Miss. Anonymous - 5

Miss. Anonymous - 5

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"ඒ කිලර් ගැන මිශ්කා හොයාගෙන නැද්ද සදෙව් ?"


"නෑ.. අඩුම බොඩි වල ෆින්ගර් ප්‍රින්ට් එකක් වත් වැලි කැටයක් වත් හොයාගන්න නෑ."


සදෙව් ඈ සමඟ කතා කරමින්ම මෝටර් රථයේ ඉදිරි දොර විවෘත කලේය.


"අපි යන ගමන් කතා කරමු. ලේට් වෙනවා. ඔයාටත් වැඩ තියෙනවනේ."


"හ්ම්ම්.."


ඔවුන් දෙදෙනාම එතැනින් පිටත්ව ගියේ නගරයෙන් පිට ගම්බද ප්‍රදේශයක තිබූ විශාල සුඛෝපභෝගී නිවසකටය. එහි අයිතිකරු වසුන්දරා බණ්ඩාරනායකගේ දුව රිහාෂාත්, පුතා කවිනුත් අතුරුදන් වී අදට දවස් තුනකි.


මේ දින වල උදේ පටන් රෑ වනතුරු මිශ්කාට නින්දක් හෝ සැනසීමක් නැත. හේතුව ඇයට තවමත් පසු ගිය දිනක හමු වූ පුද්ගල මරණ දෙකට වගකිව යුතු ඝාතකයා ගැන සාක්ෂියක් හමුවී නැති නිසායි. නමුත් ඒ වෙනුවට ඇයට, දැනට අතුරුදන් වූ කවින් බණ්ඩාරනායක කල අපරාධ රැසක් හෙලි වී තිබුණි.


"කවින් කිව්වට ගොඩක් අය කියලා තියෙන්නෙ කවියා කියලා. මීට අවුරුද්දකට කලින් මෙයා ගෑනු ළමයි තුන් දෙනෙක්ටම Sexual Abuse කරලා තියෙනවා. ඊටත් කලින් වයස අවුරුදු 30 ක ටීච කෙනෙක්වත් බය කරලා තියෙනවා."


"ඔයාලා ඒ අයව interrogation එකකට ගත්තද ?"


මෙතෙක් වෙලා රහස් පරීක්ෂක නදුනිගෙන් තොරතුරු අසා සිටි ගවේෂ ඇගෙන් එලෙසින් ප්‍රශ්න කලේය.


"ඔව් සර්."


"තව මොනාද හොයා ගත්තෙ ?"


"ගෙවල් කීපයක්ම කඩලා තියෙනවා. එක ගෙදරක කෝටි ගාණක දේපල හොරකම් කරලා ඒකට කේස් එක ඇදිලා තිබිලා පාර්ලිමන්ට් මෙම්බර් කෙනෙක්ගෙන් හෙල්ප් එකක් අරන් ආයෙ එළියට ඇවිත් තියෙනවා."


"හරි පොඩි පොඩි වැඩනෙ කරලා තියෙන්නෙ."


ගවේෂ සිනහා වෙමින් එසේ කියද්දි ඔහු එක්ක කතා කල රහස් පරීක්ෂකවරියටත් ඉබේටම සිනහවක් නැගුණි. ඒ අතරේ වසුන්දරා සමඟ කතාවක සිටි මිශ්කා දුටුවේ සදෙව් මිශෙල් සමඟ එතැනට එන ආකාරයයි..


"සදෙව් තව කෙනෙක් එක්ක ඇවිත් ඉන්නෙ."


සදෙව්ත් මිශෙල්ත් දුටු ගවේෂත් එසේ කිව්වේ ඔවුන් අසලට පියමනිමින්..


"මං හිතන්නෙ නෑ ගවේෂ ඒ දෙන්නා පණ පිටින් හම්බවෙයි කියලා."


"ඔව් අපිත් ගෙස් කරන්නෙ එහෙම තමයි. මොනා උනත් කලින් මැරුණ අයට මෙයාගෙ කනෙක්ෂන් තියෙන නිසා මෙයාගෙ මරණෙත් සිද්ධ වෙන්නෙ අර නේම් ටැග් කිලර්ගෙන් තමා."


"ඒ කිලර් ගැන හොයා ගත්තද ?"


"නෑ සදෙව්. කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නෙ නෑ. හැබැයි කිලර් දන්නවා හැම එවිඩන්ස් එකක්ම වහන්නෙ කොහොමද කියලා. හරියට නිකන් කලින් අපි එක්ක වැඩ කරපු කෙනෙක් වගේ. අඩුම DNA එකක් වත් නෑ හොයාගන්න. ඉතින් අරන් යන කෙනාව මරන්න කල් යන එක සාධාරණයි."


"කවින්ගෙයි රිහාෂාගෙයි CCTV footage හම්බුනේ නැද්ද ගවේෂ."


"හම්බුණා. දවස් තුනකට කලින් කවින් පයින්ම මෙහෙන් ඒන්ජල් ලේක් රෝඩ් එකේ කෝල් එකක යනවා පෙන්නනවා. ඒත් ඒන්ජල් ලේක් එකට පස්සෙ තියෙන පාරවල් වලින් එහාට වැඩිය සිග්නල් නැති නිසා CCTV නෑ. ඒ නිසා එතනින් එහාට මුකුත් හොයාගන්න බෑ. අපේ Determination එක තමයි කවිනුත් රිහාෂත් ඒන්ජල් ලේක් එක පහු වෙද්දි කිඩ්නැප් උනා කියන එක."


"විට්නස්ලා ඉන්නවද ?"


"නෑ.."


"හ්ම්ම්.. අපි බලමුකො ඉස්සරහට. මම ගිහින් මිශ්කාව මීට් වෙලා එන්නම්."


එසේ කියූ සදෙව් මිශ්කා ලඟට ගියේ ඇය සමඟ විශේෂ දෙයක් කතා කර ගැනීමට අවැසි නිසායි. ඔහු ඈතට යන දෙස බලා සිටි ගවේෂ මිශෙල් දෙසට හැරුණේ පසු ගිය දිනෙක ඇගේ සැමියාට සිදු වූ කරදරය ගැන දැන ගන්නටයි.


"තිවේන්ට එයාපෝර්ට් එකේදි ඇටෑක් කරාලු නේද. දැන් මොකද එයාට ?"


"දැන් නම් ටිකක් හොඳයි."


"කව්ද ඒක කරලා තියෙන්නෙ ?"


"මම දන්නෙත් නෑ ගවේෂ. මට ෆ්‍රී ටයිම් එකක් සෙට් උනේ නෑ එයාගෙන් ඒ ගැන අහන්න. එයාටත් ගොඩක් වැඩ තියෙනවනෙ."


"I see.. මොනා උනත් මේ ටිකේ මාෆියා ටීම් දෙක තුනක් ඕනෑවට වඩා සෙල්ලම් දාගෙන එනවා. එකක් තියෙනවා අගක් මුලක් හොයා ගන්න බැරි. උන් ටික බය නැතුව ඒ ඒ පැති වල ඉන්න පොලිස් ඔෆිසර්ස්ලටත් ඇටෑක් කරනවා."


"ඔව් මටත් ඒක තේරුණා. තිවේන් ලංකාවට එන ටයිම් එකයි එයාපෝර්ට් එකෙන් එළියට එන ටයිම් එකයි දැනගෙන ඇටෑක් කරා කියන්නෙ ඒ අය එසේ මෙසේ අය නෙවෙයි."


"ඔව්, කෝකටත් තිවේන්ට පරිස්සම් වෙන්න කියන්න."


ගවේෂ තිවේන්ගේ කුඩා කල පාසල් මිතුරෙකි. තවමත් ඔවුන් අතර තිබූ මිතුදම අංශු මාත්‍රයකින් හෝ අඩු වී නොමැත. එලෙසම ඔහු සමහර අවස්ථාවල තිවේන්ට නීතිමය උදව් අවැසි වූ විට දෙවරක් නොසිතා උදව් කල අයෙකි.


වසුන්දරා දෙස නිහඬව බලා සිටි මිශෙල්ගේ දුරකථනයට පණිවිඩයක් ආවේ තිවේන්ගේ නමින්..


❝ අද හවස පාර්ටි එකක්. මම ඩ්‍රෙස් එකක් තිබ්බා මිරර් එක ලඟින්. ඒක අඳින්න. අපේ අම්මලත් එන නිසා ලස්සනට රෙඩි වෙලා ඉන්න. මම හත වෙද්දි එක්ක යන්න එනවා ❞


පණිවිඩය දෙස බැලූ ඇය දුරකථනයෙ තිරය වසා යලිත් එතැන සිටි වසුන්දරා දෙස බැලුවාය. කවින් අපරාධකරුවෙකි. එමෙන්ම ඇගේ සහෝදරියද ඔහු කල දේ වසන් කරන්නට දක්ෂ එකියකි. නමුත් ඔවුන් දෙදෙනාගෙන මව අහිංසක කාන්තාවක් විය. ඈ කතා කරන ආකාරයෙන්ම මිශෙල්ට එය පෙනී ගියාය. 


"මගෙ පුතාව හම්බුණොත් ඇරෙස්ට් කරනවද සර් ?"


"අපි ඒක දන්නෙ නෑ. ඒක අනිත් ඔෆිසර්ස්ලාගෙන් අහන්න. අපි කරන්නෙ එයා හොයලා දෙන එකයි හෙඩ් එකට රිපෝට් එක දෙන එකයි විතරයි."


මිශ්කා වසුන්දරාට එසේ කියුවේ ටිකක් තදින් ය. සදෙව්ට කතා කරන්නට අවැසි වූ මිශෙල් එතෙනට පිය මැන්නාය.


"ඔයාගෙ පුතා අපරාධකරුවෙක් මිසිස් බණ්ඩාරනායක. කරදරයක් නොවී අපිට එයාව හම්බ වුණොත් පොලිසියෙන් එයාව ඇරෙස්ට් කරයි. එයාට ප්‍රිසන් එකට යන්න වෙනවා. මොකද එයාට විරුද්ධව දැන් ගොඩක් කේසස් එකතු වෙලා තියෙනවා."


මිශෙල් කාරුණික බසින් වසුන්දරාට එසේ කියද්දි වසුන්දරාගේ දෑස් වල කඳුළු අළුත් විය. ඇය මවක් ලෙසින් හලන කඳුළු හමුවේ වත් මිශෙල්ගේ හිතට සුළුවට හෝ දුකක් නොදැනුණි..


........


රාත්‍රී හත වෙන්නට තවත් ඉතිරිව තිබුණේ මිනිත්තු කීපයක් පමණි. කුඩා ලී වලින් සෑදූ ස්ටූලයක් මත එක් කකුලක් තැබූ ඇය විශාල කැඩපත ඉදිරියේ සිට තමාගේ දෙකලවා වල ස්ට්‍රෝබෙරි වැනිලා මුසු සුවඳ ආලේපනයක් ආලේප කරමින් සිටියාය. නමුත් හිටි හැටියේම ඇගේ වළලුකර වටා තදින් එතුනේ දිගු ඇඟිලි සහිත රළු අතකි..


"එහෙනම් මේක තමයි සීක්‍රට් එක."


ඔහු ඇගේ රෝස පැහැ දෙපතුල් වල සිට දණ දක්වා දෙතොල් ස්පර්ශ කරමින් ඇගේ දෙපා වල සුවඳ වින්දේය. කළු පැහැ බ්ලේසරයත් සුදු පැහැ කමිසයේ ගෙල වටා තිබූ 'Bow' එකත් නිසා ඈට ඔහුගෙන් අද වෙනදාට වඩා කඩවසම් පෙනුමක් පෙනුණි..


"Smells like a strawberry.."


නමුත් හදිසියේම ඔහුගේ නෙත ගැටුනේ ඈ ඇඳ සිටි ගවුමයි. එසැනින් ඔහු නැගිට ඇගේ දෙස බැලුවේ තියුණු බැල්මකිනි. හේතුව ඇගේ ගවුම ඔහු දුන් එකට වඩා හාත්පසින්ම වෙනස් නිසායි. එය දිග අත් සහිත සාමාන්‍ය ගවුමකි..


"මන් දුන්න ඩ්‍රෙස් එක ඇන්දෙ නැත්තෙ ඇයි ?"


තිවේන් ප්‍රශ්න කරද්දි ඈ අත තිබූ බෝතලයද මේසය මතින් තබා පුටුවෙන් නැගිණි. ඔහුගේ ගැඹුරු කටහඬට තරහවක් මුසු වී තිබුණි.


"ඒක අවුල් වගේ නැද්ද."


"කොහෙද ඒකෙ අවුලක් පේන්නෙ ?"


"මම ඒ වගේ එකක් ඔයාගෙ ෆැමිලි මෙම්බර්ස්ලා ඉස්සරහට ඇඳන් යන එක."


ඈ එසේ කියද්දි ඔහු ඇගේ අතින් ඇද්දේ තමාට අං වෙන ආකාරයෙන්..


"මම ආයෙ කියන්න ඕනිද ?"


ඔහුගේ තද නිල් දෑස් මදක් විසල් වී තිබෙන අයුරු ඈ දුටුවාය..


"හ්ම්.. මං ඒක අඳින්නම්."


"කවද්ද අඳින්නෙ. හෙටද. මම එතෙන්ට යන්නෙ ස්පෙශල් වැඩකට කියලා තමුසෙ දන්නවනේ. මට ටයිම් එක මිස් කරගන්න බෑ."


"එහෙනම් ඔයා යන්න. මම තනියම එන්නම්."


"......"


ඇය කියූ දේ හමුවේ මද වේලාවක් ඇගේ කොළ පැහැ දෑස් දෙස නිහඬව බලා සිටි ඔහු ඇගේ අත අත හරිමින් එතැනින් පිටත්ව ගියේය. ඒ දෙස බලා සිටි ඈ මේසයක් මත තිබූ ඔහුගෙන් ලැබුණු ගවුම අතට ගත්තාය. එය කළු පැහැ, අත් පටි, පියයුරු වලින් අඩක් කපා ඇති සරාගී ගවුමකි. පිටුපසින් විවරයක්ද ඇති පපුව පහල සිට උකුළ දක්වා කළු පැහැ නෙට් එකක් ඇති ඒ ගවුම තම සිරුර නියම හැඩයෙන් පෙන්වනු ඇතැයි ඇයට සිතුණාය.


........


"අම්මා.."


හෝටලයේ දොරෙන් ඇතුළු වෙද්දීම, තම මව සිටිනු දුටු තිවේන් ගොස් ඇයට තුරුළු වුණේය. ඇය නිවේතා අබේනායකයි. තිවේන් යනු ඇගේ පළමු විවාහයේ දරුවාය. නමුත් තිවේන්ගේ පියා වන නුවේන් අබේනායක එක්තරා මාෆියා කණ්ඩායමක් විසින්ම මරා දැමූ පසු ඈ යලිත් බර්ගර් අයෙකු වූ ෆෙඩ්රික් ද ලොරන්ට් සමඟ විවාහ වූවාය. ඔහුගෙන් ලැබුණු නිවේතාගේ දෙවනි දරුවා නිකෝ ද ලොරන්ට් තම පියා සමඟ ව්‍යාපාර කටයුතු වල නියැලෙන්නේය.


"ශෙලී ආවෙ නැද්ද ?"


"ශෙලී වෙලාවකට හරි මුරණ්ඩුයි."


ඔහු එසේ කියද්දි නිවේතා හිස දෙපසට සොලවා දෑස් වෙනත් පැත්තකට හරවා ගත්තේ පියා මෙන්ම ඔහුවත් කිසි දිනෙක වෙනස් කල නොහැකි කෙනෙක් නිසායි.


"දැන් තුවාලෙ හොඳයිද.. තාමත් අමාරු තියෙනවද ?"


"නෑ.. දැන් හොඳයි."


"හ්ම්.. බාප්පා හොයනවා ඔයාට ශොට් කලේ කව්ද කියලා. හම්බුණ ගමන් අපි එයාව ඔයා ගාවට එවන්නම්."


"හ්ම්ම්."


තිවේන් යුරේන්ගේ පැත්තට හැරී ඔහුට දෑස් වලින් සංඥාවක් දුන්නේ ආරක්ෂකයින්ට හෝටලය තුල සෑම තැනකටම බෙදී යන ලෙසින් අණ දෙන ලෙසටය. එසැනින් යුරේන් හෝටලයේ දොරෙන් පිටතට ගියේය.


පැය භාගයක් පමණ ගත විය..


තිවේන් සුදු පැහැ වයින් වීදුරුවක්ද අතැතිව දෑස් යොමු කලේ සාදයට පැමිණ සිටින අමුත්තන් දෙසය. උදෑසන ලැබුණු තොරතුර අනුව මෙතැනට ඔහුට වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයා පැමිණෙනු ඇත. එ නිසා ඔහුත් යුරේනුත් ආරක්ෂකයිනුත් අවධානයෙන් සිටියේ සැක කල හැකි පුද්ගලයෙක් එන තුරුයි..


"ශෙලී නේද අර එන්නේ ?"


මේසයේ සිටි එක් අයෙක් එසේ කිව්වේ දොරෙන් මතු වු රුව දෙස බලාගෙනය. එ සැනින් තිවේනුත් ඔහුගේ මවත් ඔවුන් දෙසට එන මිශෙල් දෙස බැලීය. ඈ අද වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් ය. ඇගේ සරාගී පෙනුම නිසා සාදයේ සිටි සියල්ලන්ගේම දෑස් ඇලී තිබුණේ ඈ මතය.


ශෙලීගෙ ගවුම 🖤🌌


"ඒ මිශෙල් සෙලීනියා නේද.. අර බංගලාවත්ත කේස් එක විසඳුවේ."


"රියලි.. ඒ එයාමද."


"මම හිතුවෙත් නෑ එයා එච්චර ලස්සනයි කියලා. මාරම සෙක්සිනේ."


"ඒකනේ."


නොයෙකුත් කාන්තාවන් ඈ දෙස බැලුවේ ඊර්ෂ්‍යාවෙන් පිරි දෑස් වලිනි. හේතුව පිරිමින්ගේ හිත් වල පවා හැඟීම් ඇවිස්සිය හැකි ඇගේ සරාගී රූ සපුව නිසායි. තිවේන් ඇතුළු ඔවුන්ගේ පවුලේ අය සියල්ල ඇගේ දෙස බලා සිටිද්දි ඈ ඔවුන් අසලට ගියාය.


"අපේ එක්කෙනා මේ ලස්සන කෙල්ලවනේ දාලා ඇවිල්ලා තියෙන්නෙ."


තිවේන්ගේ පාසල් කාලයේ මිතුරෙකු වන යුගේන් එසේ කියද්දි මිශෙල් තිවේන් අසලට ගියාය. මිශෙල් ඔහු දෙස බලද්දී ඔහුගේ තද නිල් පැහැ දෑස් ද ඇගේ කොළ පැහැ දෑස් වෙතට යොමු වී තිබුණි.


"මට ශෙලීව බලන්න එන්නත් බැරි උනානෙ. මුකුත් අවුලක් නෑනෙ නේද ?"


නිවේතා ප්‍රශ්න කලාය..


"නෑ අම්මා.."


"දැන් කොහොමද කේසස් එහෙම ?"


"මේ ටිකේ මම බිසී. මොකද මාෆියා ටීම් එකක් කරපු මර්ඩර් කීපයක්ම ගැන කේසස් මට තියෙනවා."


"Be careful ශෙලී.. ඒ අය හින්දා ඔයාට කරදරයක් වෙන්න බැරි නෑ."


නිවේතා එසේ කියද්දි මිශෙල් දෙතොල් ඇද සිනාසුනාය. ඒ සැනින් තිවේන් ඇගේ ඉනෙන් තදින් අල්ලාගෙන ඈව තමාගේ ලඟට ලං කරගත්තේ ඇගේ කන් පෙත්තට දෙතොල් තද කරමිනි.


"හැමදාම අඳින බ්ලේසර් එකටයි ට්‍රව්සර් එකටයි වඩා තමුසෙ මෙහෙම ඇන්දම ලස්සනයි."


"Like a beautiful angel."


ඇගේ රෝස පැහැ කම්මුලක දෙතොල් තද කල ඔහු ඇගේ ඉන තවත් තදින් මිරිකුවේය.


"ගෙදරදි කෑ ගහපු එකට සොරි. මං මේ දවස් වල ටිකක් ප්‍රෙශර් වෙලා ඉන්නෙ කියලා තමුසෙ දන්නවනෙ."


ඔහු කියද්දි ඈ ඔවුන් දෙස බලා සිටින අයට පෙනෙන්නට ඔහුගේ මුහුණට අත තැබුවාය..


"මං දන්නවා. ඒත් ඔයා ඔහොම ඕනවට වඩා ප්‍රෙශර් වෙලා ඉන්න එපා කිසිම දේකට."


"හ්ම්.. කොහොමත් ප්‍රෙශර් නැති කරන්න මගෙ ලස්සන වයිෆ් ඉන්නවනේ."


ඇගේ ගෙල මතින් සිප ගැන්මක් තවරා ඔහු ඇගෙන් ඈතට ගියේ මිතුරෙකු කතා කල නිසයි. ඔහු යන දෙස බලා සිටි ඈ, අත තිබූ 'Clutch' බෑගය මේසයක් මතින් තබා වටපිට බැලුවේ අනෙක් අයගේ ඇස් තවමත් තමා දෙසට හැරී ඇත්ද තහවුරු කරගැනීමටයි. කීප දෙනෙක්ගේ හැරෙන්නට සියල්ලන්ගේම අවධානය යොමු තිබුණේ ආගන්තුක සත්කාර කරන්නා දෙසටයි.


"මගෙ නෑනට මෙච්චර සෙක්සි බොඩි එකක් තියෙනවා කියලා මම දන්නෙ අදනේ."


ඇගේ දකුණු පසින් සිටගත් නිකෝ ද ලොරන්ට්, වයින් වීදුරුවක් අතේ තබාගෙන එසේ කියුවේ ඇගේ දෙස ගිජුව බලමින්. නිකෝ තිවේන්ගේ සුළු සහෝදරයා වුවත් නිකෝගේ ගතිගුණ තිවේන්ට වඩා හාත්පසින්ම වෙනස් විය. තිවේන් සෑම දෙයක්ම ගැඹුරින් දකින පරිණත පිරිමියෙකි. නමුත් නිකෝ යනු සියල්ල විහිළුවකට ගන්නා කෙලිලෝල පිරිමි ළමයෙකි.


"මෙච්චර කල් හංගන් ඉඳලා තියෙන්නෙ බොරුවට නේ."


ඔහු එසේ කියද්දී ඈ ඔහු දෙස බලා මදක් සිනාසුනාය..


"හංගන් හිටියෙ අනිත් අයගෙන්. ඒත් ඔයාගෙ අයියා නම් ඒ ගැන හොඳටම දන්නවා.. නිකෝ.."


ඇගේ කොළ පැහැ දෑස් වල බැල්ම එන්න එන්නම තියුණු විය. එනමුත් ඒ හමුවේ ඔහුගේ මුවගේ තිබුණේ සිනහවක් පමණි..


"එයා දන්න දේවල් ගැන.. අපිත් දැනගන්න ආසයි."


"හහ්.. ඒ ගැන ඔයාගෙ අයියගෙන් අහගන්න."


මතු වුණු සියුම් කෝපය සඟවාගෙන ඈ එසේ කිව්වේ සිනහවෙමින්. නමුත් එයත් තඹ සතයකටවත් ගණන් නොගත් නිකෝ ඇගේ ඉඟ වටා තම අත යැවීය..


"ඇයි ඔයාම මට පෙන්නන්නෙ නැත්තෙ. ඔයාගෙ ලස්සන ?"


........................................................... 🖤 ...


නිකෝ මල්ලි ඔයා වැඩ වරද්දගන්න වගේ හදන්නෙ. පහුවෙනිදට කැලේක අත පය නැතුව පොලිසියට හම්බ වෙන්න බැරි නෑ. මොකද ශෙලී ආස එහෙම 🤫


My Whatsapp Channel


හෙට ඉඳන් +18 Scenes තැනින් තැනින් හම්බ වෙයි ළමයි. කතාවෙ මුලම දෙන්නගෙ Scenes ස්කිප් කලේ පටන් ගත්තු ගමන් ඒවා දාන එක අවුල් නිසා. ඒ වගේම කවර් ෆොටෝ එක තව එපිසෝඩ් 5 කට වෙනස් වෙයි 🤧


Sachy Collins

Report Page