Miss. Anonymous - 20
Sachy Collins
'තමුසෙ මගෙ ඉස්සරහා රඟපානවා වගේ මමත් ආසයි තමුසෙ ඉස්සරහා රඟපාන්න'
'ශෙලී'
ආරක්ෂකයින් දෙදෙනෙකු විසින් විවෘත කල කළු පැහැ විසල් ගේට්ටුවෙන් ඇගේ මෝටර් රථය මාර්ගයට හරවද්දී ඔහු ඒ දෙස බලමින් තම සිතුවිලි වල අතරමං වූවේය. ඈත ගස් අතරින් පෙනෙන මාර්ගයෙ ඇදෙන ඇගේ මෝටර් රථයේ රතු පැහැ එළිය නොපෙනෙන තුරුම ඔහු ඒ දෙසම බලාගෙන සිටියේ එක මොහොතකට වත් වෙනත් අතකට දෑස් යොමු නොකර ය.
තිවේන් සඳළුතලයෙන් ඈත් වී කාමරයට ඇතුළු විය. තම සිරුරේ රැඳී තිබූ ඇගේ සුවඳ වතුර මලෙන් වැටෙන වතුර සමඟ දියවී යන්නට ඇතැයි සිතූ ඔහු වැරදිය. තවමත් ඇගේ සුවඳ ඔහු අසලය. ඒ මිහිරි සුවඳ සදහටම තමා ලඟ රැදී තිබේ නම් එය තරම් සැනසීමක් ඔහුට නැත.
කාමරයෙන් පිට වෙන්නට ප්‍රථම ඔහු ලඟ තිබූ ලී වලින් තැනූ ලාච්චුව රන් පැහැ හැඬලයෙන් පිටතට ඇද්දේය. එහි කොනක තිබූ කළු පැහැ වෙල්වට් පෙට්ටියක් ගෙන ඔහු එය විවෘත කළේය.
"You’re playing a dangerous game, Little strawberry."
තුනී පෙට්ටියේ තිබූ රන් පැහැ දිගු කෙස් ගස දෙස බලමින් ඔහු එසේ කීවේය. ඔහුට මතක අයුරින් ඔහු මෙය සොයා ගත්තේ ඈ ගිය හෝටලයක පුටුවක් මත එල්ලෙමින් තිබෙද්දීය. මාස ගණනක් නොව අවුරුදු ගණනක් ඔහු ඈ යන සෑම තැනකටම ගොස් ඇගේ දෙස බලා සිටියේ ඈට යන්තම් වත් නොදැනෙන අයුරිනි. ඉතින්, ඇගෙන් ස්පර්ශක් වත් බැල්මක් වත් නොලැබූ ඔහුට අහඹුවෙන් හමු වූ මේ කෙස් ගස තමා සන්තකේ තිබූ සියල්ලටත් වඩා වටිනා දෙයක් විය.
ඒ කෙස් ගසෙන් පවා ඇගේ සුවඳ හඳුනා ගන්නට තරම් ඔහු දක්ෂයෙක් විය. ඈව මතක් වූ සෑම විටෙකම, ඔහු ඇගේ රන් පැහැ කෙස් ගස තම නාසයට ලං කරගෙන හුස්ම ඇද්දේ එය ඔහුට කෙදිනකවත් භාවිත නොකළ මත් ද්‍රව්‍ය වලටත් වඩා ඇබ්බැහියක් වූ නිසාය.
"But if you want to test me, just remember.. I never lose."
පෙට්ටියේ දෙපියන් ක්ෂණිකව ලං කල ඔහු එය ලාච්චුවට දමා, එය තදින් වසා කාමරයෙන් පිටතට ගියේ දොරද අගුළු දමාගෙන ය.
........
මිනිත්තු විස්සක් පමණ ගත විය. මිශෙල් තවමත් පයිනස් යාය පසු කරගෙන නෝර්ත් වුඩ්ස් වලට යන අතරතුර ය. නමුත් විටින් විට රථයේ පැති කණ්ණාඩියෙන් බලන විට, ඈ දුටුවේ කළු පැහැ 'Lincoln Continental' වර්ගයේ නන්නාඳුනන මෝටර් රථයක් තමාව හඹා එන අයුරුය. ඇයට මෙය සිදුවූ පළමු වතාව නොවේ. දින තුනක්ම ඈ මෙම මෝටර් රථය තමා පසුපස හඹා එන අයුරු දුටුවාය.
'Let's stop this here'
යැයි සිතූ ඈ ඇගේ මෝටර් රථය මොහොතකට නතර කළාය..
මෙතෙක් වෙලා ඇයව හඹා ආ පුද්ගලයා ක්ෂණිකව තම මෝටර් රථයද නතර කලේ, තිරයේ රතු පැහැ සලකුණකින් පෙන්වූ ඇගේ මෝටර් රථය තමාට මීටර් කීපයක් ඉදිරියෙන් හදිසියේ නතර කළ නිසායි.
"කාර් එක නැවතුණා සර්."
ඔහු තම කනේ රඳවා තිබූ කළු පැහැ උපාංගයෙන් කතා කරන පුද්ගලයාට කීවේය. මොහොතකට පසු ඔහු තිරයෙන් දුටුවේ ඇගේ මෝටර් රථය යලිත් ඉදිරියට ඇදෙන බවය.
"මට පේන්නෙ ඒක වෙනදා වගේම නෝර්ත් වුඩ්ස් වලට යන්නේ."
කියූ ඔහු යලි ඇගේ පසු පසින් හඹා ගියේය..
තම මෝටර් රථයේ පසුපස රෝදයක අතුළු පැත්තේ තිබී හමු වූ GPS උපකරණ අතේ තබාගෙන ඈ මහා මාර්ගය දෙසට වේගයෙන් ලං වූවාය. ඉදිරියේ තිබූ T සන්ධියට ලංව ගලා යන කුඩා ගංගාවක පාලමක් පසු වෙද්දී ඈ ඒ උපකරණ වතුරට විසි කළාය.
"කාර් එක හැරෙව්වෙ දකුණට නෙවෙයි වමට."
"කමක් නෑ දිගටම ෆලෝ කරන්න."
T සන්ධියෙන් දකුණට හරවා ටික දුරක් යද්දී ඈ පැති කණ්ණාඩියෙන් දුටුවේ මෙතෙක් වෙලා තමා පසුපස ආ මෝටර් රථය වෙනත් මාර්ගයක යන අයුරුය. එය දුටු විට ඇගේ දෙතොල් අග සිනහවක් රැඳුණේ ඉබේටම ය.
"Nice try.."
මිශෙල් යලිත් තම මෝටර් රථය හරවාගෙන ඈට හුරුපුරුදු පාළු බංගලාවට ගියාය. මීට දින කීපයකට පෙර ඈ, වල් වැදී තිබුණ බංගලාවට පිවිසෙන ප්‍රධාන මාර්ගය හා ගේට්ටුව සුද්ද කළාය. බංගලාවේ ගේට්ටු කණුවක සඳහන් 'Anderson' නම මත සුදු පැහැ පින්සලකින් තීන්ත තැවරූ ඇය එයට අලුත් පෙනුමක් ලබා දුන්නාය.
අවුරුදු ගණනාවකට පෙර මිශෙල්ගේ පියාගේ ජර්මානු ජාතික මව ශ්‍රී ලංකාවට දින කීපයක සංචාරයකට පැමිණියාය. ඇය දුටු මේ පයිනස් වගාව එදා අද තරම් පාළුවට ගොස් තිබුණේ නැත. ගෝනුන්, තිත් මුවන්, හාවන්, බස්සන් හා වෙනත් කුරුල්ලන්ගෙන් පිරුණු මේ වත්ත ඇගේ සිත එක මොහොතකින් සොරා ගත්තාය. ඊට අවුරුද්දකට පසු ඇය සදහටම මෙහි නවතින්නට සිතාගෙන විත් මෙම ඉඩම මිලදීගෙන එහි මධ්‍යයේ සුඛෝපභෝගී පෙනුමෙන් යුත් බංගලාවක් ඉදි කළාය. එහි හතු වගාවක් කරමින් ජීවත් වූ ඇය අවුරුදු 5 කට පසු අවාසනාවන්ත අයුරින් සර්ප දෂ්ඨනයකින් මිය ගියාය. එදා සිට බංගලාව අවුරුදු ගණනාවකට පාළු වී ගියේය. පසුව එය නීත්‍යනුකූලව ඇගේ එකම පුතු මිහිත් ඇන්ඩර්සන්ට අයිති විය. නමුත් ඔහුට බංගලාව ගැන බලන්නට තරම් කාලයක් නොතිබූ නිසා එය වසා දමා පයිනස් වත්ත සමඟ වල් වදින්නට ඉඩ හැරියේය.
Creek..
බංගලාවේ දොර පියන් විවර වී බිම වැටී සිටි අශේන්ගේ මුහුණට කහ පැහැ ආලෝකයක් වැටිණි. ඔහු සිටියේ පණ අදින ගානටය. අපහසුවෙන් හෝ බොඳ වූ දෑස් විවර කළ ඔහු දොර දෙස හැරී බැලුවේය. එවිට ඔහු දුටුවේ ඈ තමා අසලට එන අයුරුය
"දවස් ගණන් බොන්න වතුර ටිකක් වත් නැතුව එක තැනක වැටිලා හිර වෙලා ඉද්දි දැනෙන අසරණකම තමුසෙට දැනෙනවද ?"
"නැගිටගන්න බැරි තරම් ඇඟ තැලෙන්න ගහලා තියෙද්දි බඩිගින්නත් ඒ අතර එකතු උනාම ඇඟට දැනෙන වේදනාව දැන් තේරෙනවද ?"
ඈ ඔහුගේ පපුව දෙසට පයින් පහරක් ගැසුවාය. නමුත් වෙනදා තරම් ඔහුට කෑ ගසන්නට ශක්තියක් තිබුණේ නැත.
"මිනිස්සු විඳවනවා දැකලා සතුටු වෙන තමුන්ලා වගේ තිරිසන් මිනිස්සුන්ට මෙහෙම දඬුවමක් උනත් හොඳටම මදි."
ඈ ඔහුගේ දකුණතේ තිබූ ඇඟිලි පොළවට තද කර, තම අත තිබූ පිහියකින් ඒවා වෙන් කළේ හැරෙන්නට වත් ශක්තියක් ඉතිරිව නොතිබූ ඔහු එකවරම කෑ ගසද්දීය. වෙන්වූ ඇඟිලි බිම ගලා ගොස් තිබූ ලේ මතටම වැටෙද්දී ඈ පසෙකට වී ඔහු දඟලන අයුරු බලා සිටියාය.
ඔහු වැටී සිටියේ ඔහුගේම ලේ මතය. ඈ ඔහුට පෙර දිනෙක දුන් එන්නත නිසා ඔහුගේ නාසයෙන් මුවෙන් හා දෙකන් වලින් ලේ මතු වී තිබුණි. එලෙසම එයින් ඔහුට දැනෙන වේදනාව වඩා නරකය.
"මාව.. එකපාර.. මරලා.. දාපන්.."
ඔහුගේ කටහඬ හොඳටම බාල වී තිබුණි..
"මමත් එදා තමුසෙ ඉස්සරහා එහෙම කිව්වා. ඒත් තමුසෙ ගානකට වත් ගත්තෙ නෑ."
කියූ ඇය ඔහුගේ අනිත් අතේ ඇඟිලිත් වෙන් කර දැමුවාය. දැනටමත් ඔහු අතුරුදන් වූ බව පොලිසියත් අපරාධ විමර්ශකයිනුත් දැනගෙන හමාරය.
"මම ආයෙ එද්දි තමුන් මැරිලා හිටියොත් හොඳයි."
ඈ සුමුදු ස්වරයකින් මෙන් ඔහුගේ මුහුණට ලං වී කීවාය. වේදනාවෙන් දෑස් වසාගෙන සිටි ඔහුට මොහොතකින් ඇසුනේ ඇය බංගලාවෙන් පිට වෙන ශබ්දයයි.
බංගලාවේ දොර අගුළු දැමූ ඇය යලි මෝටර් රථයට දෙසට ගියාය. ඇගේ තුන් වන ගොදුරත් සාර්ථක වෙන්නට ආසන්නය. නමුත් අද වෙනකම් ඈ කල කිසිම දෙයකින් ඇයට සෑහීමක් ලැබුණේ නැත. ඇගේ ජීවිතය තවමත් උස් කන්දක, මොන අතකට පෙරලේවිදෝ යන සැකයෙන් තිබෙන විසල් ගලක් හා වැනිය.
----
පෙර දින රෑ විජයවර්ධන තමාට දුන් පණිවිඩය නිසා ඈ මූලස්ථානයට ගියාය. එහි රාජකාරිය අවසන් වූ පසු සොනායා ඇය සමඟ වෙනත් ගමනක යන්න බලා සිටියාය. මිශෙල් වෙනදා මෙන්ම විජයවර්ධනගේ කාර්යාලයට යන්නට විදුලි සෝපානයට ඇතුළු වූවාය. නමුත් එහි දොර වැසෙන්නට කලින් කාගේ හෝ අතක් ඒ මැදට හරස් විය..
"Sorry."
මිශෙල් පසෙකට වෙද්දී මිශ්කා ෆයිල් කවර කීපයක් අතේ තබාගෙන විත් බොත්තමක් එබුවාය..
"මම දැක්කා අද ඔයාගෙ කාර් එක අර පයිනස් වත්ත මැද තියෙන පාළු බංගලාවට යනවා."
මිශ්කා බොත්තම් වලට ඉහලින් අංක දිස්වෙන තිරය දෙසට දෑස් යොමු කරන් මිශෙල්ගෙන් ඇසුවාය.
"ආහ් ඔව්.. මම ඒකෙ මනුස්සයෙක්ව හිර කරන් ඉන්නවා. එයා මැරිලද බලන්න ගියෙ."
මිශෙල් කියූ දේට මිශ්කාට සිනහවක් ගියාය. ඈ සිතුවේ මිශෙල් විහිළුවක් කල බවය. නමුත් මිශෙල් කියූ දේ සත්‍යක් බව ඇයට වැටහෙන්නට කෙතරම් කාලයක් ගත වේවිද කියා මිශෙල්‍ටවත් සිතා ගත නොහැකිය.
"ෆ්‍රස්ට් ටයිම්, ඔයා ජෝක් එකක් කරනවා දැක්කෙ."
කියූ මිශ්කා සෝපානයේ දොර විවෘත වෙද්දිම එයින් පිටතට ගියාය. ඒ සමඟම මිශෙල් ගියේ විජයවර්ධනට හමුවීමට ය.
"අහ් මිශෙල්.. ඔයාව මීට් වෙන්න හවසට Mount Lavinia වල ඔෆිසර් කෙනෙක් එනවා. දැනට එයාලා එවලා තියෙන details තමයි මේ."
"හරි සර්."
"තව දෙයක්. ඊයෙ සිද්ධියෙන් බේරුණු කෙනාව අඳුනගෙන. එයා ෆෙඩ්රික් ද ලොරන්ට් කියන බිස්නස්මන්ගෙ පුතා."
මිශෙල් ඇගේ සිතට ආ පුදුමය මුහුණෙන් නොපෙන්වීමට උත්සහ ගත්තාය. ඒ සිද්ධියට මුහුණ දී එයින් බේරුණු පිටස්තර පුද්ගලයා නිකෝ බව ඈට විශ්වාස කල නොහැක.
"එයාට ලොකු ප්‍රශ්නයක් නෑ. අදම කට්ටියක් එක්ක යන්න එතනට. අපිට එහෙන් අවසර ලැබිලා තියෙන්නෙ."
"හරි මම බලන්නම් සර්."
ඈ ඔහුගේ අතින් වාර්තා කිහිපය රැගෙන යලිත් විදුලි සෝපානයෙන් පහලට ගියාය. අද දිනත් වෙනදා මෙන්ම ඇයට කාර්යබහුල දිනයක් වන්නේය. නමුත් ඇගේ යටිතොලේ පැල්මෙන් දැනෙන වේදනාව නිසැකවම ඒ සියල්ලටම ඇයට බාධාවක් වනු ඇත.
"Good morning මිසිස් අබේනායක. කෝ දෙන්න මට රිපෝට්ස් ටික. මමත් එනවා දැන් ඔයා එක්ක යන්න නිකෝ ද ලොරන්ට්ව මීට් වෙන්න."
සොනායා මිශෙල්ගේ අතේ තිබූ කොළ කිහිපය ඇගේ අතට ගෙන මෝටර් රථයේ ඉදිරිපස කොටසින් තැබුවාය.
"නිකෝ ද ලොරන්ට් කියන්නෙ තිවේන්ගෙ බාප්පගෙ පුතා."
"මම දන්නවා ඒක. තමුසෙ කියලා තියෙනවනෙ මට ඒ නොසණ්ඩාලයා ගැන. Lavinia කට්ටිය මට පොරගෙන් ගත්තු Interview එකේ තොරතුරු වලට අනුව පොර ගිහින් තියෙන්නෙ බාර් එකට."
මිශෙල් තවමත් කල්පනාවකය..
"මම දන්නවා. තමුසෙ හිතුවෙ ඇයි ඌ ඒකෙන් මැරුණෙ නැත්තෙ කියලනෙ. මාත් හිතන්නෙ ඒ ගැන තමයි."
කියූ සොනායා රියදුරු අසුනට නගිද්දී මිශෙල් ඇයට එහා පසින් ඉඳ ගත්තාය. විජයවර්ධන දුන් වාර්තා කීපය අතට ගෙන මිශෙල් එහි තිබූ විස්තර එකින් එක බැලුවේ ඊයේ සිදු වූ දේ ගැන දැන ගන්නටය.
"හොස්පිටල් එකට ගිහින් එන ගමන් මම ඔයාට ලස්සන තැනක් පෙන්නන්නම්."
සොනායාත් මිශෙලුත් දෙදෙනා පැයක් පමණ ඇතුලත රෝහලට ගියාය. නිකෝ ඉදිරියට යන්නට තියා ඔහුව දකින්නටවත් මිශෙල් අකමැතිය. නමුත් තමාට පැවරී ඇති රාජකාරිය කිරීමට ඇයට ඔහුව හමුවීමට යන්නටම සිදු විය.
මිශෙල්, සොනායා හා වෙනත් නිලධාරින් සමඟ සිටි නිසා නිකෝ වෙනදා මෙන් ඇයට විශේෂත්වයක් දැක්වුවේ නැත. මිශෙල්ද බලා සිටියේ මේ මොහොත ඉක්මනින් ගෙවි යන තුරුය. අවසානයේ පැය භාගයක් පමණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් යලි රෝහලෙන් පිටත් විය.
"ඇයි මාව මෙතෙනට එක්ක ආවෙ ?"
මිශෙල් ප්‍රශ්න කළාය. කිසිවෙකුත් පෙනෙන්නට නැති කොළ පැහැ පරිසරයක තිබූ කුඩා පල්ලියක් ඉදිරියෙන් මෝටර් රථය නතර කල සොනායා ගල් ඇතිරූ අඩි පාර දිගේ පල්ලිය දෙසට ඇවිද ගියාය.
"තමුසෙව මරන්න."
ඇඳ සිටි දිගු කළු පැහැ කබායේ සාක්කු වලට අත් දමාගෙන මිශෙල් සොනායා පසුපසින් ගොස් පල්ලිය දෙසට ගියාය. අඩි පාර දෙපස ඈ ආස කරන මල් වර්ගයක් වන ලා නිල් පැහැ 'Forget me not' මල් පොකුරු පිටින් සෑදී අව්වට දිළිසෙමින් තිබුණි. අවට තිබූ ගස් අතරින් සුදු පැහැ සමනලුන්ද පියඹා යන අයුරු මදකට නැවතී ඈ තම කොළ පැහැ දෑස් වලින් බලා සිටියාය. කෙතරම් පීඩනයක සිටියත් මේ කොළ පැහැ පරිසරය, විවිධ වර්ණයේ මල්, සතුන් දුටු විගස ඇගේ සිත සන්සුන් වන්නේ ගින්නක් නිවා දැමුවාක් හා සමානවය.
"මෙතන මම පොඩි කාලෙ ආපු තැනක්. අම්මයි තාත්තයි ඉන්නකම් හැම ඉරිදාවකම මාව මෙතෙන්ට එක්ක ආවා. ඒත් එයාලා නැති උනායින් පස්සෙ මමවත් අයියා වත් මෙහෙට ආවෙ නෑ."
සොනායා ලී බංකුවක කොනකින් ඉඳගද්දී මිශෙල් ඈට ඉදිරියෙන් තිබූ බංකුවක ඉඳගෙන පල්ලියේ ඉහල තිබූ චිත්‍ර දෙස බැලුවාය.
"තමුසෙ ඉන්නෙ හොඳින් නෙවෙයි. ඒකයි මම තමුසෙව මෙතෙන්ට එක්කගෙන ආවෙ."
ඉහලට හැරී තිබූ මිශෙල්ගේ කොළ පැහැ දෑස් සෙමෙන් සොනායා දෙසට යොමු විය. සෑම විටෙකම හැඟීම් විරහිත මුහුණක් සමඟ දින ගෙවන තමාව සොනායා තේරුම් කෙසේද කියා මිශෙල් මවිතයට පත් විය.
"මට කියන්න එපා තමුසෙගෙ යටිතොල තුවාල කරේ තිවේන් කියලා."
"තමුසෙ හිතුවද මගෙන් ඒක හංගන්න ?"
මිශෙල් ගල් ගැසී මෙන් බලා සිටිද්දී සොනායා ඇගේ යටිතොලේ පැල්ම මත ඇඟිල්ලක් තද කළාය. ඒ සැනින් මිශෙල් ඇගේ අත ගසා දැමුවේ යලිත් එය වේදනා දෙන්නට පටන් ගත් නිසායි.
"මොකක්ද උනේ කියලා මට කියන්න. නැත්තම් අද මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ."
සොනායා දිගින් දිගටම ඈ දෙස බලා සිටියාය. නමුත් ඇය තවමත් යටිතොල අල්ලාගෙන වෙනත් අතක් බලාගෙන ය.
"ඇත්ත කිව්වෙ නැත්තම් මම තමුසෙගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියන එක අමතක කරනවා."
"මොකද යාළුවො අතර රහස් තියෙන්න බෑ."
සොනායාට කීමට ඇති දේවල් දහසකුත් එදා සිටම මිශෙල්ගේ සිතේ පිරී තිබුණි. නමුත් ඒවා කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නටද කියා ඈට සිතා ගත නොහැක.
"මං එයා ඉස්සරහා නොකියන්න ඕනි දෙයක් කිව්වා. That'a all."
තත්පර ගණනාවක නිහඬතාවයකට පසු මිශෙල් තම හඬ අවදි කළාය. සොනායා සිතූ පරිදිම මිශෙල් සිටින්නේ ආදරයකට එහා ආධිපත්‍ය මුල් වූ බැඳීමකය.
"ඉතින් එයා ඒකට ගැහුවද ?"
"නෑ."
රතු පැහැයට දිළිසෙන ලිප්ස්ටික් අතරින් තොලේ ලේ කැටි වී ඇති පැල්ම තමා හමුවන කිසිවෙකුටත් වෙන් කර හඳුනා ගන්නට නොහැකි වේවි යැයි සිතූ මිශෙල් මොහොතකට බොළඳ වූවාය.
"තිවේන් මොන වගේ මනුස්සයෙක්ද කියලා දැන දැනමයි තමුසෙ එයාව මැරි කලේ."
යලිත් නිහඬ වූ මිශෙල් දෙස බලා සොනායා ප්‍රශ්න කළාය. ඈ තමා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට අකමැති උනත් සොනායා මෙය නවත්වන්නට සිතුවේ නැත.
"Well.. තමුසෙ කතා කරන්නෙ නැත්තම් මම කතා කරන්නම්. මම තමුසෙව මෙතෙන්ට එක්කගෙන ආවෙ තමුසෙ කවදාවත් දැනගෙන හිටපු නැති, මම මෙච්චර කාලයක් හංගගෙන හිටපු දෙයක් කියලා අපි අතර තියෙන රහස් නැති කරලා දාන්න."
"තිවේන් කියන්නෙ අපරාධකාරයෙක්. එයා ඊයෙ මිනිස්සු දෙසිය ගානක්ම එක සැරේ මරලා දැම්මා."
එකවරම සොනායා කියූ දේ හමුවේ මිශෙල්ට දැනුණේ මොහොතකට ඇගේ හදවතේ ගැස්ම නතර වූවාක් මෙනි. එකට තද වී තිබූ ඇගේ දෙතොල් පෙති ලිහිල් වී ඇගේ වටකුරු දෑස්ද මදක් විසල් වූයේ සොනායාට ඒ මුහුණ කියවන්නට පහසු කරමින් ය.
........................................................... 🖤 ...
තිවේන් මිශෙල්ට ආදරෙයිද නැත්නම් ඒක Obsession එකක්ද කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති නේද 🍓
Next එකෙන් තිවේන්ගෙ Dark side එකේ කොටසක් තියේ 🤧
Sachy Collins