Magical love
❤ ❤කතෘ අයිතිය සුරකින්න.මෙම කතාව අනවසරයෙන් උපුටා ගැනීම, වෙනත් සමාජ මාධ්‍යයක පලකිරීම සපුරා තහනම්.
~පලමුවෙනි මායාව~
"මාව මේකෙන් එලියට ගන්නවා....කී සැරයක් කිව්වද මං මේ කිසිදේකට සම්බන්ධ නෑ...."
දසතින් දිවෙන නිහඬතාවය බිදිමින් රැව්පිරි රැව් දුන්නෙ ලයාන්විත ගැහැනු හඬකි....
ඔබ ඔබ හැසිරෙන පොලිස් නිලධාරීන්ගෙ අවධානය බොහො වෙලාවක පටන් ඇයට ලැබුනත් කිසිවෙකුත් පෙරලා පිලිතුරු නොදුන්නෙ එය ඔවුන්ට සාමාන්‍ය දෙයක් වූ නිසාවෙනි....
ඒ නිසාම කූඩුවෙහි වූ යකඩ කූරූ තදකරමින් ඈ කෑගැසුවේ වේදනාවෙන්....
ගතටම වූ පෙරදින රාත්‍රියෙහි පටන් හැදහුන් කෙටි ගවුමද පොඩිකරගනිමින් ඈ කෑගැසුවාය.
"මිස් පොඩ්ඩක් කලබල කරන්නෙ නැතුව ඉන්නවද...සර් ආවොත් එහෙම මිස්ට ඔහොමවත් හොදින් සලකන්නෙ නැතිවෙයි....."
ඇගේ අදෝනාව අසා සිටින්නට බැරිම තැන එක් නිලධාරියෙක් පැවසුවේ ඈ ඔහුටත් රවා ඇතුලත වූ බංකුවෙහි හිදගන්නා විට....
ඈ නමින් නෙතුෂි දිහන්‍යා වීරසිංහයි....
වයස විසිහතරක් වූ ඈ උපතින්ම ධනවත් හා වංශවත් පවුලක සාමාජිකාවකි....
වැඩිවියට පත්වීමත් සමග පවුලේ එකම දරුවා වූ නිසාවෙන් සෙල්ලක්කාර ජීවිතයක් ගතකිරීමට ඈ පුරුදු වූයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පියාගේ නම්බු නාමයෙන් ජීවත් වෙමිනි....
"බෑ...බෑ....මට මෙහෙම කරන්න බෑ....හව් ඩෙයා දේ ඩූ ඉට් ටු මී...."
ඇය මිමිණුවේ බංකුවට අතින් පහරක් ගසමිනි....
"ෂිට්....මේ මොන ජරාවක්ද....ඊයා...."
ඉතිං, ඇයට මේවා හුරු නැත...
සැපට හැදී වැඩී දුහුවිල්ලක්වත් නොවැදී ශරීරය ඉටි රූපයක් බදු වූවාය.
ඇයට තිබුනෙ ඉතාමත් ලාමක හැඩරුවක්....
බංකුවෙහි වූ යම් කහටක් අතෙහි ගෑවූ නිසාවෙන් ඈ කෑගැසුවේත් ඒ නිසාමයි....
"ආ....කෙල්ලේ උබනම් සල්ලි ගහක් වගෙ...."
පොලිස් කූඩුවේ පසක සිටි කාන්තාවක් එසේ පැවසුවේ යුවතිය දෙස කෑදර විදිහට බලමින්....
ඇයව ගණන් නොගෙන සිටීමට උත්සහ කලත් ගුප්ත පෙනුමකින් යුත් කාන්තාව ඇය අසලම බංකුවේ පසකින් හිඳගත්තාය....
"මොකෝ උබේ ඔච්චර ගණං....මිනීමැරුමකටත් උබ සම්බන්දයිලුනෙ....පොත්තෙ සුදට රැවටෙනකොට කොහොමත් මිනියක් උනත් මරන්න පුළුවන්නෙ...."
සමච්චලේට සිනාසෙන ගමන් ඈ පැවසුවේ යුවතියගෙ කෝපය තවත් වැඩිදියුණු වෙනකොට....
" තමුසෙ කව්ද මට එහෙම කියන්න...අනික මං කව්ද කියලා දන්නවද...."
යුවතිය පැවසුවේ ඇගෙ තියුණු දෙනෙත් මැද වියෙ කාන්තාව දෙසට යොමුකරමින්....
"කවුරු උනත් මට මොකද...නොම්මර එකෙ බ### වෙන්න ඇති....."
කිසිදු පැකිලීමකින් තොරව ඈ පැවසුවේ අමුතු ආකාරයට සිනාසෙමින්....
"මොක්කද තමුසේ කිව්වේ....ෂිට්....තර්ඩ් ක්ලාස් මිනිස්සු....."
යුවතිය කෑගසමින් කාන්තාවට පහර දුන්නාය.
"මේ මිස් මෙච්චර හොදට හැද පැලද ගෙන ඉන්න නිසයි ඉවසුවේ...මිස් නයාට ගහලයි පොල්ල වරද්ද ගත්තෙ...."
එසේ කියමින් අනෙක් කාන්තාව පෙරලා යුවතියට පහර දුන්නා....
"WPC.....මොකක්ද මෙතන වෙන්නෙ...."
සියල්ලෝම ගැස්සී ගියෙ ඒ ගාම්භීර හඬටයි....
තම රාජකාරී තොප්පියද ගලවමින් එම ස්ථානයට පැමිණියෙ පොලිස් ස්ථානාපති අධිලාෂ් රුහින්ස සමරනායකයි....
"ස...සර්...."
පොලිස් ස්ථානයෙ සිටි සියල්ලෝම හිදහුන් අසුන් වලින් නැගිටිමින් ඔහුට ආචාර කලේය.
"සර් තමයි....මං ඇහුවේ මෙතන මොකද වෙන්නෙ කියලා...."
ඔහු නැවතත් ඇසුවේය.
නෙතු මෙන්ම ඇතුලත සිටි කාන්තාවද බලා සිටියෙ හදිස්සියේ පැමිණි කඩවසම් තරුණයන් දෙදෙනා දෙසයි....
අධිලාෂ් මෙන්ම ඔහුගෙ මිතුරා වන නුරාන්ද සම වයසෙ කඩවසම් තරුණයන් වන්නා සේම ඔවුන් දෙදෙනාම දක්ෂ පොලිස් නිලධාරින් වේ....
"සර්....මේ ගර්ල්ව තමයි ඊයෙ රෑ හිල්කල්බ් එකේදි උන මර්ඩර් එකට සැකපිට අත්අඩංගුවට ගත්තෙ....දැනටමත් අපෙ ටීම් එකෙන් කෙල්ලගෙ කට උත්තර වගේම fingerprint අරගෙන තියෙන්නෙ සර්...."
එක් පොලිස් නිලධාරියෙක් පැවසුවේ ආදි නෙතු දෙස ඔහුගෙ උකුසු දෑස් යොමු කරනවිට....
"හ්ම්ම්..... මර්ඩර් එකට අදාල හැම කට උත්තරයක්ම මගෙ මේසෙ උඩින් තියන්න...."
ඔහු එසෙ කියමින් ඔහුගෙ කාමරයට යන්නට සැරසුනේය....
"මං මේ කිසිදේකට සම්බන්ධ නෑ....මාව නිදහස් කරන්න....ප්ලීස්...."
ඔහු නැවතුනෙ යුවතියගෙ කටහඬටයි....
ඔහු නැවත හැරී ඇය දෙසට ආවේ නපුරු බැල්මක් ආරූඪ කරගනිමින්....
"කටට පණ ඇවිත් තියෙන්නෙ....වෙරි බැහැලා වගෙ දැන්"
ඔහු තම මිතුරා දෙසද බලමින් සිනාසුණේය.
"මට එලියට යන්න ඕනෙ.මං මේ කිසිදේකට සම්බන්ධ නෑ...."
ඈ ඔහු දෙස එක එල්ලෙ බලමින් පැවසුවේ උපරිම ඉවසීමෙනි...
"ඒක අපි බලාගමු උසාවියේදී..."
"ඒත්...."
" චානක.....මං කිව්ව ෆයිල්ස් ටික දෙනල්ලා දෙන්න..."
යුවතියව ගනන් නොගෙනම ඔහු පිටව ගියේය...
නුරාන්ද මදහසක් පා ඔහු පසුපස ගියෙ යුවතිය කෝපයෙන් පසුබසින විට....
..............................................................
"මොකක්ද බං කේස් එක...."
ජනේලයට පිටුපා ජනාකීර්ණ කොළඹ නගරය දෙස බලාසිටිනා ඔහුගෙන් නුරාන් ඇසුවේය....
"දන්නෑ හරියටම...ඊයේ රෑ හිල්ක්ලබ් එකේදි මර්ඩර් එකක් වෙලා...උදෙන්ම එතනට මාත් ගිහිං ආවේ....රේගුවේ ලොක්කගෙ පුතාව තමයි මරලා තියෙන්නෙ...."
"එතකොට අර ගර්ල්...."
"ඒකීව තමයි සැකපිට ඇරස්ට් කරලා තියෙන්නෙ....එතන මොකක්ද උනෙ කියලා කාටවත් තාම හිතාගන්න බෑ...."
ඔහු තම රාජකාරි පුටුවේ අසුන් ගනිමින් පැවසුවේය....
"හෙන සීරියස් කේස් එකක් වගෙ...."
"ම්ම්ම්.....කොල්ලගෙ බොඩි එක හෙන ඩැමේජ්....බොඩි එකේ කිසිම ඇදුමක් තිබිලා නෑ...."
අසුනෙ ඉදිරියට බරවෙමින් ඔහු පැවසුවේය....
"ඔව් ඉතිං....නයිට් ක්ල්බ් ගානෙ ලගින උන්ගෙන් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි....."
නුරාන්ද එසේ කියමින් පසක තිබු පුටුවක ඉදගත්තා...
"එතකොට අර ගර්ල්ව ඇරස්ට් කලේ?"
"ඇයි දැන් උබ ඒකී ගැන ඔච්චර අහන්නෙ....උබට අනුකම්පා හිතුනද ඒකිව දැකලා...."
කට කොනකින් සිනාසෙමින් ඔහු ඇහුවේ නුරාන්ගෙ සතුටින් පිරි වත ඇදවෙනකොට....
"එහෙම නෙමෙයි බං....ඒකිගෙ මූණ දකිනකොට මර්ඩර් එකක් කලා කියලා හිතන්න බෑ...."
"උබ ඕක ලොක්කා ඉස්සරහ කියන්න තිබ්බේ....අහිංසකකම බලාගන්න.... ඔය අහිංසකයි කියන ගොඩක් උන් තමයි වෙස්මූණු දාගෙන කරන්න ඕන හැම වැඩක්ම කරන්නෙ...."
"ඒකත් ඇත්ත තමයි...."
නුරාන් ආදිගෙ මතය අනුමත කලේ ඔහු සමග තර්ක කිරීමෙන් ඵලක් නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි....
"Excuse me sir....මර්ඩර් එකේ කටඋත්තර ටික...."
ඔවුන්ගෙ කතාවට තිත තබමින් චානක කාමරයට ඇතුලු විය.
" ඔව් දෙන්න චානක...."
එසේ කියමින් ඔහු ලියකියවිලි එකින් එක පරීක්ෂා කලේය...
"සර්...."
"කියන්න චානක....."
"ස...සර්....."
"කියන දෙයක් තටබන්නෙ නැතුව කියන්න චානක...දන්නවනෙ මං කෙලින් කතාකරන මිනිස්සුන්ට කැමති...."
හිස ඔසවමින් ඔහු චානක දිහා බැලුවා....
"සර්.....ස්වදේශි කටයුතු ඇමති ජගත් වීරසිංහ ඇවිත් ඉන්නවා සර්ව හම්බෙන්න....."
"ඉතිං....."
ඔහු ගණනකට නොගෙන ඇහුවේ චානක නුරාන්ගෙ සහය පතනකොට.
"පොඩ්ඩක් හිටපන් ආදී...මොකක් හරි වැදගත් දේකටද දන්නෑනෙ ඇවිත් තියෙන්නෙ...."
නුරාන් චානකගෙන් ඇහුවේ චානක සැනසුම් සුසුමක් හෙලනකොට....
" සර්...ඊයෙ ඇරස්ට් කරපු ගෑනුලමයා ඇමතිතුමාගෙ පොඩි දුවලු...."
විටෙන් විට වෙනස් වෙන අාදිගෙ වත දිහා බලාගෙන චානක කිව්වා.
"මාර වැදගත් වැඩකට ඇවිත් තියෙන්නෙ ඔය...."
කට කොනකින් හිනාවෙන ගමන් ආදි ඇමතිතුමා කැටුව එන ලෙස චානකට ඉඟි කලා....
ඉඟිය තේරුම්ගත් චානක පිටව ගියේය.
මද වෙලාවකට පසුව ස්වදේශ කටයුතු අමාත්‍ය ජගත් වීරසිංහ ඇතුලු වූයෙ ඔහුගෙ ආරක්ෂකන් දෙදෙනාද සමගයි...
උසට සරිලන මහතත් තිබුනද ඉදිරියට නෙරා ඇති උදරය ඔහුට වයසටත් වඩා වැඩි පෙනුමක් එක් කළේය....
"එන්න එන්න ඇමතිතුමා....මොකද මේ අපිව මතක් වෙලා...."
වෙනසක් නොපෙන්වාම ආදි කතා කලේ ජගත්ගෙ දෑස් දිහා බලාගෙනමයි....
ඒ තියුණු දෑස්වලට ජගත්ගෙ දෑස් ඉබේටම පහතට කඩා වැටුණි....
"මං හිතන්නෙ මිස්ටර් අධිලාෂ් දැනටමත් දන්නවා මං ආපු කාරණාව..."
අසුනෙහි හරිබරි ගැසී ඉදගනිමින් ඇමතිතුමා කතාව පටන්ගත්තා....
"හ්ම්ම්....ඔව් ඇමතිතුමා ඒත් මං හිතන්නෙ ඇමතිතුමා බොරුවට කාලෙ කාගෙන මේ පොලිස් ස්ටේෂන් වල රස්තියාදු වෙන්නෙ කියලා....මොකද ඇමතිතුමා ආපු කාරණේ ඉටුවෙන්නෙ නෑ...ඉතිං ඇමතිතුමාගෙ කැමැත්තෙන්ම මෙතනින් ගියොත් තමයි හොද නැද්ද නුරාන්...."
නුරාන් දිහාවට හැරි ආදි කිව්වේ නුරාන්ද එය අනුමත කරන විට....
"අයියො OIC මහත්තයා මං හිතන්නෙ මහත්තයාට තාම දැනුම් දීලා නෑ වගෙ....මගෙ දුව මේ කිසිදේකට සම්බන්ධ නෑ...එයා පොඩ්ඩක් එන්ජෝයි කරන්න ක්ල්බ් එක පැත්තෙ ගිහිං තියෙන්නෙ...ඔයාලත් තරුණ වයසේ ලමයිනෙ ඉතිං දන්නවා ඇතිනේ...."
කොක් හඬලා සිනාසෙමින් ඔහු පැවසුවේය.
නුරාන් ආදි දිහාත් බලලා නැවතත් ඇමතිතුමා දිහා බැලුවා....
"ඒත් ඇමතිතුමා......"
ආදි කියන්නට ගිය දෙයට බාධා කරමින් ඔහුගෙ දුරකථනය නාද විය...
එහි සටහන් වූ නාමය දැක සිනහවක් නැගුනත් ඔහු එය පාලනය කරගත්තා.නුරාන් දෙසත් බලමින් ආදි දුරකතන ඇමතුමට සම්බන්ධ විය....
"හෙලෝ සර්....."
"............................"
"යස් සර්....ඇමතිතුමා ඇවිත් ඉන්නෙ....."
"..............................."
"බට් සර් ඒ ගර්ල් මර්ඩර් එකට සැකපිට අත්අඩංගුවට ගත්තෙ...."
ආදි සමච්චලේට සිනාසෙන ඇමතිතුමාට රවන ගමන් තම ප්‍රධානියාට පිලිතුරු දුන්නා....
"සර්....අපි මීඩියාවලට මොකද කරන්නෙ...."
".................................."
"හ්ම්ම්......
ඕකේ සර්......"
එපමණක් පවසා ඔහු ඇමතුම විසන්ධි කලා....
"WPC....ඔය ගර්ල්ව රිලීස් කරන්න...."
ඔහුගෙ අණත් සමග නෙතුෂි පිටතට පැමිණියෙ සිනාසෙමින්....
"තැන්කූ ඩැඩී...."
ඇමතිතුමාව වැලඳගෙන යුවතිය ආදි දිහා බැලුවා.....
"එහෙනම් මිස්ටර් අධිලාෂ් අපි යන්නම්....මං ඒකනෙ මිස්ටර්ට කලින්ම කිව්වේ....එනිවේ තෑන්ක්ස් කරපු හැමදේටම...."
තම සුරත දිගුකරමින් ජගත් පැවසුවේය.
එය ගණනකට නොගත් ආදි යුවතිය දෙසට හැරුනා....
"ඒක අපේ රාජකාරිය ඇමතිතුමා....හැබැයි ඇමතිතුමාගෙ දුවට කියන්න පරිස්සමින් මීට වඩා වැඩකරන්න කියලා....
ම්ම්ම්.....
තව දෙයක් යන්නම් නෙමෙයි ගිහිං එන්නම් කියන්න ඇමතිතුමා....මොකද උසාවියට දාන්න හිටපු සැකකාරියක් ඇමතිතුමා අරගෙන යන්නෙ....ඉතිං, සමහරවිට අපිට ආයෙත් මිස්ගෙන් ප්‍රශ්න කරන්න වෙයි සිද්ධිය ගැන පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන්....."
ආදි එපමණක් පවසමින් නිහඬ විය....
ජගත් මදහසක් පාමින් දියණියද කැටුව කාමරයෙන් පිටතට ගියා....
"මොකක්ද බං ඒ වුනේ....."
ඔවුන් පිටතට ගිය පසු නුරාන් ඇහුවේ ආදිගෙ ගිනි පිටවෙන මූණ දිහා බලාගෙන...
"ෂිට්......මේ කේස් එකෙ ප්‍රධානම එවිඩන්ස් එක නැතිවුනෙ....ලොක්කට ඔක්කෝටම වඩා පගාව ලොකුයිනෙ...."
මේසෙට පහරක් ගසා ඔහු තම කේන්තිය පිට කලා....
ඔහු සැබවින්ම දක්ෂ අවංක පොලිස් නිලධාරියෙක්....ඉතිං, ඔහුගෙ ප්‍රධානියාගෙ ක්‍රියාකලාපය ඔහුට ගෙන ආවේ පිළිකුලක් වගේම නොරිස්සුමක්.
"හරි බං....ඒක නෙමෙයි මීඩියා වලට දෙන උත්තරයි කේස් එක විසඳන විදිහයි කල්පනා කරපන් ඔක්කෝටම කලින්....."
ආදිගෙ කෝපයෙ තරම දන්නා නිසාම නුරාන් කතා කලා....
"ඒකත් අහගනින් අරූගෙන්....."
කෝපයෙන්ම පුටුවත් පස්සට කර අධිලාෂ් කාමරයෙන් පිට වුණා....
ඔහු යන දිහා බලා සිටි නුරාන් සුසුමක් හෙලුවේ සිදුවූ සියල්ල ගැන කල්පනා කරමින්....
...........හමුවෙමු මීළඟ දිගහැරුමෙන්..............
අලුත් කතාවක්😁😁😁
කොහොමද ලමයි....
කතාව පලවෙනිදා දෙන්න හිටියෙ ටිකක් පරක්කු උනා....
ඉතිං, පරක්කු උනත් මගෙ පැටව් හැමෝටම සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සූභ නව වසරක් වේවා🙏
කතාව හොදද ලමයි...අඩුපාඩු ගොඩක් ඇති.මේ writing style එක හොදද. නැත්තම් වෙනස් කරන්නද....
අදනම් අනිවාර්යයෙන්ම අදහසක් ඕනෙ කතාව දිගටම ඕනෙනම්..
ටිකක් අමුතු කතාවක් වේවි😌
ඊලග කොටසින් හමුවෙමු ඉක්මනට💜
මම
Iru🙈