Kidnapped by Love-7
ඕෂධී🌸✍
🍓Chapter-7
නිවසින් පිටතට පැමිණි ආදිත්‍ය ශනායා කිව්ව විදියටම ෆාමසි දෙකකින් බෙහෙත් අරගත්තා...ආපහු ගෙදර එනගමන් හෝටලයකින් වාහනය නතර කරපු ආදිත්‍ය එතනින් ශනායටත් එක්කම කෑම අරගෙන තමා ආයේ ගෙදර ආවේ...ඔය ඔක්කොම කරගෙන ගෙදර එන්න ආදිත්‍යට පැයකට වඩා වෙලාවක් යන්න ඇති...ගෙදර ඇවිත් පාර්සල් ටික කිචන් කවුන්ටර් එක උඩින් තිබ්බ ආදිත්‍ය උඩ තට්ටුවට ගියේ ශනායට කොහොමද කියලා බලන්න...කාමරේ ඇතුලට ආව ගමන් ආදිත්‍ය නානකාමරේ දොර ඇරලා කියලා දැක්කේ නෑ...
''ශනායා...ඔයාට උණ හැදිලා ඉන්නේ...වතුරේ තව වෙලා හිටියොත් උණ වැඩිවෙයි...'' ඇද රෙද්ද ගලවන ගමන් ආදිත්‍ය කිව්වා...නමුත් ශනායාගෙන් උත්තරයක් නැති තැන ආදිත්‍ය නානකාමරය ලගට යනකොට මෙපන වෙලා ඇරලා තිබ්බ දොරෙන් දැක්කේ ශවර් එක යට නිරුවතින් වැටිලා ඉන්න ශනායව...
''ශනායා...''කියාගෙන නානකාමරේට ඇතුලට දුවගෙන ආව ආදිත්‍ය තවමත් ශනායාගේ ඇග උඩට වතුර වැටෙන වතුර කරාමේ වහලා දාලා ශනායා දිහාවට පහත් වුනා...ආදිත්‍ය ශනායාට කතා කලාට ශනායට ඒවා ඇහුනේ නෑ...ඒත් ශනායා තමන්ටම මොනවද මුමුණ ගන්නවා කියල ආදිත්‍ය දැක්කා...
''ශනායා...ඔයාට මාව ඇහෙනවද...'' ආදිත්‍ය එය මදක් උස් හඩින් කියූ නිසාදෝ මන්දා ශනායා ඇස් ඇරියේ හරියට හීනෙන් බයවුන කෙනෙක් වගේ...
''ඇයි මට කතා කලේ...එයාලා මාව දාලා යන්න ගියානේ...''
ශනායා උණ විකාරෙන් කියවනවා වෙන්න ඇති කියලා හිතුන ආදිත්‍ය ඉක්මනට නානකාමරෙන් එලියට ආවේ බාත්‍රොබ් එකක් අරන් එන්න...ආදිත්‍ය ආපහු එනකොටත් ශනායා නානකාමරේ බිම ගුලි වෙලා හිටියේ තමන්ගේ නිරුවත් ශරීරය අතින් වහගන්න උපරිම උත්සහ කරන ගමන්...
''ශනායා මෙහෙට එන්න...''
''බැහැ...''තව තවත් බිත්තියේ කොනට යන ගමන් ශනායා කිව්වා...
''ශනායා මට බය වෙන්න එපා...අවසිහියෙන් හරි මම ඔයාගේ මුළු ඇගම දැකලා ඉවරයිනේ...''කියන ගමන් ශනායව අර බාත්‍රොබ් එකෙන් වැහුව ආදිත්‍ය ශනායව හරි පරිස්සමට උස්සගෙන ඇවිත් කාමරේ සෝෆා එකෙන් තිබ්බා...ආපහු කාමරෙන් එලියට ගිය ආදිත්‍ය බාත්‍රොබ් එක ගත්ත තැනින්ම ටවල් එකකුත් අරගෙන ආවා...ඒ එනකොටත් ශනායා අර සෝෆා එකේ කොනක ගුලිවෙලා ඉන්නවා...
''ඇයි උණ තියාගෙන නෑවේ...''ආදිත්‍ය ශනායාගේ කොණ්ඩේ පිහදාන ගමන් ඇහුවා...ඒත් ඉතින් ශනායා ඒකට උත්තර දුන්නේ නෑ...
''ඔයා ශවර් එක යට වැටිලා හිටිය විදිය දැක්කම මට ගොඩක් බය හිතුනා ශනයා...මං හිතුවේ ඔයා ලිස්සලා වැටෙන්න ඇති කියලා...''
''මම වැටිලා හිටියේ නෑ...මම ශවර් එක යට ඉදගෙන එයාලත් එක්ක කතා කලා...''
''මං එනකොට ඔයා වැටිලා හිටියේ...ඒක නෙවෙයි කවුද එයාලා...''
''ඒකෙන් ඔයාට වැඩක් නෑ...''
''ම්ම්...මං කෑම අරගෙන ආවා...කෑම කාලා බෙහෙත් බොමු...''
''මට කන්න බෑ...''
''මුරණ්ඩු වෙන්න එපා ශනායා...කන්න බැරි නම් සුප් තියෙනවා, ටිකක් බොමු...''කිව්ව ආදිත්‍ය ආයේම ශනායාව වඩාගෙන පඩිපෙල බැහැල පහලට ආවා...සාලේ තිබ්බ සෝෆා එකෙන් ශනායව තිබ්බ ආදිත්‍ය කුස්සියට ගිහින් කෑමයි බෙහෙතුයි ගෙනත් සෝෆා එක ලග තිබ්බ මේසේ උඩින් තිබ්බා...කොහොමහරි ශනායට සුප් එක පොවන වැඩේ කලෙත් ආදිත්‍යමයි...ඒකත් අර පොඩි ලමයින්ට වගේ...දුම් දාන සුප් හැන්දට පිඹලා තමා ආදිත්‍ය ශනායට සුප් ටික පෙව්වේ...
''ශනායා, මං ඔයාට මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ...මම දැක්කා ඔයාගේ ඇගේ තැනින් තැන දම් පාටත් වෙලා තිබ්බා...''
''නෑ එක මගේ වැරැද්ද... මං ඒ වෙලේ ඔයාව ඇවිස්සුවේ නැත්තන් ඔයා මට මෙහෙම කරන්නේ නෑ...''
''ඒ උනත් මං ඔයාට වද දීලා වැඩි වගේ නැද්ද...''
''වෙච්ච දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නෑ ආදිත්‍ය...මේ උණ අඩුවෙලා යයි,ක්‍රීම් ගෑවට පස්සේ මේ පැල්ලමුත් මැකිලා යයි...virginity එක ගැන කියනව නම් එකෙන් වැඩක් නෑ මොකද මං ඇමරිකාවේ නේ හැදුනේ... ඉතින් මට හැදියාවක් කියලා දෙයක් නෑ...''
''ඒත් ශනායා ඔයා ප්‍රෙග්නට් වුනොත් මොකද කරන්නේ...''
''මම ප්‍රෙග්නට් වෙන්නේ නෑ...''
''ඇයි තමුසේ වදයිද...'' ඒ වචන ආදිත්‍ය කිව්වටත් වඩා කටින් පැන්නා...ඉතින් ලෙඩ පැත්තකින් තියපු ශනායා ආදිත්‍යට හොද කම්මුල් පාරක් දුන්නා...
''මූසල කතා කියන්න එපා මිනිහෝ...මගේ පීරියඩ් සර්කල් එක ගැන තමුසෙද දන්නේ මමද දන්නේ...අනික මං වදයිද නැද්ද කියලා මීට කලින් ටෙස්ට් කරලා බලලා නෑ...ඒවට සාක්ෂි ඇදේ තියෙන්න ඇති නේ...''
''සොරි ශනයා...මං ඒක හිතලා කිව්වේ නෑ...''
''අපි දෙන්නා හෙට එලියට යමු...ඔයාගේ හිතේ තියෙන සැකේ මම අයින් කරන්නම්...''
''අමතක වුනාද මං ඔයාව කිඩ්නැප් කරලා ඉන්නේ කියලා...''
''නෑ මට හොදට මතකයි...මං මාස්ක් එකක් දාගෙන එන්නම්...එතකොට මාව කවුරුත් අදුරගන්නේ නෑනේ...''
''ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් එක්කගෙන යන්නේ නෑ...''
''හරි එහෙනම් ඔයා මට ප්‍රෙග්නන්සි කිට් එකක් ගෙනත් දෙන්න...''
''හරි මං ගෙනත් දෙන්නම්... දියපට්ට වලට ගාන ක්‍රීම් එකක් ඉල්ලුවේ මොකටද...''
බාත්‍රෝබ් එකේ පටිය ලිහිල් කරපු ශනායා ආදිත්‍යට ඉනේ තිබ්බ දියපට්ටය පෙන්වා,
''මෙන්න මේකේ ගාන්න...''යනුවෙන් කීවාය...
''මේ මොනවා වෙලාද...''
''ඔයා ඊයේ සිගරට් එකක් පත්තු කරලා මෙතනින් තිබ්බා...තව තැනකින් තියන්න හැදුවේ ඊට කලින් මම ඒක උදුරලා විසික් කලා...කාමරේ චෙක් කරලා බලන්න ඒක කොහේහරි වැටිලා ඇති...අනික් එක ශර්ට් එකේ බොත්තම් කෝ කියලා ඇහුවානේ...ඔයා බොත්තම් ගැලෙව්වා නෙවෙයි කඩලා විසිකලා...ඒවත් කාමරේ බිම ඇති...''
''එතකොට මේ තොල් තුවාල වෙලා තියෙන්නෙත් මං නිසාද...''
''ඔව්...''
''ශනායා මං ඔයාගෙන් සමාව ඉල්ලන්නෙ නෑ...මොකද මේ වගේ දේකට සමාව ඉල්ලන්නවත් හොද නැති නිසා...''
''ආදිත්‍ය මං කලින් කිව්ව ඒවා මතකයි නේ...වැඩිය හිතන්න එපා...පුළුවන් නම් අනික් ක්‍රීම් එක මගේ පිටේ හීරිලා තියෙන තැන් වල ගානවද...''
මුකුත් නොකියා ඔළුව හෙලෙව්ව ආදිත්‍ය ශනායාගේ බාත්‍රොබ් එක පහලට කරලා පිටේ තැනින් තැන තියෙන රතු පාට පැල්ලම් උඩින් අර ක්‍රීම් එක ගෑවා...
''ආ මේ බෙහෙත් ටිකත් බොන්නකෝ...''බෙහෙත් පෙති ටික හා වතුර වීදුරුවක් ශනායාගේ අතට දෙන ගමන් ආදිත්‍ය කිව්වා...
''ආදිත්‍ය ශර්ට් එක ගලවලා මෙතනින් වාඩි වෙන්න...''බෙහෙත් බීලා ඉවර වුන ගමන් ශනායා කිව්වා...
''ඒ මොකටද...''
''බෙල්ල මිරිකන්න නෙවෙයි...ඔයාගේ පිටේ මගේ නියපොතු පාරවල් තියනවා...ඒවට මේ ක්‍රීම් ගාන්න...''
''No thanks...මට ඒක තනියම කරගන්න පුළුවන්...ඔයා මෙතනට වෙලා ටිකක් රෙස්ට් කරන්න...මං ගිහින් කාමරේ අස් කරලා එන්නම්...''
ශනායා කිව්ව දේවල් එක්ක ආදිත්‍යට ඊයේ රෑවෙච්ච දේවල් ටික ටික මතක් වෙනගමන් තියෙන්නේ... ආදිත්‍යට එයා ගැනම ලැජ්ජයි, කේන්ති...ශනායා කොච්චර ඒ දේවල් අමතක කරන්න කිව්වත් ආදිත්‍යට එයා ජීවත්වෙලා ඉන්න අන්තිම හුස්මෙදිත් ඕක මතක්වෙයි...කලින් භාගෙට ගලවලා තිබ්බ ඇද රෙදි ටිකත් ගලවලා දාලා ආදිත්‍ය මුළු කාමරේම අතුගාලා දැම්මා...එතකොට ආදිත්‍යට හම්බවුනා ශනායා කිව්ව සිගරට් එකයි ශර්ට් එකෙන් ගැලවුන බොත්තම් ටිකයි...ඔය ඔක්කොම අස් කරලා දැම්ම ආදිත්‍ය කාමරේ ඇදරෙදි,කොට්ට උර විතරක් නෙවෙයි ජනෙල් රෙදිත් මාරු කලේ ඒකෙන් හරි ශනායගේ හිතට සහනයක් ලැබෙයි කියලා හිතාගෙන...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
මට හිතුනා, මම බෝනස් දුන්නා 😌....රියැක්ෂන් අඩු වුනොත් ආයේ සතියකටවත් මාව හොයාගන්න බැරි වෙයි...
අටවන කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️