Kidnapped by Love-8

Kidnapped by Love-8

ඕෂධී🌸✍


Chapter-7



🍓Chapter-8


මේ වෙනකොට ශනායා ලංකාවට ඇවිත් සතියක් වෙනකොට ආදිත්‍ය එයාව පැහැරගෙන දවස් හතරක්...ආදිත්‍ය කොච්චර හොදට සාත්තු කලාද කියනව නම් පහුවදා උදේ වෙනකොට ශනායාගේ උණ අඩුවෙලා තිබ්බා...හැබැයි එදා උදේ ආදිත්‍යට කලින් ඇහැරුනේ ශනායට...ඇද ඉස්සරහ තියෙන සෝෆා එකේ නිදාගෙන ඉන්න ආදිත්‍යව ඇහැරවන්නේ නැතුව පහලට ආව ශනායා අර පැත්තකට කරලා අරින්න තියෙන ජනේලෙත් ඇරගෙන ආවේ මිදුලට...වටපිටාව සීතලයි හැබැයි ඉර එළිය වැටිලා තියෙන්නේ...හිතට ආව අදහසක් නිසා ශනායා මිදුලේ මැද්දෙන් ගෙට පිටුපාලා වාඩි වුනේ භාවනා කරන්න කියලා හිතාගෙන...



මේ අතරවාරයේ ඇහැරුන ආදිත්‍ය ශනායා කාමරේ නෑ කියලා දැනගෙන පහල තට්ටුවට ආවා...ඒත් එක්කම මිදුලේ භාවනා කරන ශනායව දැක්කම ආදිත්‍යගේ හිතේ ඇය ගැන තියෙන කුතුහලය තවත් දෙගුණයකින් විතර වැඩි වුනා...කිසිම සද්දයක් නැතුව ශනායා පැත්තට ඇවිදගෙන ගියත්,



''ගුඩ් මෝර්නින් ආදිත්‍ය,මට ඔයාව ඇහැරවන්න හිතුනේ නෑ...ඒකයි තනියම පහලට ආවේ...'' ඉන්න ඉරියව්ව පොඩ්ඩක්වත් වෙනස් නොකර ශනායා කිව්වා...



''ඔයාට පිටිපස්සටත් ඇස් තියෙනවද...''



''නෑ...මම ඔයාව ඇස් දෙකට දැක්කේ නෑ...හැබැයි මට ඔයාව දැනුනා...''



''ඒ කොහොමද...'' ශනායාගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ආදිත්‍ය කිව්වා...



''ඒවා ඔයාට වැඩක් නැති දේවල්...''



''ඕකනේ ඔයාට හැමදේටම කියන්න තිබ්බේ...''



''ඔයාගේ දේවල් මට කියන්නේ නැති තාක් මං මගේ දේවල් ඔයාට කියන්න යන්නෙත් නෑ...''



''ඔයාට දැන් කොහොමද... උණ අඩුයිද...''



''ඔව් දැන් මට සනීපයි...Thank you, ඊයේ දවසේ මාව බලාගත්ත විදියට...''



''You're welcome...''



''මං දෙයක් අහන්නද ...''



''අහන්න...''



''ඔයාට මට ආදරය කරන්න බැරිද ආදිත්‍ය...''



''බැහැ...මම ආදරේ කරන්නේ මගේ නෙහාරට විතරයි...''



''නෙහාරා දැන් මැරිලා ආදිත්‍ය...''



ඉතින් ශනායා ආයෙමත් ආදිත්‍යගේ කේන්තිය ඇවිස්සුව වගේ දෙයක් තමා වුනේ...ශනායා ඉන්නේ මොනවගේ තත්වයකද කියලා අමතක කරපු ආදිත්‍ය ශනායගේ බෙල්ලෙන් අල්ලගත්තා...



''මැරිලා නෑ, එයාව උබේ තාත්තා මැරුවා...'' මේ වෙලේ ශනායා ආදිත්‍යට දුන්නේ අර හැමවෙලේම දෙන සීතල බැල්ම නෙවෙයි...ඒක හරි අමුතු බැල්මක්...දුක අසරණකම මිශ්‍රවෙච්ච බැල්මක්...ඉතින් ආදිත්‍යගේ අත හිමින් හිමින් ලිහිල් වුනා...



''මගේ කේන්තිය අවුස්සන්න එපා ශනායා...එක පාරක් වෙච්ච දේ මදිද...මං කැමති නෑ මගේ අතින් ඔයාට මීට වඩා දෙයක් වෙනවට...''



''මේ ෆස්ට් ටයිම්ද...''



''මොකද්ද...''



''කෙල්ලෙක්ව කිඩ්නැප් කරපු...''



''තමුසේ හිතුවද කෙල්ලො කිඩ්නැප් කර කර උන්ගේ ගෙවල් වලින් සල්ලි කඩාගන්න එක මගේ රස්සාව කියලා...''



''පිස්සුද අනේ නිකන් ඇහුවේ...මම දන්නවනේ ඔයා **** ප්‍රයිවට් කම්පැණි එකේ හොද ජොබ් එකක් කරන්නේ කියලා...මේ එක නෙවෙයි මීට කලින් අඩුම කිඩ්නැප් කරන විදිය ෆිල්ම් එකකින්වත් බලලා නැද්ද...''



''ඇයි දැන් එහෙම අහන්නේ...''



''නෑ ඉතින් ෆිල්ම් වල නම් පැහැරගත්ත කෙනාව පුටුවකට තියලා බැදලානේ ඉන්නේ...මේක මාර වෙනස් කිඩ්නැප් එකක්...මට දැනෙන්නේ හරියට ට්‍රිප් එකක් ඇවිත් වගේ...''



''ඔයාටත් ෆිල්ම් වල වගේ ඉන්න තිබ්බා...කවුද හිතුවේ ඔයා මාව අදුරගනි,එතනින් එහාට තව තව ප්‍රශ්න වෙයි කියලා...මං දන්නේ නෑ දෙයියෝ මං එක්ක මොන වගේ සෙල්ලමක් කරනවද කියලා...''



''හැමදේම වෙන්නේ හේතුවකට කියලයි මං ඉගෙන ගෙන තියෙන්නේ...''



''කාගෙන්ද...''



''ඒක ඔයාට වැඩක් නෑ...ඔයා අපේ ගෙදරට කතා කලාද...''



''කතා කරන්න හිටියේ, මේ වෙච්ච ප්‍රශ්නත් එක්ක ඒක මගෑරුනා...අද කතා කරන්න ඕන...''



''මං වෙනුවට කීයක්ද ඔයා ඉල්ලන්න හදන්නේ...''



''කෝටි පහලවක්...''



''හහ්...එතකොට මගේ වටිනාකම කෝටි පහලවක්ද...''



''නෑ...''



''එහෙනම්...''



''ඒක ඔයාට වැඩක් නෑ...''


ආදිත්‍යගේ මූනේ ජයග්‍රාහි හිනාවක් ඇදෙනකොට, ආදිත්‍යව පිච්චිලා යන විදියේ බැල්මක් ශනායා දුන්නා...



''ඔයා අපේ තාත්තට කතා කරන්න එපා... අයියට කතා කරන්න...මං අයියගේ නම්බර් එක දෙන්නම්...''



''ඇයි ඒ...''



''මං ඔයාට උදව් කරන්න හදන්නේ ආදිත්‍ය...මට අයියා එක්ක කතා කරන්න දෙන්න ඔයාගේ ඉස්සරහම...මං ඔයාට ඔය සල්ලි අරගෙන දෙන්නම්...''



''ඇයි ඔයා මට උදව් කරන්න හදන්නේ...ඔයා හරිම වෙනස් ගෑනු ලමයෙක් ශනායා...ඔයා හැසිරෙන්නේ අමුතු විදියට...''



''මං ඒවා ගැන ඔයාට කියන්නේ ඔයා මට නෙහාරා ගැන කිව්වොත් විතරයි...''



''ඔව් එතකොට ඔයාට පුළුවන් නේ මෙතනින් ගියාට පස්සේ තාත්තට මං ගැන කියලා මේ ඔක්කොම අවුල් කරලා දාන්න...එතකොට ඉතින් තමුසෙගේ තාත්තා මාවත් මරලා අර අහිංසක මිනිස්සුන්වත් මරලා දායි...''



''ඒ වගේම තමා මං ඔයාව විශ්වාස කරලා මං ගැන හැම ඇත්තක්ම කිව්වොත් ඔයාට පුළුවන් ඒ ටික ගොසිප් පේජ් එකකට දීලා හොද ගානක් ගන්න...ඊට පස්සේ උන් ඒකෙන් රටම ගිනි තිබ්බාම අපේ තාත්තා මාවත් මරලා දාලා මගේ මලගෙදරටත් ඇවිත් බොරුවට අඩයි...''



''තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේ දුවට එහෙම කරන්නේ...''



''ආදිත්‍ය මේ ප්‍රශ්නේ අපි දෙන්නට දෙන්නා අවංක වුනොත් විතරයි ගොඩින් බේරගන්න පුළුවන්...මං දන්නවා ඔයාගේ හිතේ මං ගැන සැකයක්, කේන්තියක් ඇති...ඔයාට මට ආදරේ කරන්න බැරිවුනාට කමක් නෑ ආදිත්‍ය....ඒ වුනාට ඒකෙන් කියන්නේ නෑනේ අපිට හොද යාළුවෝ වෙන්න බෑ කියලා...ඉතින් අපි හොද යාළුවෝ වගේ මේ ප්‍රශ්නේ විසදගමුද...''කියලා ශනායා ආදිත්‍ය දිහාවට තමන්ගේ දකුණු අත දික් කලා...



ටික වෙලාවල් ඒ දිහා බලන් හිටිය ආදිත්‍ය ශනායාගේ අතින් අල්ලගත්තා...



''හරි යාළුවෝ වෙමු...උදේ කෑමෙන් පස්සේ අපි ඔයාගේ අයියට කතා කරමු...අනික් දේවල් ඊටත් පස්සේ බලමු...''ශනායාගේ අත හෙමින් හොලවන ගමන් ආදිත්‍ය කිව්වා...



''Good... Careful, Adhithya... Curiosity around me is a dangerous addiction...” යනුවෙන් කියූ ශනායා අදිත්‍යට ඇහැක් ගසා ඉගි කොට එතනින් නැගිටලා ගේ ඇතුලට ගියේ නිකන් නෙවෙයි... ආදිත්‍ය එයාගේ කොණ්ඩේ පිටිපස්සට කරල පොඩි බෑන්ඩ් එකක් දාලා හිටියේ...ආදිත්‍යගේ කොණ්ඩෙන් ඒ බෑන්ඩ් එකත් ගලවලා ගත්තා ශනායා ඒකෙන් තමන්ගේ කොණ්ඩේ ගැටගහන ගමන් තමා ආයේ ගේ ඇතුලට ගියේ...ඒක දිහා බලන් හිටිය ආදිත්‍යගේ හිතේ ශනායා ගැන දැනගන්න තියෙන ආසාව තවත් වැඩිවුනා...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



පොඩි පණිවිඩයක්,

ඔයාලා මට inbox මැසේජ් දානව නම් හායි කියලා නිකන් ඉන්න එපා ලමයි...අනිවාරෙන් හේතුවත් කියන්න...හේතුවක් තිබ්බේ නැත්තන් මං ඒ නම්බර් බ්ලොක් කරනවා...මේ දවස්වල නොදන්න නම්බර් වලින් මැසෙජ් එනවා වැඩි...ඒ අතරේ ඔයාලගේ නම්බර් එකක් තිබිලා මං බ්ලොක් කලොත් ඔයාලා මං ගැන වැරදියට හිතයි කියලයි මෙහෙම කිව්වේ...



නවවෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️

Report Page