Kidnapped by Love-36
ඕෂධී🌸✍
🍓Chapter-36
''පොඩි හාමුදුරුවෝ දන්නවද මම අද මෙහේ එනවා කියලා...''
''මං උන්වහන්සෙට කෝල් කරලා කිව්වා අක්කේ...''
''ඒක හොදයි...මොකද්ද අර පොඩි හාමුදුරුවෝ අදුන් බලන කතාව...''
''උන්වහන්සේ සිංහල වෙදකම කරනවා පන්සලේයි තව තැනකයි...ලොකු හාමුදුරුවෝ අපවත් වෙන්න කලින් පොඩි හාමුදුරුවන්ට මන්ත්‍ර සාස්තරේත් කියලා දීලා...අර සනත් මාමා වගේ එක එකාට කෙලවන්න නෙවෙයි උන්වහන්සේ ඒවා පාවිච්චි කරන්නේ...''
''ඔය දේවල් හොද වැඩ වලට පාවිච්චි කරන එක නම් හොදයි...හැබැයි අනේ මන්දා, මං ඔය දේවල් ගැන වැඩිය කෙයා කරන්නේ නෑ...සමහරවිට මං පොඩි කාලෙම ඇමරිකාවට ගිය නිසා වෙන්න ඇති...''
''ම්ම්...''
ඔය වගේ එක එක දේවල් කතා කර කර පාරේ දිගටම ආවා...ඒත් ඉතින් අංගම්පිටිය තිබ්බ තැනටවත් එන්න වුනේ නෑ...ෆෝන් එක ආයේම වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා ෆෝන් එක දිහා බැලුවාම ආයෙමත් අර ප්‍රයිව්ට් නම්බර් එක...
''මල්ලි ඔයා ටිකක් ඉස්සර වෙලා යනවද? මං මේ කෝල් එක ආන්සර් කරලා එන්නම්...''
''මං අර හරියෙන් ඉන්නම් අක්කා ඔය වැඩේ කරගෙන එන්නකෝ...''කියලා තීර්ථ ටිකක් ඈතට ගියාම, ආදිත්‍යට කනේ ඇගිලි ගහගන්න කතා කරනවා කියලා හිතාගෙන මං කෝල් එකත් ආන්සර් කරලා ඒ ලග තිබ්බ කළු ගලක් උඩින් වුනා...
''ඇයි මට වද දෙ- ''
''ඔයා ප්‍රෙග්නට් ද?''
''හහ්...''
''මට ඇත්ත කියන්න ශනායා...බඩේ ඉන්න දරුවගේ තාත්තා මමද? ''
''ආදිත්‍ය මං ප්‍රෙග්නට් නෑ...මං ඒක ඒ වෙලේ කේන්තියට කිව්වේ...''
''මට මගේ දරුවව ඕන...?''
''මොන දරුවෙක් ගැනද බං කියවන්නේ...එක පාරක් කිව්වනේ ඒක ඒ වෙලේ කේන්තියට කිව්ව දෙයක් මිසක් ඇත්තට එහෙම දෙයක් වෙලා නෑ කියලා...මං කාගේ නමින්ද දිවුරන්න ඕන අර මැරිච්ච මිනිස්සු තුන්දෙනාගේ නම් වලින්ද නැත්තන් නෙහාරගේ නමින්ද?''
''මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා ශනායා...''
''ඔයා නේ එහෙම කරන්නේ...මං ඔයාව අමතක කරන්න හදනකොට ඇයි මගේ ඉස්සරහට එන්නේ...මීට වැඩිය හොදයි සල්ලිත් අරගෙන මාවත් මරලා දැම්මා නම්...''
''මගේ තියෙන මනුස්සකමටයි තමුසෙට ඒ වෝනින් එක දුන්නේ...''
''මනුස්සකමද එහෙම නැත්තන් ඔයාට ජෙලස් ද මම ආයුෂ් අයියව මැරි කරනවා කිව්වම...''
''ආයුෂ් ඔයාව මැරි කරන එකට ජෙලස් හිතන්න තමුසේ මිස් වර්ල්ඩ් ද? ''
''මොකද්ද තමුසේ ඒ කිව්වේ?''
''කිව්ව දේ ඇහෙන්න ඇති නේ...ඔයාමයි කිව්වේ අපි හොද යාළුවෝ කියලා...මදැයි මාත් යාළුවෙක්ට උදව් කරන්න ගියා...ඔච්චරටම ආයුෂ්ව මැරි කරන්න කැමැත්තක් තියෙනවා නම් ඒක කරගන්නවා...''
''සොරි ආදිත්‍ය...මට තාමත් අමතක වෙනවා අපි හොද යාළුවෝ කියලා...ඒක මතක තියාගන්න හොදම ක්‍රමය තමා ඔයා ආයේ මට කතා කරන්නේ නැතුව ඉන්න එක...thank you දුන්න වෝනින් එකට...ඒත් ඒවා කෙරෙන වැඩද දන්නේ නෑ...''දිග හුස්මක් පහත දාලා මං කිව්වා...
''හ්ම්ම්....''
''ආදිත්‍ය...''
''ම්ම්...''
''මුකුත් නෑ...''
''කියන්න හැදුව දේ කියන්න ශනායා...''
''මට ආයේ කෝල් කරන්න එපා...ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා මට බයයි...බුදු සරණයි...''කියලා මං කෝල් එක කට් කරලා ආයෙමත් තීර්ථ එක්ක ගමන පටන්ගත්තා...
හැමදේම වෙන්නේ හේතුවකට කියලා කිව්වට,මගේ ජීවිතේ වෙන දේවල් වලට හේතු ඒ කාලේ ඉදල මටම හිතාගන්න බැරුව ඉන්නේ... සමහරවිට මං ගිය ආත්මේ ලොකු පවක් කරගෙන ඇති... මිනිස්සුන්ගේ දෛවය ලියන මහ බබා මොන සිහියෙන් මගේ දෛවය ලියලද මන්දා,ආයුෂ් අයියව හම්බවෙන්න ඕන කිව්ව විතරයි අපේ තාත්තා ඊයෙම ඒ වැඩේ කරලා දුන්නා... හැබැයි මාව රෙස්ටුරන්ට් එකට තනියම යැව්වේ නෑ...තාත්තාගේ බොඩිගාඩ් කෙනෙක්ව මාත් එක්ක එව්වා...ඒ මනුස්සයටත් කඩේ ඇතුලට එන්න දෙන්නේ නැතුව මං තනියම ඇතුලට ආවාම ආදිත්‍යත් රෙස්ටුරන්ට් එකේ ඉන්නවා යාළුවෙක් එක්ක... මොනා කරන්නද මංම නේ කිව්වේ ආයේ කොහේදි දැක්කත් එයාව අදුරන්නේ නෑ වගේ ඉන්නවා කියලා, ඒ නිසා මං එයාව ගනං ගන්නේ නැතුව පැත්තකින් වාඩි වුනා... මං දන්නේ නෑ මාව දැක්කම ආදිත්‍යට මොනා හිතුනද කියලා ඒත් මගේ පපුව නම් එකසිය ගානට ගැහෙන්න ගත්‍තා... කොහොමහරි ආයුෂ් අයියා මට එයාව අදුන්වලා දෙන වෙලේ එයාත් හැසිරුනා මාව පලවෙනි වතාවට දැක්කා වගේ...
මොනවා වුනත් ආදිත්‍ය කිව්වා වගේ මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න නරකයි... ඊයේ ආදිත්‍ය රෙස්ටුරන්ට් එකෙන් එලියට ගියත් හරි ආයුෂ් අයියා මට කිව්වා ආදිත්‍ය ඇන්ඩ් නෙහාරා ලව් ස්ටෝරි එක ගැන... හරිම ආදරෙන් හිටිය කපල් එකක් තමා අපේ තාත්තා විනාස කරලා දාලා තියෙන්නේ... නෙහාරා කියන ගෑනු ලමයා අද ජීවතුන් අතර නැති වුනත් ආදිත්‍ය වගේ චරිතයකට ආදරය කරන්න පුළුවන් වෙච්ච එයා හරිම වාසනාවන්තයි... මට කොහොමත් සෝෂල් මීඩියා වල රගන ගමන් ආදරේ කරන කපල් පේන්න බෑ... ඉස්සර ආදිත්‍ය නෙහාරව මෙන්ෂන් කරලා දාන ස්ටෝරි දැකලා මට ඉරිසියා හිතුනා... ඒත් පහු පහු වෙනකොට ඒක එහෙම්ම නැතිවෙලා ගිහින් තනිවීම ප්‍රේමයක් කියලා මං හිත හදාගත්තා...
දැන් හිතේ තිබ්බ කේන්තියට මං ප්‍රෙග්නට් කියලා කිව්වට,ආදිත්‍ය ඒකට රියැක්ට් කරපු විදිය හරිම කියුට්... මගේ ජීවිත කාලෙට ඒ වගේ කියුට් වොයිස් එකක් මං පිරිමි ලමයෙක්ගෙන් අහලා නෑ... සමහරවිට මං ඇත්තටම මේ වෙලේ ප්‍රෙග්නට් වෙලා හිටියා නම් මිනිහා ආයේ මාව කිඩ්නැප් කරයිද දන්නේත් නෑ... මමත් මොනවා හිතනවද මන්දා... ''ආදරේ දෙන්න බැරි නම් බලෙන් ඉල්ලගන්න යන්න ඕන නෑනේ'' ඕක තමා මේ දවස් ටිකේ මම මටම කියාගන්න උදාන වාක්‍ය... ඒ වුනාට මම ප්‍රෙග්නට් කිව්ව කතාව ෆේස් ටූ ෆේස් වුනා නම් මට ආදිත්‍යගේ කියුට් වොයිස් එකත් එක්ක කියුට් මූනකුත් බලාගන්න තිබ්බා... කොහෙද මාත් එක්ක හිටිය ටික කාලෙට හිනාවුනේ හාවා හද දකින්න වගේ නේ...ඊටත් වඩා හරිම කැතයි ''තමුසේ මිස් වර්ල්ඩ් ද? '' කියලා අහපු වොයිස් එක...ඒයා මගේ ක්‍රශ් එක කියලා කිව්වම ඒකා හිතුවද දන්නේ නෑ එයා වර්ල්ඩ් හැන්ඩ්සම් කියලා,බම්බුව තමා... ඇත්තටම ආදිත්‍ය ඉස්සරහට මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ... එක අතකට එයා මොනා කරගත්තත් මට මොකද... මං මේ වෙලේ කල්පනා කරන්න ඕන ඉස්සරහට මට වෙන්න පුළුවන් දේවල් ගැන...
''අක්කේ...''
''හහ්...''
''මොන සිහියෙන්ද ඉන්නේ...මං මෙච්චර වෙලා කතා කලා...තනියම හිනාවෙන්නේ නැතුව මටත් කියලා හිනාවෙනවකෝ...''
''මං කොහෙද තනියම හිනාවුනේ...''
''දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
අක්කගේ පාමුල ඉරහද තියලා
ආදර හිත ලග කවුරුද මුවා වුණේ...''
අත් දෙකත් එහේ මෙහේ කරන ගමන් තීර්ථ කිව්වේ හරියට ස්ටේජ් ඩ්‍රාමා එකක රගපානවා වගේ...
''මූ යකෝ...''
''ඇත්ත කියනවා ඉතින්, කොල්ලව මතක් වෙලා නේද හිනාගියේ...''
''ඔව් ඔව්... මගේ වෙන්න ඉන්න හස්බන්ඩ්ව මතක් වෙලා තමා හිනාගියේ...''
හරි ලස්සනයි වෙරි ගුඩ්... මගේ ඔළුව පාරේ තියෙන කළු ගලක ගහගන්න හිතෙනවා මට...මං කලබල වුනාම කියන දේවල් මටම හිතාගන්න බෑ... ඒකමයි මං අර මනුස්සයට එදා මාව කිඩ්නැප් කරපු ප්ලෑන් එක ගැන කියන්න එපා කිව්වේ...
''මූනේ තිබ්බ පැණි හිනාව දැක්කාම මට තේරුනා...''
''අනේ මේ පොඩි එකෝ කට වහගෙන යමං...''
''කවදහරි ඔයාගේ වෙඩින් එක නම් අපිට කියන්නේ නැති වෙයි නේද?''
''මොකද්ද''
''නෑ ඉතින් මුළු කැබිනට් එකක්ම එන තැනකට මේ ගම් වල ඉන්න අපිට එන්න කියයිද දන්නේ නෑනේ...''
''තීර්ථ ඔයා ඔහොම කතා කරන්න එපා...ඔය දේවල් මං හිතලා කරගත්ත දේවල් නෙවෙයි නේ...''
''ඒ සොරි අක්කේ...ඔයා ඔච්චර සීරියස් ගනී කියලා හිතුවේ නෑ...''කියන ගමන් තීර්ථ මගේ කර වටේ අතක් දාගත්තා...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
කෝ රියැක්ෂන්....
තිස් හත්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️