Love You

Love You

Shashi 💕

2 කොටස



" අවි.. මොකක්ද අර කියන්න තියෙ කිව්වෙ "


" අහ් මේකයි "


ෆුල් සීරියස් මූඩ් එකෙ ඉන්නෙ.. මාත් ඉතිම් ෆුල්.සීරියස් එකෙ අහන් ඉදියා..


" අද කෙල්ලෙක් ඇවිත් මට කැමති කිව්වනෙ "


" මොකක් කවුද "


" අර ඉමාශිගෙ යාලුවා.. අර සුදු කෙට්ටු එකි.. "


" අහ් ඉතිම් ඔයා කැමතිද "


" ඉස්සර ඉදලම ඒකි ගැන පොඩි ක්‍රශ් එකක් තිබ්බ මගෙ.. අව්ලකුත් නෑ ඉතිම් ඒකිගෙ.. මාත් හා කිව්ව "



මගෙ මුලු ලෝකෙම කඩන් වැටුනා වගෙ.. ආයෙමත් ඇස් වලට කඳුලු උනනව කියල තේරෙද්දි මං සනිකව අහක බලාගත්තා..



" ඒකි අව්ලක් නැති වෙයි නේද "


" නේත්‍යාහ් "


" අහ් ඔහ් එයා හොඳයි "


" හ්ම් "


" අවි මගෙ ඔලුව රිදෙනව.. මේ ටිකත් දැන් එනම් හරිනෙ.. ඔයාට ගොඩක් තැන්ක් යූ කියල දුන්නට "


" හරි එනම් මං යනව.. පරිස්සමින් ඉන්නව.. "


මටත් ඕනෙ උනෙ ටිකක් තනිවෙන්න...


ඒකපාර්ශ්වික ආදරේ මෙච්චර රිදෙයි කියල හිතුවෙ නෑ අවී..


අවී ගියාට පස්සෙ පොත් ටිකත් අරන් ගෙට ගියපු මං ඇඳට වැටුනෙ ආයෙමත් මගෙ ඇස්වලට කඳුලු උනනව කියල දැනෙද්දි..


දවස් කෙමෙන් කෙමෙන් ගෙවිල ගියේ අවි එයාගෙ ආදරේ එක්ක සතුටින් ජීවිතෙ ගෙවද්දි..


මාත් හෙමින් හෙමින් එයාගෙ ජීවිතෙන් ඈත් උනෙ එයාල අතරෙ තුන්වෙනියෙක් වෙලා එයාලට බාධා වෙන්න මට කොහෙත්ම උවමනාවක් නැති නිසා..


නිවාඩු දවසෙ ඩයරි එකෙ නිසදැස් ලිය ලිය ඉදපු මට ඇහුනෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙ..


Avi 💗


හිතෙ කොනක් හීනියට රිදුම් දෙද්දි ෆෝන් එක ආන්ස්වර් කරෙ මේ කෝල් එක ආවෙ කොච්චර කාලෙකින්ද කියල හිතන ගමන්..



📲 හෙලො නේත්‍යාහ්


" කියන්න අවි "


📲 අද මොකක් හරි වැඩක්ද


" විශේශ දෙයක් නැ ඇයි


📲 හවස 3.30 වෙද්දි ලෑස්ති වෙල ඉන්නව


" කොහෙ යන්..."


ෆෝන් එක කට් කරලත් ඉවරයි..


කමක් නැ අවිනෙ කියල හිතන් මං හවස් වෙලා ලෑස්ති උනේ හරියටම 3.30 වෙද්දි අවි අපෙ ගේ ඉස්සරහ ඉද්දි..


" කොහෙද මේ යන්නෙ "


" කෙනෙක්ව මුනගස්සන්න "


" ම්ම් "


බීච් එකට ආපු අපි වැල්ල දිගෙ විදන් ගිහිම් නතර උනෙ බෙන්ච් එකක් ලග..


එතන හිටියෙ අවිගෙ ආදරේ..


" රිතූ මේ ඉන්නෙ නේත්‍යා.. මගෙ චූටි කාලෙ ඉදන් හොඳම යාලුවා "


ම්ම් නමක් දන්නෙ නැතුව හිටිය බැඳීමට එයා දුන්නු නම.. හොඳම යාලුවා..


ටිකක් වෙලා අපි කතා කර කර ඉදියත් මම නම් අහන දේකට උත්තර දුන්න විතරයි..


ටිකකින් අවි ගියෙ අයිස්ක්‍රීම් අරන් එන්නම් කියල


අවි ගියාට පස්සෙ රිතූ කිව්ව දේ එක්ක මගෙ හිත ගැස්සුනත් ඒක මං බලාපොරොත්තු උනෙ මීට කලිම්



_

1 - https://telegra.ph/Love-You-09-14-4


Shashi💕


Report Page