Kidnapped by Love-35
ඕෂධී🌸✍
🍓Chapter-35
තීර්ථගේ ගෙදර ඉස්සර තිබ්බා වගේමයි...ඒක සිංහල ක්‍රමේට හදපු ගෙයක්...ඉස්තෝප්පුව දෙපැත්තේ කාමර දෙකක් තියෙනවා ඕන වෙලාවක යන්න එන්න පුළුවන් විදියට හදලා...මගේ මහගෙදරත් මේ වගේ හැබැයි තීර්ථගේ ගෙදරට වඩා ලොකුයි...වාහනේ සද්දේ ඇහිච්ච ගමන් ගේ ඇතුලේ ඉදලා ජයනි නැන්දත් ආවා...එයත් ඉතින් තීර්ථ වගේම ටික වෙලාවක් මං දිහා පුදුම වෙලා බලන් හිටියා...
''මදාරා අක්කත් අද හිටියා නම් ඔයාව දැකලා ගොඩක් සතුටු වෙයි...''මගේ ඔළුව අතගාන ගමන් ජයනි නැන්දා කිව්වා...
''හරි හරි අම්මා...ඒ දේවල් වෙලා ඉවරයි නේ...අපි ඇතුලට යමු...''
''මල්ලි, මං ආයේ හවස් වෙලා මේ පැත්තට එන්නේ...මං පොඩි වැඩකට යනවා...මෙයාව බලාගන්නකෝ...''කියලා අපේ අයියා යන්න හැදුවේ...ඒත් ජයනි නැන්දා අයියවත් නතර කරගන අපිව කෑම මේසෙට එක්කගෙන ගියා උදේ කෑමට...
කෑම මේසෙදි හැමෝටම අහන්න තිබ්බේ මං ගමට ආව ඇයි කියන එක...මං අයියට ගෙදරදි කිව්වේ නිධානේ කතාව ගැන හොයලා බලන්න ඕන නිසා ගමට යනවා කියලා...මං මෙතනදිත් ඒ කතාව ඒ විදියටම කියල ශේප් කලා...අදටත් සීයගෙයි මාමාගෙයි මිනිමරුවා තාත්තා කියලා අයියා දන්නේ නෑ...එදා හිතේ තිබ්බ දුකට ඒ ගැන ආදිත්‍යට කිව්වට ඒක මං කාටවත් කියන්න හිටපු දෙයක් නෙවෙයි...මගේ ජීවිතේ පටන් ගත්තෙත් රහස් එක්ක, මං ජීවත් වෙන්නෙත් ඒවා එක්ක, කවදාහරි දවසක මැරිලා යන්න වෙන්නෙත් රහස් හිත අස්සේ හංගගෙන...ඒක හිතට හරි බරයි...ඒ බර ටිකක් හරි හෑල්ලු වුනා කියලා හිතුවේ ආදිත්‍ය එක්ක කතා කරපු දවසේ...කාටවත් ඒ දේවල් කියන්නේ නෑ කියලා ආදිත්‍ය එදා පොරොන්දු වුනා...මං දන්නේ එක දෙයයි, බැරි වෙලාවත් එයා ඒ පොරොන්දුව කඩලා ප්‍රශ්නයක් වුනොත් එදාට මට අයිති වෙන්නේ මරණය විතරයි... ඒත් මං කියන්නේ මැරෙන්නවත් බය නැති කෙල්ලෙක්...මරනවා කියන්නේ පව් වැඩක් වුනාට මාව කවුරුහරි මැරුවොත් ඒ මිනිහා කරගන්නේ ලොකු පිනක් මාව මේ කරදර වලින් සදහටම ඈත් කරලා දාලා...
''ඇයි මාව මහගෙදර එක්කගෙන යන්න බැරි ?'' අපේ අයියා ගියත් හරි මං ඔය ප්‍රශ්නේ අහන ගමන් තීර්ථ දිහාවට හැරුනා...මට හිතිච්ච විදියට එයා ඒ දේවල් ගැන අයියා ඉන්නකොට කතා කරන්න කැමැත්තක් තිබ්බේ නෑ...
''වාඩිවෙන්න අක්කේ...අම්මේ ඔයත් මෙතනින් වාඩි වෙන්න...මට වඩා මේ දේවල් ඔයා දන්නවා ඇතිනේ...''කියන ගමන් තීර්ථ ඉස්තෝප්පුවේ පුටුවකින් වාඩිවුනා...
''මොකද්ද නැන්දේ වෙලා තියෙන්නේ, මල්ලි කියනවා උපුලි අක්කා තාම ගමේ ඉන්නවලු ඒත්- ''
''දැන් ඉන්නේ ඉස්සර ඔයයි මායි එක්ක සෙල්ලම් කරන්න ආව උපුලි අක්කා නෙවෙයි...මට ඒකිව දැන් පේන්න බෑ...''
''උපුලිට ඒකිගේ සීයගේ ගතිගුණ එහෙම්ම පිහිටලා තියෙනවා...''
''මොන සීයගෙද ?''
''දුවගේ සීයා,ඒ කියන්නේ හේරත් මාමාගේ අයියා කරෝලිස් මාමා... ඒකා තරම් ලෝබ මිනිහෙක් ඉස්සර මේ අහල ගම් හතකවත් ඉදලා නෑලු...අන්තිමේදි නයෙක් ගහලා තමා උන්දෑ මැරුනේ...ඒ ගතිගුණ එහෙම්ම උපුලිටත් පිහිටලා තියෙනවා...''
''එයා මැරිලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින් නේද...අයියෝ මගේ ඔළුවත් විකාරයි වගේ අනේ...''
''හරි හරි අක්කේ,ඔයාට දැනගන්න ඕන දේවල් මුල ඉදන් පිලිවෙලට අහන්නකෝ...''
''ඇයි අර නිධානේ ගත්තේ?''
''නිධානේ ගන්න සතියකට විතර කලින් අපේ තිලක්ට අංගම්පිටියෙන් රැස්වීමකට පණිවිඩයක් ආවා...කොහොමහරි ඒ රැස්වීමෙන් පස්සේ තිලක් මට ගෙදර ඇවිත් මුකුත් කිව්වේ නෑ...ඊට පස්සේ එයා අවේලාවේ ගමන් බිමන් යන්නත් තියාගත්තා...ඔහොම ගිහින් එක දවසක් උදේ වරුවේ මට ඇවිත් කිව්වා ඊට කලින් දවසේ රෑ හේරත් මාමයි,ලොකු හාමුදුරුවොයි එකතු වෙලා පන්සලේ තිබ්බ නිධානේ ගොඩගත්තා කියලා...තිලක්ට වගේම අනික් අයට එන්න කියලා තියෙන්නෙ මොකක් හරි කරදරයක් වුනොත් ආරාක්ෂාවට කියලා...එයාලා ඉදලා තියෙන්නේ ගල්තලාව පාමුල...නිධානේ තියෙන තැන ඉදලා තියෙන්නේ හාමුදුරුවොයි,හේරත් මාමයි, කෝසල මල්ලි විතරයි...පාන්දර වෙනකොට එයාලා නිධානේ අරගෙන, එතන තිබිලා තියෙන්නේ පුස්කොල පොත් වගයක්ලු...''
''එහෙම එක පාරට නිධානේ ගන්න හේතුවක් තිලක් මාමා කිව්වේ නැද්ද නැන්දේ ?''
''නෑ දුවේ...කොහොමත් අංගම්පිටියේ තියෙන රහස් එහෙම එලියට දෙන ඒවා නෙවෙයි නේ...''
''එතකොට මලගෙදරින් පස්සේ මොකද වුනේ?''
''උපුලිගේ තාත්තා, සනත් අයියා මාතර පැත්තේ නේ...ඒ මිනිහා ඔයාගේ මහගෙදර තිබ්බ සමහර දේවල් උන්ගේ ගෙදරට අරගත්තා...අල්ලපු ගෙදර නිසා උස්සන් යන එකත් ලේසි වෙන්න ඇති...ඔයාලගේ ගෙදර තිබ්බ තවත් සමහර දේවල් මලගේ දවස් වල මේ ගමේ එක එකා උස්සගෙන ගියා...හැබැයි ලොකු හාමුදුරුවෝ මැදිහත් වෙලා අංගම්පිටියට අයිති දේවල් වලින් සමහරක් පන්සලේ තියාගෙන අනික් ඒවා වෙන පැත්තක අංගම්පොර උගන්වන ගුරුන්නාන්සේ කෙනෙක්ට දුන්නා...ඒක හොදයි දරුවෝ, කවුරුහරි ඉගෙන ගනීනේ...''
''එතකොට එතනින් පස්සේ කවුරුත් මේ ගමේ අංගම්පොර ආයේ ඉගැන්නුවේ නැද්ද ?''
''නෑ අක්කේ, ඉස්සර අංගම්පිටිය තිබ්බ තැන දැන් දැක්කොත් ඔයා කලන්තේ දාලා වැටෙයි...''
''ඇයි ඒ?''
''වල් වැදිලා...තනිකරම කැලේ දැන් එතන...අනික් එක කවුරුත් හවස හය පහුවෙලා තනියම ඒ හරියෙන් යන්නේ නෑ ගුරුන්නාන්සෙගෙයි කෝසල මාමාගෙයි හොල්මන් ඉන්නවා කියලා...''
''මොන විකාර කතාවක්ද...මේ ගමට අච්චර උදව් කරපු සීයටයි මාමටයි ඔහොම කියන්න තරම් පිස්සුද මෙහේ ඉන්න උන්ට...''
''මං දන්න විදියට ඒ කතාව පතුරවලා තියෙන්නේ උපුලිගේ තාත්තා...මලගෙදරින් පස්සේ එක එක කතා ඒ මිනිහා ගම වටේ පැතිරෙව්වා...කවුරුත් ඒවාට මුකුත් කියන්න ගියේ නෑ ඒකා ගුරුකම් කරන්න දන්න නිසා...''
''මටත් මතකයි එයාට ගුරුකම් පුළුවන් කියලා මාමා ඉස්සර කියනවා...මං හිතන්නෙ අත්තා මැදිහත් වෙච්ච නිසා තමා එයා ගුරුකම් වැඩ නොකර හිටියේ...''
''නැතුව...හේරත් මාමගේ මලගෙදරින් අවුරුද්දකට විතර පස්සේ ඒකා මේ ගමේ දේවාලයක් දැම්මා වෙනම තැනක...මුලින් ඕක පන්සලේ පටන් ගන්න හදලා තියෙන්නේ...ලොකු හාමුදුරුවෝ අවසර දීලා නෑ...''
''අවසර දුන්නා නම් ලොකු හාමුදුරුවෝ කරගන්නේ එසේ මෙසේ පවක් නෙවෙයි නේ අම්මේ...ඔය දේවාලේ පටන් ගත්තත් හරි මේ ගමේ කී දෙනෙක් ඔය මගුලට ගිහින් තමන්ගේ තරහාකාරයන්ට මිරිස් අඹරන්න ඇද්ද...''
''අපේ මාමල ඕවා කලේ නෑනේ...''
''ඒක තමා කියන්නේ, අරුන් ඔක්කොම තනිකර ගුණමකු එවුන්...වැඩිය ඕන නෑ දරුවෝ, ඔයාගේ සියගෙයි මාමාගෙයි තුන්මාසේ පිංකමවත් උන් කලේ නෑ...අන්තිමේදී අංගම්පිටියේ ඉගෙන ගත්ත ලමයි එකතු වෙලා තමා ලොකු හාමුදුරුවන්ට කියලා පන්සලේ බණමඩුවේ තුන්මාසේ බණත් කියවලා පහුවදා පන්සලට හීල් දානේ ගිහින් දුන්නේ...''
''උපුලි අක්කා දැන් කසාද බැදලා ඇති නේද ?''
''සනත් මාමා දේවාලේ වැඩට කියලා ගෝලයෙක් මාතරින් එක්කගෙන ආවා...උපුලි අක්කා ඌ එක්ක පැනලා ගියා...පස්සේ ඉතින් ඒකිව ගෙවල් වලින් හොයලා ඌටම බන්දලා දුන්නා...දැන් උපුලි අක්කගේ එක ලමයෙක් ඉස්කෝලේ එකේ පන්තියෙ, තව කෙනෙක් බඩේ...''
තීර්ථ ඇගට පතට නොදැනී කියලා දැම්මට මේ කතා අහලා මගේ ඔළුවත් විකාරයි වගේ...මේ වගේ වෙලාවට මට මං ගැනම තරහයි...ඇයි මම ඉපදුණේ කියලා හිතෙන තරමට තරහයි...අම්මව ජීවත් කරවලා ඇයි මට මැරෙන්න බැරි වුනේ කියලා හිතෙන තරමට තරහයි...
''අක්කේ ඔයා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ...''
''මං යනවා මුලින් මහ ගෙදරට...මට කනත්තටත් යන්න ඕන...''
''ඔය ගමන් දෙකම යනවට මං විරුද්ධයි...''
''අනේ නැන්දේ, මට මේවා දරාගන්න බෑ...මං මේවට උත්තර හොයන්න ඕන...හරි තීර්ථ එන්න ඕන නෑ මං තනියම යන්නම්...''
''එහෙම තනියම යවන්නේ කොහොමද...අක්කට මතක ඇති නේ අයියා කියපු ඒවා...''
''ඔයාගේ මහගෙදර උපුලිලා කුලියට දීලා දරුවෝ...හරි දෙන්නත් එක්ක උපුලිගේ ගෙදර ගියාට කමක් නෑ එහෙන් දෙන මුකුත් කන්න බොන්න එපා...මට බය මේ කෙල්ලට නූලක්වත් පැන්නුවොත් කියලා...''
''එහෙම උනොත් අපි හෙට පන්සලට යනවා නේ අම්මේ, පොඩි හාමුදුරුවෝ අදුනෙන් බලලා කියයි එහෙම දෙයක් වෙලාද නැද්ද කියලා...''
''හැබැයි පුතේ කනත්තට යන්න නම් මාත් එනවා...''
''හරි හරි අම්මේ, අපි යමු අක්කේ...අරහේ ගිහින් ඇවිත් ගගට ගිහින් නාමු...''
''ඉන්න මං අර ගෙදරට ගෙනියන්න ගත්ත ඒවා අරන් එන්නම්...'' කියාගෙන මං පුටුවෙන් නැගිටලා ගේ ඇතුලට ආවා...මහ ගෙදරට යන පාරෙත් කඩයක් දාලා තිබ්බොත් එතනිනුත් මොනාහරි අරගෙන යන්න ඕන...උපුලි අක්කගේ අම්මා යශෝධා නැන්දා හොද කටර් එකක්...මං ගෙදරින් එනකොට ගෙනාව ටොපි චොකලට් ටික විතරක් දුන්නොත් කියයි, මහ ලොකුවට තාත්තා ඇමති ඒ වුනාට දුව ගෙදරකට එනකොට ගෙනාවේ මෙච්චරයි කියලා...කොහොමහරි මං ඒ ටික බෑග් එක ඇදලා හොයාගෙන එනකොට තීර්ථ ඇදන් හිටිය ශර්ට් එක මාරු කරගෙන ඉස්තෝප්පුවට ආවා...
''මේ මොකද ටී ශර්ට් එක මාරු කරගෙන...''
''ඒකෙ කැම්පස් එකේ නම ප්‍රින්ට් කරලා තියෙනවනේ...ඕක දැකලා ඕවට අනං මනං කියයි...''
''ම්ම් ඔයාගේ කැමැත්තක්, අපි යමුකෝ...''කියලා මං දකුණු කකුල පෙරට තිබ්බා විතරයි ගමනට බාධාවක් ලෙස මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා...එහෙම්ම සාක්කුවට අත දාලා ෆෝන් එක අරන් බැලුවාම ප්‍රයිවට් නම්බර් එකකින් කෝල් කරන්නේ...
''පොඩ්ඩක් ඉන්න මල්ලි මට කෝල් එකක්...''කියලා අතේ තිබ්බ පාර්සල් එක එහෙම්ම තීර්ථ අතට දීලා මං ආවේ මිදුලේ තියෙන පිනි ජම්බු ගහ යටට...
''හෙලෝ...''
''හෙලෝ...Can I speak to Miss Shanaya? ''
ඒ කටහඩ ඇහුනත් හරි පපුවත් රිදෙන්න ගත්තා...අමතක කරන්න හදන රූපය, කටහඩ ආයේ ආයේ මගේ ඉස්සරහට ගෙනත්, උඩ ඉන්න දේව සභාව මාත් එක්ක මොන විදියේ සෙල්ලමක් කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නෑ...
''ආදිත්‍ය තමුසෙට පිස්සු හැදිලද ආ? මොකද මට කෝල් කරන්නේ? ඇත්තටම මේ කරන වැඩේ dangerous කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? '' ඒ කටහඩ ඇහුනත් හරි හිතට කේන්තියත් එක්ක ආව ප්‍රශ්න ටික එහෙම්ම මං අහලා දැම්මා...
''ආයුෂ්ව මැරි කරන්න එපා...''
''අනේ මේ ආදිත්‍ය, මං ආයුෂ් අයියව මැරි කරන්නේ නැතුව ඔයාවද මැරි කරන්න ඕන? ''
''ජීවිතේ ඉතුරු කාලෙත් විදවන්න ඕන නම් ඌව කසාද බැදගන්නවා...''
''මගේ බඩේ ඉන්න දරුවට තාත්තා කෙනෙක් ඕන නිසා මං කොහොමත් එයාව කසාද බදිනවා...ආයේ මට කෝල් කරන්න එපා...''කියලා මං කෝල් එක කට් කරලා තීර්ථ එක්ක ගෙදරින් එන්න පිටත්වුනා...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
😒……………………..
තිස් හයවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️