Miss. Anonymous - 10

Miss. Anonymous - 10

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


"මෙන්න තමුසෙගෙ මාෆියා හස්බන් කෝල් ගන්නවා."


මිශෙල් තමා අසලට එද්දී සොනායා ඇයට දුරකතනය දික් කරමින් කීවාය. නමුත් ඈ නොසිතූ පරිදි මිශෙල් දුරකතනය අතට ගෙන එය විසන්ධි කර මෝටර් රථයේ ඉදිරිපස ලොකර් එකකට දැමුවාය.


"හස්බන් ගන්න කෝල් එක ආන්ස්වර් කරන්නෙ නැත්තෙ ඇයි ?"


"මට මෙවෙලෙ එයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ."


තමා කියූ දේ කමකට වත් නොගෙන මිශෙල් එසේ කියමින් මෝටර් රථයට නගින්න ලැහැස්ති වෙද්දී සොනායා ඇගේ අතින් ඇද එය වැලැක්වුවාය. ඇගේ මේ හැසිරීම් සොනායා අකමැතිම දෙයක් ය.


"But he is your husband."


"ඉතින් ?"


"ඉතින් කියලත් අහන්නෙ. තමුසෙගෙ හස්බන් දුර ගමනක් ගිහින් ඉන්නෙ. ඉතින් එයාට එච්චර දුර ඉඳන් තමුසෙව මතක් උන වෙලාවට කෝල්ස් ගද්දි ආන්ස්වර් කරන්න බැරි ඇයි ?"


"මම වැඩක ඉද්දි කවුරුත් ගන්න කෝල්ස් ආන්ස්වර් කරන්නෙ නෑ කියලා ඔයා දන්නවනේ. ඒක එයාටත් එහෙමයි."


"ඉතින් දැන් තමුසෙ වැඩක නෙවෙයිනේ."


"Let's go සොනා."


"ශෙලී.."


මිශෙල් යලිත් මෝටර් රථයේ දොරට අත තබද්දී සොනායා එය වලකා ඇගේ දෙඋර මතින් අත් තබා ඇගේ මුහුණට ලං විය. මිශෙල්ගේ මේ හැසිරීමෙන් සොනායාට පෙනී යන්නේ තිවේන් හා ඈ අතර ඇති බැඳීමේ දුර්වල බවයි.


"තමුසෙ කිව්වා තමුසෙගෙයි තිවේන්ගෙයි අතර ප්‍රශ්නයක් නෑ කියලා. එහෙනම් ඇයි මෙහෙම හැසිරෙන්නෙ ?"


"අපි අතර ප්‍රශ්නයක් නෑ."


"නෑ නෙවෙයි තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාලා දෙන්නගෙ බැඳීම අතර. මට ඒක හුඟක් තේරෙනවා ශෙලී. තමුසෙ තිවේන්ව මැරි කලේ කැමැත්තෙන් නෙවෙයිද ?"


"එහෙම එකක් නෑ."


"මට මේකට විතරක් ආන්ස්වර් එකක් දෙනවා. තිවේන් තමුසෙට ආදරෙයි නේද ?"


මිශෙල් ඇගේ කොළ පැහැ දෑස් සොනායාගෙන් ඉවතට ගෙන ඈත තිබූ සුදු රෝස වැලක නිදහසේ සුලඟට වැනෙන මල් දෙස බැලුවා ය. සොනායා ඇසූ ප්‍රශ්නයට ඈ ලඟ පිළිතුරක් නැත. නමුත් ඇගේ සිත කියන්නේම තමා නොසිතූ පරිදි ඔහු තමාට බැඳී ඇති බවය. වචනයෙන් හෝ ආදරය ප්‍රකාශ නොකලත් ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කරන්නට උත්සාහ දරන බව ඇයට වැටහී තිබුණේ ඔහු මීට මාස ගාණකට පෙර දුර රටකට යන්නටත් පෙර ය.


"නැත්නම් තිවේන් තමුසෙව රිද්දනවද ?"


"නෑ.."


"එහෙනම් ඇයි තිවේන්ව ඔච්චර මගාරින්නෙ.."


සොනායා යලිත් ප්‍රශ්න කරද්දි මිශෙල් නිහඬව බලා සිටියේ සුදු රෝස මල් දෙසය. ඈට දැනුණේ සොනායා තමා අකමැති දේවල් අසමින් තමාව තවත් පීඩනයට පත් කරනවාක් මෙනි..


"ශෙලී.."


"මම කාවවත් මැරි කලේ නැත්තෙ මගෙ ටයිප් එක තාම හම්බවුනේ නැති නිසා. මට නැතත්, එදා ඔයා බ්‍රයිඩ් කෙනෙක් වෙලා ඉද්දි මට දැනුනෙ පුදුමාකාර සතුටක්. මම එදා හිතුවා ඔයා තිවේන් එක්ක ලස්සන, ශක්තිමත් බැඳීමක් හදාගනීවි කියලා."


"මැරි කරලා නැති උනාට මම දන්නවා හස්බන් ඇන්ඩ් වයිෆ් අතර තියෙන බැඳීම ගැන. හැබැයි මම දකින්නෙ නෑ ඔයාලා අතරෙ ඒක තියෙනවා. ඔයයි තිවේනුයි එකට ඉද්දි ඔයා එයාට ගොඩක් ඈතින් ඉඳන් කතා කරන්නෙ. ගන්න කෝල් එකක් ආන්ස්වර් කරන්නෙ නෑ. අඩුම දාන මැසේජ් එකක් වත් වෙලාවට බලන්නෙ නෑ. ඔයා එයාගෙ ඇස් දිහා බලලා කෙලින් කතා කරන්නෙ නෑ. ඒකෙන් කියන්නෙ ඔයා එයාට ආදරේ නෑ කියන එක."


මිශෙල් යලිත් සොනායා දෙස බැලුවාය. තමා කියූ දේ හමුවේ මිශෙල්ගෙ මුහුණද වෙනස් වෙන අයුරු සොනායා නිහඬව බලා සිටියාය. නමුත් එයටත් මිශෙල්ගෙන් වචනයක් වත් පිට නොවීය..


"තිවේන් තමුසෙට ආදරෙයි නම්, එයාට දැනෙනවා ඇති තමුසෙගෙ ආදරේ නැතුව එයා මේ බැඳීම ඇතුලෙ තනි වෙලා කියලා. තිවේන් කොච්චර හොඳ කොල්ලෙක්ද ශෙලී. එයා අනිත් මිනිස්සුන්‍ට නරක විදිහට සලකන බව ඇත්ත. ඒත් එයා කවදාවත් ඔයාව රවට්ටලා වත් රිද්දලා වත් නෑනෙ නේද."


"So.. මට ප්‍රොමිස් වෙනවා. තිවේන්ට හොඳ වයිෆ් කෙනෙක් වෙලා එයා එක්ක මැරෙනකම්ම සතුටින් ඉන්නවා කියලා."


මිශෙල් කල්පනාවක ය. නමුත් ඇගේ කොළ පැහැ දෑස් කලබලයෙන් මෙන් තැනින් තැනට මාරු වෙද්දී සොනායාට දැනුනේ තමා ඇයට බැඳීමක වටිනාකම ගැන කියන්නට ගත් උත්සහය යම්තාක් දුරකට සාර්ථක වුණු බවය.


"Okay.. I promise.."


තමා මෙයට පොරොන්දු නොවුනහොත් සොනායා අද දවසම මේ ගැන කියවමින් කල් ගෙවන බව දන්නා මිශෙල් එසේ කිව්වේ ඇගේ හිත හැදෙන්නටය.


"දැන්වත් යමුද ?"


යැයි කියූ මිශෙල් ඉදිරිපස අසුනක ඉඳගෙන දොර වසා ගත්තාය. එසැනින් සොනායාද රියදුරු අසුනට නැග මෝටර් රථය මහා මාර්ගයට දැමුවාය. නගරයේ උස් ගොඩනැගිලි අධිවේගී මාර්ගයට දැමූ පසු නොපෙනී ගියේ තැනින් තැන කඳු හා ගංගා මතු කරමිනි. එන්න එන්නම සූර්යයා පහල බසින නිසා ඒ වන විට අව් රශ්මියද අඩු වී තිබුණි.


"අද ගෙදර ගිහාම අනිවාර්යයෙන්ම කෝල් එකක් අරන් අහන්න එයාගෙ හිතේ තියෙන දේ. වයිෆ් කෙනෙක් උනාම එහෙමයි කරන්න ඕනි."


"හ්ම්.. ඔයා කියන දෙයක්."


"මම කියන දෙයක් නෙවෙයි. ඒක තමුසෙ හිතලමයි කරන්න ඕනි. මම නෙවෙයිනෙ තිවේන්ව බැඳ ගත්තෙ."


"හරි හරි."


"යැයි යැයි.. තමුසෙට තිවේන් එක්ක රෑට කරන ඒවා හොඳයි. දවල්ට ඒ මනුස්සයා ගන්න කෝල් එකක් ආන්ස්වර් කරන්න බෑ......"


මිශෙල් සොනායාගේ දෙතොල් වලට අතක් තබා ඇගේ කියවිල්ල නතර කලාය. නමුත් ඒ වන විටත් ඇගේ කම්මුල් රෝස පැහැයට හැරී තිබෙනු සොනායා දුටුවාය. ඒ හමුවේ ඇගේ දෙතොල් වල සිනහවක් රැඳුණේය.


........


රාත්‍රී අට පසු වී ගතවී ඇත්තේ මිනිත්තු කීපයක් පමණි. පොහොය ලං වෙන නිසා දිනෙන් දින සම්පූර්ණ වෙන සඳේ එළිය අද වෙනදාට වඩා දීප්තිමත් වී ඇත. ඇගේ කාමරයේ සඳලුතලයේ තිබූ දොර රෙදි ඒන්ජල් විල දෙසින් එන මඳ සුලඟට ඉහල පහල යන්නේ සැහැල්ලු වරාමල් සේය.


කැමතිම දේ පිළියෙල කර තිබුණත්, රෑ කෑම ප්‍රතික්ෂේප කල මිශෙල් සඳලුතලයේ කුඩා කවිච්චය මතින් ඉඳ ගත්තේ ස්ට්‍රෝබෙරි සුවඳ ආලේපනයක් අතැතිවය. හඳේ එළිය නිසා ඇගේ නිදන ගවුමෙන් නිරාවරිත වූ දෙකලවා හා පියයුරු දිළිසෙන්නේ වහලයේ එල්ලා තිබූ විනිවිද පෙනෙන පළිගු සහිත 'Suncatcher' එකටත් වඩාය.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකවරම ඇගේ ලඟ තිබූ දුරකථනයට ඇමතුමක් එද්දී ඈ එහි තිරය දෙස බැලුවාය. එහි සඳහන් නම දකිද්දී ඈට දැනුණේ තමාගේ උදරය තුල සමනලුන් පියාඹනවාක් සේයි. සවස සොනායා කියූ දේවල් මතක් වූ නිසා ඈට එම ඇමතුම මගාරින්නට හිතක් තිබුණේද නැත. ඒ නිසා ඈ එයට ප්‍රතිචාර දක්වා පසෙකින් තැබුවාය.


"Little strawberry.."


"මට තමුසෙව හැමවෙලේම මතක් වෙනවා ශෙලී. ලඟ නොහිටියත් තමුසෙගෙ ඒ හුරු පුරුදු සුවඳ මට දැනෙනවා."


"තමුසෙට ඒ වගේ මාව මතක් වෙන්නෙ නැද්ද... ම්ම් ?"


වෙනදා මෙන්ම ඈ නිහඬ ය. ඇගේ ඒ නිහඬතාවය ඔහුට දැනෙන්නේ තරු පිරි රාත්‍රියක හිස් වූ තණ බිමක තනිව සිටිනවාක් මෙන් හැඟීමකි. ඒ නිහැඬියාව කඩා දැමීමට නම් ඔහු ඈට ලංවිය යුතුමය.


"ඔයා සයිලන්ට් වෙන තරමට මගෙ කන් දෙකට ඒක අහන් ඉන්න අමාරුයි."


"හරියට නිකන්, මාව හිස් වුණ බිත්ති හයකට කොටු කරලා වගේ."


ඈ දුරකථනයේ තිරය දෙස බලාගෙන අත තිබූ බෝතලයද පසෙකින් තැබුවාය. ඒ වෙද්දී ඔහු ඇමතුම අරන් තත්පර හතලිස් හතරක් ගෙවී ගොස් ඇති බව තිරයේ සටහන් වී තිබුණි.


"ඔයා ගියපු වැඩේ කෙරුනද ?"


නිහඬ තත්පර කීපයකට පසු ඈ ප්‍රශ්න කලාය. දුරකථනයෙන් ගොරෝසු වී ඇසෙන ඇගේ කටහඬ ඇසෙද්දී ඔහුගේ මුවගේ සිනහවක් රැඳුණි.


"ඔව්.. රෂියා වලින් ගෙන්නපු වෙපන්ස් ටික අවුලක් නැතුව ලංකාවට ඇවිත්. මම ආවට පස්සෙ ඒවත් මෙහෙට එයි."


"හ්ම්."


"ඒක නෙවෙයි. අද තමුසෙ යාළුවා එක්ක Mount Lavinia ගියා නේද. මොකද උනේ ඒකට ?"


"ඒ මාෆියා ටීම් එකේ අය එන ක්ලබ් එකේ ඕනර් ඇරෙස්ට් කරා. තව කෙනෙක්ව Interrogation එකකට ගන්න තියෙනවා."


"ටීම් එකේ එකෙක් ගැන වත් විස්තර නැද්ද ?"


"අපේ ටීම් එකේ කට්ටියක් ලැබුණ ඉන්ෆොමේෂන් එකකට ප්ලේස් එකකට ගියා. ඒත් එතනින් අපිට කිසිම දෙයක් හොයාගන්න හම්බුණේ නෑ. කවුරු හරි කෙනෙක් අපිව අන්දන්න හදනවා."


"උන් එක එකා පාවා දෙන්නෙ නෑ. මරාගෙන මැරෙන්න උනත් රෙඩි උන් ඔතන ඉන්නෙ. මම ඊයෙ යන්න කලින් ගෙනාපු උන්වත් තාම ලියන්ගොල්ලට කිසිම දෙයක් කියලා නෑ. උන්ගෙ ලොකුම ටාගට් එක මම ශෙලී. උන්ට ඕනි මාව මරන්න. මගෙ වැඩ අවුල් කරන්න. උන් ඔයාලා එක්කත් සෙල්ලම් කරලා ඔය පෙන්නන්න හදන්නෙ උන් සේරටම වඩා පවර්ෆුල් කියලා."


"හ්ම්.. ඒක මට කලින්ම හිතුණා. අපි හැරෙද්දිම ඒ අයට ඩීටේල්ස් ගිහින් තියෙනවා. කොටින්ම කියනවා නම් CID එකෙත් ඉන්නවා, එයාලගෙ සල්ලි අතගාන අය."


"ඔයා ආයෙ Mount Lavinia යන්න එපා ශෙලී. චීෆ් ඔයාට යන්න කිව්වොත් මට කියන්න. මම ඒ ගැන බලා ගන්නම්. මොකද මාව ටාගට් කරන උන්‍ට ඔයා ඉත්තෙක් කරගන්න අමාරු නෑ."


"හ්ම්.."


ඈ යලිත් නිහඬ වී ආලේපනය ගෙන දෙපා වල ආලේප කරන්නට ගත්තාය. සෝෆාවේ කොනක තිබෙන දුරකථනයෙන්ද ඈට ඇසුනේ ඔහුගේ හුස්ම ඉහල පහල යන ශබ්දය පමණි..


"තමුසෙ ආසයිනෙ සී ශෙල් වලට. මම එද්දි අරන් එන්නම්. කොහොමත් මට හෙට එන්න වෙන්නෙ නෑ තමුසෙ ගාවට."


"හැබැයි අනිද්දා ආවම.. තමුසෙට දවසක්ම නිදි වරන්න වෙයි. ඒ නිසා දැන්ම ඇති වෙනකම් නිදා ගන්න."


සඳලුතලයේ සීතල එන්න එන්නම වැඩි වන බව දැනුණු ඈ නිදන ගවොමට උඩින් එහි කබාය පොරවා ගත්තේ ආලේපනයද පැත්තකින් තබමිනි. ටික වෙලාවකට පසු ඔහුගේ ගැඹුරු කටහඬ අසාගෙන ඈ කවිච්චිය මත වැතිරුණා ය.


"I want to do it so rough.."


"Put your hands together and hold them tightly.. Enjoy the smell of your body.. Put my lips on your b**bs.. And suck them hard.."


"Finally.. Spread your legs......"


ඔහුගේ එක් වචනයක් නෑර ඇගේ සිරුරේ තැනින් තැන හිරි වැටෙන්නට ගත්තේ ඈවත් නොසිතූ පරිදිය. ඈ දෑස් පියාගෙන වෙනත් කල්පනාවකට වැටුනේ තවත් ඔහු කියන දේවල් අසා සිටියහොත් තමාගේ රක්ත වර්ණ වුණු මූණෙන් පමණක් නොව වචනයෙන්ද ලැජ්ජාව පිට වන නිසායි. නමුත් ඈ ලැජ්ජා වූ බව දැනගත් නිසාදෝ ඔහු එකවරම නතර විය..


"I know.. තමුසෙගෙ මූණ දැන් ස්ට්‍රෝබෙරි ගෙඩියකට වඩා රතු වෙලා ඇති. මට තමුසෙව තවත් ලැජ්ජ කරන්න ඕනි නෑ."


"හැබැයි මතක තියා ගන්නවා. මං ඉස්සරහා ඕවට හුරු වෙන්න. මගෙ වයිෆ් හැටියට තමුසෙට ඒක Lifetime කරන්න වෙන එකක්. තේරුණාද."


ඔහුගේ වචන ඈ නිහඬව අසා සිටියා පමණි..


"තමුසෙ ටයර්ඩ් වෙලා ඇති. දැන් නිදාගන්න. හෙට උදේම මම ඩොක්ටර්ට Appointment එකක් දාලා තියෙන්නෙ. තමුසෙ ඩොක්ටර්ව මීට් වෙලා චෙකප් එකක් කරගන්නවා.. හරිද ?"


"හ්ම්.."


"Good Night.. My angel.."


"Good Night."


ඇමතුම අවසන් වූ පසු මිශෙල්ට දැනුණේ මුළු පරිසරයම නිහඬ වී ගියාක් මෙනි. ඇය කවිච්චියේ මුනින් අතට හැරී තමාගේ නිදහසේ තිබූ කොණ්ඩය එක් අතකින් පසුපසට ඇද්දේ වහලයෙන් එහාට පෙනෙන තරු පිරි අහස දෙස බලාගෙන ය. ඔහුගේ එක වචනයක් නෑර තමාගේ මානසිකත්වය වෙනත් අතකට ගෙන ගිය බව ඈට තේරුණේ ඔහු කියූ දේවල් මතක් වූ විටය.


'තිවේන්'


දෙතොල් නොසෙල්වුණත් ඇගේ සිත ඔහුගේ නම සෙමින් මිමිණුවාය. ඈට ඔහුගේ බිරිඳ වී දැන් වසරකට ආසන්න කාලයක් නොදැනීම ගොසින් ය. නමුත් ඔවුන් ඒ කාලයෙන් තුනෙන් එකක් වත් එකට සිටියේ නැත. හේතුව ඔහු හදිසියේම විදේශ රටවලට හා මෙවන් දුර ගමන් යන නිසායි. ඉතින් ඔවුන්ගේ සම්බන්ධතාවයේ තැනින් තැන වැඩිපුරම ඇත්තේ දුර්වලකම් පමණි.


"Who are you really."


සඳලුතලයට පෙනෙන, පන්දම් එළි දිය වූ ඒන්ජල් විලේ වතුරේ පැහැය ඇයට, ඔහුගේ දෑස් මතක් කර දුන්නේය. ඇය ඔහුගේ දෑස් කළු පැහැය නොවන බව දැන ගත්තේ ඔහු තමාට සැමියා ලෙසින් ලං වූ පළමු දිනයේ ය. එදා ඔහුගේ ඒ දෑස් තමාට අඟවන දේ අදටත් ඇයට තෙරුම් ගන්නට නොහැකි විය. ඔහු තමාව විවාහ කරගත්තේ ඔහුගේ වාසියකට බව ඇය සිතුවත්, ටිකෙන් ටික ඇයට පෙනී යන්නේ එය තේරුමක් නැති සිතුවිල්ලක් බවය. ඉතින් ඈ බලා සිටින්නේ ඔහු විසින්ම එය තමාට ඔප්පු කරන තුරුය..


........


"It's over.."


වෛද්‍යවරිය එසේ කියද්දී මිශෙල් ඇඳෙන් නැගිට ඉඳ ගත්තාය. ඊයේ ඔහු කියූ පරිදි ඇය වෛද්‍යවරිය හමුවීමට ගියේ ඔහුගේ වචනය නොසලකා හැරිය නොහැකි නිසායි. නමුත් මීට පෙර අවස්ථාවේදී කියූ දේ වෛදවරිය අදත් කියන බව ඈ හොඳින්ම දැන සිටියාය.


"මිශෙල් ඔයා ඔයාගෙ Meals මගාරින්න එපා. ඔයා බිසී කෙනෙක් බව ඇත්ත. ඒත් ඔයා හරියට කන්නෙ බොන්නෙ නැතුව ඔයාගෙ ඇඟ හරියට වෙහෙසවනවා. ඒක ඔයාට හොඳ දෙයක් නෙවෙයි."


"කන්නෙ නැතුව මෙහෙම වැඩ කරන්න ඔයාට කොහෙන් එනර්ජි එකක් ආවද කියලා මට හිතා ගන්න බෑ. මම උනා නම් ෆේන්ට් වෙලා වැටිලා."


වෛද්‍ය සෙනෙලිව ඈට සම්බන්ධ කර දුන්නේ තිවේන් ය. ඔහුගේ මවගේ පෞද්ගලික වෛද්‍යවරියද ඇයයි. සෙනෙලි මිශෙල්ගේ වෛද්‍යවරිය වුවත් මේ මාස හයටම ඈට මිශෙල්ගෙන් වචනයක් ගන්නට මිශෙල්ව ආශ්‍රය කරන අනෙත් අයට මෙන්ම මහත් වෙහෙසක් දරන්නට සිදුවුණි.


"මගෙ රිපෝට්‍ස් එන්න කොච්චර වෙලාවක් යයිද ?"


"Don't worry.. මම ඒ ටික ඔයාට එවන්නම් ආවම. මොකද තව පැයක් විතර යනවා රිපෝට්ස් එන්න."


"Okay."


මිශෙල් නිහඬව තමාගේ බෑගයත් රැගෙන කාමරයෙන් පිට වෙද්දී වෛද්‍යවරිය වියවුල් වී බලා සිටියාය. ඇයගේ හැසිරීමෙන් වෛද්‍යවරියට පෙනෙන්නේ ඇය තමාගේ ජීවිතය ගැන කලකිරීමෙන් ජීවත් වෙන අයෙකු ලෙසය. ඈ වැනි නිහඬ, ගුප්ත අයෙකු මීට පෙර සෙනෙලි දැක නැති තරම් ය. මෙවැනි වයසක සිටින අනෙකුත් ගැහැනු ළමුන් කෙතරම් උද්‍යෝගීද. ඔවුන් ඔවුන්ගේ මිතුරියන් සමඟ කෙතරම් විනෝද වේද. තමන්ගේ ජීවිතය විඳීවිද. නමුත් ඒ සියල්ලන්ටම වඩා මිශෙල් දහ ගුණයකට වඩා වෙනස් ය. සමහරවිට පරිණත මනසක් ඇති කෙනෙකු නිසා ඈ මෙහෙම හැසිරෙනු ඇතැයි කියා වෛද්‍යවරිය සිතුවාය.


"ශෙලී.."


වෛද්‍යවරියගේ කාමරය පසු කර ටික දුරක් යද්දී ඇයට ඇසුනේ හුරු පුරුදු කටහඬක් ඇති අයෙක් තමාට කතා කල බවය. ඉතින් ඈ හැරී බැලුවාය.


"ඩොක්ටර්ව මීට් වෙන්න ආවද ?"


සදෙව් ඇගේ ලඟට ආවේය. ඔහු වෛද්‍යවරයකු ලෙසට සුදු කබාය පැළඳ සිටින අයුරු ඈ දකින තුන් වන අවස්තාව මෙය ය.


"ඔව්."


"මම පළවෙනි වතාවට දැක්කෙ ඔයා ගවුම් අඳිනවා."


තමා කියූ දේ හමුවේ ඇගේ දෑස් මදක් විසල් වෙනු ඔහු දුටුවේය. දිගු අත් සහිත, සුදු පැහැ දිගු ගවුමක් ඇඳ සිටි ඇය, ඇගේ බ්ලොන්ඩ් පැහැ කොණ්ඩය පසුපසින් ගෙඩියක් ගසා තිබුණි. ඇගේ මේ පෙනුම ඈට නොගැලපෙන බව ඔහුට මොහොතකට සිතුණේය.


ශෙලීගෙ ගවුම 🤍✨️


"රිහාෂා ගැනයි කවින් ගැනයි ආරංචියක් නැද්ද සදෙව්."


ඈ එකවරම වෙනස් ප්‍රශ්නයක් ඇසුවාය..


"ඒක නම් දැන් පීක් එකටම ගිහින් තියෙන්නෙ ශෙලී. රිහාෂා මැරිලා ඇති කියලා මිශ්කා කිව්වා. එයාලා කුණු ගොඩක තිබිලා රිහාෂාගෙ ඇඳුම් ටික හොයාගෙන. ඒවාගෙ රිහාෂාගෙ හම් කොටස් එක්ක ලේ තිබිලා. කිලර් නම් අපි හිතුවට වඩා අන්තයි."


"කිලර් ගැන මිශ්කා හොයාගෙන නැද්ද ?"


"නෑ.. කිලර් Intelligent කෙනෙක්. එයා එයාව මොන දේකින් වත් අහු නොවෙන විදිහට වැඩ කරන්නෙ. අනික දැන් ඔය රිහාෂාගෙ ඇඳුම් ටික කුණු ගොඩකට ගෙනවිත් දාලා ඉන්වෙස්ටිගේටර්ස්ලාව නොමග යවන්න හදන්නෙ. මොකද මිශ්කා ඕක ගැන එවිඩන්ස් එකක් හොයන්න මුළු කුණු ගොඩම අවුස්සනවා කියලා දන්නවා."


මිශෙල් මද සිනහවක් සහිතව හිස සැලුවේ ඔහු කියූ දේට එකඟවය. නමුත් ඒ එක්කම ඈට මතක් වුණේ ඈ රිහාෂාගේ ඇඳුම් කුණු ගොඩට දැමූ ආකාරයයි. ඈ රිහාෂා සිර කර සිටි බංගලාවෙන් ඇගේ දෙමාපියන්ගේ නිවසට ගියේ රිහාෂාගේ ඒ ඇඳුම් රැගෙන ය. ඉන් පසු ඈ රිහාෂාගේ ඇඳුම්, තමාගේ මව එකතු කර තිබූ කුණු කවරයට දැමුවේ ටික වෙලාවකට පසු කුණු රැගෙන යන වාහනය එතැනට එන බව දන්නා නිසායි. එතනදී රිහාෂාගේ ඇඳුම් වෙනත් කුණු සමඟ මිශ්‍ර වෙන නිසා ඒවා මොන නිවසෙන් එකතු වූ ඒවාද කියා, පසුව සොයන විමර්ශකයින්ට සොයාගත නොහැකි බව ඈ දැන සිටියාය.


"ඒ කුණු ගොඩෙන් ‍රිහාෂාගෙ වෙන මුකුත් හම්බුනේ නැද්ද ?"


"මිශ්කා කිව්වෙ නම් හම්බවුනේ නෑ කියලා. එයාලා අපිට බාර දුන්නා රිහාෂාගෙ ඇඳුම් ටික තව චෙක් කරන්න කියලා."


"හ්ම්.."


"මිශ්කා ඒ නිසා ප්‍රෙශර් වෙලා ඉන්නෙ ශෙලී. එයා සර්ගෙන් බැනුම් අහනවා. ඊට පස්සෙ එයා අනිත් හැමෝටම බනිනවා. අදත් උදේම මාව මීට් වෙන්න ඇවිත් ඇඳුමෙන් තාම මුකුත් හම්බවුනේ නෑ කියලා මට රවලා ගියා."


"එයා එහෙම තමයි. ඊයෙත් මම සර් එක්ක කතා කර කර ඉද්දි මට රූම් එකෙන් යන්න කියලා නොකියා කිව්වා."


"මට තේරෙන්නෙ නෑ ශෙලී මේ වෙන දේවල් ගැන.. මිනිස්සුත් බනිනවා මේ රටට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අනික CID එකට බනින්නෙ පල පුරුදු අය නෑ කියලා. අපිටත් එහෙමයි. එහෙන් කිලර්ස්ලා, මාෆියා හැම තැනම. මේ යන විදිහට අපිත් කාගෙ හරි ටාගට් එකක් වෙන්න පුළුවන්."


"ඔව් ඔයා හරි."


"අනික කිලර්ස්ලා වැඩි වෙන තරමට මිනිස්සු අපරාධ කරන තරමට ඒ දිහා බලලා ඒවා කරන්න පෙළඹෙන අය වැඩියි."


"ඔව් ඒක හරි සදෙව්. ඒත් මේ කිලර් නම් ආසාවට මිනිස්සු මරන කෙනෙක් නෙවෙයි වගේ. එයා තෝර ගත්තු අයව මරනවා වගේ මට පේන්නෙ."


"ඔව් හැබැයි. මැරුණ නඳුන් හොඳ කෙනෙක් නෙවෙයි. එයාගෙ නංගි නෙතුකිත් අයියගෙ වැඩ හංගන කෙනෙක්. අනිත් අය කවිනුයි රිහාෂයි. ඒ දෙන්නත් එමමයි. ඉතින් ඒ අයගෙන් කිලර්ට වරදක් වෙලා ඇති කියලා මට හිතෙන්නෙ."


"එහෙම වෙන්න ඇති."


එකවරම ඇගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය. ඈ බෑගයෙන් දුරකතනය පිටතට ගෙන බැලුවේ තිරය දෙසය. එහි සඳහන් වචන කීපය දැක ඈ පුදුමයට පත් වුණි..


❝ කිලර්ස්ලා ගැන කතා කරා ඇති නේද. දැන් ගෙදර යන්න ❞


ඒ තිවේන් ය. ඔහු තමා සදෙව් සමඟ කතා කරන බව දැන ගත්තේ කෙසේදැයි කියා ඈ වටපිටට ඇස් යොමා බැලුවාය. එවිට ඈ දුටුවේ ඔවුන් දෙදෙනාට සෘජුව ඉහල බිත්තියක ඇති ආරක්ෂිත කැමරාවකි. තමා සිතුවාට වඩා ඔහු සමඟ එකට සිටීමට අපහසු බව ඈට සිතුණේ ඔහු තමා යන සෑම තැනක් ගැනම, කරන සෑම ක්‍රියාවක් ගැනම අවධානයෙන් සිටින නිසායි.


"අපි පස්සෙ කතා කරමු සදෙව්. මට ගෙදර යන්න ඕනි රෙස්ට් කරන්න."


"ආහ් ඕකේ ශෙලී.. ඔයා ගිහින් රෙස්ට් කරන්න."


ඈ ඔහුට හිස මදක් නවා රෝහලෙන් පිටතට ආවාය. එසැනින්ම ඇගේ රියදුරා මෝටර් රථය රැගෙන රෝහලේ ඇතුළු වීමේ දොරටු ලඟින්ම ඈව නංවා ගත්තේය. මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය පසු ඈ නිවසට ගියාය.


........................................................... 🖤 ...


🚫 රියැක්ට් කමෙන්ට් නම් හොඳටම මදි ළමයි. මම ලියන එක නවත්තන්න හදන එක සාධාරණ නැද්ද ඉතින් ?


තිවේන් එක්ක බැරි වෙයි අනිත් අයට එයාගෙ Little Strawberry ගෙඩියට ලං වෙන්න 🍓


ඔයිට වඩා නරක දේවල් ලියන්න මගෙ හිත ඉඩ දෙන්නෙ නෑ ළමයි. ඒ උනාට හිතුනොත් අර නවත්තපු තැන ඉඳන් කරන ඒවත් ලියනවා 🤧 කොහොමත් Next ep එකෙන් නරක දෙයක් බලාපොරොත්තු වෙන්න.


Sachy Collins

Report Page