Miss. Anonymous - 1
Sachy Collins
"I found you, my lost angel."
කළු පැහැ දිළිසෙන පිඟන් ගඩොල් රටාවකට ඇල්ලූ බිත්තිය මධ්‍යයේ එල්ලා ඇති, රන් පැහැ ලියවැල් රාමුවක් සහිත කැඩපත ඉදිරියේ ඈ එලෙසින් මිමිණුවේ ලිප්ස්ටික් කූරක් අතේ රඳවා ගෙනය..
ඇතැම් අවස්ථා වල ඇයට දැනුණේ ඈ අසම්පූර්ණ ගැහැණු ළමයෙක් බවයි. නමුත් පෙනුමෙන් නම් ඇය කිසිසේත්ම අසම්පූර්ණ වූයේ නැත. රතු පැහැ සිහින් දෙතොල්, ඕවලාකාර මුහුණ, පැහැපත් රන් පැහැ සම ඇයව ලස්සන කළාය. ඒ නමුත් ඊටත් වඩා,
ඈට තිබුණේ හිරු එළිය වැටෙද්දී දිලිසෙන, කොළ පැහැ මේපල් කොළයක් වැනි දෑසකි. ලේසියෙන් කෙනෙකුට නොලැබෙන ඇස් වල වර්ණයක් වූ කොළ පැහැය ඇයට උරුම වී තිබුණි. එසේම ඇගේ හිසකේද මී පැණි පැහැයට සමාන බ්ලොන්ඩ් පැහැ, ඉන මට්ටමට දිගු කඩාහැලෙන එකකි.
එසේ වන්නට එකම හේතුව වූයේ ඇගේ පියා ජර්මන් ජාතිකයෙකු වීමය. ඇගේ උපන් මව ශ්‍රී ලාංකික කාන්තාවක් වුනත් දකින ඕනෑම අයෙකුට ඇයව පෙනුණේ සම්පූර්ණයෙන්ම ඇගේ පියාගේ ස්වරූපයෙනි. නමුත් කණගාටුවට කරුණ නම් ඇය අද වෙනකම් තමාගේ ඒ පියා ඇස් දෙකට දැක නොතිබීමය.
"How ruthless you're."
නාන කාමරයේ වතුර කරාමය දබරැඟිල්ලෙන් එසවූ ඇය 'ස්ස්' හඬින් සුදු පැහැ පිරිසිදු සින්කය තුලට වැටෙන වතුර පහර දෙස බලන් සිටියේ නිශ්ශබ්දවය. නමුත් තමා මොන හේතුවකට කරාමය විවෘත කලාද යැයි සිතූ ඇය යලිත් කරාමය වසා දැමුවේ තදින්. කල් නොගෙවා ඇය ලිප්ස්ටික් කූරත් අතට ගෙන නාන කාමරයේ දොර විවෘත කර කොරිඩෝව දිගේ පිටතට ගියාය.
"ගුඩ් මෝර්නින් මෑම්."
ඇයව දකින සියල්ලන්ම පාහේ එසේ කියද්දී, ඈ හැම අයෙකුටම හිස වනා කෙටි සිනාවක් දෙතොල් අතර රඳවාගෙන ගියේ තමා සිටි කාර්යාලයටයි.
ඇය මෙතැනට පැමිණ අදට වසර තුනක් ගත වී අවසන් ය. එම තුන්වසරට ඇය විවිධාකාරයේ අභියෝග, නොවිසෙඳන ගැටලු දහසකටත් වඩා මුහුණ දී තිබුණි. අද වනවිට මේ සෑම දෙයක්ම ඇයට ලැබී ඇත්තේ ඇගේ කැපවීම නිසායි. සමහර දින වල ඈ නිදිවර්ජිතව සිටියා ය. නමුත් පුදුමයකට කාරණාව නම්, ඇය මේ දේවල් කලේ මිනිසුන් වෙනුවෙන් හෝ, තමාගේ රැකියාවට ඇති ආදරය නිසාවත් නොවේ..
හේතුව නම්, ඇයට අවශ්‍ය වුණේ ඇයව අලුතෙන් නිර්මාණය කරගන්නට පමණයි..
මේසයක හිස් වූ පුටුව මතින් ඉඳගත් ඇය බැලුවේ පරිගණකයේ තිරය දෙසයි. ඇගේ පරිගණක තිරයේ ඡායාරූපය අනෙක් පුද්ගලයින්ගේ පරිගණක තිර වල ඡායාරූප මෙන් නොවීය. එය කළු පැහැ පසුබිමකි. එහි තේරුම දන්නේද ඇයම පමණයි.
"මැඩම්.."
ඇය සිටියේ ඇගේ ප්‍රධානියා වෙනදාට සිටින කාර්යාලයේ ය. ඈ අද මෙතැනට කෙටි කාලයකට ආවේ ඈ හමුවීමට පුවත්පත් වාර්ථාකරුවන් දෙදෙනෙකු එන බව මූලස්ථානයෙන් දැනුම් දුන් නිසායි. පරිගණකයෙන් වාර්ථාවක් ලියමින් සිටිද්දී හදිසියේම කාමරයේ දොර විවෘත කරගෙන ආ ගැහැණු ළමයා වෙන ඇගේ කොළ පැහැ දෑස් යොමු විය..
"මැඩම්.. ඒ දෙන්නා ඇවිත් ඉන්නෙ. ගවේෂ සර් මැඩම්ට එන්න කිව්වා."
"හ්ම්.."
ඇය වෙනත් කිසිවත් නොකියා කාර්යාලයෙන් පිට වී ගියේ සාකච්ඡාව පැවැත්වෙන රැස්වීම් ශාලාවට ය..
----
"එතකොට ඔයාලා කියන්නේ ඔයාලගෙ බහුතරයක්ම Achievement වලට හේතුව උනේ මිශෙල් කියලද ?"
"මිශෙල් ගොඩක් කේසස් විසඳලා තියෙනවා. එයා එයාගෙ වයසට වඩා එයාගෙ දක්ෂතාවයයි බුද්ධියයි පෙන්නුවා කෙටි කාලයක් ඇතුලත. මිශෙල් ඇවිත් තාම ටූ ඉයර්ස් විතරයි. හැබැයි එයා එදා ඉදන් මේ වෙද්දි Cold cases දහයකට වඩා ඉවර කලා."
ගවේෂ එසේ කියද්දි එහා පසෙ ඉඳගෙන සිටි මිශ්කාගේ මුහුණ ඊර්ෂ්‍යාවෙන් පිරී තිබෙන අයුරු ඒඩ්‍රියන් බලා සිටියේය. කවුරුන් හෝ මිශෙල්ව වර්ණනා කරන සෑම විටකදීම මිශ්කාගේ මුහුණෙන් මෙවැනි ප්‍රකාශනයක් දැකගත හැකි බව ඒඩ්‍රියන් හොඳින්ම දනී.
"අපිට මිශෙල් මැඩම්ව මීට් වෙන්න පුළුවන්ද.. අද එයා මෙතෙනට එනවද ?"
"ඔව්.. එයා කතා කරන්න ලෑස්තියි. තව ටික වෙලාවකින් එයා මෙතෙනට එයි."
ගවේෂ එසේ කියමින් බැලුවේ රැස්වීම් ශාලාවේ වීදුරු දොර දෙසය. පුවත්පත් වාර්තාකරුවන් ඇතුළු සියල්ල මෙතෙක් වෙලා සෙවූ රුව එනු දුටු මිශ්කා තමාගේ දෙතොල් දෙපසට ඇද පුටුවට හාන්සි විය.
"ශිට්.. ඇයි අන්කල්ට මගෙ හොඳක් පේන්නෙ නැත්තේ. එයා හැමදාම මිශෙල්ව උඩ දානවා විතරයි. මිශෙල්ට ලොකු කේසස් බාර දීලා එයාවම අගය කරනවා. මට දුන්නොත් කවුරු හරි සුයිසයිඩ් කරගත්‍තු එකක් තමයි."
"ඔයා එහෙම හිතන එක මෝඩ කමක් මිශ්කා. මිශෙල් ඔයාට වඩා කොච්චර නම් කේසස් විසඳලා තියෙනවද. So don't talk like that."
මිශ්කා තමාගේ පෙම්වතිය වුවත් ඒඩ්‍රියන් එය සෘජුව කීමට පසුබට වුණේ නැත. හේතුව නම් ඔහුත් මිශ්කා, මිශෙල් සමඟ අමනාපයෙන් සිටීම දැකීමට අකමැති නිසාය.
"මේ ඉන්නේ අපි ළඟ ඉන්න හොඳම ඉන්වෙස්ටිගේටර් කෙනෙක්. එදා ඉඳන් අද වෙනකම් එයා මර්ඩර් කේසස් දොලහක්ම අවසන් කරලා තියෙනවා."
ජෝන් තමාට දකුණු පසින් සිටින යුවතිය පෙන්වා පුවත්පත් වාර්තාකරුවන්ට එසේ කීවේය. එසැනින්ම වාර්තාකරුවන් ඇගේ දෙසට හැරුණේ විසල් වුණ දෑස් වලිනි. ඊට හේතුව නම් අපරාධ විමර්ශකයෙකුට තිබිය යුතු පෙනුමකට වඩා වෙනස්ම පෙනුමක් ඇයට ඇති නිසා.
"මම තමයි මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන්."
"මොනවද මගෙන් දැනගන්න ඕනි ?"
ඇගේ කටහඬ ඇයටම පමණක් අනන්‍ය හඬකි. එමෙන්ම ඇගේ කතාබහේද ඇත්තේ කරුණාවන්ත ස්වරූපයකි. කොළ පැහැ තියුණු දෑසත්, කෙස් පසු පසට පීරා කුඩා කටුවක් ගසා ඇති 'Honey Blonde' පැහැ කඩා හැලෙන කොණ්ඩයත් හිමි ඇය අපරාධ විමර්ශකයෙකු නොව නිරූපණ ශිල්පිනියක් විය යුතු බව ඔවුන්ට හැඟුණි.

"ඔයා නිසා අද වෙද්දි ගොඩාක් ලොකු කේසස් විසඳිලා තියෙනවා. ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න වයසින් අඩුම ගෑනු ළමයෙක් විදිහට ඒක කොහොමද දැනෙන්නේ."
"ස්පෙෂල් දෙයක් නෑ. මම මගේ ජොබ් එක කලේ.."
"පේන විදිහෙන් ඔයාට මේ දේවල් Easy වගේ."
"අපෝ නෑ.. මර්ඩර් එකක් සම්බන්ධ නමුත් එවිඩන්ස් හැංගුන කේස් එකක් හෝ හිරවුන කේස් එකක් Handle කරන එක ටිකක් අමාරුයි. ඒකට මට මගෙ ගෲප් එක උදව් කරනවා. ඉතින් අපි හැම වෙලේම ඉන්නෙ ලොකු ප්‍රෙශර් එකක."
"මැඩම් ඉදිරියටත් මේ වගේ කෝල්ඩ් කේසස් අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද ?"
"ඔව්.. අනිවාර්යයෙන්.."
"ඒ වගේම මැඩම් තව දුරටත් සමාජයෙන් හැංගිලා ඉන්නවද ?"
"වට්.. මම කොහෙන්වත් හැංගිලා හිටියෙ නෑ. මම ජොබ් එක එක්ක බිසී නිසා අනිත් දේවල් ගැන බලන්න විදිහක් නෑ. එච්චරයි."
ඇය මුවඟින් සිනහා වෙමින් එසේ කීවාය. ප්‍රශ්නය හමුවේ සියුම් කෝපයක් ඇති වුණත් ඇය එය යටපත් කරගෙන පෙර ලෙසම ඔවුන් දෙස බැලුවේ එතැනින් ඉක්මනින් සමු දීමට ඇති කැමැත්ත නිසාය. සාමාන්‍යයෙන් ඇය ඕනෑවට වඩා මිනිසුන් ගැවසෙන ස්ථාන වලට වෛර කරන්නියකි. එමෙන්ම ඇගේ ප්‍රියතම දේවල් වූයේ ස්වභාදහමත් නිශ්ශබ්දතාවයත් හුදෙකලාවත් ය. ශබ්ද රහිත කලබලයක් නොමැති පරිසරය ඇගේ හිත ගන්නා දේ වලින් එකක් බව ඇය සමඟ වැඩ කරන සියල්ලන්ම දනී. එබැවින් පුවත්පත් හා මාධ්‍ය වාර්තාකරුවන් හමුවීමත් ඇය යම්තාක් දුරකට අකමැති මාතෘකාවකි..
"Can I go now ?"
මිශෙල් තමාට එහා පසින් සිටි ගවේෂගෙන් ඇසුවාය..
"If you want."
........
"උබ කොහොමද යකෝ තිවේන් සර්ට වෙඩි තිබ්බේ.. ආහ්.. කියපන්.."
තද රතු පැහැ ලේ තැවරුණු සුදු පැහැ කමිසයක් ඇඳගත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ කම්මුලට අත මිට මොලවා පහර දුන්නේ ඒ පුද්ගලයා එක් පැත්තකට විසි වී යන ලෙසටය.
"කව්ද කියපන් උබට ඒක කරන්න කන්ට්‍රෑක් එක දුන්නේ ?"
යලිත් වතාවක් බිම වැටුණු ඒ පුද්ගලයාට පයින් පහරක් දෙමින් ඔහු ඇසුවේ කළු පැහැ කලිසම් වලින්ද බ්ලේසර් වලින්ද සැරසුණු කිහිප දෙනෙකු ගබඩා කාමරය කොටසට ඇදෙද්දියි.
"මිස්ටර් ලියන්ගොල්ල. මූ මුකුත් කිව්වෙ නැද්ද ?"
"සොරි සර්.. මූ අපිට තාම මුකුත් කිව්වෙ නෑනේ ඒ ගැන."
සුදු පැහැ කමිසයක්ද කළු පැහැ ටයි එකක් සහ කළු පැහැම බ්ලේසරයක්ද පැළඳගෙන සිටි යුරේන්, ලියන්ගොල්ල ඉදිරියට පිය නැගුවේ කලිසමෙහි සාක්කු යුගලයට දෑත් දමාගෙන ය.
"මෙච්චර ගුටි කාලත් කියන්න හිතක් ඇත්තෙම නැද්ද තමුසෙට."
යුරේන් ඒ බිමට වැටී සිටි පුද්ගලයාගේ දෙකම්මුල් තනි අතින් තද කර අල්ලා ගද්දි, ඔහුගේ අතේද ඒ පුද්ගලයාගේ කම්මුල් වල තිබූ ලේ තැවරුණි.
"මාව එව්වෙ කව්ද කියලා මම තොපිට මැරුණත් කියන්නෙ නෑ. උබලගෙ මහ එකා කියන සක්කිලි බ@*#&......"
💥 Bang
යුරේන්ගේ අතේ තිබූ තුවක්කුව දෙවතාවක් පත්තු වුණේ ඒ පුද්ගලයාගේ හිසට දෙසට. වෙඩි වැදුණු ඔහු බිමට වැටෙද්දී යුරේන් තරහින්ම ඔහුට තවත් වතාවක් වෙඩි තැබුවේය.
"That's enough Yuren."
පිටුපසින් ඇසුණු ගැඹුරු කටහඬින් යුරේන්ගේ කෝපය මදක් නිවී ගියේය. ඒ ඔහුගේ ප්‍රධානියායි. මැරුණු පුද්ගලයා ඔහුට පරුෂ වචනෙන් බැන වදිද්දී යුරේන් ඒ පුද්ගලයාව මරා දැමුවේ තවත් ඔහුගේ දෝෂාරෝපණය අසා සිටීමට නොහැකි නිසායි..
"සර්.. මූ සර්ට කතා කරපු විදිහ දැක්කද. මූව මරන්න ඕනි මෙහෙම නෙවෙයි.."
"කාම් ඩවුන් යුරේන්. දැන් උන හැමදෙයක්ම වෙලා ඉවරයි. මූ ඒ ගැන කියන්නෙ නැත්තම් අපි මුගේ ෆැමිලි එකත් ගේමු."
"ෆැමිලි එකේ ඉන්නේ අම්මයි නංගියි මල්ලියි සර්."
ඔහුගේ ප්‍රශ්නයට ලියන්ගොල්ල එසේ පිළිතුරු දුන්නේය..
"කමක් නෑ.. මිස්ටර් ලියන්ගොල්ල, ඒ තුන්දෙනාම අද හවස 4 වෙද්දි මෙතන ඉන්න ඕනි."
"හරි සර් අපි ගේන්නම් උන්ව."
ලියන්ගොල්ල තවත් පිරිසක් සමඟ හිසට වෙඩි වැදුණු පුද්ගලයාගේ නිසල සිරුර එතනින් ඇදගෙන යන අතර තුර යුරේන් හැරුණේ ඒ දෙස බලා සිටින ප්‍රධානියාගෙ දෙසටය. ඔහු අද වෙනදාට වඩා සන්සුන් ය.
සත්තකින්ම මේ පුද්ගලයා කව්ද ?
තිවේන් අබේනායක වුණ ඔහු අබේනායක පවුලේ වැඩිමල් දරුවා විය. ඔහුට වයස අවුරුදු 32 කි. තලෙළු පැහැ සම, ගැඹුරු නිල් පැහැ සිහින් දෑස්, අඩි හයක පමණ උස ඔහුගේ කඩවසම් පෙනුමට හේතු වුණි. ඒහෙත් පිට පෙනුමෙන් කෙතරම් කඩවසම් පුද්ගලයෙකු වුනත් ඔහු ඇතුලාන්තයෙන් ඒ තරම් හොඳ පුද්ගලයෙක් නොවන බව දන්නේ කීපදෙනෙකු පමණි.
"සර්.. මම මැඩම්ට කිව්වා සර් අද ලංකාවට ආවා කියලා."
"එයා මොකද කිව්වේ ?"
"මුකුත් නෑ. සයිලන්ට් එකේ ඉඳලා හ්ම්ම් කියලා ෆෝන් එක තිබ්බා."
"හ්ම්ම්."
එසේ මිමිණූ තිවේන් එතනින් පිට වී ගියේ යුරේනුත් ඔහුගේ පිටු පසින් පිය නගද්දිය. තිවේන් 'Abeynayake Medicals' ආයතනයේ ප්‍රධානියා ය. රටේ සියල්ලන්ම ඔහුව හඳුනන්නේ එලෙසය. නමුත් ඔහුගේ අඳුරු පැතිකඩ ගැන කිසිවෙකුත් දැනුවත් නැත. ඔහු මීට මාස ගණනාවකට පෙර රුසියාවට ගියේ එහි විශේෂ කටයුත්තකට ය. ඒ සියල්ල අවසන් කර යලි ඔහු ලංකාවට පැමිණියේ අදයි.
නමුත් උදෑසන ඔහු ගුවන්තොටුපලින් නිවසට පැමිණෙද්දි නන්නාඳුනන වෙඩික්කරුවෙක් ඔහුට එල්ල කල වෙඩි පහරකින් ඔහුගේ දකුණු උරහිස තුවාල වුණේ නොසිතූ අන්දමිනි. එනිසා ඒ තුවාලය පිරිසිදු කරගෙන ඔහු නැවත කිසි දෙයක් නොවුණු පරිදිම නිවසට ආවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.
ඔහු ශක්තිමත් පිරිමියෙකි. අවුරුදු කීපයක් යුධ හමුදා පුහුණුව ලත් ඔහුට මේ වෙඩි වැදීම එතරම් දෙයක් නොවුණි. ඔහු කායිකව මෙන්ම මානසිකවද වේදනාව ඉවසීමට පුරුදු වුණේ කුඩා අවදියේ සිටය. එනිසා ආරක්ෂකයින්ටත් යුරේන්ටත් ඔහු කිසි දෙයක් නොවූ පරිද්දෙන් සිටින ආකාරය පුදුමයට කාරණාවක් නොවුණි.
රාත්‍රිය උදා විය..
තරු පිරි අහසත් අඩ සඳත් පරිසරයත් යම් ප්‍රමාණයක් එළිය කලේය. ඒන්ජල් විලේ පාවෙන කුඩා ඔරුවක ඇති ලන්තෑරුමක් දෙස බලා සිටි තිවේන් සඳලුතලයෙන් කාමරයට ගියේ තුවාලයේ බෙහෙත් අලුත් කිරීමට ය.
කුඩා බෙහෙත් පෙට්ටියක් අතට ගෙන ඔහු සෝෆාවෙන් ඉඳ ගත්තේ ය. නමුත් බෙහෙත් පෙට්ටියේ ඇති බෙහෙත් වතුර බෝතලය විවෘත කිරීමට වත් ඔහුට අත ඔසවා ගැනීමට නොහැකි විය..
"......"
හදිසියේම ඇගේ රතු පැහැ නිය සහිත කුඩා ඇඟිලි, බෙහෙත් පෙට්ටිය මත ස්පර්ශ වුණේ ඔහු අපහසුවෙන් ඉනු දැක ය.
"You can't do this."
සුදු පැහැ නිදන ගවුමකින් සැරසී සිටි ඇය ඔහුට පසෙකින් සෝෆාවෙන් ඉඳගෙන බෙහෙත් වතුර ඇති බෝතලය විවෘත කලාය. සාමාන්‍යයෙන් ඇය තමා සමඟ ඕනෑවට වඩා කතා කිරීමට නොඑන බව ඔහු දනී.
"මම නැති ටිකට තමුසෙ තවත් ලස්සන වෙලා වගේ.."
ඇය ඔහුගේ දකුණු උරහිසේ මැහුම් යොදා ඇති තුවාලය මත ඇඟිලි තුඩු ස්පර්ශ කරද්දි, ඔහු ඇගේ නිකටින් අල්ලා ගත්තේ ඒ මුහුණ, ඔහුගේ මුහුණට ලං වෙන ලෙසිනි. ඔහු තමාට හැම විටෙකම මෙවන් වර්ණනා කරන අයෙක් නොවන බව ඈ හොඳින්ම දනී. නමුත් බොහෝ කලකට පසුව තමාව යලිත් දුටු නිසා ඔහු එවැනි දෙයක් කියූ බව ඈට සිතුණි..
තිවේන් කියූ දේ නොසිතා ඇය ඔහුගේ තුවාලය පිරිසිදු කරන්නට ගත්තේ නිහඬතාවය රැකගෙන ය. ඇගේත් ඔහුගේත් අතර ඇති සම්බන්ධය පිටට පෙනෙන්නේ බිරිඳ හා සැමියා ලෙසින් පමණි. අද වන තුරුම ඔහු ඇයට හෝ ඇය ඔහුට වචනයෙන් වත් ආදරය ප්‍රකාශ කර නැත..
උරහිස වෙළුම් පටියකින් ඔතා අවසන් කල ඇය බෙහෙත් පෙට්ටියද මේසයක් මතින් තබා කාමරෙයෙන් පිට වෙන්නට ගියත්, හදිසියේම ඔහු ඇගේ වමතින් ඇද්දේ ඇයව පපුව මතට වැටෙන ලෙසින්.
"කාලෙකට පස්සෙ මීට් වෙලත් ඇයි තමුසෙ වෙනදා වගේම මාව මගාරින්නෙ ?"
නිශ්ශබ්දව සිටි ඇගේ සිහින් දෙතොල් ඔහු තමාගේ මහපට ඇඟිල්ලෙන් තද කලේ පෙර කාලයක ඔවුන් අතර සිදු වුණු දේවල් මතක් කරමින්. ඇගේ රෝස පැහැ දෙතොල් මල් පෙත්තක් මෙන් සිනිදු ය. එලෙසම ඇගේ සිරුරත් මෘදු ය. නමුත් ඇගේ කටහඬ ඊට හාත්පසින්ම වෙනස් ය. ඊට හේතුව නම් ඇගේ කටහඬ තරමක් ගොරෝසු එකක් වූ නිසායි.
"දැන් කොහොමද වැඩ.. එහෙ ඉද්දි මම දැක්කා නිව්ස් වල යනවා. අවුරුදු ගාණක් පරණ ගර්ල් කෙනෙක්ගෙ මර්ඩර් කේස් එකක් සෝල් කරා කියලා. මට හිතුණා ඒ තමුසෙ කියලා."
"ඔව්.. ඒක අවුරුදු දෙකක් පරණ කේස් එකක්.."
කියා අවසන් වෙනවාත් සමඟ ඈට දැනුනේ ඔහුගේ අතක්, ගවුමද හැකිලෙන පරිද්දෙන් තමාගේ කළවය දිගේ ඉහලට යන බවය. ඈ සඳලු තලයෙන් පේන ඒන්ජල් විල දෙස බලා සිටියදී ඔහු ඇගේ කන් පෙති මත දෙතොල් තද කලේය.
"ඔයාට අමාරුයි.."
ඈ එසේ කියද්දි ඔහුගේ දෙතොල් ඇගේ උරහිසත් ගෙලත් අතර තද වුණේ ඒ කොළ පැහැ දෑස් පියවමිනි..
"Don't worry.. මට මේක පොඩි දෙයක් විතරයි.."
අවසානයේ ඔහු ඇගේ දෙතොල් අල්ලා ගත්තේ ඇයව තමාගේ පපුව මතට තද කරගෙනයි. දිගු කාලෙකින් පසුව දැනුණු ඒ ස්පර්ශ හමුවේ ඈ තවදුරටත් නිශ්ශබ්දව සිටියා මිස ඔහුව ප්‍රතික්ෂේප කලේ නැත..
රාත්‍රිය කෙමෙන් ගෙවී ගියේ හිරු රැස් ඒන්ජල් විල හා අවට සෑම කන්දක්ම, සෑම ගොඩනැගිල්ලක්ම වසා ගනිමින්. තවමත් ඒන්ජල් විලේ ඇත්තේ එක් කුඩා ඔරුවක් පමණි. නමුත් උදෑසන 9:30 වන විට හිරු එළියට දිළිසෙන විලේ සංචාරකයින්ගෙන් පිරි ඇති බොට්ටු කිහිපයක්ම දැක ගත හැකිය.
එන්ජල් විල හිරු, රැස් වලින් ආක්‍රමණය කලත් කඳුකරයක එක් පයින් වතු යායක් අන්ධකාරයෙන් වැසී තිබුණි. පයින් ගස් අතු පතරින් එන හිරු කිරණ, තණකොල්ලෙන් වැසුණු පොළවට පතිත වුණිද, මුළු පයිනස් වත්තම එළිය කිරීමට තරම් හැකියාවක් එයට නැත. මෙය අක්කර සියයක පමණ ප්‍රමාණයක වතු යායකි. මුළු වත්තටම ඇත්තේද හොඳින් වැඩුණු පයිනස් ගස් සහ මධ්‍යගතව පිහිටි සුවිසල් බංගලාවක් පමණි. අවුරුදු 200 ක් පමණ පැරණි මේ බංගලාව අවුරුදු 10 කට පමණ පෙර අත හැර දමා ඇති එකක්ය.
"හෙලෝ.. ඔයා කිව්ව පයිනස් කන්ද පටන් ගන්න තැන මම ඉන්නේ. දැන් මම කොහොමද එන්න ඕනි.."
"ඒ මම කියන පයිනස් එස්ටේට් එක නෙවෙයි."
"එහෙනම් මොකක්ද. මේ එස්ටේට් එකත් ගොඩක් ලොකු එකක් නේ."
"ඔය එස්ටේට් එක මැදින් එද්දි රෝඩ් එකක් තියෙනවා. ඒ රෝඩ් එකෙන් එහා මගෙ එස්ටේට් එක."
"කොච්චර දුරක්ද ඒක. මේ සේරම මම පයින් එන්න ඕනිද ඔයා කියන විදිහට ?"
"Yeah."
කිසිවෙකුටත් බැලූ බැල්මට නොතේරෙන භාෂාවකින් ලියා ඇති කාඩ් පතක් දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් අතර තද කරගෙන එය ඒ මේ අතට අතට කරකමින්, දුරකථනයෙන් කතා කල ඈ රතු පැහැ දෙතොල් අගින් සිනාසුනා ය.
"ප්ලීස් මාව ජෝක් එකකට ගන්නෙ නැතුව මට කියන්න.. මම මේ දුරත් පයින් ඇවිත් ටයර්ඩ් වෙලා ඉන්නේ."
"Calm down.. And keep going."
පයිනස් වතු යායකට ඇතුළු වුණු රිහාෂා දුරකථනය කන ආසන්නයේම තබාගෙන ගස් අතරින් ඉදිරියටම ඇඳුණේ සිතේ බයකුත් ඇතිවය. නමුත් මේ කතා කරන නිර්ණාමික කාන්තාව තමා කුමක් සඳහා ගෙන්වනවාද කියා වත් ඇය දන්නේ නැත.
"You can't turn back. If you want him, you must meet me."
ඇගේ කටහඬ අසමින් රිහාෂා, යන්තමින් හිරු එළිය වැටුණු පයිනස් යාය ඔස්සේම ගමන් කළාය. කිලෝමීටරයක් දෙකක් පමණ ඇවිද ගියද ඇයට පයින් ගස් හැර වෙනත් කිසිම දෙයක් හමු වූයේ නැත. එමෙන්ම පයිනස් යායේ නැවතුම් කෙළවරක්ද පෙනෙන තෙක් මානයක නැත.
රිහාෂා යලිත් වරක් ඇයව ඇමතුමකින් සම්බන්ධ කර ගැනීමට උත්සහ කලත් ඇගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොවීය. ආපසු හැරෙන්නට දහස් වරක් හෝ සිතුනද රිහාෂාට එය නොකිරීමට විශේෂ හේතුවක් තිබුණි. එම විශේෂ හේතුව දන්නේද ඇයත් මේ නිර්ණාමික කාන්තාවත් පමණි.
තවත් මීටර් කිහිපයක් පමණ ඇවිද ගිය රිහාෂාට හමු වූයේ තාර දමා ඇති පාළු මාර්ගයකි. ඒ මාර්ගයෙන් එපිටින් තවත් පයිනස් වතු යායක් ඇත. වාහන රහිත පාළු මාර්ගයෙන් මාරු වූ ඈ දෙවෙනි පයිනස් වත්තටද ඇතුළු වුණි. පළමු පයිනස් යායේ තිබූ එළියට වඩා අඩු එළියකින් යුත් දෙවන පයිනස් යායේ පොළවට හිරු කිරණ වැටී ඇත්තේ තැනින් තැනට පමණි. එමෙන්ම පයින් ගස් වල යටි වගාවක් ලෙස උල් හැඩයේ කොළ සහිත තණකොල වර්ගයක් සෑදී තිබුණි. ඒ තණකොල මත හිරු එළියට දිළිසෙන පිණි බිංදුද විය.
දෙවන පයිනස් යායේත් මීටර් ගණනක් පමණ ඇවිද ගිය ඇය මහන්සිය නිසාවෙන් හති දමමින් ඉඳ ගත්තේ ලඟ තිබූ ගල් පේලියක එක් විශාල ගලක් මතයි. නමුත් ඇය ඉඳන් ඉන්නා ගල, ගල් පේළියකින් එකක්ද, එම ගල් පේළිය පැරණි මල් පාත්තියක මායිම් ගල් පේලියක් බවද ඇයට පෙනී යන්නට විනාඩියක් හෝ ගත නොවීය. එමෙන්ම ඇගේ පාද ඇත්තේ තණකොළ අඩු, පොළව පෑදී ඇති ස්ථානයකය.
"හොයා ගත්තා."
ඇය දෙතොල් වලින් සෙමින් මිමිණුවේ, බිම ඇති ප්‍රමාණයෙන් කුඩා වාහනයකට ගමන් කල හැකි තරම් ප්‍රමාණයේ අඩිපාර දෙස බලාගෙන ය. රෝද වලට හසු වූ නිසාදෝ බිම තණකොළ රහිත පාරවල් දෙකක් පෙනෙන්නට තිබුණි. එමෙන්ම තැනින් තැන තිබූ පයිනස් ගස් නිසා සමහර ස්ථාන වලින් මාර්ගය පටු වී ඇත. නමුත් මෙම මාර්ගයේ යන වාහනයට එය එතරම් බාධකයක් නොවන බව රිහාෂාට තේරුම් ගියේ ගසේ කඳ ආසන්නයෙන් පවා මාර්ගය දිව යන විටයි.
ඇඳ සිටි හූඩියේ හිස් ආවරණය හිසට දමාගත් ඈ මාර්ගය ඔස්සේ දිගටම ගමන් කළාය. විවේක ගමින් ඇය දිගින් දිගටම කිලෝමීටරයක් පමණ ඇවිද ගියේ පැය හමාරක කාලයක් පමණ වැය කරමිනි. ඒ වනවිට ඈ පයිනස් කන්දේ මුදුනටම ඇවිත් හමාරය. ගස් අතු පතරින් ඇයට ඈත නගරයට දිවෙන මහා මාර්ගය හා එහි යන වාහනද පෙනුණි.
"ෆයිනලි, ඔයා මාව හොයා ගත්තා."
හදිසියේම ඇසුණු කටහඬ නිසා රිහාෂා පිටුපස හැරී බැලුවාය. ඈත පැරණි බංගලාවකි. බංගලාවේ ඉදිරියේ කළු පැහැ දිගු ගවුමක් ඇඳගත් කාන්තාවකි. නමුත් ඒ රුව හඳුනා ගැනීමට තරම් පෙනෙන මානයක රිහාෂා සිටියේ නැත. ඒ නිසා ඇය ඒ කාන්තාව ඉදිරියට පිය මැන්නාය
"What a brave girl you are.."
ටිකෙන් ටික ඈ ඉදිරියට ඇදෙද්දි ඒ නිර්ණාමික කාන්තාවද අඩි කිහිපයක් ඉදිරියට පැමිණියේ කළු පැහැ යමක් අතැතිවයි.
"Who are you ?"
රිහාෂා නිර්ණාමික කාන්තාවට මීටර් පහක් පමණ දුරින් හිඳ එසේ ඇසුවාය. නමුත් ඇගේ පෙනුම පැහැදිලිව දෑස් වලට පෙනුණු විගස රිහාෂාට සිතුනෙ තමා ඇගෙන් එවන් ප්‍රශ්නයක් විමසා කලේ හිස් වැඩක් බවයි.
"Can't you recognize me ?"
ඇය එසේ කියද්දි රිහාෂා විසල් වූ දෑස් වලින් ඇගේ පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා බැල්මක් යොමු කලේ පුදුමයෙනි. මන්ද යත් මේ රූපය ඈ පෙර දිනක පුවත්පතක දුටු නිසාය.
........................................................... 🖤 ...
කව්ද මේ කියලා Guess කරලා කමෙන්ට් එකක් දාන්න බලන්න❗
එපිසෝඩ් කීපයක් යනකම් කතාව සංකීර්ණයි වගේ දැනෙයි. ලිඛිත භාෂාවෙන් ලියන්න හිතුවෙ මේ වගේ එකක් නිකන් කියන විදිහට ගියොත් අවුල් වෙන නිසා. ඒ උනාට දෙබස් යන්නෙ සාමාන්‍ය විදිහට. අනික ලිඛිත භාෂාවෙන් ලියද්දි එන කුතුහලය වැඩියිනේ ඔයාලට 📜
Married කපල් එකගෙන් ඉස්සරහට +18 සීන් බලාපොරොත්තු වන්න 💋
Sachy Collins