Miss. Anonymous - 18

Miss. Anonymous - 18

Sachy Collins
🚫 Do not copy or share without author's permission



🚫 This chapter contains emotionally sensitive content such as abuse and psychological trauma.


Previous


"කියන්න සොනා."


"ලොකු ප්‍රශ්නයක්."


"ඇයි ?"


"Mount Lavinia වල තිබ්බ හොටෙල් එකකට බෝම්බ් ඇටෑක් එකක්. තමුසෙට ඊයෙ ඇවිත් ත්‍රෙට් කරපු මිනිහයි ඒ මිනිහගෙ ළමයි ටිකයි සේරම ඒකෙන් මැරිලා."


"වට් ?"


"ඔව්.. ඊයෙ තමුසෙව මීට් වෙන්න ඒ මිනිහා ආවා කියලා මිශ්කා විජයවර්ධනට සර්ට කියලා. ඒ නිසා ඉක්මනින් එනවා මෙතෙනට."


මිශෙල් පිටුපස හැරී බිත්තියේ තිබූ ඔරලෝසුවෙන් වේලාව බැලුවාය. එහි කෙටි කටුව අටට ලං වී, දිග කටුව දහය මත තිබුණි..


"හරි මම එන්නම්."


මිශෙල් ඇමතුම විසන්ධි කරද්දී ලිලී ඇගේ කලබල වූ මුහුණ දෙස බලා සිටියාය. මෙය සිදු කලේ කවුරුන්ද කියා ඇයට දශමයකවත් සැකයක් නැත. නමුත් මෙයින් තමාද ප්‍රශ්න වැලකට සම්බන්ධ වෙනු ඇතැයි ඇයට වැටහී ගියාය.


"ඇයි ශෙලී.. මොකක් හරි ප්‍රශ්නයක්ද ?"


ලිලී ප්‍රශ්න කරද්දී මිශෙල් එක් අතකින් ඇගේ උරහිස ස්පර්ශ කළාය..


"අම්මෙ මට යන්න වෙනවා. ඊයෙ මාව මීට් වෙන්න ආපු කෙනෙක් දැන් ටිකකට කලින් වුන ඇටෑක් එකකින් මැරිලා."


"එහෙනම් ඉක්මනින් මොනා හරි කාලා යන්න."


"බෑ අම්මේ. මට ලෙට් වෙන්න බෑ."


"ඒත් ඔයා කෑවෙ නෑනෙ."


"කමක් නෑ. ඔයාලා කන්නකෝ."


මිශෙල් එතැනින් යද්දී ලිලී පැමිණ ඇගේ අතින් ඇද්දාය..


"එහෙනම් මම කෑම ටිකක් ඔතලා දෙන්නම්. ගෙදර ගිහින් හරි අනිවාර්යයෙන්ම කන්න."


මිශෙල්, පිටුපස සිටින පියා දෙස බැලුවාය. ඔහු ඉඟි කලේ මවගේ කීමට ඇහුම්කන් දෙන ලෙසය. හේතුව ඇය එසේ නොකලහොත් ලිලී ඇය ගැන සිතා තවත් පසුතැවෙන නිසාය.


"හරි අම්මා ඉක්මනින් කරන එකක් කරන්නකෝ."


ලිලී එනතුරු මිශෙල් ඉස්තෝප්පුවට වී බලා සිටියාය. ඇගේ දුරකතනයේ මග හැරුණු ඇමතුම් පහක් පමණ සඳහන් වී තිබුණි. ඒ අතර තිවේන්ගෙන් ආ ඇමතුමකුත් ඇතුලත් ය.


ලිලී ආ විගස මිශෙල් මෝටර් නැග විජයවර්ධන හමුවීමට මූලස්ථානයට ගියාය. ඇය යන විට තවත් මිනිත්තු විස්සක් පමණ ප්‍රමාද විය. මෝටර් රථය පසෙක නතර කරමින් ඇය පිටතට එද්දී ඇගේ අසලට සොනායා ආවාය.


"සර් පැය කාලකට කලින් එතෙනට ගියා."


"වට් ?"


මිශෙල් මෝටර් රථයේ දොර වේගයෙන් වසා දැමුවේ සොනායාගේ දෙසට හැරෙමිනි..


"මගෙ කාර් එකට නගින්නකෝ. අපි යමු."


සොනායා මිශෙල්ගේ අතින් අල්ලාගෙන ගොස් මෝටර් රථයේ ඉදිරි අසුනක වාඩි කළාය. සොනායා මෝටර් රථය මාර්ගයට හරවද්දී මිශෙල් ඇගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය.


"මට හරියටම කියන්න. මෙතන මොකක්ද උනේ ?"


"අද නදීර් හුසයිෆාගෙ දුවගෙ බර්ත්ඩේ එක. ඒක සෙලිබ්‍රේට් කරන්න Mount Lavinia වල තියෙන ලක්ස්රියස්ම හොටෙල් එකක් අරන් දෙසිය ගානකට ඉන්වයිට් කරලා. පාර්ටි එකේ ගර්ල් කේක් කපන වෙලාවට ඒ කියන්නෙ රෑ හතට විතර තමයි බ්ලාස්ට් එක පටන් අරන් තියෙන්නෙ."


"Survives ලා කීයක් ඉන්නවද ?"


"Unfortunately එතනින් බේරිලා තියෙන්නෙ දෙන්නයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට අමාරු නිසා insensitive care unit එකට දාලා. අනිත් කෙනා එහා බාර් එකේ ඉඳලා තියෙන්නෙ."


"ඔයාට කව්ද මේවා කිව්වෙ ?"


"ගවේෂ තමයි."


සොනායා එසේ කියද්දී මිශෙල් වීදුරුවෙන් පසුවෙන, මාර්ගය දෙපස තිබූ සාප්පු දෙස බැලුවාය..


"මම නදීර් ඉන්න ලොකේෂන් එකත් හොයා ගත්තා. පර්මිෂන් ලැබෙනකම් ඉඳලා මම හෙට හරි මිනිහව ගේන්න හැදුවෙ. ඒත් ඊට කලින් කේස් එකේ එක පුරුකක් නිකන්ම අයින් වෙලා ගියා."


"ඩෝන්ට් වොරි ශෙලී. ඌ විතරයි ඒක කරගත්තෙ. තව මෙම්බර්ස්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඊලඟට උනුත් මෙහෙම සත්තු වගේ මැරෙන්න කලින් අපි කරන්න පුළුවන් උපරිම දේ කරමු."


"එහෙම නොවුනොත් හැමෝගෙම හිත් වල මං ගැන තිබ්බ විශ්වාසය බිඳෙනවා."


මිශෙල් එසේ කියද්දී සොනායා මොහොතකට ඇගේ දෙස බැලුවාය..


"එහෙම වෙන්නෙ නෑ. තමුසෙ තමුසෙට පුළුවන් උපරිමය කලා. මේක වෙන්න තිබ්බ දෙයක්. සමහරවිට මේ බ්ලාස්ට් එක කරන්න ඇත්තෙ අර ලොකු ටීම් එක වෙන්න ඇති. ඇයි ඉතින් නදීර් තමුසෙ ගාවට ඇවිත් කිව්ව එක නිසා තමුසෙ නදීර්ව අලගන්නවා කියලා දන්නවනේ. ඊට පස්සෙ උන්ගෙ සේරම ප්ලෑන්ස් තමුසෙ දැනගෙන අවුල් කරයි කියලා උන් බය උනා."


"එහෙම වෙන්න ඇති."


මෙය සිදු වූයේ කෙසේද සිදු කලේ කවුරුන්ද කියා මිශෙල්ට වැටහී තිබුණත් ඇය එය සොනායාට වචනයකින් වත් අඟවන්නට ගියේ නැත.


"තමුසෙට කියන්න වෙයි නදීර් තමුසෙ එක්ක කතා කරපුවා. තමුසෙ බොරුවක් කිව්වත් චීෆ්ලා විශ්වාස කරනවා. ඒ නිසා බය වෙන්න එපා."


"හ්ම්.."


දිගු වේලාවක ගමනකින් පසුව සොනායා මෝටර් රථය නවතා බැස්සේ විනාශ වූ හෝටලය ඉදිරිපිට ය. එහි තද නිල් පැහැ නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන්ද අනෙකුත් උසස් නිලධාරීන්ද ගිලන් රථද පැමිණ තිබුණි. මිශෙල් මේ සියල්ල දෙස බලමින් මෝටර් රථයෙන් පිටතට ආවාය.


හෝටලයේ ඇතුලත බිත්ති පුපුරා ගොස්, ඉහල තිබූ ශැන්ඩලියර් පහන් කොටස් පවා බිමට වැටී තිබුණි. සමහර මිනිසුන් අත් හා පාද පමණක් පිටට විත් සුන්බුන් වලට යට වී මිය ගොස් සිටින අයුරු මිශෙල් ඈත සිටම දුටුවාය. පිටින් එකතු වූ මිනිසුන් හා නිලධාරීන් සියල්ල එකට එකතු වී සුන්බුන් ඉවතට කරමින් නිසල සිරුරු පිටට ගෙන ට්‍රොලි වලට දමයි. නමුත් සමහර සිරුරු වල ඉතිරි වී තිබුණේ කොටස් පමණි.


"කොහොමද නදීර් ජීවතුන් අතර නෑ කියලා හොයා ගත්තෙ ?"


මිශෙල් එක් නිලධාරියෙකුගෙන් ඇසුවාය..


"මිනිහගේ ඩෙඩ් බොඩි එක යට වෙලා තිබිලා හම්බුණා මැඩම්."


"කව්ද බේරුණේ ?"


"දැනට නදීර්ගෙ පුතයි තව එක්කෙනෙකුයි බේරිලා තියෙනවා අනිත් එක්කෙනාගෙ අනන්‍යතාවය හොයන්න වෙන්නෙ එයාට සිහිය ආවට පස්සෙ."


මිශෙල් නිලධාරියා සමඟ කතා කරමින් සිටිද්දී ඇගේ අසලට ආවේ විජයවර්ධන ය. ඒ සමගම සොනායාත් ඔවුන් දෙසට පිය මැන්නාය.


"ඒ මිනිහා ඔයාට මොකද කිව්වෙ මිශෙල්."


"එයා මට ත්‍රෙට් කරා මේ කේස් එක නවත්තන්න, එයා ඒ ගැන සර් එක්ක කතා කරන්නම් කියලා."


"වෙන මුකුත් කිව්වෙ නැද්ද ?"


නදීර් පෙර දිනයේ තමාට කියූ දේවල් සියල්ල ඇයට විජයවර්ධනට කිව නොහැක. නමුත් තමා මෙතැනදී ඒ ගැන කල්පනා කරමින් සිටියහොත් විජයවර්ධන තමා ගැන සැක කරනු ඇතැයි ඇය සිතුවාය.


"මම නදීර් කිව්ව ටික රෙකෝඩ් කලා."


එසේ කියූ ඇය දුරකතනයේ තිබූ හඬපටය විජයවර්ධනට ඇහෙන්නට සැලැස්වුවාය. එහිදී නදීර් තිවේන් ගැන අඟවන කොටස් ඇය සැක නොහිතෙන පරිදි කපා ඉවත් කර දැමුවාය.


"Perfect.. මේක ලොකු කේස් එකක් වෙන්නයි යන්නෙ. එහෙම උනොත් ඔයාට මෙහෙ අයත් එක්ක මේ කේස් එක ගැන බලන්න වෙයි. ඒ නිසා මේක එවිඩන්ස් එකක් විදිහට තියාගන්න."


"හරි සර්."


"ඒ වගේම හෙට උදේම හෙඩ් එකට එන්න. මෙතන දේවල් ගැන බලන්නත් ඔයාට අනිවාර්යයෙන්ම එන්න වෙයි."


"හරි.. එතකොට දැන් මම මෙතන ඉන්න ඕනි නැද්ද."


"ඒක මෙහෙ අය බලාගනීවි. ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. මෙතන උන හැම දේකම රිපෝට් එක ඔයාට හෙට හෝ අනිද්දා වෙද්දි එයාලගෙන් ලැබෙයි."


"හරි සර්."


විජයවර්ධන එතන සිටි උසස් නිලධාරීන් සමඟ කතා කර පිටව යද්දී මිශෙල්, සොනායා දෙදෙනාම නිහඬව බලා සිටියාය. මෙහි සියල්ල ඉවත් කර පිරිසිදු කරන්නට හෙට දිනයත් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ට හැඟිණි.


"තමුසෙගෙ මූණ හරි නෑ. ඩෙඩ් බොඩීස් දැක්කම දුක හිතුනද ?"


සොනායා ප්‍රශ්න කරද්දි මිශෙල් හිස දෙපසට සොලවා, පිටුපස තිබූ කටුව ගලවා හිසකේ පිටුපසට ඇද්දාය.


"එහෙනම් මොකද.. නදීර් හුසයිෆා මැරුණ නිසාද ?"


"Criminal කෙනෙක් මැරෙන එක මට ගුඩ් නිවුස් එකක් මිස බෑඩ් නිවුස් එකක් නෙවෙයි සොනා. ඒත්.."


"ඒත් ?"


"මම බලන කේස් එකක එවිඩන්ස් එකක් විනාශ කරපු එකට මට සතුටක් නෑ."


කියූ මිශෙල් මෝටර් රථයට නැග ඉදිරිපස අසුනකින් ඉඳ ගත්තාය. තමාට නොකිව්වත් ඇය කුමන හෝ ප්‍රශ්නයක මැදිව සිටින බව සොනායාට තේරුම් ගියාය. නමුත් එය ඇගෙන් මෙවැනි වෙලාවක අසා දැනගන්නට නොහැකි බවත් සොනායා දනී.


"අපි යන ගමන් මොනවා හරි බීලා යමු."


සොනායා රියදුරු අසුනේ ඉඳගෙන, වීදුරුවට හිස තබාගෙන සිටින මිශෙල්ගෙන් ඇසුවාය.


"හ්ම්."


මිශෙල් තම කොළ පැහැ දෑස් තදින් වසා ගත්තේ සිතේ තිබූ කැළඹීම නතර කරගන්නටය. පිපිරුමට සම්බන්ධ පුද්ගලයා ගැන පොලිසියට ඉඟි වැටුන හොත් මෙය තමාටත් ලේසි නොවන දෙයක් බව ඇගේ සිත කීවාය.


පැය කීපයක් ගත විය..


සොනායා ඇගේ නිවසට යද්දී මිශෙල් තම මෝටර් රථයෙන් තිවේන්ගේ නිවසට ආවාය. ඇය නිවස ඉදිරිපිටම මෝටර් රථය නවත්වා දොර තදින් වසා නිවසෙන් වෙන්ව තිබූ කාර්යාලය දෙසට යන අයුරු ආරක්ෂකයින් දුටුවෝය. එසේම ඇය එතැනට යන්නේ කුමකටද කියා ඔවුන් හොඳින්ම දැන සිටියහ.


මිශෙල්ගේ Louboutin' අඩි උස යුගලය ගල් ඇතිරූ බිමේ ගැටෙන හඬ, මධ්‍යම රාත්‍රියේ තිබූ නිහඬ පරිසරයට එකතු විය. ඇගේ කන් දෙපසට වැටී තිබූ කෙහෙරැලි කීපයක් අවටින් එන සීත සුලඟට දඟ කළේය.


ඇය ඔහුගේ පෞද්ගලික කාර්යාලයට ඇතුළු වුණේ මෙවැනි වේලාවක ඔහු එතැන නිසැකවම සිටින බව ඇය දන්නා නිසාය. ඇගේ තීරණය නිවැරදිය. දොර විවෘත කල ඇයට ආවේ දුම්වැටි සහ විස්කි මිශ්‍ර ගන්ධයක් ය. පසෙක තිබූ 'Bar counter' කොටස ලඟ තිවේන් සිටියේ යුරේන්ගේ අත තිබූ වීදුරුවකට විස්කි පුරවමින් ය. නමුත් ඇය ආ විගසම ඔහු ඒ දෙසට දෑස් යොමු කළේය.


"මට ඔයා එක්ක කතා කරන්න ඕනි."


හැඟීම් විරහිත හඬකින් එසේ පවසා මිශෙල් දිගින් දිගටම තිවේන්ට දෑස් යොමාගෙන සෙලවීමකින් තොරව සිටියා පමණි. ඇගේ අහඹු පැමිණීම හමුවේ වියවුල් වූ යුරේන් තිවේන් දෙස බැලුවේය. තත්පර කීපයක් මිශෙල්ට යොමු වී තිබූ තිවේන්ගේ ගැඹුරු නිල් දෑස් යුරේන් දෙසට හැරුණි.


නොදැනෙන පරිදි හිස වනා තිවේන් යුරේන්ට එතනින් පිට වෙන්නට අවසර දුන්නේය. යුරේන් හිස් වූ වීදුරුව පහලින් තබා කාර්යාලයෙන් පිටතට ඇවිද ගියේය. නිහඬතාවය තවමත් එලෙසමය. මිශෙල්ගේ දෑස්ද තවමත් තිවේන් මත සිර වී තිබුණි.


"ඔයා ඒ මිනිහව මැරුවා."


මිශෙල් ඔහුගෙන් ප්‍රශ්න කළාය. නමුත් ඔහු එය නොසලකා හැර බෝතලයෙන් වීදුරුවට විස්කි පිරෙව්වේය.


"එයා මගෙ කේස් එකේ Suspect කෙනෙක්. ඔයා ඒක දැනගෙන හිටියා."


තිවේන් පුටුවක ඉඳගෙන ඇගේ දෙස බලමින් වීදුරුවෙන් උගුරක් බිව්වේය..


"ඔයා ලයින් එක ක්‍රොස් කරා. මගෙ කේස් එකට ලැබුණ පළවෙනි Suspect කෙනාම ඔයා නැති කරලා දැම්මා."


ඇය තවමත් නොසෙල්වී ඔහු දෙස බලාගෙන ය..


"මම මුකුත් නැති කලේ නෑ."


"Trash bin එකක් අයින් කරා.. එච්චරයි.."


තිවේන් ගැඹුරු හඬකින් එසේ කිව්වේය. තත්පර කීපයකට පසු මිශෙල් අඩි කීපයක් ඉදිරියට ඇදුණාය..


"ඔයා මම හිතපු කෙනා නෙවෙයි."


ඇය කියූ දේ නිහඬව අසා සිටි ඔහු වෙනත් වීදුරුවක් ගෙන එය විස්කි වලින් පුරවා මිශෙල්ගේ දෙසට දික් කළේය. නමුත් ඇය ඔහුගේ අත තිබූ වීදුරුවට අතින් පහරක් එල්ල කලේ ඔහුවත් නොසිතූ පරිදිය. ලිස්සා ගිය වීදුරුව බිමට වැටී කුඩා කැබලි වලට කැඩෙමින් විස්කි සමඟ බිම විසිරුණි.


Shatter..


බිම විසිරුණු වීදුරු කැබලි දෙස බැලූ ඔහු ඇගේ දෙසට දෑස් යොමු කළේය. ඇය ඔහු ඉදිරියේ මෙලෙස හැසිරෙන පළමු වතාව මෙය නොවේ.


"එතකොට තමුසෙ මගෙ සයිඩ් එකේ නෙවෙයිද ?"


නිහඬතාවය බිඳිමින් ඔහු එසේ කීවේය..


"මම කවදාවත් ඔයාගෙ සයිඩ් එකේ හිටියෙ නෑ."


මිශෙල් බාල හඬකින් කීවාය. ඇගේ පිළිතුර හමුවේ ඔහුගේ මුහුණ වෙනස් විය..


"ඔයාගෙ සයිඩ් එකේ හිටියා කියලා මට මුකුත් ලැබෙන්නෙ නෑනෙ."


මිශෙල් කීවාය. ඔහුගේ මුහුණේ සිනහවක් වත් රැඳී තිබුනේ නැත. නමුත් ඒ වෙනුවට ඔහුගේ මුහුණ එන්න එන්නම අදුරු වන අයුරු මිශෙල් දුටුවාය. තත්පර කීපයකට පසු ඇය දිගු සුසුමක් හෙළුවාය.


"මම ඔයාව විශ්වාස කලා."


"ඔයා මට ප්‍රශ්නයක් ඇති කරන්නෙ නෑ කියලා කිව්වා. එහෙම කියලා ඔයා ඒ මිනිහව මරලා දැම්මා. මට ආයෙ ඔයා ගැන විශ්වාසය තියන්න බෑ."


"ආයෙ මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා තිවේන්. ඒ වගේම මගෙ වැඩ වලින් ඈත් වෙලා ඉන්න."


ඇය කියූ දේවල් සියල්ලම ඔහු නිහඬව අසා සිටියේය. එහෙත් එය කෙටි කාලීන නිහඬතාවයකි. ඔහු තම අත තිබූ වීදුරුව මේසය මතින් තබා පුටුවෙන් නැගිට අඩියෙන් අඩිය ඇය අසලට ලං විය. ඇය ඔහු දෙස බලා එතනින් පිටව යන්නට උත්සහ කරද්දී ඔහු ඇගේ අතින් ඇද එය වැලැක්වුවේය.


"......"


ඇයට සිතන්නට වත් කාලයක් නොදී ඔහු එකවරම ඇගේ ගෙල එක අතකින් තද කළේය. ඔහුගේ රළු දිගු ඇඟිලි ඇගේ ගෙල වටා එතී තද වූයේ ඇයට හුස්ම ගන්නට පවා අපහසුතාවක් ඇති කරමිනි. ඇගේ ගෙල මත තිබූ අත තවත් තද කරමින් ඔහු ඇයව පිටුපස තිබූ වීදුරුවට හේත්තු කර ගත්තේය.


මිශෙල් එයට ප්‍රතිචාර දක්වන්නටත් කලියෙන් ඔහුගේ උනුහුම් දෙතොල් ඇගේ දෙතොල් මත තද විය. එය තදබල සිප ගැන්මකි. ඔහුගේ විස්කි රස මුසු වූ දිව ඇගේ දිව සිර කරගෙන තිබුණි. ඇය කෙතරම් ඔහුව පසුපසට තල්ලු කරන්නට උත්සාහ ගත්තත් ඒ උත්සහයන් ව්‍යර්ථ විය. ඔහුගේ සිරුර ඇගේ සිරුරට තද වී හමාරය.


දිගින් දිගටම ඇගේ යටිතොල උරමින් සිප ගද්දී ඔහුට දැනුණේ ලේ රසකි. දැනුණු වේදනාවට ඇගේ දෑස් වල කඳුළු පටලයක් බැඳී තිබුණි. කෙතරම් ලේ රසක් දැනුනත් ඔහු ඒ රළු සිප ගැම නැවැත්වුවේ නැත. හුස්ම ගැනීමත් අපහසු කරමින් ඇගේ දෙතොල් තදින් සිපගත් ඔහු ඇයව අතහැර දැමුවේ වචනයක් හෝ නොකියායි.


ඇය තවමත් වීදුරුවට තද වී සිටියාය. ඇගේ යටිතොල පැලී ඒ දිගේ ලේ බිංදුවක් පහලට ගමන් කරමින් තිබුණි. ඔහු මුවග රැඳි සිනහවකින් ඒ දෙස බලා සිට යලිත් ඇගේ නිකටෙන් අල්ලාගෙන ඇයව ලඟට ගත්තේය.


"ඊලඟ සැරේවත් තමුසෙ කට පරිස්සම් කරගෙන ඉන්නවා."


ඔහු ඇගේ දෙතොල් වල රැඳී තිබූ රුධිරය තම මහපට ඇඟිල්ලෙන් තද කර පිස දැමුවේය. පැලී තිබූ යටිතොල ඔහු රළුව ස්පර්ශ කරද්දී ඇගේ දෑස් තද වී ගියේ වේදනාවටය.


"ස්පෙෂලි මගෙ ඉස්සරහා."


"තමුසෙට මම ආයෙ මතක් කරන්නෙ නෑ මම කව්ද කියලා."


ඔහු තම අත ඇගේ මුහුණෙන් ඉවතට ගනිද්දී ඇගේ මුහුණ ගැස්සී ගියේය. යලිත් මේසය ඉදිරියේ පුටුවක ඉඳගත් ඔහු විස්කි වීදුරුවක් පුරවාගෙන, එය එක උගුරට බිව්වේ කිසි දෙයක් නොවූ ආකාරයෙනි..


........................................................... 🖤 ...




☹️❤️


රියැක්ට් කමෙන්ට් එහෙම අඩුයිනෙ කියවන ප්‍රමාණයට වඩා..


Sachy Collins

Report Page