Miss. Anonymous - 11

Miss. Anonymous - 11

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


එකවරම ඇගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය. ඈ බෑගයෙන් දුරකතනය පිටතට ගෙන බැලුවේ තිරය දෙසය. එහි සඳහන් වචන කීපය දැක ඈ පුදුමයට පත් වුණි..


❝ කිලර්ස්ලා ගැන කතා කරා ඇති නේද. දැන් ගෙදර යන්න ❞


ඒ තිවේන් ය. ඔහු තමා සදෙව් සමඟ කතා කරන බව දැන ගත්තේ කෙසේදැයි කියා ඈ වටපිටට ඇස් යොමා බැලුවාය. එවිට ඈ දුටුවේ ඔවුන් දෙදෙනාට සෘජුව ඉහල බිත්තියක ඇති ආරක්ෂිත කැමරාවකි. තමා සිතුවාට වඩා ඔහු සමඟ එකට සිටීමට අපහසු බව ඈට සිතුණේ ඔහු තමා යන සෑම තැනක් ගැනම, කරන සෑම ක්‍රියාවක් ගැනම අවධානයෙන් සිටින නිසායි.


"අපි පස්සෙ කතා කරමු සදෙව්. මට ගෙදර යන්න ඕනි රෙස්ට් කරන්න."


"ආහ් ඕකේ ශෙලී.. ඔයා ගිහින් රෙස්ට් කරන්න."


ඈ ඔහුට හිස මදක් නවා රෝහලෙන් පිටතට ආවාය. එසැනින්ම ඇගේ රියදුරා මෝටර් රථය රැගෙන රෝහලේ ඇතුළු වීමේ දොරටු ලඟින්ම ඈව නංවා ගත්තේය. මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය පසු ඈ නිවසට ගියාය.


වෛද්‍ය සෙනෙලි තමාගේ කාමරයට වී මිශෙල්ගේ පරීක්ෂණ වාර්තා සඳහන් කොළ කීපය දෙස බලා කල්පනා කලාය. ඈ සිතූ තරම් ඒවා හොඳ ප්‍රතිඵල නොවුණි. කෙසේ වෙතත් ඈට මේවා සෘජුවම මිශෙල් වෙත යැවිය නොහැකිය. මන්ද ඒ සියල්ලටම පෙර ඈ මේ ගැන ඇයට අණ දෙන පුද්ගලයාට දැන්විය යුතුය. එනිසා සෙනෙලි තමාගේ දුරකතනය ගෙන ඇමතුමක් ගත්තාය.


"Hello Sir.. මම කතා කරන්නෙ ඩොක්ටර් සෙනෙලි."


"කොහොමද රිපොට්ස් ?"


"ඒ ගැන කියන්න තමයි මම කතා කලේ. ඒත් ඒක මට කොහොම කියන්නද කියලා තේරෙන්නෙ නෑ."


"කියන්න පුළුවන් ක්‍රමේකට කියන්න. මට වේස්ට් කරන්න ටයිම් එකක් නෑ."


තමා එක්ක කතා කරන කිසිවෙකුත් තමාගේ කාලය නාස්ති කරනවාට ඔහු කිසිසේත්ම කැමති නැත. නමුත් සෙනෙලි ඔහුට මෙය කියන්නේ කෙසේද කියා සිතා ගත නොහැක.


"මැඩම්ගෙ රිපෝට් ගිය වතාවට වඩා නෙගටිව්."


"ඒ කිව්වෙ ?"


"එයා Infertile කෙනෙක්. එයා කවදාවත් Conceive වෙන එකක් නෑ."


වෛද්‍යවරිය කියන දේ හොඳින් අසා සිටි තිවේන් තම අත තිබූ කෝපි කෝප්පය දකුණු පස මේසයකින් තැබුවේය. ඔහු කෙදිනකවත් තමාගේ බිරිඳගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වූයේ නැත. එනිසා ඔහුට වෛද්‍යවරිය කියූ දේ එතරම් දෙයක් නොවුණි.


"මම එයාට ඩේලි බොන්න බෙහෙත් ටිකක් දුන්නා. ඒකෙන් එයාගෙ ස්ටේටස් එක ටිකක් වෙනස් වෙන්න පුළුවන්."


"තව මොනවද තියෙන්නෙ ?"


"වෙන මුකුත් නෑ. ඒත් මම කියන නිසා එයා ගැන හොයලා බලන්න. එයා කළකිරුනු කෙනෙක් වගේයි හැම වෙලේම ඉන්නෙ. සමහරවිට එයාට මෙන්ටල් ඩිසෝඩර් එකක් තියෙනවා වෙන්න පුළුවන්."


"ඒ එයාගෙ හැටි. මෙන්ටල් ඩිසෝඩර් එකක් නෙවෙයි."


"එහෙනම් කමක් නෑ. සර්ට බලන්න මම රිපෝට්ස් ටික දාන්නම්. ඒ ටික මැඩම්ට යවන්න ඕනිද ?"


"නෑ එයාට යවන්න ඕනි නෑ. ඔයා කියන්න ඒවගෙ අවුලක් නෑ කියලා."


"හරි සර්."


ඔහු ඇමතුම විසන්ධි කර යලිත් කෝපි කෝප්පයෙන් උගුරක් බිව්වේය. මේ ගැන ඈ දැන ගත්තත් ඈට පුදුමයක් හෝ කණගාටුවක් නොදැනෙන බව ඔහු දන්නේය. ඉතින් මෙය කියා සිටියත් නොකියා සිටියත් එහි පිළිතුර එකමය.


❝ මට හෙට එන්න වෙන්නෙත් නැතිවෙයි ශෙලී. තමුසෙ මං එනකම් වැඩිය ඇවිදින්න යන්න එපා. Meals හරියට අරගෙන හොඳට රෙස්ට් කරන්න ❞


ඔහු තමාගේ දුරකතනයෙන් ඇයට කෙටි පණිවිඩයක් යවා එය මේසය මතින් තැබුවේ හෝටලයේ ඈතින් පෙනෙන වරාය හා තද නිල් පැහැ මුහුද දෙස බලාගෙන ය. තදට වැටෙන සූර්ය රශ්මිය නිසා ඈත මුහුදේ රැලි දිළිසෙන්නේ නිල් මිණි ඇතිරූ පලසක් මෙනි. නමුත් මොන හේතුවක් නිසාදෝ, ඔහුට එය දකිද්දී ඇයවම මතකයට නැගෙන්නේය..


සමහර විට ඒ ඇය මුහුදු බෙල්ලන්ට ප්‍රිය කරන නිසා විය හැකිය. බෙල්ලන් ගැන සිතන විට ඔහුට මතක් වෙන්නේ තමා මීට අවුරුදු ගණනකට පෙර, ඇය මුහුදේ වැලි අතර සැඟවුණු විවිධාකාර හැඩයේ බෙල්ලන් අහුලන ආකාරය ඇයට නොදැනෙන අයුරින් බලා සිටි හැටිය. ඔහුට මතක අයුරින්, ඈ එදා සිට ට්‍රයිටෝන හැඩයේ බෙල්ලන්ට වඩාත්ම ප්‍රිය කරන්නියකි. ඒවායේ මතුපිට තිබෙන ලා පැහැ රටා සහ එහි උල් හැඩය ඔහුට සිහියට නැගුනේ ඒ ගැන කල්පනා කරන විටය.


"යුරේන්.. හෙට මට පියනි මල් ටිකක් ඕනි. කොහෙන් හරි."


........


❝ මීට දින කිහිපයකට පෙර අතුරුදන් වූ රිහාෂා බණ්ඩාරනායක යන තරුණියගේ යැයි සැක කෙරෙන ඇඳුම් කසල බහාලුමක තිබී හමුවෙයි ❞


දුරකථනයට ආ ප්‍රවෘත්ති දැන්වීම දෙස බැලූ මිශෙල් තම කාර්යාලයෙන් පිටතට ආවේ දොර වසාගෙන ය. එවිට සොනායාත් ඈ සමඟ ආවේ එතැනින් පිටත් වෙන්නටය.


"මං නම් කියන්නෙ ඒ කිලර් හරි කියලා ශෙලී. ඔය මැරෙන උන් සේරම වැරදි කරලා අහු උනාම පොලිසියයි CID එකයි සේරම උන්ට නමාගන්න එකේ නීතියෙන් නැතත් මෙහෙම හරි දඬුවම් ලැබෙනවා නම් ඒක තමා හොඳම."


"ඔව්.. ඒත් නීතියෙන් පිට සාධාරණයක් කරන්න ගියොත් ඒකට වැරදි වෙන්නෙ සාධාරණය කරන්න හදන කෙනා නෙවේද ?"


"ඔව් ඉතින්. මනුස්සයෙක්ව මරන එක නීතියට විරුද්ධයි. ඒ වගේම බැලුවොත් ඒක පවක්. ඒත් ඉතින් සමහර වෙලාවට සමහර මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පැන්නම නීතියයි පවයි මතක් වෙන්නෙ නෑ."


"හ්ම්.."


සියෝනා මිශෙල් සමඟ කතාවෙන්ම ඇවිද ගියේ විදුලි සෝපානය අසලටය. නමුත් හදිසියේම ඔවුන් ඉදිරියෙන් විදුලි සෝපානයෙන් පිටතට ආවේ මිශ්කා සහ රහස් පරීක්ෂක නදුනියි.


"ශෙලී අපි ඉක්මනින් Mount Lavinia කේස් එක විසඳමු. මොකද නේම් ටැග් කිලර්ගෙ කේස් එකත් ඊලඟට ඔයාට තමා."


"සොනා.."


මිශ්කා තමා ඉදිරියෙන් පිය නගද්දිම සොනායා එසේ කියද්දී මිශෙල් ඇගේ දෙස බැලුවේ ඈ සොනායා මෙලෙස තව කෙනෙකු විහිළුවට ගෙන කතා කරනවාට අකමැති නිසායි. නමුත් සොනායා මිශ්කා එක්ක තරහින් සිටින්නේ මිශ්කා මිශෙල්ට ඇනුම් පද කියන නිසාය.


"මිස් මිද්දෙණිය."


එකවරම මිශ්කා නැවතී හිස පමණක් හරවා සොනායා දෙස බැලුවේ තියුණු බැල්මකිනි. සොනායාද බලා සිටියේ ඈ ඇවිස්සෙන තුරුය. ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වුවහොත් එය නවත්වන්නේ කෙසේද කියා මිශෙල්ටද අදහසක් නැත.


"මේක මාෆියා ටීම් අල්ලනවා වගේ දෙකයි පනහෙ කේස් එකක් වගේ පේනවද ?"


මිශ්කා සම්පූර්ණයෙන්ම සොනායාගේ දෙසට හැරී එලෙසින් ප්‍රශ්න කරද්දි නදුනිගෙත් මිශෙල්ගෙත් මුහුණු ප්‍රකාශන එක හා සමාන වී තිබුණි.


"අපෝ නෑ. හරි ලොකු කෙස් එකක්නේ මිස් ෆර්නෑන්ඩස්ට අසයින් කරලා තියෙන්නෙ. නේද මිශෙල්. මේ වගේ කේසස් දහයකටත් වඩා Solve කරලා තියෙන ඔයා දන්නවනේ මේක කොච්චර ලොකු එකක්ද කියලා."


"සොනා.. Let's go."


මිශෙල් සොනායාගේ එක් අතකින් ඇද්දත් සොනායා එක අඩියක් වත් නොසෙල් විය. ඒ වෙනුවට මිශ්කා සොනායා දෙසට පිය මැන්නාය.


"ඉතින්.. මට ඒකෙන් වැඩක් නෑනෙ. දැන් ඒ කේස් එක බාරව ඉන්නෙ මම. අනිත් අය මෙච්චර කාලයක් මොනාද කලේ, කොච්චරක් කරාද කියන එක මට අදාල නෑ මිස් මිද්දෙණිය."


"ඒ කේස් එක ඔයාට අසයින් උනේ මිශෙල් නිසා කියලත් මතක තියාගන්න. ඒ නිසා මම කැමතියි ඔයා මිශෙල්ට එකේක විකාර හින්ට් නොගහා......"


එකවරම මිශෙල් තමාගේ එක් අතක් සොනායාගෙ මුවට තද කලේ ඈ තවත් කියවන්නට උත්සහ කලොත් මෙය ඇය මිශ්කාට කරන තර්ජනයක් සේ ඇඟවෙන නිසායි.


"I'm sorry මිශ්කා. මෙයා ඔයා ගැන වැරදියට......"


"ඒකට කමක් නෑ මිස් ඇන්ඩර්සන්. ඒත් මම කැමතියි ආයෙමත් මෙහෙම දෙයක් නොවෙනවා නම්. ඒ නිසා ඔයාගෙ යාළුවටත් කියලා දෙන්න ඔයා වගේ මැනර්ස් හදාගන්න."


"Sorry for interrupting."


මිශෙල් එසේ කියද්දි මිශ්කා තමාගේ කලිසම් සාක්කු දෙකට දෑත් ඔබාගෙන එතනින් පිටව ගියාය. ඒ සමඟම නදුනිත් මිශෙල්ට හිස නවා එතැනින් ගියාය. තත්පර කීපයකට පසුව මිශෙල් සොනායාගෙ මුවට තද වී තිබූ අත ඉවතට ගත්තේ සොනායාගේ බ්ලේසරයෙන්ම ඇගේ අතේ තැවරී තිබුණු ලිප්ස්ටික් පැල්ලම පිස දමමිනි.


"උද්දච්ච @#$%&"


සොනායා ඈතට ගිය මිශ්කා දෙස බලාන මුමුණද්දී මිශෙල් සෝපානයට ගොස් 'Ground floor' බොත්තම එබුවාය. එසැනින් සොනායා විදුලි සෝපානයේ දොර වැසෙන්නට කලියෙන් ඒ තුලට රිංගා ගත්තාය.


"දැක්කද කතාව. විජයවර්ධන සර්ගෙ නංගිගෙ දුව කියලා තිබ්බ මහද්දත්තකම වැඩි වෙලා අලුතෙන් අසයින් කරපු කේස් එකෙන් පස්සෙ. ඒත් ඒකි මතක තියා ගන්න ඕනි ඒක හම්බුනේ තමුසෙ නිසා කියලා."


"සොනා.. ඔයාට එයා එක්ක පැටලෙන්න කිසිම හේතුවක් නෑ."


"කොහොමද මම පැටලෙන්නෙ නැතුව ඉන්නෙ. තමුසෙට හින්ට් ගහනකොට මට හිතෙන්නෙම ඕකිගෙ දත් ටික බඩට යන්න ශොට් එකක් දෙන්න. දැක්කද පොකට් වලට අත් දාගෙන ගියපු හැටි. දෙන්ඩ තියෙන්නෙ."


"මිශ්කාට මගෙත් එක්ක ප්‍රශ්නයක් තිබුණට මට මිශ්කා එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. So ආයෙ එයා ඉස්සරහා ඔහොම හැසිරෙන්න එපා. එහෙම උනොත් ඔයාට ආයෙමත් සදර්න් ප්‍රොවින්ස් වලට යන්න වෙයි."


"විජයවර්ධන සර් පවා මිශ්කගෙ ඔය ගතිගුණ වලට ආස නෑ ශෙලී. ඒ කෙල්ලට ඊලඟට ඔය තැන දෙන්නනෙ එයාටත් ඕනි. ඒකයි ඔය."


"අපිට ඒවා අදාල නෑනෙ. ඒ නිසා ඔයා ආයෙ මේවට ඉන්වෝල් වෙන්න හදන්න එපා."


"ඒ උනාට මට දෙකක් අනින්න ආසයි ඒ පෙට්ටි මූණට."


සෝපානයේ දොර විවෘත වෙද්දිම සොනායා එසේ කියද්දි මිශෙල් ඈ දෙස බැලුවේ තියුණු බැල්මකිනි. තත්පර දෙක තුනක් ඈ දෙස බලා සිටි මිශෙල් ඈටත් පෙර එයින් පිටතට ආවේ පිටවීමේ දොරටුවෙන් මෝටර් රථය අසලට යන්නට ය.


රාත්‍රිය උදා විය..


මිශෙල් වෙනදා මෙන්ම සඳලුතලයේ කවිච්චිය මතය. සිරුරට දැනෙන තෙහෙට්ටුව නිසාම ඇගේ දෑස් පිය වෙන්නට උත්සහ කලත් ඈ එය වලක්වා ගත්තේ තම දෑස් ඉදිරියේ තිබූ දුරකතන තිරයේ සජීවීව පෙනෙන තමාගේ මීලඟ ඉලක්කය දෙස බලාගෙන ය.


ඔහුව දෙඅත් සහ දෙපා හතරම මාංචු දමා කණු දෙකක් අතර සිර කර තිබුණි. මීට පැය ගණනකට පෙර ඔහුගේ ගෙලට අඩපණ වෙන්නට වැදුණු එන්නතේ බලය දැන් ටිකෙන් ටික අඩු වී යන නිසා ඔහු සිරවී සිටින තැනින් ගැලවීමට උත්සහ කරන්නේය. නමුත් එය කරන්නට අපහසු දෙයක් බව දන්නා මිශෙල් තිරයෙන් එය බලා සිටියේ මුවග සිනහවක් රඳවාගෙන ය. ඔහු මෙල්ල කිරීමට අපහසු එකෙක් බව මුල සිටම දැනගෙන සිටි නිසා ඇයට ඔහුව කොටු කරගැනීමට පිළියෙල කර තිබු සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සිදු වුණි.


"තමුසෙටත් මැරෙන්න වෙන්නෙ වේදනා විඳලම තමයි.. අශේන්.."


යැයි තමාට ඇසෙන හඬින් කියූ ඈ ඔහු දෙස අවසන් වරට බලා දුරකතනය ක්‍රියා විරහිත කර මේසයක් මතින් තැබුවාය. සඳලුතලයට පෙනෙන තද නිල් පැහැ අහසේ තමා කැමතිම තරු රටාව දෙස බලමින් ඈ කවිච්චිය මත දිගා වුණේ හිසකේ පසුපස අදිමිනි. පොරවා සිටින පීච් පැහැ දිගු කබායෙන් විනිවිද පෙනෙන ඇගේ ශරීරය කාමරය තුල වූ කුඩා විදුලි ලාම්පුවේ ආලෝකයෙන් කැපී පෙනුනේය.


වෙනදාට දිනකට එක් වරක් හෝ තිවේන්ගෙන් ලැබෙන කෙටි පණිවිඩය අද තමාට නොලැබුණු කාරණාවට ඇගේ සිතේ යම් තරමේ පුදුමයක් තිබුණි. ඇය ඔහුගෙන් කෙටි පණිවිඩ බලාපොරොත්තු නොවේ. නමුත් ඔහුගේ මේ හදිසි නිහඬතාවය ඇයට සැක සහිත එකක් වූවාය.


"ගුඩ් නයිට්.. ප්‍රසිඩන්ට්."


කාමරයේ ඇඳට එහා පසින් තිබු කොට්ටය මත නිදා සිටි බළලා දෙස බැලූ ඈ යලිත් අත් වැට දෙසට හැරී දෑත් එකට එකතු කර හිස යටට ගත්තේ, අද දිනයටම වෙහෙසකර වූ කොළ පැහැ දෑස් වලට විවේකයක් දීමටය.


පැය භාගයක් පමණ ගත විය..


රාත්‍රි එකොළහ හමාර පසු වෙද්දී ඇයට කවිච්චය මතම නින්ද ගොස් තිබුණි. එනිසා ඇයට වටපිටාවෙන් නැගුණු ශබ්ද ඇසුනේ නැත. මේ අතරතුරේ ඇගේ කාමරයේ දොරේ අගුල සෙමින් විවෘත වූයේ නිවසේ සිටි කාටත් හොරෙන් ය. ඒ ශබ්දයට ඇගේ සුරතලා නැගිට හිස ඔසවා බැලුවත් ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවිණි.


"......"


ඇගේ නින්දට බාධාවක් නොවන පරිද්දෙන් කාමරයට පැමිණි ඔහු දොර යලිත් වසා එහි අගුල දැමුවේය. බළලා ඔහු දෙස බලා යලිත් නිදාගද්දී ඔහු තම අත තිබූ දුරකතනය මේසය මතින් තබා, ශබ්දයක් නෑසෙන පරිද්දෙන් අඩි තබමින් ඇය නිදා සිටි කවිච්චිය ලඟට ගියේය.


කාගේ හෝ හෙවණැල්ලක් තමාගේ සිරුර වසාගත්තා සේ දැනුණත් ඇය දිගින් දිගටම දෑස් වසාගෙන සිටියාය. වෙනදාට කුඩා ශබ්දයක් වුවත් ග්‍රහණය කරගත හැකි ඇගේ සවන් අද ඔහුගේ සියුම් අඩි ශබ්ද වත් සටහන් කරගත්තේ නැත.


පීච් පැහැ කබායෙන් විනිවිද පෙනෙන ඇගේ සිරුර දෙස බලා සිටි ඔහුගේ සිත කීවේ කාන්තාවකගේ ශරීරය කෙතරම් දැකුම්කලුද කියාය. සෙමෙන් උඩ පහල යන ඇගේ ලැම, සඳලුතලයේ අත් වැට අතරින් හමා එන මද සුළඟෙන් සෙලවෙන ඇගේ කෙහෙරැල් දෙස බලමින් සිටි ඔහු කවිච්චියේ කොනක ඉඳ ගත්තේය. තවත් ඈ දෙස නිහඬව බලා සිටීමට නොහැකි වූ ඔහු ඇගේ සිහිනිඟ මත එක අතක් තැබුවේ, ඇගේ සිරුරේ රස්නය ඒ රළු අත් වලට දැනෙද්දියි.


තද නින්දක සිටියත් ඉනට දැනුණු ආගන්තුක ස්පර්ශය නිසා ඈ ගැස්සී කවිච්චියෙන් නැගිට්ටේ ක්ෂණිකවය. ඔහුගේ මේ පැමිණීම ඈ බලාපොරොත්තු වූයේ නැත. ඈ සිතුවේ ඔහුට ඔහුගේ රාජකාරිය අවසන් කරගන්නට තව දින කීපයක් වත් ගත වෙයි කියාය.


"නිදි නැද්ද ?"


ඇගේ කොළ පැහැ දෑස් දෙස බලමින් ඔහු හිස මදක් ඇල කර එසේ ඇසුවේය. වෙනදා මෙන්ම අදත් ඇය කලේ නිහඬව ඔහු දෙස බලා සිටීම පමණි.


"නැත්නම් මම ලඟ නැතුව නින්ද යන්නෙ නැද්ද ?"


කවිච්චියේ ඉඳගෙන සිටි ඇගේ ඉනෙන් අත දැමූ ඔහු ඇයව තමාගේ ලඟට ලං කරගත්තේ ඒ දිළිසෙන සිහින් දෙතොල් දෙස බලමිනි. ඇගේ කබායේ විවරයෙන් තුලට ගිය ඔහුගේ දෑඟිලි, ඒ සිරුරේ උණුහුම් තැන් සොයා ගියේය.


"හැමදාම මම විතරද කතා කරන්නෙ ?"


ඇගේ ගෙල මත දෙතොල් තද කල ඔහු ඇගෙන් ප්‍රශ්න කලේ පහත් හඬකිනි. නමුත් ඔහුගේ උණුසුම් දෙතොල් වල ස්පර්ශය හමුවේ ඇගේ දෑස් පිය වුණා පමණි.


"මම ඩිසිෂන් එකක් ගත්තා. ආයෙ මම තමුසෙව දාලා එච්චර දුර යන්නෙ නෑ."


ඇගේ දෙකලවා අතරට ඔහුගේ ඉන තද වී තිබුණි. එලෙසම ඔහුගේ දෑත් ඇගේ පිට මතත් කළවයක් මතත් රැඳී තිබුණි.


"ඔයාගෙ වැඩේ හරි ගියාද ?"


නිහඬ තත්පර කීපයකට පසු මිශෙල් ඔහුගෙන් එසේ ඇසුවේ තවත් නිහඬව සිටීමට තම හිත ඉඩ නොදුන් නිසායි. ඇගේ ඒ ප්‍රශ්නය හමුවේ ඔහුගේ ගැඹුරු නිල් පැහැ දෑස් වල සිනහවක් රැඳුණි.


"ඔව්.. අවුරුද්දකට පස්සෙ ප්‍රශ්නයක් නැතුව වෙපන්ස් ටික මෙහෙට ගෙන්න ගත්තා. දැන් තියෙන්නෙ ඒ ටික Warehouse එකට අරන් එන්න."


"එහෙ ඉඳන් ගේන්න පර්මිට් නෑනෙ ?"


"මගෙන් පර්මිට් අහන්න කවුරුත් එන්නෙ නෑ කියලා තමුසෙ දන්නවනේ. අනික......"


තමාගේ ඉන උඩ ඉඳගෙන සිටි ඇයව කවිච්චියේ කොට්ටය මතට තල්ලු කර, ඔහු ඇගේ ඉන දෙපස තමාගේ දෙකලවා වලට තද කරගත්තේ ඇගේ දෑත් එකට එකතු කර තදින් අල්ලා ගනිමින් ය.


"තමුසෙගෙ හිතේ අදහසක් තියෙනවද ඒ ටික පොලිසියට අල්ලලා දෙන්න ?"


........................................................... 🖤 ...


මේ වගේ හස්බන් කෙනෙක්ව කොහොමද එහෙම පොලිසියට අල්ලලා දෙන්නෙ 😪


ළමයි කතාව දෙන්න පරක්කු උනාට Sorry හොඳේ. මම Mentally අසනීප වෙලා හිටපු නිසයි මෙච්චර අමාරු උනේ වැඩේ. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන් යන්න අද. Next එපියෙන් ආයෙ නරක දෙයක් දාන්නම්. කතාවට ඕනෑවට වඩා එයිටීන් ප්ලස් ඒවා දැම්මම හරයක් නැතුව යනවා❗


Sachy Collins

Report Page