Love You

Love You

Shashi 💕

7 කොටස


අවිලගෙ ගෙදරට අපි ගියා.. ලස්සනට පාටි එක ඩෙකරේට් කරල තිබ්බ..


මොන දේ උනත් මගෙ හිත හෙව්වෙම ඒ ඇස් දෙක.. ඒත් එක මොහොතකටවත් ඒ ඇස් මගෙ ඉස්සරහට ආවෙ නෑ..


" නේත්‍යා අක්කි "


එකපාරට මගෙ අතෙ එල්ලුනෙ අවිගෙ නංගි



" Happy birthday පැටියො "


" හී තැන්කූ .. එන්නකො යාලුවොන්ට අක්කිව පෙන්නන්න ඕනි "


ශේන්‍යා මාවත් ඇදන් ගියෙ එයාගෙ යාලුවො ඉන්න පැත්තට..


ඒ අතරෙ මං දැක්කෙ අවිගෙ යාලුවො එක්ක ඉන්න රිතූව.. දැක්කත් නොදැක්ක ගානට මං ශේන්‍යා එක්ක පොඩි අය ඉන්න තැනට ගියා..


නංගිගෙ යාලුවො ඉතිම් කෝමත් මට ආදරෙයි.. මාත් ඉතිම් එයාලට ආදරෙයි මොකද පවුලෙ එකම ළමය උන මට නංගිල මල්ලිල කියන්නෙ මහමෙරක් වගෙ.. ඒක කාත් කවුරුත් නැති අය හොඳට දන්නව..


ටික වෙලාවකින් පොඩි අය එක්ක කතා කර කර ඉද්දි ආන්ටි කතා කර නිසා ශේන්‍යා එතනින් ගියා වෙද්දි මං නිකමට රිතූල හිටිය පැත්ත බැලුව..


ඒ වෙනකොටත් රිතූ මං හිටිය පැත්තට එන ගමන් හිටියෙ..



" ඉතිම් නේත්‍යා.. "


" රිතූ එනවාහ් "


කියල හිතන්නවත් වෙලාවක් නොතිය අවි ඇවිත් රිතූව ඇදගෙන ගියා..


හිනාවෙන්නද අඬන්නද මේවට..


කේක් කපල පාටි එක ලස්සනට ගලාගෙන ගියත් අවි මගෙ මූනවත් බැලුවෙ නෑ..


හොඳම යාලුවොත් දවසක වෙනස් වෙනව කියන එකට හොඳම උදාහරණය තමයි අවී..


කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හොඳම යාලුවො වෙලා හැමදාම ඉන්න බෑ කියන කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ කියල දැන් තමයි මට තේරෙන්නෙ..


පාටි එක ඉවර වෙලා ගෙදර ආවෙ හෙටත් උදෙන්ම ක්ලාස් යන්න ඕනි උනත් අවිව හම්බෙයිද හම්බුනොත් එයා මගෙ මූණ බලයිද කියන ප්‍රශ්න දාහක් ඔලුවෙ තියන්..


නින්ද අහලකවත් නොවෙද්දි ෆෝන් එක අතට ගත්තෙ හරිහමන් යාලුවෙක්වත් මැසේජ් එකක්වත් දාන්න් නැ කියල මතක් වෙද්දි..


ඒත් වට්සැප් එක ඔන් කරද්දි මැසේජ් එකක් ඇවිත් තිබ්බෙ අහස්ගෙන්..



📲 හෙට ක්ලාස් එනවද


" ඔව් "


📲 මේ රෑ මොකද ඔන්ලයින් පාඩම් කරන්නෙ නැද්ද



නිකම්ම මූනට හිනාවක් ආවෙ ඇයි කියල මටම හිතාගන්න බෑ..



" ඉතිම් ඔයා මොකද ඔන්ලයින් "


📲 මං තමයි බැට්මෑන් මං නගරෙ ආරක්ශා කරනව රෑ ඇහැරගෙන 😎


" හ්ම් හොඳයි "


📲 ජනෙල් දොරවල් ලොක් කරන් නිදාගන්න නැත්තම් හොරු පනිනව මේ දවස්වල ලස්සන ගෑනු ලමයි ඉන්න ගෙවල්වලට


" කමක් නැ "



ඒ අතරෙ මං දැක්කෙ අවිගෙන් මැසේජ් එකක් එනව



" Oi nethya heta cls enawada "



මැසේජ් එක සීන් නොකර හිටියෙ මෙච්චර වෙලා මාව සතේකට ගනන් ගත්තෙ නැති කෙනා ක්ලාස් එන නේන එක හොයන්නෙ හේතුවක් නැති නිසා..


එහෙම්ම ඒ මැසේජ් එක අමතක කරල මං බැලුවෙ අහස්ගෙ චැට් එක..


පැයක් විතර ඒ චැට් එක ඇදිල ගියේ අවි රිද්දල තිබ්බ මගෙ හිත මොහොතකට හරි සන්සුන් වෙද්දි..


උදෙන්ම නැගිටල අවි එන්න කලිම් බස් එකෙ ක්ලාස් එකට ගියෙ අවිව මගාරින්න තිබ්බ උමනාව නිසාද නැත්තම් මං අහස්ව බලන්න ඕනි උන නිසාද කියල නම් මං කියන්න දන්නෙ නැහැ..



ක්ලාස් එකට යද්දි සෙතූ එලියෙ හිටිය නිසා මං එයා ලගට ගියා..


සෙතූ එක්ක කතා කර කර ඉද්දි එතෙන්ට ආවෙ අහස්..



" ගුඩ්මෝනිම් නේත්‍යා "


" ගුඩ්මෝනිම් අහස් "


අහස් ඒ නපුරු ඇස් වලින් හිනා වෙද්දි මගෙ හාට්බීට් එක නිකම් වැඩි වෙනවා අඩු වෙනවා වගෙ මොකක්දෝ වෙනව..



අහස් එකපාරටම මගෙ ඔලුවට අත ගෙනියනවත් එක්කම මගෙ ඇස් ගැස්සුනෙ ඈතින් එන අවිව දැකල..



" ඔලුවෙ මලක් පිපිල "


අපි හිටගෙන හිටියෙ ඇහැල ගහක් යට.. ඔලුවෙ තිබුන ඒ මල අරන් අහස් මගෙ කන පිටිපස්සෙ රැඳෙව්වෙ අවි ඒ දිහාම ඔරවගෙන බලන් ඉද්දි..


ඒත් එක්කම හැමෝම ක්ලාස් එකට යනවත් එක්කම අවි මගෙ අතින් අල්ලගත්තෙ හිතන්නවත් වෙලාවක් නොතියා..



" හවසට මං එනකම් ඉන්නව.. හැබැයි උදේ වගෙ ගිහිම් තිබ්බොත් බලගන්නම් "



ඒ ඇස් වලින් ගිනි පිටවෙනව වගේ..


මං ආයෙ අවි දිහා නොබලම ක්ලාස් එක ඇතුලට ගියේ ඒ ඇස් දිහා ආයෙ බලන්න කිසිම උමනාවක් නැති නිසා..


පැය ගානකට පස්සෙ ක්ලාස් ඉවර උනා.. අහස් මං එනකම් ඉදියා වෙද්දි අහස් එක්කම මං එලියට ආවා..


ගේට් එක ලග අවි හිටියා.....................




_



ගොඩ කාලෙකිම් නේද ළමයි


අදහසක් කියන් යමු ❤️


6 - https://telegra.ph/Love-You-10-18-2


Shashi💕

Report Page