Miss. Anonymous - 23

Miss. Anonymous - 23

Sachy Collins
🚫 Do not copy or share without author's permission



🔞 This episode contains sexual themes and mature.


Previous


"තොලට මොකද උනේ ?"


ඉස්තෝප්පුවට විත් පුටුවකින් ඉඳ ගත් කාන්තාව ප්‍රශ්න කරද්දී මිශෙල් කකුලක් පිට කකුලක් දමාගෙන පුටුවට හිස තබා ගත්තාය. ඇගේ කොළ දෑස් නිවස ඉදිරිපිට තිබූ විසල් රොබරෝසියා ගසට යොමු වී තිබුණි.


"බාත් රූම් එකේ ලිස්සලා වැටුණා."


"එහෙමද නැත්තම් තිවේන් ගැහුවද ?"


කාන්තාව අහද්දී මිශෙල් මද සිනහවක් පෑවාය. සොනායාගෙන් සේම ඇගෙනුත් කිසිවක් සැඟවිය නොහැකි බව මිශෙල් දනී.


"ඔයා කරන්න යන දේ මට තේරෙන්නෙ නෑ දුව. ඔයා තිවේන්ව මැරි කරලා කරගත්තෙ ලොකු වරදක් කියලා මම හිතන්නෙ."


"අනික මම හිතුවා ඔයා පොඩි කාලෙ විඳපු දුක් ආයෙ ලැබෙන එකක් නෑ කියලා. ඒත් ඒදයි අද‍යි වෙනසක් නෑ කියලා මට හිතෙන්නෙ."


මිශෙල් පුටුව අසල මේසය උඩ තිබූ දුම් නගින කෝපි කෝප්පය අතට ගත්තාය. ඈ කෝප්පයට ලං වී එයට සෙමින් පිම්බේ එහි රස්නය නැතිව යන්නටය.


"මට මගෙ ටාගට් එකට යන්න තියෙනවා නම් මම ඒ වෙනුවෙන් ඕනිම දුකක් වේදනාවක් දරාගන්න ලෑස්තියි."


ඈ කියූ දේට ඒ කාන්තාවට එකඟ විය නොහැක.


"එතකොට ඔයා තිවේන් ගාව ඉන්නෙ ඔයාගෙ ටාගට් එකට යන්න ඕනි නිසාද ?"


ඒ ප්‍රශ්නය හමුවේ මිශෙල් තමා ඉදිරියේ සිටි කාන්තාව දෙස බලා කෝපි කෝප්පය මේසය මතින් තැබුවාය. ඇගේ මුහුණේ රැඳී තිබුණේ මද සිනහවකි. කාන්තාව තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියත්, ඇගෙන් වචනයක් වත් අසන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඇය දුම්වැටියක් දල්වාගෙන දෙතොල් අතර තබා ගත්තාය. ඉස්තෝප්පුවේ පඩි කීපය බැස නිවසේ වත්ත දිගේ ඈ නිහඬව ඇවිද ගියාය.


........


"සර්.."


තිවේන් මෝටර් රථයෙන් බහිද්දීම ලියන්ගොල්ල ආරුක්කු මග යටින් ඔහු දෙසට පිය මැන්නේය. දින කීපයක් තිස්සේම ඔහුට සම්බන්ධ පුද්ගලයින්, සිර කරගෙන සිටින පුද්ගලයාගේ නිවෙස්ද, ආගිය තැන්ද වෙස් වලාගෙන පරික්ෂා කළේය. එයින් ඔවුන් දැන ගත්තේ තිවේන්ගේ සියළු සැලසුම් නිර්ණාමික අයුරින් විනාශ වෙන්නට හේතුව 'ඩ්‍රවෙල්ටන්' යන ව්‍යාජ නමින් සිටින පුද්ගලයාගේ ආශ්‍රිතයින් තිවේන් අසල සිටින නිසා බවය.


ඒ වෙස් වලාගත් ආශ්‍රිතයින් කවුරුන්ද කියා ඔහුට නිශ්චිතව සොයාගන්නට නොහැකි විය. නමුත් ඔහුට මේ නිවසේ සැක සහිත අය කිහිප දෙනෙකු සිටින බවට ටික කාලයක සිට වැටහී තිබුණේය. කෙසේ වුවත් ලඟදීම ඔවුන්ට තමා සෙල්ලම් කරන්නට තෝරා ගත්තේ වැරදි පුද්ගලයා බව ඉක්මනින් වැටහෙනු ඇත. හේතුව ඩ්‍රවෙල්ටන් යන ව්‍යාජ නමින් සැඟවී විරුද්ධකම් කරන පුද්ගලයා හැරෙන්නට අද වනතුරු තිවේන්ට එරෙහි වූ පුද්ගලයින් කිසිවෙකුත් ජීවතුන් අතර නැති නිසාය.


"සර් අර ගෑනු ළමයා මැරිලා."


ලියන්ගොල්ල තිවේන්ට කිව්වේය. ඈ මිය යන්නට ඇත්තේ මීට පෙර වතාවන් කීපයක දුන් විෂ එන්නත නිසා බව ඔහුට වැටහුණේය.


"මල්දෙණිය එස්ටේට් එකට ගිහින් දාන්න."


"මේ දවස් වල එහෙ පොලිසිය ඉන්නවා සර්."


"ඕක හෙට උදේ වෙද්දි සත්තු කාලා දානවා."


තිවේන් කියූ දේට හිස වැනූ ලියන්ගොල්ල යලිත් ආරුක්කු මගෙන් භූගත කාමරයට ගියේය. ඒ සමඟම මෝටර් රථය අසල සිටි යුරේනුත් ඔහුට සංඥා කරමින් ලියන්ගොල්ල පසුපස ගියේය. ඇඳ සිටි කළු පැහැ දිගු කබාය ගලවමින් තිවේන් නිවස තුලට ඇතුළු විය. එදා සිදුවීමෙන් පසුව මිශෙල් ඔහු සමඟ වචනයක් වත් කතා කළේ නැත. ඔහුත් ඔහුගේ රාජකාරි වලට කාර්යබහුල වූ නිසා ඇය අසලට යන්න ලැබුණේ නැත. නමුත් ඔහු ඇය ගැන සෙවිල්ලෙන් සිටීමට එක මොහොතකට වත් අමතක කළේ නැත.


සතියකට වඩා කාලයක සිට ඈ තමා ඉදිරියටවත් නොආවේ ඇයි කියා ඔහුගේ හිතේ පැනයක් නැගී තිබුණි. එයට හේතුව කුමක්ද. ඇය ඒ තරම් තමාට වෛර කරනවද. නැත්නම් ඇය තමාව දකින්නට වත් එතරම් අකමැතිද. ඔහුට සිතාගත නොහැක. නමුත් ඔහු ඇයව තමා ලඟට ගත්තේ මෙලෙස දෙපසකට වී නොදන්නා අය මෙන් සිටින්නට නොවේ. ඈ තමා ලඟ සිටම තමාට උදව් කරනවාට ඔහු කැමතිය. මොන තරම් පීඩනයක සිටියත් එය මොහොතකට හෝ අමතක කරවන්නට පුළුවන්, තමාට ඖෂධයක් හා සමාන වු ඇගේ හුරුපුරුදු සුවඳ ඔහුට අවැසිය.


ඇඳ සිටි බ්ලේසරයත් ගලවා ආලින්දයේ තැබූ ඔහු කෑම කාමරයට ගියෙ ඒ හුරු පුරුදු සුවඳ ඒ දෙසින් ආ නිසායි. එවිට ඔහු දුටුවේ මිශෙල් එහි කොනක මේසයක් මත කුමක් හෝ කරමින් සිටින බවය. ඔහු එතැනට වී බලා සිටිද්දී හදිසියේම ආ සේවිකාවක් ඔහු ඉදිරියේ නැවතුණි. ඈ ඔහු මෙතැන සිටියි කියා සිතුවේ නැත.


තිවේන් ඇයට හිස හරවා සංඥා කලේ එතැනින් යන ලෙසය. ඒ සැනින් ඇය ඔහුට හිස නවා කාමරයේ සිටි අනෙකුත් සේවිකාවන් දෙදෙනාද එක්කරගෙන එතැනින් මුළුතැන්ගෙට ගියාය. ඔවුන් කාමරයෙන් යන තුරුම මිශෙල් දන්නේ නැත. හේතුව ඇය සිටියේ කෝපි ඇඹරුම් යන්ත්‍රයෙන් කෝපි ඇට අඹරමින් ය. ඔහු කාමරයට සෙමෙන් ඇතුළු විය.


ඔහු මිශෙල් දෙස නිහඬව බලා සිටියේය. ඇගේ අත තිබූ කුඩා ඇඹරුම් යන්ත්‍රයේ ඉහල කොටසේ පිරී තිබූ තද දුඹුරු පැහැ කෝපි ඇට, යන්ත්‍රයේ මිට කරකැවෙද්දී 'ක්රැක්' හඬ දෙමින් ඉහල පහල යන අයුරු දුටු විට ඔහුගේ සිතට අමුතුම නැවුම් බවක් ගෙනාවේය. ඇය තවමත් ඔහුව දුටුවේ නැත. ඇගේ මුහුණ දෙපසින් වැටී ඇති කෙහෙරැලි පවා ඔහුට තවත් ඇය දෙස බලා සිටින්නට උදව් කළේය.


ඇයට එහා පසින්, සුදු පැහැ බන්දේසියක තැබූ ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් ඔහුගේ දෑස් වලට යොමු විය. ඒවාද පිළියෙළ කර ඇත්තේ ඇයමය. ස්ට්‍රෝබෙරි ගෙඩි හරි මැදින් දෙකට කපා එය වටා චොකලට් තවරා ඊටත් ඉහලින් වැනිලාද සිහින් ඉරි මෙන් රැඳෙන සේ ඇය ඒවා සකසා තිබුණි.


එයින් එහාට දෑස් ගත් ඔහු යලි ඇගේ දෙස බැලුවේය. කෝපි ඇට අඹරන ඇගේ අතේ රිද්මයට සමානව, ඇඳ සිටි කළු පැහැ අත් පටි ගවුමෙන් පෙනෙන ඇගේ ලැමද මදක් චලනය වෙමින් තිබුණි. එලෙසම යන්ත්‍රයේ හැඬලය අල්ලාගෙන සිටින ඇගේ අත්ල රත් පැහැ වී ගොස්ය. ඇය සෑම විටෙකම මේවා කරන අයෙකු නොවන නිසා එසේ වන්නට ඇතැයි ඔහු සිතුවේය.


ඔහුගේ දෑස් ඇයවත් ඒ අවස්ථාවත් කෙතරම් වෙලා රස වින්දාද කියා තත්පර වලින් ගණනය කරන්නට බැරිය. නමුත් තවත් ඔහුට ඇය දෙස බලා සිටිය නොහැකිය. ඇගේ අත තිබූ යන්ත්‍රයේ කෝපි ඇට ටිකෙන් ටික කුඩු වී අවසන් වන්නට සූදානම් ය. කිසිවක් නොදත් ඈ කෝපි ඇට සියල්ලම කුඩු කර අසල තිබූ සුදු පැහැ භාජනයකට දැමුවාය.


"......"


එකවරම ඔහුගේ එක් අතක් ඇගේ ඉන වටා තද වී අනෙක් අත ටයිල් තලය මත ස්පර්ශ විය. ඈ ඔහුට මුහුණලා හැරුණේ බලාපොරොත්තු නොවූ ස්පර්ශ නිසාය.


"My wife.."


ඇගේ රෝස පැහැ යටි තොල මත ස්පර්ශ වූ ඔහුගේ මහපටැඟිල්ල පහලට ඇදෙද්දී ඇගේ කොළ දෑස් මදකට පිය වුණි. තමන් එදා ඔහුගේ හිත රිදෙන අයුරින් කතා කලත් ඔහු අදටත් එයට අමනාප නොවී සිටීම ඇයව පුදුමයට පත් කළාය.


ඔහු මොන ආකාරයේ පුද්ගලයෙක්ද. මිශෙල්ට සිතා ගත නොහැක. ඇය අද වන තුරු ඔහුට ආදරයෙන් හෝ සෙනෙහසකින් සලකා නැත. ඈ සෑම විටෙකම උත්සහ කලේ ඔහුගේ හිත රිදවා ඔහුව තමාගෙන් ඈත් කරන්නට ය. නමුත් එය ඇයට කළ හැකි දෙයක් නොවේ. මින් ඉදිරියටත් තමා කෙතරම් ඔහුව මග හැරියත්, සිත රිදෙන්නට වචන කියුවත් ඔහු තමාව අත් නොහරියි කියා ඇයට සිතුණි.


එකවරම ඔහු ඇගේ දෙතොල් පෙති සිප ගන්නට පටන් ගත්තේය. ඇගේ යටිතොලේ තිබූ තුවාලය දැන් සුව වී ගොසින් ය. නමුත් ඇගේ මනසේ රැඳුණු තුවාල තවමත් බෙහෙතක් නොමැතිව රිදුම් කමින් තිබුණි.


"තමුසෙට මම හිටියත් එකයි නැතත් එකයි නේ ?"


කියූ තිවේන් එක් අතකින් කෝපි අඹරන යන්ත්‍රය පසෙකට තල්ලු කර, ඇයව ඉන දෙපසින් අල්ලා මේසය මතින් තැබුවාය.


"ඒ උනාට මට එහෙම නෑ."


"මට තමුසෙව ඕනෙ.."


ඇය ඇඳ සිටි කළු පැහැ ගවුම හැකිලෙන පරිදි ඔහු ඇගේ එක් කකුලක් ස්පර්ශ කරමින් අත ඉහලට ගෙන ගියේය. ඈ වෙනදා ලෙසම ඔහු දෙස හිස් බැල්මකින් බලා සිටියාය.


"Oh.. Is that new one ?"


ඇය ඇඳ සිටි 'Lace boyshort' එක අතරින් අත දැමූ ඔහු එසේ ඇසුවේය. එයට පිළිතුරු නොදී ඇය වෙනත් අතක් බලා ගත්තාය. නමුත් ටික වෙලාවකින් ඔහු එය පහලට අදිද්දී ඇය යලිත් ඔහු දෙස බැලුවාය.


"Don't be afraid, no one can see us."


කළු පැහැ 'Lace boyshort' එක දෙකළවා වලින් ඉහලට ඇද ඔහු ඇගේ දෙපා තම උරහිස් දෙපසින් රඳවා ගත්තේය. ඒ සැනින් ඇගේ දෑස් හැරුණේ දොර දෙසටය. ඔහු තමාව ලැජ්ජාවට පත් කරනවාද. ඇගේ සිත ඇය සමඟ ප්‍රශ්නාවලියක ය.


මද වෙලාවකට පසු ඈ පිටුපස තිබූ බිත්තියට හිස තද කරගත්තේ ඔහුගේ හිසකේ දෑත් වලින් තදින් මිරිකගෙන ය. සිරුරේ තැනින් තැනට දැනෙන සුමුදු ස්පර්ශයන් ඇයව හැඟීම් අතර ගිල්වුවාය. ඒවා ඇයට අළුත් දෙයක් නොවේ. නමුත් ඔහු ඇයට ලං වෙන සෑම විටෙකම ඇගේ සිරුර ඇයටවත් පාලනය කර ගත නොහැකිය. ඊට හේතුව තම සිතේ යටපත් වූ හැඟීම් මතු කරන්නට ඔහු සමතෙක් නිසාද. ඈ දෑස් වසාගෙන කල්පනා කළාය.


කාලය ගෙවෙන බව දැනුණේ නැත. ඔහු මදකට නවතිද්දී ඈ දෑස් විවර කළාය. ඇගේ මුහුණ රක්ත වර්ණ වී තිබෙන අයුරු දකිද්දී ඔහුගේ දෙතොල් අග සිනහවක් රැඳුණේය. උදරය මට්ටමට එසවුණු ඇගේ ගවුම අතරින් ගිය ඔහුගේ රළු දෑත් ඇගේ උණුසුම් ලැම මත තද විය. යලිත් වරක් ඈ දෑස් තදින් පියා ගත්තේ ඔහු ඇගේ ලැම දෑතින් තද කරමින් උදරයේ තැනින් තැන සිප ගන්නට පටන් ගත් නිසායි.


"Enough.."


ඈ කීවේ ඔහු ඇගේ දෙකළවා දසන් වලට තද කරගද්දී රිදුම් කන නිසාය. වෙනදාට ඇගේ බසට අවනත නොවී ඇයව තවත් රිද්දන ඔහු අද ඇගේ කැමැත්තට ඉඩ දුන්නේය. එය ඇයව පුදුම කළාය.


"You taste better than these strawberries."


කියූ ඔහු ඇගේ එක් කම්මුලකින් දෙතොල් තද කර කෑම කාමරයෙන් පිටතට ගියේය. ඇය තවමත් හැකිළුණු ගවුමෙන්ම මේසය මත සිට කල්පනාවක ය. ඈ ඔහුව ඈත් කරන්නට උත්සහ ගත්තත් ඔහු දිනෙන් දිනම ඇයට ලං වෙන්නේ ඇයව පරාජිතයෙකු කරමිනි.


ගවුම පිළිවෙල කරගත් මිශෙල් මේසය මතින් බැස්සාය. කිසිවක් නොවූ අයුරින් ඈ කෝපි කෝප්පය සාදාගෙන අවසන් කළාය. බන්දේසියේ තිබූ චොකලට් සහිත ස්ට්‍රෝබෙරි කැබලි කීපයක් ගෙන සුදු පැහැ පීරිසියකට දමා ඇය ගියේ ඉතුරු කීපය ශීතකරණයට දමන්නටය.


දින දෙකක් ගත විය..


ටිකෙන් ටික සවස් වීගෙන එද්දී මිශෙල් ඇඳ මතට වී කල්පනා කළේ ඇගේ ඉදිරි සැලසුම් ගැනය. ඇය සිතුවාට වඩා තිවේනුත් සොනායාත් ඇය ගැන සෙවිල්ලෙන් සිටින්නේය. කෙදිනක හෝ ඔවුන් තමා තුල සිටින නියම පුද්ගලයා කවුරුන්ද කියා දැනගෙන මේ අයුරින් සාහසික ලෙස මිනිසුන් මරා දමන්නේ ඇයි කියා ඇසුවොත් එයට පිළිතුරු දෙන්නේ කෙසේ දැයි කියා ඈට සිතාගත නොහැක.


අතීතයේ සිදු වූ කිසිම දෙයක් ඈ යලි මතක් කරන්නට අකමැතිය. නමුත් තව වැඩි කාලයක් ඇයට මේ සියල්ලන්ගෙන්ම සැඟවී සිටිය නොහැක. තමා කුමක් කරන්නද. ඔවුන්ට සියල්ලම මුල සිට පවසන්නද. ඇගේ මනස ඇගෙන්ම එක දිගට ප්‍රශ්න කළාය. ඇඳ මත වැතිරී සිරුරට උඩින් ඇඳ ඇතිරිල්ල පොරවාගෙන ඈ කල්පනාවකය. උදෑසන සිට වැහි අඳුරෙන් පිරුණු පරිසරය ඇගේ හිතේ බර තවත් වැඩි කළේය.


'ඔයා වැරදි නෑ'


'තමන් වෙනුවෙන් කරන දෙයක් සාධාරණයක් මිස වරදක් වෙන්න විදිහක් නෑ'


ඇගේ මලානික වූ කොළ පැහැ දෑස් කාමරයේ කොනක තිබූ කුඩා ලී පෙට්ටියකට යොමු විය. තිවේන්ගේ නිවසේ ඇය හැරෙන්නට ඇය ගැන දන්නා වෙනත් අයෙකු සිටී නම් ඒ ඇගේ දෑස් යොමු වුණ රහස් ලී පෙට්ටිය පමණි. ඇගේ ජීවිතේ සිදු වූ විශේෂ දේවල් ලියූ පොතක් සහ ඇගේ කටුක අතීතය පිළිබඳව මතක සටහන් ඒ රහස් පෙට්ටියේ ඈ සඟවා තිබුණි.


නොදැනීම ඇයට නින්ද ගියාය..


දිගු නින්දකින් පසුව ඈ සවස හයට පමණ අවදි වූයේ වැස්සක චුරු චුරුව නිසායි. ඇයට එහා පසින් සිටි බළලා තවමත් තද නින්දේය. ඇඳ සිටි නිදන ගවුමේ පහලට වැටුණු අත් පටි යලිත් ඔසවමින් ඈ ඇඳෙන් බැස්සාය. කැඩපත ඉදිරියේ මේසය මත තිබෙන සුදු පැහැ ආරාධනා පතත් තෑගි පෙට්ටියකුත් අහම්බෙන් ඇගේ දෑස් වලට යොමු විය.


ඇය ආරාධනා පත පරික්ෂා කරන විට දුටුවේ එය තිවේන්ගේ පියාගේ හොඳම මිතුරෙකුගේ විවාහ සංවත්සර සැමරීමට සහභාගි වන ලෙස ඔහුටත් ඇයටත් දෙදෙනාටම එවූ ආරාධනාවක් බවය. පසුව ඈ ඒ අසල තිබූ කළු පැහැ පෙට්ටියත් විවෘත කළාය. එහි තිබුණේ රතු පැහැ දිළිසෙන දිගු ගවුමකි. ඊට අමතරව රතු පැහැ අඩි උස යුගලයක්ද, කරාබු යුගලයක්ද එය තුල තිබුණි. මෙය තිවේන්ගේ තේරීමක් ය. තමා කැමති වර්ණයෙන්ම සිරුර ඕනෑවට වඩා නිරාවරිත නොවූ ගවුමක්, ඔහු හැරෙන්නට වෙන කවුරු තෑගි කරන්නද. ඇය සිතුවාය.


ආරාධනා පතේ තිබූ වෙලාව රාත්‍රී අට ය. උදේ සිටම තිවේන් නිවසේ නැත. නමුත් ඔහු මේ උත්සවයට සහභාගි වෙන්නට නියමිත වෙලාවට එන බව ඈ හොදින්ම දනී. එනිසා තමා ඉක්මනින් ලැහැස්ති විය යුතු බව ඈ සිතුවාය.


මෙහෙකාරියකුගේ උදව් ඇතිව ඈ ඒ ගවුම ඇඳ ගත්තාය. එහි 'Sweetheart' පපුව කොටස සිට ගෙලේ පටිය දක්වා රැලි කල රතු පැහැ දැලක් තිබුණි. දිළිසෙන රතු පැහැ රෙදි වර්ගයකින් ඉතිරිය නිම කල ගවුම දෙපතුල් වලටත් වඩා දිගය. ගවුම සිරුරට තද වී තිබූ නිසා ඇගේ 'Hourglass' හැඩයේ ඇඟ වෙනදා අඳින ඇඳුම් වලට වඩා හොඳින් කැපී පෙනුණි.


ඈ කැඩපත ඉදිරියේ, ස්ටූල් එකක් මත ඉඳගෙන දෙතොල් වල රතු පැහැ ලිප්ස්ටික් තවරද්දී ඇයට පිටුපසින් සිටි මෙහෙකාරිය ඇගේ හිසකේ පීරා ඉහලින් ගෙඩියක් බැන්දේ මුහුණ ඉදිරිපසින් එල්ලෙන්නට කෙස් රැල්ලක් ඉතුරු කර ය.


මිනිසුන් එකතු වන ස්ථාන ඇයට අසාත්මික ය. විශේෂයෙන්ම සාද හා උත්සව යන වචන වලට ඈ හරිම අකමැතිය. ජීවිතයේ විශේෂ අවස්ථාවන් මේ අයුරින් සමරද්දී ලැබෙන සතුට කුමක්ද. අද වනතුරු තම උපන්දිනයට වත් විශේෂත්වයක් නොකල ඇයට ඒ වචන හිස් වචන දෙකක් පමණි.


රන් පැහැ 'Clutch' බෑගයත් අතට ගෙන මිශෙල් පඩිපෙළ බැස ආලින්දයට ගියාය. ඇගේ රතු පැහැ ගවුම ඉදිරියේ දෙදණ දක්වා ඇති විවරයෙන් ඇය පැලඳ සිටි 'Louboutin' අඩි උස යුගලය ‍රතු පැහැයෙන් දිළිසුණි.


මිශෙල් ❤️


මිශෙල් තමා දුන් ගවුම ඇඳ මෝටර් රථය අසලට එනු දුටු තිවේන්ට ඇයට කියන්නට වර්ණනාවක් වත් මතක් වුණේ නැත. ඇගේ හමේ වර්ණයටත් හිසකේ වර්ණයටත් තද රතු පැහැය හොඳින් ගැලපෙන බව ඔහුට සිතුණේය.


"Let's go shelly."


"I'll go in my car."


තමා කියූ දේ ගණන් නොගෙන මිශෙල් එසේ කියා ඇගේ මෝටර් රථය දෙසට යද්දී ඔහු නිහඬව ඒ දෙස බලා සිටියේය. එදා සිදුවීමෙන් පසුව ඈ තවමත් තමා සමඟ තරහින් සිටින බව ඔහුට වැටහුණේ ඇගේ හැසිරීම් අධ්‍යනය කරන විටය.


කිසිවත් නොකියා තිවේන් තම මෝටර් රථයේ පිටුපස අසුනට නැග්ගේය. ඔහු යන මෝටර් රථය පිටුපසින් ඇයත් ඇගේ මෝටර් රථයෙන් හෝටලයට යන්නට පිටත් විය. ඔවුන්ගේ ගමනාන්තය වූයේ ලඟම තිබූ කුඩා නගරයක් ය. ඔහු නොදැනුවත් වුණාට ඈ එහි යන්නේ ඇය පමණක් දන්නා කාරණාවකට ය. කැඩපත ඉදිරියේ මේසය මත තිබූ ආරාධනා පත දිග හැරිය විගස මිශෙල් දුටුවේ උත්සවය තිබෙන කුඩා හෝටලයේ නමයි. ඒ හෝටලයේ අයිතිකරුට මේ වන විට වයස අවුරුදු පනහකටත් වැඩි ය. ඔහුව ඈ පළමු වරට දුටුවේ ඇයට වයස අවුරුදු දාහතේදී ය. එකල ඔහු ඒ ලඟම තිබූ වෙනත් හෝටලයක වැඩ කල සේවකයෙකු ය.


අහම්බෙන් හෝ අද උත්සවයේ ඔහු සිටිය හොත් අවුරුදු ගණනාවක සිට තමා ලුහුබැඳි එක් ගොදුරක් අදින් නිම වනු ඇත. මිශෙල් කල්පනා කරමින් මෝටර් රථයෙන් බැස හෝටලට දෙසට ඇවිද ගියාය. ඇය අඩි තබන ගල් ඇතිරූ බිමට දෙපසින් තිබූ තණකොල වල රැඳුණු වැහි බිඳු උද්‍යානයේ තිබූ විදුලි පහන් එළියෙන් මුතු කැට මෙන් දිළිසෙමින් තිබුණි.


"ශෙලි.."


කල්පනාවෙන්ම ගිය මිශෙල්, වතුර රැඳී තිබූ ටයිල් පොලව මතට අඩිය තබන්නට යද්දීම තිවේන් ඇයව ඇද තමා අසලට ගත්තේය.


"තමුසෙගෙ සිහිය කොහෙද ?"


මිශෙල් කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටිද්දී, ඔහු ඇගේ අතින් අල්ලාගෙන හෝටලය ඇතුලට ගියේය.


"මම දන්නවා තමුසෙ මේ වගේ ගමන් වලට ආස නෑ කියලා. මමත් එහෙම තමයි. ඒත් මම ආවෙ මිස්ටර් අත්තනායක මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක් නිසා. තමුසෙ දන්නවනෙ මම මගෙ තාත්තා වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා කියලා."


ඇයට පමණක් ඇසෙන හඬකින් ඔහු කීවේ ඇගේ අත අල්ලාගෙන රතු පැහැ පලස මතින් ඉදිරියට ඇදෙමින් ය. ඇගේ දෙකන් ඔහු කියූ දේ ඇසුවත්, ඇගේ දෑස් තිබුණේ උත්සවයේ සිටි මිනිසුන්ටය. නමුත් ඇය පැතූ රුව එතැන සිටියේ නැත.


"This is my wife, Mishel."


අවට බලමින් සිටි මිශෙල්ට එකවරම ඇසුනේ තිවේන් ඔහුගේ පියාගේ යහළුවා සමඟ කතා කරමින් ඇයව එහි සිටි අයට හඳුන්වා දෙන අයුරු ය. ඔවුන් දෙස බැලූ ඇය දෙතොල් ඇද සිනාසුනා ය.


"ශෙලී?"


එකවරම හුරුපුරුදු කටහඬක් සහිත ගැහැණු ළමයෙකු පැමිණ තම අතින් අල්ලද්දී මිශෙල් ඇගේ දෙස බැලුවාය.


"ආන්‍යා.."


ඇය ඉදිරියේ සිටියේ ආන්‍යා යි. තිවේන්ව අතහැර මිශෙල් ආන්‍යා සමඟ වෙනත් අතකට ඇවිද ගියාය.


"ඔයා කොහෙද මෙහෙ ?"


"ඒකනෙ. මටත් පුදුමයි ඔයා මෙහෙ ඉන්නවා කිව්වම."


ආන්‍යා එසේ කියද්දී මිශෙල් සිනාසුණි. ආන්‍යා සිටිද්දී ඇයට ඇගේ ගොදුර සොයා ගන්නට තවත් අපහසු වනු ඇත. නමුත් ඇයට එකවරම ආන්‍යා ලඟින් යා නොහැක. එනිසා ඈ මද වෙලාවක් ආන්‍යා සමඟ කතා කළාය.


"සොනායා අද Mount Lavinia පොලිස් ඔෆිසර් කෙනෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඇවිල්ලාලු නේද ?"


"ඔව්.. එයා කොහොමත් එහෙමනේ."


ආන්‍යා සමඟ කතා කළද මිශෙල් විටින් විට බැලුවේ උත්සවයේ සිටි විවිධාකාර මුහුණු දෙසය. හෝටලයේ අයිතිකරු පෙනෙන්නට නැත්තේ තමාගේ අනුමානය වැරදී ඇති නිසාද. ඇගේ සිතට නොයෙකුත් සිතුවිලි ගලා ආවාය.


විනාඩි හතලිහක් පමණ ගෙවුණි..


ආන්‍යා එක් මිනිත්තුවකට වෙනත් අයෙකුට කතා කරන්නට යද්දී මිශෙල් කාටවත් නොපෙනෙන කොනකට ගොස් උත්සවයේ වෙන සියළුම දේ බලා සිටියාය. රන් පැහැ කුඩා බෑගය මේසයක් මතින් තබා ඇය ඈත තිබූ ආරුක්කු හැඩයේ වීදුරු ජනේලයක් දෙස බැලුවාය. ඒ සැනින් ඇගේ කොළ පැහැ දෑස් විසල් වුණේ ඈ සෙවූ රුව එතැන සිටි නිසාය. තැනින් තැන සුදු පැහැ වූ හිසකේ ඇති කෙට්ටු උස ශරීරයක් හිමි ඔහු ජනේලය අසල තවත් පුද්ගලයෙකු සමඟ කතා කරමින් සිටියේය.


හදිසියේම ඔහු වෙනත් අතකට ඇවිද ගියේය. මෙතෙක් දුර හඹාගෙන ආ ගොදුර ඇයට ලේසියෙන් මගහැර ගන්නට නොහැක. එනිසා ඇය ඔහු යන දෙස බලමින් කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි මිනිසුන් අතරින් ඇවිද ගියාය. නමුත් ඇයට වැඩි දුරක් යන්නට ලැබුණේ නැත.


........................................................... 🖤 ...


කව්ද මිශෙල්ව නැවැත්තුවේ ?


කතාවට කමෙන්ට් කරන රියැක්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි ♥️🍓


Sachy Collins

Report Page