Miss. Anonymous - 6

Miss. Anonymous - 6

Sachy Collins
🚫 Do not copy or share without author's permission



🔞 This episode contains sexual themes and mature.


Previous


"මෙච්චර කල් හංගන් ඉඳලා තියෙන්නෙ බොරුවට නේ."


ඔහු එසේ කියද්දී ඈ ඔහු දෙස බලා මදක් සිනාසුනාය..


"හංගන් හිටියෙ අනිත් අයගෙන්. ඒත් ඔයාගෙ අයියා නම් ඒ ගැන හොඳටම දන්නවා.. නිකෝ.."


ඇගේ කොළ පැහැ දෑස් වල බැල්ම එන්න එන්නම තියුණු විය. එනමුත් ඒ හමුවේ ඔහුගේ මුවගේ තිබුණේ සිනහවක් පමණි..


"එයා දන්න දේවල් ගැන.. අපිත් දැනගන්න ආසයි."


"හහ්.. ඒ ගැන ඔයාගෙ අයියගෙන් අහගන්න."


මතු වුණු සියුම් කෝපය සඟවාගෙන ඈ එසේ කිව්වේ සිනහවෙමින්. නමුත් එයත් තඹ සතයකටවත් ගණන් නොගත් නිකෝ ඇගේ ඉඟ වටා තම අත යැවීය..


"ඇයි ඔයාම මට පෙන්නන්නෙ නැත්තෙ. ඔයාගෙ ලස්සන ?"


ක්ෂණිකව ඈ ඔහුගේ අත ඉවතට ඇද දැමුවාය. මෙය ඈට පෙනුණේ ඔහු තමාගේ ඉවසීමේ සීමාවන් පරීක්ෂා කරනවාක් සේයි..


"මම මැරේජ් සෙටිෆිකට් එකට සයින් කලේ තිවේන්ගෙ නමට මිස එයාගෙ මල්ලිගෙ නමටත් එක්ක නෙවෙයි. Keep it in your mind."


"හරි හරි.. පැනික් වෙන්න එපා ළමයෝ ඔච්චර."


ඔහු එසේ කියමින් ඇගේ බස් ගාණකටවත් නොගෙන වයින් වීදුරුව දෙතොලින් තබා ගත්තේය. නමුත් විනාඩියක් ගෙවෙන්නටත් මත්තෙන් එතෙන්ට පැමිණියේ යුරේන් ය. ඔහු නිකෝ දෙස බැලුවේ රවාගෙන ය.


"නිකෝ සර්ට ලොකු මැඩම් කතා කරනවා."


"හ්ම්ම්.."


නිකෝ මිශෙල් දෙසට හැරුණි. යුරේන් ඔහු දෙස බැලුවේ ඔහු යලිත් වතාවක් අනවසරයෙන් මිශෙල්ව ස්පර්ශ කරන්නට උත්සාහ ගනීද යැයි සැකයෙන්..


"මං යන්නම් ශෙලී.. Cheerio.."


නිකෝ වයින් වීදුරුව එක උගුරට හිස් කරමින් එතනින් ඈතට ගියේය. ඔහු යන දෙස බලා සිටි යුරේන් මිශෙල්ගේ දෙසට හැරුණි.


"මම දැක්කා ඌ මැඩම්ට කරදර කරනවා. ඒකයි මම මෙතෙන්ට ආවෙ."


"Thanks යුරේන්."


"සර් පේන්න නැති නිසා එන්න ඇති. ඌ නම් මහ එපා කරපු එකෙක්. සර් දන්නවා නම් අත කපලා දානවා මෙතනම."


"තිවේන්ට කියන්න එපා යුරේන්. එයාලා අතර ප්‍රශ්න ඇති වෙනවට මම ආස නෑ."


"මටත් කියන්න ගොඩක් කම්ප්ලේන්ස් තියෙනවා මැඩම්. මාත් නොකියා ඉන්නෙ සර්ගෙ තරහා අවුස්සගත්තොත් මේක හොඳින් ඉවරයක් නොවෙන නිසා."


ඈ සේවකයෙකු ගෙන ආ බන්දේසියකින් වයින් වීදුරුවක් අතට ගත්තේ ඈත සිටින නිකෝ දෙස බලමින් ය. ඈ සමඟම යුරේනුත් වයින් වීදුරුවක් අතට ගත්තේය.


"තිවේන්ට වෙඩි තිබ්බ කෙනා ගැන මුකුත්ම හොයා ගත්තෙ නැද්ද යුරේන් ?"


"ඒක කරන්න ඕඩර් එක දුන්න මිනිහා මෙතනට එනවා කිව්ව නිසයි සර් මේකට එන්න හිතුවෙ."


"ඉතින් එහෙම සැක කරන්න පුළුවන් කෙනෙක් ආවද ?"


"නෑ.. මට පේන්නෙ උන් අපිට වැරදි ඩීටෙල් එකක්ද කොහෙද දීලා තියෙන්නෙ. මෙතන ඉන්න කිසිම කෙනෙක් මාෆියා එකකට සම්බන්ධ නෑ."


"නෑ යුරේන්. ඒ කෙනා මෙතන ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාලා එයාව සැක කරන්නෙ නැති එක."


"මැඩම්ට සැක කව්ද ?"


"මට හැම කෙනෙක්ම සැකයි කියලා ඔයා දන්නවනේ."


ඈ සිනහවෙන් එසේ කියද්දි යුරේනුත් කට කොනින් සිනාසුනේය..


"අපි බලමු මැඩම්. තිවේන් සර් එක්ක කෙනෙකුට ගොඩක් කල් ප්ලේ කරන්න ලැබෙන්නෙ නෑ. මතකනෙ කලින් ආපු උන්ටත් උන දේ. ඉතින් මුන්ටත් එහෙම තමයි වෙන්නෙ."


"මම හිතනවා ඒ කෙනාව ඉක්මනින් හම්බවෙයි කියලා."


හිස් වූ වයින් වීදුරුව මේසයක් මතින් තැබූ මිශෙල් යුරේන්ට සංඥාවක් දී බෑගයත් රැගෙන ගියේ හෝටලයේ පිටත උයනට ය. කිසිවෙකුත් නැති වටපිටාව දෙස දෑස් යොමු කල ඈ ගල් පඩි පෙළක පඩියක් මතින් වාඩි වී අතේ තිබූ බෑගයෙන් දුම් වැටියක් අතට ගත්තාය. රැහැයියන්ගේ හඬ උයනේ නිහඬ බවට තවත් රසක් එකතු කර ඇත. ඈ ඒ නිහැඬියාවේත් සැරෙන් සැරයට හමා එන සුලං රැල් වල සුවයත් වින්දේ දැල්වෙන දුම් වැටිය ඒ රතු පැහැ දෙතොල් අතර රඳවාගෙන ය.


උයනේ ඈත ඇති පහන් කණුවක කහ පැහැති එළියෙන් ඇගේ ඉහල පහල යන ලැම දිළිසෙන අයුරු තිවේන් බලා සිටියේ හෝටලයේ පැත්තක තිබූ දොරක් අසල සිටගෙන ය. ඈ මිනිසුන් ඕනෑවට වඩා ගැවසෙන ස්ථාන වලට යන්නට අකමැති බවත් ඇගේ ප්‍රියතම දේවල් අතර නිදහස හා නිහැඬියාවෙන් පිරුණු පරිසරය අන්තර්ගත බවත් ඔහු හොඳින්ම දන්නා දෙයකි.


"ඇයි මෙතන.."


කන ලඟින් ඇසුනු ඔහුගේ කටහඬ නිසා ඈ කල්පනාවෙන් මිදී පිටුපස හැරුණා ය. ඒ සමඟින් ඔහු ඇගේ අසලින් වාඩි වී ඇගේ දෙතොල් පෙති අතර තිබූ දුම් වැටිය ඔහුගේ ඇඟිලි අතරට ගත්තේය.


"උන් මං එක්ක ප්ලේ කරනවා.. මම කවදාවත් මෙච්චර කල් මට විරුද්ධ උන එකෙක්ට ජීවත් වෙන්න ඉඩ තියලා නෑ."


ඈ නිහඬව ඔහු දෙස බලා සිටිද්දි ඔහු දුම් වැටිය උරා නෙතෙරින් දුම පිට කළේය. යලිත් ඔහු ඇගේ දෙස බලද්දි ඈ ඔහුගේ දිගු දෑස් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තා ය.


"ඔයා ඒ ගැන හිතලා ටෙන්ශන් වෙන්නෙ නැතුව වෙනදා විදිහටම වැඩ කරගෙන යන්න. ඒ මිනිහව ඔයාට ඉක්මනින්ම හම්බ වෙයි."


"මං එහෙම හිතනවා.. ඒක උනොත් හොඳයි."


ඔහු එසේ කියමින් ඇගේ පැත්තට හැරුණේ දුම් වැටිය මුවෙන් ඉවතට ගනිමින්. ඇගේ රත් පැහැ ගැන්වූ දිළිසෙන සිහින් දෙතොල් පෙති දකින සෑම විටෙකම ඔහුට සිතෙන්නේ ඒවා තමා සතු කරගන්නට ය.


"තමුසෙ ඕනෑවට වඩා ස්මෝකින් කරනවට මම කැමති නෑ."


"එහෙම උනොත් තමුසෙගෙ මේ රෝස මල් පෙත්තක් වගේ සිනිදු තොල් නැති වෙලා යයි."


තිවේන් කිව්වේ ඇගේ රතු පැහැ යටි තොල මත තම මහපටැඟිල්ල ඇදගෙන යමින් ය. ඔහු කියූ දේ සත්‍ය ය. ඇගේ දෙතොල් පිපුණු රතු රෝස මලක පෙති දෙකක් මෙන් මෘදු හා සුන්දරය. ඔහු එය දන්නේ අද ඊයෙක සිට නොවේ..


"මං ආස නෑ එහෙම වෙනවට."


ඔහු උත්සහ කලේ ඇගේ දෙතොල් සිප ගන්නට ය. නමුත් ඊට ඉඩ නොදී ඈ ඇගේ ඇඟිලි ඔහුගේ දෙතොල් මතට තද කර එතැනින් නැගිට්ටේ මෝටර් රථය අසලට යන්නටයි.


"......"


ඈ ඈතට ඇවිද යද්දි ඔහු දුම් වැටිය දෙතොලතර තබාගෙන ඈ පිටුපසින් ඇවිද ගියේ තමා පැමිණි මෝටර් රථය නවත්වා ඇති ස්ථානයට ය. තිවේන් ඇයත් සමඟ එතැනින් පිටව යන අයුරු හෝටලයේ සඳලුතලයක අත් වැටකට බර වී බලා සිටි නිකෝ නිහඬවම යලිත් හෝටලය තුලට ගියේය.


"අයියයි අක්කයි නම් කලින්ම ගියා. මොකක් හරි අවුලක් වෙලා තියෙනවා අද අයියට."


නිකෝ, නිවේතා අසලට ගොස් එසේ කිව්වේ මේසයකට බර වෙමින්. නිවේතා අසලම ඈ සමඟ කතා කරමින් සිටි ඇගේ දෙවන සැමියා වූ ෆෙඩ්රික් ද ලොරන්ට් නිකෝ දෙස බැලුවේ හිස් බැල්මකිනි.


"අයියට ශොට් කරපු කෙනා තාම හම්බ වෙලා නැති නිසයි එයා අවුලෙන් ඉන්නෙ චූටි. මටත් දුකයි එයා එහෙම ඉද්දි. ඒත් ඉතින් අම්මා විදිහට මට කරන්න තියෙන්නෙ එයාව සනසන එක විතරයි."


"මමත් පුළුවන් උපරිමයෙන්ම ට්‍රයි කරනවා නිවේතා, ලොකූට ශොට් කරන්න ඕඩර් එක දුන්නෙ කව්ද කියලා හොයා ගන්න."


ෆෙඩ්රික් එසේ කියද්දි නිවේතා ඔහුගේ අත උඩින් තම අත තබා මදක් සිනාසුනාය.


"කොහොමත් අයියා එක්ක උන්ට ලේසි වෙන එකක් නෑ.. නේද අම්මේ.."


"Definitely."


........


රාත්‍රී දහය පසු වෙත්ම ඒන්ජල් විල ආසන්නයේ ප්‍රදේශ වලට තද වැස්සක් කඩා හැලෙන්නට පටන් ගත්තේ නොසිතූ අන්දමිනි. මෝටර් රථයෙන් පිටතට පැමිණි මිශෙල් සේවකයෙකු ඉහලූ කළු කුඩයක් යටින් නිවසට ඇතුළු වුණි..


තමාගේ කාමරයට ගොස් එහි දොර වසාගත් ඈ කනේ තිබූ දිගු කරාබු යුගලත් ගෙලෙහි තිබූ මාලයත් ගලවා ලාච්චුවකට දැමුවාය. අඩි උස යුගලයේ පටියකට අසු වූ ඇගේ වළලුකර තද රතු පැහැ වී ගොස් ය. එයත් ගලවා දැමූ ඇය වළලුකර සෙමින් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කලාය. නමුත් හදිසියේම තම ඉන දෙපසින් තද වූ රළු අත් දෙකක ස්පර්ශයෙන් ඈ යලිත් නැගිට කැඩපත දෙස බැලුවාය.


ඔහු හැරෙන්නට වෙන කිසිවෙක් තමාව මෙලෙසින් ස්පර්ශ කරන්නේ නැති බව ඈ දනී. කැඩපතෙන් පෙනෙන පිටුපස සිටින ඔහු ඇගේ ගෙල තදින් සිප ගද්දී ඈ දෑස් වසාගත්තා ය. නමුත් ටික වේලාවකින් ඔහු ඈව මුහුණලා හරවා ගත්තේය.


"හෙට හවස ගිහාම මම ආයෙ එන්නෙ ඉන් අනිද්දා රෑට. ඒ නැත්නම් ඊටත් පස්සෙ දවසක."


ඈව කැඩපත ආසන්නයේ මේසය මතින් ඉන්දවූ ඔහු ඇගේ දකුණු කලවය දිගේ තම අත ඉහලට ගෙන ගියේ ඒ දෑස් දෙස බලමිනි.


"තමුසෙට නම් මං නැතුව ඉන්න පුළුවන් නෙ. ඒත් මට තමුසෙ දකින්නෙ නැතුව ඉන්න බෑ."


"රෂියා ගිහින් හිටියෙත් බොහොම අමාරුවෙන්."


ඇගේ දිග ඇහිපිය ඇඟිලිලකින් ඉහළට එසවූ ඔහු ඒ වටකුරු දෑස් වල හිස් බැල්ම දෙස බලා සිටියේ කියන්නට සිතුණු දහසකුත් වචන සඟවාගෙන ය. කවියන්ගේ සිහින වල සිටින කාන්තාවකගේ හැඩරුව ඇති ඈව සිතින් වර්ණනා කරන්නට ඔහු දක්ෂයෙකි. සෑම විටම ඈ අසල ඇති නිහඬතාවය ඔහුගේ ප්‍රියතම දේ වලින් එකක් විය.


"අහ්.."


ඇගේ හඬ එලෙසින් හෝ අවදි වූයේ ඔහු ඇගේ එක් පියයුරුවක් ඔහුගේ දසන් වලට තද කරගද්දියි. එතැනින් නොනැවතුණු ඔහු ඇගේ ගවුමේ උරපටි පහත් කලේ උරහිසෙන් පහලට වැටෙන ලෙසය. ඇගේ සිරුරේ ඔහුගේ දෙතොල් තද වූ තැන් කීපයක්ම දැනටමත් රක්ත වර්ණ වී ඇත.


කැඩපතට තද වූ ඇගේ ගෙලේ සිට දෙපියයුරු දක්වා දෙතොල් තද කල ඔහු ඇගේ සිරුරේ මිහිරි සුවඳ විඳගත්තේ ය. ඔහුට දැනෙන ඒ සුවඳ වැනිලා සහ ස්ට්‍රෝබෙරි මුසුවක් ය. එය එදා සිට ඔහුට ඇගෙන් දැනුණු හුරු පුරුදු එකම සුවඳය.


"Smell like a little strawberry.."


ඇගේ එක් අතක් දෙතොල් මත තද කරමින් ඔහු එසේ කිව්වේ ඇගේ දෑස් දෙස බලාගෙනයි. සඳලුතලයේ දොරෙන් හමා එන සීතල සුලං ධාරාවන් හමුවේ ඇගේ රන් පැහැයට හුරු කෙහෙරැලි මුහුණ පුරා නිදහසේ දුවද්දී ඔහු ඇගේ දෙතොල් පෙති තදින් සිප ගන්නට පටන් ගත්තේ ය.


කෙතරම් වේලාවක් ගත වුවත්, ඔහුට ඔහුගේ හැඟීම් අතහැර දමන්නට නොහැකි වුණි..


ඈ ඔහුගේ අතින් සම්පූර්ණයෙන්ම නිරුවත් විය. ඇඳ ඇතිරිල්ල මත සිටි ඇගේ රත් පැහැ දෙපත්ල මත දෙතොල් තද කල ඔහු දිගින් දිගටම ඇගේ පාදය දිගේ ඉහලටම හාදු තැවරුවේය. අවසානයේ යලිත් ඔහුගේ දෙතොල් නතර වූයේ ඇගේ ලැම මතයි. ඒ හමුවේ ඈ තවත් නොසන්සුන් විය. වේගයෙන් ඉහල පහල යන ඇගේ ලැමත්, ඇඳ ඇතිරිල්ල මිරිකී ගිය ඇගේ රතු පැහැ නිය සහිත දෑතුත් දුටු විගස ඔහුගේ මුවගේ සිනහවක් රැඳුණි..


"අහ්.."


නග්න සිරුරේ තැනින් තැන ඔහුගේ දසන් වලට තද වෙන විට ඇගේ මුවෙන් කෙඳිරිලි පිට විය..


"Say it louder.."


යටි තොල දසන් වලට තද කරගෙන ඈ දෙස බලා සිටි ඔහු එසේ කියමින් තම දෑත් වලින් ඇගේ සිරුරේ රස වින්දේය. විටින් විට ඒ රළු දෑඟිලි වලට තද වූ ඇගේ පියයුරු රත් පැහැ ගැන් වී රිදුම් කන්නට පටන් ගත්තේය.


නමුත් දැනෙන මිහිරි වේදනාවන් හමුවේ ඇගේ කෙඳිරිලි හඬ අලුත් වූවත් ඔහුට එය වගක් වත් නැත. ඔහුගේ රිද්මයානුකූල චලනය ඇයව තවත් නොසන්සුන් කලේය..


"S..Stop.."


ඈ එසේ කීවේ යටි කයට දැනෙන ස්පර්ශය එන්න එන්නම රළු වූ නිසායි..


"Why my little strawberry.. This is not your first time. You need to practice more like this."


ඇයට තවත් කිසිවක් කියන්නට නොදී ඔහු නොනවත්වාම ඇගෙන් ඒ පහස වින්දේය. නමුත් ටික වේලාවකින් ඔහු විසින්ම එය නවතා දැමුවේ ඈ නොසිතූ අදමින් විඩාපත් වී නිසායි. ඈ මෙවැනි දේට තවමත් හුරු අයෙකු නොවේ. ඒ බව ඔහුද දනී. එනමුදු ඈ ඉදිරියේ ඔහුට සීමා මායිම් අමතක වී යන්නේ ඇගේ නග්න සරාගී සිරුර දකින විටය.


"දැන් නම් තමුසෙ ඇත්තටම ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේමයි.."


දහඩියෙන් තෙමී ගිය ඇගේ කෙහෙරැළි මුහුණෙ දෙපසට කරමින් ඔහු එසේ කිව්වේ මුවගේ සිනහවක් රඳවාගෙනයි. ඇගේ රෝස පැහැයට හැරුණු කම්මුල් දුටු විට ඔහුගේ සිනහව තවත් වැඩි විය..


"We'll do it another day."


ඇගේ නළලත මත දෙතොල් තද කල ඔහු ඇඳෙන් හාන්සි වී ඇගේ දෙස බලා දෑස් පියා ගත්තේය. සිරුරට දැනෙන වේදනාවත් තෙහෙට්ටුවත් හමුවේ ඈ නිහඬව සඳ එළියෙන් දිළිසෙන ඒන්ජල් විල දෙස බලා සිටියාය.


........


"මැඩම්ට උදේම කන්න බෑ කිව්වා. ඒ නිසා කෝපි එකක් ගිහින් දෙන්න."


ප්‍රධාන සේවිකාවගේ අණ පරිදි ස්ටෙෆ්නි කෝපි කුඩු කර සුදු පැහැ කෝප්පයකට කෝපි වත් කලාය. ඈ මේ නිවසේ සේවිකාවක් ලෙස රැකියාවට පැමිණියේ මීට සති දෙකකට පෙර ය. ඇත්ත වශයෙන්ම ඈ සේවිකාවක් වීමට සුදුසු ගැහැණු ළමයෙකු නොවේ. ඈ උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල වරම් ලැබූ අයෙක් වූ නමුත් ඇගේ පියා තිවේන්ට, ගෙවා ගැනීමට නොහැකි ණයක් වූ නිසා ඈට සේවිකාවක් ලෙස ඔහුගේ නිවසේ කටයුතු කරන්නට සිදු වුණි.


තේ කෝප්පය බන්දේසියකින් තබා ඊට දකුණු පසින් ඈ චොකලට් මැකරොන් පිරවූ පිඟානක්ද තැබුවේ මැකරොන්, මිශෙල්ගෙ ප්‍රියතම කෑමක් වූ නිසායි..


ස්ටෙෆ්නි බන්දේසියත් රැගෙන ගියේ මිශෙල්ගේ කාමරයටයි. සඳලුතලයේ මේසය ආසන්නයේ පුටුවක වාඩි වී කහ තැඹිලි මිශ්‍රිත හිරු නගින අහස දෙස බලා සිටි මිශෙල් ලඟට ගොස් ඈ බන්දේසිය මේසය මතින් තබා පසෙකට වුණි. ස්ටෙෆ්නි මිශෙල් දුටු පළමු අවස්ථාවේ සිතුවේ ඈ කෘතිම කාච පැළද සිටින කෙනෙක් කියාය. නමුත් ඇගේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඈට ඔප්පු වූයේ මිශෙල්ගෙ දෑස් ආසන්නයටම දුටු දිනයේයි. එවන් මායාකාරී දෑසක් ලැබෙන්නට ඈ කෙතරම් වාසනාවන්ත අයෙක්ද යැයි ස්ටෙෆ්නි සෑම විටෙමක සිතුවාය.


"මැඩම්ට තව මොනවා හරි ඕනිද ?"


"No, Thanks."


මිශෙල් එසේ කියා මැකරොන් එකක් අතට ගත්තාය. ඈ එය ගන්නට මේසය අසලට නැවෙද්දී ඇගේ ළැම ගැස්සෙන අයුරු ස්ටෙෆ්නි නිහඬව බලා සිටියාය. ඇගේ පියයුරු සාමාන්‍යයෙන් කුඩාය. එලෙසම ඇගේ සිරුරේ හැඩය ග්‍රීක මූර්ති වල සිටින දිව්‍යාංගනාවකගේ, සුදු පහැ සළුවෙන් විනිවිද පෙනෙන සිරුරට සමානය. ඇය ඇඳ සිටින රතු පැහැ අත් පටි ගවුමේ එක් කෙලවරකින් පෙනෙන ඇගේ දණත් රෝස පැහැයට හුරුය. ඉතින් දකින ඕනෑම අයෙකුට ඈ පිළිබඳව හැඟීම් උපදින එකට දශමයක හෝ සැකයක් නැත.


"මැඩම් තව ටිකක් කෑවොත් හොද නැද්ද. නැත්තම් ආයෙ අසනීප වෙයි."


එසේ කියමින් එතෙනට පැමිණි ප්‍රධාන සේවිකාව තවත් බන්දේසියක ගෙන ආ පේස්ට්‍රි කිහිපයක්ම මේසය මතින් තැබුවේ මිශෙල් දෑස් ඒ මත රැඳෙද්දිය.


"ශෙලී මැඩම්ට ආසම දේවල් හදලා දෙන්න කියලා සර් අපිට කියලා තියෙන්නෙ."


"ඉතින් ටිකක් වැඩිපුර කෑවොත් නරකද ?"


ප්‍රධාන සේවිකාව දෙස බැලූ මිශෙල් මද සිනහවක් පෙන්වා යලිත් හිරු නගින අහස දෙස බැලීය..


"මම හැමදෙයක්ම කරන්නෙ මගෙ ලිමිට් එකට කියලා ඔයා දන්නවනේ මාග්‍රට්."


ඈ දෙස මද වේලාවක් බලා සිටි මාග්‍රට් හිස සොලවා පසෙකට වූයේ ස්ටෙෆ්නි දෙස බලමිනි. මාග්‍රට්ගේ ගිලී ඇති විසල් දෑස් දැක, ස්ටෙෆ්නි දෑස් බිමට හරවා ගත්තාය. හේතුව නම් ඈ මාග්‍රට්ගේ ඒ බැල්මට බය නිසාය.


ටික වේලාවකින් හිරු නැගි අහස තැඹිලි පැහැයෙන් කහ පැහැයට හැරෙන්නට පටන් ගත්තේ මුළු ඒන්ජල් විලත් ඔවුන් සිටි සඳලුතලයත් හිරුරැස් වලින් නහවමිනි. අහසේ සේද එලා මෙන් තිබුණු ඒ සුන්දරත්වය එන්න එන්නම නැති වී ගිය නිසා මිශෙල් මේසය මත තිබූ අඩක් නිවී ගිය කෝපි කෝප්පය අතට ගෙන එහි රස බැලුවාය. නමුත් ඈ දෙවනි වර කෝප්පයට දෙතොල් ස්පර්ශ කරන විට,


"ආහ්.."


........................................................... 🖤 ...


කාට හරි මොකක් හරි අකරතැබ්බයක් උනා නේද ළමයි 🤔


🔞 Scene එක මේ ගානට ඇතිද, නැත්නම් මීට වඩා වැඩි කරන්නද, නැත්නම් අඩු කරන්නද. ඔයාලා බලලා කමෙන්ට් එකක් දෙන්න.


ප්‍රශ්නෙ තියෙන්නෙ ලියන මට ලැජ්ජයි ඒක ලියද්දි 🤧


Sachy Collins

Report Page