Miss. Anonymous - 3

Miss. Anonymous - 3

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"තිවේන් තමුසෙට හොඳට සලකනවා කියලා නම් මට පේනවා."


සොනායා තමාගේ කනට ලං වී එසේ කියද්දි මිශෙල් ඇගේ මුහුණ දෙස බැලුවා ය. සොනායාගේ කළු දෑස් තමාගේ දකුණු ලැම මත තිබූ රත් පැහැ සලකුණට යොමු වී තිබෙනු දැක ඇගේ කම්මුල් රෝස පැහැයට හැරුණි..


"Okay.. අපි ඒ ගැන ආයෙ කතා නොකර ඉමු."


සේවකයෙකු මේසය මතින් ඇණවුම් කල බීම වීදුරු තබා එතනින් පිටත්ව ගියේය. සොනායා සියල්ලන්ටම ඒවා බෙදා දුන්නාය.


"මට මතක් වෙනවා අපේ ඒ කාලෙ. ඉස්සර අපි කොච්චර නම් මිනිස්සු එක්ක වලි දාගත්තද.."


සෙරීනා එසේ කියද්දි සියල්ලන්ටම අතීතය මතක් විය..


"සොනායා තමා වලියට යන්නෙ හැමදාම. ඒකට හරියන්න ශෙලීත් වැරැද්ද කරට දාගන්නවා."


"අපෝ තාම ඒ නහර නැති වෙලා නෑ සෙරී.. මම කොහොමත් ලෝයර්ස්ලා එක්ක, විට්නසස්ලා එක්ක තාමත් මරාගන්නවා. ස්පෙශලි අර ලෝයර් ශෙරිල් එක්ක."


සොනායා කිව්වේ මුහුණෙන් අප්‍රසාදයක් පෙන්වමින්..


"ශෙරිල් හොඳ ලෝයර් කෙනෙක්."


"ඔව්.. කෙල්ලත් ශෙලී වගේම තමා. මාරම දක්ෂයි."


කෙනෙකු තමාව කෙතරම් අගය කලද මිශෙල්ගේ මුහුණේ ඇත්තේ යන්තම් සිනහවක් පමණයි. මිනිසුන් සිතන්නේ ඇය ඒ වර්ණනා නොසලකා හරින බවයි. නමුත් ඇගේ ගතිගුණ ගැන දන්නා අය එසේ සිතන්නේ නැත.


"ආයෙ සදෙව් කතා කලේ නැද්ද ?"


සොනායා අහද්දි මිශෙල් කල්පනාවෙන් පිටට විත් ඈ දෙස බැලුවේ පුදුමෙන්..


"සදෙව් එනවා කිව්වා ආයෙ ලංකාවට. මට කිව්වා තමුසෙට කියන්න කියලා. දැන් දෙන්නා වැඩිය කතා කරන්නෙ නෑනේ.. ඔව් ඉතින්.. තිවේන් දැන ගත්තොත් තමුසෙට පිරිමි යාළුවෙක් ඉන්නවා කියලා, සදෙව්ගෙ බොඩිය හොයා ගන්න වෙන්නෙ මා ඔයෙන් තමා."


"එහෙම නෑ. මගෙ ලිමිට් එකෙන් එහාට මම යන්නෙ නෑ කියලා එයා දන්නවා."


මිශෙල් එසේ කීවේ බිරිඳ හැටියට තිවේන් ගැන දන්නා නිසායි..


සදෙව් සුවහස් වික්‍රමනායක.. ඔහු වෘත්තීය අතින් වෛද්‍යවරයෙකි. ඔහුව මිශෙල්ට හමු වූයේ ජෝන් විජයවර්ධනගේ හිතවතෙකු නිසායි. ඈ රැකියාවට ආ මුල් කාලයේදි ඔහු සමඟ මිතුරු වුණි. ඔවුන් එකට වැඩ කලත් ගමන් බිමන් ගියත් විවාහයෙන් පසුව ඇය ඔහු සමග කතාබහ කලේ නැත.


"ආන්‍යා මොකෝ ඩ්‍රින්ක් එක අත ගගා ඉන්නෙ ?"


සොනායා අහද්දි, බීම වීදුරුවේ බටය කරකවමින් සිටි ආන්‍යා පියවි සිහියට ආවාය. ඇය සෑම විටකම නිහඬ චරිතයක්. නමුත් ඒ නිහඬතාවය ඉඟි කරන්නේ ඈ කල්පනාවක බවයි.


"නිකන්."


තද දුඹුරු පැහැ කොණ්ඩයක් හිමි, පැහැපත් ඇය මිශෙල්ගේම උසය. ඇගේ නම ආන්‍යා එලිස් මොන්ට්ගොමරි. පොහොසත් බර්ගර් පවුලකින් පැමිණි ඇයට අවශ්‍ය වූයේ කුමාරිකාවක් වීමට නොවේ. ඈ පොලිසියට බැඳීමට ආසා කලාය. දැන් ඇය රහස් පරීක්ෂකවරියකි.


........


හිතුවාටත් වඩා අද දිනය විඩා බරය. ඒ බව මිශෙල්ට දැනුනේ නිවසට එද්දි දැනුණ හිසරදය නිසායි. ඉතින් ඇය කිසිවෙකුට කතා නොකර තමාගේ කාමරයට ගියේ නා ගැනීමටයි..


ඈ කාමරයට ඇතුළු වෙද්දීම ඇගේ කාමරේ පාළු මකන්නා ඈ අසලට ආවේය..


"ප්‍රසිඩන්ට්.."


තැඹිලි පැහැ ලොම් ඇති 'Fluffy Cat' බළලෙක් ඇගේ සුරතලා විය. ඔහුට ඇත්තේ දකිනා ඕනෑම අයෙකු වශීයට ගත හැකි තරම් හුරතල් පෙනුමකි. නමුත් ඔහුත් මිශෙල් මෙන්ම නිහඬ, වෙනස්ම චරිතයක් බව දන්නේ නිවසේ වැඩ කරන කිහිප දෙනෙක් පමණි.


President 🍁 එයාට එහෙම නමක් දැම්මෙ ඇයි කියලා ඉදිරියට කියන්නම් 🧡


"මම වොශ් එකක් දාන් එන්නම්."


ඈ උගේ හිස අත ගා නාන කාමරයට පිවිසියාය. ඇඳ සිටි ඇඳුම් ගලවා ඉවත් කල ඇය ගියේ කණ්ණාඩිය ඉදිරියටය. ඊට පසෙක කුඩා මේසයක් මත තිබූ කටුව ගෙන ඈ ඇගේ නිදහසේ තිබූ කොණ්ඩය උඩින් රඳවා ගත්තේ කණ්ණාඩියෙන් පෙනෙන ප්‍රතිබිම්බය දෙස බලාගෙනයි.


ඇගේ නිරුවත් ශරීරය එකම පාටකි. එය රෝසට හුරු ලා දුඹුරු පැහැය කිවහොත් නිවැරදිය. අවුරුදු දාසයක පමණ ගැහැණු ළමයෙකුගේ මෙන් ඉහලට ඇති කුඩා පියයුරු, සිහින් දෙකලවා හා සිහින් ඉඟක් ඈට හිමි වී තිබුණි. නිශ්ශබ්දතාවය රැකගෙන ඈ තමාගේ සිරුරේ ලස්සන රස වින්දේ ටබ් එකට බැසීමට පෙරය..


ඇගේ නිදන කාමරය මෙන්ම නාන කාමරයද පිළිවෙලය. සෑම දිනෙකම ටබ් එක තද රෝස මල් පෙති වලින්ද කිරි මිශ්‍රිත වතුරින්ද අලුත් වන්නේ ඇගේ නියම කිරීමක් පරිදිය..


📲 Ring Ring


ටබ් එකට ඈතින් තිබූ කුඩා මේසයක් මත තිබූ ඇගේ දුරකථනය හදිසියේ නාද වෙන්නට විය. සාමාන්‍යයෙන් ඇය තමා යන සෑම තැනකටම දුරකථනය ගෙන යන්නේ හදිසියේ හෝ එන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමටයි.


"Hello.."


"ශෙලී මේ මම.. සදෙව්.."


වැසී තිබූ ඇගේ කොළ පැහැ දෑස් ක්ෂණිකව විවෘත වන්නට ගියේ තත්පරයෙනුත් භාගයකි. එසැනින් ඈ නැගිට නාන කාමරයේ දොර දෙස බැලුවේ කාමර තුල කිසිවෙකු නැත්දැයි තහවුරු කරගන්නටයි.


"සදෙව්.."


"හ්ම්ම් ?"


"ඔයා ලංකාවට ආවද ?"


"Yeah.. අද උදේ මම ලංකාවට ආවා ශෙලී. දැන් ඉතින් ආයෙ වැඩ පටන් ගන්න තියෙන්නෙ."


ඈ මද වේලාවක් ඉඳගෙන දුරකථන තිරයේ සඳහන්ව තිබූ ඔහුගේ නම දෙස බැලුවාය. ඈට ඇති එකම බය නම් මේ ඇමතුම තමාට පැමිණි බව හෝ තිවේන් දැන ගනීද යන්නයි.


"ආපු ගමන් විජයවර්ධන සර් ඔයාට වැඩක් බාර දෙන්න ඇති."


"ඔව්.. මට අද බොඩි දෙකක් චෙක් කරන්න උනා. අර මල්දෙණිය සීන් එක සම්බන්ධව. කේස් එක මිශ්කානෙ Handle කරන්නෙ."


"ඔව්.."


"මිශ්කා මාරම ගේමක් දෙන්නෙ එවිඩන්ස් හොයා ගන්න. අදත් තරහා ගිහින් හිටියෙ. හෙටත් යද්දි ගිනි බෝම්බයක් වගේ ඉඳී."


සදෙව් එසේ කියද්දි ඇගේ මුවේ සිනහවක් ඇඳුනේ ඉබේටමයි..


"හ්ම් හ්ම්.. මම හෙට එනවා ශෙලී හෙඩ් ක්වාටර්ස්. අපිට පොඩි ගමනක් යන්නත් තියෙනවා. ඔයා එන්නකො ඔෆිස් එකට."


"හරි.."


"එහෙනම්.. Good Night ශෙලී."


"Good Night සදෙව්."


ඔහු ඇමතුම විසන්ධි කරන තෙක් සිටි ඇය ටබ් එකෙන් බැස වතුර මල යටට ගියාය. මිනිත්තු විස්සක් පමණ යන විට ඈ රතු පැහැ සැටින් බාත්රොබ් එකක්ද ඇඟලා ගෙන නාන කාමරයෙන් පිටතට ආවේ තෙත කොණ්ඩය පිසදා ගැනීමටය. නමුත් ඈ දොර විවෘත කරද්දිම ඇගේ ඉදිරියේ සිටියේ නොසිතූ රුවකි..


ඇගේ තෙත කොණ්ඩයෙන් වැටෙන වතුර බිංදු ඇය ඇඳ සිටින ඇඳුම ටිකෙන් ටික තද පැහැයට හරවන අයුරු ඔහු නිහඬව බලා සිටියේය. ඈ හිස ඔසවා ඔහුගේ දෑස් දෙස බැලුවේ මදක් විසල් වූ දෑස් වලිනි.


"සදෙව් ලංකාවට ඇවිත්.. නේද.."


ඈව නාන කාමරයේ සුදු පැහැ දොරට හේත්තු කරගත් ඔහු එසේ ඇසුවේ ඇගේ කොළ පැහැ දෑස් දෙස බලාගෙන ය. තිවේන් තමාගේ නාන කාමරය ඉදිරියේ සිටි බව ඈටද නොදැනුණි.


"සදෙව්ට මතක් කරලා දෙන්න ආයෙ.. මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන් කියන්නෙ තිවේන් අබේනායකගෙ වයිෆ් කියලා."


"මොකද.. මට අයිති දේවල් වෙන කෙනෙක්ගෙ හිතේ තියෙන්න බෑ."


ඔහු කීවේ ඇගේ නිකටෙන් අල්ලාගෙනය. නමුත් ඒ හමුවේ ඇගේ මුවග රැඳුනේ සිනහවකි..


"ඔයා මගෙ කෝල්ස් අහන් ඉන්නවද ?"


"ඔහ් නෝ බේබි.. මට දෙයක් කියන්න ඕනි උනා තමුසෙට. දැන් ඒක මට කියන්න හිතෙන්නෙ නෑ. But.. Remember this.."


එසේ කියූ ඔහු ඇගේ සිහින් ඉඟෙන් තද කර අල්ලා ගත්තේ ඈට සෙලවීමට වත් නොහැකි වන ලෙසය. ඈ නිහඬව බලා සිටියදීම ඔහු ඇගේ ගෙලත් උරහිසත් අතර දසන් වලින් තද කර ගත්තේ ඇගේ මුවින් කෙඳිරියක් පිට වෙද්දියි..


"අහ්.."


ඇගේ දෑඟිලි ඔහුගේ කළු පැහැ කමිසය මිරික ගත්තේ, ඔහුගේ දසන් වලින් තද වූ ගෙලට දැනුණු වේදනාවටය..


"සදෙව්ට ඕනෑවට වඩා ලං වෙන්න හැදුවොත් හැමදෙයක්ම මීට වඩා දරුණු වෙයි.. තේරුණාද ?"


එසේ කියූ ඔහු ඈව අතහැර දැමුවේ පිටුපසට විසි වන ලෙසින්..


"මම දන්නවා මගෙ වයිෆ් එහෙම කරන්නෙ නැති වෙයි කියලා.."


ඈ ඇගේ තුවාල වුණු ගෙලද එක අතකින් අල්ලාගෙන ඔහු කාමරයෙන් පිටව යන අයුරු බලා සිටියාය. ඔහු එදා සිට සදෙව්ගේ නම ඇසීමටත් අකමැතිය. එ‍ය කොතැනකින් පටන් ගත් ඊර්ෂ්‍යාවක්ද කියාවත් ඈ දන්නේද නැත..


........


හිරු රැස් වලින් ඒන්ජල් විල වට කරමින් නව දිනයකට ආරම්භයක් එකතු කළේය. ඒන්ජල් විලට එපිටින් ඇත්තේ ජනාකීර්ණ ප්‍රදේශයකි. එහි සිටින මිනිසුන් ජීවත් වන්නේ ඒන්ජල් විල නරඹන්නට එන සංචාරයකන්ගෙන් ලැබෙන මුදල් වලින් ය. සංචාරකයින් ඒන්ජල් විලේ බෝට්ටු සවාරි යෑමට වඩාත් ප්‍රිය කරයි. එමෙන්ම ඔවුන් එහි සුන්දරත්වය බැලීමට කුඩා හෝටල් වල දින ගණන් නතර වී සිටිති..


ඒන්ජල් විල ⛰️ ඒක ස්වාභාවිකව හැදුන එකක්. පහළ ලොකු Bungalow එක තිවේන්ගෙ ගෙදර. ඒ ගෙදර ඉඳන් පිංතූරයේ වම් පස අවසානය වෙනකම් තියෙන්නෙ තිවේන්ගෙ ගෙදර සම්පුර්ණ වපසරිය 🖤


ජනාකීර්ණ ප්‍රදේශයට පිටුපසින් ඇත්තේ අක්කර සියයකට ආසන්න පයිනස් කැළයකි. ඒන්ජල් විල ආසන්නයට එය උස කන්දක් ලෙසින් පෙනෙයි. ඒ කැළයත් පසු කල විට ඇත්තේ නගර දෙකක් යා කරන පාළු මාර්ගයකි. මාර්ගය දිවෙන්නේ පයිනස් වගා දෙකක් වෙන් කරමින් ය. ඒන්ජල් විලට උසින් අඩුවට පෙනෙන පයිනස් කන්ද රුසියානු ජාතික වෛද්‍යවරයෙකුට අයත් වන අතර, අතහැර දැමූ බංගලාවක් සහිත අනෙක් උසින් වැඩි කන්දක පිහිටි අක්කර සියයේ පයිනස් වගාව අයිති වන්නේ ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ය. ඔහුගේ නම මිහිත් ඇන්ඩර්සන් ය. ඔහුගේත් ඔහුගේ බිරිඳ ලිලී ඇන්ඩර්සන්ගෙත් එකම දරුවා මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන් ය.


මිශෙල් මිනිස්සු හිර කරන් ඉන්න බංගලාව 🏰 මේක දැන් ගොඩක් පරණ නිසා ඔය පෙනුමෙන් තියෙන්නෙ. නමුත් මෙතන පිංතූරයේ පේන තරම් බංගලාව අවට එළි පෙහෙළි වීමක් නෑ 🌲


බංගලාවට යා හැකි විවෘත වූ මාර්ගය හා ගේට්ටුව ඇත්තේ වල් වැදී ය. එම මාර්ගය සෘජුව, බාධක රහිතව, හොඳ තත්වයේ තිබුණත් බංගලාවට යා හැකි තවත් සැඟවුණ මාර්ග කිහිපයක්ද තිබුණි. එනමුත් ඒවා පිහිටා ඇත්තේ ප්‍රෙහේලිකාවක් ආකාරයටය. ඒ බව හරි හැටි නොදන්නා කෙනෙකු පයිනස් යායට ඇතුළු වූවද බංගලාවට ලේසියෙන් ලඟා විය නොහැක.


"අහ්.."


රිහාෂාගේ කෙඳිරිය බංගලාවෙ එක් කාමරයක දෝංකාර දුන්නේය. ඈ සිටියේ ලී පුටුවක බැඳ දමාය. ඇගේ දෑත් පිටුපසින් එකට කර කළු පැහැ කේබල් ටයි එකක් දමා, පාදද පුටුවේ කකුල් අතරට වෙන ලෙස බැඳ දමා තිබුණි. කාමරයේ කොනක කැමරාවක්ද තිබුණි. තත්පරයෙන් තත්පරයට ඇසෙන ඔරලෝසු කටුවේ ශබ්දයට අමතරව ඈ ඉදිරියේ තිබූ කැමරාවේ රතු පැහැ කුඩා බල්බයද රටාවකට දැල්වුණි.


ඈ දෑස් විවෘත කර ගැනීමට හැකි වූ විගස බැලුවේ කාමරය දෙසයි. බැලූ බැල්මට එහි ගුප්ත බවක් පෙනෙන්නට නැත. නමුත් බිම තැනින් තැන ඇති ලේ පැල්ලම් දුටු ඇයට පිළිකුලක් දැනුණි. ඈ තවත් ඒ දෙස නොබලා බැඳ තිබූ අත පය ලිහා ගන්නට ක්‍රමයක් කල්පනා කලාය.


රිහාෂා සිටින්නේ කාමරය මධ්‍යයේයි. ඇයට මීටර් දෙකක දුරින් කුඩා මේසයක් ඇත. ඒ මේසය උඩ කුඩා වීදුරුවක්ද වතුර ජෝගුවක්ද ඇත. එය දුටු ඇයට ආවේ කදිම අදහසකි.


'මම මේ ග්ලාස් එක ටේබල් එකෙන් වට්ටලා කඩා ගත්තොත් ඒ වීදුරු කටුවකින් මට පුළුවන් මගෙ අතේ ටයි එක කඩා ගන්න. ඊට පස්සෙ මට මෙතනින් පැනලා යන්න පුළුවන්' යැයි සිතූ රිහාෂා පුටුව සෙමෙන් සෙමෙන් චලනය කලේ මේසය ආසන්නයට යාමට ය. ඈට මේසය අසලට යන්නට විනාඩි පහක් පමණ ගත වුණි. නමුත් ඈ ජීවිතයට ඇති ආදරය නිසා උත්සාහය අත හැරියේ නැත..


Crash..


ඈ මේසයට පුටුවේ කොනකින් පහර දී වීදුරුව බිමට දමා ගත්තාය. බිදුණු වීදුරු කටු දෙස බලා ඈ දෙපා වලින් පුටුව ඇල කලේ ඇයත් සමඟ බිමට වැටෙන ලෙසය. අවාසනාවකට මෙන් ඈ වැටුනේද වීදුරු කටු මතටය. එයින් ඇගේ උරහිසට හා දකුණු අතට තුවාල සිදු වුණි. නමුත් ඈ උත්සහය අත් නොහැර පුටුව ඒ මේ අතට චලනය කලේ ටයි කර ඇති දෑත් වලට වීදුරු කටුවක් ස්පර්ශ වෙනතුරුය. අවසානයේ ඇගේ උත්සහය සාර්ථක විය..


ඈ ඇඟිලි දෙකක් අතර වීදුරු කැබැල්ලක් රඳවාගෙන අත් බැඳ තිබූ ටයි එක කපන්නට පටන් ගත්තාය. එය සම්පූර්ණයෙන්ම කපා දැමීමට ඇයට බොහෝ වෙලාවක් ගත වුණි.


"ආව්.."


වීදුරු කටු වලට කැපී ගිය උරහිස එක අතකින් අල්ලාගෙන ඈ සිට ගත්තාය. හිරි වැටී ඇති පාද වලින් ඈ තේරුම් ගත්තේ තමා මෙතෙක් වෙලා සිහි නැතිව සිටි බවයි. තමාට එසේ කරන්නට ඇත්තේ, ඒ කොළ දෑස් ඇති යුවතිය බව ඈට සිතුණි..


රිහාෂා කාමරයේ දොර අසලට ගියාය. එය අගුල් දමා තිබුණේ නැත. ඉතින් ඇය දොර විවෘත කරගෙන පිටතට විත් එහි තිබූ කොරිඩෝව දිගේ ගමන් කලේ තුවාල වූ දෑතත් තදින් අල්ලාගෙන ය. කෙටි දුරක් ගිය පසු ඇයට පෙනුනේ අභ්‍යන්‍තර සඳලුතලයකි. එහි ලී කැටයම් යෙදූ අත් වැටට අමතරව ලී කණුද තිබුණි. උඩ ඇති ලීයෙන් තැනූ වහලයත් බිත්ති වල තැනින් තැන ඇති ලීයෙන් තැනූ විදුලි පහන් රඳවනත් දෙස බැලූ ඇයට පෙනී ගියේ මෙය සාමාන්‍ය නිවසක් නොවන බවත්, මෙය පැරණි තාලයේ බංගලාවක් බවත් ය.


ඈ සෙමෙන් සෙමෙන් ලං වූයේ අත් වැට අසලට ය. වහලයේ සිට පහලට වැටෙන පරිදි එල්ලා තිබූ දිළිසෙන ශැන්ඩලියර් පහන දෙස බැලූ ඇය අවසානයේ දෑස් යොමු කලේ පහල හිස් වූ ආලින්දයට ය. එහි යමෙකු පුටුවක ඉඳ ගෙන බව ඇයට පෙනී ගියාය. නමුත් ඒ සිටින්නේ කවුරුන්දැයි කියා ඈට හඳුනාගත නොහැකි විය.


"කව්ද ඔයා.."


රිහාෂා සිතුවේ ඒ සිටින්නේ මීට පෙර ඇයව මෙතැනට ගෙන් වූ කාන්තාව කියාය. නමුත් පුටුවේ සිටි තැනැත්තා ඉහලට හිස හරවද්දිම ඇගේ මුළු ශරීරයම සීතල වී ගියේය.


"අයියා.."


ඔහු සිටියේ පුටුවේ තදින් බැඳය. ඈ තමාට දැමූ ටයි එකකින් මෙන්ම පටියකින් ඔහුගේ අත්ද සිර වී ඇත. එමෙන්ම ඔහුගේ නළලේ සිට දෙතොල් දක්වා කම්මුල් දිගේ ලේ ගලා තිබුණි..


"එයාද ඔයාට ඔහොම කලේ ?"


ඔහුට කතා කිරීමට නොහැක. හේතුව ඔහුගේ මුව තුල සිරවී ඇති රෙදිකඩ නිසාය. නමුත් ඔහු රිහාෂා පණ පිටින් සිටිනු දැක සතුටු වූයේ සිනහවක් නගමිනි..


"මේ එයාම තමයි අයියේ. මම කිව්වා ඔයාට කවදා හරි මෙහෙම දෙයක් වෙයි කියලා. ඒත් ඔයා ඇහුවෙ නෑ."


ඈ හඬමින් කියවද්දි ඔහු නිහඬව බලා සිටියේ ය..


"ඔයා නිසා අද මටත් විඳවන්න වෙලා. මේ කෙල්ල අපිව මරලා දායි අයියේ. අනේ මට මැරෙන්න බෑ අයියේ. අනේ මොකක් හරි කරන්නකෝ."


ඈ අත් වැට තදින් මිරිකමින් ඔහු දෙස බලා හඬන්නට වූවාය. තමාගේ සහෝදරියටත් තමාටත් අත් වෙන්නට යන ඉරණම ගැන වැටහුන විගස ඔහුගේ දෑස් වලද කඳුළු පිරී ගියේය.


"දැන් ඒ කෙල්ල මෙතන නෑ නේද."


ඇගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔහු දෙපැත්තට හිස සැලුවේය..


"එහෙනම් මම ඔතෙන්ට එන්නම්. ඇවිල්ලා ඔයාව ලිහන්නම්. අපි දෙන්නම ඒ කෙල්ල එන්න කලින් මෙතනින් පැනලා යමු."


රිහාෂා එසේ කියද්දි ඔහු යලිත් හිස සැලුවේ එය කල නොහැක්කක් නිසායි..


ඈ සමඟ සෙල්ලම් කල හොත් මෙය මීට වඩා දරුණු ලෙස අවසන් වන බව ඔහුත් රිහාෂාත් දනී. ඈ මතක් වෙන සෑම විටකම රිහාෂාගෙ මනසේ මැවෙන්නෙ මීට පෙර දිනයක ඈ තරහින් තමාට කතා කල ආකාරයත් තමාව ගල් ඇතිරූ බිමේ ඇදන් ආ ආකාරයත් ය.


"එයා දැනටත් මටයි ඔයාටයි කරලා තියෙන දේ පේනවා නේද.."


රිහාෂා තමාගෙ මුහුණේත් ශරීරයේත් සීරුම් තුවාල පෙන්වමින් ඔහුට එසේ කියද්දි ඔහු දෑස් යොමු කලේ ඇයට පිටුපසින් මතු වූ කොළ පැහැ දෑස් වලට ය. ඒ සමඟම ඔහුගේ විසල් වී දෑත් වෙවුලන්නට පටන් ගත්තේය.


"මම කියන දේ අහන්න. අපි තවත් මෙතෙන්ට වෙලා මෙහෙම හිටියොත් අපිට පණ පිටින් එළියට යන්න වෙන්නෙ නෑ අයියේ. ඒ නිසා අපි මෙතනින් පැනලා යමු."


පහල සිටින ඔහුගේ විසල් වූ දෑස් තමාට අඟවන්නට උත්සාහ කරන්නේ කුමක් දැයි රිහාෂාට සිතාගත නොහැක. එලෙසම ඇයට පිටුපසින් ඈ දෙස හිස මදක් නවාගෙන උමතුවූ බැල්මකින් බලා සිටින කාන්තාව පෙන්වීමට ඔහු දෑස් වලින් පමණක් නොව, ශරීරයෙන්ද උත්සහ ගත්තේය.


"ගිහින් හැමෝටම කියමු මිශෙල් සෙලීනියා කියන්නෙ ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙවෙයි කිලර් කෙනෙක් කියලා."


........................................................... ♥️ ...


රිහාෂා ගිහින් කියයිද නැත්තම් මෙතනින්ම අන්තිම හුස්ම හෙලයිද 😪


❗Sorry ළමයි කතාව දෙන්න පරක්කු උනාට. මේ ටිකේ මට පෞද්ගලික ප්‍රශ්න වගයක්. කතාව ලියන්න අමාරුයි එහෙම තියෙද්දි..


Sachy Collins

Report Page