Miss. Anonymous - 17
Sachy Collins
"තිවේන්ට වෙඩි තියන්න ඕඩර් එක දුන්නෙ ඔයා නේද මිස්ටර් හුසයිෆා ?"
ආරක්ෂකයින් දෙපසට ඈත් වෙද්දී යලි ඇගේ දෙසට හැරුණු නදීර් දුටුවේ ඇය කළු පැහැ පිස්තෝලයක් අත තබාගෙන ඒ දෙස බලා සිටින අයුරුය. තත්පර කීපයකට පසුව ඇගේ කොළ පැහැ දෑස් ඔහු වෙතට හැරුණි.
"අහ්.. මං ඒක හංගන්න හැදුවට ඔයා ඒක දැන ගත්තා නේද. ඔයා නම් මාරම ගර්ල් කෙනෙක් මිශෙල්."
ඔහු කියන දේ අසා සිටි මිශෙල් ඇගේ රත් දෙතොල් වලින් සිනාසුනාය..
"මාව මීට් වෙන්න ආපු එකට ඔයාගෙ බොස්ටයි ෆැමිලි එකටයි පසු තැවෙන්න වෙයි."
"ඒ වගේම ඔයාගෙ තර්ජනයට බොහොමත්ම ස්තූතියි."
මිශෙල් අත තිබූ පිස්තෝලය ඇගේ ඇස් මානයට ගනිද්දී නදීර් ඇගේ දෙස බලා කට කොනින් සිනාසුනේය..
"Okay.. මම බලාගෙන ඉන්නම් මිස් ඇන්ඩර්සන්."
ඔහු මදක් හිස නවා ආරක්ෂකයින් සමඟ අවන්හලෙන් පිටතට ගියේය. ඒ සමඟම මිශෙල් දිග සුසුමක් පිට කර පිස්තෝලය මේසය මතින් තබා දුරකතනය අතට ගත්තාය.
ඇය සිතූ දේ නිවැරදිය. ඔවුන් එන්නට කලියෙන් ඇය අවන්හලේ සේවකයින්ගෙන් ප්‍රකාශ ලබාගනිද්දී දුරකතනයෙන් ආරම්භ කර තිබූ හඬ පටය තවමත් පටිගත වෙමින් තිබුණි. මිශෙල් එය අවසන් කරන බොත්තම ස්පර්ශ කර දුරකතනය යලිත් මේසය මතින් තැබුවාය. ඒ සමඟම රහස් පරීක්ෂකවරිය, පොලිස් නිලධාරීන් හා අවන්හලේ සේවක සේවිකාවන් එතැනට පැමිණියෝය.
"මැඩම්ට ප්‍රශ්නයක් නෑ නේද ?"
"නෑ."
එසේ කියමින් මිශෙල් මේසයෙන් නැගිටිද්දී ඇගේ දෑස් වලට යොමු වූයේ මේසය මත තිබූ ඉටිපන්දමයි. ඇය නොදැනුවත්වම එය අඩක් නිම වෙන්නත් කලියෙන් නිවී ගොසින් ය. එය තමාට දෙයක් අඟවන්නට උත්සහ කරන බව ඈට සිත් විය.
........
දහවලේ සිදු වූ සිද්ධිය ගැන මතක් කරමින් මිශෙල් සඳලුතලයේ අත් වැට අසලට වී ඒන්ජල් විල දෙස බලා සිටියාය. ඇය එනවිට තිවේන් නිවසේ නොසිටි නිසා ඇයට මේ සිදුවීම ඔහුට කියන්නට නොහැකි වුණි. නමුත් ඇය ඒ ගැන යුරේන්ට කෙටියෙන් කිව්වේ එය ඔහු තිවේන්ට දන්වන බව දන්නා නිසාය.
රාත්‍රී අහසේ තරු ගැනිය නොහැකි තරම් ය. ඒන්ජල් විලේ වතුර දෙස බලා ඇය පැහැදිලි අහස දෙස බලා සිතුවේ එයයි. ඒ පැහැදිලි, ගැඹුරු නිල් අහස ඇයට මතක් කර දෙන්නේ එක් දෙයක් පමණි. නමුත් ඒ සිතුවිලි නොතකා ඇය තම අත තිබූ ස්ට්‍රෝබෙරි ගෙඩිය දෙතොල් වලට ලං කරගත්තාය.
"හහ්."
එකවරම ඉන දෙපට දැනුණු ස්පර්ශය නිසා කල්පනාවේ සිටි මිශෙල් පිටුපස හැරෙන්නට උත්සහ කළාය. නමුත් ඊට පෙර ඇයව පසුපසට ඇද තම පපුව මතට තද කරගත් තිවේන් ඇගේ අත තිබූ ස්ට්‍රෝබෙරි ගෙඩිය අතට ගත්තේය.
"යුරේන් මට කිව්වා උන දේ.. මොකක්ද උගෙ නම කිව්වෙ ?"
ඇයට හැරෙන්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. ඔහුගේ ශක්තිමත් බාහු වලට තද වූ ඇගේ සිරුර අගුලක් දමා මෙන් නිශ්චලව තිබුණි.
"මට ඒක කියන්න බෑ."
"ඇයි ?"
"මගෙ ජොබ් එකට ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නෑ."
ඔහු මදකට ඇගෙන් ඈත් වී ඇයව තමා දෙසට හරවා ගත්තේය.
"මම තමුසෙට කලිනුත් කියලා තියෙනවනේ. මම එහෙම කරන්නෙ නෑ. අදටත් මම එහෙම කරලා නෑ."
ඇය ඔහුගේ දෑස් දෙස නිහඬව බලා සිටියාය. අද වන තුරු ඔහු ඇගේ විශ්වාසය බිඳ දමා තිබුණේ නැත. ඒ බව ඔහුගේ තද නිල් දෑසත් ඇයට කියන්නේය.
"නදීර් හුසයිෆා.. බ්ලැක් ඊගල් ක්ලබ් එකේ ඕනර්."
නිහඬ තත්පර කීපයකට පසුව ඇය කීවාය..
"ඒ කියන්නෙ ඌද මට ශොට් කරන්න ඕඩර්ස් දීලා තියෙන්නෙ."
"ඔව්.. කතා කරන විදිහෙන්ම තේරුණා."
"වෙන එකෙක් ගැන කිව්වෙ නැද්ද ?"
"නෑ."
ඔහු ඇගෙන් ඈත් වී සඳලුතලයේ කොනේ අත්වැට අල්ලාගෙන යටිතොල දසන් වලට තද කරගත්තේ ඒන්ජල් විල දෙස බලමිනි. බ්ලැක් ඊගල් සමාජ ශාලාවේ අයිතිකරු නදීර් හුසයිෆා ගැන ඔහුට සැක පහල වී තිබුණත්, තමාට වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයා නදීර් මය කියා ඔහුට සිතුණේ නැත.
"නදීර් කියන්නෙ මහ මෝඩ මිනිහෙක් ශෙලී. ඌ තමුසෙගෙ ඉස්සරහට ඇවිත් කරගත්තෙ ලොකු වරදක්. උගෙ ගෲප් එකටම පසුතැවෙන්න වෙයි ඒකට."
"මම කිව්වනෙ.. මට ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද එයා මාව මීට් වෙන්න ආවා කියලා දන්නෙ ඔයයි මායි විතරක් නෙවෙයි."
මිශෙල් එසේ කියද්දි තිවේන් හිස හරවා ඇගේ දෙස බැලුවේය. ඇයත් බලා සිටියේ ඒන්ජල් විලෙන් එහා පෙනෙන නිවෙස් වල සහ හෝටල් වල විවිධ වර්ණයේ පහන් එළි දෙසය. තත්පර කීපයක් ගෙවුණු පසු ඔහු කලිසම් සාක්කු වලට අත් දමාගෙන ඇගේ දෙසට පිය මැන්නේය.
"ඌ තමුසෙට මොනා හරි කිව්වද. කේස් එක නවත්තලා දාන්න කියලා, එහෙම නැත්තම් තමුසෙට මොනවා හරි කරනවා කියලා ?"
"එයාගෙ ටාගට් එකක් වෙන්න එපා කියලා කිව්වෙ."
"හ්ම්ම්.."
තිවේන් ඇය ලඟට ගොස් ඇගේ ඉන වටා එක් අතක් බැඳ ගත්තේය. දිගින් දිගටම ඈ ඔහුගේ මුහුණ දෙස බලා සිටිද්දි ඔහු ඇගේ සුදු පැහැ නිදන ගවුම එසවෙන පරිදි කළවයක් ඉහලට අත ගෙන ගියේය.
"තමුසෙ කේස් එකේ වැඩ කන්ටිනිව් කරන් යනවා. මම උන්ට තමුසෙට අතක් වත් තියන්න දෙන්නෙ නෑ."
මිශෙල් ඒන්ජල් විල දෙස බැලුවාය. යලිත් ඇය තමාව නොදන්නා අයෙකු මෙන් හැසිරෙද්දී ඔහු ඇයව පපුව මතට තද කරගෙන ගෙල තදින් හපා දැමුවේ තරහිනි. ඒ සමඟම ඇගේ මුවින් කෙඳිරියක් පිට විය.
"අහ්.."
"තමුසෙ ඉස්සරහටත් මෙහෙම හැසිරුණොත් මම තමුසෙගෙ කටින් වචන ගන්නම් මගෙ විදිහට."
ගෙලට දැනුණ වේදනාව ඇගේ මුහුණෙන් පෙනෙද්දී, ඔහුගේ සිහින් දෙතොල් අතර රැඳුනේ සිනහවකි. තත්පර ගණනක් යන තුරුම ඇගේ දෑස් පියන් තද වී තිබුණි. නමුත් හදිසියේම ඇගේ දෙතොල් වලට තද වූ ස්ට්‍රෝබෙරි ගෙඩිය ඇගේ දෑස් ක්ෂණිකව විවර කළේය.
"....හ්."
රතු පැහැ දෙතොල් අතර සිරවූ ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් වැටුණු රතු පැහැ ඉස්ම ඇගේ නිකටෙන් ගෙල හරහා ලැම දෙසට ගමන් කළේය. ඇයව අසල තිබූ බිත්තියකට තද කරගත් ඔහු ඇගේ ගෙල දිගේ පහලට ගමන් කෙරූ ඉස්ම වල රස බැලුවේය.
"I want to taste you. But not now."
ඇගෙන් ඈත් වුණු ඔහු කාමරයෙන් පිටව ගියේය. ඔහු යන අයුරු බලා සිටි ඇය තම ගෙල ස්පර්ශ කල දෑත දෑස් ඉදිරියට ගත්තාය. දැනුණු වේදනාවට තම ගෙල තුවාල වුණු බවට ඇති වූ සිතුවිල්ල නිවැරදි කරමින් ඇගේ ඇඟිලි තුඩු වල රුධිරය තැවරී තිබුණි.
නොදැනීම දිනයක් ගෙවී ගියේය..
දිනක නිමාව ගෙනෙන්නට ඉර බැස යමින් තිබුණේ අහස පුරා රෝස හා තැඹිලි සේද අතුරමින් ය. බිම වාඩි වී බංගලාවේ වහලයේ වීදුරු කවුළුවෙන් අහස දෙස බලා සිටි මිශෙල් තම ඉදිරියේ බිම වැටී සිටි අශේන් දෙස බැලුවේය.
"තමුසෙට අනිද්දා වෙනකම් වෙලාව තියෙනවා ජීවත් වෙන්න."
ඇය වාඩි වී සිටින්නේ තරප්පුවේ පඩියක් මතය. ඇගේ එක් අතක ලේ තැවරුණ යකඩ බටයක් තිබුණි. මින් මිනිත්තු කීපයකට පෙර එයින් පහර කෑ ඔහුගේ දෙපා පැලී බිම දිගේ ලේ ගලාගෙන ගොස් තිබුණි. දෙපා වලට වූ තුවාල නිසා ඔහුට සිටින්නේ නැගී සිටින්නට නොහැකිවය.
"උඹ මෙච්චර මහන්සි වෙන්න ඕනි නෑ. මාව එක සැරේ මරලා දාපන්."
"වේදනාව අඳුනගන්න නම් ක්ෂණික මරණයක් මදි කියලා තමුන් දන්නෙ නැද්ද ?"
මිශෙල් ඉඳගෙන සිටි තැනින් නැගිට ඔහු ඉදිරියට පිය මැන්නේ යකඩ බටයද අතැතිවය. ඇය පියමනිද්දී ඇගේ කළු පැහැ 'Louboutin' අඩි උස යුගලයේ ශබ්දයට අමතරව යකඩ බටයද බිම දිගේ ඇදීගෙන එන හඬද ඔහුට ඇසුණි.
"උඹ......"
ඔහු තවත් දෙයක් කියන්නට කලින් ඇය ඔහුගේ දෙපා වලට බටයෙන් පහරක් ගැසුවාය. ඒ සැනින් ඔහු යලිත් කෑ ගසන්නට පටන් ගත්තේය. බංගලාව පයිනස් යාය මධ්‍යයේ තිබෙන නිසා අවට පයිනස් ගස් වල සිටින ලේන්නුන්ට හා බස්සන්ට හැරෙන්නට අන් කිසිවෙකුටත් ඔහුගේ කෑගැසිල්ල ඇසුනේ නැත.
"උඹට මැරුණත් සැනසීමක් ලැබෙන එකක් නෑ."
ඔහු කෑ ගසමින් එසේ කියද්දී ඇය ඔහුගේ එක් අල්ලක, ඇගේ අඩි උස සෙරෙප්පුවක් තද කළාය..
"නෑ.. සම්පූර්ණයෙන්ම වැරදියි. තමුසෙ මරලා දැම්මට පස්සෙ මගෙ සැනසීම තියෙනවටත් වඩා වැඩි වෙයි. මොකද තමුසෙලා එකතු වෙලා තමයි මගෙ සැනසීම මගෙන් උදුරගත්තෙ."
මිශෙල් ඔහුගේ අත උඩින් තම පාදය ඉවතට ගත්තාය. ඒ වනවිට ඇගේ අඩි උස සෙරෙප්පුවේ උල් අඩියට ඔහුගේ අත සිදුරු වී ලේ මතුවී තිබුණි.
"මට සැනසීම දීලා තමුසෙ මැරිලා යනවා."
"That's what I want."
ඈ තම අත තිබූ යකඩ බටයෙන් ඔහුගේ ඇඟටද දෙපා වලටද දිගින් දිගටම පහරවල් එල්ල කලේ ඔහුගේ ලතෝනිය මධ්‍යයේය. අවසානයේ ඇය නැවතුණේ ඔහුගේ දෑත් හා පාද තව දුරටත් පැලී ලේ මතුවන විටයි. බටය පැත්තකට විසි කර ඇය ඇගේ දකුණු කම්මුලට විසි වී තිබූ ලේ බිංදු කිහිපය වමතේ පිටි අල්ලෙන් පිහදා ගත්තාය.
"තමුසෙලා වගේ ජරා මිනිස්සුන්ගෙ ලේ මගෙ ඇඟේ ගෑවුනත් මට දැනෙන්නෙ අප්පිරියාවක්."
කියූ මිශෙල් තරප්පුව දිගේ ඉහලට ගියාය. බංගලාවේ එක් හිස් කාමරයක තිබූ පුටුවකින් ඈ ඇගේ දෑත් වල තිබූ අත් වැසුම් ගලවා තැබුවාය.
ඇගේ දෑත් යකඩ බටයේ රළු බව නිසා රෝස පැහැයට හැරී තිබුණි. මෙය තමාට නොගැලපෙන දෙයක් බව දැන දැනත් ඇය උත්සහ කලේ තමාගේ සැනසීම මුල් පිටින් උදුරා දැමූ ඒ මෘගයන්ට දඬුවම් දෙන්නට ය.
"After this... There are only two left."
ඇය තමා ඉදිරියේ තිබූ කැඩපතෙන් පෙනෙන ප්‍රතිබිම්බය දෙස බලමින් මුහුණේ ගෑවී තිබූ රුධිරය, සුදු රෙදි කඩකින් පිස දැමුවාය..
"Don't worry.. keep going.. Your wish will come true."
ඇය යලිත් කාමරයෙන් පිටට විත් තරප්පුව බැස්සාය. ආලින්දය මධ්‍යයේ ලේ මැද වැටී කෙඳිරි ගාමින් සිටි ඔහු දෙස මදක් නැවතී බැලූ ඇය දොරෙන් එළියට ගොස් ගල් ඇතිරූ බිම දිගේ ගමන් කලේ රතු පැහැ 'Volkswagen beetle' රථය අසලටය.
රථයේ පසුපස අසුනක් මත තිබූ දුම්වැටි පෙට්ටියකින් එක් දුම්වැටියක් ගෙන ඇය එය දල්වා ගත්තාය. අවටින් එන සුලඟ දුම්වැටිය අග ඇති ගිනි දැල්ල නිවන්නට උත්සහ කරද්දී ඈ දුම්වැටිය අත් දෙකෙන්ම වසාගෙන ඉදිරියට ඇදුණාය. ගල් ඇතිරූ බිමේ අවසානය පසු කරමින් ඇය වෙනත් අතකට හැරී පයිනස් ගස් අතරින් පිය මැන්නේ කන්ද අවසානයේ තිබූ රහස් තැනකට යන්නට ය.
මිනිත්තු කීපයක් ගත විය..
කන්දේ එක් තැනක තිබූ තැනිතලා බිමක් මත ඇය ඉඳ ගත්තේ දුම්වැටිය අතට ගනිමිනි. එතැන තිබූ විශේෂත්වය නම්, පහල නගර සියල්ලම එකම තැනකින් බලාගත හැකි වීමයි. ළඟ තිබූ කුඩා පයිනස් ගසකට වාරු වූ ඇය ඈතින් පෙනෙන ඒන්ජල් විල දෙස බැලුවාය. ඒ ලඟම තිබූ තිවේනුත් ඇයත් සිටින විසල් නිවහන ආලෝකමත් කර ඇති කහ පැහැ බල්බ වල ආලෝකය එතෙනට කැපී පෙනුණි.
"......"
දුම්වැටිය දෙතොල් අතරට ලං කල විගස ඇයට ඇසුනේ තමා පිටුපස සිටින සතෙකු පිඹින බවය. ඒ සැනින් ඇය ගැස්සී පිටුපස හැරුණි. ගෝනෙකු ඇගේ අසලටම ඇවිද ඇය දෙස බලා සිටියේ සෙලවීමකින් තොරවය.
ඇය මේ වත්ත තුල ගෝනෙකු දකින පළමු අවස්ථාව නොවේ. උන් කෑම සොයන්නට ඇවිදින්නේ උදේත් සවසත් නිසා මෙවැනි වේලාවක එකෙකු මෙතෙනට ආ කාරණාව ඇයව පුදුම කළේ නැත.
"ඔයාට මගෙන් කරදරයක් නෑ.."
එසේ කියූ ඇය ඌ දෙස බලා සිටියාය. දිගු අං තට්ටුවක් ඇති ගෝනා, ලඟ තිබූ බෙරි ගසක් දෙසට හැරි එහි තිබූ ගෙඩි කඩාගෙන කන්නට පටන් ගත්තේය. ඌ සමඟ පිටුපසින් ආ තවත් ගෝනෙකු ඈත සිට කුඩා පැලයක කොළ කඩා කෑවේය. යලිත් අනෙක් පස හැරුණු ඇය දුම්වැටිය උරා දුම පිට කලේ පහල ඇති සිත්ගන්නා සුළු දර්ශනය දෙස බලමිනි..
........
"දැන් හොදටම කළුවර වෙලානේ. ඇයි ශෙලී තාම පරක්කු ?"
ලිලී ඉස්තෝප්පුවේ ලී පුටුවෙන් නැගිට කණුවක් අල්ලාගෙන ඈත පාර දෙස බැලුවාය. රාත්‍රී හත පසුවෙන තුරුම මිශෙල් යලි ගෙදර නොආ නිසා ලිලීගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය.
"එයා ඉක්මනින් එයි. බය වෙන්න එපා ඔයා."
ඉස්තෝප්පුවේම පුටුවක ඉඳගෙන සිටි මිහිත් එසේ කිව්වේ අත තිබූ කෝපි කෝප්පය දෙතොල් වලට ලං කරගෙන ය. මිශෙල් යන සෑම තැනකදීම තමාගෙම ආරක්ෂාව ගැන සැලකිලිමත් බව ඔහු හොඳින් දන්නේය.
"ඒ උනාට Bungalow එක හරිය හරිම අඳුරු පැත්තක්නෙ. සත්තුත් ඉන්නවා ඔය කැලෑ වල."
"ශෙලීට කරදරයක් වෙන්නෙ නෑ. එයා එහෙට ආස නිසා ටිකක් වෙලා නිදහසේ ඉන්න ඇති. අනික ඒ වත්තට කාටවත් එන්න බෑනෙ."
"ඔයාට තේරෙන්නෙ නෑ මිහී.. ඔයාට මාව තේරුම් ගන්න බෑ. ශෙලී ගැන මට දැනෙන බය ඔයාට දැනෙන්නෙ නෑ."
"මට ඔයාව තේරෙනවා ලිලී. මමත් ශෙලී ගැන බයෙන් ඉන්නෙ. ඒත් එයාගෙ තීරණය ගැන එයා බලාගනීවි. එයා ස්ට්‍රෝන්ග් ගර්ල් කෙනෙක්."
ලිලී නිවස ඉදිරිපිට පඩියකින් ඉඳගෙන කණුවකට ඔළුව තබා ගත්තාය. ඇය එදා සිටම ඕනෑවට වඩා මිශෙල් ගැන කලබල වන කෙනෙකි. ලිලී මින් පෙර සිට මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් නිසා ඇගේ සිතේ මිශෙල් ගැන ඇති බිය ගැන කිසිවෙකුත් පුදුම කලේ නැත.
"ඔය එන්නෙ."
මිහිත් කෝපි කෝප්පය ලඟ තිබූ මේසය මතින් තබා එසේ කීවේ ගේට්ටුවෙන් ඇතුළු වූ රතු පැහැ කුඩා මෝටර් රථය දැකය. ඒ සමඟම ලිලී ඉඳ සිටි තැනින් නැගිට ඉදිරියට ගියාය.
"මම ගොඩක් බය උනා ශෙලී.. ඔයා මොකද මෙච්චර වෙලා කලේ."
මෝටර් රථයෙන් පිටතට ආ මිශෙල් ඇගේ දණ හිස මට්ටමට තිබූ කබාය ඇඟට තද කරගද්දී ඇගේ මව ඇය අසලට පැමිණ ඇයව තුරුළු කර ගත්තාය.
"Don't be panic අම්මා."
"තව ටිකක් ගියා නම් අම්මා ඔයාව හොයාගෙන එන්න ඉඩ තිබුණා ශෙලී."
පියා එසේ කියද්දී මිශෙල් සිනහ වී මවගේ හිස අත ගෑවාය..
"මට ගෝන්නු දෙන්නෙක් හම්බුණා. එයාලා මොනවද කරන්නෙ, මිනිස්සු දැක්කම කොහොමද හැසිරෙන්නෙ, කෑමට මොනවද ගන්නෙ කියලා මම ටිකක් ස්ටඩීස් කරා. ඒකයි ලේට් උනේ."
මිශෙල් මවගේ අතින් අල්ලාගෙන නිවසට ඇතුළු විය. ඒ සමඟම ඇගේ පියාත් ඔවුන් පිටුපසින් පැමිණ ආලින්දයේ සෝෆාවකින් ඉඳගත්තේය.
"ඩිනර් එකත් අරගෙනම යන්න ශෙලී. අදත් තිවේන් බිසී ඇතිනෙ. අනික දැන් ඉස්සර වගේ ඔයාට අපි එක්ක එකම ටේබල් එකේ ඉඳන් ඩිනර් ගන්න එන්න බෑනෙ."
ලිලී එසේ කියද්දී මිශෙල් හිස සැළුවේ එයට එකඟ වූ බව කියන්නටය.
"මං වොශ් එකක් දාගෙන එන්නම් අම්මේ."
එසේ කියමින් මිශෙල් ගියේ ඇය මීට පෙර මේ නිවසේ ජීවත් වෙද්දී භාවිතා කල කාමරයට ය. මේ ආකාරයෙන් ඇයට තිවේන්ගේ නිවසට යා නොහැක. තවමත් මුහුණේ තැනින් තැන තිබෙන සියුම් ලේ පැල්ලම් දුටුවහොත් ඔහු තමා ගැන සැක හිතනු ඇතයි ඈට මොහොතකට සිතුණාය.
නාන කාමරයට ගිය මිශෙල්, වතුර මල යටින් ඉද ගත්තාය. තෙත් වූ බ්ලොන්ඩ් පැහැ කොණ්ඩය දිගේ වැටෙන වතුර බිඳු තම ගෙලෙහි වූ තුවාලය මතින් ගමන් කරද්දි ඇය යටිතොල දසන් වලට තද කරගෙන දෑස් පියා ගත්තේ වේදනාවට ය. කළුවර වූ පසුබිමේ ඇයට පෙනුණේ මේ තුවාලයට හේතු වූ ඔහුවයි. එහෙත් ඔහු ගැන සිතුවිලි, මනසට ආ විගස ඇය වෙනත් කල්පනාවකට වැටෙන්නේ හේතුවක් නොමැතිවය.
මිනිත්තු විස්සකට පමණ පසු ඇය තෙත කොණ්ඩය පිස දමා ආලින්දයට ගියාය. ඈ එන විට ලිලී කෑම මේසය ලෑස්ති කරමින් සිටියාය. මිශෙල් මදක් නැවතී ලිලී දෙස බලා සිටියේ ඇය තමා වෙනුවෙන් මහන්සි වෙන අයුරු ය.
"ඇයි අම්මෙ ඔයා මෙච්චර දේවල් හැදුවෙ. මම ගොඩක් කන්නෙ නෑනෙ. ඔයා බොරුවට මහන්සි වෙනවා."
"තමන්ගෙ දරුවා වෙනුවෙන් වැඩ කරනකොට අම්මෙකුට මහන්සියක් දැනෙන්නෙ නෑ."
"එහෙම කියලා බෑනෙ. ඔයා රෙස්ට් කරන්න ඕනි කෙනෙක්. ඔයාට මේවා වැඩ කරන අයට බාර දෙන්න තිබුනෙ."
"ඒ පාර මං එක්ක ආගිව් කරන්න පටන් ගත්තද ?"
"ආගිව් නෙවෙයි. මං ආස නෑ ඔයා මහන්සි වෙනවට. කෝ දෙන්න. මම හෙල්ප් කරන්නම්."
මිශෙල්, ලිලීගේ අත තිබූ කෑම පිඟාන ගෙන මේසය මතින් තැබුවාය. ඔවුන් දෙදෙනා කෑම මේසය පිළියෙළ කරන අයුරු දෙවන මහලේ සිට බලා සිටි මිහිත් පහලට ආවේය.
එකවරම මේසය මත තිබූ දුරකතනයට ඇමතුමක් ආවේය. මිශෙල් එය අතට ගෙන තිරයේ සඳහන් නම බැලුවාය. එහි සටහන් වී තිබුණේ 'Sonaya' ලෙසය. ඉතින් ඈ තත්පරයක් වත් ප්‍රමාද නොවී ඇමතුමට පිළිතුරු දුන්නාය.
"කියන්න සොනා."
"ලොකු ප්‍රශ්නයක්."
"ඇයි ?"
"Mount Lavinia වල තිබ්බ හොටෙල් එකකට බෝම්බ් ඇටෑක් එකක්. තමුසෙට ඊයෙ ඇවිත් ත්‍රෙට් කරපු මිනිහයි ඒ මිනිහගෙ ළමයි ටිකයි සේරම ඒකෙන් මැරිලා."
"වට් ?"
........................................................... 🖤 ...
මේහෙම දෙයක් උනේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්ද ඔයාලට ?
ඊලඟ එකෙන් දෙන්නව තරහා කරවන්නද ගායිස් 😪
මිශෙල් තිවේන් ඉස්සරහා තමයි සයිලන්ට්. අම්මා එක්ක නම් talkative 🫣
Sachy Collins