Miss. Anonymous - 25

Miss. Anonymous - 25

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව හොරකම් කරලා තමුන් දැන් සතුටින් ඉන්නවා ඇති නේද ?"


කියූ සුසානා තම ඉන දෙපසට දෑත් තබාගෙන මිශෙල්ගේ දෙපතුල් වල සිට හිස් මුදුන දක්වා බැලුවාය.


"Who is this piece of sh*t ?"


සොනායා මිශෙල්ට ලං වී ප්‍රශ්න කළාය. අවට සිටින වෙනත් නිලධාරීන් පවා මේ දෙස බලා සිටිද්දී මිශෙල්ට දැනුණේ ලැජ්ජාවකි.


"සුසානා.. තිවේන්ගෙ Ex."


මිශෙල් කියද්දී සොනායා සුසානාගේ දෙපතුල් වල සිට හිස් මුදුන දක්වා බැලුවේ ඇහිබැමක් ඔසවාගෙන ය.


"Oh.. A streetwalker ?"


ඇගේ පිරිපුන් සිරුර, ප්‍රමාණයෙන් විශාල පියයුරු, තද දම් පැහැ ලිප්ස්ටික් තවරා ඇති දෙතොල් සහ ඇඟේ සමහර තැන් වල තිබූ පච්ච දුටු විට ඇය වෛශ්‍යාවක් බව සොනායාට සිතුණි.


"තමුන් තිවේන්ව වශී කරගෙන මගෙන් උදුර ගත්තා. තමුන්ට හොඳක් වෙන්නෙ නෑ. Shame on you."


සුසානා කියූ දේ අසා සිටි සොනායා ඇගේ ලඟට ගියේ හිසකේ වලින් ඇද හිසට පහරක් දෙන්නටය. නමුත් සොනායා ගැන දන්නා මිශෙල් ඇගේ අත තදින් අල්ලා සිටියේ මෙතැන ප්‍රශ්න ඇති කර ගන්නට අකමැති නිසාය. සොනායා මිශෙල් දෙස බලද්දී මිශෙල් සුසානා සමඟ දෙතොල් ඇද සිනා සුනාය..


"සුසානා.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න. එච්චරයි."


කියූ මිශෙල් සොනායාවත් රැගෙන සුසානාව පසු කරන් ඉදිරියට පිය මැන්නාය. නමුත් වැඩි දුරක් නොවේ..


"You.. blonde b*tch."


මදකට නැවතුණු මිශෙල් පිටුපස හැරී සුසානා දෙස බැලුවේ තියුණු බැල්මකිනි..


"Yes I am."


මිශෙල් කියද්දී සුසානාගේ දෑස් තරහින් විසල් වුණි. සොනායාට අවශ්‍ය වුණේම සුසානාගේ කම්මුලට පහරක් එල්ල කරන්නටය. නමුත් ඇයට ආපහු හැරී යන්න නොදී මිශෙල් ඇගේ අතින් අල්ලාගෙන ගවේෂව සොයා ගියාය.


සුසානා තමන්ට අපහාසාත්මක වචන වලින් කතා කරද්දී මූලස්ථානයේ සිටි අනෙකුත් නිලධාරීන් බලා සිටි අයුරු මතකයට නැගෙද්දී මිශෙල්ට දැනුණේ ලැජ්ජාවකි. තිවේන් මෙවන් වෛශ්‍යාවක් සමඟ සම්බන්ධකම් පැවැත්වූවේ ඇයි කියා ඇයට අදහසක් නැත. ඔහු සුසානා ගැන අද වනතුරු තමාට කියා තිබුණේ නැති වුණත්, ඔහු ඇය සමඟ එකල සමීප ඇසුරක් තිබු බව මිශෙල් සොයා ගත්තාය. නමුත් මිශෙල්ට විවාහ යෝජනාව ගෙන ආ දින සිට ඔහු සුසානා හමු වීමට යලි ගියේ නැත. කීප වතාවක්ම සුසානා ඔහුව සොයාගෙන විත් කරදර කරද්දීද ඔහු කලේ ඇයව මග හැරීමය. මිශෙල් තම ජීවිතයට ආවාට පසු ඔහුට අවශ්‍ය වුණේ ඇයට අවංක වන්නට ය.


මිනිත්තු විස්සක් පමණ ගත විය..


විජයවර්ධන හමුවී සියළු විස්තර අසා මිශෙල් සොනායා සමඟ විදුලි සෝපානයෙන් පහල තට්ටුවට ආවාය. ඉදිරිපස තිබූ වීදුරු දොර දෙසට ඇවිද යද්දී මිශෙල් එකවරම දුටුවේ සුසානා නාන කාමර දෙසට යන අයුරු ය.


"පොඩ්ඩක් ඉන්න සොනා. මම ඉක්මනින් එන්නම්.


සොනායා බලා සිටිද්දී මිශෙල් නාන කාමර වලට පිවිසෙන්නට තිබූ කොරිඩෝව දිගේ ඇවිද ගියාය. ඇගේ කළු පැහැ අඩි උස යුගලයේ හඬ, අඳුරු කොරිඩෝව පුරා දෝංකාර දුන්නේය. ඇය එන බවක් සුසානාට ඇසුණේ නැත.


මිශෙල් ගොස් එහි දොර විවෘත කළාය. සුසානා සිටියේ කැඩපතක් ඉදිරියේ සුවඳ විලවුන් තවරමින් ය. එකවරම මිශෙල් නාන කාමරයේ දොර තදින් වසද්දී සුසානා ඇගේ දෙස හැරී බැලුවාය. මීට මොහොතකට පෙර තමාට යලිත් කරදර නොකරන්නැයි කියූ මිශෙල් දැන් මෙතැන කරන්නේ කුමක්ද. සුසානාට අදහසක් නැත.


"තමුන් මෙතෙනට ආවෙ ඇයි ?"


සුසානා වියවුල් වී මිශෙල් දෙස බලා සිටිද්දී මිශෙල් ඇගේ දෙස බලා සිටියේ මද සිනහවකින් හිස ඇල කරගෙනය. ඇගේ නිහඬතාවය සහ ඒ කොළ පැහැ දෑස් වල රැඳී තිබූ මලානික පෙනුම හමුවේ සුසානාට බියක් දැනුණේ නැත. නමුත් අද සුසානා මිශෙල්ගේ නියම ස්වරූපය දැනගනු ඇත.


අඩි කීපයට සුසානා ලඟට ගිය මිශෙල් ඇගේ හිසකේ වලින් අල්ලාගෙන ඇගේ මුහුණ ඒ ලඟම තිබූ කැඩපතට තද කළාය. ඒ සැනින් කැඩපත කොටස් වලට කැඩී ගියේ මහා ශබ්දයකිනි.


"මේක හොදට අහ ගන්නවා. තමුන් නයිට් ක්ලබ් වල එක එකාට විකිණුනාට මම එහෙම නෑ. අනික තිවේන් තමුසෙගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නෙ කොහොමද. තිවේන්ට තමුසෙව පෙනුණෙ නිකන් ටෝයි කෙනෙක් විදිහට විතරයි. එයා තමුසෙව යූස් කලා එයාට ඇති වෙනකම්. එච්චරයි. අනික තිවේන් මාව මැරි කළේ එයා මට ආදරේ නිසා. නැතුව මම එයාව වශී කර ගත්තෙ නෑ."


මිශෙල් සුසානාගේ මුහුණට ලං වී එසේ කීවේ තරහිනි. මිශෙල්ගේ අතට තද වූ හිසකේ නිසා සුසානාගේ හිස රිදුම් කෑවේය. එලෙසම ඈ කෑ ගැසුවාය. නමුත් ඇගේ හඬ නාන කාමරයෙන් එහාට ඇසුණේ නැත.


"දැන්වත් මගෙ හස්බන්ඩ්ගෙන් ඈත් වෙලා ඉන්නවා. ඒ වගේම තමුන් ආයෙ මට ඔහොම කතා කරන්න හිතන්නවත් එපා."


මිශෙල් සුසානාව අතහැර දැමුවේ බිම ඇදවැටෙන ලෙසය. කැඩපතේ කැඩුණු වීදුරු කටු වලට ඇගේ කම්මුලේ කුඩා තුවාලයක්ද වී තිබුණි. වැටී සිටි සුසානා මිශෙල් දෙස බලා සිටියේ තරහා පිරුණු දෑස් වලිනි. මිශෙල්ද ඇගේ දෙස බලා සිටියේ මදක් විසල් වූ කොළ පැහැ දෑස් වලිනි. තත්පර කීපයක් ගෙවුණු පසු මිශෙල් වෙනත් කැඩපතක් ඉදිරියට ගොස් අවුල් වූ තම ඇඳුම් පිළිවෙළ කර ගත්තාය.


"තිවේන් මට ආදරෙයි."


කියූ මිශෙල් කැඩපත දෙස බලමින්, දිගු කළු කබායට යටින් ඇද සිටි කළු පැහැ බ්ලවුසය පහත් කළේ පියයුරු වල තිබූ රත් පැහැ සලකුණු පිටට පෙනෙන පරිදිය. බිම සිටි සුසානා එය දුටුවාය.


"Because I am his wife. But who are you ?"


"You're a piece of trash that he used."


කිසිවක් නොවුනාක් මෙන් මිශෙල් සුසානාට සිනහා වී හිස නවා නාන කාමරයෙන් පිටතට ගොස් දොර වසා දැමුවාය. ඇය මේ තරම් ඉක්මනින් මනෝභාවයන් මාරු කරන්නේ කෙසේද. බිම සිටි සුසානා දසන් තද කරගෙන දත්මිටි කෑවේ මිශෙල් මානසික රෝගියෙක්ද කියා සිතමින් ය.


"වාව්.. මම අදමයි දැක්කෙ තමුසෙ මේ විදිහට හැසිරෙනවා."


මිශෙල් නාන කාමරයේ දොර වසා අනිත් පැත්තට හැරෙද්දීම දොර ඉදිරිපස බිත්තියට හේත්තු වී දෑත් බැඳගෙන සිටි සොනායා එසේ කීවාය. ඇය මෙතැනට ඒවි කියා මිශෙල් සිතුවේ නැත. එලෙසම ඇතුලත සිදු වූ සියල්ල ඇයට ඇසුණේ කෙසේද කියා මිශෙල් කල්පනා කළාය.


"තමුසෙ හොඳටම කරා ශෙලී."


සොනායා සමච්චලයට මෙන් සිනහවෙන් කියද්දී මිශෙල්ගේ මුහුණේද ඉබේටම සිනහවක් රැඳුණි. ඒ සැනින් සොනායා පැමිණ මිශෙල්ගේ කරට අත දැමුවාය.


"ඔහොම තමයි ඔය වගේ උන්ට කියලා දෙන්න ඕනි. මට කරන්න බැරි උන දේ තමුසෙ කරා."


"මට කම්ප්ලේන් එකක් වැටිලා තියෙයිද දන්නෙ නෑ වොශ් රූම් එකේදි කරදර කරන්න හැදුවා කියලා."


මිශෙල් කීවාය..


"දැම්මොත් බලාගමුකො මොකද වෙන්නෙ කියලා."


සොනායා මිශෙල් සමඟ කොරිඩෝවෙන් පිටට ගියාය. යලිත් නෝර්ත් වුඩ්ස් වල රාජකාරියක් තිබෙන නිසා ඔවුන් දෙදෙනා මධ්‍යාහ්න වෙන්නට කලින් එතැනින් පිටත් විය.


රාත්‍රිය උදා විය..


මිශෙල් නිවසට පැමිණ තම කාමරයට ගොස් දොර වසා ගත්තේ නාන කාමරයට යන්නට ඇඳුම් ගලවන්නට ය. බෑගයත් පසෙකින් තබා කාමරයේ සිටි බළලාට කෑම දුන් ඈ ඇඳුම් එකිනෙක ගලවන්නට සූදානම් වුණාය. ඒ සමඟම ඇගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය.


❝ ව්‍යාපාරික ෆෙඩ්රික් ද ලොරන්ට්ගේ නැගණියගේ එකම දියණිය ඔලීනා ද ලොරන්ට්, අවි ආයුධ අනීතිකව මෙරටට ගෙන්වීමට සම්බන්ධව අත්අඩංගුවට ගනී ❞


එය ප්‍රවෘත්තියකි. මිශෙලුත් සොනායාත් මේ ගැන දැන ගත්තේ විජයවර්ධනට හමුවීමට මූලස්ථානයට ගිය අවස්ථාවේදියි. ඒ සැනින් මිශෙල්ට ඒ සිදුවීම මතක් විය..


⏳ පැය ගණනකට පෙර..


සුසානාගේ බැන වැදීම් මඟහැර ගවේෂව හමුවුණු මිශෙල්, සොනායා සමඟ සොපානය තුලට ගොස් ඉහල තට්ටුවේ අංකය සහිත බොත්තම එබුවේ මීලඟට විජයවර්ධනව හමුවීමට යන්නට ය. නමුත් සෝපානයේ දොර වැසෙද්දීම තවත් නිලධාරිනියන් දෙදෙනෙකු ඒ වෙතට දුවගෙන එන අයුරු සොනායා දුටුවාය. ඒ සැනින් ඇය දොර පියන් අතරට අත තබා ඔවුන්ට සෝපානය තුලට එන්නට ඉඩ දුන්නාය. ඒ දෙදෙනා එයට ස්තූති කර සොනායාටත් මිශෙල්ටත් ඉදිරිපසින් සිට ගත්තාය.


"ඒක නෙවෙයි මට කියන්න අමතක උනා. ඊයෙ රෑ ඔලීනා ද ලොරන්ට්ව ඇරෙස්ට් කරා. අර බිස්නස්මන් ෆෙඩ්රික් ද ලොරන්ට්ගෙ නංගිගෙ දුව."


ඉදිරිපස සිටි එක් නිලධාරිනියක් අනෙක් නිලධාරිනියට ලං වී රහසින් මෙන් එසේ කීවාය. නමුත් එය පිටුපස සිටි මිශෙල්ටත් සොනායාටත් හොඳින් ඇසුණි.


"ඇයි දන්නෙ නෑ ඇරෙස්ට් කරලා තියෙන්නෙ ?"


"එදා ට්‍රින්කො හාබර් එකෙන් පන්නපු වෙපන්ස්, වෙඩි බෙහෙත් තියෙන ලොරි එකක් ඇල්ලුවා නේද. අන්න ඒක පිටි පස්සෙ ඉන්නෙ මෙයා කියලා කෙනෙක් ඔත්තුවක් දීලා. දැනටමත් එයාට විරුද්ධව එවිඩන්ස් ලැබිලා. තව එයා කරගෙන ගියපු ඩ්‍රග්ස් බිස්නස් එකකුත් ඇල්ලුවා."


"එහෙනම් අපිට මේ නිවුස් එකෙන් වත් හොඳක් අහන්න ලැබෙයි. හොඳ මූණ පෙන්නගෙන හිටපු කෙනෙක්ගෙ ඩාක් සයිඩ් එක පෙන්නුවා කියලා."


සෝපානයේ බිත්තියට හේත්තු වී ඒ සියල්ල අසා සිටි මිශෙල්ගේ රත් දෙතොල් අග සිනහවක් රැඳුණි. එය කලේ කවුරුන්ද නොදත් සොනායා මිශෙල් දෙස බැලුවේ ඔලීනා යනු තිවේන්ගේ සුළු පියාගේ නැගණියගේ දුවෙක් බව දන්නා නිසායි.


⏳ වර්තමානයට..


දුරකතනයෙන් ලිපිය කියවද්දී ඔලීනාගේ රුව සහිත ඡායාරූපයක් දකින විට මිශෙල්ට මතක් වුණේ ඇය එදා තමාට හෑල්ලුවට මෙන් කතා කළ අයුරුය. නමුත් මිශෙල් එක්ක සෙල්ලම් කරන්නට උත්සහ කිරීම මෙවැනි දෙයකින් අවසන් වේවි කියා ඔලීනා සිතුවේ නැත. මෙයට ඔත්තුව දුන් පුද්ගලයාට ව්‍යාජ සාක්ෂි දී ඔලීනාට මෙවන් දෙයක් කලේ මිශෙල්මය.


❝ ස්වීට් ත්‍රෙට් එකක් සමහර වෙලාවට Disaster එකකින් ඉවර වෙන්න පුළුවන් ❞


එදා ඇය ඔලීනාට ඉඟියක් දුන්නේ අද මෙවන් දෙයක් වෙන බව කල්තියාම දන්වන්නට ය. නමුත් ඇයව හෑල්ලුවට ලක් කරමින් කතා කල ඔලීනා අද තමාට මෙවන් දෙයක් සිදුවෙයි කියා දැන සිටියේ නැත.


දුරකතනය පසෙකින් තබා, ඇඳ සිට කළු පැහැ කමිසය ගලවමින් මිශෙල් සඳලුතලයේ දොර අසලට ගියාය. අහම්බෙන් මෙන් ඒන්ජල් විල දෙස බලද්දී ඈ දුටුවේ විලේ ඉවුර ලඟම පඳුරු අතරින් චායාවක් යන අයුරුය. කවුරුන් හෝ ඒ පඳුරු අතර සැඟවී, කාමරයේ සඳලුතලයෙන් පෙනෙන තමා දෙස බලා සිටිනවාද කියා ඇගේ සිතේ සැකයක් ඇති විය.


ඇඳ සිටි ස්කිනර් හැට්ටයෙන්ම මිශෙල් කාමරයෙන් පිටතට විත් තරප්පුව බැස ආලින්දයට ගියාය. සේවිකාවක් වත් පෙනෙන්නට නැති නිසා ඇය ඉස්තෝප්පුවට ගොස් යුරේන්ට කතා කළාය.


"මට බැල්කනි එක පැත්තෙන් පෙනුනා ලේක් එක ලඟ පඳුරු අස්සෙ කවුරු හරි හැංගිලා ඉන්නවා වගේ."


"හරි මම බලන්නම්."


කියූ යුරේන් ආරක්ෂකයින් සමඟ නිවසේ පිටුපසට ගියේය. මිශෙල් යලිත් ඇගේ කාමරයට ගොස් සඳලුතලයට සෙමෙන් ලං වුණේ එතැන සිදුවන්නේ කුමක්ද කියා බලන්නයි. සඳලුතලයේ සුදු පැහැ දොර රෙදි අතරින් ඇය බැලුවේ විල අසල පඳුරු දෙසය.


Bang..


එකවරම සඳලුතලයේ දොරේ තිබූ වීදුරුව වෙඩි පහරකින් බිඳී යද්දී මිශෙල් ඒ ලඟම තිබූ බිත්තියට පිටුපා සැඟ වුනාය. තව වෙඩි පහරවල් කීපයක්ම නිවසේ බිත්ති හා සඳලුතලයේ තිබූ පුටුවකටද වැදුණි. යුරේන්ගේත් ආරක්ෂකයින්ගේත් හඬ ඇසෙද්දී මිශෙල් දොර රෙදි අතරින් පඳුරු දෙස බැලුවාය. පඳුර අතරින් ආ කළු පැහැ ඇඳුම් ඇදගත් පිරිමි කිහිප දෙනෙකු යුරේන් සහ ආරක්ෂකයින් සිටි දෙසට වෙඩි තබන අයුරු ඇය දුටුවාය. ඒ සැනින් ඇය කාමරයේ ලාච්චුවක තිබූ තම පිස්තෝලය අතට ගත්තාය.


තිවේන් සිටියේ ඔහුගේ පෞද්ගලික කාමරයේය. නමුත් වෙඩි හඬ ඇසුණ විගස ඔහුද පිස්තෝලයක් අතැතිව ආරක්ෂකයින් සමඟ නිවස පිටුපසට ගියේය. ඒ අතරතුර මිශෙල් සඳලුතලයේ දොර ලඟ සැඟවී ඒන්ජල් විල දෙසින් මතුවෙන සතුරන්ට වෙඩි තැබුවාය. දැනටමත් විසි දෙනෙකු පමණ ඒන්ජල් විලෙන් පීනා ඇවිත් වත්තට ඇතුළු වී අවසන් ය. පිටත සිටි යුරේන්ටත් අනෙකුත් ආරක්ෂකයින්ටත් කුමක් වුණාද ඇය දන්නේ නැත.


සඳලුතලයට පෙනෙන්නට වෙනත් සතුරන් සිටියේ නැත. දැනටමත් මිශෙල් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා අවසන් ය. අවසානයේ ඇය මුළුතැන්ගෙට ගියාය. ඒ වන විට එහි සිටි සේවිකාවන් ඔවුන්ට වෙන් කල කාමරයට දුවගොස් සැඟවී හමාරය. නිවස පිටුපස දොරට ලං වූ මිශෙල් එය සෙමෙන් විවෘත කලේ පිටත වන්නේ කුමක්දැයි බලන්නට ය. එවිට ඇය දුටුවේ ආරක්ෂකයින් ගස් අතර සැඟවෙමින්, වෙනත් තැන් වල සැඟවි සිටින සතුරන්ට වෙඩි තබන අයුරුය. වෙඩි හඬවල් හැරෙන්නට ඔවුන්ගේ නිවසේ වෙනදා මෙන් නිශ්ශබ්දතාවයක් තිබුණේ නැත. සිත ගැස්සී තිබුණත් මිශෙල් දිගු හුස්මක් පිට කර දොරේ හැඬලය ඇල්ලුවාය. මෙය තමාගේ ප්‍රශ්නයක් නොවුනත් මේ නිවසේ සිටින සතෙකුට වත් හානියක් සිදු වෙනවාට ඈ අකමැතිය.


මුළුතැන්ගෙයි දොර ක්ෂණිකව විවෘත කල මිශෙල් තමාට පෙනෙන සතුරන් දෙදෙනෙකුටම වෙඩි තැබුවාය. යලිත් ඇය මුළුතැන්ගෙයි දොර වසා ගත්තේ වෙනත් තුවක්කුකරුවෙකු තමා දෙසට හැරෙන අන්දම දුටු නිසායි. මුළුතැන්ගෙයි දොරට වෙඩි පහරවල් කිහිපයක් වැදෙද්දී ඒ ලඟම තිබූ බිත්තියට ඈ මුවා වුනාය. තවමත් තිවේන්ගේ ආරක්ෂකයින්ට කරදරයක් නැත. නමුත් තව සතුරන් දහ දෙනෙකුට වඩා පිරිසක් තැනින් තැන සැඟවී, වෙඩි තබන්නට සූදානම්ව සිටින්නේය.


යලිත් මුළුතැන්ගෙයි දොර විවෘත කල ඇය ඈත විලා එක ලඟ සිටි තවත් දෙදෙනෙකුටම වෙඩි තැබුවාය. ඒ සමඟම ඇය දුටුවේ යුරේන් තමා දෙසට එන අයුරුය. මිශෙල්ව ආරක්ෂා කරන්න යැයි තිවේන් කියූ නිසා ඔහු උත්සහ කලේ ඇය ලඟට යන්නටය. නමුත් නොසිතූ අන්දමින් ඔහුගේ බඩත් පපුවත් අතරට වෙඩි පහරක් එල්ල වුණේය.


"යුරේන්!"


........................................................... 🖤 ...


Oh my යුරේන් boyy 😪


මිශෙල්ගෙ ඩාක් සයිඩ් එකට සුසානා Silent 🤐


ඊයෙ දෙන්න බැරි වෙයි කියලා හිතුන නිසා තමයි මම අද හරි දෙන්නම් කිව්වෙ බොරු කාරයෙක් වෙන්න බැරි නිසා 🥲 කමෙන්ට් එකක් ලයික් එකක් දීලා යන්න ඉතිරි වෙලා ඉන්න රීඩර්ස්ලා හරි


Sachy Collins

Report Page