Kidnapped by Love-34

Kidnapped by Love-34

ඕෂධී🌸✍



Chapter-33



🍓Chapter-34



ශනයා pov: 



පෙරේදා අයියා කිව්ව විදියටම, අද උදේ අපි දෙන්නා ගමට එන්න පිටත්වුනා තීර්ථව හම්බවෙන්න හිතාගෙන...මොකද එදා මලගෙදර දවසෙදි නිධානේ කතාව මට කිව්වෙත් එයා,මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙත් එයා ලග...කොහොමහරි එලිය වැටිගෙන එන වෙලාවේ අපි හිටියේ, ගමට යන පාරේ අතරමග තියෙන බස් හෝල්ට් එකක් ලග කාර් එක නතර කරගෙන...



''අයියේ, ඇයි අපි ගමට යන්නේ නැතුව මෙතනට වෙලා ඉන්නේ? ''



''තීර්ථ එනකන්...කොල්ලා පේරාදෙණිය කැම්පස් එකේ ඉන්නේ... අද උදේ ගෙදර එනවා කියලා කිව්වා...මම කිව්වා අපි එයාව මෙතනින් ගන්නම් කියලා...''



''ඔයා කොහොමද තීර්ථව කන්ටැක් කරගත්තේ...''



''ඔයා තීර්ථ ගැන කිව්වට පස්සේ මං විස්තර හෙව්වා...එතකොට තමා දැනගත්තේ කොල්ලා දැන් ඉන්නේ පේරාදෙණිය කැම්පස් එකේ කියලා...පස්සේ කැම්පස් එකේ ඉන්න මං අදුරන යාළුවෙක්ගේ මාර්ගෙන් තමා තීර්ථගේ නම්බර් එක හොයාගෙන එයාට මේ විස්තර කිව්වේ...''



''යාළුවා ලෙක්චර් කෙනෙක්ද...''



''ඔය කතාව පටන් ගන්නේ නැතුව ඉමු නංගි...''



''සොරි...''ඊට පස්සේ තවත් විනාඩි පහලවක් විතර යනකන් අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ...



කොහොමහරි ටික වේලාවකින් බස් හෝල්ට් එකේ නතර කලා රතුපාට ලංගම බස් එකක්...ඒකෙන් බැස්සෙ එක්කෙනයි, ඒ තීර්ථ...මං තීර්ථව අන්තිමට දැක්කේ පොඩි කාලේදි...දැන් කොල්ලා ඉස්සරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්...ගොඩක් උස ගිහිල්ලා කොණ්ඩෙයි,රැවුලයි වවලා...ඇදන් හිටිය ටීශර්ට් එකේ පේරාදෙණිය කැම්පස් එකේ නම ප්‍රින්ට් කරලා තිබ්බේ නැත්තන් මං තාමත් විශ්වාස කරන්නේ නෑ මේ ඉන්නේ තීර්ථ කියලා...මොනවා කරන්නද කාලය මැවු වෙනසක අරුමේ කියලා හිත හදාගෙන මං අයියත් එක්ක බස් හෝල්ට් එක දිහාවට ආවා...



''මන්දෝදරි අක්කේ...''මාව දැක්කා විතරයි අතේ එල්ලගෙන හිටිය බෑග් එකත් බිමට අතෑරලා නම කතා කරපු විදියට මගේ පපුවත් මොකද්ද වුනා...



''තීර්ථ...''



''ඔයාගේ මූන එයාගේ වගේමයි...''



''කවුරු වගේද මල්ලි...''



''ඉස්සර ඔයාගේ මහගෙදර බිත්තියේ සුදු මල් මාලයක් දාලා තිබ්බ පින්තූරේ හීටිය කෙනා, මමවත් දැකලා නැති මදාරා නැන්දා වගේ...''



''ඔයාට තාමත් ඒ මූන මතකයිද මල්ලි?'' ඇස් වලට ආව කදුළු පිහදාන ගමන් මං අහනකොට අයියා මාව එයාට හේත්තු කරගත්තා...



''හරි හරි, මේ කතාව මෙතනින් නතර කරලා අපි ඉක්මනට යමු...තීර්ථ ඔයා ඉස්සරහින් නැගලා මට පාර කියන්නකෝ...''කියලා මගේ ඔළුව අතගාන ගමන් අයියා කිව්වා...

.

.

.

.

.


ගම නම් සෑහෙන්න වෙනස් වෙලා...සෑහෙන්න කියන්නේ සෑහෙන්න...ඉස්සර මැටි බිත්ති තිබ්බ ගෙවල් වල ගඩොල් බිත්ති බැදලා, කන්ද වගේ තිබ්බ තැන්වල කන්ද කපලා අලුතෙන් ගෙවල් හදලා...ඉස්සර කඩයක් කියලා ගමටම තිබ්බේ එකයි...අද වෙනකොට ඒකත් ලොකුවට හදලා තව පොඩි පොඩි කඩ දෙක තුනක් තැනින් තැනත් තියෙනවා...



''තීර්ථ ඊයේ රෑ නේද ගෙදර එනවා කිව්වේ...''අයියා ඩ්‍රයිව් කරන ගමන් ඇහුවා...



''ඔව් අයියේ, කැම්පස් එකේ වැඩ වගයක් තිබ්බ නිසා එන්න බැරිවුනේ...ඒ උනාට අද උදේ පාන්දරම සරසවි උයනෙන් කෝච්චිය අල්ලගත්තා...මේ පාරවල් වල බස් යන්නේ පැයකට සැරයක් නේ...ඒකත් එක තැන කොට කොට එන්නේ...ඒකයි බස් එකේ එන්න වෙලා ගියේ...''



''මෙහේ ගොඩක් වෙනස් වෙලා නේද තීර්ථ...''



''ඔව් අක්කේ, දැන් පරණ මිනිස්සු නෑ...හිටපු අය ඔක්කොම වගේ කොළඹ පැත්තට ගිහින්...සමහර මිනිස්සු මේ ලෝකෙන් යන්නම ගිහින්...ඒ සමහර මිනිස්සු ගොඩේ මගේ තාත්තාත් ඉන්නවා...''



''මාමා මොනවා වෙලාද නැති වුනේ...''



''අවුරුදු දෙකකට කලින් ලියුකේමියා හැදිලා...''



''සොරි තීර්ථ...''



''සොරි කියන්නේ මොකටද...ඉපදෙන හැමෝම මැරෙනවා...''



''ශනයා නම් එහෙදි කරාටි ඉගෙන ගත්තා...තීර්ථ මොනවත් ඉගෙන ගත්තේ නැද්ද?'' ඒ අයියා...



''මම ඉස්කෝලේ යන කාලේ ජූඩෝ කලා...ඒක නෙවෙයි එහේ කිව්වේ කොහෙද?''



''අත්තගේ මලගෙදරින් පස්සේ මම ලංකාවෙන් ඇමරිකාවට ගියා මල්ලි...එහේ ඉන්නකොට තමා මං කරාටි ඉගෙන ගත්තේ...'' 



''අපි දන්නෙවත් නෑනේ...අයියේ අර කන්දෙන් උඩහට යන පාරේ යන්න ඕන...''



''ඒ පාරේ තියෙන්නේ ඔයාලගේ ගෙවල් නේ...ඇයි මුලින් අපේ ගෙදර යන්නෙ නැත්තේ...''



''දැන් ඔයාට මෙහේ ගෙවල් නෑ අක්කේ...''



''මොකද්ද?ඇයි උපුලි අක්කලා මෙහේ නැද්ද?''



''ඉන්නවා...''



''මට මුලින් යන්න ඕන එහෙට...''



''මුරණ්ඩු වෙන්න එපා බබා...තීර්ථ කියන විදියට වැඩ කරන්න බැරි නම් ගෙදර යමු...''අපේ අයියා ඒක කිව්වේ අණ කරනවා වගේ...එයත් අනේ මන්දා දැන් මට වැඩිය තීර්ථව ලොකු කරගෙන...මං ඉතින් ඒ දෙන්නටම රවලා ජනේලෙන් එලිය බලාගත්තා...



''අයියට කියන්න මෙයා ඉස්සරත් ඔහොමයි...සෙල්ලම් කරන්න ගිහින් කවුරුහරි විහිළුවක් කලොත් මූන පුම්බගෙන ඉන්නවා...ඊට පස්සේ ඉතින් කෝසල මාමා එන්න ඕන මෙයාව නලවන්න...''



''බලාගෙන යනකොට මෙහේ ඉදලා තියෙන විදිය හොදයි...ස්කූල් එකේ දෙක වසරේ ඉන්නකොට කොල්ලෙක් මෙයාගේ පොතේ පැන්සල් ඉරක් ඇන්දා කියලා මේකි ඌව හපා කාලා...''



''නෑ සිරාවට...ඔහොම දේවල් අංගම්පොර වලදි නම් කියලා දුන්නේ නෑ...''



''ඔයාට කියන්න තීර්ථ මට ඉන්නේ මේ ලෝකේ හොදම අයියා...එයා වගේ බොදු දරුවෙක් මං කොහේදිවත් දැකලා නෑ...''මං එහෙම කියද්දි අපේ අයියා කොලර් එකත් උස්සගත්තා...හැබැයි මං ඊලගට කියන්න යන දේ දන්නවා නම් පොර කීයටවත් ඒ වැඩේ නම් කරන්නේ නෑ...



''මෙයා පුංචි කාලේදි, මමා මාළු වගයක් ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන සුද්ද කරලා උයන්න හිතාගෙන...ටික වෙලාවකින් සුද්ද කරන්න ගත්ත මාළු ටික නැහැලු...බලනකොට මේකා මාළු ටික ගෙදර මාළු ටැංකියට දාලාලු...මට ඔය සීන් එක තාත්තා කිව්වේ...''



''මෝඩ වැඩේ උනත් මං ඒක හොද හිතින් කලේ...''



''ඇත්ත ඇත්ත...ඒ පොඩි මාළු ටැංකියේ ඉදලා තියෙන්නේත් සාරිගප්පියෝ දෙන්නෙක් විතරයි...පහුවදා උදේ බලනකොට උන් දෙන්නත් මැරිලලු මේකගේ මැටි වැඩ නිසා...''



''එහෙම තමයි ඉතින් පොඩි කාලේ අත්වැරදීම් වෙන්න පුළුවන් නේ නැද්ද අයියේ...''



''ඒක තමා බං...මුන්ට පිස්සු තාමත් ඕවා ගැන කියවන්න...''



''ම්ම්ම්... මටත් මතකයි ඉස්සර දවසක ගගේ නාන්න ගිහින්, එක්කෙනෙක් ඇදන් හිටිය කලිසම අත්වැරැද්දකින් ගහගෙන ගියා... අන්තිමේදි අපේ මාමා හබරල කොල දෙකක් ගෙනාවේ නැත්තන් තීර්ථ තාමත් වතුරේ...මාළු කොටලම ත- ''



''ඇති අක්කේ, ගැත්තාට අනුකම්පා කරලා දැන්වත් ඔය කතාව අමතක කරන්න...''අත් දෙකත් එකතු කරලා තීර්ථ කිව්වා.



''බලමුකෝ...මේ දැන් ජයනි නැද්දා දන්නවද අපි එනවා කියලා...''



''මං අම්මට කිව්වේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නෙක් එක්ක එනවා කියලා...''



''හ්ම්....''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


මේ දවස් ටිකේ දෙන කොටස් ටික මං කලින්ම telegraph කරලා තියෙන්නේ...Edit කරන්න තැන් ටිකකුත් තියෙනවා...ඒ ටිකත් edit කරලා හිමීට ඉතුරු ටිකත් දෙන්නම්...



තිස් පස්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️



Report Page