Kidnapped by Love-37
ඕෂධී🌸✍
🍓Chapter-37
''මෙතන මාර විදියට කැලේට ගිහිල්ලා නේ...''
'' මං අක්කට කිව්වනේ, මෙතැන දැක්කොත් ඔයා කලන්තේ දාලා වැටෙයි කියලා...''
''මේ මං හොදින් ඉන්නේ, හැබැයි දුකයි...දුක හිතෙන්නේ මුකුත් නිසා නෙවෙයි මේ තැන ඉස්සර තිබ්බ විදිය මතක් වෙලා...''
මමයි තීර්ථයි නතර වෙලා හිටියේ මහ ගෙදරට යන පාරේ තියන අංගම්පිටිය තියෙන තැන...දැන් එතන අංගම්පිටිය කියලා දෙයක් තිබ්බේ නැති ගානටම වල් වැදිලා...ඉස්සර මෙතන තිබ්බා පොඩියට කටුමැටි ගහලා හදපු ගෙයක්...ඒක හදලා තිබ්බේ කඩු, කිනිසි, පලිහ වගේ සටන් කරන භාණ්ඩ තියන්නයි, අපිට අව්වට වැස්සට හෙවනක් වෙන්නයි...දැන් ඒ ගෙදර වහලයක් කියලා දෙයක් නෑ, බිත්ති භාගෙට භාගයක්ම කඩාගෙන වැටිලා...තව වැහි දෙක තුනක් වැටුනොත් ඉතුරු ටිකත් කඩාගෙන වැටෙයි...
''ඔයා එන්න ඕන නෑ, මං පිටිපස්සේ ගල්තලාව පැත්තට ගිහින් එන්නම්...''
''පිස්සුද අක්කේ, මේ කැලේ මොන සත්තු ඉන්නවද දන්නේ නෑ...''
''මොනාහරි වුනොත් මං කෑගහන්නම් ඔයා ඔහොම ඉන්න...''
තීර්ථත් නැතුව සරුවට වැවිලා තිබ්බ මානා පදුරු මැද්දෙන් මං ගල්තලාවට ආවේ වෙන දේකට නෙවෙයි, මෙතන වාඩි වෙලා ටික වෙලාවක් භාවනා කලොත් ආයේම මාමා එක්ක කතා කරන්න පුළුවන් වෙයිද කියලා බලන්න...ඒත් ඒක හරි ගියේ නෑ...
''ශනායා ඔයා ඉන්නවද?'' ටික වෙලාවකින් මට ඇහුන අයියගේ කටහඩ නිසා මං ඇස් ඇරලා බැලුවා... එතකොට අයියා එනවා මගේ දිහාවට අත් දෙකත් කසන ගමන්...සමහරවිට මානා පදුරු ගෑවිලා කසනවා ඇති...
''ඔයා හවස නේ එනවා කිව්වේ...''
''මොනවද බබා මේ කරන මුරණ්ඩු වැඩ...''
''ඇයි මොකද?"
''තීර්ථව අතන නතර කරලා ඔයා මොකද්ද මෙතන කරන්නේ?''
''කරන්න ඕන දේ කරන්නේ...''
''අහ්... ඔයා කරන දේවල් කොහොමත් අපිට කියලා කරන්නේ නෑනේ...''
''මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ...''
''මුකුත් නෑ...ආව වැඩේ කරගත්තාද...''
''නෑ...තාම මහගෙදර ගියේ නෑ...''
''මාත් එන්නම් යමු...''කියලා අයියා මගේ අතින් ඇදගෙන ආයෙත් පාරට ආවා...
''මල්ලි මං නංගිව එක්කගෙන යන්නම්...ඔයා එන්න ඕන නෑ...''
''ඇයි අයියේ ගෙදර ගියපු වෙලේ අපේ අම්මා මොනාහරි කිව්වද?''
''එහෙම මුකුත් කිව්වේ නෑ මල්ලි...ඔයාලගේ ගෙදර අද නතර වෙනවා කියලා අර මිනිස්සු දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ...අපි ඒ වැඩේ ගානට හැන්ඩ්ල් කරන් ඔයාලගේ ගෙදර එන්නම්...''
''ඉතින් දැනගත්තත් මොකද අයියේ...''
''ශනායා මං දැන් සැරයක් කිව්වා...මුරණ්ඩු වෙන්න එපා...''අයියා කිව්වම තීර්ථ කියනවා,
''ඒකනේ අක්කේ, ඔහොම මුරණ්ඩු වෙලා කොහොමද අර වෙන්න ඉන්න හස්බන්ඩ් එක්ක උනත් ජීවත් වෙන්නේ...''ලු...
ඒක ඇහුනාම අයියා මං දිහා බැලුවා බැලිල්ලක් මගේ හිසේ සිට පාදාන්තය දක්වා රත්වෙලා ගියා...මේ වෙලේ අතට පිස්ටල් එකක් වගේ හම්බවුනා නම් මං තීර්ථටත් වෙඩි තියලා මාත් වෙඩි තියාගන්නවා... ඒ දෙන්නා කරගන්න දෙයක් කරගනීනේ කියලා මං එතනින් ඇවිත් කාර් එකේ පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවුනා...අර දෙන්නා තාමත් මොනවද කියවනවා... ටිෂූ බොක්ස් එකක් ඇති කියලා හිතාගෙන මං කාර් එකේ ලොකර් එක ඇරියා වුනාට ඒක ඇතුලේ තිබ්බ ටිෂූ බොක්ස් එකක් නෑ...හැබැයි කළු පාට පිස්ටල් එකක් තිබ්බා...ඕක අද උදේ ඔතන තිබ්බේ නෑ කියලා මට ශුවර් නිසා මං ඇස් දෙකත් පිහදලා බැලුවා...ටික වෙලාවකට කලින් මං කිව්ව දේ ඇහිලා දෙවි කෙනෙක්වත් ඕක මෙතනට ගෙනත් දාලද දන්නේ නෑ...එහෙම නැත්තන් ශුවර් එකටම මේක අයියගේ... ඒත් අයියට පිස්‍ටල් එකකින් වැඩක් නෑනේ, ඒ නිසා සෙල්ලම් එකක් වෙන්න ඇති කියලා හිතාගෙන මං ඒක අතට අරගෙනත් බැලුවා...සෙල්ලම් නෙවෙයි ඒක ඇත්ත එකක්, මට හිතෙන විදියට 9mm එකක්... ඒත් එක්කම මං සයිඩ් කණ්ණාඩියෙන් දැක්කා තීර්ථ ආයේ හැරිලා යනකොට අයියා ආයෙමත් කාර් එක දිහාවට එනවා...මං ලොකර් එකත් වහලා දාලා පිස්ටල් එක හංගගෙන අයියා වාඩි වුනත් හරි ඒක එයාගේ ඔළුවට තියලා තද කරගෙන,
''ඔයාට මොකටද පිස්ටල් එකක්?'' කියලා ඇහුවා...ඔය ප්‍රශ්නේ අහන්න තියෙන හොදම විදිය ඕක...නැත්තන් මට මේකා ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්නේ නෑ...
''ශනායා ඕක සෙල්ලම් එකක් නෙවෙයි...''
''ඒක මට තේරනවා...මොකද මං මීට වඩා බර ඒවා අල්ලලා තියෙනවා, ඒවගෙන් ශූට් කරලත් තියෙනවා...මගේ ප්‍රශ්නේට උත්තර දෙන්න...''
''මගේ ආරක්ෂාවට ඕක ගත්තේ...මං ගාව ඔහොම එකක් තියෙනවා කියලා ඩැඩා දන්නෙත් නෑ මමා දන්නෙත් නෑ...මමත් ඔයා වගේම ගන් ශූටින් ඉගෙන ගත්තා හැබැයි කාටවත් ඒ ගැන කිව්වේ නෑ...''
''හ්ම්...''කියන ගමන් මං පිස්ටල් එක පහලට දැම්මා...ඒත් එක්කම අයියා එක මගෙන් උදුරලා අරගෙන පිටිපස්සේ ශීට් එකට විසි කලා...
''දැන් කියනවා බලන්න මොකද්ද අර හස්බන්ඩ් කතාව...''
''ඒක එයා විහිළුවට කිව්වේ...''
''තමුසේ ආයුෂ්ට කැමතිද...ඊයේ එයාව හම්බ වෙලා ආවත් හරි ඔයා මුකුත් කිව්වෙත් නෑ...''
මීට වැඩිය හොදයි තීර්ථ, උබ මාව මරාගෙන කෑවානම්...රෙද්ද...
''මං එයාව හස්බන්ඩ් කරගන්න පොඩ්ඩක්වත් කැමති නෑ...''
හොද හුස්මක් අරන් මං කිව්වා...
''හේතුවක් තියෙනවද...''
''එයාව මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ...''
''ඕකද ඔයාගේ අන්තිම තීරණේ...''
''ඔව්...''
''එහෙනම් එච්චරයි...''කියලා අයියා ආයේ කාර් එක ඩ්‍රයිව් කරන්න පටන්ගත්තා...
.
.
.
.
අපි යන වෙලාවේ ගෙදර හිටියේ උපුලි අක්කයි එයාගේ අම්මයි, හස්බන්ඩ් දෙන්නයි විතරයි...මාව නම් අදුරගත්තා...එත් මං අයියව අදුන්වලා දෙන්න ගියාම අයියා ඊට කලින් කිව්වා එය මගේ බොඩිගාඩ් කියලා...ඒ විතරක් නෙවෙයි එයා කාර් එකෙන් බැස්සෙත් පිස්ටල් එක ඉන පිටිපස්සේ ගහගෙන...
''දුව අද මෙහේ නතර වෙනවද? '' කියලා උපුලි අක්කගේ අම්මා අහනකොට මං කලේ අයියා කිව්ව විදියට
''නෑ...වෙන ගමනක් යන ගමන් ආවේ...'' කියල කියන එක...
''අපිව බලලා යන්නද නංගි ආවේ...'' ඒ උපුලි අක්කා...
''ඔව්...පොඩි දෙයක් ඉල්ලගන්න පුළුවන්ද කියලා බලන්නත් එක්ක ආවේ...''
''ඒ මොකද්ද නංගි...''
''මගේ අම්මගේ පොටෝ එකක් ඔයාලා ලග තියෙනවා නම් දෙන්න පුළුවන්ද...''
''අර ෆ්‍රේම් කරලා තිබ්බ පොටෝ එක නම් ඇති ඒත් ඒක හොයන්න ඕන...ඉන්න මං හොයල ගෙනත් දෙන්නම්...'' කියලා උපුලි අක්කා ගෙදර ඇතුලට ගියා...ඒත් එක්කම වගේ එයාගෙ අම්මයි හස්බන්ඩ් දෙන්නත් ගෙදර ඇතුලට ගියා...මාත් ඊට විනාඩි දෙකකට විතර පස්සේ ගෙදර ඇතුලට ගියේ පොටෝ එක හොයන්න උදව්වක් වෙන්න හිතාගෙන...ඒත් මට ඇහුනා උපුලි අක්කා කාටද කියනවා,
''ඇවිල්ලා ඉන්නේ මහගෙදරට අයිතිවාසිකම් කියන්නද දන්නේ නෑ...''කියලා...ඉතින් මං එහෙම්ම ආපහු හැරිලා එලියට ඇවිත් අයියා ලගින් හිටගත්තා...ඊට ටික වෙලාවකට පස්සේ උපුලි අක්කා දූවිලි පිහදාන ගමන් අර බිත්තියේ එල්ලා තිබ්බ පොටෝ එක ගෙනත් දුන්නා...පොටෝ එකේ වීදුරුව ඉරිතලලා...ඒත් බිදුණු වීදුරු තිරේට එහා පැත්තේ මගේ අම්මගේ ලස්සන හිනාව තිබ්බා...
''ඔය දරුවා තේ බොනවා නේද...''
''එපා නැන්දේ දැන් ඒකට වෙලා නෑ...මං දැන් යන්න ඕන...මේක දුන්නට thank you...''
''අනේ ඕක මොකද්ද දරුවෝ...මදාරා කියන්නේ මගේ නංගි නේ...''කියලා යශෝධා නැන්දා හෙන දුක හිතෙන වොයිස් එකකින් කිව්වා...අනේ අපි නම් අහුවෙයි ඕවට...
''ඔයාල මහගෙදර කුලියට දීලාලු නේද?''
''ඔව් දුව...නිකන් විනාස වෙලා යන්න දෙන්න බෑනේ...''
''ඒක තමයි නේද...ඉස්සරහටත් මේ විදියටම ගෙදර පරිස්සම් කරගෙන ඉන්නකෝ...සමහරවිට මං ආයේ මෙහේ එන එකක් නෑ...''කියලා එහෙන් අපි ආයේම තීර්ථගේ ගෙදරට ආවා...
.
.
.
.
''ගෙදර කට්ටිය හිටියද පුතේ...''කියාගෙන ජයනි නැන්දා ඉස්සරහට එනකොට අයියා ෆෝන් එකත් කනේ ගහගෙන,
''හෙලෝ මමා...'' කියාගෙන මිදුලට බැස්සා...
''හිටියා නම් තමයි නැන්දේ...එයාලා හිතලා තියෙන්නේ මං ඇවිත් තියෙන්නේ මහගෙදරට අයිතිවාසිකම් කියන්න කියලා...'' ෆෝන් එකත් කනේ තියාගෙන මිදුලේ එහෙ මෙහෙ ඇවිදින අයියා දිහා බලාගෙන මං කිව්වා...
''ඒක නේ අක්කේ මං කිව්වේ, දැන් ඉන්නේ ඉස්සර අපි එක්ක සෙල්ලම් කරපු උපුලි අක්කා නෙවෙයි කියලා...''තීර්ථ කියලා ඉවර වෙනවත් එක්කම අපේ අයියා කෝල් එක කට් කරලා අඩියට දෙකට ඉස්තෝප්පුවට ඇවිදගෙන ආවා...
''ශනායා, අපි පුළුවන් ඉක්මනට මෙහෙන් යන්න ඕන...''
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
තිස් අටවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️