Miss. Anonymous - 24
Sachy Collins
"කොහෙද යන්නෙ ?"
තිවේන් ඇගේ අතින් අල්ලාගෙන ප්‍රශ්න කළේය. ඔහුට සැක නොසිතෙන අයුරින් මිශෙල් දෑස් බිමට හරව ගත්තාය.
"මම වොශ්රූම් යන්න ගියෙ."
"තමුසෙට ඕනි නම් මං එක්ක යමු. මට තමුසෙව මෙතන තනියම තියන්න බෑ. මං එක්ක තරහා මිනිස්සු මෙතන හිටියොත් උන් තමුසෙට කරදරයක් කරන්න බැරි නෑ."
කියූ තිවේන් ඇගේ අතින් අල්ලාගෙන ශාලාවෙන් පිටතට යන්නට උත්සහ කළේය. නමුත් ඇය කීවේ මුසාවකි. ඇයට නාන කාමරයට යන්නට අවැසි නැත. මිශෙල් මදකට නවතිද්දී ඔහු ඈ දෙස බැලුවේය.
"මට ඕනි නෑ."
ඈ වෙනත් අතකට දෑස් යොමාගෙන කීවාය.
"Then what do you want ?"
"To get rid of you."
ඈ ඔහුට කීවේ, තරහා මුසු වූ කොළ පැහැ දෑස් වලින් බලාගෙන ය. ඔහු නොව ඕනෑම අයෙක් තමාගේ වැඩ වලට බාධාවක් වන්නේ නම් එය තරම් ඇය අකමැති දෙයක් ඇගේ ජීවිතයේ නැත.
"තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ ?"
වටපිට බලා, අවට සිටින කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි ඔහු ඇගේ එක් අතකින් තදින් අල්ලා ඇයව ලඟට ගත්තේය. ඇය මේ තරම් තරහින් සිටින අයුරු ඔහු මින් පෙර දැක තිබුණේ නැත.
"තමුසෙ මං එක්ක තරහින් ඉන්නෙ එදා උන දේ නිසාද ?"
මිශෙල් දෑස් සම්බන්ධතාව මඟ හරිමින් යලිත් වෙනත් අතක් බැලුවාය. එකවරම ඔහු ඇයව තම පපුව මතට තද කර ගත්තේ ඇගේ ඉන වටා අත යවමිනි. ඈ මෙලෙස හැසිරෙද්දී රිදෙන්නේ ඔහුගේ සිතය.
"ශෙලී.. තමුසෙ මගෙ වයිෆ්. එදා තමුසෙ මගෙ ඉස්සරහට ඇවිත් කතා කරේ තමුසෙට හස්බන්ඩ්ට වඩා තමුසෙගෙ ජොබ් එක වටිනවා වගේ. ඒත් මට ඕනි උනේ ඒක නෙවෙයි. මට තමුසෙව ඕනි ශෙලී. මට ප්‍රශ්න එද්දී මම ප්‍රෙශර් එකේ ඉද්දි මගෙ වයිෆ් මගෙ ලඟට වෙලා මගෙ සයිඩ් එකේ ඉන්නම ඕනි."
ඇගේ දෑස් තවමත් බිමට හැරී තිබුණි. නමුත් තිවේන් නොනවත්වාම ඇගේ දෙස බලා සිටියේ ඈ කොයි වෙලාවේ හෝ තමා දෙස බලාවි යන බලාපොරොත්තුවෙන් ය. තිවේන්ට අවැසි වූයේ ඇයව අයිති කරගෙන, සදහටම තමා ලඟ තබා ගන්නට පමණක්ම නොවේ. ඔහු ඇයව දැක්කේ පියනි මලක් සේය. එය ආරක්ෂා කරන්නට ඔහු නොකරන දෙයක් නැත. නමුත්, කුඩා කල සිට අන්ධකාරයෙන් වැසුණු තම ජීවිතය පාට කරන්නට හමු වූ ඒ පියනි මල අද තමාව මේ අයුරින් රිදවයි කියා ඔහු කීයටවත් සිතුවේ නැත.
"මම තමුසෙගෙන් අහන්නෙ එක ප්‍රශ්නයයි ශෙලී. මට කියනවා තමුසෙ මට කැමති නැද්ද. ඒකද තමුසෙ මෙච්චර මාව මගාරින්නෙ ?"
තිවේන්ගේ ප්‍රශ්නයට ඈ නිහඬය. බැරිම තැන ඔහු නිකටෙන් අල්ලා ඇගේ මුහුණ තමා දෙසට හරවා ගත්තේය. අද තමා ලඟ සිටින්නේ එදා විවාහ යෝජනාව ගෙනෙද්දී හොඳින් කතාබහ කල, තමාව හොඳින් තේරුම් ගත් ගැහැණු ළමයා නොවන බව ඔහුට කාලයක සිට වැටහී තිබුණි.
"මට ආන්ස්වර් එකක් දෙනවා."
දෙකම්මුල් වලට තදවී තිබූ ඔහුගේ අත නිසා ඇයට දැනුනේ වේදනාවකි. යටිතොල දසන් වලට තද කරගත් ඈ උත්සව ශාලාවේ ප්‍රධාන දොර දෙස බැලුවාය. තමා මෙතෙක් වෙලා ලුහුබැඳි ඒ පුද්ගලයා තවකෙකු සමඟ කත කරමින් ශාලාවෙන් පිටතට යනු ඈ දුටුවාය. ජීවිතයේ එක් වරෙක අත්දුටු ඒ දරුණු පරාජය යලිත් අත් විඳින්නට ඇය අකමැතිය. මෙතෙක් කල් තමා අතින් මැරුණු අනෙක් පුද්ගලයින්ට මෙන්ම මොහුටද මරණය ලැබිය යුතුමය. සිතූ ඇය තිවේන්ගේ පපුවට දෑත් තද කර ඔහුව තල්ලු කළාය.
"I want to vomit."
කියූ මිශෙල් මුවට අතක් තද කරගෙන ශාලාවේ තිබූ වෙනත් දොරකින් පිටතට ගියාය. තිවේන් ඇගේ දෙස බලා මුවගින් සිනහා වී අනෙක් අතට ඇවිද ගියේය. ඈ කරන්නේ බොරුවක් බව ඔහු මුල සිට දැන සිටියේය.
උද්‍යානයේ ගසක් ලඟ සිට තිවේන් ඈතට යන අයුරු බලා සිටි මිශෙල් ඇගේ මෝටර් රථය අසලට ගියාය. දොර ලඟ සිටි මැදි වයස් පුද්ගලයා දෙස එක වරක් බලා ඈ මෝටර් රථයට නැග හෝටලයෙන් පිටත්ව ගියාය. ඈ එතැනින් ගිය වග තිවේන් සමඟ ආ රියදුරුවත් දුටුවේ නැත.
රාත්‍රී දහයට කිට්ටු විය..
එය දෙපසම කැලෑවෙන් වැසුණු මාර්ගයකි. හදිසියේ හමා ආ තද සුලඟට අවට තිබූ ගස් වල වියළුණු කොළ සීසීකඩ ගොස් බිමට පතිත විය. පෙර ඇද හැළුණු වර්ෂාවෙන් තෙත් වූ තාර දැමූ මාර්ගය, මීටර් තිහෙන් තිහට ඇති විදුලි පහන් කණු වලින් ආලෝකමත් වී තිබුණි. නමුත් සමහර කණු වල තිබූ බල්බ විටෙක නිවෙමින් දැල් වුණේ වර්ෂාවට ඒවා තෙමී තිබුණ නිසාය.
Screech..
එකවරම වේගයෙන් ආ මෝටර් රථයක් තිරිංග යෙදුවේ මීටර් දෙක තුනක් අතර නවතින ලෙසය. තිරිංග ශබ්දය අවසන් වෙද්දීම යලිත් අවට කැලෑවෙන් ආ රැහැයියන්ගේ හඬ වැඩි විය. එතැන අඳුරුය. විදුලි පහන් කණුවක් පෙනෙන මානයේ තිබුණේ නැත. ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන, මාර්ගය හරස් කර නවතා ඇති කළු පැහැ මෝටර් රථය දෙස බලා හෝටලයේ අයිතිකරු කැලෑව දෙපස බැලුවේය.
විටෙන් විට වැසි ඇද හැලෙන මෙවැනි වෙලාවක, පාළු ස්වරූපයක් ඇති මෙවැනි මාර්ගයක මෝටර් රථයක් මාර්ගයට හරස් වී තිබීම ඔහුගේ සිතේ ගැස්ම වැඩි කළේය. සමහරවිට මෙය සොර සතුරන්ගේ හෝ තමා සමඟ වෛරයෙන් සිටින අයෙකුගේ වැඩක් විය හැකියි. ඔහු වටපිට බලමින් කල්පනා කළේය. නමුත් ඔහුට ඉදිරියට යන්නට හැකියාවක් නැත. මිනිත්තු කීපයක් කල්පනා කල ඔහු මෝටර් රථයෙන් පිටතට ආවේය.
"Help me!!"
"Someone help me!"
මාර්ගයේ දකුණු පස කැළය තුලින් ඔහුට කෑ ගසමින් උදව් ඉල්ලන ගැහැණු ළමයෙකුගේ කටහඬක් ඇසිණි. එලෙසම ඔහුගේ දෙපා ඉදිරියේ බිම වැටී තිබුණේ රතු පැහැ 'Louboutin' අඩි උස සපත්තුවකි. එය තැනින් තැන සීරී ගොස් පලුදු වී තිබුණි. කවුරුන් හෝ කරදරයක වැටී ඇති බව සිතූ ඔහු කැලෑව අසලට ලං විය.
"කවුරුහරි ඉන්නවද ?"
"Please help me!!"
ඔහුට පිළිතුරකට ඇසුණේ තවත් උදව් ඉල්ලීමකි. ඉතින් තවත් බලා නොසිට ඔහු කැලෑව තුලට තිබූ අඩි පාර දිගේ පිය මැන්නේ දුරකතනයේ විදුලි පන්දම දල්වාගෙන ය.
"කව්ද මෙතන ඉන්නෙ ?"
නොදැනුවත්වම ඔහු කැලෑව මැදටම ගොස් හමාරය. නමුත් මෙතෙක් වෙලා කෑ ගසමින් උදව් ඉල්ලූ ගැහැණු ළමයා පෙනෙන්නට නැත. අවට සෑම තැනක්ම විදුලි පන්දම් එළියෙන් පරික්ෂා කළ ඔහු පිටුපස හැරෙන්නට උත්සහ කළේය. නමුත් ඊට පෙර ඔහුගේ හිස පිටුපසට, යකඩ බටයකින් තද බල පහරක් එල්ල විය.
"ආහ්හ්."
කැලෑවෙන් එපිට තිබූ ගම්මානයට වත් ඔහුගේ කෑ ගැසිල්ල ඇසුණේ නැත. හිසට වැදුණු පහරෙන් දෑස් බොඳ වූ ඔහු පිටුපස හැරී පහර දුන් කෙනා දෙස බැලුවේය.
"අපි ආයෙ හම්බුණා එහෙනම්."
යකඩ බටයක් දෑත් වලින් අල්ලාගෙන සිටි මිශෙල් දෙස ඔහු විසල් වූ දෑස් වලින් බැලුවේය. ඇය උමතු වූවෙකු මෙන් රත් දෙතොල් වලින් සිනහා වෙමින් ඔහු දෙස බලා සිටියාය. තත්පර කීපයක් ගෙවෙද්දී ඔහු දෙපා පණ නැතිව බිම ඇද වැටුණේය.
"ක..කව්ද.. තමුන්.."
"මීට අවුරුදු එකොළහකට කලින් උන දේවල් මම තමුන්ට අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑ නේද ?"
ඇගේ මුහුණ මින් පෙර දැක තිබුණු බවට මතකයක් ඔහුට නැත. නමුත් ඇය අවුරුදු ගණනකට පෙර සිද්ධියක් ගැන ඉඟි කරද්දී ඔහුට මතකයට නැගුණේ ඔහු එකල ගෙවූ ජීවිතය ගැනය.
"තමුසෙගෙ අර කළු පාට වෑන් එක තවම තියෙනවද ?"
"තමුසෙ තාමත් සල්ලි වලට මිනිස්සු මරනවද. ගෙවල් ගිණි තියලා එහෙම ?"
ඇය කියද්දී ඔහුට ටිකෙන් ටික මතක් වූයේ මීට අවුරුදු එකොළහකට පෙර සිදු වූ දේවල් ය. එක් දිනෙක මැදියම් රැයක ඔහු නිවසකට ගිණි තැබුවේ එහි සිටි අයෙකු පණ පිටින් පිළිස්සෙන්නට ය. ඔහු එය කළේ මුදල් වලට ය.
"එදා තමුසෙ මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනාව පණ පිටින් ගිණි තිබ්බා. තමුන් එහෙම කළේ මම මැරුනා කියලා හිතලා. ඒත් ඒක එහෙම උනේ නෑ. මම මැරුණෙ නෑ. මම බේරුණා. හැබැයි තමුසෙ ඒ අහිංසක මනුස්සයාව නිකරුණේ මරලා දැම්මා."
ඇය කියූ වචනයක් ගානේ ඔහුට එදා සිදුවීම අද වූවාක් මෙන් මතක් විය. තමා විසින් ගිණි තැබූ නිවස තුල සිටි මැදි වයස් අයෙකු ගින්නෙන් පිළිස්සෙමින් දඟලද්දි ඒ දෙස තමා නිහඬව බලා සිටි අයුරු ඔහුට මතකයට නැගුණි.
"තමුසෙට කන්ට්‍රැක්ට් එක දුන්න උන් සේරම එක එකා ගානෙ මම මරලා දැම්මා. තව දෙන්නෙක් ඉතුරුයි. උන් මැරුණ හැටි තමුසෙ නිවුස් වලින් දැක්කා නේද."
"So.. තමුන්ටත් ඒක තමයි වෙන්නෙ."
ඔහුගේ දෑස් බියෙන් පිරී විසල් වී තිබුණි. නමුත් ඇයට මෙවන් පුද්ගලයින් ඉදිරියේ අනුකම්පාවක් උපදින්නේ නැත. තත්පර කීපයක් ඔහු දෙස බලා සිටි ඇය යකඩ බටයෙන් ඔහුගේ දෙපා වලට පහර දුන්නාය. ඒ සමඟම ගෙඩියක් බැඳ තිබූ ඇගේ කොණ්ඩයද කැඩී පහලට වැටුණි.
ඒ පුද්ගලයා දිගින් දිගටම කෑ ගසද්දී ඈ ඔහුගේ දෙපා වලට බටයෙන් පහර දුන්නාය. අවුරුදු එකොළහකට පෙර සිදු වූ සෑම දෙයක්ම මනසේ චිත්‍ර මෙන් ඇඳෙද්දී ඈ උමතු වූවෙකු මෙන් ඔහුගේ දෙපා පැලී ලේ ගලන තුරුම පහර දුන්නාය. ඇගේ මනස කියන්නේම මෙවැනි මිනිසුන්ට තමා දෙන මේ දඬුවමත් ප්‍රමාණවත් නැති බවයි.
අවසානයේ ඇය යකඩ බටය පසෙකින් තබා බිම තිබූ තිනර් කෑනය අතට ගෙන එහි මූඩිය විවෘත කලාය. ඇය ඔහුගේ සිරුරට කෑනය හිස් වෙනතුරුම තිනර් හලද්දී ඔහු කෑ ගැසුවේ උදව් ඉල්ලමින් ය. නමුත් ඔහුගේ කටහඬ ඇයටත් කැලෑවේ සිටි සතුන්ටත් හැරෙන්න වෙනත් කිසිවෙකුට ඇසුණේ නැත. කෑනය පසෙකින් තැබූ මිශෙල් අත තිබූ ලයිටරය පත්තු කලේ ඔහු දෙස අවසාන වතාවට බලමිනි.
ඇය ඈතට ගොස් ලයිටරයේ ඔහු දෙසට විසි කළාය. තමා දෙසට එන ගිණි දැල්ල සහිත ලයිටරය දුටු විට ඔහුට මතකයට නැගුණේ එදා තමා ගිණි තැබූ නිවසේ සිටි කෙනාද ගින්නෙන් පිළිස්සෙමින් තමාගෙන් උදව් ඉල්ලූ අයුරුය. දැන් ඔහු ප්‍රමාද වැඩිය. මරණයේ වේදනාව ඔහුව හඹාගෙන විත් හමාරය. ලයිටරය ඔහුගේ සිරුරට වැටෙද්දීම ඒ දෙස බලා සිටි ඇගේ කොළ පැහැ දෑස් මත රැඳුණේ ගිනිදැල් ය. පණ පිටින් පිළිස්සෙද්දී ඔහු දඟලමින් කෑ ගැසුවේය.
යකඩ බටයත් අතැතිව මිශෙල් අඩිපාර දිගේ මාර්ගය දෙසට ඇවිද ගියාය. සමහර මිනිසුන්ට මුදල් වලට කෑදර කමින් වැරදි කරද්දී, එහි කර්මය මුදල් වලින් වැලැක්විය නොහැකි බව මතකයට නැගෙන්නේ නැත. ඔහුටත් සිදු වූයේ එයමය. එදා ගින්නෙන් අළු කර දැමූ පුද්ගලයා වෙනුවෙන් කෙනෙකු පැමිණ තමාගෙන් මෙලෙස පලිගනීවි කියා ඔහු කීයටවත් සිතුවේ නැත.
එකවරම මල් වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේය. මෝටර් රථයට නගින්නට ගිය මිශෙල් යලි එහි දොර වසා දැමුවේ කැලය තුල ඇවිළුණු ගිනිදැල් ටිකෙන් ටික අඩු වෙන අයුරු බලාගෙන ය. ඔහුගේ සිරුර මිනිත්තු දහයක් තිස්සේ ගින්නෙන් දැවුණේය. දැනටමත් ඔහු අනන්‍යතාව සොයාගත නොහැකි පුද්ගලයෙක් ලෙසට පිලිස්සී ඇති බව ඇයට සිතුණි.
මිශෙල් නිහඬව හිස ඔසවා අහස දෙස බැලුවාය. එක් තරුවක් වත් පෙන්න්නට නැති අඳුරු වූ අහසෙන් වැටෙන වැහි බිඳු ඇගේ මුහුණට වැටී ගෙල දිගේ පහලට ගලා ගියේය. තවත් මෙතැන සිටියොත් කවුරුන් හෝ දකීවි කියා සිතූ ඇය මෝටර් රථයට නැග්ගේ සැක නොසිතෙන පරිදි නිවසට යන්නට ය.
........
"මම එහෙනම් යන්නම්.. කෝර්ට් එකට යන්න ඕනි ලේට් නොවී."
කියූ සදෙව් තමා ඉදිරියේ සිටි සොනායා හා මිශෙල් දෙස බැලුවේය. දින ගණනකට පසු ඔහුට යලිත් ඔවුන්ව හමුවුයේ අදය. තිවේන් නිසා ඔහුට වෙනදා මෙන් මිශෙල්ට දුරකතනයෙන් පණිවිඩ යවන්නට වත් ඇමතුමක් ගන්නට වත් නොහැකිය.
"පරිස්සමින් යනවා. තමුසෙවත් පාර හරස් කරලා මොකෙක් හරි කැලේකට ගෙනිහින් පුච්චන්න බැරි නෑ."
සොනායා එසේ කියද්දී මිශෙල් සොනායාගේ දෙතොල් වලට අත තැබුවාය. මීට දින දෙකකට පෙර කැලයක තිබී පිලිස්සුණු මළසිරුරක් පොලිසියට හමු වී තිබුණි. එහි අනන්‍යතාවය ඔවුන් සොයාගෙන තිබුණ නමුත් එය සිදු කල පුද්ගලයා කවුරුන්ද කියා ඔවුන්ට තවමත් සොයා ගන්නට නොහැකි විය.
"මාව මරන්න මට තරහාකාරයො නෑ සොනා."
කියූ සදෙව් මෝටර් රථයට නැග්ගේය. ඔහු යන දෙස බලා සිටි සොනායාත් මිශෙලුත් මූලස්ථානය තුලට ගියේ විජයවර්ධන හමු වෙන්නට ය. එදා හෝටලයේ පිපිරුමෙන් ජීවිතය බේරුණු නදීර් හුසයිෆාගේ එකම පුත්‍රයාද අද වන විට අත්අඩංගුවට ගෙන තිබුණේ මිනීමැරුම් චෝදනාවකට සම්බන්ධවය. නඩුව විභාගයට ගන්නා දිනයත් ටිකෙන් ටික ලං වෙමින් තිබුණි. එයට මිශෙලුත් සොනායාත් සහභාගී විය යුතුය.
"සදෙව් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් කොහොමද කෙනෙකුට මරන්න හිතෙන්නේ."
සොනායා කියද්දි මිශෙල් මද සිනහවක් පෑවාය. ඔවුන් දෙදෙනා පහල තට්ටුවේ සිටි ගවේෂව සොයාගෙන ගියේ ඔහුව හමුවී විශේෂ කාරණාවක් ගැන කතා කර ගන්නට ය. නමුත් මග දුරක් යද්දී මිශෙල් දුටුවේ හුරු පුරුදු මුහුණක් සහිත ගැහැණු ළමයෙකු කවුරුන් හෝ හමුවීමට පැමිණ පුටුවක ඉඳගෙන රැඳී සිටින අයුරුය.
එකවරම ඒ ගැහැණු ළමයා මිශෙල්ගේ මුහුණ දෙස බැලුවාය. ඒ සැනින් ඇගේ මුහුණ වෙනස් විය. තද දුඹුරු පැහැ සෘජු හිසකේ ඇති, කළු පැහැ දෑස් හිමි ඇයව දුටු විටම මිශෙල්ට මතක් වූයේ ඇය කාගෙ කව්ද කියායි.
"ඔහ්.. හිතුවෙ නෑ තමුන් මෙතනදි මීට් වෙයි කියලා."
කියූ ඇය මිශෙල්ගේ මග හරස් කළාය. ඇය නමින් සුසානා විජේසිංහ. මිශෙල් ඇයව පළමු වතාවට දුටුවේ මේ ලඟම ඇති රාත්‍රී සමාජ ශාලාවක පරික්ෂාවකට ගිය අවස්ථාවකදී ය. ඇය එහි 'Belly dancer' කෙනෙකි.
"මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව හොරකම් කරලා තමුන් දැන් සතුටින් ඉන්නවා ඇති නේද ?"
........................................................... 🖤 ...
Who tf is this ගෙස් කරන්න පුළුවන්ද මේ කව්ද කියලා..
ඔයාලා මිශෙල් ගැන හිතුවට තිවේන් ගැන හිතුවෙ නෑනෙ 😑❕
Sachy Collins