Love You

Love You

Shashi 💕

4 කොටස



මේ ටික දවසට රිතූ හරි ලස්සනට අවිව මගෙන් ඈත් කරා.. පොඩි කාලෙ ඉදන් අපි අතරෙ තිබ්බ බැඳීම හරි ඉක්මනට කඩන් වැටුන..


වෙනදට එකට ක්ලාස් යන එන අපි අද ජීවිතේට දැකල නැති ගානට පාරෙ යනව..


මොනා කරන්නද ..


අදත් තනියම ක්ලාස් එකට ගිහිම් පැය හතරක් පාඩම ෆෝකස් කරන් ඉදල මං එන්න ආවෙ ආයෙම දැන් තනියම යන්න ඕනෙ කියල හිතන ගමන්..


එලියට යද්දි වහිනව..


අම්මගෙ කටේ බලේට හරි වෙලාවට කුඩේ අරන් ආවෙ.. කුඩෙත් ඉහලන් එළියට බහිද්දිම කවුරුහරි මගෙ කුඩේ යටට ආව වෙද්දි මං බැලුවෙ ඒ කවුද කියල..



" අහ් සොරි.. මාවත් බස් හෝල්ට් එකට දාන් යනවද "


ඒ කොල්ලගෙ නපුරු පාට ඇස් වශියක් වගේ..


" අහ් හ්ම් "


සනිකව අහක බලාගත්තු මං එයත් එක්කම හෝල්ට් එකට එන්න ආවා..


බස් හෝල්ට් එකට එද්දි එතන අවියි රිතුයිත් හිටිය..


මං ඊට ටිකක් එහායින් හිටගත්තෙ එයාල දිහා බලන්න තරම් හයියක් නැති නිසා..



" තැන්ක් යූ "


" වෙල්කම් "


" මං අහස්.. එතකොට ඔයා ? "


" නේත්‍යා "


" ම්ම් ලස්සන නමක් "


අහස්ට හිනාවක් දුන්නු මම ඇස් කොනින් දැක්කෙ අපෙ පැත්තම බලන් ඉන්න අවිව..


ඒත් එක්කම බස් එකක් ආව වෙද්දි අපි බස් එකට නැග්ග..


බහින්න ලං වෙද්දි මං දොර දිහාට යන්න යද්දි නිකමට බැලුවෙ අහස් දිහා


ඒ වෙනකොටත් අහස් හිටියෙ මං දිහා බලන්..


" පරිස්සමින් යන්න "


හිනාවක් දුන්නු මං අවි බැස්සට පස්සෙ බැස්සා..


තාමත් වැස්ස..


අවි වැස්සෙම යනව..


මගෙ කුඩේන් යන්න මං එයාගෙ කවුද..



එකපාරට අවි නතර වෙලා මං දිහා බලපු බැල්මට මගෙ කකුල් දෙකත් ලොක් උනා වගේ..



" කවුද අරු "


" කවුද "


" කවුරු ගැනද අහන්නෙ කියල දන්නවනෙ.. අර කුඩෙ යටින් ආවෙ ජෝඩු දාල "


" ඇයි අහන්නෙ "


" ඇයි දැනගන්න හොඳ නැද්ද "


අවිගෙ කට කොනෙ තිබ්බ ඒ හිනාව දැක්කම මට ආවෙ දුකක්ද තරහක්ද කියන්න මට තේරෙන්නැ..



" ඔයාමනෙ අවි මාව පැත්තකට කරෙ.. ඉතිම් මොකටද දැන් මගෙ දේවල් හොයන්නෙ "


අඩියට දෙකට මගෙ ලගට ආපු අවි නතර උනෙ ඒ උනුසුම් හුස්ම මගෙ මූනෙ වදින ගානටම ලං වෙලා



" උබ "


කියන්න ගියෙ මොකක් උනත් ඒක නොකිය අවි ආයෙම හැරිල යන්න ගියා..


හෙමින් සැරෙ ගෙදර ගියපු මං වොශ් එකක් දාන් ඇඳට වැටුනෙ මේ දේවල් හිතට වද දෙද්දි..


ඒත් එක්කම ෆෝන් එක වයිබ්‍රේට් උනෙ කාගෙන්හරි කෝල් එකක් එද්දි...




_



කවුද cl කරේ


3 - https://telegra.ph/Love-You-09-20


Shashi💕


Report Page