Magical love ❤️

Magical love ❤️

❤️❤️



අනවසරයෙන් උපුටා ගැනීම, වෙනත් සමාජ මාධ්‍යයක පලකිරීම සපුරා තහනම්.



පෙර කොටසට

https://telegra.ph/Magical-love-01-05



~දෙවෙනි මායාව~



"නුරාන් වරෙන් යන්න...."




"කොහෙද...."




මද වෙලාවකට පසුව නැවතත් පැමිණි ආදිගෙන් නුරාන් ඇසුවා.....




"හිල්ක්ලබ් එකට.....පෝස්ට් මෝටර්ම් එක එනකන් එවිඩන්ස් ටික ගන්න ඕනෙ....."



එසේ පවසමින් ඔහු පිටව ගියෙ නුරාන්ද ඔහු පසුපස එනවිට....



පැය භාගයක් වැනි කෙටි කලකින් ඔවුන් දෙදෙනාට අපරාධය සිදුවූ ස්ථානයට යාමට හැකිවිය....



ඔවුන් එහි යනවිටත් සෙසු පොලිස් නිලධාරින් තම රාජකාරිය ඉටුකරමින් සිටියෙ අධිලාෂ් මෙන්ම නුරාන්ටද සිය කටයුතුවලට පහසුවක් ගෙනදෙමින්....



"සර්....."



අධිලාෂ්ව දුටු වහාම සියලු දෙනා තම කටයුතු පසෙකලා ඔහුට ආචාර කලා....



"චනුක්....සැක හිතෙන මොනාහරි හම්බුනාද...."



අපරාධය සිදුවූ කුටිය පිරික්සමින් සිටි තරුණ නිලධාරියෙකුගෙන් අධිලාෂ් ඇසුවේ ලැබෙන පුංචි ඉඟියක් හෝ සියලුදෙනාටම පාහේ මේ මොහොතේදී වැදගත් වන නිසා.... 



"නෝ සර්....අපිට ලේ පැල්ලම් හැරෙන්න තවම වෙන කිසි දෙයක් හොයාගන්න බැරි උනා...."



චනුක් නම් වූ නිලධාරියා අධිලාෂ් වෙත එමින් එසේ පැවසුවේය....



සවන වැකුණු වහාම ආදි කෙටි කල්පනාවකට වැටුණා....



නමුත් යමක් නැවත මතකයට නැගුණා සේ ඔහු පියවි සිහියට පැමිණියේ නුරාන් දිහාවට බැරෑරුම් මුහුණක් මවාගනිමින්....



"නුරාන්....මෙතන මැනේජර්ව කන්ටැක්ට් කරගන්න ඕනෙ....පුළුවන් තරම් ඉක්මනට....."



"හරි....විනාඩි පහක් දියන්...."



එපමණක් පවසා නුරාන් පහත මාලය දෙසට පියනැගුවා....



ඔහු ගිය වහාම ආදි සැක හිතුණ සියලු ස්ථානයන් පිරික්සීමට පටන්ගත්තා....



විනාඩි පහකටත් පමණ අඩු කාලෙකින් හෝටලයේ විධායක කලමනාකරු සමඟින් නුරාන් නැවත පැමිණියා....



"මිස්ටර් දම්මික....මෙතන සීසීටීවී ෆුටේජ් ටික මට ගන්න පුළුවන්ද.....ඊයේ උදේ ඉදන් අද පාන්දර වෙනකන්...."



මැදි වියේ පුද්ගලයා දිහාවට යොමුවෙමින් ආදි ඇසුවා....



තරුණ නිලධාරියෙක් වූ ආදි තම නාමයෙන් අමතන විට තරමක පුදුමක් දැනුනද එය පසෙකලා නාදුනන පුද්ගලයා හඬ අවදි කලේ නව ස්ථානාධිපති ඉතාමත් දක්ෂ සූක්ෂම පුද්ගලයෙකු බවට පෙරදී සවන වැකුණු නිසා....




"හරි සර්....සර්ට ඒ ටික නම් ගන්න පුළුවන්....ඒත් සර් මේ රූම් එකට එන කොරිඩෝවේ සීසීටීවී කැඩිලා දැන් සතියකට විතර කලිං...ඒ ටික නම් ගන්න බැරිවෙයි සර්...."




"ම්ම්ම්....හරි කමක් නෑ ....අනිත් ටික ගන්න පුළුවන් වෙයිනෙ...මොනවා නැතත් ඔයාලගෙ වගකීමක් ඒක හදාගන්න එක...."




නුරාන් දිහාද බලමින් තරුණයා පැවසුවේ තරමක නොරිස්සුමකිනි....




එය වඩාත්ම වැටහුණු නිලධාරියා ඔහු ඇසූ අනෙක් සියලු පැනයන්⁣ට යටහත් පහත් ලෙස පිලිතුරු දුන්නා.... 




"සාමාන්‍යයෙන් ඔයාලගෙ ස්ටාෆ් එකෙ කීදෙනෙක් විතර ඉන්නවද ...."



මද වෙලාවක සාකච්ඡාවකින් අනතුරුව ඔහු කලමනාකරුගෙන් ඇසුවා.



"සර් හොටෙල් එකෙයි ක්ල්බ් එකෙයි ඔක්කොම 150 විතර සේවකයො ඉන්නවා....තව එහාපැත්තෙ කැෆටේරියා එකෙත් 10 දෙනෙක් වගේ වැඩ කරනවා සර්...."




"හරි මිස්ටර් ධම්මික ඔයාට යන්න පුළුවන්....අපිට සීසීටීවී ටික බලන විදිහක් ඇරෙන්ජ් කරලා දෙන්න පුළුවන් ඉක්මනටම....අනික ඊයෙ ක්ලබ් එකෙ හිටපු ස්ටාෆ් එකෙ අයගෙන් කටඋත්තර ගන්න ඕනෙ....නුරාන් ඒ ටික පොඩ්ඩක් බලපන්..."



නුරාන් දෙසට ⁣හැරුණු තරුණයාගෙ විධානයට ඔහු හිස සැලුවේය. 



හෝටල් කලමනාකරුද ඔහුගෙ විධානයෙන් පිටව ගියා....



අනතුරුව අන් නිලධාරින් සමග එක්ව අධිලාෂ්ද මරණය සිදුවූ කු⁣ටියෙහි සාක්ෂි සොයන්නට පටන්ගත්තා.....





........................................




"අනෙ දෝණි.....ඔයාට අවුලක් නෑ නේද...."




විශාඛා නෙතූව වැලදගනිමින් ඇගෙන් සුව දුක් විමසුවා....




"නෑ මමී....එතන හිටපු අලුත් ඔෆිසර් මාව රිලීස් කරන්න බෑ කිව්වා...ඒත් ඩැඩී කොහොමහරි මාව රිලීස් කරගත්තා....මට මහන්සියි මමී....මං රූම් එකට යනවා...."



"හරි දෝණි....ඔයා වොෂ් එකක් දාගන්න....මං සෝමාට කියන්නම් රූම් එකට ෆෘෘට් ජූස් එකක් හදාගෙන එන්න කියලා...."



විශාඛා එසේ පැවසූ විට හිස වනා සිනාසෙමින් නෙතූ ඉහල මහලට පියනැගුවා....



"මං තේකක් හදාගෙන එන්නද ජගත්...."



විශාකා ව්‍යාකූල වූ ජගත්ගෙ වත දිහා බලාගෙන ඇසුවා....



"එපා විශාඛා....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ...."



සාලයෙහි වූ සුවපහසු සෝපාවෙහි ඔහු අසුන්ගත්තා....



ජගත් පැවසූ දෙයින් කුතුහලයට පත් විශාඛාද ඔහුට යාබදව හිදගත්තෙ තම සැමියාගෙ වෙනස් වෙන වත දිහා බලමින්....



"මොකද උනෙ ජගත්....මර්වින් අයියගෙ පුතාව නේද මරලා තියෙන්නෙ...."



කලබලයෙන් ඒ මේ අත දිවෙන නේත්‍රයන් නිරීක්ෂණය කරමින් ඈ තම පැනය විමසුවා...



"ම්ම්ම්....කොල්ලට වද දීලා මරලා තියෙන්නෙ ආරංචි විදිහට....ඒත් වැඩේ කියන්නෙ අපේ කෙල්ල තමයි අන්තිමේට කොල්ලත් එක්ක ඒ පැත්තට ගිහිං තියෙන්නෙ....ඒකයි දෝණිව ඇරස්ට් කරලා තියෙන්නෙ මර්ඩර් එකට සැකපිට....."



කෙටියෙන් තමා දත් සියල්ල ඔහු පැහැදිලි කලා.....



"අනෙ ජගත් අපේ දෝණිට මොකක්හරි ප්‍රශ්නයක් වෙයිද ඉස්සරහට...."




"දැනටනම් එහෙම වෙන එකක් නෑ...ඒත් ටික දවසක් යනකන් කෙල්ලට කොහෙවත් යන්න දෙන්න එපා....මොකද වීරේ කේස් එක උසාවි නොදා ක්ලෝස් කලාට අලුතින් ආපු ඕ අයි සී කාරයා මේක අතාරින පාටක් නෑ....ඌ පොඩි වොර්නින් එකකුත් අපිට දුන්නා එනකොට...."



දෑත් එකිනෙක පටලවා දෑඟිලි පිරිමදිමින් ජගත් වීරසිංහ පැවසුවේ යමක් සිතෙ තබාගෙන....



තම සැමියා ගැන වඩාත් හොඳින් දන්නා විශාඛා හිස වනා ඔහු⁣ගෙ බසට එකඟ විය....



"හරි ජගත්....මං ඒක ගැන බලාගන්නම්....ඒත් ඔයත් පොඩ්ඩක් දෝණිට කියන්න....මොකද එයා මං කියන දෙයක් අහන්නෙ නෑ....මදැයි ඔයින් ගියා තව ඩිංගෙන් අපෙ නම්බුවත් ඉවරයි...."



නිකටට අතත් තබාගෙන විශාඛා පැවසුවේ ජගත්ගෙ අවධානයද ඇය වෙතට යොමුවන විටදී....



ඔහුටත් සිතුනේ එය සැබෑවක් බව....මන්ද ඉ⁣දිරියේදී පැමිණෙන චන්ද කටයුතු වලට මෙමගින් යම් හානියක් සිදුවුවහොත් ඒ පාඩුවද දරාගත යුත්තේ තමන් විසින්මයි....ඒ නිසා තම සඟයා වූ උතුරු පලාත් සහකාර අධ්‍යක්ෂක චානක්‍ය වීරසිංහගෙන් මේ ගැටලුව විසදීම⁣ට සහය පැතීම ගැන ඔහු තමා පිලිබදව සතුටට පත්වූවා....



" ඒක නෙමෙයි කොහෙද ඔය ආපු ගමන්ම යන්න ලෑස්ති වෙන්නේ...."



කඩිමුඩියේ නැවතත් එලියට යන්නට සැරසෙන ඔහුගෙන් විශාකා ඇහුවේ කුතුහලයෙනි....



"මං යනවා මර්වින්ලගේ ගෙදර....මං ඌට කතාකලා විස්තර ගැන කියලා....හේශානිලා ෆ්‍රෑන්ස් ගිහිං අදලු එන්නෙ. ⁣එතන වැඩ ටික පොඩ්ඩක් හොයලා බලලා එන්නම්....කොහොමත් මර්වින්ගෙ උදව් සෑහෙන්න ඕන වෙනවා ඉස්සරහට...."



එසේ පවසමින් ඔහු තම අධි සුඛෝපභෝගී ජීප් රථයට නැඟ පිටව ගියා....ටික වෙලාවක් එදෙස බලා සිටි විශාඛා සෝමා සොයාගෙන මුළුතැන්ගෙය වෙත පියමැන්නා.....





........................................



මූලික පරීක්ෂණවලින් අනතුරුව අධිලාෂ් හා නුරාන් රෝහලට පිටව ගියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සදහා....



පැය භාගයක පමණ වූ ප්‍රමාදයකින් අනතුරුව තරුණ වෛද්‍යවරියක වූ නිසංසලා වෛද්‍ය වාර්තාවද රැගෙන ඔවුන් අසලට පැමිණියා....



"වාඩිවෙන්න ඔෆිසර් අධිලාෂ්...."



ඇයගෙ විධානයට අනුව තරුණයන් ⁣දෙදෙනාම කාර්‍යාලීය අසුන්වල හිදගත්තා....



"මෙහෙමයි ඔෆිසර්....."




"අධිලාෂ් සමරනායක....."



මද සිනහවක් පාමින් ආදි පිලිතුරු දුන්නා....



ඔහුගෙ පිලිතුරත් සමඟම වෛද්‍යවරිය කතාවට මුල පිරුවා....



"මෙහෙමයි ඔෆිසර් අධිලාෂ්....මේ මර්ඩර් එක හොදට ප්ලෑන් කරලා කරපු එකක් කියලා කියන්න පුළුවන්....මොකද බොඩි එකේ තියෙන හැම ඩැමේජ් එකක්ම ඉතාම සියුම්ව සූක්ෂමව කරලා තියෙන්නෙ....ඒ වගේම මේක මොකක්හරි පලිගැනීමකට කරපු මර්ඩර් එකක්...."



අසුනෙහි ඉදිරියට එමින් ඈ පැවසුවේ තරුණයන් දෙදෙනා මුහුණට මුහුණ බලාගන්නා විට....



"පලිගැනීමක් කියලා හරියටම කියන්නෙ කො⁣හොමද ඩොක්ටර්....."



කුතුහල⁣ය මුසු හඬකින් නුරාන් ඇසුවේ ආදිගෙ හිතෙ කැකෑරුණු ප්‍රශ්නය....



ඊට මද සිනහවක් පාමින් වෛද්‍යවරිය අසුනට බරවුණා...



"මෙහෙමයි ඔෆිසර්....මේ මර්ඩර් එකේදී මං දැක්ක දේ තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි තරමේ ඩැමේජ් එකක් පැය දෙක තුනක් ඇතුලත මේ බොඩි එකට කරලා තියෙනවා.... පෞද්ගලික රහසිගත ප්‍රදේශයන්ට පවා දරුණු විදිහට ඩැමේජ් කරලා තියෙනවා....ඒ වගේම ඒවා තරමක පිලිස්සීමකට ලක්වෙලා තියෙනවා..... මරණය සිද්ධවෙලා ⁣තියෙන්නෙ ගෙල සිරකරලා....මගෙ නියමනය වගේම එක්ස්පීරියන්ස් එකට අනුව මිනීමරුවා කවුරු උනත් මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්....."



කතාව නිමාකරමින් ඈ පැවසුවේ ආදි මෙන්ම නුරාන්ගෙද හිත්වල බොහො ගැටලු ඉතිරි කරමින්....



"ඩොක්ටර් තව පොඩි දෙයක් අපිට දැනගන්න පුළුවන්ද...."



වෛද්‍යවරිය දෙසට යොමුවෙමින් ආදි ඇසුවා.....




"ඔව් අහන්න ඔෆිසර්...."




"මේ මර්ඩර් එක වුන වෙලාව හරියටම අපිට දැනගන්න පුළුවන්ද...."



බැරෑරුම් මුහුණක් මවාගෙන ආදි ඇහුවා....



" අනිවාර්යයෙන්ම පුළුවන්....බොඩි එකේ තියෙන බාහිර තුවාල බැලුවහම සාමාන්‍යයෙන් පාන්දර 01.00-02.00 අතර වගේ තමයි මර්ඩර් එක වෙලා තියෙන්නෙ...."




"හරි ඩොක්ටර්...thank you....අපිට බොඩි එක අදම ගන්න පුළුවන් නේද....."




"පුළුවන් මිස්ටර්....මැරුණ කෙනාගෙ ෆැමිලි එකට අදම බොඩි එක ගන්න පුළුවන්...."





"හරි ඩොක්ටර්....අපි ගිහිං එන්නම්... "




තරුණයන් දෙදෙනාම වෛද්‍යවරියට සමුදී වෛද්‍ය කාර්‍යාලයෙන් පිටතට පැමිණියා....



"අපි දැන් කොහෙද බං යන්නෙ...."



කල්පනාකාරීව කොරිඩෝවේ ඉදිරියට ගමන් ගන්නා ආදිගෙන් නුරාන් ඇහුවා....




"කෙලින්ම ස්ටේෂන් එකට යමන්....ඊටපස්සෙ බොඩි එක බාරදීලා මිස්ටර් මර්වින්ට කතාකරන්න ඕනෙ...."



තම රාජකාරී ජීප් රථයෙ රියදුරු අසුනට බරවෙමින් ඔහු පිලිතුරු දුන්නා....




"හරි......එතකොට අර ගර්ල්ට මොකද කරන්නෙ...."



නුරාන්ද රියදුරු අසුනට යාබද අසුනෙ හිදගත්තා....



"කොහොමත් ආයෙත් කට උත්තරයක් ගන්න වෙනවා....මොකද ඒකීගෙ හැසිරීම එච්චර ඇල්ලුවේ නෑ මට....අනික පෝස්ට් මෝටර්ම් එකේ කිව්ව දේවල්වලින් මට පොඩි දෙයක් හිතුනා...."



"ඒ මොකක්ද...."



"ගිහිල්ලම මං කියන්නම්....."



තවත් ඔහුගෙන් දෙයක් ඇසීමෙන් ඵලක් නොමැති බව දන්නා නුරාන් නිහඬ වුනෙ ආදි කල්පනාවකට වැටෙමින් රථය ඉදිරියට ධාවනය කරන විට.....





...........................................................



හමුවෙමු මීලඟ දිගහැරුමෙන් 💕💕💕


ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ලමයි😌


මම

Iru✍

Report Page