Love You
Shashi 💕
3 කොටස
අවි ගියාට පස්සෙ රිතූ කිව්ව දේ එක්ක මගෙ හිත ගැස්සුනත් ඒක මං බලාපොරොත්තු උනේ මීට කලිම්
" නේත්යා "
මං රිතූ දිහා බැලුවෙ එයා මට කතා කරෙ පළවෙනි පාරට නිසා
" අවීගෙන් ඈත් වෙලා ඉන්න.. මං කැමති නැ ඔයා එයා එක්ක ඉන්නවට "
ඉතිම් මං හිනා වෙලා එතනින් නැගිට්ටෙ
" ම්ම් මට ඔයාගෙ අවීව ඕනෙ නැ.. යන්නම් " කියාගෙන
කඳුලු බිංදු හෙමින් හෙමින් කම්මුල් තෙමද්දි වැස්සක් ඇදන් වැටුනෙ හරියට මගෙ කඳුලු හංගන්න වගේ..
පාර පවා අපැහැදිලි වෙද්දි ආපු බස් එකට නැග්ගෙ ගෙදර යන්න තිබ්බ උමනාවට..
ගෙදර යනකොට ගෙදර කවුරුත් නැ.. අම්මල නැන්දලහ යනව කිව්වනෙ..
ඒකත් හොඳයි.. නැත්තම් ප්රශ්න කෝටියයි..
ඕෆ් කරපු ෆෝන් එකත් පැත්තකින් දාල වොශ් එකකුත් දාන් ඇඳට වැටුනෙ හිතට දැනුන වේදනාවත් එක්කමයි
ඇයි මට මෙච්චර රිදෙන්නෙ..
Avi's pov
මං අයිස්ක්රීම් අරන් එනකොට එතන රිතූ විතරයි..
" නේත්යා කොහෙද "
" අහ් එයා ගියා "
" ගියා ? කොහෙද "
" මං දන්නෙ කොහොමද ගෙදර වෙන්නැති "
එහෙම්ම ෆෝන් එක අරන් කෝල් කරෙ හිතට ආපු තිගැස්මත් එක්ක..
"ඔහ් ශිට් "
"ඇයි අවි "
"ෆෝන් එකත් ඕෆ් කරන් මොන හු@%ක් කරනවද මන්ද "
" එයා ගෙදර යන්නැති අවි ඔච්චර ඒකි ගැන බය වෙන්නෙ මොකටද "
කලු කරල තිබ්බ අහසෙන් වැස්සක් කඩන් වැටුනෙ මගෙ බය තවත් වැඩි වෙද්දි
රිතූවත් ගෙදරින් බස්සගෙන කෙලින්ම නේත්යලයි ගෙදරට ගියේ ඒකි ගෙදර ඇති කියන බලාපොරොත්තුව හිතෙ තියන්..
බෙල් එක ගැහුවත් දොර ඇරියෙ නෑ..
ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරෙ බැරිම තැන..
හතරවෙනි පාරටත් කෝල් කරද්දි තමයි ෆෝන් එක ආන්ස්වර් කරෙ..
📲 හ්.. හෙලෝ
" දොර ඇරපන් ඕයි "
ෆෝන් එක කට් වෙනවත් එක්කම තත්පර කීපයක් ඇතුලත කෙල්ල ඇවිත් දොර ඇරිය..
" කාගෙන් අහලද තමුසෙ එතනින් ආවෙ.. කියල එන්න බැරිද.. අහ් "
කෙල්ලගෙන් එක වචනයක්වත් නැ
" කතා කරන්න බැරිද අයිසෙහ් "
" අවි යන්න "
" ඊට කලිම් කියපම් එතනින් එකපාරට එන්න තරම් මොකක්ද උනෙ කියල "
" මොනවත් නැ "
ඒත් කෙල්ලගෙ ඇස් වල තියෙන කඳුලු දැක්කම කියන්න පුලුවන් මොකක්මහරි වෙලා තියෙනව කියල
" දැන් මට කියන්න බැරි දේවලුත් තියෙද "
" අවි ප්ලීස් යන්න මෙතනින් "
" බලාගන්නම් "
කියාගෙනම මං එතනින් එන්න ආවෙ දැන් ඕකිගෙන් කිසිදෙයක් අහගන්න බැරි නිසා..
_
2 - https://telegra.ph/Love-You-09-16-2
Shashi💕