Miss. Anonymous - Prologue

Miss. Anonymous - Prologue

Sachy Collins
🚫 Do not copy or share without author's permission


🚫 මෙහි එන නාමයන්, ස්ථානීය නම් හා අනෙකුත් සියල්ල මනඃකල්පිතයි..


ප්‍රමාණයෙන් විශාල පයිනස් ගස් වලින් දෙපස ආවරණය වූ පාළු මාර්ගයේ කළුවර හෙවත් ඝන අන්ධකාරය මැකුණේ සඳේ එළියෙනි. දහවලට වාහන කීපයක් හෝ දැකිය හැකි, නමුත් රාත්‍රියට කිසිඳු හැලහොල්මනක් නොමැති මාර්ගය පෙන්වූයේ ඉතාමත් පාළු ස්වරූපයකි..


නමුත් හදිසියේම මුළු මාර්ගයම එළිය කරමින් සුදු පැහැ එළියක් සහිත නවීන පන්නයේ මෝටර් රථයක් ඉදිරියට ඇදුනේ පාර දෙපසම තිබූ දුඹුරු පැහැ නොබර වියලි කොළ ක්ෂණිකව සුලං රොදට දෙපසට විසි වන ලෙසිනි.


Don't make me sad..


don't make me cry..


Sometimes love is not enough..


And the road gets tough..


I don't know why..


තමා ඇදෙන මාර්ගය කුමක්ද කියලා වත් නොදැන, මෝටර් රථය පදවන නෙතුකි රේඩියෝ එකෙන් තමාගේ කනට ඇහෙන ඒ ගීතයට සවන් දුන්නේ ඒ ඇගේ ප්‍රියතම ගායිකාව වූ 'Lana' ගේ හඬ නිසායි..


"ඇයි එයා මට මෙතෙනට එන්න කිව්වෙ."


ඈ මාර්ගයේ පාළු ස්වරූපය දෙස බලමින් එසේ කල්පනා කලාය. මග දුරක් යන විට ඇය දැක්කේ මීටර් පනහක් පමණ ඈතින් නවත්වා තිබෙන රතු පැහැ 'volkswagen beetle' වර්ගයේ පැරණි මෝටර් රථයකි.


"Oh.. What is it."


ඇය පුදුම වුණේ මෙවැනි වේලාවක මෙතරම් පාළු මාර්ගයක තිබෙන ඒ කුඩා මෝටර් රථය දැකය. සුළුවට හෝ බියක් දැනුනත් ඇගේ සිත කීවේ ඒ මෝටර් රථය අසලට ගොස් එහි සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමටය. නෙතුකි ඇගේ මනසට අවනත වී තම මෝටර් රථය ඒ රතු පැහැ පැරණි වොක්ස්වැගන් මෝටර් රථයට මීටර් පහක් පමණ තබා නැවැත්වුවාය..


"Do you need any help ?"


එසේ කියමින් නෙතුකි මෝටර් රථයෙන් පිටතට ආවේ තමාගේ ටී කමිසය හදමින්. රතු පැහැ පැරණි මෝටර් රිය පිටුපසින් කිසියම් කෙනෙකු සිටගෙන සිටින ආකාරය ඈ දුටුවාය.


"Hello."


කළු පැහැ 'Bodycon dress' වර්ගයේ දිගු ගවුමකින් හැඩ වුණ යුවතියක් මෝටර් රථයේ පිටුපස කොටසට දෑත් තබාගෙන හිස පමණක් තමා දෙසට ඔසවන් සිටිනු නෙතුකි දුටුවාය.


"Thank god.. මම හිටියේ ඔයා එනකම්.. නෙතුකි.."


ඇගේ කටහඬ පැහැදිලිය. එලෙසම ඒ හඬ කිසිවෙකුටත් නැති අද්විතීය හඬකි. නෙතුකි ඇගේ මෝටර් රථය ආසන්නයටම ගොස් හඳේ එළියෙන් පෙනෙන ඇගේ රන් පැහැයට හුරු ශරීරය දෙස බැලුවාය.


"ඔයා මගෙ නමත් දන්නවද ?"


ඒ කළු පැහැ අත් පටි ගවුමට ඇගේ පිරිපුන් සිහින් සිරුර කැපී පෙනෙන අයුරු නෙතුකි දුටුවාය. ටික වේලාවකින් ඒ යුවතිය නෙතුකි දෙස ඇගේ හිසත් පැත්තකට ඇල කර බැලුවේ නෙතුකිගේ සිතේ බයක් ඇතිවෙන පරිදියි.


"ඔව්.. ඔයා එනකම් මයි මම හිටියේ."


යුවතිය එසේ කියද්දි නෙතුකිට සිතුනේ තමා මෝටර් රථයේ ආලෝකය නිවා දමා කලේ අපරාදයක් බවයි. හේතුව නම් නෙතුකිට ඒ යුවතිය කව්ද කියා පැහැදිලිව නොපෙනෙන නිසායි. හඳ එළිය නිසා අපහැදිලිව පෙනෙන ඇගේ රුව නිවැරදිව දකින්නට නෙතුකි ඒ මේ අතට හිස හැරෙව්වාය.


"මං එනකම් හිටියා.. ඒත් ඔයා කව්ද ?"


"මං ඔයාට කිව්වෙ නැද්ද කෝල් එකෙන් ?"


ඒ යුවතිය එසේ කියද්දි නෙතුකිගේ මතකයට ආවේ මීට පැයකට පමණ පෙර තමාට නිර්ණාමික කාන්තාවකගෙන් ලැබුණු දුරකතන ඇමතුමයි. එහිදී ඈ තමා සමඟ කතා කර North Woods නගරයේදී හමුවීමට අවශ්‍ය බව කියූ නිසා නෙතුකි ඒනජල් විල අසලින් ගොස් පයිනස් වතු මැදින් දිවෙන පාළු මාර්ගයට ඇතුළු වූවාය.


නෙතුකි තම අත තිබූ දුරකථනයේ තිරය දෙස බැලුවාය. එවිට ඈ දුටුවේ තිරයේ ඉහල කොනක සඳහන් වෙලා තිබූ, දුරකථනයට සිග්නල් නොමැති බව පෙන්වන කතිර ලකුණ ය. මීට දින කීපයකට පෙර ඇගේ සහෝදරයාද ඈටවත් ඇගේ මවටවත් නොකියා හිටි හැටියේම අතුරුදන් විය. සමහරවිට තමා ඉදිරියේ සිටින මේ යුවතියට, ඔහු දැන් සිටින්නෙ කොහේදැයි කියා තොරතුරක් දන්න නිසා තමාව හමුවිමට අවැසි වූවා යැයි ඈට සිතුණි.


"ඔයා මගෙ අයියා ගැන කියන්නද ආවෙ ?"


"What.. මේ මම.. අනේ නෑ.."


ඇය නොසෙල්වීම සිනහවකින් එසේ කීවාය. නිර්ණාමික යුවතියගේ හැසිරීම් හමුවේ නෙතුකිට පෙර දැනුණාට වඩා බියක් දැනෙන්නට පටන් ගත්තාය.


"එහෙනම් ඔයා කව්ද ?"


"මම ආවෙ ඔයාව මරන්න."


ඇය එසේ කියද්දි නෙතුකිට දැනුණේ තමාගේ හුස්ම සිර වෙමින් පපුව හැකිලෙනවා සේය. මුළු ශරීරයම වෙනස්ම ශීතලකින් වසා ගද්දී නෙතුකි තමාගේ නොසන්සුන් සිත පාලනය කරගන්නට පපුව මතින් අතක් තබා ගත්තාය.


"Am I joke to you ?"


"No. I said what I wanted to say."


නිශ්ශබ්ද වූ පාළු මාර්ගය දිගේ වැටුණු වියලි කොළ 'සිලි සිලි' ශබ්දයෙන් පාවී ගියේ හදිසියේම පැමිණි සුලං රොද නිසායි. පයිනස් ගස් වලින් වැටුණු දුඹුරු පැහැ සිහින් අතු නෙතුකිගේ ඇඟ මතටත් වැටුණේ ඇයව තවත් බිය වද්දමින්.


තවත් තත්පර කිහිපයක් ගත වෙද්දි මෝටර් රථයේ පිටුපස දෑත් තබා සිටි ඒ යුවතිය, මෝටර් රථය පසු කර අඩි කීපයක් ඉදිරියට පිය නැගුවාය. ඇගේ කළු පැහැ අඩි උස යුගලය 'ටක් ටක්' නාදයෙන් දෙතුන් වතාවක් බිම ගැටෙන හඬ නෙතුකිට ඇසුණි.


"නෙතුකි.. ඒක ලස්සන නමක්.. ඒ වගේම ඔයත් ලස්සනයි.. නෙතුකි.."


ඇගේ බ්ලොන්ඩ් පැහැ කඩාහැලෙන කොණ්ඩයත්, කොළ පැහැ දෑසත් නෙතුකි අඬ අඳුරේ දුටුවාය. නමුත් ඇගේ මුහුණ සම්පූර්ණව නෙතුකිට පෙනුණේ නැත. විදේශීය කාන්තාවකට හැඩහුරුකම් කියන ඇය හොඳින් සිංහල කතා කිරීමත් නෙතුකිට ප්‍රශ්නයක් විය.


"ක..කව්ද ඔයා ?"


නෙතුකි තමාගේ අඩිය සෙමින් සෙමින් පිටුපසට තැබුවාය. ඒ සමඟම යලිත් ඇයට ඇසුනේ ඒ නිර්ණාමික යුවතියගේ අඩි උස යුගලයේ ශබ්‍දයයි. එයින් නැගෙන 'ටක් ටක්' නාදයට අමතරව යකඩ බටයක් වැනි දෙයක් බිම දිගේ ඇදීගෙන එන හඬකුත් ඇයට ඇසුණි.


"As i said before.. I wanna kill you."


නොනවතින ඇගේ පාවහන් යුගලයේ ශබ්දයත් ඈ කතා කරන ආකාරයටත් බියට පත් වූ නෙතුකි පසුපස බලමින්ම මෝටර් රථය ආසන්නයට දිව්වාය. ටිකෙන් ටික තමා අසලට ලං වන යුවතිය දෙස බලමින්ම ඇය කලබලයෙන් මෝටර් රථයේ දොර විවෘත කරන්නට උත්සහ කලාය. ඒත් ඇගේ උත්සහය නිශ්පල වුණේ රථයේ ඉදිරිපස දොර අගුල් වැටී තිබුණු නිසාය.


"No no.. Don't kill me.. Please.."


ඇය දොර විවර කරන්න කෙතරම් උත්සහ කලත් ඇයට ඒ දේ කරන්නට ලැබුණේ නැත. ජීවිතය බේරා ගැනීමට අවැසි නිසාම ඇය වෙනත් අතක් බලා දුවන්නට සිතුවාය.


"Ohh.. Do you wanna run away ?"


නිර්ණාමික යුවතිය සිනහා වෙමින් එසේ කියද්දි නෙතුකි මෝටර් රථය ස්පර්ශ කරමින් පියවරෙන් පියවර පිටුපසට ගියාය. තමා සිතූ දේ ඇය තත්පරයක් ගෙවෙන්නත් කලින් දැන ගත්තේ කෙසේද කියා නෙතුකිට සිතා ගත නොහැකි විය.


"Okay then.. Run as fast as you can."


නන්නාඳුනන ඒ යුවතිය එසේ කියමින් තමා ලඟට පිය මනිද්දී, නෙතුකි පිටුපස හැරුණේ එතැනින් දුවන්නට සිතාගෙන ය. නමුත් ඇය පියවරක් ඉදිරියට තබද්දිම දැනුණේ යකඩ බටයක් තමාගේ කකුලේ වේගයෙන් වැදුණු බවයි.


නෙතුකි කෑ ගසමින් බිමට වැටුණේ ඇගේ කකුල වැදුණු පහර හේතුවෙන් කකුල රිදුම් දුන් නිසායි. ඒ පහර දරුණු නිසා නෙතුකිට යලි නැගිටින්න අපහසු විය.


දැනුණු වේදනාව අතරින් නෙතුකිට ඇසුනේ නිර්ණාමික යුවතියගේ අඩි උස යුගලය යලිත් බිම ගැටෙන හඬයි. නෙතුකි හිස ඔසවා බලද්දී, පාදාන්තය ලඟම නැවතුණු ඇය යකඩ බටය යලිත් බිමට ස්පර්ශ කලාය.


"Oh my poor bae.. Did I hurt you so much ?"


කඳුළු වලින් බොඳ වූ දෑසින් නෙතුකි ඒ යුවතියගේ මුහුණ හරි ආකාරයෙන්ම දුටුවාය. අඩි පහමාරකටත් වඩා උස ඇයව ඇගේ මුහුණෙන් හඳුනගන්න නෙතුකිට වැඩි වේලාවක් ගත වුණේ නැත.


"ඔයා.."


"Yes.. It's me."


දෙපා උඩ ඉඳ ගනිමින් ඇය එසේ කියද්දි නෙතුකිට දැනුණේ තමාගේ පෙනීම බොඳ වී යන බවය. ටික වේලාවක් ගත වෙද්දී නෙතුකි මාර්ගයේ වැතිරුණේ සිහි නැති වූ නිසායි.


"You did it perfectly.."


නෙතුකිගේ නිශ්චල වුණ සිරුර දෙස බලමින් ඇය තමාටම එසේ කියමින් නැගිණි. පාළු මාර්ගයේ නිහඬතාවය බින්දේ සුලඟ නිසා සෙලවෙන පයිනස් අතු වල ශබ්දය පමණි. නමුත් තත්පර කීපයකට පසු යුවතියගේ අඩි උස යුගලයේ හඬ යලිත් ඒ අතරට එකතු වූයේ ඇය ඇගේ රතු පැහැ මෝටර් රථය ලඟට ගිය නිසාය.


මෝටර් රථයේ පිටුපස දොරක් විවෘත කල ඇය සන්සුන්ව හිස හරවා බැලුවේ බිම වැටී ඇති නෙතුකිගේ නිසල ශරීරය දෙසය.


"I will do to you what you have done to me."


........................................................... ♥️ ...


මේක කිලර් & රොමෑන්ස් දෙකම මික්ස් උන කතාවක් ළමයි. මේකෙ ඉන්න ගෑනු ළමයා වසන්තය තව දුර ඇති එකේ මින්දිට වඩා හාත්පසින්ම වෙනස් කියලා ඔයාට තේරෙයි කාලයක් යද්දි. හැබැයි ඒ දෙන්නගෙ සමානකම් නැතුවමත් නෙවෙයි 😁


කියවපු හැමෝම රියැක්ට් & කමෙන්ට් එකක් දෙන්න. වැඩත් අසනීපත් අතරෙ ඔයාලට කතා දෙනවට මං වෙනුවෙන් වගේම කතාව වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ඒ දේ නේ ♥️🌹


එහෙනම් අපි Episode 01 වලින් හම්බවෙමු❗එතකන් අලුත් කතාවෙ ගෑනු ළමයා නිර්ණාමිකයි..


Sachy Collins

Report Page