Miss. Anonymous - 4

Miss. Anonymous - 4

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"ගිහින් හැමෝටම කියමු මිශෙල් සෙලීනියා කියන්නෙ ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙවෙයි කිලර් කෙනෙක් කියලා."


තමාගේ සහෝදරයා දෑස් වලින් පෙන්වමින් කියන්නට උත්සහ ගන්නේ තමාගේ පිටුපස යම් කෙනෙක් සිටින බව යැයි රිහාෂාට කල් ගෙවි තේරුම් ගියාය. එ නිසා ඇය සෙමින් හිස හරවා පිටුපස හැරී බැලුවේ අත් වැට අත හරිමින්..


"......"


ඈ නිවසේ සිටින බව රිහාෂා කීයටවත් සිතුවේ නැත. පිටුපස සිටින ඇගේ කොළ පැහැ දෑස් වල තියුණු බැල්මට රිහාෂාගේ දෑඟිලි වෙවුලන්නට පටන් ගත්තේය. තමා තවත් මෙතැන රැඳී සිටියහොත් ඈ තමාව මරා දමන බව හැඟුණු රිහාෂා ජීවිතය බේරා ගන්නට එතනින් දුවන්නට උත්සාහ කලාය..


"ආහ්හ්.."


ඇගේ උත්සහය අසාර්ථක වූයේ මිශෙල් ඇගේ කෙස් වැටියෙන් තදින් අල්ලා ගත් නිසායි. ඈ කෑගසමින් බිම ඇද වැටුණි. අත් වැසුම් සහිත අත් වලට ඇදී ගිය කෙස් නිසා ඇගේ හිස රිදුම් කෑවේය.


"ආහ්.. අනේ.. අතාරින්න.. ප්ලීස්.."


රිහාෂා කෑ ගසද්දීම මිශෙල් ඇගේ කෙස් වැටියෙන් ඇද ඈව කෙළින් කලාය. ඒ සැනින්ම ඈ රිහාෂාගේ මුහුණ තදින් ලී කණුවකට ගසා සිර කර ගත්තේ පහල සිටි ඔහුගේ බියට පත් දෑස් දෙස බලමිනි.


"අනේ.. මම ඔයාට.. වදින්නම්.. මිශෙල්.. මාව.. අතාරින්න.. මම ඔයා කියන.. ඕනිම දෙයක්.. කරන්නම්.."


රිහාෂා එසේ කියද්දි ඇගේ රත් පැහැ දෙතොල් අග රැඳුනේ සමච්චල් සිනහවකි. ලී කණුවට තද වූ රිහාෂාගේ කම්මුල රිදුම් කෑවේය.


"මං ආසයි තමුන් වගේ මිනිස්සු මගෙ ඉස්සරහ වැඳ වැටෙනවට."


ඈ එසේ කියා රිහාෂාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයව ඇදගෙන ගියේ කලින් සිර කර සිටි කාමරයට ය. පහල පුටුවකට බැඳ දමා සිටි ඔහුට රිහාෂාගේ ලතෝනිය ඇසෙද්දි ඔහු දෑස් පියා ගත්තේය..


මිනිත්තු දහයක් පමණ ගත විය..


නිවස යලිත් නිශ්ශබ්දතාවයෙන් ගිලී ගියේය. ආලින්දයේ තනිව සිටි ඔහුට ඇසුනේ පිටත කැලෑවේ රැහැයියන්ගේ හඬ පමණි. නමුත් ටික වෙලාවකට පසු රැහැයියන්ගේ හඬට එකතු වූයේ ලී තරප්පුව බසින ඇගේ අඩි උස යුගලයේ ශබ්දයයි..


"මිනිස්සු මරණයට කොච්චර බයයිද.. නේද කවින්.."


ඈ තරප්පුව අසල සිට ඔහු ඉදිරියේ ඇති තිරය දෙසට පිය මැන්නාය. ඔහු බලා සිටියේ ඇගේ පෙනුම දෙසයි. ඈ ඇඳ සිටින කළු පැහැ ගවුමෙන් ඇගේ ශරීරය කැපී පෙනෙන්නේ පෙයාස් ගෙඩියක හැඩයටය. එමෙන්ම ඇගේ ශරීරයේ ඇත්තේ එකම වර්ණයකි. එය සුදු පැහැය නොවේ. නිවැරදිව කිව හොත් එය ලා දුඹුරු පැහැයට හුරු පැහැදිලි සමක් ය..


"ඒත් ඉතින් සමාව දෙන්න බැරි වැරදි කරපු මිනිස්සුන්ට ලැබෙන්න ඕනි දඬුවම මරණයම තමයි."


ඈ ඔහුව මග හැර ගොස් ඔහුට පිටු පසින් තිබූ ගින්දර දමා ඇති පෝරණුව තුල රත් වූ යකඩ කැබැල්ලක් අතට ගත්තේ හැඩ තළන අඬුවක් ආධාරයෙනි. රත් පැහැයට හැරුණු යකඩ කූර රැගෙන ඈ ඔහු අසලට ගියාය.


"ඒ උනාට මම ආසම මරණයට වඩා ඒ මිනිස්සු පණ පිටින් විඳවනවා දකින්න."


ඈ රත් වූ යකඩ කූර ඔහුගේ දෑස් ඉදිරියට ගෙන එද්දි ඔහු හිස දෙපැත්තට වනමින් දඟලන්නට පටන් ගත්තේය..


"දැන් බොරුවට දඟලන්න හදන්න එපා කවින්. තමුන් මතක් කරගන්නවා එදා තමුන් ඉස්සරහම කෙනෙක් ඔහොම බැගෑපත් උන හැටි.."


ඈ ඔහු බැඳ සිටි පුටුවේ එක් ඇන්දකින් තදින් අල්ලා ගත්තේ ඔහුගේ මුහුණේ තිබුණු බියපත් ප්‍රකාශනය ඒ කොළ පැහැ දෑස් වලින් රස විඳිමිනි..


"තමුන් හිතාගෙන හිටියෙ ඒක එතනින් ඉවර උනා කියලා."


"නෑ කවින්.."


"ඒක තමයි මේ හැමදේකම පටන් ගැන්ම."


එසේ කියූ ඈ රත් වූ යකඩ කැබැල්ල ඔහුගේ මුහුණේ දකුණු කම්මුලට තද කලාය. ඒ සැනින් ඔහු දඟලන්නට පටන් ගද්දි ඈ ඇගේ ශක්තිමත් අතකින් පුටුව අල්ලා ගත්තාය.


"තමුන් මගෙ හීල් එකට පෑගෙන වැලි කැටයක් තරම් වත් වටින්නෙ නැති එකෙක්.."


ඔහුගේ එක් කළවයක් උඩ යකඩ කැබැල්ල තද කල ඇය ඔහුගේ කෙඳිරිලි අසා සිටියේ දෙතොල් අග සිනහවක් රඳවගෙන ය. මෙවන් පුද්ගලයින් තමා ඉදිරියේ බැගෑපත් වීම, වේදනා විඳිම දකින්නට ඈ අන් කවරකටත් වඩා ප්‍රිය කළාය.


ඉතින් ඈ මිනිත්තු ගණනාවක් ගෙවෙන තුරු ඒ ආශ්වාදය වින්දාය. දැනටමත් ඔහුගේ සිරුරේ තැන් විස්සකටත් වඩා දරුණුවට පිළිස්සී ගොසින් ය. ඔහු ඒ සෑම වතාවකම විලාප තියන්නට උත්සහ කලත් මුවේ තිබූ රෙදි කඩ එයට බාධාවක් විය. පිළිස්සුනු සමහර තැන් වලින් රතු මස් මතු වී ඇත. නමුත් ඈ ඒ දෙසත් නොබලා, බලා සිටින්නේ තවමත් වේදනාවට බිම හාරන ඔහුගේ පාද වල ඇඟිලි දෙසය..


"I Love this.."


"I really love this.."


ඈ යකඩ කැබැල්ල අත හැර ඔහු දෙස හිස මදක් ඇල කර බලා සිටින්නේ කොළ පැහැ දෑස් වලින් සිනා සෙමින්‍ ය. වේදනාව නිසා ඔහු යම් ප්‍රමාණයක් අඩපණ වී ඇත.


"ඊලඟට තමුන්ගෙ නංගි."


ඈ එසේ කියා හැරුණේ පිටුපස තිරය දෙසටය. කැමරාවෙන් පටිගත වෙන කාමරයේ පුටුවක බැඳ දමා සිටින රිහාෂාව ඔහුට එහි දිස් විය.


"තමුන්ව පිසිකලි රිද්දනවා වගේ මම මෙන්ටලිත් රිද්දන්නම්."


"මම තමුන්ගෙ නංගිවත් තමුන් එක්කම මරලා දානවා. එහෙම හොඳයි නේද ?"


ඈ ලඟ තිබූ මේසයක කුඩා පිහියක් අතට ගත්තේ එහි තුඩ පිස දමමිනි. තිරයෙන් පෙනෙන රිහාෂා ඇත්තේ නිරුවතින් ය. එමෙන්ම ඇගේ ශරීරයේත් තැනින් තැන සීරුම් පාරවල් ය. ඔහුට මේ මොහොතේ කල හැකි එකම දෙයක් නම් මිශෙල්ට ශාප කිරීම පමණි..


"හොඳට බලාගෙන ඉන්නවා."


ඈ ඔහුගේ කෙස් වලින් තදින් අල්ලා ගත්තා ය. ඔහු මුලින් දුටුවාට වඩා දැන් ඇගේ කොළ පැහැ දෑස් වල බැල්ම වියරු ය..


"මම තමුන්ගෙ නංගිව පණ පිටින් හම ගහනවා."


"තමුන්ගෙ ඇස් ඉස්සරහම."


ඔහුගේ හිසෙන් කෙස් අහුරක්ම ගැලවූ ඈ කුඩා පිහියත් රැගෙන යලිත් ලී තරප්පුව නැග රිහාෂා සිටි කාමරයට ගියාය. ඔහුගේ බැගෑපත් හඬවල් අසමින් ඇය එම කාමරයේ දොර වසා අගුළු දැමුවාය. ඇගේ මේ අනපේක්ෂිත පැමිණීම හමුවේ රිහාෂා බිය වී කෑ ගසන්නට පටන් ගත්තේ පණ බේරා ගන්නට කෑ ගසනා සතෙකු පරිද්දෙන් ය.


"අනේ.. මාව මරන්න එපා.. මම......."


තවත් කිසිවක් රිහාෂාට කියන්නට නොදී ඈ ඇගේ දෙතොල් වලට දබරැඟිල්ල තබා නිශ්ශබ්ද වන ලෙස ඇඟෙව්වාය. රිහාෂා නිහඬව බලා සිටිද්දී ඈ රිහාෂාගේ මුහුණට සමීප වුණි..


"It's good for you to keep quiet."


එසේ කියූ ඇය කාමරයේ ජනේලය අසලට ගොස් එහි තිබූ තිරරෙදි ඈත් කර පරීක්ෂාවෙන් බැලුවේ නිවස අවට වටපිටාවයි. කැළය නිසා අවට ඇත්තේ සුළු අන්ධකාරයකි..


"මම දන්නවා. මගෙ අයියා පොඩි වරදක් නෙවෙයි කලේ. ඒකට එයාට සමාව දෙන්න බෑ තමයි. ඒත් එහෙම කියලා ඒකට පලි අරන් හරියන්නෙ නෑනෙ. අනික එයා කරපුවට මම......"


"මම එක දෙයක් තමුසෙගෙන් අහන්නම්. මට ඒකට උත්තර දෙනවා."


ඈ රිහාෂා ඉදිරියෙන් පුටුවක් ඇද ඉඳ ගත්තේ පිහි තලය ඇගේ එක් කළවයක් මතුපිටින් තබමිනි. පිහි තලය එන්න එන්නම තමාගේ කළවයට තද වන බව රිහාෂාට දැනුණි..


"තමුන් දැනගෙන හිටියනෙ එදා තමුන්ගෙ අයියා එහෙම දෙයක් කරනවා කියලා."


ඈ පිහි තුඩ තද කරමින් ප්‍රශ්න කරද්දි රිහාෂා හිස ඉහලටත් පහලටත් හිස සැලුවාය. එසැනින් ඈ රිහාෂාගේ කෙස් රොදක් අනෙක් අතට ගෙන පහලට ඇද්දේ රිහාෂාට දැනෙන වේදනාව දෙගුණ තෙගුණ වෙන්නටය.


"එහෙනම් ඇයි අයියා කරන්නෙ වරදක් බව දැනගෙනත් තමුන් සයිලන්ට් වෙලා හිටියෙ ?"


"මම.. අහ්.. එයාට කිව්වා.. එයාට ඒක කරන්න එපා කියලා මම කිව්වා එදා.. ඒත් එයා.. කියන එක ඇහුවෙ නෑ.."


"තමුන්ට තිබ්බා ඒක පොලිසියට හරි ඉන්ෆෝම් කරන්න."


"මම කොහොමද.. එහෙම කරන්නෙ.. ඒ මගෙ අයියානේ.. ආහ්හ්.."


රිහාෂාගේ කෑ ගැසිල්ලේ හඬ කාමරය පුරාම දෝංකාර දුන්නේය. දැනටමත් පිහියේ අඩක්ම ඇගේ කළවය පසාරු කරගෙන ගොස් අවසන් ය. සුදු පැහැ නිරාවරිත කලවය දිගේ ගලා යන ලේ බිඳු කිහිපය මත මිශෙල්ගෙ දෑස් රැඳී තිබුණි..


"තමුන් අද මම ඉන්න තැන හිටියොත් ගන්න ඩිසිෂන් එක මොකක්ද ?"


නිහඬ තත්පර කිහිපයකට පසු මිශෙල් ඇගෙන් ඇසුවේ ඇගේ කළවයේ තිබූ පිහිය එක වර ඉවතට අදිමින්. නමුත් කෙඳිරිලි හැරෙන්නට රිහාෂාගෙන් වචනයක් වත් පිට වුණේ නැත.


"Fu*kin people.."


මිශෙල් ඉඳගෙන සිටි පුටුවෙන් නැගිට රිහාෂාගේ පසුපසට ගොස් ඇගේ නිකටින් තදින් අල්ලා පිහි තලය ඇගේ දකුණු උරහිස මතින් ස්පර්ශ කලාය.


"මතක් කරගන්නවා කවින්.. එදා ඉඳන් අද වෙනකම් තමුන් ඉස්සරහා කී දෙනෙක් මෙහෙම කෑ ගැහුවද කියලා."


කැමරාව දෙස යටැසින් බැලූ ඇය රිහාෂාගේ දකුණු උරහිසේ සිට මැණික් කටුව ආසන්නයට වෙන තුරු පිහි තුඩ තද කර ඇද්දේ තත්පර දෙකකටත් අඩු කාලයකදීය. රිහාෂාගේ පිහි තුඩ ඇදී ගිය අතේ සම ගැලවී ගොස් තැනින් තැනින් ලේ ගලන්නට පටන් ගත්තේය. එලෙසම ඇගේ අඳෝනාවද කාමරය පුරා දෝංකාර දෙද්දි මිශෙල්ගෙ රත් පැහැ දෙතොල් වල සිනහව එන්න එන්නම වැඩි වුණි..


ඒ දෙස තිරයෙන් බලා සිටි ඔහුගේ දෙපා වල සිට කොඳු ඇට පෙලින් ගෙලට යන තුරු ශරීරය ශීතල වී ගියේය. රිහාෂාගේ අඳෝනාව ඇසෙද්දි ඔහු දෑස් වසාගෙන හිස ඉහලට හරවා ගත්තේ කරගැනීමට වෙනත් කිසිම දෙයක් නැති නිසායි. ඔහු විනාඩි කීපයක්ම රිහාෂාගේ හඬ බාල වන තුරු දෑස් පියන් සිටියේය. නමුත් ටික වෙලාවකින් ඔහුට ඇසුනේ යලිත් තරප්පුව බැස එන මිශෙල්ගෙ අඩි උස වල ශබ්දයයි..


"මේක පොඩි දෙයක් විතරයි කවින්.."


ඈ ඇගේ අතේ තිබූ ලේ තැවරුණු අත් වැසුම් ගලවා දමමින් හඬ අවදි කලාය..


"මීට වඩා දේවල් වලට රෙඩි වෙලා ඉන්නවා."


අත් වැසුම් ගැලවූ ඇය දුරකථනයත් අතට ගෙන ඔහු අසලට විත් ඔහුගේ වේදනාවෙන් පිරීගිය මුහුණත්, පිලිස්සුම් තුවාලත් දෙස බැලුවේ හිස් බැල්මකිනි..


"මං තමුන්ලා සේරම නොමරා මරනවා. මතක තියා ගන්නවා."


ඇගේ අඩි උස පාවහන් වල ශබ්දය ටිකෙන් ටික ඈතට යද්දී ඔහු දෑස් හිමිහිට විවෘත කලේය. එවිට ඔහු දුටුවේ ඈ නිවසේ දොර තදින් වසා යන ආකාරයයි. තිරයෙන් පෙනෙන රිහාෂා තවමත් ගැලවී ගිය උඩු සම නිසා වේදනා විඳිනු ඔහුගේ දෑසට යොමු විය..


........


වේලාව උදෑසන දහය පසු වී ඇත. අද ඇත්තේ හොඳින් හිරු එළිය වැටුණ පැහැදිලි වටපිටාවකි. නගරයේ මාර්ග වල තත්පරයක් පාසා ඉදිරියට ඇදෙන විවිධාකාරයේ වාහන දෙස 6 වැනි තට්ටුවේ සිට බලා සිටින සොනායාගේ දෑසට එකවරම හසු වූයේ ගොඩනැගිල්ල අසල නැවතූ තද නිල් පැහැ 'BMW' වර්ගයේ මෝටර් රථයයි. එ සැනින් ඈ විදුලි සෝපානයෙන් පහලට ගියාය..


"ආ.. මෙන්න මෙයා ඇවිත්.."


මෝටර් රථයට හේත්තු වී සිටින උස කඩවසම් පිරිමි ළමයා දෙසට පිය මනිමින් සොනායා එසේ කියුවාය. ඒ සැනින් ඔහුද ඇගේ දෙස බැලුවේය.


"මිශෙල්ව බලන්නෙ නැතුව ඉන්නම බැරිද ?"


සොනායා අසද්දී ඔහු සිනාසුනේය. ඔහු නමින් සදෙව් සුවහස් වික්‍රමනායක. වෘත්තීය අතින් වෛද්‍යවරයෙකු වූ ඔහු ජෝන් විජයවර්ධනගේ ලඟම හිතවතෙකි. මිශෙල් මුලින්ම මෙතැනට පැමිණි කාලයේ ඔහු ඇගේ මිතුරෙක් වුණි..


"කව්ද කිව්වෙ මම එයාවම බලන්න ආවා කියලා."


"කවුරුවත් කිව්වෙ නෑ. හැබැයි ලංකාවට ඇවිත් දවසක් ගියා විතරයි, ඉන්වයිට් එකක් නැතුව මෙහෙ එන්නෙ මොකටද ?"


"ඔයා ඕනි දෙයක් හිතා ගන්න."


ඔහුත් මිශෙල් මෙන්ම සෑම විටෙකම නිහඬ චරිතයකි. එනිසා ඔහුගේ සිතේ සැඟවී ඇති රහස් සොනායාට පැහැදිලිව කිව නොහැක.


"බොරු කියන්න එපා මනුස්සයෝ. තමුසෙ මිශෙල් බලන්නයි ආවෙ. හැබැයි ටිකක් පරිස්සම් වෙන්න වෙයි තිවේන්ගෙන්."


"ඇයි ?"


"මිශෙල් තමුසෙ එක්ක කතා කරනවා හරි දැක්කොත් තමුසෙගෙ බොඩිය හොයා ගන්න වෙන්නෙ මහවැලි ගඟෙන් තමයි. දන්නවනෙ තිවේන් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා."


සොනායා සදෙව්ගේ උරහිසට දබරැඟිල්ලෙන් අනිමින් එසේ කියද්දි, ගොඩනැගිල්ලේ පිවිසුම් දොරෙන් පිටතට ආවේ මිශෙල් ය. සුදු පැහැ දිගු කලිසමක්ද, පීච් පැහැ බ්ලේසරයක්ද ඇඳ සිටි ඇය දෙස ඔවුන් දෙදෙනාම බලා සිටියේ නොසෙල්වී ය.


"එහෙනම් ඔයාලා දෙන්නා යන ගමනක යන්න. මට වැඩ තියෙනවා."


සොනායා මිශෙල්ගේ උරහිසට තට්ටුවක් දමමින් ඇතුල් වීමේ දොරටුවෙන් ඇතුලට ගියාය. ඈ යන දෙස බලා සිටි මිශෙල් යලිත් හැරුණේ සදෙව් දෙසටය. එවිට ඇගේ නෙත ගැටුනේ ඔහු අත තිබූ ඈ කැමතිම දෙයක් දෙසටයි..


"පියනි.. ඔයා ආසම මල නේ."


ඔහු තමාගේ අත තිබූ ලා රෝස පැහැ පියනි මල් පොකුර ඇගේ අතට දුන්නේය. ඔහු දන්න කාලයේ සිට ඇගේ ප්‍රියතම මල වූයේ පියනි මලයි.


Peony සුවඳ වෙනස් උනත් මල හරිම Soft and Beautiful 🩷 හරියට නිකම් අපේ ශෙලී වගේ 🌷


"වැරදියට හිතන්න එපා ශෙලී.. ඔයා ආසම දෙයක් මට ගේන්න හිතුනා. එච්චරයි."


ඔහුගේ වදන් හමුවේ ඈ දෙතොල් ඇද සිනාසුනාය..


"මම දන්නවා.. ඒත් ඔයා මේ කොහෙ යන්නද හදන්නෙ ?"


"මිශ්කා මීට් වෙන්න. මට ගිහින් කෙල්ලව අවුස්සලා එන්න ඕනි."


"කොහෙද එයාලා ඉන්නෙ ?"


"මිසිස් වසුන්දරා බණ්ඩාරනායකගෙ ප්ලේස් එකේ. දැන් දවස් කීපයක ඉඳලා එයාගෙ දුව රිහාෂාවයි පුතා කවින්වයි දෙන්නම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ දෙන්නා ගැන කිසිම ට්‍රේස් එකක් නෑ. අනික හොඳම දේ මල්දෙණිය සීන් එකෙන් මැරුණ කොල්ලයි මේ ෆැමිලි එකයි දෙකම ක්ලෝස්. ඒ මැරිලා තියෙන්නෙ එකම සෙට් එකේ දෙන්නෙක්. ඒ නිසා මේකත් මිශ්කාට දුන්නා."


ඔහු බලා සිටියේ හිරු එළියට දිළිසෙන ඇගේ කොළ පැහැ දෑස් දෙසය. හේතුව නම් තමා කියනා දේ හමුවේ ඇගේ වටකුරු දෑස් වල තිබුණේ උනන්දුවක් නිසායි. නමුත් ඈ විශේෂ කාරණාවකට සවන් දෙද්දී මෙවන් දෑසක් හදා ගන්නා බව ඔහු දන්නා කලෙක සිට දැනගෙන සිටියේය.


"ඒ අය මාෆියා එකකට කනෙක්ෂන් තියෙනවද ?"


"කනෙක්ෂන් නෙවෙයි. උන් නැගී එන මාෆියා ටීම් එකක්. පොඩි පොඩි රොබරි දෙන සෙට් එකක්. උන් අද වෙනකම් කරපු වැරදි ගොඩක් තියෙනවා හොයාගෙන."


"ඒ දෙන්නගෙත් බොඩි අපිට හම්බවෙන්න පුළුවන් සමහර විට."


"මටත් හිතෙනවා ශෙලී. කෙල්ලයි කොල්ලයි දෙන්නම මැරිලා ඇති මෙලහකටම. ඒකත් කරන්න ඇත්තෙ අර නේම් ටැග් කිලර් තමයි."


"ඒ කිලර් ගැන මිශ්කා හොයාගෙන නැද්ද සදෙව් ?"


........................................................... 🖤 ...


මිශ්කා කිලර් ගැන හොයාගත්තොත් අටපට්ටමට කියන්න ඕනි හොඳේ 😅


තිවේන් දන්නෙ නෑනෙ එයාගෙ Little Wifey එයාට වඩා දරුණු දේවල් කරනවා කියලා 😪


Sachy Collins

Report Page