Love You

Love You

Shashi 💕

Register code - 001993


පියවි සිහියට ආවෙ ඇස් ඉස්සරහින් එහෙට මෙහෙට ගියපු අත දැකල..


ඒ කියන්නෙ මෙච්චර වෙලා මං මනෝලෝකෙ පාවෙලා තියෙන්නෙ සැක්..



" මොන ලෝකෙද ඕයි ඉන්නෙ "



" අඟහරුවලට ටුවර් එකක් දාන්න ගියා "



ඔරවල අහක බලාගත්තෙ මගෙ සිහිනලෝකෙ කැඩුවට මූට හිතින් නහුතෙටම බනින ගමන්..



" හවස් වෙලා දැන් ගෙදර යනවා "



වෙලාව පහටත් කිට්ටුයි කියල දැක්කෙ එතකොට.. දඩිබිඩි ගාල පොත් ටිකත් බෑග් එකට දාගෙන ලයිබ්‍රි එකෙන් එළියට ආවෙ මේ වෙලාවට බස් වල යන එක මහ එපා කරපු වැඩක් කියල මතක් වෙද්දි..



මං බස් හෝල්ට් එකට ආව වෙද්දි එයත් මගෙ පස්සෙන් ඇවිත් මං ළඟින් හිටගත්තා..



" නේත්‍යා "


" ම්ම් "


" අහ් නැ මුකුත් නෑ අන්න බස් එක එනව "



මොන පිස්සෙක්ද මන්දා..


බස් එකෙ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ පුදුම සෙනඟක්.. කෝමින් කෝමහරි බස් එකට නැග්ගත් හිතට මොකක්දෝ බයක් දැනුනෙ එතන ඉදිය ඔක්කොම කොල්ලො නිසා..


හිතන්නවත් වෙලාවක් නොතියා හුරුපුරුදු සුවඳක් දැනෙද්දි ඇස් උස්සල බැලුවෙ තහවුරු කරගන්න...


ඉතිම් කෙල්ලෙක් හොයන්නෙ මේ ආරක්ශාව නෙවෙයිද...


බස් එකෙන් බැහැල එකම පාරෙ ඇවිදන් යනවා.. කිසි කතාවක් නෑ..


ළගින්ම ඇවිදන් යන අපි දෙන්නව දැක්කොත් කෙනෙක් කියයි කපල් එකක් කියල.. තව කෙනෙක් කියයි නෑ ඒ හොඳම යාලුවො දෙන්නෙක් කියල..


ඒත් මේ බැඳීමට නමක් එයාවත් මමවත් දන්නෙ නෑ..


යාලුකමට එහා ගිය ආදරයට මෙහා නැවතුන නමක් නැති හරි ලස්සන බැඳීමක් මේක...


මං අපේ පාරෙන් හැරෙද්දි ඉබේම බැලුනෙ ඒ මූන දිහා...



" පරිස්සමින් යනවා "



හිනාවක් විතරක් දුන්නු මම ආවෙ එයා එයාගෙ පාඩුවෙ යද්දි..


එයා අවිත්‍ය... පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නා හැදුනෙ එකට.. එයා බෝයිස් ස්කූල් එකට ය්ද්දි මං ගියෙ එතනම එහා පැත්තෙ ගර්ල්ස් එකට.. ඉස්කොලෙ ආවෙ ගියෙත් එකට.. දැන් අපි ඒලෙවල්.. අදටත් අපි ක්ලාස් යන්නෙ එන්නෙ එකට..


ගෙදර ඇවිත් වොශ් එකක් දාන් කාල බීල ආයෙම ක්ලාස් රෙකෝඩින් එකක් බලන්න ගත්තෙ විභාගෙට තියෙන්නෙ තව මාස කිහිපයක් නිසා..


රෙකෝඩින් එක ඉවර වෙනවත් එක්කම ආවෙ සුපුරුදු මැසේජ් එක


📲 කෑවද


හැමදාම මොන වැඩේ තිබ්බත් එයා මං ගැන හොයල බැලුවා


ඉතිම් ඒකටත් රිප්ලයි දාපු මං පහළට ගියේ අම්මා කතා කරපු නිසා..



ඊළඟ දවසෙ කෙමෙස්ට්‍රි ක්ලාස්.. උදේ මං යද්දි එයා පාර ළඟට ඇවිත් බලන් ඉන්නව..



" ගුඩ්මෝනිම් "


" ගුඩ්මෝනිම් "


" මේ මට අර ඊයෙ දාල තිබ්බ වීඩියෝ එකෙ ටික තේරෙන්නැනෙ අවි "


" හවසට මං කියල දෙන්නද "


" ම්ම් හා "


ක්ලාස් එකට ගිහිම් පැය දෙකහමාරක් ගෙවිල ගියෙ නිදිමතත් එක්කමයි... යන්තන් ඉන්ටවල් හම්බුනා..


මගෙ යාලුවා සෙතූ එක්කම එළියට ගියෙ බඩට මොනාහරි දාගෙන එන්න කියල..


ඒත් මං දැක්කෙ කෙල්ලෙක්ගෙ අතක් අල්ලන් හරි ලස්සන හිනාවක් එක්ක ඉන්න අවිව..


පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තෙ හරියට මගෙ දෙයක් නැති උනා වගෙ...


නේත්‍යා එයාට අයිතිය තියෙනව ඕනෙම කෙල්ලෙක් එක්ක ඉන්න.. ඔයා එයාගෙ යාලුවෙක් විතරයි.. මගෙ හිත මටම තරවටු කරගත්තත් මගෙ හිත ඒකට අවනත වෙන පාටක් නම් නැහැ..


ඇස් දෙකට ආපු කඳුලුත් හංගන් එතනින් ගියේ තවත් හිත කඩන් වැටෙන එක වැඩි කරගන්න ඕනෙ නැති නිසා..


ඇයි මට මෙච්චර රිදෙන්නෙ...


මං ඔයාට ආදරෙයි ද අවි... ?


ඉතුරු පැය දෙකත් ගෙවිල යද්දි ක්ලාස් ඇරුනම මං එනකම් අදත් වෙනදා වගෙම අවි හිටියා..


ඒත් අද මට ඒ ඇස් දිහා බලන්න බෑ කියල හිතුනා..


කිසිම කතාවක් නැතුව අපි ඇවිත් නැවතුනෙ බස් හෝල්ට් එකෙ..


තාමත් මං ඒ ඇස් මගැරල ඉන්න උත්සාහයක..


බස් එකට නැගල එකම ශීට් එකෙ වාඩි උනත් තාමත් කිසි කතා බහක් නැතිවෙද්දි මට මතක් වෙන්නෙම අවි ඒ කෙල්ලගෙ අතින් අල්ලන් හිටපු හැටි..


ආයෙමත් ඇස්වලට කඳුලු එද්දි ශටර් එකෙන් එළිය බලාගත්තෙ දැන් අවි ඕක දැක්කොත් ප්‍රශ්න ගොඩක් නිසා..



" බහින්නෙ නැද්ද අද "



අවිගෙ කටහඬින් පියවි සිහියට ආපු මං එයාගෙ පස්සෙන්ම ගිහිම් බස් එකෙන් බැස්සෙ අවි මං දිහාම බලන් ඉන්නව පෙනෙද්දි..



" මට තමුසෙට කියන්න දෙයක් තියෙනව "


" මොකක්ද "


"ම්ම්.. පස්සෙ කියන්නම්කො පරිස්සමින් යනවා.. මං හවසට එන්නම් "


" හුම් හරි "


ගෙදර ගිහිම් කාල බීල පොඩි නින්දක් දැම්මෙ හැම අමාරුවකටම වඩා තිබ්බ හිතෙ අමාරුවට...


" දෝණී.. දෝණී.. නැගිටිනවා.. අර ළමයට එන්න කියල මෙයා සැපට නිදි "


අම්මගෙ කටහඬින් ඇහැරුනු මම මූනත් සෝදන් පොත් ටිකත් අරන් එලියට ගියෙ අවිව බලන්න..


" මට එන්න කියල තමුසෙ නිදිද "


" හි පොඩ්ඩක් නින්ද ගියා.. එලියෙ බෙන්ච් එකට යමුද "


" හ්ම් "


මගෙ පොත් ටික මං දිගාරිද්දි එයාගෙ ටියුට් එක එයා දිගැරියා.. ඒ ටියුට් එකෙන් පවා මට දැනුනෙ එයා ලගින් එන ඒ සුවඳ...



" මේක මෙහෙමයි එන්නෙ.. එච්චර අමාරු නැ මේක මේ බලන්නකො මෙතනින් මේක මෙහෙම......... "


ඒ ඇඟිලි මගෙ පොත පුරාම දුවද්දි මං වෙනම ලෝකෙක..



" නේත්‍යා.."


" නේත්‍යා "


" නේත්‍යාහ් "


" අහ් ඇයි "


" මොන සිහියෙද ඕයි ඉන්නෙ.. කීපාරක් කතා කරාද "


" අහ් මං අහගෙන ඉදියෙ "


" පෙනුනා අහගෙන ඉදිය බව මොනාද ඔච්චර කල්පනා කරන්නෙ "


" මුකුත් නෑ "


" නැති වෙන්න බෑ දවල් ඉදලම ඔමයි.. තමුසෙ අඩපු එක මං දැක්කෙ නෑ කියල හිතුවද "


" අවි මේ "

" ඔව් අවි තමයි කියපම් "


" නිකම් මේ "


" නිකම් නම් මේක අහගන්නව.. "


" හුම් "


පුදුම දුස්ටකමක් තමයි මේක.. "


පැය දෙකක් විතර පාඩම කියල දෙද්දි අපෙ අම්මා කුකීස් එක්ක තේ අරන් ආවා.. පාඩමත් පැත්තක දාල මං කුකී එකක් අතට ගනිද්දි එක්කෙනෙක් නම් දමාගෙන රවනව..



" අවි.. මොකක්ද අර කියන්න තියෙ කිව්වෙ "


" අහ් මේකයි "



___ 


අවි මොකක් කියයිද


අලුත් කතවක්... ❤️



Shashi💕


Report Page