍රග්ස් සෙල් කරලා දෙපාරක්ම අහු වෙලා තියෙනවා. ඒත් දැන් එහෙ ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා ඒ කෙනා ගැන හොයන්නෙ නෑ."


"Mount Lavinia වල ප්ලේස් එකේ ඇඩ්ඩ්‍රස් එකක් තියෙනවද ?"


"නෑ මම තාම ඒක හොයාගත්තෙ නෑ. අද ඒකට ටීම් එකක් යවනවා මං."


"හ්ම්ම්.. එහෙනම් තමුසෙ මට එක උදව්වක් කරන්න ඕනි. ඒ ගැන හොයා ගත්තට පස්සෙ මට උන්ව කන්ටැක් කරගන්න ඕනි."


"ඔයා හදන්නෙ මේකට මැදිහත් වෙන්න නම්, මම ඒක කරන්නෙ නෑ."


ඈ කිව්වේ තියුණු බැල්මක් සහිතව ය. ඔහු කෝපයෙන් සිටින විට කරන දේ ඔහුම නොදනී. ඉතින් ඔහු මෙවැනි අවස්ථාවක මෙයට මැදිහත් වුවහොත් ඈ සැලසුම් කල සියල්ලම ගඟට කැපූ ඉනි හා සමාන වනු ඇත.


"ශෙලී.."


ඔහු ඇගේ දෙකම්මුල් වලින් අල්ලා ගත්තේය. ඔහුගේ දිගු රළු අතැඟිලි තමාගේ දෙකම්මුල් වසා ගනිද්දි ඈ ඒ දෙස දෑස් හරවා බැලුවාය.


"ඔයා දන්නවනේ මම මේ වෙලාවෙ ඉන්න සිටුවේෂන් එක. මම හිතනවා ඔයා මාව තේරුම් ගනී කියලා."


"But.. ඔයාට මතකයිනෙ අපේ මැරේජ් කන්ට්‍රැක්ට් එකේ තිබ්බ රූල්ස්. අනික මම මගෙ ජොබ් එකට හානි වෙන දෙයක් කරන්න කැමති නෑ."


ඈ එසේ කියද්දි ඔහු ඇගේ මුහුණට ලං වූයේ හුස්ම වදින තරමටය,


"මම අද වෙනකම් ඔයාට තියා ඔයාගෙ ජොබ් එකටවත් හානි වෙන දෙයක් කරලා නෑ කියලා දන්නවනෙ. අනික මම ඔයාලට අහුවෙන්න මුකුත් කරන්නෙ නෑනෙ."


තමාගේ රැකියාවට සම්බන්ධ දේවල් වල තොරතුරු ඔහුට කියමින් සියල්ල පාවා දෙන්නට ඈට හිතක් නැත. එනමුත් ඔහුගේ බිරිඳ ලෙසට ඔහුට උදව් නොකර සිටියද නොහැක. ඉතින් ඇයට මෙය, ගැනීමට අමාරුම තීරණයකි.


"Ok.. හැබැයි ඒ මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ."


"තමුසෙ කියනවා නම් මම උන්ව පණ පිටින් අතාරින්නම්. ඒ උනාට උන් කවදා හරි මැරෙන්න ඕනි මගෙ අතින්ම තමයි."


ඇගේ දෙකම්මුල් වල සිට උරහිස් වලට දෑත් මාරු කල ඔහු එලෙසින් කීවේ ගර්ජනාත්මක හඬිනි. ඔහු කරන්නට යන දේ ගැන ඇයට නිශ්චිත අදහසක් නැත. නමුත් තමාගේ වැඩ වලට බාධාවක් නොවෙන ලෙස ඔහු ඔහුට අවැසි දේ කරන බව ඈට විශ්වාසයක් ඇත.


"Anyways.. මාත් එනවා දැන් තමුසෙ එක්ක යන්න. මැරේජ් එකෙන් පස්සෙ මට තමුසෙගෙ ෆැමිලි එක මීට් වෙන්න බැරි උනානේ රෂියා ගිය නිසා."


"දැන් ?"


"ඇයි තමුසෙ ඇත්තටම යන්නෙ අම්මයි තාත්තයි බලන්න නෙවෙයිද ?"


ඈ ඔහුට වෙනසක් නොපෙන්වා මදක් සිනාසුනාය. පෙනෙන ආකාරයෙන් ඇයට අද දින ඇගේ සැලසුම් සියල්ල වෙනස් කරන්නට සිදු වනු ඇත. ඔහු මෙලෙස තමා සමඟ North woods වලට යන්නට තීරණය කලේ තමා යන එන ගමන් බිමන් ගැන ඔහුට සැකයක් ඇති නිසායි කියා ඇගේ සිත ඈට ක්ෂණිකව කීවාය.


"නැත්නම් මම මොකට යන්නද."


ඈ එසේ කියද්දි ඔහු කිසිවත් නොකියා තියුණු බැල්මකින් ඇගේ දෙස බලා සිටියේය.


"Nevermind.. ගිහින් මගෙ කාර් එකට නගින්න."


එසේ කියූ ඔහු ඇගේ කම්මුලක දෙතොල් තද කර යලිත් නිවස දෙසට ඇවිද ගියේය. ඔහු කුමන තැනක, කුමන තත්වයක සිටියත් තමා යන එන තැන් සහ කරන දේ ගැන සෙවිල්ලෙන් සිටින බව ඈ හොඳින් දනී.


........


"අන්කල්.."


මිශ්කා තම කාර්යාලයේ දොර අසල සිටගෙන තමාට කතා කරනු විජයවර්ධන දුටුවේය..


"Come in daughter.. ඔයා මොනවා හරි හොයා ගත්තද ඔයාගෙ කේස් එක සම්බන්ධව ?"


"ඔව්."


විජයවර්ධන පෙන්වූ පුටුවෙන් ඉඳගත් මිශ්කා ඔහුගේ අතට දුන්නේ ලිය කියවිලි කිහිපයකි. එහි සඳහන් කරුණු දෙස ඔහුගේ අවධානය යොමු වෙද්දි මිශ්කා ඔහුට අනෙකුත් සියල්ල කියන්නට පටන් ගත්තාය.


"ඒ කිලර් නේම් ටැග් එකේ ගහලා තියෙන්නෙ වෙන language එකක් නෙවෙයි. අංකල්ට පේනවද ඒකෙ තියෙන ලෙටර්ස් වල සම්බන්ධයක් ?"


විජයවර්ධන එක් කොළයක සඳහන් වූ ඉංග්‍රීසි අක්ෂර මිශ්‍රිත වචනය දෙස බැලුවේය. එහි සඳහන්ව ඇත්තේ Y!Z#Ɛ1 ලෙසය. බැලූ බැල්මට නොවේ කෙතරම් කල්පනා කලත් එහි තේරුමක් හෝ එයට ගැලපෙන අක්ෂර රටාවක් මිශ්කාට සොයා ගැනීමට නොහැකි විය.


"මේක Encrypted විදිහට ලියලා තියෙන්නෙ. එයා ඇරෙන්න අපි කාටවත් මේකෙ තේරුමක් හොයා ගන්න බෑ ලේසියෙන්."


"කීබෝඩ් එක චෙක් කලාද ?"


"ඔව් මම ගොඩක් ට්‍රයි කලා රටාවක් හොයාගන්න. ඒත් එකක් වත් තේරුමක් තියෙන වචනයක් හැදෙන්නෙ නෑ අන්කල්."


"තව මොනවද හොයා ගත්තෙ ?"


"නෙතුකිගෙ අයියා, නදුන්ගෙ ඇඟේ ගැට ගහලා තිබ්බ නූල Sun කියන බ්‍රෑන්ඩ් එකේ නූල් පන්දුවකින් ගත්තු නූල් කොටසක්. නූලෙ තියෙන්නෙ නදුන්ගෙ ලේ. ඒ වගේම කාඩ් එකෙයි නූලෙයි තිබුනා කිලර් යූස් කරපු ග්ලවුස් වල ඩස්ට් එක. නූල චෙක් කරාම අපිට අඳුනගන්න පුළුවන් උනා ඒ නූල නිශ්පාදනය කරලා තියෙන්නෙ මීට අවුරුදු 5 කටත් කලින් කියලා."


"තව ?"


"එච්චරයි."


"මේ හොයාගෙන තියෙන ටික හොඳයි.. ඒත් දැනටමත් හැමෝම බලාගෙන ඉන්නෙ මේකෙ කිලර් ගැන ටෙන් ප්‍රසන්ට් වත් එවිඩන්ස් එකක් හොයා ගන්නකම්."


ඔහු එසේ කියද්දි මිශ්කා හිස වැනුවේ නිහඬවය. නමුත් ඈට කියන්නට තව දෙයක් ඉතුරු වී තිබුණි..


"අන්කල් අපේ ගෲප් එක කවින්වයි රිහාෂාවයි හොයනවා තාම. ඒන්ජල් ලේක් එකෙන් එහා කඳු වලට සිග්නල් නෑ. ඒ නිසා ඒ පාරෙන් එහාට ඒ අය කොහෙ ගියාද කියලා අපිට හිතාගන්න බෑ. මගෙ ගෙස් එක නම් ඒ අය නෝර්ත් වුඩ්ස් වලට වගේ ගිහින් තියෙනවා. මොකද නෝර්ත් වුඩ්ස් පහු උනාම තියෙන්නෙ පාළු ගමක්."


"ඒත් කිලර් මේ යූස් කරන Sun නූල නිසා අපිට එවිඩන්ස් එකක් ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද කිලර් මෙහෙ ගැන හොඳට දන්න කෙනෙක් හෝ කලින් මෙහෙ හිටපු කෙනෙක් වෙන්න පුළුවන් නිසා. මල්දෙණිය එස්ටේට් එකට නෙතුකියි නදුනුයි දෙන්නගෙ බොඩි දෙක ගෙනත් දාලා තියෙන්නෙ ඒ එස්ටේට් එකේ සත්තු ඉන්නවා කියලා දන්න හින්දා."


"ඉතින් කිලර් මෙහෙ ලඟ කෙනෙක් නම්, මේ සන් නූල් ගන්න, ග්ලවුස් ගන්න ශොප් එකක් තියෙන්න පුළුවන්. වැඩිය බිස්නස් යන්නෙ නැති, පොඩි ශොප් එකක්. මොකද ඒ කිලර් එයා ගැන කිසිම ට්‍රේස් එකක් නැති වෙන්න මේ මර්ඩර්ස් කරනවා කියන්නෙ එයා ගොඩක් ග්ලවුස් පාවිච්චි කරනවා. ස්පෙශලි එයා ඒ අයව මේ විදිහට මරලා දාන තැන තිබ්බ දේකවත් ඩස්ට් එකක් නෑ. සමහර විට එයා ග්ලවුස් ගන්න ශොප් එක අපි හොයා ගත්තොත්......"


"මිශ්කා..."


මිශ්කා තේරුමක් නැති දෙයක් ගැන කතා කරන බව වැටහුණු විජයවර්ධන මේසයට පෑනකින් දෙවතාවක් තට්ටු කලේ ඇගේ නමින් ආමන්ත්‍රණය කරමිනි.


"ඒ කිලර් මෙහෙ ගැන දන්නවා කියන්නෙ එයා මෙහෙ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා අපි කීයක නම් ශොප් වල ග්ලවුස් විකිණුනාද කියලා බලන්න යන්නද. ඒක හරිම ප්‍රාථමික අදහසක්. මොකද ඒ කිලර් එයාගෙ ග්ලවුස් ගන්නෙ දුර පලාතකින් වෙන්න පුළුවන්. නැත්තම් එයාගෙ යාළුවෙක්ගෙ හෙල්ප් එකකින් ස්ටොක් ගන්න පුළුවන්. ටිකක් සංකීර්ණව හිතන්න. මේක එයා කරපු පළවෙනි මර්ඩර් එක. හැබැයි එහෙමයි කියලා එයා අපිට එක එවිඩන්ස් එකක් වත් ඉතුරු කරලා නෑ කියන්නෙ එයා CID ඔෆිසර් කෙනෙක්ගෙ සයිඩ් එකෙන් පවා හිතන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්."


"මේ මර්ඩර් දෙකේම මයික්‍රො එවිඩන්ස් එකක් වත් ඉතුරු කරලා නෑ කියන්නෙ එයා ග්ලවුස් ගන්න තැන ඔයා කොහොම හොයන්නද. මුළු ලංකාව වටේම ශොප් වලින් අහන්නද. මිශ්කා මම ඔයාට මේ වගේ කේසස් බාර දුන්නෙ නැත්තෙ ඔයා තාම මේවට හුරු නැති නිසා. මිශෙල් මේ ටිකේ බිසී නිසා එයාට තව ප්‍රෙශර් එකක් මට දෙන්න බෑ. ඒකයි එයා කියන දේත් අහලා ඔයා ගැන විශ්වාසය තියලා මම මේක දුන්නෙ. ඉතින් චිල්ඩිෂ් විදිහට හිතන්නෙ නැතුව මිශෙල් වගේ කෙනෙක් වෙන්න බලන්න. ඔයාලා දෙන්නම එකම වයසෙ වෙලත් මිශෙල් ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා කියන එක අපේ ඩිපාර්ට්මන්ට් එකට ගෞරවයක් උනත් මට ලැජ්ජාවක්. මොකද ඔයා මගෙ නංගිගෙ දුව. ඔයා මේ පුටුවට කවදා හරි එන්නම ඕනි. ඒ නිසා මීට වඩා මහන්සි වෙන්න. තේරුණාද ?"


ඔහු කියූ දේ හමුවේ මිශ්කාට සිතුනේ සියල්ලන්ටම අන් කාටත් වඩා මිශෙල් විශ්වාසවන්ත බවය. නමුත් එයින් තවත් වැඩි වන්නේ මිශ්කාගේ සිතේ මිශෙල් ගැන ඇති ඊර්ෂ්‍යාව ය. මේ සියල්ලම නිසා වූයේ ඈ සෑම විටෙකම පීඩනයට පත් වීමය.


"හරි අන්කල්.. මම මගෙ උපරිමයෙන්ම උත්සහ කරනවා මේක විසඳන්න. මම ඒක කරලා මිස නවතින්නෙ නෑ. මට ටික කාලයක් දෙන්න. මම මගෙ නම හදා ගන්නවා ඔයා වගේම."


"I'm leaving."


විජයවර්ධන හිස වනද්දී මිශ්කා ඔහුගේ කාර්යාලයෙන් පිටතට ඇවිත් දොර වැසුවාය. එසැනින් ඈ අසලට ඒඩ්‍රියන් ආවේය. මිශ්කාගේ මුහුණ අවුල් වී තිබෙනු දුටු ඔහු ඇගේ මුහුණෙන් ඇල්ලුවේය..


"අහන අහන හැම එක්කෙනාටම ලොකු මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්. එයා විතරද මෙතන හොඳ ඉන්වෙස්ටිගේටර් කෙනෙක් විදිහට ඉන්නෙ. එයාට විතරද කේස් එකක් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් සෝල් කරන්න පුළුවන් ?"


"Don't worry.. ඔයාගෙ මාමට මිශෙල් එච්චර විශ්වාසවන්ත උනේ මිශෙල්ගෙ තාත්තා එයාගෙ යාළුවෙක් නිසා. ඔයා ඒක හොඳටම දන්නවනේ. හැබැයි මිශෙල් ඕනිම කේස් එකක ප්‍රෙශර් එක ඔළුවට අරන් ඒ වෙනුවෙන් පැය 24 ම වැඩ කරන කෙනෙක්. ඉතින් එයා වගේ ඔයත් හාර්ඩ් වර්කින් පටන්ගන්න. මේකට තියෙන එකම විසඳුම මිශෙල්ට ඉරිසියා කරන එක නෙවෙයි."


"I'm not jealous with her."


එසේ කියූ මිශ්කා ඔහුව උරහිසින් තල්ලු කරගෙන එතැනින් පිටව ගියාය. ඈ තරහින් සිටින අවස්ථා වල ඈට මෙවන් දේ කියමින් ඇගේ සිත සැනසිය නොහැක. හොඳම දේ ඇයට තනිව සිටීමට ඉඩ දීමය. ඉතින් ඔහු ඈ යන දෙස බලා යලිත් ඔහුගේ රාජකාරියට ගියේය..


........


තිවේන් මෝටර් රථයෙන් පිටතට ඒමට පෙර මිශෙල් නිවසේ දොරෙන් ඇතුළු වූයේ ආලින්දයේ තමාගේ මවත් පියාත් දෙදෙනා එනතුරු මග බලාගෙන සිටින බව දන්නා නිසාය. ඈ සිතූ ආකාරයෙන්ම ඇගේ මවත් පියාත් තරප්පුව බැස ආලින්දයට පැමිණියෝය. ඉතින් ඈ තිවේන් දොර දෙසින් මතු වෙන්නට කලින් ගොස් ඔවුන්ව තුරුළු කරගත්තා ය.


"තිවේන් ඇහුවොත් මම ලඟ ලඟ ඔයාලා බලන්න එනවද කියලා, ඔයාලා ඔව් කියන්න. පෙරේදත් ආවා කියන්න. හරිද ?"


ඈ රහසින් කියූ දේ හමුවේ ඔවුන් වියවුල් උනත් ඈ එසේ කියන්නට හේතුවක් ඇති බව ඔවුන්ට සිතුණි.


"හරි අපි එහෙම කියන්නම්."


"හ්ම්ම්.."


ඈ ඔවුන්ගෙන් ඈත් වෙද්දිම ඔහු නිවස තුලට ආවේය. ඔහුට පිටුපසින් පැමිණි ආරක්ෂකයින් කීප දෙනා දොර අසල හා නිවස අවට වත්තේ තැනින් තැනට බෙදී ගියහ..


"තාත්තට දැන් හොඳයි නේද."


"I'm fine ශෙලී."


"හ්ම්ම්.. තිවේන් අද රෑට ට්‍රින්කො යනවා. ආයෙ එන්නෙ අනිද්දට. ඒ නිසා ඔයාලා බලලා යන්න කියලා මාත් එක්ක ආවා."


"එහෙමද."


මිශෙල් තමාගේ මව දෙසට යද්දි තිවේන් ඇගේ පියාව තුරුළු කරගත්තේය. මිශෙල්ගෙ දෙමාපියන් දන්නේ තිවේන් ඖෂධ සමාගමක අයිතිකරුවෙක් බව පමණි. නමුත් ඒ මගින් ඔහු සාර්ථක කරගන්නා අඳුරු සැලසුම් ඔවුන් දන්නේ නැත.


"කොහොමද පුතාගෙ කම්පැනි එකේ වැඩ ?"


"අවුලක් නෑ තාත්තෙ. හැම දෙයක්ම ස්මූත් එකේ යනවා."


"එහෙනම් කමක් නෑ."


"ඔයාලා අද ලන්ච් එකටත් ඉඳලා යන්න ඕනි හරිද. අදනෙ දෙන්නම එක්ක ඉස්සෙල්ලාම මෙහෙ ආවෙ."


මිශෙල්ගෙ මව ලිලී එසේ කියද්දි තිවේන් සිනහවක් සහිතව හිස නවා එයට එකඟ වුණේය.


"එහෙනම් මම ගිහින් බොන්න මොනා හරි හදන් එන්නම්. ඔයාලා කතා කරන්නකෝ."


"මමත් එන්නම්."


කියූ මිශෙල් ලිලී පසු පසින් ගියේ මුළුතැන්ගෙය වෙතටය. ඔවුන් දෙදෙනා ගිය පසු ඇගේ පියාත් තිවේනුත් ආලින්දයේ තිබූ සෝෆාවකින් ඉඳ ගත්තෝය. මිහිත් ඇන්ඩර්සන් යනු පොහොසත් පවුලකින් ආ දරුවෙකි. ඒ බව ඔහුගේ නිවසේ ඇති සුඛෝපභෝගී පෙනුමෙන්ම කිව හැකිය.


"ශෙලී.."


"අම්මෙ ?"


"මැරේජ් ලයිෆ් එක අවුලක් නෑ නේද. ඔයාලා දෙන්නා සතුටින් නේද ඉන්නෙ ?"


........................................................... 🖤 ...


ආන්ටි ඔයාගෙ බෑණා හිතාගෙන ඉන්නෙ ඔයාගෙ දුව Strawberry ගෙඩියක් කියලා 🫢🍓


ඒකනේ දකින හැම වෙලේම කන්න බලාගෙන ඉන්නෙ 😌 Next ep එකෙනුත් කයි..


Sachy Collins

Report Page