Kidnapped by Love-38
ඕෂධී🌸✍
🍓Chapter-38
ආදිත්‍ය pov :
උදේ දහය වෙනකොට රමිත්ට රත්නපුර ටවුන් එකට එන්න කිව්වට ඌ ඒ විදියට වැඩ කරන්නේ නෑ කියලා මට හොදටම ශුවර්...ඒ නිසාම මං ගෙදරින් එලියට බැස්සෙත් දහයට...ඒත් ඉතින් මහ දුරක් එන්න වුනේ නෑ අතිජාත මිත්‍රයා කෝල් කරනවා...
''කොහෙද බල්ලෝ ඉන්නේ?''
''එන ගමන් ඉන්නේ...මොකද කෑ ගහන්නේ? ''
''තෝ පරයා වෙලාවට වැඩක් කරන්න දන්නේ නැද්ද...මං ටවුනේ එකට ඇවිල්ලත් ඉවරයි මූ එනගමන්ලු...''
''උබ කොතනද ඉන්නේ?''
''ඔරලෝසු කනුව ගාව...''
''එහෙනම් මං එනකන් ඔතනින් ලේන්සුවක් දාලා ඉදගනිම්...''
''අනේ හු## මේ...''
''කියවිල්ල නවත්තලා ෆෝන් එක තියපන් නැත්තන් තවත් පරක්කු වෙනවා...'' කියලා මමයි කෝල් එකත් කට් කලේ...
මූ කවදාවත් වෙලාවකට වැඩක් කරපු එකෙක් නෙවෙයි...ඉස්සර ඉස්කෝලේ එන්නෙත් බෙල් කරන්න ඔන්න මෙන්න තියලා...එහෙව් මිනිහා අද වෙලාවට වැඩ කලේ කොහොමද කියන එක නම් බොන්න ඕන ප්‍රශ්නයක්...
''වෙලාවට වැඩ කරන්න උබලට කියලා දීලා නැද්ද...''කියාගෙන ශීට් එකෙන් වාඩිවුනේ ලෝකේ අටවෙනි පුදුමේ...
''අද නම් වහිනවා පුතේ නුවර යට වෙන්න...''
''පලයන් යන්න... මං වෙලාවට වැඩක් කරපු එකට හොද කියන්නේ නැතුව මගුලක් කියෝනවා...''
මුගේ ඔය අදෝනාව අහගෙන ඉන්න වුනා කඩුගන්නාවට එනකන්ම... වෙන වෙන වල්පල් කියෝනවා අතර මැද්දෙන් ඕකත් ආයේ ආයේ කියව කියව ආවේ... අද වෙලාවට වැඩ කරලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි අංකල් කලින්ම මේකාව බස් එකට ඇරලලා... මෙච්චර කාලයක් මූත් එක්ක ඉදලා මගේ ට්‍රැක් එක පැන්නේ නැති එකට මටම පුදුමයි...
''මේ ආදී, මට ශනායා ගැන පොඩි ආරංචියක් ආවා...''
''මොකද්ද?''
''ආයුෂ්ව මැරි කරන්න ඉන්නේ ශනායාලු... ලගදිම දවසක ලොකු වෙඩින් එකක් නැතත් පොඩියට හරි එන්ගේජ්මන්ට් එක ගන්නලු ඉන්නේ...''
ඒ වචන ටික ඇහුනත් හරි මට කාර් එකේ බ්‍රේක් එක ඉබේටම පෑගුනා...
''හු##... මරන්නද හදන්නේ...හොද වෙලාවට සුද්දා මේ ගල විද්දේ...නැත්තන් උබයි මායි දෙන්නම මෙතන තැරි ගැහිලා... ''
''උබ කොහොමද ඔච්චර විශ්වාසෙන් ඔය වගේ කතාවක් කියන්නේ...''
''මෙච්චර මේ මැරෙන්න ගිහින් බේරිලා ඉන්න වෙලාවේ උබට මගේ විශ්වාසේ ගැනද ප්‍රශ්නේ තියෙන්නේ...අහ් මට දැන් නේ තේරෙන්නේ...කැස්සයි ආදරෙයි හංගන්න බෑ කියනවනේ...''
''රමිත් උබට මං විහිළු කරන මූඩ් එකක ඉන්නවා වගේද පේන්නේ...''
''හරි හරි බං...ඔය කතාව දිසානායක අංකල් අපේ තාත්තාව හම්බවෙච්ච වෙලාවක කියලා තියෙන්නේ... ''
''අර වගේ එකෙක් ශනායා වගේ කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ කියලා උබට හිතෙන්නේ නැද්ද...''
''හිතෙනවා බං...මට අදාල නැති නිසයි නිකන් ඉන්නේ... කැස්ස හොද කරගන්න බෙහෙත් ගන්න ඕන වගේ තමා උබේ හිතේ තියෙන ගින්න නිවාගන්න දැන්වත් ආදරේ ප්‍රකාශ කරපන්...''
''මං ආදරේ නෙහාරට විතරයි...''
''බොල බූරූ පුතේ, තෝ එහෙනම් මුළු ජීවිත කාලෙම නෙහාරට විතරක් ආදරේ කරගෙන තනියම ඉදලා මැරිලා පලයන්... එතකොට නෙහාරටත් පුළුවන් නේ ඉන්න තැනක ඉදන් උබ හූල්ලලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන දිහා බලාගෙන දුක් වෙන්න...''
''රමිත්...''
''ඔව් රමිත් තමා ඇයි... මේවා කියන්නේ උබේ හොදට මිසක් වෙන අහවල් දේකට නෙවෙයි...''
එතනින් පස්සේ රමිත් එක්ක වැඩි කතාවක් නැතුවම මං ගෙදරට එනකන්ම වාහනේ ඩ්‍රයිව් කලා... වාහනේ ඉස්තෝප්පුවට දානවත් එක්කම ඉස්සරහට ආවේ තාත්තා...එයාගේ පිටි පස්සෙන්ම කුඩම්මත් ආවා...
''දිනාල්ට යාළුවත් එක්ක එක කාමරේ ඉන්න පුළුවන් නේද? අපිට තව කාමරයක් ලෑස්ති කරන්න වෙලාව මදි වුනා...'' කියලා කුඩම්මා කිව්වා...
''තව කාමරයක් ලෑස්ති කරන්න සුජාතා...''
''එහෙම ඕන නෑ තාත්තේ, අපි දෙන්නා එක කාමරේ ඉන්නම්...'' කියාගෙන බෑග් දෙකත් උස්සගෙන මං රමිත් එක්ක පඩිපෙල නගින්න ගත්තා...
අපේ වලව්ව කොයි වගේද කියනවා නම් මැද මිදුලක් වටේට හදපු තට්ටු දෙකේ වලව්වක්...මගේ කාමරේ තිබ්බේ උඩ තට්ටුවේ... කාමරේට ආවත් හරි රමිත් නම් ඇග හෝදගන්න කියලා නානකාමරේට ගියා... ඒ අතරේ මං ආවේ කාමරේ ඉස්සරහ කොරිඩෝවට... අවුරුදු ගානකට පස්සේ තමා මං මෙහේ ආවේ... ඒත් තාමත් එදා වගේමයි මට මෙතන ගෙදරක් කියලා ෆීල් වෙන්නේ නැති තරම්...ඒත් එක්කම මට මතක් වුනේ ශනායව... එයාගේ ex- boyfriend ගේ විස්තර වල හැටියට ශනායා අයුෂ්ගේ ඇත්ත තත්වේ දැනගත්තොත් මොනවා කරයිද දන්නේ නෑ... බදින්න කලිනුත් වටේ ගිය එකා බැන්දට පස්සේ එහෙම නොකරයි කියලා හිතන්නත් බෑනේ... මං ශනායට කෝල් කරන්න ගියොත් කොහොමත් බැනුම් අහන්න වෙනවා...ඒත් ආයුෂ් නිසා එයාට කවදා හරි ප්‍රශ්නයක් වුනොත් එදාට මගේ හිතටත් හරි නැතිවෙයි ශනායට මේ ගැන කිව්වේ නෑ කියලා... ඒ නිසාම ඕන මගුලක් වෙච්ච දෙන් කියලා ෆෝන් එක අරගත්තේ ශනායට කෝල් කරන්න හිතාගෙන... මං බලාපොරොත්තු වුන විදියටම මුලින් බැනුම් පෝලිමක් අහන්න වුනා... අන්තිමේදි මං හොද හුස්මක් අරන්,
''ආයුෂ්ව මැරි කරන්න එපා...'' කියලා කිව්වා...
''අනේ මේ ආදිත්‍ය, මං ආයුෂ් අයියව මැරි කරන්නේ නැතුව ඔයාවද මැරි කරන්න ඕන? '' ඕක තමා අදාල පාර්ශවයෙන් හම්බවෙච්ච උත්තරේ... මගේ වයසේ එකාට කට පුරෝලෝ අයියා කියලා මට විතරක් නමින් කතා කරනවා... මේ ගෑනුන්ට තියෙනවා වගේ කැටයම් ඇම්බැක්කෙවත් නෑ... එක අතකට මටත් හොද වැඩේ උදව් කරන්න ගියාට...
''ජීවිතේ ඉතුරු කාලෙත් විදවන්න ඕන නම් ඌව කසාද බැදගන්නවා...''
''මගේ බඩේ ඉන්න දරුවට තාත්තා කෙනෙක් ඕන නිසා මං කොහොමත් එයාව කසාද බදිනවා...ආයේ මට කෝල් කරන්න එපා...''කියලා ශනායා කෝල් එක කට් කලා...
ඇහුන විදිය හරිද වැරදිද කියලා අහන්නවත් තිබ්බා මේ කෝල් එක තව කවුරුහරි අහන් හිටියා නම්...ඒත් ශනායා එච්චර මෝඩ වුනේ කොහො-... පොඩ්ඩක් හිටහන් ආදිත්‍ය, ඒ කෙල්ල ලංකාවට ඇවිත් දවස් තුනකට පස්සේ මං එයාව කිඩ්නැප් කලා නම් එයාව ආයේ ගෙදර යැව්වෙත් ගිය සිකුරාදා නම් මේ ඔය වගේ දෙයක් දවස් දෙකෙන් වෙන්න විදියක් නෑ...අනික මට හොදටම ශුවර් එයා මීට කලින් ආයුෂ් කියන්නේ කවුද කියලා දැනගෙන හිටියෙත් නෑ කියලා... ඒ කියන්නේ ඒ දරුවා මගේ... වැරදීමකින් උනත් ඒ තියෙන්නේ මගේ ලේ නේද කියලා මතක් වෙනකොට, ඊටත් ඒ ලමයා කවදාහරි තාත්තේ කියන්නේ වෙන මිනිහෙක්ට නේද කියලා මතක් වෙනකොට පපුවට නිකන් උල් පිහියකින් අනිනවා වගේ තේරුනා...ඒත් එක්කම මට බැලුනේ පල්ලෙහා තට්ටුවේ තියෙන තාත්තගේ නිදාගන්න කාමරේ දිහා... මිට අවුරුදු ගානකට කලින් ඔය කාමරේ යතුරු හිලෙන් දැක්ක දේවල් ආයේ මතකෙට එනකොට මං පඩිපෙල බැහැලා දුවගෙන ආවේ මිදුලේ අඹ ගහ යටට...
මට ශනායට ආදරේ කරන්න පුළුවන්ද කියන්න මං දන්නේ නෑ...හැබැයි ඇත්තටම ඒ දරුවගේ තාත්තා මම නම්, මං කීයටවත් ශනායව ආයුෂ්ට දෙන්නේ නෑ...
''මොන දරුවෙක් ගැනද බං කියවන්නේ...එක පාරක් කිව්වනේ ඒක ඒ වෙලේ කේන්තියට කිව්ව දෙයක් මිසක් ඇත්තට එහෙම දෙයක් වෙලා නෑ කියලා...මං කාගේ නමින්ද දිවුරන්න ඕන අර මැරිච්ච මිනිස්සු තුන්දෙනාගේ නම් වලින්ද නැත්තන් නෙහාරගේ නමින්ද?''
ආයේම පාරක් ශනායට කෝල් කලාම එයා කිව්ව මේ වචන ටික ඇහුනාම වෙන මිනිහෙක් නම් සමහරවිට සතුටු වෙයි... ඒත් මට දුකත් එක්ක කේන්තියක් හිතුනා තත්පර ගානකට මගේ හිතේ මැවිච්ච අදහස් මතක් වෙලා...ඒ දේවල් ඔයා දන්නවා නම්, අර වගේ කතාවක් කවදාවත් කියන එකක් නෑ ශනායා... අන්තිමේදි එයා කෝල් එක කට් කලෙත් ආයේම එයාට කතා කරන්න එපා කියලා... ඔක්කොමත් හරි ''මීට වැඩිය හොදයි සල්ලිත් අරගෙන මාවත් මරලා දැම්මා නම්...'' කියලත් කිව්වනේ...එක අතකට ආයුෂ් වගේ උන්ට හම්බවෙන්නම ඕන ශනායා වගේ කෙල්ලෝ... මං මේ ශනායා පව් කියලා අර වගේ වෝනින් එකක් දුන්න තමයි... හැබැයි අරූ කවදාහරි වටේ ගිහිල්ලා ශනායට මාට්ටු වෙච්ච දවසට, ඒකී ඌව අහවල් එකෙන් එල්ලුවොත් මං නම් පුදුම වෙන එකක් නෑ...
''අනේ මන්දා මේ ගෑනු නම්...'' කියාගෙන මං අඹ ගහයට තිබ්බ බංකුවෙන් වාඩිවුනා...
''ඒ කියන්නේ දැන් ගෑනු ලමයෙක් ඉන්නවද?'' පිටිපස්සෙන් ඇහුනේ තාත්තගේ කටහඩ මාව ගැස්සිලා ගියා... මේ වෙනකන් මං කතා කරපු දේවල් එයා අහගෙන ඉදලා නම් මට බඩුම තමා...
''නෑ තාත්තා...''
''එහෙනම් මොකද්ද අර පුටු පෙරලගෙන දිව්ව කතාව...අනික මං දැන් ටික වෙලාවක් තිස්සේ ඉස්තෝප්පුවට වෙලා බලන් හිටියේ... නිකන් පාර්ක් වල කෙල්ලො කොල්ලෝ ලව් කරනවා ගහ වටේ ඇවිදින ගමන් කාටද කෝල් කලේ...''
''පුටු පෙරළුනේ නෑ... මං emergency call එකක් ගන්න දුවගෙන එනකොට පුටුවේ කකුල වැදුනා එච්චරයි...''
''කාටද දැන් කෝල් එක ගත්තේ...''
''ගත්තේ ඔෆිස් එකට... මගේ ඇසිස්ටන්ට් විදියට ඉන්න ලේඩී ෆයිල්ස් වගේක පිස්සුවක් නටලා...''
''එහෙමත් එකක්ද... මතක තියාගන්න දිනාල් මං ඔය වයස පහුකරලා ගොඩක් කල් කියලා...''
''ඒවා අමතක නෑ තාත්තේ...කොහොමත් මට වඩා තාත්තට එක්ස්පීරියන්ස් තියෙනවනේ...''කියලා මං බංකුවෙන් නැගිට්ටා...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ඔයාලට මේ කතාව සෙට් නැද්ද ලමයි... අවුලක් තියෙනවා නම් කියන්න... මගේ සතුට තියෙන්නේ කතාව කියවලා ඔයාලා දාන රියැක්ට් එකේ නේ... ඒක අඩු වුනාම මටත් අවුල්...
තිස් නවවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️