Miss. Anonymous - 27
Sachy Collins
🔞 This episode contains sexual themes and mature.
"මට තමුසෙගෙන් අහන්න දෙයක් තියෙනවා ශෙලී.."
ඔහු සයනය මතින් ඉඳගෙන ඇගේ එක් පාදයක වළලුකරින් අල්ලා ලඟට ගෙන රත් පැහැ පතුල් වල තම දෙතොල් ස්පර්ශ කළේය. ඔහුගේ ස්පර්ශ වලින් කිතියක් දැනුණු නිසා ඇය නිදහසේ තිබූ දෑත් වලින් ඇඳ ඇතිරිල්ල මිරිකා ගත්තාය. වෙනදා ඇගෙන් එන සුවඳ අදටත් එලෙසමය. එය කෙදිනකවත් වෙනස් නොවෙන බවද ඔහු දනී.
"තව කී දෙනෙක් ඉතුරුද ?"
පතුල සිප ගනිමින් සිටි ඔහු එකවරම එවැනි ප්‍රශ්නයක් යොමු කරද්දී ඇය සිතුවේ ඔහු වැරදි ප්‍රශ්නයක් ඇසුවා හෝ ඔහු කියූ දේ තමාට වැරදියට ඇසුනා කියායි.
"What ?"
ඇය යලිත් ඔහුගෙන් ඒ ප්‍රශ්නය ගැන විමසුවාය..
"මම අහන්නේ.. තමුසෙ අර බංගලාවෙ හිර කරන් වද දීලා මරපු උන් වගේ තව ටාගට් කීයක් තියෙනවද කියලා."
ඔහු යටැසින් බලමින් එසේ කියද්දී ඇගේ සිරුර පුරාම පැතිරුණේ සීතලකි. මෙය ඔහුගේ නිර්ණයක් ද එසේත් නොමැති නම් ඔහු, තමන් එදා සිට කරන සියල්ල ගැන දැන නිහඬව සිටියාද. ඇය මදක් විසල් වූ කොළ පැහැ දෑස් වලින් ඔහු දෙස බලාගෙන කල්පනා කළාය.
"තමුසෙ හිතුවා මම ඒක දැනගන්න කල් යයි කියලා. එහෙම නේද ?"
ඔහු ඇගේ මෘදු දෙකලවා මත දෙතොල් තද කරමින් ඇසුවේය. ඇය තව දුරටත් ගල් ගැසී මෙන් බලා සිටියාය.
"එදා පාර්ටි එක දවසෙ තමුසෙ හොටෙල් එකේ ඕනර්ව මැරුවා ගිණි තියලා. එතන පාරෙ ටයර් වල මාක්ස් තිබුණ නිසා පහුවෙනිදා උදේ ගිහින් තමුසෙ කාර් එකේ ටයර්ස් ටික මාරු කරා."
ඔහුගේ ස්පර්ශයන් ඇයට දැනුණේ නැත. ඇගේ සිත වෙනත් අතකට ගොස් ය. ඔහු කියූ දේ වලින් ඇය පුදුමයට පත් වූවාය. හැකි සෑම විටෙකම ඇය උත්සහ කළේ තමා කරන සියල්ල ඔහුට දැන ගන්නට ඉඩ නොතබන්නට ය. ඔහු කවදා හෝ මෙය දැනගන්නා බවට ඇය හොඳින්ම දැන සිටියාය. නමුත් මෙතරම් ඉක්මනින් නොවේ..
"CID එක හොයන නේම් ටැග් කිලර් එයාලා එක්කම වැඩ කරනවා කියලා එයාලා දන්නෙ නෑ."
මිශෙල් වෙනත් අතක් බලාගෙන නිහඬව සිටිද්දී ඔහු කළේ ඇගේ සිරුර සිප ගත් එකය. ඇය තම සිතේ ඇති පුදුමය මුහුණෙන් නොපෙන්වන්නට ගන්නා උත්සහය දෙස ඔහු බලා සිටියේය.
"මම තමුසෙගෙ දේවල් වලට Involve වෙන්නෙ නෑ ශෙලී. මේ දේවල් කරන්න තමුසෙට හේතුවක් ඇති. තමුසෙ කැමති නම් මට ඒ හේතුව කියන්න. මම කැමතියි තමුසෙට උදව් කරන්න තමුසෙගෙ ටාගට් එකට යන්න. අකමැති නම් මම ආයෙ ඒ ගැන හොයන්නෙ නෑ."
ඔහු කියද්දී ඇය ඔහු දෙස බැලුවාය. ඇය සිතුවාට වඩා ඔහු දහස් ගුණයකින් වෙනස් පුද්ගලයෙක් ය. සෑම දෙයක්ම දැනගෙනත් නිහඬව සිටින්නට ඔහු දක්ෂයෙක් බව ඇය අද දැන ගත්තාය.
"ඔයා කොහොම මේවා දැන ගත්තෙ ?"
ඇය සන්සුන්ව ඔහුගෙන් ඇසුවාය..
"තමුසෙ හැසිරෙන විදිහෙන් මට තේරුණා. පස්සෙ මම ඒ ගැන හෙව්වා. එදා තමුසෙ කාර් එකෙන් GPS එක අයින් කරාට, ෆෝන් එකේ ලොකේෂන් එකත් ඕෆ් කරාට මට තමුසෙ ගැන හොයන්න වෙන ඔප්ෂන්ස් තිබුණා."
ඔහු එසේ කියද්දී ඇය දිග සුසුමක් හෙලා සඳලුතලය දෙසට දෑස් යොමු කළාය. ඔහු, තමන් කරන සෑම දෙයක්ම දැනුවත්ව සිටිනවාට ඇගේ අකමැත්තක් නැත. නමුත් අදින් පසුව ඔහු තමාගේ වැඩ වලට පැටලුනොත් එය තමාට ප්‍රශ්නයක් වනු ඇතැයි ඇයට සිතුණි.
"මගෙ දේවල් වලට අත දාන්න එන්න එපා.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.. අදින් පස්සෙ මං ගැන හොයන්න එන්නත් එපා.. මම ඒකට කැමති නෑ.."
දිගු නිහඬතාවයක් පසුව ඇය කීවේ ඔහු දෙස බලමිනි..
"තමුසෙ අකමැති නම් මම එහෙම කරන්නෙ නෑ."
කියූ ඔහු ඇයට ලං වී ඇගේ දෙතොල් සිප ගන්නට පටන් ගත්තේය. ඇය තවමත් ඔහු පැවසූ දේ ගැන කල්පනා කරමින් සිටියේ පැරණි රටාවකට නිර්මාණය කර තිබූ සියනට දෑස් යොමු කරගෙනය. නමුත් එකවරම ඔහු පහලට නැවී ලැම දසන් වලට තද කරගද්දී ඇය කල්පනාවෙන් පිටට ආවාය.
"Just forget about it."
ඔහුගේ දෙතොල් ස්පර්ශ සෙමෙන් සෙමෙන් නැබෙන් පහලට ගමන් කරද්දී ඈ දෑස් වසාගෙන හිස යට තිබූ සුදු පැහැ කොට්ටය අතකින් මිරික ගත්තාය. මද වෙලාවකින් ඔහු තම දෑත් වලින් ඇය ඇඳ සිටි 'Lace boyshort' එක පහලට ඇද්දේය. ඒ සමඟම ඇගේ දෙකම්මුල් රත් පැහැයට හැරුණේ ලැජ්ජාවක් දැනුණ නිසායි. එය ඔහු දුටුවේය.
"මොන වයිෆ්ද තමන්ගෙ හස්බන්ඩ් ඉස්සරහා ලැජ්ජ වෙන්නෙ? හ්ම්?"
එදා මුළුතැන්ගෙයි සිදු වූවා මෙන්ම අදත් කයට දැනෙන සුමුදු ස්පර්ශයන් හමුවේ ඇගේ දෑස් පියවී ගියේය. අදුරු වූ කාමරය තුලින් ඔහුටද ඇසුණේ ඇගේ කෙඳිරිලි පමණි. එලෙසම කාමරය පුරාම ඇගේ හුරුපුරුදු සුවඳ පැතිරී තිබුණි.
කිසි දෙයක් නොවුණාක් මෙන් ඔහු මෙලෙසින් හැසිරෙන්නේ කෙසේද. ඇය කල්පනා කළාය. මීට මිනිත්තු ගණනකට පෙර ඔහු කියූ දේවල් තවමත් ඇගේ හිස තුල සැරි සරන්නේය. දැනෙන ස්පර්ශයන්ගෙන් මත් වූ ඈ ඔහුගේ හිසකේ ඇඟිලි වලට තද කරමින් දෑස් වසාගෙන කල්පනා කළාය.
"අහ්.."
මැදියම් රැයත් පසු වුණ බව ඇයට දැනුණේ නැත. දිගු වෙලාවක සිට යටි කයට දැනෙන රළු ස්පර්ශ හමුවේ ඈ දෑස් තදින් වසාගෙන, දෑත් වලින් කොට්ටයද තද කරගෙන සිටියාය. මුවින් පිටවෙන කෙඳිරිලි ඈටද නවත්වා ගත නොහැකිය. ඇගේ දෙපා වල ඇඟිලිද එකට ගුලි වෙමින් ඒ වේදනාව දරා ගත්තාය.
එකවරම ඔහු නැවතුණි. ඈ දෑස් විවර කරද්දී ඇගේ මුහුණ දෙපස දහඩියෙන් තෙමී තිබුණි. ඇඳ ඇතිරිල්ල තද කරගෙන සිටි ඇගේ ඇඟිලි ටිකෙන් ටික ලිහිල් විය. නමුත් වේදනාව එලෙසමය. මද වෙලාවකින් ඔහු ඇගේ මුහුණට ලං වී ගෙල මත දෙතොල් තද කළේය.
"Good night."
කියූ තිවේන් ඇයට එහා පසින් හාන්සි වී ඇගේ ඉන මතින් එක් අතක් තද කර ගත්තේය. පසුගිය දින කිහිපයේම නින්ද අඩු නිසා ඇගේ ඇහිපිය කොන් රතු පැහැයට හැරී තිබුණි. ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය. මිනිත්තු ගණනක්ම සියන දෙස බලා සිටි ඇගේ දෑස් ටිකෙන් ටික පියවෙන අයුරු ඔහු දුටුවේය. ඇයට නින්ද ගිය පසු ඔහු ඇගේ අඩ නිරාවරිත සිරුර වැසෙන්නට ඇඳ ඇතිරිල්ල පොරවා, සයනයෙන් නැගිට කාමරයෙන් පිටතට ගියේය..
නව දිනයකට ආරම්භයක් ලබා දෙමින් නැගෙනහිර දෙස කඳු පන්ති අතරින් හිරු නැගීගෙන ආවේය. හිරුගේ රැස් ටිකෙන් ටික සඳලුතලයෙන් එබී කාමරය එළිය කරද්දී මිශෙල්ට තවත් දෑස් වසාගෙන සිටින්නට අපහසු විය. ඇය හෙමිහින් දෑස් විවර කළාය.
ඊයේ රාත්‍රියේ තමා සමඟ සිටි තිවේන් දැන් සයනයේ නැත. සමහරවිට ඔහු ඔහුගේ රාජකාරිකට උදයේම පිටත්ව යන්න ඇතැයි කියා සිතා ඈ සයනයෙන් වාඩි වුනාය. වෙනදා මෙන්ම අදත් වෙනසක් නැත. ඇයට මුළු සිරුරම තලා දමා මෙන් දැනුණාය. ඇඳ සිටි 'Lace bralette' එකට තද වී තිබූ ලැම ඉදිමී රිදුම් කන නිසා ඇය එය ගලවා සයනයේ පසෙකින් තැබුවාය. ඉනේ ගැට ගසා තිබූ සළුවද සයනය මතට වැටෙද්දී ඇය හෙමිහින් පිය නැගුවේ කැඩපත ඉදිරියට ය.
"හ්හ්.."
අසල මේසයට වාරු වී ඇය තෙත ටිෂූ කඩදාසියක් ගෙන දෙතොල් වල රැදි ලිප්ස්ටික් පැල්ලම් මකා දැමුවේ කැඩපතෙන් පෙනෙන ප්‍රතිබිම්බය දෙස බලාගෙන ය.
ඇගේ සිතේ තිබෙන දේ, ඇය සිටිනා තත්වය තිවේන් දැනගතහොත් ඔහු යලි කිසිදිනක ඇයව මෙලෙසින් රිදවන්නේ නැත. ඇයටද අවශ්‍ය තමාගේ මේ ජීවිතයට සදාකාලික විවේකයක් ලබා දෙන්නටය. ඇතුලාන්තයෙන් බිඳී ගිය ඇයට ජීවත් වෙන්නට බලාපොරොත්තුවක් දුන්නේ මේ පලි ගැනීම ය. නැතිනම් අද ඇය කියා කෙනෙකු මෙලෙසින් මිහිපිට හුස්ම ගන්නේ නැත.
නාන කාමරයට ගොස් ඇය වතුර මල යට ඉඳ ගත්තාය. පෙර දින රාත්‍රියේ මතක සියල්ල වතුරට සේදී යද්දි ඈ දෙපා මත දෑත් තබා ඒ මතින් හිස තැබුවාය. අදින් පසුවත් ඔහු තමාව හඹාගෙන විත් තමා කරන සියල්ලම ගැන සොයාවිද. ඇය දෑස් වසාගෙන කල්පනා කළාය. නමුත් ඔහු පොරොන්දු කඩ කරන පුද්ගලයෙකු නොවේ. එනිසා තමන්ට ඔහු ගැන විශ්වාසය තැබිය හැකියි කියා ඇයට තේරුම් ගියාය.
සැහැල්ලු කලිසමකුත් කමිසයකුත් ඇඳගෙන, මිශෙල් කාමරයෙන් පිටට පැමිණ පඩිපෙළ බැස කෑම කාමරයට ගියාය. ඇය මස්, මාළු, බිත්තර කිසිවක් නොකන නිසා තිවේන් මුළුතැන්ගෙයි වැඩ කරන සූපවේදියන්ට කියා ඇත්තේ ඇයට එළවලු වලින් පමණක් කෑම සාදන්නටයි. කෑම මේසය මත තිබූ එළවළු සහිත නූඩ්ල්ස් පිඟාන දෙස බලා ඈ මේසයෙන් ඉඳ ගත්තාය. ඒ සමඟම ආරක්ෂකයෙකු ඇගේ ඉදිරියට ආවේය.
"මැඩම්.."
ඇය ඔහු දෙස හැරී බලද්දී ඔහු ඇගේ දෙසට දික් කළේ සුදු පැහැ ලියුම් කවරයක් ය. එහි පිටත මුද්දරයක් වත් ලිපිනයක් වත් පෙනෙන්නට තිබුණේ නැත.
"What is this ?"
"කෙනෙක් ඇවිත් මැඩම්ට දෙන්න කියලා දීලා ගියා."
මිශෙල් ඔහුගේ අත තිබූ ලිපිය ගෙන මේසය මතින් තැබුවාය. පෙනුමෙන් මෙය රාජකාරි ලියුමක් නොවේ. එලෙසම මෙය තැපෑලෙන් එවූ එකක්ද නොවේ. එසේ නම් මෙය එව්වේ කවුරුන්ද. හිතේ මතු වූ කුතුහලය මොහොතකට යටපත් කරගෙන ඈ කෑම ගත්තාය.
පසුව ඈ ඇගේ කාමරයට ගොස් සඳලුතලයේ කවිච්චියේ ඉඳගෙන, ලියුම් කවරයේ කොනක් කඩා දමා ලිපිය පිටතට ගත්තාය. එය හතරට නැවූ සුදු පැහැ කොළයකි. ඈ එය දිග හැර එහි පහල සඳහන් කර ඇති නම දෙස බැලුවාය. ඒ නම දුටු විට ඇයට අවුරුදු ගණනාවකට පෙර තමා ගෙවූ අමිහිරි අතීතය මතක් වන්නට තත්පරයක් වත් ගෙවුණේ නැත.
'ශයිනි'
පහල තිබූ නම සිතින් කියවු ඇයට සිතුනේ ඒ ලියුම කියවන්නටත් පෙරම එය ගුලි කර පුලුස්සා දමන්නටය. නමුත් අවුරුදු ගණනාවකට පසු ඒ කාන්තාව තමාව යලිත් මේ අයුරින් සම්බන්ධ කර ගන්නට ඇත්තේ කුමක් හෝ විශේෂ හේතුවකට විය හැකියි කියා සිතූ ඇය ලියුම කියවන්නට පටන් ගත්තාය.
'මිශෙල්,
ඔයාගෙ අලුත් නම ඒක නේද. මම හිතන්නෙ ඒ නම ඔයාට හොඳට ගැලපෙනවා. දැන් ඔයා ගොඩක් ලස්සන වෙලා ඇති. මට ඔයාව බලන්න එන්න ආසාවක් තිබුණා. ඒත් ඔයා කොහෙද ඉන්නෙ කියන එක මම දැනගෙන හිටියෙ නෑ. පස්සෙ මට ආරංචි උනා ඔයා නෝර්ත් වුඩ්ස් වල ඉන්නවා කියලා. ඒත් ඔයා මැරි කරලනේ. ඒ නිසා මම ඔයාගෙ හස්බන්ඩ්ගෙ ගෙදර හොයාගෙන මේ ලියුම එව්වා..
මම දන්නවා ඔයා මං එක්ක තරහින් ඇත්තෙ. ඒත් මම ඉස්සර වගේ දැන් ඔයා එක්ක තරහා නෑ. මට ඔයා නැති පාළුව දැනෙනවා. මම කරපු වැරැද්දට සමාවෙලා මාව එක සැරයක් මීට් වෙන්න එන්න. මට ඔයාව බලන්න ඕනි. ඔයා එක්ක කතා කරන්න ඕනි. පුළුවන් නම් මේ මාසෙ විසි හත් වෙනිදට මාව මීට් වෙන්න නෝර්ත් වුඩ්ස් වල තියෙන ලේක් සයිඩ් රෙස්ටුරන්ට් එකට එන්න. මම උදේ දහය වෙද්දි එතන ඉන්නම්..
මම දන්නවා ඔයා ඔයාගෙ ජොබ් එක එක්ක බිසි ඇති. ඒ නිසාම ඔයා වැඩිය එළියට බහින්නෙත් නැතුව ඇති ඒත්. ප්ලීස් මගේ මේ ආරාධනාව පිලි අරන් එක සැරයක් මගෙ ඉස්සරහට ඇවිත් යන්න. මම බලාගෙන ඉන්නවා ඔයාව බලන්න..
මීට ශයිනි'
ලියුම කියවා අවසන් වූ මිශෙල් එය ගුලි කර, කාමරයේ තිබූ කුණු බක්කියට දැමුවාය. කඳුළු සිර කරගෙන සිටින ඇගේ දෑස් ගිනි ගන්නවාක් සේ උණුසුම් වී තිබුණි. ශයිනිගේ මේ ආරාධනාවට තමා කුමක් කරන්නද. මෙය අමතක කර දමන්නද නැතිනම් ශයිනි ඉදිරියට ගොස් පරණ මතකය යලි අවුස්සා දමන්නද. ඇය නිය පොත්තක් දසන් වලට තද කරමින් කල්පනා කළේ ඒන්ජල් විල දෙස බලමිනි.
ශයිනි සඳහන් කල දිනයද අද ය. මිනිත්තු ගණනාවක කල්පනාවක සිටි මිශෙල් සොනායාට දුරකතන ඇමතුමක් ගත්තාය. මේ ගමනට එක්ක යා යුතු එකම කෙනා සොනායා බව ඇයට සිතුණි.
"සොනා.. ඔයා දැන් ෆ්‍රීද ?"
"ඔව් ඇයි ?"
"මං එක්ක ගමනක් යන්න එන්න පුළුවන්ද. නෝර්ත් වුඩ්ස් වලට යන්න තියෙන්නෙ."
"කීයට වගේද ?"
"ඔයා දැන්ම එන්නකෝ.. මම රෙඩි වෙලා ඉන්නම්."
"හරි මම එන්නම්කො."
මිශෙල් දුරකතනය පසෙකින් තබා අල්මාරිය අසලට ගියාය. එතැනට ගොස් තමා ශයිනිට බැන වදින්නද නැතිනම් ඇය කියන මුසා බස් නිහඬව අසා සිටින්නටද කියා ඇයට අදහසක් නැත. කෙසේ වුවත් ශයිනිගේ යලි පැමිණීම තමාගේ මනස අවුල් කරන බව ඇයට සහතිකය.
සුදු පැහැ කලිසමකුත්, අත් දිග බ්ලවුසයකුත් ඇඳගත් ඈ ඊට උඩින් කොරල් පැහැ බ්ලේසරයක්ද දමාගෙන කැඩපත ඉදිරියට ගියාය. වෙලාව නවය හමාරත් පසු වී ඇත. මෙය අකමැත්තෙන් යන ගමනක් නිසා ඇය වෙනදාට වඩා මන්දගාමී ය. අවසානයේ ඈ කොණ්ඩය පීරා පසු පසින් කටුවක් ගසාගෙන සුදු පැහැ බෑගයත් රැගෙන කාමරයෙන් පිටතට ආවාය.
තවමත් සොනායා පැමිණ නැත. මිශෙල් ඉස්තෝප්පුවට ගොස් ඇගේ දුරකතනය ගෙන වෙලාව බැලුවාය. දහයට ඉතිරිව තිබුණේ විනාඩි පහළොවක් පමණි. ඈ දුරකතනය යලිත් බෑගයට දමාගෙන රථගාල දෙස බැලුවාය. එවිට ඇය දුටුවේ යුරේන් නිවස දෙසට එන අයුරුයි. දින ගණනාවකට පසු ඔහු යලි නිවසට පැමිණියේය.
"දැන් කොහොමද යුරේන් ?"
"දැන් නම් අවුලක් නෑ. මැඩම් නිසා මම එදා බේරුණා. තව ලේ ගියා නම් මම එතනමයි."
ඔහු ඇගේ ලඟට පිය මනිමින් කීවේය..
"එදා ඔයාලව මරන්න කාගෙ කට්ටියක්ද ආවෙ ?"
"අර ඩ්‍රවෙල්ටන් කියන ෆේක් නේම් එකෙන් ඉන්න මිනිහා. එදා නදීර් හුසයිෆාවයි එයාලගෙ කනෙක්ෂන් තිබ්බ අයයි එක සැරේ මරපු නිසා මිනිහා මෙහෙම කරලා තියෙන්නෙ."
"තාම ඒ මනුස්සයාව හොයාගන්න බැරි උනාද ?"
"අපි ඒ මිනිහා එක්ක වැඩ කරන කීප දෙනෙක්ම හොයා ගත්තා. එක්කෙනෙක්ට හෙට වැඩේ දෙනවා."
යුරේන් සමඟ කතා කරමින් සිටිද්දී මිශෙල් දුටුවේ සොනායාගේ මෝටර් රථය ගේට්ටුව පසු කර දිගු මග ඔස්සේ නිවස දෙසට එන අයුරුය.
"මම දෙයක් කියන්නම්. ඩ්‍රවෙල්ටන් කියන නමෙන් වචනයක් හදන්න බලන්න. කෙනෙක්ගෙ නේම් එකක් වගේ. සමහර විට ඒකෙන් ඔයාලට ලොකු දෙයක් ලැබෙයි."
කියූ මිශෙල් සොනායාගේ මෝටර් රථයට නැග්ගාය. යුරේන් ඔවුන්ගේ මෝටර් රථය මාර්ගයේ ඈතට ඇදෙන අයුරු බලා සිට ආරුක්කු මගෙන් භූගත ගරාජයට ගියේය. මිශෙල් සොනායා සමඟ විනාඩි පහළොවක් තුල නෝර්ත් වුඩ්ස් වලට ගියාය.
කුඩා වැවක් ලග තිබූ 'Lakeside' අවන්හලේ රථගාලෙන් මෝටර් රථය නැවැත්වූ සොනායා එයින් පිටතට ආවාය. ඒ සමඟම මිශෙල්ද බෑගය අතට ගෙන බැස්සාය. මඟදී මිශෙල් වෙනත් දේවල් ගැන කතා කරද්දී, ඇය මේ ගමන යන්නේ ඇයි කියා අසන්නට වත් සොනායාට අමතක විය.
"තමුසෙ ඇයි මෙහෙ ආවෙ ?"
"මට කෙනෙක්ව මීට් වෙන්න තියෙනවා."
"කව්ද ඒ ?"
"මම දකින්න ආසම නැති කෙනෙක්."
"එහෙනම් මොන මගුලකටද ආවෙ ?"
"එයාට කියන්න ඕනි ටික කියලා යන්න."
කියූ මිශෙල් අවන්හල දෙසට ඇවිද යද්දී සොනායාද ඇය පිටුපසින් ගියාය. අවන්හල අසල තිබූ නිල් පැහැ වතුර සහිත වැවේ හංසයන් හය දෙනෙකු පමණ පිහිනමින් සිටියේය. වැව වටා වතුරේ ප්‍රමාණයෙන් විශාල නෙළුම් මල්ද පිපී තිබුණි. එහි සුදු පැහැ වැට දෙපස 'hydrangea' මල් නිල්, රෝස සහ දම් පැහැයන් පිපී සුලඟට දෙපසට වැනෙන දෙස බලමින් මිශෙල් ඉදිරියට ඇදුණාය.
"ඔයා මෙහෙන් ඉන්න. මම කතා කරලා එන්නම්."
මිශෙල්ගේ බසට අවනත වූ සොනායා වෙනත් මේසයක් මතින් ඉඳ ගත්තාය. අනෙකුත් එළිමහන් මේස වල ඉඳගෙන සිටින අය දෙස බලමින් මිශෙල්, තමාට ඒ ලියුම එවූ කෙනා සිටිනවා දැයි පරික්ෂා කළාය. එකවරම ඇය දුටුවේ තමා සෙවූ කෙනා මේසයක් මත ඉඳගෙන වෙනත් අතක් බලාගෙන සිටින අයුරුය.
'මේක පළවෙනි සහ අවසාන වතාව'
යැයි සිතූ මිශෙල්, ශයිනි ඉදිරියට ගොස් සිට ගත්තාය. ඒ සමඟම ශයිනි මිශෙල් දෙස බැලුවාය. ශයිනි අවසානයට මිශෙල්ව දකිද්දී ඇය කුඩා අවදියේය. අද වන විට අවුරුදු විසි අටක් වන ඇගේ රූසපුව දුටු ශයිනි ඉබේටම පුටුවෙන් නැගිණි.
"මගෙ දුව..."
"මම තමුන්ගෙ දුව නෙවෙයි."
........................................................... 🖤 ...
මොකක්ද මේ උනේ ?
📍Note :- මිශෙල් ගොඩක් වෙලාවට දාන්නෙ Half up half down hairstyle එක. කලාතුරකින් Slick back කරනවා.
Sachy Collins