Kidnapped by Love-4
ඕෂධී🌸✍
🍓Chapter-4
ශනායව කාමරේට දාලා ලොක් කරපු ආදිත්‍ය ඊළගට ගියේ දෙවෙනි තට්ටුවේ වහලා දාලා තියෙන අනික් කාමරයට...ඒ කාමරය ඇතුලේ තිබ්බ අදුර නැති කරන්න ආදිත්‍ය ගිහින් ජනෙල් රෙදි දෙක දෙපැත්තට කලා...ඊටත් පස්සේ එයා හැරුනේ කාමරේ කොනක රෙද්දකින් වහලා තිබ්බ දෙයක් දිහාවට...ඒ රෙද්ද අයින් කලාම තිබ්බේ කැන්වස් එකක ඇදපු කාන්තාවකගේ රූපයක්...සමහරවිට ඒ අර නෙහාරා වෙන්නත් පුළුවන්...ටික වෙලාවක් ඒ රූපේ දිහා බලන් හිටිය ආදිත්‍ය ආයෙමත් අර රෙද්දෙන් ඒ චිත්‍රය වහලා දාලා ජනෙල් රෙදි දෙකත් ආයේම ලං කරලා කාමරෙන් එලියට ආවා...ශනායා ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නොකරපු ආදිත්‍ය ආයෙමත් කුස්සියට ආවේ අර කිව්ව instagram account එක ගැන හොයලා බලන්න...
ශනායා කිව්ව Mandy කියන ගිණුමේ පෝස්ට් එකක් තියා අඩුම ප්‍රොෆයිල් ෆොටෝ එකක්වත් තිබ්බේ නෑ...නමුත් ෆලෝවර්ස්ලා දාහකට වැඩිය පිරිසක් ඒ account එකෙන් ශනායට ඉන්නකොට ශනායා ෆලෝ කරලා තිබ්බේ ආදිත්‍ය ඇතුළු ලංකාවේ අය කිහිපදෙනෙක් හා ප්‍රසිද්ධ හොලිවුඩ් තරු පිරිසක් පමණි...අඩුම ගානේ ඒ private account එකෙන් ශනායාගේ public account එකවත් ෆලෝ කරලා තිබ්බේ නෑ...ඊටත් පස්සේ ආදිත්‍යගේ අවධානය යොමුවුනේ ශනායාගේ public account එකට...පැහැරගැනීමට පෙර ආදිත්‍ය විසින් මෙම ගිණුම පරීක්ෂා කර තිබුනේ උඩින් පල්ලෙනි...Public account එකේ ශනායව ෆලෝ කරන පිරිස තිස්දාහකට ලං වෙනකොට ෆොටෝ හතලිහක ප්‍රමාණයක් මේ වෙනකොටත් එහි තියෙනවා කියලා ආදිත්‍ය දැක්කා...එතනින් බොහෝ ඒවා ශනායාගේ තනි පින්තූර හෝ ඇය තමන්ගේ යහළුවන් සමග ගත් ඒවා විය...නමුත් තවත් පහලට යන විට තිබූ ඡායාරූප දෙකකට ආදිත්‍යගේ ඇස් එකවර ගමන් කලේය...
ඉන් එක ඡායාරූපයක ශනායාත්,ඇමතිත්,රෙබෙකා හා ජේඩන් යන මොවුන් සියළු දෙනා සිටි අතර එය අරගෙන ඇත්තේ ශනායාගේ ඇමරිකානු පාසල් දිවියේ අවසාන දවසේ විය...“Family: where life begins and love never ends...” යනුවෙන් ඒ ඡායාරූපය යටින් ශනායා සදහන් කර තිබුණි...
අනික් ඡායාරූපයේ සෝෆාවක ශනායාගේ දෙපැත්තෙන් විදේශීය පෙනුමක් ඇති ගැහැනු ලමයෙක් හා පිරිමි ලමයෙක් වාඩි වී සිටි අතර ඔවුන් දෙදෙනාගේ මව හා පියා ලෙස සිතිය හැකි දෙදෙනෙක් ඒ අසලින් හිටගෙන සිටියෝය...ඒ ඡායාරූපය නත්තල් සමයේ ගත් එකක් බව ආදිත්‍යට තේරුම් ගියේ පසෙකින් දක්නට ලැබුණු සරසන ලද විශාල නත්තල් ගහ නිසාවෙනි...“Festive feels with my favorite people...” ලෙස එම ඡායාරූපය යටින් සදහන් කර තිබූ අතර තවදුරටත් ''Miss you all...''යනුවෙන් සදහන් කොට ඊට ඇගේ පවුලේ අනික් තුන්දෙනාව මෙන්ශන් කර තිබෙන අයුරු ආදිත්‍යට දැකගන්න පුළුවන් විය...කෙසේ නමුත් ශනායගේ instagram පිටුවේ ඡායාරූප හා ඒවාට පවුලෙන් ලැබී තියෙන comments දුටු විට ඔවුන් එකිනෙකාට බොහෝ ආදරය කරන බව නම් ආදිත්‍යට මනාව වැටහුනි...
මේ අතර වාරයේ ශනායා කාමරයේ එහා මෙහා ඇවිද්දේ පිස්සියෙක් ගානට...ඒ ඇවිදින ගමන් පීරගත්ත කොන්ඩෙත් අවුල් කරගත්තා...උදේ බෑග් එක ඇතුලට දාපු කරාබු දෙක ආයේ අතට අරගත්ත ශනායා අර හරිත කදු වැටිය පේන විදියට ඇද මැද්දෙන් එරමිණියා ගොතාගෙන වාඩි වුනා...කරාබුවේ මෝස්තරය වුනේ පෙති පහක පුංචි මලක්...ශනායා ඒ කරාබු දෙක අත් දෙකේ මිටි කරගෙන අත් දෙක දණහිස් උඩින් තියාගත්තේ භාවනා කරන්න වගේ...හොද හුස්මක් අරන් පහත දැම්ම ඈ ඊලගට ඇස් පියාගෙන හෙමීට තමන්ටම මුමුණන්න පටන් ගත්තා...
''කරුණාකරලා මට උදව් කරන්න... මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න විදියක් මට පෙන්නන්න...මං දන්නවා මාව මේ අහුවෙලා තියෙන්නෙ අපේ තාත්තා කරපු මොකක්හරි දේකට කියලා...ඒත් ඒ මොකද්ද...ඒක දැනගන්නත් ආදීත්‍ය මාත් එක්ක කතා කරන්න ඕන නේ...හැබැයි අද වෙච්ච දෙයින් එකක් පැහැදිලියි, නෙහාරාට මොකක් හරි වෙලා තියෙනවා... ඒත් ඇයි මටම මේ දේවල් වෙන්නේ... මං නෙහාරට මුකුත් කලේ නෑ...නෙහාරට විතරක් නෙවෙයි මං කාටවත් වැරැද්දක් කරලා නෑ...එහෙම නොකරපු මට මෙහෙම වෙලා අපේ තාත්තා හොදින් ඉන්නේ කොහොමද...ඇයි දෙවියෝ මං ආදරේ කරන මිනිස්සුන්ව මගෙන් මෙච්චර ඈත් කරන්න හදන්නේ...''
ඉතින් දැන් ශනායට එයාගේ මනසින් කෙනෙක්ව පේනවා...ඔහු සුදු සරමක් ඇද එය කැසපොට ගසාගෙන සිටින අතර නලල හා ඉන වටා කළු පාට පටියක් පැලද සිටින්නේය...ඔහු කාල වර්ණ උඩු රැවුලක් හා තළෙලු සමක් ඇති අයෙකු වූ අතර ආදිත්‍යට නොදෙවෙනි දේහදාරි තරුණ ශරීරයක් ඔහුටද තිබුණි...එම පුරුෂයාත් ශනායා මෙන්ම එරමිණියා ගොතාගෙන ගල්තලාවක් මත වාඩි වී සිටියේය...
''කලබල වෙලා වැඩ කරන එක අපේ සිරිත නෙවෙයි...කවුරු කොහොම ඔයාව කලබල කරන්න හැදුවත් ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕන...යම් කිසි කෙනෙක්ට ඔයා නිසා වක්‍රාකාරයෙන් හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒකට සාධාරණයක් ඉෂ්ට කරන එක ඔයාගේ වගකීම...ඉගෙන ගත්ත ශිල්පය ඔළුවේ තියාගෙන වැඩ කරන්න...එතකොට ප්‍රශ්න වලට උත්තර ඉබේම හම්බවේවි මන්දෝදරී ...'' යනුවෙන් කියූ එම පිරිමි රූපය ශනායාගේ මනසින් මැකී ගිය අතර ඇය නැවත දෑස් හැරියාය...නැවත දිග හුස්මක් අරන් පිට කල ශනායා අර කරාබු ජෝඩුව නැවතත් අත් බෑගයට දමා ඇදේ වැතිරුනේ ආදිත්‍ය කොයි මොහොතේ හෝ ඇවිත් කතා කරයි යන බලාපොරොත්තුව ඇතුවය...
මුළු දවස තිස්සෙම ආදිත්‍ය කලේ තමන්ගේ ලැප්ටොප් එකත් එක්ක වැඩ කරපු එක... අන්තිමේදි ආදිත්‍යට පහල තිබ්බ ''L'' හැඩයේ සෝෆා එකේ දන්නේම නැතුව නින්ද ගිහින් ඇහැරුනේ රෑ දහයට විතර...ඒ වෙනකොට මුළු ගෙදරම අදුරුයි...ඉතින් ආදිත්‍ය පහල තට්ටුවේ ලයිට් ඔන් කරලා උඩ තට්ටුවට ගියේ ශනායාට කොහොමද කියලා බලන්න...එත් ඒ වෙනකොටත් ශනායා බෙඩ් ශීට් එකත් පෙරවගෙන හොදටම නිදි...අද දවසටම ශනායා කෑවේ උදේ කෑම එක විතරයි...අඩුම ගානේ ආදිත්‍ය වතුර වීදුරුවක්වත් ගෙනත් දුන්නේ නෑ...ශනායාට වතුර ඕන වුනාම කලේ නානකාමරේ සින්ක් එකේ කාරාමෙන් වතුර බිව්ව එක...ශනායා නිදි කියලා දැක්ක ආදිත්‍ය ආයේමත් දොර වහලා පහලට ආවා හැබැයි මේ වතාවේ දොර ලොක් කලේ නෑ...
ඊට පහුවදා ශනායා නැගිටිනකොට තමන්ගේ හිස බර ගතියක් හා කැරකෙන ගතියක් ඈට දැනෙන්න ගත්තා...ඒ නිසා කෑ ගසා හෝ ආදිත්‍යට කතා කරන්න ඕන යැයි හිතුන ශනායා දොර ලගට ආවත් දොර ලොක් කරලා නෑ කියලා දැක්ක ගමන් ශනායා ඉක්මනින් පහලට ආවා...පහලට ආව ශනායා දැක්කේ ආදිත්‍ය සෝෆා එකේ වාඩි වී සිගරට් එකක් ඇගිලි අතරේ රදාවගෙන දුම් පිට කරමින් ඉන්න බවයි...ඉතින් දැන් අර ඔළුව කැක්කුමට අමතරව ශනායට දරුණු කැස්සකුත් හැදිලා...
''ආදි- ක්හැ...ක්හැ...''
ඉතින් ශනායා නහය කටයි අතින් වහගන්න ගමන් කැස්ස පාලනය කරගන්න හදනවා...ඒත් එක්කම ආදිත්‍ය,
''ශනායා ඔයාට මොකක් හරි අවුලක්ද...'' කියන ගමන් ශනායා දිහාවට අර සිගරට් එකත් අතේ තියාගෙනම ආවා...ඒත් ශනායා ආදිත්‍යව පැත්තකට තල්ලු කරලා දාලා දිව්වේ මිදුලට බහින්න තියෙන්න වීදුරු ජනේලය දිහාවට...ඒ ජනේලය පැත්තට තල්ලු කරලා අරින්න හදපු එකක්...ඒකත් ඇරගෙන මිදුලට ආව ශනායා නතරවුනේ මිදුලේ තිබ්බ ලොකු සියඹලා ගහක් යට...ශනාය ඒත් එක්කම වමනය කරන්න ගත්තා...
''ශනායා ඔයාට සනීප නැද්ද...'' ශනායගේ පිටිපස්සෙන් දුවගෙන ආව ආදිත්‍ය ඇගේ පිට අතගාන ගමන් අහනවා...
''අනේ මට වතුර එකක්...''
''ඉන්න මං ගෙන්නම්...'' ආයෙමත් ගේ ඇතුලට දිව්ව ආදිත්‍ය වතුර වීදුරුවක් අරගෙන ඇවිත් ශනායට දුන්නම ශනයා මුළු වීදුරුවම එක හුස්මට බීලා ඉවර කලා...
''Thank you ආදිත්‍ය...''
''හ්ම්ම්...ඔයාට මොකද උනේ...''
''උදේ නැගිට්ටම ඔළුව රිදෙන්න ගත්තා...ඒක ගැන ඔයාට කියන්න පහලට ආවම කැස්සක් හැදුනා...මට සිගරට් ගද අල්ලන්නේ නෑ...සිගරට් ගද දැනුනාම කැස්සක් හැදිලා ඔක්කාරෙට එනවා...ඒක තමා මේ වෙන්න ඇත්තේ...''
''එනවා යන්න ගේ ඇතුළට...''කියලා ආදිත්‍ය ශනායගේ අතින් ඇදගෙන ආයේ ගෙදර ඇතුළට ආවා...
''මට පෙනඩෝල් දෙකක්වත් දෙනවද...''කිචන් කවුන්ටර් එක ලග තිබ්බ පුටුවෙන් වාඩි වෙන ගමන් ශනායා කිව්වා...
''හිස් බඩ පෙනඩෝල් බොන සිරිතක් නෑ...''කියමින් ආදිත්‍ය ඒ අසල එල්ලා තිබ්බ First-aid box එක විවෘත කරලා බෙහෙත් කාඩ් එකක් ගත්තා...ආයේමත් වීදුරුවට වතුර පුරවලා බෙහෙත් කාඩ් එකත් එක්කම ශනායගේ ඉස්සරහින් තිබ්බා...
''ඕකෙන් එක කරලක් අරන් බොන්න...''
''මේ මොනවද...''
''හරි හමන් කෑමක් නැති නිසා ඔයාට ගැස්ට්‍රික් හැදිලා වෙන්න ඇති...ඒ නිසා ඕක බොන්න...''
''මට බෑ මේවා බොන්න...අනික මට ගෑස්ට්‍රික් නෑ...''කියමින් ශනායා මුරණ්ඩු වන විට ආදිත්‍ය බෙහෙත් කාඩ් එකෙන් රෝස පාට කරලක් එලියට අරගත්තා...ඊටත් පස්සේ ශනායා ලගට ආව ඔහු ඇගේ කට තදින් අල්ලාගෙන අර බෙහෙත් පෙත්ත කට තුලට දමා වතුර උගුරක් බලෙන් පෙව්වේය...
''තමුන්ට මට බලහත්කාරකම් කරන්න එනවද...''
''මුරණ්ඩු වෙන්නේ නැත්තන් ඔය කිසි දෙයක් නෑ...මං උදේට කන්න මොනවාහරි හදන්නම්...ඊට පස්සේ පෙනඩෝල් දෙකක් බොමු...''කියලා ආදිත්‍ය සින්ක් එක දිහාවට හැරෙනකොට ශනායා ආදිත්‍යගේ ෆ්‍රිජ් එක ඉස්සරහින් හිටගත්තා...ෆ්‍රිජ් එක ඇරිය ගමන් දැක්ක ස්ට්‍රොබෙරි තිබ්බ පැකට් එක එලිය අරන් ශනායා දොර වහලා දැම්මා...
''ඔයා උයනකම් මම මේකවත් කාලා ඉන්නම්...''කියන ගමන් ශනායා පිහි රදවනයෙන් පිහියකුත් අරගත්තා...
''ඇමරිකාවේ හිටියට මැනර්ස් කියලා කිසි දෙයක් දන්නේ නෑ වගේ...හරි නම් ඕක ගන්න කලින් මගෙන් අහන්න ඕන...''ආදිත්‍ය සින්ක් එකට හේත්තු වෙන ගමන් කිව්වා...
ඒකට පිලිතුර විදියට ශනායා කලේ ඇස් රෝල් කරපු එක විතරයි...
''එක අතකට මටත් පිස්සුනේ...තමුසෙගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැදිච්ච උන් වෙනකොට තමුසෙගෙන් කොහොමද හැදියාවක් බලාපොරොත්තු වෙන්නේ...''ආදිත්‍යගේ කටින් ඒ වචන පිට වෙලා ඉවර වෙනවත් එක්කම ඔහුට හිතන්නවත් ඉඩක් තියන්නෙ නැතුව ශනායා ඔහු දෙසට කඩා පැනලා ඉවරයි...
ශනායා දකුණු අතින් ආදිත්‍යගේ බෙල්ල අල්ලගන්නකොට වමේ අතේ තිබ්බ පිහියේ කැපෙන්නෙ නැති දාරය තද වුනේ ඔහුගේ සිරුරේ ඉනෙන් පහල තිබ්බ ප්‍රධාන අවයවයකට...ඉතින් දැන් ශනායාගේ ඇස් දෙකේ තියෙන්නේ අර සීතල බැල්ම නෙවෙයි කේන්තියේ ගිනි පුපුරු පිටවෙන ඇස් දෙකක්...
''මේක හොදට අහගන්නවා ආදිත්‍ය...මේ තමුසෙට ලැබෙන පලවෙනි සහ අන්තිම අවස්ථාව...ආයේ තමුසෙගේ කටින් මගේ අම්ම ගැන වැරදි දෙයක් කියවුනොත් එදාට මෙතනට තද වෙන්නේ මේ පිහියේ අනික් පැත්ත...එක එහෙම උනොත් තමුසෙට ජීවිතේ කාලෙම ඉන්න වෙන්නෙ විදව විදව...ඒ නිසා මගේ අම්මට විතරක් මුකුත් කියාගෙන එන්න එපා...''කියපු ශනායා ආදිත්‍යගෙන් ඈත් වුනත් ආදිත්‍ය ඉන්නේ වෙච්ච දේ හිතාගන්න බැරුව...ශනායා ස්ට්‍රොබෙරි කිහිපයක් විතරක් අරන් ඉතුරු ටික ආයේ ෆ්‍රිජ් එකට දාලා කුස්සියෙන් යන්න ගියා...ඒත් ඒ ගිය ක්ෂණික එයා ආයේ ආවා...
''ආ මට කලින් කියන්න බැරිවුනානේ...මේ ගෙදර කොහේහරි තැනක පිස්ටල් එකක් තියෙනවා නම් ඒක මගෙන් හංගලා තියන්න ආදිත්‍ය...''කියපු ශනායා ආයේ ගියේ ස්ට්‍රොබෙරි ගෙඩියක් කට ඇතුලට දාගෙන ආදිත්‍යට ඇහැක් ගහලමයි...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
පස්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️