Kidnapped by Love-9
ඕෂධී🌸✍
🍓Chapter-9
පහුගිය දවස් තුන හතරේ හෙට්ටිආරච්චි නිවසේ තිදෙනා අනික් අය ඉදිරියේ තාත්වික රංගනයක යෙදෙමින් සිටියෝය...ශනායාගේ අතුරුදහන් වීම ජේඩන් කියූ ලෙසටම සීතාඅම්මාට හා ඇමතිගේ ආරක්ශකයෝ පිරිසට කීම රෙබෙකා හා ඇමතිතුමා සමත්විය...ඔවුන්ට ඇසීමට අතුරු ප්‍රශ්න තිබුනද තමන්ගේ හාම්පුතාගේ හැටි දන්නා නිසා නිශ්ශබ්දව සිටියෝය...ඇමති නම් පුන පුනා කීවේ මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ඕන කියලා...ඒත් නොවදිනා වැදුම් වැදලා ඒ දේ නොකෙරෙන තැනට වැඩ කරන්න ජේඩන්ට පුළුවන් වුනා...
''ජේඩන් සර්, දිසානායක ගෲප් එක මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙලා ගියොත් අපිට ලොකු පාඩුවක් වෙන්නේ...''
ජේඩන් හිටියේ තමන්ගේ කාර්‍යාලයේ උඩම තට්ටුවේ තියෙන කාමරේක...ඒ කාමරේ දොරේ Chairman කියලා ගහපු ලොකු බෝඩ් එකක් තිබ්බා...මේ ව්‍යාපාර වල මුල් අයිතිය තිබ්බේ ජේඩන්ගේ සීයට...ඒ කියන්නේ රෙබෙකාගේ තාත්තට...පස්සේ කාලෙකදි රෙබෙකා රොජර් එක්ක විවාහ වුනාට පස්සේ මෙතන Chairman වුනේ රොජර් හෙට්ටිආරච්චි...ඊටත් පස්සෙ ඔහු පාර්ලිමේන්තුවට තේරෙනවත් සමග ඒ තනතුර හම්බවුනේ ජේඩන්ට...
''බිස්නස් කරද්දි කපටි වෙන්න ඕන තමයි මිස්ටර් මාන්නම්පෙරුම...මං හිතුවේ නෑ දිසානායකලා මෙච්චර කපටි වෙයි කියලා...අපේ ඩැඩා කොහොම මුන්ගේ කපටිකම් වලට අහුවුනාද මන්දා...''
''අනේ මන්දා සර්...අපේ ඔෆිස් එක මේ වෙලේ තියෙන තත්ත්වේ හැටියට අපිට එයාලගේ උදව් ඕන...එහෙම නැත්තන් මේක වහලා දාන්න වෙන්නේ...''
''මට තියෙන ප්‍රශ්නේ මම මෙතන chairman විදියට ඉන්නේ අපේ ඩැඩාගේ රූකඩයක් විදියටද කියලා...මොකද මම මෙතන chairman නම් මිස්ටර් දිසානයක දැනගන්න ඕන කතා කරන මගුලක් මාත් එක්ක කතා කරන්න... නැතුව අපේ ඩැඩා එක්ක ඕවා කියවලා හරියන්නේ නෑනේ...''
''මට කියන්න තියෙන්නේ මෙච්චරයි සර්...මේ ප්‍රශ්නෙට ඉක්මනට උත්තරයක් හොයාගන්න ඕන...''
ජේඩන් ඒකට උත්තරයක් දෙන්න හදනකොට මේසේ උඩ තිබ්බ ජේඩන්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා...ස්ක්‍රීන් එකේ ප්‍රයිවට් නම්බර් කියලා වැටෙනවා දැක්කා විතරයි,
''මිස්ටර් මාන්නම්පෙරුම දැන් යන්න...මේක මට emergency call එකක්...මං පස්සේ ඔයාට කතා කරන්නම්...''කියලා කිව්වා...ඉතින් මාන්නම්පෙරුම කාමරෙන් එලියට යනවත් එක්කම ජේඩන් කෝල් එක ආන්සර් කලා...
''හෙලෝ මිස්ටර් ජේඩන්,මම මේ කතා කරන්නේ-...''
''ශනායාගේ කිඩ්නැපර්...මම හරිනේ...''
''ඔව්...''
''මොකද මිනිහෝ මෙච්චර දවස් ගත්තේ කෝල් කරන්න... කෝ ශනයා...''
''මිස් ශනායා කතා කරයි...ඊට ඉස්සෙල්ලා මේක අහගන්න...තමුන්ගේ නංගිව ඕන නම් මට කෝටි පහලවක් ඕන...''
''කෝටි පහලවක්...''
''ඔව්...මම දැන් ෆෝන් එක ලවුඩ්ස්පීකර් දාන්නම් ඔයාට පුළුවන් නංගිට කතා කරන්න...''
''හෙලෝ අයියේ...''
''ශනායා...ඔයාගේ කටහඩ ඇහුවාමයි ඇගට ලේ ටිකක් ඉනුවේ...ඔයාට කොහොමද නංගි...''
''මම හොදින් ඉන්නවා අයියේ...මට කිසි ප්‍රශ්නයක් නෑ...අයියේ මං පොඩි දෙයක් ඔයාගෙන් ඉල්ලන්නද...''
''ඉල්ලන්න ලමයෝ...කොහොමත් ඔයා මෙච්චර කාලෙකට මගෙන් කිසි දෙයක් ඉල්ලලත් නෑනේ...''
''අයියා ප්ලීස්, මේ මනුස්සයට කෝටි පහලවක් හොයලා දෙන්න...මං දන්නවා ඔයාට අමාරුකම් ඇති කියලා...ඒත් මං වෙනුවෙන් ඔය ගාන හොයලා දෙන්න...මම ආයේ ඇමරිකාවට ගිය ගමන් ඔයාට ඔය සල්ලි එවන්නම්...''
''ශනායා එහෙම කරන්න ඕන නෑ...ඔයා මගේ නංගි...අයියා කෙනෙක්ට නංගි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනේ...''
''නෑ අයියා මේකයි, මේ සල්ලි හොයාගන්න වැඩේට තාත්තව සම්බන්ධ කරගන්න එපා...ඔයා තනියම ගොඩදාගන්න බලනවද...හේතුව මම මෙතනින් ගැලවිලා ආව දවසට ඔයාට කියන්නම්...''
''හරි මං එහෙම කරන්නම්...''
ඊටත් පස්සේ ජේඩන් කතා කරන්න ගත්තේ ආදිත්‍යට....
''මිස්ටර් කිඩ්නැපර්...මට ටික දවසක් කල් දෙන්න...මොකද මම සල්ලි ගස් වලින් කඩන්නේ නෑනේ...මේ ප්‍රශ්නේ බැංකු ගාවගන්නේ නැතුව විසදගන්නයි මට ඕන...''
''හරි...එහෙනම් තව දවස් පහකින් මං ඔයාට ආයේ කතා කරන්නම්...මතකයි නේ පොලිසිය ගාවගන්න බෑ...''
''Ok...ඒක නෙවෙයි මට ශනායා ගැන නම් බයක් නෑ...හැබැයි තමුන් ශනායාගෙන් පරිස්සම් වෙලා හිටියොත් හොදයි...'' යනුවෙන් කියූ ජේඩන් කෝල් එක කට් කලේය...
''ඔන්න මං වෙච්ච පොරොන්දුව ඉෂ්ට කලා ආදිත්‍ය...''
''තවත් ටිකක් ඉතුරුයි නේද ශනායා...''
''ආ ඔව්...දැන් ඉතින් ඔයාට නෙහාරා ගැන කියන්න නේ තියෙන්නේ...''
''ඒ විතරක් නෙවෙයි ඔයාගේ කතාවත් මට කියනවා කියලා කිව්වා...''
''ඊට කලින් මං පොඩි දෙයක් අරගෙන එන්නම්...''කියූ ශනායා පඩිපෙල දෙසට ගිය අතර ඇගේ පිටුපසින් ආදිත්‍යද ගමන් කලේය...ශනායා කාමරයට ඇතුල්වුන විගසම ඇයව එහි තනිකොට ආදිත්‍ය දොර වසා ලොක් කලේය...
“Adhithya! Open this damn door right now!”ශනායා දොරට ගසමින් කෑගැසුවාය...
''මං පොඩි ගමනක් යනවා...එතකන් ඕක ඇතුලට වෙලා ඉන්නවා...''
''F#ck you... You’re nothing but a coward!...This is weakness! Only a man with no courage locks a woman inside and runs away!”
ශනායා කොච්චර කෑගැහුවත් ඒවා ගැන කිසිම තැකීමක් නොකරපු ආදිත්‍ය සිවුරුහන් කරමින් පඩිපෙල බැස්සේය...ටිකකින් ශනායට කාර් එකක් ස්ටාට් වෙන සද්දය ඇසුන අතර මෙපන වෙලා කල කෑගැසීම නතරකොට ඇය ඇදේ වැතිරුනාය...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ආයේ ලබන සතියේ...
දහවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️