Love You

Love You

Shashi 💕

6 කොටස



" නේත්‍යා මට ඔයාට දෙයක් කියන්න තියෙනව "


" එ මොකක්ද "


" ම්ම් අවි ඔයාගෙ හොඳම යාලුවද නැත්තම් "


" නැත්තම් "


" I mean crush or "


" අහ් නැ නැ එයා මගෙ හොඳම යාලුවා "


" එතකොට රිතූ ගැන ඔයා මොනවද දන්නෙ "



ඒත් එක්කම මං ඔලුව දෙපැත්තට වැනුවෙ ඇත්තටම මං රිතු ගැන මොනවත්ම නොදන්න නිසා..


ඒත් එක්කම අපෙ කොෆි ඕඩර් එක ආවා..



" දන්නවද රිතූ කියන්නෙ මගෙ ex "


ඇහුන දේ ඇත්තද කියල බලන්න මං බැලුවෙ අහස්ගෙ මූන දිහා.. ඒ මූනෙ තිබ්බ හැඟීම මොකක්ද කියල මට නම් හිතාගන්න බෑ..



" අපි බ්‍රේකප් වෙලා මාස දෙකයි ඒකි ඇවිත් අවිගෙන් ඇහුවෙ.. මං දන්නැ නේත්‍යා මං මේව ඇයි ඔයාට කියන්නෙ කියල.. බට් මට ඔයාට කියන්න හිතුනා.. රිතූයි මායි අවුරුදු දෙකක් යාලුවෙල ඉදියා.. ඒත් මට දැන් තේරෙනව මං විතරයි ආදරේ කරල තියෙන්නෙ.. මං දන්නැ ඒකි අවිට සීරියස් ද කියල ඒත් "


" ඒත් "


" මුකුත් නෑ නේත්‍යා කොෆි එක බොන්න "



කොෆි එකත් බීල අපි දෙන්නම බස් හෝල්ට් එකට ආවෙ දැන් ටිකක් හවස් වෙල නිසා..


බස් හෝල්ට් එකට යන පාරෙ හිටියෙ නොසිතු කෙනෙක්.. ඒ අවි..


අහසුයි මායි දිහා මාරුවෙන් මාරුවට බලපු අවිගෙ මූනෙ නම් තිබුනෙ කේන්තිය මුසුවුන බැල්මක්..


අවිව පහුකරන් අපි බස් හෝල්ට් එකට යද්දිම බස් එකක් ආවා.. අවිත් ඒ බස් එකටම නැග්ග කියල මං ඇස් කොනින් දැක්ක..


මං අපෙ හෝල්ට් එකෙන් බහිද්දි අහස් ලස්සන හිනාවක් දුන්න



" පරිස්සමින් යන්න.. ගිහිම් මැසෙජ් එකක් දන්න "


අහස්ට හිනාවක් දුන්නු මම අවිගෙ පස්සෙන් බැස්සා..


වෙනදා වගෙම මං යද්දි මගෙ පස්සෙන් අවිත් එනව කියල මට දැනුනා..


එකපාරටම වැලමිට හරියෙන් අතක් තදවෙද්දි මාව ඇදිල ගියෙ කාගෙහරි පපුවකට.. ඒ උනුහුම ඕනවටත් වඩා දැනෙද්ද ඈත් වෙන්න ට්‍රයි කරෙ අයිති නැති දේවල් වලට ලෝබකම් කරල දැනටමත් විඳවන නිසා..



" අ.. අවි..හ් "


ඒ ඇස් මගෙ ඇස් එක්කම පැටලිල..


" යන්න දෙන්න අවි "


අකුණක් ගැහුව වගේ මාව ඈත් කරපු අවි


" ඊයෙ මොකද මගෙ ෆෝන් එක ආන්ස්වර් කරෙ නැත්තෙ "


" ඇහුනෙ නැ "


" කෝල් බැක් කරන්න තිබ්බනෙ "


අහක බලාගත්තෙ මට දෙන්න උත්තර නැති නිසා..


" ඇයි අරූ කිව්වද මාත් එක්ක කතා කරන්න එපා කියල "


" අවි "


" එහෙම නේද "


අවිගෙ සද්දෙ එන්න එන්නම වැඩි වෙනව.. වෙලාවට මේ පාරෙ මිනිස්සු නැ..


" අවි එහෙම නැ "


" උබ වෙනස් වෙලා නේත්‍යාහ් "


" හොඳට කල්පනා කරල බලන්න අවි.. මම නෙවෙයි ඔයයි වෙනස් උනේ "


අතත් ගසල දාපු මම එන්න ආවේ.. අවි ආවද නැද්ද කියලවත් බලන්නෙ නැතුව..


ගෙදර ඇවිත් වොශ් එකක් දාන් පිසික්ස් ගානක් අතට ගත්තෙ හැමදේම අමතක කරන්න පුලුවන් හොඳම විදියක් නිසා..


ටිකකින් තමයි මතක් උනෙ අහස්ට කිව්වෙ නැ නේද කියල.. ෆෝන් එක අතට අරන් ඩේට ඔන් කරද්දි අහස්ගෙන් කෝල්ස් මැසේජ් පෝලිමයි..


" මං ගෙදර ආවා "


කියල මැසේජ් එකක් දාල ඩේට ඕෆ් කරෙ දැන් කතා කරන්න කොහෙත්ම මූඩ් එකක් නැති නිසා



" දෝණී "


" ඇයි අම්මා "


" හවසට ලෑස්ති වෙන්න.. අද රණධීර අන්කල්ලන්ගෙ ගෙදර පාටි එක.. "


" මොන "


" ඇයි දරුවො අවිත්‍යගෙ නංගිගෙ බර්ත්ඩේ එකනෙ අද "


දෙයියනේ ඒකත් අමතක උනා..


හවස් වෙලා ලෑස්ති උනෙ දැන් අවිගෙ මූන බලන්නෙ කෝමද කියල හිතහිතා...



______



Shashi💕


Report Page