Kidnapped by Love-6

Kidnapped by Love-6

ඕෂධී🌸✍



Chapter-5



🍓Chapter-6



පහුවදා උදේ සුපුරුදු විදියට මුලින්ම ඇහැරුනේ ආදිත්‍යට...ඒකත් සැර ඉර අව්වක් මූනට වැටිච්ච නිසා...උදේ කියලා කිව්වට තව ටිකකින් වෙලාව දවල් දොලහයි...තවමත් නිදිමත ගතිය තියෙන ඇස් පොඩි කරන ගමන් ආදිත්‍ය වටපිට බැලුවේ තමන් ඉන්නේ කොහෙද කියලා දැනගන්න...ඒත් එක්කම තමන්ගේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්න ශනායව දැක්කම ආදිත්‍යට නිදිමත කොහෙන් ගියාද කියලා දන්නේ නෑ...කාමරේ තැන තැන විසිරිලා තියෙන ඇදුම් දැක්කම ආදිත්‍යට වෙච්ච දේවල් මතක් වෙනවා ඒත් ඒ දේවල් ඇත්තද බොරුද කියන තැන ආදිත්‍යගේ හිත අතරමන් වෙලා... සුදු පාට ඇද රෙද්ද උඩට වැටිලා තිබ්බ රතු පාට පැල්ලම් කිහිපය දැක්කම ආදිත්‍යගේ ඉහමොල සේරම රත්වුනා...



''ශනායා...ශනායා නැගිටින්න...'' ආදිත්‍ය ඇදේ ඉදගෙන ශනායව ඇහැරුවත් ශනායට නැගිට්ටේ නෑ...ඒ වෙනුවට අමාරුවෙන් ඇස් දෙක ඇරලා කතා කලා...



“Good morning, ආදිත්‍ය… ඉතිං දැන් තමුසේ satisfied ද?”



''ශනායා ඊයේ රෑ ගැන මට තියෙන මතකේ හරිද...''



''ඔයාගේ මතකේ තියෙන්නේ මොනවද කියන්න මං දන්නේ නෑ...ඒ උනාට ඔයාගේ හිතේ මේ වෙලාවේ වැඩ කරන දේ ඇත්ත...''



''What the hell...මං මේ මොකද්ද කරගත්තේ...''



''මොකද්ද කරගත්තේ කියන්නේ...තමුසේ තමා මේ දේවල් ඔක්කොම කලේ...''



''වෙච්ච දේ මට මු-...ශනායා ඔයාගේ ඇග රස්නෙයි...''



''ඔව්...ඔයාගේ වැඩ නිසා...''



ඉතින් දැන් ආදිත්‍ය නලලේ අත ගහගෙන කල්පනා ලෝකෙක තනිවෙලා...



''ආදිත්‍ය...වෙච්ච දේවල් ගැන පස්සේ කතා කරමු...ඔයාට පුළුවන් නම් මේ උණ අඩුවෙන්න බෙහෙත් මොනවාහරි ගේනවද...ගෙදර නැත්තන් එලියට ගිහින් හරි ගේන්න...මම ඔයාට පොරොන්දු වුනා වගේම මේ ගෙදරින් යන්නේ නෑ...''



''හරි එහෙනම් මං ඇදුම් ඇදගන්නකම් අහක බලාගන්නවද...''



''අනේ මේ ආදිත්‍ය, ඊයේ රෑ ඉදන් අද පාන්දර වෙනකන් තමුසෙ මං ඉස්සරහ හිටියේ ඇදුම් ඇදගෙන නෙවෙයිනේ...''



''ඒ හිටියේ හරි සිහියෙන් නෙවෙයි නේ...දැන් මං ඉන්නේ හරි සිහියෙන්...''



''ඇත්තමයි ආදිත්‍ය උණ හැදිලා හිටියේ නැත්තන් තමුසේ මගෙන් හොද දෙකක් අහගෙන...''කියන ගමන් ශනායා බෙඩ් ශීට් එක ඔළුවේ ඉදන් පෙරවගත්තා...ඒත් එක්කම ඇදෙන් බැස්ස ආදිත්‍ය කාමරේ වැටිලා තිබ්බ තමන්ගේ ඇදුම් ටික අහුලගෙන අදින්න ගත්තා...



''ශනායා මේ ශර්ට් එකේ තිබ්බ බොත්තම් කෝ...'' ඇදුම් ඇදලා ඉවර වුනාට පස්සේ ඇද පහල වැටිලා තිබ්බ ශර්ට් එක අතට ගන්න ගමන් ආදිත්‍ය ඇහුවා...



''ඇත්තටම තමුසේ ඊයේද විස්කි පලවෙනි වතාවට බිව්වේ...නැත්තන් එක බොන්න කලින් තව මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ගැහුවද...''



''ශනායා වෙච්ච දේවල් මට හරියට මතක නෑ...''



''ආදිත්‍ය මට මහන්සි...කතා කරන්න බෑ...වෙච්ච දේවල් පස්සේ කතා කරමු ප්ලීස්...''



''හරි මං ගිහින් එන්නම්...''



''ආදිත්‍ය තව දෙයක්...පුළුවන් නම් මේවට ගාන්න පුළුවන් ක්‍රීම් එකක් ගේනවද...''ශනායා තමන්ගේ බෙල්ල පෙන්වමින් ආදිත්‍යට කීවාය...



''හරි ගෙන්නම්...''



''පොඩ්ඩක් ඉන්න...ඒක නැති වුනත් කමක් නෑ දියපට්ට ආවාම ගාන ක්‍රීම් එකක් අනිවාරෙන් ගෙන්න...''



''දියපට්ට ආවාම ගාන ක්‍රීම් එකක් ඔයාට මොකටද...''



''ඒක ආවාම කියන්නම්...මගේ කාඩ් එක වොලට් එකේ ඇති ඔයා එක යූස් කරන්න...''



''එහෙම ඕන නෑ... ඔයාට තව මොනවහරි කියන්න තියෙනවද...''



''ඔය ඔක්කොම එකම ෆාමසියකින් ගන්න එපා...ෆාමසියේ වැඩ කරන මිනිස්සු එක එක ඒවා හිතයි...ඊයේ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව පරිස්සමට ගිහින් එන්න...''



ඒකට මුකුත් නොකියා ඔළුව විතරක් හෙල්ලුව ආදිත්‍ය කාමරෙන් එලියට ගියා...ටිකකින් ශනායට ඇහුනා කාර් එකක සද්දයක්...ඉතින් ආදිත්‍ය එලියට යන්න ඇති කියලා හිතුව ශනායා හිටපු විදියටම ඇදේ දිගාවෙලා හිටියා...ඒත් ශනායා වැඩිවෙලාවක් එහෙම හිටියේ නෑ...හිමීට නැගිටලා නානකාමරේට ගියා...ආදිත්‍යගේ හපන්කම් ශනායා හරියටම දැක්කෙ දැන්...කණ්ණාඩියෙන් පේන තමන්ගේ නිරුවත් ශරීරය දිහා බලාගෙන ශනායා කල්පනා කරනවා...ආදිත්‍ය ශනයාගේ ඇගේ හැම තැනක්ම වගේ රතු කරලා තිබ්බා...සමහර තැන් තද දම් පාටක් ගත්තා...ඒත් ශනායාගේ ඇගිලි ගියේ ඉනට...සිගරට් එකට පිච්චුන තැන පොඩි දියපට්ටයක් ඇවිත් තිබ්බා...



''මොනවද මන්දෝදරී ඔයා මේ කරගත්තේ...''කණ්ණාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බයෙන්ම අහපු ශනායා ඊළග ශවර් එක යට හිටගත්තා...ශවර් එකෙන් වැටෙන වතුර ශනායගේ ඇගම තෙමාගෙන යනකොට ඒ වතුරටම ශනායාගේ කදුළුත් එකතු වුනා...අඩලා අඩලා හෙම්බත්වුන තැන ශනායා ශවර් එක යටින් ඉදගෙන ඔළුව දණිස්වල ගහගත්තා...



මේ වෙලාවෙ ශනායට මීට කලින් මනසින් ගල්තලාවක් උඩ භාවනායෝගීව හිටිය පුද්ගලයව මැවිලා පෙන්න ගත්තා... ඒකත් අර කලින් දැක්ක ගල්තලාව උඩම...වෙනසකට තිබ්බේ ඔහුගේ දෙපැත්තෙන් තවත් පුරුෂයෙක් හා කාන්තාවක් ඔහු මෙන්ම එරමිණියා ගොතා වාඩි වී සීටීමයි...අනික් පුරුෂයා ගැන කියනවා නම් ඔහුත් සුදු සරමක් කැසපොට හැද නලලේ හා ඉනේ කළු පාට පටියක් පැලද සිටි අතර ඔහු වයස්ගත පුද්ගලයෙක් විය...නමුත් තරුණ කාලයේ දේහදාරී සිරුරකට හිමිකම් කියන්නට ඇතැයි විශ්වාස කල හැකි සාක්ෂි තවමත් ඔහුගේ ශරීරයේ ඇත...කාන්තාව සුදු දිග ගවුමක් හැද සිටි අතර ඇයට ගොතන ලද දිගු වරලසක් තිබුණි...ශනායාටද එවැනි වරලසක් තිබුණා නම් ශනායා මේ කාන්තාවගේ කපාපු පළුව වේ...



''මන්දෝදරී ඉගෙන ගත්ත ශිල්පය පාවිච්චි කරපු විදියද මේ...''කලින් දවසේ මනසින් කතා කල පිරිමි රූපය ඇසුවේය...



''අනේ මට සමාවෙන්න...මට ඒ වෙලේ කරන්න දෙයක් තිබ්බේ නෑ...''



''ඉගෙන ගත්ත ශිල්පය පාවිච්චි කොරන්ටත් සිහියක් පතක් තියෙන්න එපැයි...මේකි මිනිස්සු කොරන වැඩ කොරන්න ගොහින් නේ සිහිය නැති කරගත්තේ...''ඒ අර වයසක පුරුෂයා...



''අනේ අත්තේ...එහෙම කියන්න එපා...මම අසරණයිනේ...''



''උබටත් උබේ අම්මගේ ඔලමොට්ටලකම එහෙම්ම පිහිටලා තියෙනවා...''



''දුවේ මම හිතුවේ නෑ උබත් මෝඩවෙයි කියලා...''සුදු ගවුම ඇද සිටි කාන්තාව කීවාය...



''අනේ අම්මේ එහෙම කියන්න එපා...ඔයාලා මට උදව් කරන්නකෝ...මට ඔයාලව ගොඩක් මතක් වෙනවා...මට පාළුයි අම්මේ...''



''මෙතනින් එහාට අපිට කරන්න දෙයක් නෑ මන්දෝදරී...ඔයා තනියම ප්‍රශ්න වලට මූන දෙන්න...''කියූ තරුණ පුරුෂයා ගල්තලාව මත සිටගත් අතර අනෙක් දෙදෙනාද ඔහුව අනුගමනය කරමින් සිටගත්තෝය...ඉන්පසු ඔවුන් සියළු දෙනාම ශනායාට පිටුපා ගමන් කරන්නට විය...



''අනේ එහෙම කරන්න එපා මාමේ...පුළුවන් නම් මාවත් ඔයාලා ලගට ගන්නකෝ...එතකොට මේවා ඔක්කොම ඉවරයි නේ...අම්මේ ඔයාවත් මාව දාලා යන්න එපා...''ශනායා කොතෙක් කිව්වත් ඔවුන් තිදෙනා නැවත හැරීමක් නොකරම ඇයට පිටුපා ගමන් කරන්නට විය...



''ශනායා...ඔයාට මාව ඇහෙනවද...''



එක්වරම ඇහුන ආදිත්‍යගේ කටහඩ හේතුවෙන් ඈ නැවතත් පියවි ලෝකයට අඩිය තැබුවාය...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



හිතුනොත් මේ සතියේ තව කොටසක් ගේනවා...



හත්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page