Miss. Anonymous - 26
Sachy Collins
"යුරේන්!"
දොරට අඩි කිහිපයක් ලඟින් ඔහු ඇද වැටෙද්දී මිශෙල් ඔහු ලඟට දිව්වේ තවත් වෙඩි පහරක් වදින්නට කලියෙන් ඔහුව නිවස තුලට ගන්නටය. වෙඩි වැදුණු තැන දෙඅත් වලින් අල්ලාගෙන සිටින ඔහුව අල්ලාගෙන මිශෙල් මුළුතැන්ගේ දෙසට ඇවිද ගියේ ඇයටත් වෙඩි තබන්නට උත්සහ කල සතුරෙකු හිසට වෙඩි තබා මරා දමාය.
යුරේන්ව රැගෙන ගොස් මිශෙල් මුළුතැන්ගෙයි දොර වැසුවාය. ඒ සැනින් ඔහු බිම ඉන්දවුණේය. දැනටමත් ඔහු ඇඳ සිටි සුදු පැහැ කමිසය ලේ වලින් තෙත් වී අවසන් ය.
"Take a deep breathe."
කියූ මිශෙල් ඔහු ඇඳ සිටි කළු පැහැ කබාය ගලවා, මුළුතැන්ගෙයි වෙනත් රෙදිකඩක් ලේ මතුවන තුවාලයට තබා එය වටා කබාය තදින් එතුවාය. ඔහු තවත් මෙතැන සිටියොත් ඔහුගේ ජීවිතයට කරදයක් වනු ඇත. නමුත් වෙඩි හුවමාරුවද නැවතුණේ නැත.
ඔහුගේ තුවාලය වසා තිබූ කබායට තද වී තිබූ ඇගේ දෑත් ද ලේ වලින් නැහැවී තිබුණි. එලෙසම ඇය ඇඳ සිටි සුදු පැහැ ස්කිනර් හැට්ටයේද තැනින් තැන ලේ තැවරී අවසන් ය. එකවරම වෙඩි හඬ නැවතී ඇයට කොහෙන් හෝ තිවේන්ගේ කටහඬ ඇසුණි. ඒ නිසා ඇය මුළුතැන්ගෙයි දොර විවර කර තිවේන්ව සොයා ගියාය.
"තිවේන්.."
ලේ නැහැවුණු ස්කිනර් හැට්ටය පිටින් එන මිශෙල් දුටු තිවේන් ක්ෂණිකව ඈ අසලට ආවේ ඇයට කරදරයක් වී ඇතැයි සිතූ නිසායි..
"යුරේන්ට වෙඩි වැදුණා. එයාට මොකක් හරි කරන්න ඉක්මනින්."
මිශෙල් කියද්දී තිවේන් ලියන්ගොල්ල සමඟ මුළුතැන්ගෙට දිව්වේය. නිවස පිටුපස සොහොනක් හා සමානය. තැනින් තැන වැටුණු මළසිරුරු ආරක්ෂකයින් විසින් ඇදගෙන ගොස් දර ගොඩක් මෙන් ගොඩ ගසන අයුරු ඈ පසෙකට වී බලා සිටියාය.
තිවේන් ලියන්ගොල්ල සමඟ යුරේන්ව රැගෙන ගියේ තිවේන්ගෙ පෞද්ගලික වෛද්‍යවරයා ලඟටය. ඒ අතරතුර මිශෙල් නා ගන්නට නාන කාමරයට ගියාය. අද සිදුවූ සියල්ල නිසා ඇය වෙනදාට වඩා වෙහෙසට පත් විය. තෙත් වූ හිසකේ වේලාගෙන ඇය නිදන ගවුමක් ඇඳ සඳලුතලයට ගියාය. එතැන තිබූ විදුරු කටු සියල්ලම ඇය නාන කාමරයෙන් පිටතට එද්දී කවුරුන් හෝ පවිත්‍ර කර තිබුණි. නමුත් වෙඩි වැදුණු බිත්ති වලින් වැටුණු කොන්ක්‍රීට් කොටස් තවමත් බිම ඉතිරිව තිබුණි.
........
දින කීපයක් ගෙවී ගියේ වෙනත් විශේෂයක් නොවීය. එදා වෙඩි තැබීම සිදු කලේ ඩ්‍රවෙල්ටන්ගේ ආශ්‍රිතයින් බව තිවේන් සොයා ගත්තේය. එදා හෝටලයට බෝම්බ දැමීමෙන් නදීර් හුසයිෆා සමඟම ඩ්‍රවෙල්ටන් මෙහෙයුමේ හවුල් කරුවන් තිවේන් විසින් මරා දැමූ නිසා ඔවුන් ඔහුගෙන් පලිගන්නට උත්සහ කළේ ඒ අයුරින් ය. එහෙත් ඔවුන් මෙවරත් පරාජය විය. ඒ සිදුවීමෙන් කිසිවෙකුටවත් කරදරයක් සිදු වූයේ නැත. යුරේන්ටද ටිකෙන් ටික සනීප විය. නමුත් ඔහු තවමත් නිවසට ආවේ නැත.
වෙලාව උදෑසන එකොළහ පසුවී තිබුණි. තිවේන් දිගු සැහැල්ලු කලිසමක් ඇඳ නිවසේ පිටුපසට ගියේ එකවරම හිසරදයක් ආ නිසායි. වෙනදා මෙන්ම ඒන්ජල් විල හිරු රැස් වලින් නැහැවී, වතුර මුතුකැට මෙන් දිළිසෙමින් තිබුණි. නිවස පිටුපස තිබූ ඒන්ජල් විලේ නොගැඹුරු කොටසට බැස ඔහු ගල් පඩියක් මත ඉඳගෙන ලඟ සිටි සුදුත් තැඹිලිත් මිශ්‍ර මත්ස්‍යයින්ට කෑම දැමුවේය. එදා හෝටලයට බෝම්බ දැමීමේ සිදුවීමෙන් ඉතුරු වූ නදීර් හුසයිෆාගේ පුත්‍රයා අද වන විට මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇත. තව දින කීපයකින් එම නඩුව විභාගයට ගන්නා බව තිවේන්ට ආරංචි විය. ඉන් පසුව ඔහු අවුරුදු කීපයකට හෝ සිරගත කරනු ඇත. නමුත් තිවේන්ට අවශ්‍ය ඔහුට එවැනි සුළුපටු දඬුවමක් දෙන්නට නොවේ. අද වන තුරු තමාට විරුද්ධ වූවන්ගේ සමීපතමයන් පවා මරා දැමූ තිවේන්ට ඔහුව එසේ අතහැර දැමීමට අදහසක් නැත.

විලේ පීනන මාළුවන් දෙස බලා සිටි තිවේන්ට ඇසුණේ වතුර කැළතෙන ශබ්දයකි. ඒ සැනින් ඔහු නැගිට ලඟ තිබූ ගල් වලට අඩිය තබා විලා එක දෙසට ඇවිද ගියේය. විලා එක හෙවත් ලී වලින් සෑදූ කුඩා නිවසට වම් පසින් තිබුණේ පිරිසිදු ජලය සහිත ස්වහාවික පොකුණකි. සමහර දින වල නිදහසේ සිටීමට අවශ්‍ය වූ වෙලාවට ඔහු එයට බැස පීනන්නේය. නමුත් අද එතැන සිටින්නේ කව්ද. ගල් වලින් පැන ඔහු කුඩා ලී නිවසට ඇතුළු වුණේ පොකුණ දෙස බලමිනි.

එහි සිටියේ මිශෙල් ය. ඇය පොකුණ මැද වෙනත් අතකට පිහිනමින් සිටියාය. ඒ අතරතුර තිවේන් නිවස වටා තිබුණු තිබූ ලී තට්ටුව මතින් ඉඳගෙන ඇගේ දෙස නිහඬව බලා සිටියේය. එය ඔහුගේ දෑස් රසවිඳින සුන්දර දසුනකි. ඔහු නිවසේ ලී තට්ටුව මත ඉඳගෙන සිටින වග නොදන්නා ඇය තවදුරටත් පොකුණ තුල පිහනුවාය. එකවරම ඇය වතුර යටින් පිහිනා ඇවිත් ඔහු ඉදිරියේම මතු විය.

ඇය ඇඳ සිටි තද නිල් පැහැ නාන ඇඳුමේ ඉහල කොටස පපුව මධ්‍යයෙන් ගැට ගසා, අත් පටි ගෙල පිටුපසින් ගැට ගසා තිබුණි. එහි යට කොටස ආවරණය වන පරිදි ඉන වටා බැඳ තිබූ සුදු පැහැ මල් සහිත තද නිල් පැහැ දුහුල් රෙද්ද තෙත් වී ඇගේ දෙකලවා වලට ඇලී තිබුණි. ගෙල දිගේ පල්ලම් බසින වතුර බිඳු, ඇගේ අඩක් වැසුණු පියයුරු වල නැවතෙන අයුරු ඔහු බලා සිටියේය. එලෙසම ඇගේ නිරාවරිත උදරය පුරාම වතුර බිඳු රැඳී තිබුණි. ඔහු තමා දෙස බලා සිටින බව නොදත් මිශෙල්, තෙත බරිත හිසකේ දෑත් වලින් පිටුපසට ඇද දෑස් විවර කළාය.
එකවරම ඇය නැවතුනේ ඔහු නිවසේ ලී තට්ටුව මත ඉඳගෙන තමා දෙස දිගින් බලා සිටින අයුරු දුටු විටය. දින ගණනක සිට ඔහුට ඇය ලඟට යන්නට නොහැකි වූයේ ව්‍යාපාරික කටයුතු වලට කාර්යබහුල වූ නිසායි.
"මගේ ගෙදර දේවල් මගේ පර්මිෂන් නැතුව යූස් කරන්න කිව්වෙ කව්ද ?"
ඔහු ප්‍රශ්න කරද්දී ඈ ඔහු දෙස හිස් බැල්මකින් බලා සිටියාය. ඇයට ඔහු ඉදිරියේ මේ අයුරින් සිටීම අපහසුය. එනිසා ඈ ඔහුට එහා පසින් තිබූ තැඹිලි පැහැ බීම වීදුරුව ගන්නට අත දික් කළාය. නමුත් ඇය අත දික් කරද්දීම ඇගේ අත අල්ලා ගත් ඔහු ඇයව ඇද තමා ලඟට ගත්තේ ඒ මුහුණට ලං වෙමින් ය.
"ඔයා හැමවෙලේම කියනවා වගේ.. මාව අයිති ඔයාට නම්.. මට අයිතියක් තියෙනවා මේ දේවල් කරන්න.."
ඇය සුමුදු ස්වරයකින් කියද්දි ඔහුගේ දෙතොල් අග සිනහවක් රැඳුණි. ඇගේ දෑස් ද ඔහුගේ දෑස් වලින් පිට ගියේ නැත. නමුත් තත්පර කීපයක් ගෙවුණු පසු ඒ කොළ පැහැ දෑස් පිය වුණේ ඔහු ඇගේ දෙතොල් සිප ගන්නා විටය. විටින් විට ඔහුගේ දෑත් ඇගේ ඉනත් පිට මතත් ස්පර්ශ විය. දීර්ග සිප ගැන්මකින් පසුව ඔහු ඇගේ දෙතොල් අතහැරියේ ඇයට හුස්ම ගන්නට අවස්ථාව දෙමිනි.
"මේ ගෙදර ඕනිම දෙයක් කරන්න තමුසෙට අයිතිය තියෙනවා ශෙලී. ඒත් මම ආස නෑ තමුසෙ හැම වෙලේම මගෙන් හැංගෙනවට."
ඔහු කියද්දී ඈ එය ගණන් නොගෙන ඔහුට එහා තිබූ බීම වීදුරුවට අත තබන්නට උත්සහ කළාය. නමුත් යලිත් ඔහු ඇගේ අත අල්ලා එය වැලැක්වුවේය.
"ස්පෙෂලි.. කවද්ද මට ඔය හිතේ තියෙන දේවල් කියන්නෙ. මම දන්නවා තමුසෙ මගෙන් ගොඩක් දේවල් හංගනවා."
තිවේන් කීවේය..
"මම කැමති නෑ මගෙ දේවල් වෙන අය එක්ක කියන්න."
කියූ ඇය ඔහුගේ අත ගසා දමා බීම වීදුරුව අතට ගත්තාය. ඇගේ ගතිගුණ ලේසියෙන් වෙනස් කල නොහැකි බව ඔහු තේරුම් ගෙන අවසන් ය. නමුත් ඔහු උත්සහ අතහැරියේ නැත. විවාහයට පෙර සිටි තමාට හිතවත් ඇයව යලි මතු කරන්නට ඔහු නොකරන දෙයක් නැත.
"වෙන අය ?"
"I'm your husband, shelly."
ඔහු එසේ කියද්දී පොකුණ මැද සිටි මිශෙල් බීම වීදුරුව දෙතොල් අතර තබා ගනිමින් ඔහු දෙස බැලුවාය. සමහර අවස්ථාවල් වල තම සිතේ ඇති සියල්ල ඔහු සමඟ කියන්නට ඇයට සිතුණත්, ඒ අදහස ඇය අතහැර දමන්නේ තවකෙකුට තම ගැටලු කියා ඒ අයවත් තමා මෙන් පීඩනයට පත් කරන්නට අකමැති නිසායි. දැනටමත් ඇය වටා සිටින අය විවිධාකාරයේ ප්‍රශ්න මැද ජීවිතය ගෙවන නිසා, තවත් බරක් ඔවුන්ගේ හිස මත පැටවීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් කියා ඇගේ සිත කියන්නේය.
"හස්බන් කෙනෙක් තමන්ගෙ වයිෆ්ට රිද්දන්නෙ නෑ."
කියූ ඇය බීම වීදුරුව හිස් කළාය..
"හැම වෙලේම තමන් ගැන විතරක් හිතන්න එපා ශෙලී. තමුසෙ එදා කිව්ව දේවල් වලින් මටත් රිදුණා."
ඔහු කියූ දේ ගණන් නොගෙන ඇය ලී තට්ටුව ආසන්නයට විත් හිස් වූ වීදුරුව එය මතින් තැබුවාය.
"Nevermind.. මට තමුසෙ එක්ක කියවගන්න ඕනි නෑ."
කියූ තිවේන්, ඇය පොකුණ මධ්‍යයට යන්නට උත්සහ කරද්දී ඇගේ අතකින් ඇද යලිත් ඇයව ලඟට ගත්තේය.
"මම තව ටිකකින් කලම්බු යනවා. ආයෙ එන්න රෑ වෙයි. අඩුම තරමෙ පරිස්සමින් යන්න කියලා වත් කියන්න."
ඇගේ මුහුණ තම මුහුණට සමීප කරගෙන ඔහු එසේ කීවේය. තත්පර ගණනක් ගෙවුනත් ඇගේ කොළ දෑස් ඔහුගේ දෑස් වලට යොමු වී තිබුණත් ඇගේ කටහඬක් ඔහුට ඇසුණේ නැත.
"තමුසෙ කිව්වෙ නැත්නම් අදත් එදා වගේම දෙයක් වෙයි."
ඇගේ හිස පිටුපසින් අල්ලාගෙන ඔහු ඇයව තවත් ලං කර ගත්තේය. ඇගේ දෙතොල් අගුළු දමා හා සමානය. නමුත් ඇගෙන් වචනයක් හෝ පිට වෙන තුරු ඔහු ඇයව අත හැරියේ නැත.
"පරිස්සමින් යන්න.."
තම දෑස් දෙස බලමින් ඇය එසේ කියද්දී ඔහුට දැනුනේ වෙනදා නොදැනුණ සතුටකි. නමුත් ඇය ඔහු කියූ දේ කළේ, එය නොකළොත් ඔහු මෙතැනින් නොයන නිසායි. කිසිවක් නොකියා ඔහු ඇගේ වම් ඇහැ මත හාදුවක් තැබුවේය. ඒ සමඟම ඇගේ දෑස් පිය වුණි.
මිශෙල් යලිත් පොකුණ මැදට යද්දී ඔහු එතැනින් නැගිට නිවස දෙසට ගියේය. ඔහු අවස්ථාවක තමාව රිදවන්නත් තවත් අවස්ථාවක හොඳින් කතා කරන්නත් හේතුව ඇයට පැහැදිලිය. ඔහු කුඩා කල සිට අත්විඳි දේවල් ගැන මතක වෙන විට ඔහු මෙලෙස විවිධ චරිත රඟපෑම ඇයට පුදුමයක් නොවේ.
රාත්‍රිය උදා විය..
මිශෙල්, සොනායා සමඟ කොළඹ ගියේ එහි කරන්නට තිබූ රාජකාරිකට ය. ඇය නිවසට එද්දී විසි දෙවන කණිසමත් පසු වී තිබුණි. තම කාමරයට පැමිණ දොර වසාගත් ඇය සූදානම් වුණේ ඇඳුම් සියල්ල ගලවන්නට ය. නමුත් කැඩපත ඉදිරියේ මේසය ලඟ තිබූ මල් පොකුරත් තෑගි පෙට්ටියත් දුටු ඇය මොහොතකට නැවතී, ඒ අසලට ගියාය.

එය රතු පැහැ පියනි මල් පොකුරකි. ඇය පෙට්ටිය විවෘත කර බලන විට ඒ තුල තිබුණේ තද රතු පැහැ 'Lace Bralette' එකකුත්, ඒ පැහැයෙන්ම 'Lace boyshort' එකක් සහ දුහුල් රෙද්දක් ය. ඔහුට අවැසි තමාව මෙවන් සරාගී ඇඳුම් වලින් දකින්නද. ඇය ඒවා අත තබාගෙන කැඩපතෙන් පෙනෙන තම රුව දෙස බැලුවාය. අද වනතුරු මිනිසුන් අතර හෑල්ලුවට ලක් වෙන්නට හේතු වූ තමාගේ මේ වෙනස් පෙනුමට ඔහු එතරම් කැමති ඇයි කියා ඈ කල්පනා කළාය.
ඇඳුම් සියල්ලත් රැගෙන ඈ නාන කාමරයට ගියාය. ඔහු තවමත් නිවසට පැමිණ නැත. දිගු වෙලාවක් වතුරේ සිටි ඇය නාන කාමරයෙන් පිටතට ආවේ ඔහු දුන් ඇඳුම් ඇඳගෙන ය. රතු පැහැ දුහුල් සළුව ඉන වටා ඔතාගෙන, එහි දෙකොන එකතු කර අගින් ගැටයක් ගසා ගත් ඈ කැඩපත ඉදිරියේ තිබු පුටුවෙන් ඉඳ ගත්තාය. වෙනදා මෙන්ම ඇය ඇගේ ස්ට්‍රෝබෙරි සුවඳ ආලේපනය මුළු සිරුරේම ගැල්වුවේ එය ඔහු කැමතිම සුවඳ නිසාය. තව ටික වේලාවකින් ඔහු පැමිණ, තමාව වර්ණනා කරන අයුරු ඇගේ සිතේ මැවී පෙනුණි.
මිශෙල් කැඩපතෙන් බලමින් තම කොණ්ඩය ඉහලට ගෙඩියක් බැඳ මුහුණේ පසෙකින් කෙහෙරැල්ලක් එල්ලෙන්‍නට ඉතුරු කළාය. මේසය මත තිබූ දිළිසෙන රතු පැහැ ලිප්ස්ටික් බෝතලය ගෙන ඇය මේසය මතට දෙඅත් වලින් වාරු වී, දෙතොල් රත් පැහැ කළාය. ඒ සමඟම ඇය කැඩපතෙන් දුටුවේ කාමරයේ දොර විවර වෙන අයුරුය. ඈ නොසිතු පරිදි ඔහු කාමරය තුලට ආවේ ඇඳ සිටි කළු පැහැ බ්ලේසරය ගලවමිනි. ඇය ක්ෂණිකව කෙළින් වී ලිප්ස්ටික් බෝතලයේ පියන වසා එය මේසය මතින් තබා අනෙක් පස හැරුණාය. ඔහු බ්ලේසරය ලාම්පුව තිබූ මේසය මතින් තබා ඇගේ දෙස බැලුවේය.

"Wow.. I've never seen you like this before."
ඇගේ දෙපතුල් වල සිට හිස් මුදුන දක්වා බලමින් ඔහු එසේ කීවේය. තමා ගෙන දුන් ඇඳුම් ඇගේ සිරුරට මෙතරම් හොඳින් ගැලපෙනවාද කියා ඔහු මදක් විසල් දෑස් වලින් තව දුරටත් බලා සිටියේය. එකවරම කල්පනාවෙන් පිටට ආ ඔහු ඇගේ ලඟට ගියේය. මේසයට පිටුපා එයට දෑත් තබා සිටි ඇය නිහඬව බලා සිටිද්දී ඔහු ඇගේ මුහුණට සමීප විය.
"අද තමුසෙ මාරම සෙක්සි.. ශෙලී.."
ඇය වෙනදා මෙන්ම දෑස් සම්බන්ධතාව මඟ හරින්නට වෙනත් අතක් බැලුවාය. නමුත් ඔහු ඇගේ මුහුණ යලිත් තමා දෙසට හරව ගත්තේය. ඇය වෙනදා තමාට අකමැති නිසා එසේ කළද අද ඇය එසේ කළේ තමා දුන් වර්ණනාවට ලැජ්ජාවක් දැනුණු නිසා වෙන්නට ඇතැයි කියා ඔහු සිතුවේය.
තිවේන්ගේ ගැඹුරු නිල් දෑස් වලට යොමු වී තිබූ ඇගේ කොළ පැහැ දෑස් එකවරම පිය වුණේ ඔහු ඇගේ දෙතොල් සිප ගන්නට පටන් ගත් නිසායි. තැවරූ ලිප්ස්ටික් මැකෙන තරමට ඔහු ඇගේ දෙතොල් පෙති තදින් සිප ගත්තේය. විටෙක ඇගේ යටි තොලත් දිවත් ඔහු තම දසන් වලින් සපා දැමුවේ ඇගේ මුවින් කෙඳිරිලි පිට වෙද්දියි. ඔහුගේ දකුණත ඇගේ ඉන ආවරණය කර තිබූ දුහුල් සළුව අතරින් ගොස් කළවයක රැඳී තිබූ අතර වම් අත තිබුණේ ඇගේ 'Lace bralette' එක තුලින් එක් පියයුරුවක් මතය. එයිනුත් මත් වූයේ ඇයමය. අවසානයේ ඔහු ඇයව සයනය ලඟටම ගෙන යනතුරු ඇය දන්නේ නැත. ඔහුගේ දෑත් වලින් ලැබෙන ස්පර්ශයන් හා දෙතොල් ස්පර්ශයන් හමුවේ ඈ සිටියේ මත් වීය..
මොහොතකට සිප ගැන්ම නවතා ඔහු ඇයව ඇඳ මතට දැමුවේය. ඒ සමඟම ඇගේ ඉනේ තිබූ දුහුල් සළුව හැකිළී 'Lace boyshort' එක සමඟම දෙකළවා නිරාවරිත විය. එය ගණන් නොගෙන ඔහු, තමා ඇඳ සිටි වෙස්ට්කෝට් එකෙහිද බොත්තම් එකින් එක ගැලෙව්වේ ඇඳ මතට එක් දණයක් තබමිනි. ඒ සමඟම ඇය ඇඳේ පිටුසට විය.
"මට තමුසෙගෙන් අහන්න දෙයක් තියෙනවා ශෙලී.."
ඔහු සයනය මතින් ඉඳගෙන ඇගේ එක් පාදයක වළලුකරින් අල්ලා ලඟට ගෙන රත් පැහැ පතුල් වල තම දෙතොල් ස්පර්ශ කළේය. ඔහුගේ ස්පර්ශ වලින් කිතියක් දැනුණු නිසා ඇය නිදහසේ තිබූ දෑත් වලින් ඇඳ ඇතිරිල්ල මිරිකා ගත්තාය. වෙනදා ඇගෙන් එන සුවඳ අදටත් එලෙසමය. එය කෙදිනකවත් වෙනස් නොවෙන බවද ඔහු දනී.
"තව කී දෙනෙක් ඉතුරුද ?"
පතුල සිප ගනිමින් සිටි ඔහු එකවරම එවැනි ප්‍රශ්නයක් යොමු කරද්දී ඇය සිතුවේ ඔහු වැරදි ප්‍රශ්නයක් ඇසුවා හෝ ඔහු කියූ දේ තමාට වැරදියට ඇසුනා කියායි.
"What ?"
ඇය යලිත් ඔහුගෙන් ඒ ප්‍රශ්නය ගැන විමසුවාය..
"මම අහන්නේ.. තමුසෙ අර බංගලාවෙ හිර කරන් වද දීලා මරපු උන් වගේ තව ටාගට් කීයක් තියෙනවද කියලා."
ඔහු යටැසින් බලමින් එසේ කියද්දී ඇගේ සිරුර පුරාම පැතිරුණේ සීතලකි. මෙය ඔහුගේ නිර්ණයක් ද එසේත් නොමැති නම් ඔහු, තමන් එදා සිට කරන සියල්ල ගැන දැන නිහඬව සිටියාද. ඇය මදක් විසල් වූ කොළ පැහැ දෑස් වලින් ඔහු දෙස බලාගෙන කල්පනා කළාය.
........................................................... 🖤 ...
එදා hint එකට හේතුව මේක තමයි 😮💨
තිවේන්ම උගන්නන්න ඕනි ශෙලීට, තමන්ගෙ Husband ට ආදරෙන් කතා කරන විදිහ 🤧
Sachy Collins