Miss. Anonymous - 2

Miss. Anonymous - 2

Sachy Collins
🚫 Do not copy or share without author's permission

Previous


"Can't you recognize me ?"


ඇය එසේ කියද්දි රිහාෂා විසල් වූ දෑස් වලින් ඇගේ පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා බැල්මක් යොමු කලේ පුදුමයෙනි. මන්ද යත් මේ රූපය ඈ පෙර දිනක ඇගේ සහෝදරයාගේ දුරකථනයෙන් දැක තිබූ නිසායි.


"මිශෙල්.. සෙලීනියා.."


'Bodycon dress' වර්ගයේ කළු පැහැ අත් පටි සරාගී ගවුමකින් සැරසුණු ඇගේ ශරීරය පෙයාස් ගෙඩියක හැඩැතිය. එමෙන්ම පසු පසට පීරා ඇති ඇගේ 'Honey blonde' පැහැ කොණ්ඩයද හිරු එළිය නිසා රන් පැහැයෙන් දිළිසෙයි. රිහාෂාට අදහා ගත නොහැක්කේ ඈ මෙවැනි ස්ථානයක කුමක් කරනවාද යන්නයි.


"එහෙනම්.. ඔයා.. මාව අඳුනගත්තා.."


"So.. Welcome to my place."


හිස ඇල කරමින් මුවඟ සිනහවක් රඳවන් ඇය එසේ කියුවේ රිහාෂාව මදක් බියට පත් කරමිනි. එහෙත් කලින් තමාට ලැබුණු දුරකථන ඇමතුම් හා මිශෙල් අතර ඇති සම්බන්ධතාවය ඇයට තවමත් සිතාගත නොහැක.


"එතකොට ඔයාද මට කෝල් කලේ ?"


රිහාෂාගේ පැනයට ඇගේ පිළිතුර වුණේ හිස සෙලවීමක් පමණි.


"කෝ එයා."


"එයා කිව්වේ ?"


"මගෙ අයියා."


"අහ්.."


කෙටි සිනහවක් පෙන්වූ ඇය රිහාෂා දෙසට සෙමින් පිය නැගුවාය. ඇගේ අඟල් හතරක පමණ උස පාවහන් යුගලයේ ශබ්දය පරිසරයේ නිහැඬියාව බිඳ දැමුවේය.


"මේ ඉන්නෙ එයාද ?"


ඈ තමා දෙසට දික් කල චායාරූපය දෙස රිහාෂා බැලුවේ විපරමින්. මේ රිහාෂා සෙවූ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතයි. නමුත් ඒ හැඳුනුම්පතේ තැනින් තැන තද රතු පැහැ ලේ තැවරී තිබුණි.


"ඔ..ඔව්.. කො..කොහෙද.. එයා ?"


හැඳුනුම්පතේ තැවරී ඇති ලේ සලකුණු දුටු විගස රිහාෂාට සිතුණේ මේ තමාගේ සහෝදරයාගේම රුධිරය බවය. එවිට ඇයට දැනුණේ බියක් මෙන්ම අප්‍රසන්න හැඟීමකි.


"එයා.. මැරුණද.."


රිහාෂා වෙවුලන හඬකින් ඇගෙන් ප්‍රශ්න කරද්දි ඈ නිහඬව සිනාසුනි..


"නෑ.. තවම නෑ.. හැබැයි.."


"කවදා හරි මැරෙයි."


ඈ කියනා දේ රිහාෂාට තේරුම් ගත නොහැක. නමුත් තමා දන්නා මිශෙල්ට වඩා ගැඹුරු රහසක් ඇති අයෙක් තමා ඉදිරියේ සිටින බව රිහාෂාට තේරුම් ගියාය.


"එයාව බේරගන්න ඔයා ආවට, ඔයාටත් වෙන්නෙ එයාට වෙන දේමයි."


"What !!"


රිහාෂා ගැහෙන්නට පටන් ගත්තේ තමා ඉදිරියේ සිටින ඇගේ දෑස් වල තියුණු බැල්මටත්, කතා කරන විලාසයටත් ය. ඇගේ කොළ පැහැ දෑස් මදක් විසල් වී, තරහවකින් පිරී ඇති බව රිහාෂාට පෙනුණි.


"I said what I wanted to say."


අඩි පහමාරකටත් වඩා උස ඇය රිහාෂාගේ මුහුණට නැවී එසේ කියුවේ දසන් එක් කරගෙනය. ඇගේ කරේ තිබෙන කිරි පැහැ පබළු මාලයේත් රුධිර බිංදු කිහිපයක් ඇති බව දුටු රිහාෂා ඇගෙන් ඈතට වුණේ කෑ ගසමින්.


"ප්ලීස්.. කවුරු හරි මට හෙල්ප් ක්රන්න."


රිහාෂා හිස බදාගෙන කෑ ගසද්දි ඈ ටිකෙන් ටික රිහාෂා ලඟට පිය මැන්නේ පිස්තෝලයක්ද අතැතිවයි. පිටුපසට අඩි තැබූ රිහාෂා තමාගේ දුරකථනය පිටතට ගෙන ඇමතුමක් ගැනීමට උත්සහ කලේ ඇගෙන් බේරීමටය. නමුත්,


"ආහ්.."


පිස්තෝලය ක්‍රියාත්මක වෙද්දී එයින් පිටට පැමිණි උණ්ඩයක් රිහාෂාගේ දකුණු පාදයට වැදුනේ තත්පරකටත් අඩු කාලයකදි ය. ඈ සමබරතාවය ගිලිහී බිමට වැටෙද්දී ඇගේ දුරකථනයත් බිම වැටී කොටස් වලට වෙන් විය.


"ඔයා ඇයි මෙහෙම කරන්නෙ.. මගෙ අයියා මොකක්ද කරපු වරද.. ආහ්.. අනික මට මෙහෙම කරන්නෙ......"


"Shut up b*tch."


දුරකතනයෙන් පිටතට විසි වු සිම් කාඩ් පත උඩ තමාගේ පාවහන් යුගලයේ තියුණු අඩිය තද කල ඈ රිහාෂාට තදින් එසේ කියුවාය. දසන් එක් කර ඈ කතා කරන ආකාරයට රිහාෂාගේ බය දෙගුණ තෙගුණ විය.


"From now on, It's good for you to keep quiet."


එසේ කියූ ඇය රිහාෂාගේ කෙස් වැටිය අත මිටට අල්ලා ගත්තාය. රිහාෂා උස් හඬින් කෑ ගසද්දි ඈ, ඇයව ඉන්ටර්ලොක් ගල් අතුරා ඇති බිම් තලය මතින් ඇදගෙන ගියේ බංගලාව වෙතටයි. ගල් මත වැදී සීරුණු රිහාෂාගේ මුහුණෙන් ලේ ගලන්නටද පටන් ගෙන ඇත. නමුත් එය නොතකා ඈ රිහාෂාව බංගලාවේ දොරටුවෙන් ආලින්දයට ඇදගෙන ගියාය. එසැනින්ම බංගලාවේ උස් දොර පියන් 'ක්රීක්' ශබ්දයෙන් වැසී ගියේය.


තත්පර ගණනක් ගෙවී ගිය පසු මුළු පරිසරයම පෙර පරිදිම නිහඬ වී ගියේ කිසිවක් නොවුණාක් මෙනි..


........


දින දෙකක් ගත විය..


"සර්.. පොඩි අවුලක්.."


සේවකයෙකු තම කාමරයට දුවගෙන විත් එසේ කියද්දි ගවේෂ හිස එසෙව්වේ කරමින් සිටි දෙයත් පැත්තකට දමමින්.


"ඇයි ?"


"අපිට බොඩි දෙකක් හම්බුණා මල්දෙණිය එස්ටේට් එකේ තිබිලා. අවුරුදු 29 ක වගේ බෝයි කෙනෙකුයි 25 ක වගේ ගර්ල් කෙනෙකුයි."


"විජයවර්ධන සර් එතනට ගිහින්ද ?"


"ඔව් සර්.. විජයවර්ධන සර් කිව්වා ඇන්ඩර්සන් මැඩම්වත් එක්කන් එන්න කියලා. ඒක ගොඩක් හිරිහැර කරලා කරපු ඝාතනයක් කියලා තමා සර් බලලා කිව්වේ."


"ඕකේ මම එන්නම්."


සේවකයා කාමරෙන් පිට වෙද්දි ඔහු පුටුවෙන් නැගිට්ටේය. කෙතරම් පළපුරුදු නිලධාරීන් සිටියත් අභිරහස් ඝාතනයක් සිදු වූ විට විජයවර්ධනට එය පවරන්නට සිතෙන්නේ මිශෙල්ට පමණි. ඒ බව සියල්ලන්ම දනී.


ඒ නිසා ඈ සොයා ගවේෂ සම්මන්ත්‍රණ ශාලාව අසලට ගියේය. ඔහු එතැනට යන විට ඇය සිටියේ රහස් පරීක්ෂක කණ්ඩායමක් සමඟ කතා කරමිනි. ඈ අද මෙතැනට ආවේ විජයවර්ධනට වාර්ථා කිහිපයක් ලබා දෙන්නටය.


"Due to the difference in rhesus, this death may have happened due to the mixing of their blood."


"He was bleeding profusely After the accident. That blood must have entered her body."


"Yes.. After the accident he fell on her body."


"Then......"


ගවේෂ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වෙද්දි, පරීක්ෂකවරුන් කියූ දේ පිළිබඳව නිහඬව අසාගෙන සිටි මිශෙල් ඔහු දෙසට හැරුණාය.


"මිශෙල්.."


"Yes ?"


"මල්දෙණිය එස්ටේට් එකෙන් ඩෙඩ් බොඩි දෙකක් හොයාගෙන තියෙනවා. කවුරු හරි අලුත් ගේම් එකක් පටන් අරගෙන වගේ."


"අලුත් ගේම් එකක් ?"


ඈ ඔහුගෙන් එසේ ඇසුවේ ඔහු දෙසට පිය මනිමිනි. ගවේෂගේ මුහුණේ තිබුණු නොඉවසිලිමත් භාවය දෙස ඈ ඇගේ සන්සුන් දෑස් වලින් බලා සිටියාය.


"මට හිතෙනවා අලුත් කෙනෙක් අපි එක්ක ප්ලේ කරන්න ආසාවෙන් ඉන්නවා කියලා."


"Really ?"


ගවේෂත් ඈත් දෙදෙනාම එතනින් පිටත්ව ගියේ මල්දෙණිය වතු යායටයි. මල්දෙණිය වතු යාය යනු හොර ගස් කැළයකි. එය අවුරුදු සියයකටත් වඩා පැරණි, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමක් ය. කැළය මායිමෙන් තාර එලූ මාර්ගයක් ඇති නිසා ඕනිම කෙනෙකුට කැලයට ඇතුළු වියද හැකිය.


"සර්.. අපි දැනට හොයා ගත්තු ඩීටේල්ස් අනුව මේ දෙන්නා Siblings ලා. තියුණු ආයුධයකින් තැනින් තැන තුවාල ඇති කරලා නිසා ගොඩක් බ්ලීඩ් වෙලා තියෙනවා වගේ. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නගේ ශරීර කොටසුත් තැනින් තැනින් අඩුයි."


"මේක නම් Revenge එකක් වගේ."


ගවේෂ පස් හා දිරා ගිය කොළ අතර තිබූ දේහ දෙස බලා එසේ කිව්වේ බැරෑරුම් ප්‍රකාශනයක් මුහුණෙන් පෙන්වමින්. සිරුරු දෙක පෙනුමෙන් ඉතාමත් පිළිකුල් පෙනුමක් ගත්තේ ඒවාට සිදුවී ඇති බාහිර තුවාල නිසාත් ඒවා දින ගණනක් පරණ නිසාත්ය. මෙය දුටු විගස සියල්ලටම සිතුණු එකම දෙය නම් වෛරයෙන් කිපුණු අයෙක් මේ දෙය කර ඇති බවය.


"තව ස්පෙෂල් දේවල් තියෙනවද ?"


මිශෙල් අඩි කිහිපයක් ඉදිරියට පිය මැන, මිශ්කා සමඟ සිටි ඒඩ්‍රියන්ගෙන් එසේ ඇසුවේ ඔවුන් දෙදෙනා ඇයටත් ගවේෂටත් පෙර එම ස්ථානයට පැමිණ තිබූ නිසාය.


"හිතා ගන්නවත් බැරි භාෂාවකින් ලියලා තියෙන නේම් ටැග් එකක් තියනවා."


"නේම් ටැග් එකක් ?"


"ඔව්.. දෙන්නටම නෑ. බෝයිගේ ඇඟිල්ලක ගැට ගහලා තියෙනවා. ඒකත් ගැට ගහලා තියෙන්නේ රතු පාට නූලකින්. පේන විදිහට ඒ නූල ලේ වලින් පොඟවපු එකක්."


මිශෙල් සිරුරු දෙස බලමින් කල්පනා කළා‍ය. ඒඩ්‍රියන්ටත් මිශ්කාටත් සිදු වුණේ ඇය කල්පනා කරන දෙස බලා සිටීමටය. ගවේෂ බලා සිටින්නේද මිශෙල්ගෙන් වචනයක් පිට වෙන තුරුය.


"ගවේෂ.. ඔයා දන්නවද ඇයි මේ බොඩි වලට නේම් ටැග් එකක් තියෙන්නෙ කියලා ?"


බැලූ බැල්මට කිසිවත් සිතාගත නොහැකි අයුරින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති කාඩ් පත දෙස බලා ඈ ගවේෂගෙන් එසේ ඇසුවාය. ගවේෂ ඇගෙන් මෙවන් ප්‍රශ්නයක් බලාපොරොත්තු වූයේ නැත.


"මොකද නැත්තෙ. කිලර් අපිට මේකෙන් මැසේජ් එකක් දෙනවා එයා ගැන හරි මේ මැරුණු කෙනා ගැන හරි. එහෙමත් නැත්තම් එයා අපිව අවුල් කරලා නොමග යවන්න හදනවා. මොකද ටැග් එකක් තියෙනකොට අපි ඒකට ඇටෙන්ශන් එක දෙන නිසා."


"ඔයා ගොඩක් දුර හිතලා. ඒත් එහෙම වෙන්නත් පුළුවන්.. එහෙම නොවෙන්නත් පුළුවන්."


ඈ සිරුරු දෙස අවසන් වතාවට බලා ජෝන් විජයවර්ධනගේ දෙසට හැරුණි. මෙය ඇගේ දෑස් වලට ගැටුණු තවත් එක් අපරාධයක් පමණි..


"කවුරු ප්ලේ කරත් මෙතනින් වින් කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි.. එක්කො කිලර්.. නැත්නම් නීතිය."


"මිශෙල් ඉන්නකම් අපි කවදාවත් ලූසර්ස්ලා වෙන්නෙ නෑ."


විජයවර්ධන එසේ කියද්දි මිශෙල් ඔහු දෙස බැලීය. මිශෙල්ගෙ පියා සමඟ වසර ගණනාවක සිට ඇති මිතුදම නිසා විජයවර්ධනට මිශෙල්ව විශ්වාස කිරීමට ගත වූයේ ටික කාලයක් පමණි. එදා සිට විජයවර්ධන, තමාගේ පෞද්ගලික තීරණය පරිදි විශේෂ නඩුවලට පවා මිශෙල්ව සම්බන්ධ කළාය. නමුත් එහි වරදක් පෙනෙන්නට නැත. හේතුව දෙපාර්තමේන්තුවේ පැරණිම අයටත් වඩා මිශෙල් දක්ෂ ලෙස තමාගේ වැඩ කටයුතු කල නිසායි.


"සර් මට මාෆියා කේස් එකක් අසයින් කලා මතකද. So මේ ටිකේ මම ඒක එක්ක බිසී. What about Mishka ?"


මිශෙල් තමා දෙස හැරී එසේ පවසනු දැක මිශ්කාගේ දෑස් විසල් වුණි. මිශෙල් ඇගෙන් බලාපොරොත්තු වුණේත් එවන් ප්‍රකාශනයකි.


"ම..ම.."


මිශ්කා මිමිණුවාය..


"සර්ම ඩිසයිඩ් කරන්න. අනික මම හිතනවා මිශ්කා මේක කරයි කියලා. එයත් ක්ලෙවර් ගර්ල් කෙනෙක්."


මිශ්කා නිහඬව මිශෙල් දෙස බලා ඉනු දැක ගවේෂගේ මුවගට සිනහවක් ආවේය. මන්ද, අදින් පසු මිශ්කාගේ කන් කෙඳිරිය ඔවුන්ට නෑසෙන නිසාවෙන්. සමහර අවස්ථාවල මිශ්කා කියුවේ තමා විජේවර්ධනගේ සහෝදරියගේ එකම දියණිය වුණත්, විජේවර්ධන මිශෙල් මෙන් තමා ගැන විශ්වාසය නොතබන බවය..


"මිශ්කා මාව මීට් වෙන්න ඔෆිස් එකට ගිහාම."


"හරි අන්කල්."


විජයවර්ධන කියූ දේට මිශ්කා එසේ පිළිතුරු දුන්නාය..


"Then Im leaving sir. I have a work to do in North Woods."


මිශෙල් විජයවර්ධනටත් ගවේෂටත් කෙටි සිනහවක් පෙන්වා එතැනින් පිට වෙන අයුරු සියල්ල බලා සිටියේ නිහඬවය. මිශ්කාද ඈ සැහැල්ලුවෙන් පිටව යන අයුරු බලා සිටියේ යටිතොල දසන් වලට තද කරගෙන ය.


(*North woods - town)


----


කැළෑව තුල ඇත්තේ සැලකිය හැකි තරම් අඳුරකි. රියදුරෙකුගේ අතෙහි තිබූ පන්දම් එළිය නිසා ඈට යලිත් මහා මාර්ගයට යාමට අපහසු වූයේ නැත. තමා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය අසලට ගිය ඇය එහි දොර විවෘත කලේ යලිත් කාර්යාලයට යාමට ය. නමුත්,


📲 Ring Ring


සාක්කුවේ තිබූ දුරකතනය අතට ගත් ඇය එහි තිරයේ පෙන්වන ඇමතුම දෙස බැලුවාය. එහි සඳහන්ව ඇත්තේ 'Zonaya' යන නමයි. ඉතින් ඈ ඇමතුමට ප්‍රතිචාර දැක්වුවාය.


"මම තමුසෙට කෝල් ගන්නවා ගන්නවා එකක්වත් ආන්ස්වර් කරන්නෙ නෑ. මතක නැද්ද අද දවස ?"


එය තරහ මුසු වුණ ගැහැණු ළමයෙකුගේ හඬකි..


"ඔයා ආවද ?"


"ආවද කියලත් අහනවා. ආන්‍යාත් ඇවිත් ඉන්නෙ කැෆේ එකට. තමුසෙට ඕක ඔච්චර ඉක්මනින් අමතක උනාද ශෙලී ?"


"Sorry සොනා. මම ඉක්මනින් එන්නම්. Wait for me."


"හහ්..."


සොනායා තවත් වචනයක් හෝ කීමට පෙර ඈ ඇමතුම නවතවා මෝටර් රථයට නැග්ගේ නගරයට යාමටයි. වැඩ රාජකාරි නිසා ඇයට සොනායාගේ හමුවද අමතක වී ගොස් තිබුණි.


මිනිත්තු විස්සක් ඇතුලත ඇය පැමිණියේ 'Palm & Pine' කැෆේ එක වෙතටයි. ඈ මේසය අසලට පැමිනෙන්නටත් පෙර සොනායා ඇයව තුරුලු කර ගත්තේ මෙය අවුරුද්දකට පසු වූ හමුවීමක් නිසායි..


"මට තමුසෙව මතක් උන තරමට තමුසෙට මාව මතක් උනේ නැද්ද ශෙලී ?"


සොනායා තමාව තුරුළු කරගෙන කියවන්නට පටන් ගද්දි මිශෙල්ගේ මුහුණේ රැඳුනේ සිනහවකි..


"Sorry සොනා.. විජේවර්ධන සර් යන්න ලඟ නිසා මට ගොඩක් කේසස් ගැන බලන්න උනා."


"අඩුම තමුසෙට තිබුණනේ මට මහ රෑට හරි කෝල් එකක් අරන් දුක සැප කියන්න. මම හිතුවා තමුසෙ මං එක්ක තරහා වෙලා කියලා."


"ඔයා එක්ක කොහොම තරහා වෙන්නද මං."


එසේ කියූ ඈ මේසයේ පුටුවක් ඇද වාඩි වුනාය. සොනායාද ඇයට පසෙකින් ඉඳ ගද්දි ආන්‍යා එතෙනට පැමිණි සේවකයෙකුගේ අතේ තිබූ ලැයිස්තුව අතට ගත්තේ සියල්ලන්ටම ඔවුන්ගේ කැමැත්ත පරිදි ඇනවුම් සිදු කිරීමටය.


"ඒ උනාට තමුසෙ වෙනස් වෙලා ශෙලී. මම ම මැසේජ් එකක් දාන්න ඕනි තමුසෙට දැන්."


"හරි දැන් අපි මීට් උනානේ.. ඒක නෙවෙයි.. ඔයා දැන් ඉඳන් අපි එක්කද වැඩ කරන්නේ ?"


"ඔව්.. මට පොඩි කේස් එකක් වික්‍රමනායක සර් බාර දුන්නා. ඒ ටික කරන ගමන් ඔයාටත් හෙල්ප් එකක් දෙන්නම්."


"ඒ කියන්නෙ ඔයා මෙහෙ ඉන්නවා ?"


"ඔව්.. මම අයියගෙ ගෙදර ඉන්නවා දැනට. පස්සෙ මගෙම කියලා ප්ලේස් එකක් හදා ගන්නවා."


ආන්‍යා සොනායාගෙ අතට ලයිස්තුව දුන්නා. සොනායා ලයිස්තුවේ උඩ සිට පහලට බැලුවේ තමා කැමතිම දේ ඇතත් මිශෙල් කැමතිම දේ ඇත්දැයි බැලීමටය.


"චොක්ලට් ලේට් නෙ ඔයා ආසම ?"


"Yeah.."


ආන්‍යා සෑම විටෙකම මිශෙල්ට හමුවන කෙනෙකි. නමුත් සොනායා මෙතෙක් කල් ජීවත් වුනේ ඇය උපන් ග්‍රාමයේ යි. ඇත්තෙන්ම මේ සොනායා කවුද ?


සොනායා අරන්දි මිද්දෙණිය.. දුඹුරු පැහැ සමක්, ඉන මට්ටමට 'Curtain bangs' කැපූ කළු පැහැ ඝන කොණ්ඩයක් හිමි ඇය අඩි හයක් පමණ උස යුවතියකි. ඇයට වයස 29 කි. නමුත් ඇය පෙනුමෙන් නිරූපණ ශිල්පිනියක් හා සමාන ලාබාල පෙනුමක් ඇති අයෙකි..


අවුරුදු 18 දී ඇයට අපරාධ විමර්ශකයෙක් වීමට අවශ්‍ය විය. ඉතින් ඇයට මිශෙල් හමුවෙන්නේ එතැනදියි. මිශෙල් ඈට වඩා අවුරුදු එක හමාරක් බාලය.


"සොනා.. අපි සින්ගල් උනාට ශෙලී මැරීඩ් නේ. එයා කොහොමත් මැරේජ් ලයිෆ් එකත් එක්ක බිසී. අනික තිවේන් ගැනත් ඔයා දන්නවනේ."


ආන්‍යාට එහා පසින් සිටි සෙරීනා එසේ කිව්වේ නොදැනුවත්ව හෝ මිශෙල්ගේ දෙතොල් වල සිනහවක් රැඳෙද්දියි. සෙරීනාද මිශෙල්ටත් සොනායාටත් මෙහිදීම හමු වූ මිතුරියකි..


"ඒ උනාට තිවේන් මාස ගාණක් හිටියෙ නෑනේ. ඒ කාලෙවත් අපිව කන්ටැක් කරගන්න තිබ්බා. අනික තිවේන් තහනම් කරලා නෑනෙ අපිට කතා කරන එක."


"තිවේන් එහෙම නෑ. එයා ශෙලීට හොඳට ට්‍රීට් කරනවා."


ආන්‍යා එසේ කියද්දි සොනායා මිශෙල් දෙස බැලුවාය. තිවේන් ගැන කතා කරද්දි මිශෙල් නිශ්ශබ්දව සිටින්නේ ඔහුව නොදන්නා කෙනෙක් මෙනි..


"තිවේන් තමුසෙට හොඳට සලකනවා කියලා නම් මට පේනවා."


සොනායා තමාගේ කනට ලං වී එසේ කියද්දි මිශෙල් ඇගේ මුහුණ දෙස බැලුවා ය. සියෝනාගෙ කළු දෑස් තමාගේ දකුණු ලැම මත තිබූ රත් පැහැ සලකුණට යොමු වී තිබෙනු දැක ඇගේ කම්මුල් රත් පැහැයට හැරුණි..


"Okay.. අපි ඒ ගැන ආයෙ කතා නොකර ඉමු."


........................................................... 🖤 ...


සුදු නෝනව ලැජ්ජාවට පත් කරනවනේ මේ සොනා 🤭


ඔන්න ඔයාලගෙ හිතේ තිබ්බ එක ප්‍රශ්නයක් දැන් විසඳුනා 🔓 ඒත් ඉදිරියට තව ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙයි..


පහලින් මම දාන්නම් මිශෙල් ගැන වැඩිදුර දැනගන්න Video එකක්. ඒක බලලා එයා ගැන ඔයාලගෙ හිතේ රූපය මවාගන්න 🌿🦋🍃


Sachy Collins

Report Page