Kidnapped by Love-3

Kidnapped by Love-3

ඕෂධී🌸✍


Chapter-2



🍓Chapter-3



පහුවදා උදෑසන ශනායා අවදිවන විට උදේ අටත් පසු වී තිබුනි...ඒ වන විට ආදිත්‍ය නම් කාමරය තුල සිටියේ නැත...හෙමින් හෙමින් ඇදෙන් බිමට බැසගත් ශනායා ඇද ඉදිරියේ ඇති විශාල ජනෙල් රෙදි දෙක දෙපසට ඇද දැමුවාය...ජනෙල් රෙදි දෙකෙන් එහා පැත්තේ වූයේ විශාල වීදුරු බිත්තියකි... කෙසේ වුවත් වීදුරුවෙන් පිටත බැලූ ඈට දැකගත හැකිවූයේ තාමත් මීදුමෙන් වැසි ඇති හරිත වර්ණ කදුවැටියකි...ආදිත්‍යගේ නිවස අවට එකදු ගෙයක්වත් ශනායා දැක්කේ නැත...ඇයට තමන්ව කොල පාට ලෝකයක අතරමන් වූවාක් මෙන් දැනුනි...



''ගුඩ් මෝර්නින් මිස් ශනායා...''



පිටුපසින් ඇසුන ආදිත්‍යගේ හඩ හේතුවෙන් ඇය ඇස් කදු පේලියෙන් ඉවතට ගත්තාය...



''ගුඩ් මොර්නින් මිස්ටර් ආදිත්‍ය...''



''මේ ටික අරගන්න මිස්,බාත් රූම් එකෙන් මූන සෝදගන්න කැමති නම් ඇගසෝදගන්න...වතුර සීතල වැඩි නම් හීටර් එක ඔන් කරගන්න...''කියමින් ආදිත්‍ය ශනායාගේ දෙසට තුවායක් හා දත්බුරුසුවක් දිගු කලේය...



''කැමති නම් ඇග සෝදගන්න...ඇග හෝදගෙන මං මොකක්ද අදින්නේ මනුස්සයෝ...''



''මට මිස්ට එච්චර දේවල් නම් හොයලා දෙන්න අමාරුයි...කැමති නම් ඔය ඇදුම පිටින් ඉන්න...එහෙම නැත්තන් ඊයේ ශොපින් කරලා ගත්ත ඇදුම් වලින් එකක් දෙකක් අදින්න...කොහොමත් මිස් ඇදුම් අරන් තිබ්බේ ඇමරිකාවෙන් එනකොට කිසිම ඇදුමක් ගෙනාවේ නෑ වගේ නේ...'' ආදිත්‍ය කාමරයේ බිමේ කොනක තබා තිබූ ශනායා ඊයේ මිලදී ගත් ඇදුම් සහිත බෑග් ගොඩ පෙන්වා කිවේය...



''තමුසේ මගේ ඇදුම් බෑග් ටිකත් ඇදලා බැලුවද...''ශනායා ආදිත්‍යට දබරැගිල්ල දික් කරගෙන ඇසූ අතර



''ඔව් මගේ ආරක්ෂාවට...'' යනුවෙන් කියූ ආදිත්‍ය ඇගේ අත පහතට දැමුවේය...



''කෙල්ලෙක්ව පැහැරගෙන ඇවිල්ලා මදිවට ඒ කෙල්ලට ඕන පහසුකම් ටිකවත් දෙන්න බෑ...''



''මේ හලෝ මං ඊයේත් කිව්වා,මං තමුසෙව පැහැරගෙනයි ආවේ නැතුව තමුන් එක්ක පැනලා ආවේ නෑ...''



''හරි මොකක් හරි...දැන් යනවා මේ කාමරෙන් එලියට මට ඇදුම් මාරුකරගන්න...''කියූ ශනායා ආදිත්‍යව දොර දෙසට තල්ලු කලේය...



''මගේ ගෙදර ඉදන් මටම තර්ජනය කරන් එනවද ආ....''



''I have my own privacy too...so please go outside...''



''Ok...change your clothes and come downstairs for breakfast...'' 



ආදිත්‍ය දොරත් වසාගෙන ගිය අතර ශනායා කලින් දවසේ මිලදී ගත් රතු මල් සහිත උරපටි සුදු දිග ගවුමක් බෑග් අතරින් තෝරාගෙන නානකාමරයට ගියාය...



''පැනලා ආවේ නෑ කිව්වට මේවා දැක්කම මාව පැහැරගත්තා කියලා කියන්නත් බෑ ආදී...''නානකාමරයේ ශවර් එක අසල තබා තිබූ ශැම්පු හා කන්ඩිෂනර් බෝතල් දෙක දුටු විට ශනායා තමාටම කියාගත්තාය...



ඒහෙත් කණ්ණාඩියෙන් තමන්ගේ ප්‍රතිබිම්බය දුටු විට තමන් පැලද සිටි ආභරණ එකක්වත් දැන් නොමැති බව දුටු ශනායා නැවත කාමරයට පැමිණියේ තමන්ගේ අභාරණ වලට සිදු වුන දේ ආදිත්‍යගෙන් දැන ගැනීමටයි...එහෙත් ඒවා බෙඩ් සයිඩ් ටේබල් එක මත තිබෙනවා දුටු විට ඈ සැනසුම් සුසුමක් හෙළුවාය...එතනින් අර රත්තරන් කරාබු යුගලය පමණක් අතට ගත් ශනායා එය තමාගේ අත් බෑගයේ ඇතුලේ වූ පොකට් එකට දැමුවාය...


ඉන්පසු නැවතත් නානකාමරයට ගිය ඈ ඇග සෝදාගෙන ඊයේ අලුතින් මිලදී ගත් ගවුම ඇදගත්තාය...ඒ කෙසේවුවත් ගෑනු ලමයෙක් විදියට යන යන තැන අත් බෑගයේ නොවරදින පනාව නිසාවෙන් ඈට ආදිත්‍යගෙන් පනාවක් ඉල්ලාගැනීමේ වුවමනාවක් නොතිබුනි...නමුත් ඇයගේ අත් බෑගයේ තිබූ මුදල් පසුම්බිය හා දුරකථනය ආදිත්‍ය ඉවත් කරගෙන තිබෙනු ශනායා දුටුවාය...



කාමරයෙන් එලියට පැමිනි ඈ දුටුවේ වසා දැමූ තවත් කාමරයක් පමනි...තවද වසා දැමූ දොරක් තිබූ අතර එය විවෘත වන්නේ තරමක් විශාල බැල්කනියකට බව පමනක් ඈ දුටුවාය...කෙසේ නමුත් ශනායා පඩිපෙල බැස පහලට පැමිනියාය...පඩිපෙල බැස්ස තැනම නිවසේ ප්‍රධාන දොර යැයි සිතිය හැකි දොර හා තවත් කාමර දෙකකට යන දොරවල් දෙකක් තිබුනි...ඉන් එක් දොරක් පමනක් හැර තිබූ අතර එයින් ඇතුලට එබී බැලූ ශනායට වොශින් මැශින් එකක් දැකගන්නට ලැබුනි...එතනින් ඉදිරියේ වූයේ තරමක් විශාල සාලයට නිරාවරණය වූ කුස්සියයි...



''මිස්ටර් ආදිත්‍යගේ ගෙදර දැක්කම මට මගේ අපාර්ට්මන්ට් එක මතක් උනා...එකෙත් ඇතුල් වෙච්චගමන් වොශින් මැශින් එකයි ඩ්‍රයර් එකයි නේ තියෙන්නේ...තව ඉතින් මේ වගේම සාලේ පේන කුස්සියයි,මගේ නිදාගන්න කාමරෙයි,බාත් රූම් එකයි...''පාන් පෙතිවල බටර් ගාමින් උන් ආදිත්‍යට ශනායා කීවාය....



''මේ ගේ හදලා තියෙන්නේ ඇමරිකන් ස්ටයිල් එකට තමා...'' කරමින් උන් වැඩේ නතර නොකරමින් ආදිත්‍ය කීවේය...



''මාත් ආසයි කවදාහරි දවසක මේ වගේ ගෙදරක ජීවත් වෙන්න...''යනුවෙන් ශනායා කී විට ආදිත්‍ය බටර් ගෑම පැත්තකින් තියා ශනායා දෙස බැලුවාය...



''ආ මිස් ශනායා කන්න....මට ඉතින් ඔයාලගේ ගෙදර වගේ එක එක කෑම ඔයාට දෙන්න විදියක් නෑ...මොකද මේක හෝටලයක් නෙවෙයි මගේ ගෙදර...''



''ආ එකට කමක් නෑ...''කියූ ශනායා කිචන් කවුන්ටර් එක ලග තබා තිබූ උස පුටුවකින් වාඩි වී බටර් තැවරූ පාන් පෙත්තක් ගෙන කන්නට පටන් ගත්තාය...ඔවුන් දෙදෙනා නිහඩවම උදෑසන ආහාරයගත් අතර ආදිත්‍යගේ ප්‍රශ්න කීරීම් පටන් ගත්තේ ඉන් අනතුරුවය....



''මිස් ශනායා මගේ නම දන්නේ කොහොමද...''



''ඔක්කොටම ඉස්සර මට මිස් කියන එක නතර කරගන්න ආදිත්‍ය...ශනායා කියන්න එහෙම නැත්තන් මන්දෝදරි...''



''හරි මං ශනායා කියන්නම්...දැන් මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවද...''



"මුලින්ම කියන්න ඔයා මං ගැන දන්නේ මොනවද කියලා...එතකොට මට ලේසි වෙයි...''



"ඔයා රොජර් හෙට්ටිආරච්චිගෙයි රෙබෙකා ෆර්නැන්ඩස්ගෙයි දුව... ඔයාට අයියා කෙනෙක් ඉන්නවා එයා තමා ජේඩන් අයෝධ්‍ය හෙට්ටිආරච්චි...එතකොට ඔයා ඉගෙන ගන්නේ ඇමරිකාවේ ඉන්දියානා වල තියෙන *****යුනිවර්සිටි එකේ මැනෙජ්මන්ට් ෆැකල්ටියේ...ඔයාට මේ දවස්වල යුනිවර්සිටි එකේ නිවාඩු නිසයි ඔයා ලංකාවට ඇවිත් ඉන්නේ...."



"ඔයා එච්චරයිද මං ගැන දන්නේ..."



"මට ඔයාව කිඩ්නැප් කරන්න ඒ ටික හොදටම ඇති..."



"You are like cute kidnapper Adhii..."



"Don't call me that name..." කියමින් ආදිත්‍ය ශනායාගේ ගෙල තමන්ගේ ග්‍රහණයට ගත්තේය... ශනායාත් පසු නොබැසම ආදිත්‍යගේ ඇස් දෙසෙම අර සීතල බැල්මෙන් බලා සිටි අතර ටිකකින් ආදිත්‍ය තම ග්‍රහනය ලිහිල් කලේය...ශනායා නැවත කතා කරන්න ගත්තේ ඊටත් ටික වෙලාවක පසුවයි...



"ඔයා අවුරුදු දෙකක් තිස්සෙ මගේ ක්‍රශ් එක ආදිත්‍ය..."



"තමුසෙට පිස්සුද ගෑනියේ..."



''Maybe...''



''කියන දෙයක් තේරෙන්න කියනවද...ප්ලීස්...''



"මං කියන්න තියෙන දේ කෙලින් කිව්වේ...මං ඔයා ගැන දන්න දේවල් කියන්නම්කෝ...ඔයා දිනාල් ආදිත්‍ය සූර්‍යවංශ...ඇමරිකාවේ Ohio වල ****යුනිවර්සිටි එකේ ඉගෙනගත්තේ,දැන් ****කියන private company එකේ ඔයා ජොබ් එක කරනවා....මං ඔයාව පලවෙනියට දකින්නේ මීට අවුරුදු දෙකකට කලින්,ඒ ඔයාගෙම කැම්පස් එකේදි එතකොට ඔයා final year...මං ඉතින් කොහොමහරි ඔයාගේ නමත් හොයාගත්තා...නම ඇහුවාම නේ තේරුනේ ලංකාවේ කොල්ලෙක් කියලා...ආ අපි දෙන්නා instagram එකේ යාලුවෝ නේ..."



ශනායා එය කියා ඉවර වෙනවාත් සමගම වගේ ආදිත්‍ය තමන්ගේ දුරකථන අතට ගත්තේය...



"හෝව් හෝව් ඔයාට මාර කලබලයක්නේ තියෙන්නේ ආදිත්‍ය...මං ඔයාව follow කලේ මගේ public account එකෙන් නෙවෙයි...මට තව ෆෝන් එකක් තියෙනවා, එකේ තියෙන email එක දන්නෙත් මං විතරයි...ඒ email එකෙන් හදපු private account එකෙන් තමා මං ඔයාව follow කලේ...හැබැයි ඒ ෆොන් එක මම ලංකාවට එනකොට ගෙනාවේ නෑ...මං කියන්නේ බොරු නම් ඔයා චෙක් කරලා බලන්න ආදිත්‍ය Mandy කියලා account එකක් ඇති..."



"ඇයි තමුන් මේ වගේ දෙයක් කලේ..."



"Because you are my crush...ක්‍රශ් එකව instagram ෆලෝ කරනවා කියන්නේ වැරැද්දක් නෙවෙයි නේ...පොඩ්ඩක් ඉන්න, ඉස්සර ඔයා ස්ටෝරි එහෙම දැම්මා නේ කව්ද කෙල්ලෙක්ව මෙන්ෂන් කර කර...නම මොකද්ද එයාගේ...ආ නෙහාරා...කෝ දැන් එයා කොල්ලට බූට් එකවත් තිබ්බද එහෙම නැත්තන් වෙන කාවහරි කසාද බැන්දද..."ශනායා සමච්චල් හිනාවකින් ඇසුවාය...



එවිට මෙපමන වෙලා පුටුවේ වාඩි වී සිටි ආදිත්‍ය ක්ෂනිකව නැගිට ශනායාවද පුටුවෙන් ඔසවා අසල වූ බිත්තියට තද කලේය...ඔහු කෙතරම් වේගවත්ද කිවහොත් ශනායාගේ ඔලුවද බිත්තියේ වැදුනි...



"අහ් ආදිත්‍ය තමුසෙට මොන මගුලක් වෙලාද..." 



ශනායට තව එක වචනයක්වත් පැවසීමට නොහැකිවන ලෙස ආදිත්‍ය ඇගේ ගෙල තමන්ගේ ග්‍රහනයට හසුකරගත්තේය...



"ප*ට්ට බැ*ල්ලි...උබයි උබේ තාත්තයි එකතු වෙලා මාව කෑව යකෝ, මාව විනාස කලා...තොපිට මං යහතින් ඉන්න ඉඩක් තියන්නේ නෑ..."



"අත අහකට ගන්නවා ආදිත්‍ය නැත්තන් උබව මරලා හංගන එක මට මහ දෙයක් නෙවෙයී..." අමාරුවෙන් වචන කියූ ශනායා එකවර තමන්ගේ සිරුරේ මුළු ශක්තියම යොදා ආදිත්‍යව තල්ලු කර දැමුවාය...



"ඒක මං දන්නවා යකෝ මිනීමරු තාත්තගේ එකම දුව නේ උබ..." කියමින් නැවත ශනායා අසලට ආ ආදිත්‍ය ඇගේ කම්මුලට පහරක් ගැසුවේය... බලාපොරොත්තු නොවූ එම පහරින් ශනායා බිම ඇදගෙන වැටුන නමුත් ආදිත්‍ය ඈට කිසිම අනුකම්පාවක් නොපෙන්වා ඇගේ කෙස් වැටියෙන් ඇද ඈව ඉහලට එසවූයේය...



"තෝ වගේ අවලම් බැල්ලියෙක්ව නිදහසේ තියලා හරියන්නෙ නෑ කූඩු කරන්නයි ඕන..."යනුවෙන් කියූ ආදිත්‍ය ශනායව පඩිපෙල දිගේ ඇදගෙන ගොස් නිදනකාමරයට තුලට තල්ලු කර දොර වසා ලොක් කලේය...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට 😌🌚...



කතාව මං දෙනවා හැබැයි එක දිගට දෙන්න වෙන්නේ නෑ...ඊළග කොටස දාපු වෙලාවක කියවලා රියැක්ට් කරන්න...අනික් දේ තමා පුළුවන් කමක් තියෙනව නම් මේ කොටස් තුන කියෙව්ව ඔයාලට කතාව ගැන හිතෙන්නේ මොනවද කියලා අදහසක් ඉදිරිපත් කරගෙන යන්න...


මීට පාඩම් වැඩ අතරේ හිර වෙලා ඉන්න ඕතරි...



හතරවෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️

Report Page