Kidnapped by Love-33

Kidnapped by Love-33

ඕෂධී🌸✍


Chapter-32



🍓Chapter-33



''මේ ආදී අපි දැන්ම මෙතනින් යන්න ඕනද...''



''බිල් එකත් පේ කලාට පස්සේ තවත් මොනවද මෙතනට වෙලා කරන්න තියෙන්නේ...කාපු බීපු තැන් වල වැඩි වෙලා ඉන්න හොද නෑ...''



''ඒ වුනත් බං ආයුෂ් අපිට කතා කලොත්...''



''එහෙම වෙන්නෙ නෑ...පේන්නේ නැද්ද අරුන් දෙන්නා ලොකු කතාවක...මෙහෙ වරෙන් යන්න...''කියූ ආදිත්‍ය පුටුවෙන් නැගිට පඩිපෙල දෙසට ගිය නමුත් රමිත්ගේ සැකය තහවුරු කරමින් ආයුෂ් ඔවුන් දෙදෙනාට කතා කලෝය...ඒ නිසාවෙන් ආදිත්‍යට හා රමිත්ට ආයුෂ් සිටි මේසය අසලට යාමට සිදුවිය...



''මං දැක්කා එනකොටම උබලා දෙන්නා අතන කතා කර කර ඉන්නවා...ආදිත්‍ය කවද්ද ලංකාවට ආවේ...''ආයුෂ් ඇසු අතර ශනායා ඔවුන් තිදෙනා ගැන මායිම් නොකර දුරකථනය අතට ගත්තාය...



''අපිත් දැක්කා උබව...මං දැන් සති දෙකක් වෙනවා වැකේෂන් වලට ලංකාවට ඇවිල්ලා...අද මූත් එක්ක ලන්ච් එකට එලියට ආවා...''කියමින් ආදිත්‍ය රමිත්ව පෙන්නුවේය...



''රමිත් තාමත් අර සිද්ධියට මාත් එක්ක තරහින්ද ඉන්නේ...''



''අපෝ නෑ මචං...කතාවක් තියෙනවනේ සමහර දේවල් තේරෙන්න කල් යනවා කියලා...මටත් දැන් තමා තේරෙන්නේ උබ ඇමැන්ඩව සෙට් කරගෙන මාව ලොකු මාරක අපලෙකින් ගලෝගත්තා කියලා...මේ උබගේ නෑදෑවෙන නංගි කෙනෙක්ද...''ශනායව පෙන්වමින් සමච්චලේට මෙන් රමිත් ඇසුවේය...ඒත් සමගම මෙපමන වෙලා දුරකථනය දෙස බලා සිටි ශනයා හිස ඔසවා රමිත් දෙස බලන අතරේ ආදිත්‍යද මදක් වේගයෙන් රමිත්ගේ පිටට පහරක් එල්ල කලේය...



''අයියෝ නෑ බං...මේ ශනායා, මගේ යාළුවෙක්...තව ටිකක් විස්තර කියනවා නම් රොජර් හෙට්ටිආරච්චි කියන්නේ මෙයාගේ තාත්තා...ශනායා, මේ රමිත් එතකොට මෙයා ආදිත්‍ය...මගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෝ...''කියමින් ආයුෂ් එකිනෙකාව අදුන්වා දුන් අතර ඇය,



''Hello, nice to meet you Ramith and Adhithya... '' කියමින් පිරිමි ලමුන් දෙදෙනාට අතට අත දුන්නාය...



''ශනායා, ආදිත්‍ය ඉන්නෙත් ඇමරිකාවේ...''ආයුෂ් කීවේය...



''Oh really... ඔයා මොන ස්ටේට් එකේද ඉන්නේ...''



''මං Ohio වල ඉන්නේ...''



''ආ...ඉන්දියානා වලට එහා පැත්තේ ස්ටේට් එකේ නේ ඉන්නේ...''



''එහෙනම් ඉතින් ආයේ ගියාම දෙන්නට එහෙදි හම්බවෙන්නත් පුළුවන් වෙයි...''



''කවුද දන්නේ ආයුෂ් අයියේ ඕවා කෙරෙන වැඩද කියලා...මොකද ඉතින් එහේ එක ස්ටේට් එකක්ම ලංකාවට වඩා ලොකුයි නේ...''



''ඒකත් ඇත්ත...මේ රමිත්ගේ තාත්තව නම් ඔයාගේ තාත්තා දන්නවා ඇති...''



''එහෙමද...''



''ඔව් එයාලා අදුරනවා...ඔයාගේ සීයා පප්පගෙ බිස්නස් එක ඔයාලගේ තාත්තා අතට ගත්ත කාලෙමයි අපේ තාත්තත් මේ බිස්නස් ෆීල්ඩ් එකට ආවේ...''යනුවෙන් රමිත් කීවේය...



''සමහරවිට අපිට මීට කලින් ඉදන්ම අදුරගන්න තිබ්බා...ඒත් ඉතින් මං ඇමරිකාවේ නේ හිටියේ...''



''ආයුෂ් අපි යන්නම්, තව වැඩ වගේකට යන්න තියෙනවා...''කියූ ආදිත්‍ය ආයුෂ්ට හා ශනායට සමුදී රමිත් සමගින් පහලට ආවේය...



''මොකද්ද බල්ලෝ අර කලේ...මෙච්චර වෙලා අරකි උබව අදුරගනී කියලා මැරෙන්න හැදුවා...''



''උබ කිව්ව කතාව ඇත්ත බං ඒකි මාව අදුරගත්තේ නෑ...ඒක දැනගන්න ඕන නිසාමයි මං අර වගේ කතාවක් කිව්වේ...මට මාර සතුටුයි යකෝ...''



''මට නම් හිතුනේ ඒ ඉන්නේ ශනායා නෙවෙයි කියලා...''



''එහෙම වෙන්න උබලා දෙන්නා මීට කලින් මූනට මූන බලාගෙන කතා කරලා නෑනේ...දැන් නම් මට සීයට දාහක් ශුවර් අපේ මිෂන් එක ගොඩ...''



''කෑ ගහන්න එපා බං...පේනවද අර කාර් එක ඇතුලේ ශනායාගේ බොඩිගාඩ් ඉන්නවා...''



''සොරි මචං...''



''මං හෙට නුවර යනවා...උබ දහය වෙනකොට රත්නපුර ටවුන් එකට වරෙන් මාත් එක්ක යන්න...''



''හෙට ගිහින් හෙටම එනවද...''



''නෑ අනිද්දා හවස ආයේ එනවා...මට උබත් එක්ක ගෙදර වැඩේ ගැනත් කතා කරගන්න ඕන... කෝකටත් උබලගේ ගෙදර මිනිස්සුන්ට කියලා වරෙන් දවස් හතර පහකට අතුරුදහන් වෙනවා කියලා...''



''හරි හරි...කොහොමත් මේ ඔෆිස් එකක් බදාගෙන ඉදලා මටත් මහන්සි බං...උබේ වැඩකට යනවා කියලා කියන්නම්...එතකොට ඉතින් මං මාසයක් අතුරුදහන් වුනත් හොයන එකක් නෑ...''



''වෙලාව මතකයි නේ උදේ දහය...''



''හරි බං, පරිස්සමට පලයන්...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


මේ කතාව ඉස්සරහට දෙන එක ගැන මට දෙයක් කියන්න තියෙනවා,


කතාව හැදින්වීමෙදි මං කිව්වනේ ඉස්සරහ දවස් වලදි මට විභාග, assignment වගයක් කරන්න තියෙනවා කියලා...ඉතින් ලබන්නා වූ නොවැම්බර් මාසේ පුරාවටම මට ඒ වැඩ වලට මහන්සි වෙන්න වෙනවා...මං සාමාන්‍යයෙන් අන්තිම මොහොතේ වැඩ කරන කෙනෙක් නෙවෙයි...ඒ නිසා මට මේ මාසේ ඉදන්ම විභාග වැඩ වලට ලෑස්ති වෙන්න ඕන...විභාග වැඩයි මගේ අනික් වැඩයි එක්ක මට කතාව එක දිගට දෙන්න වෙන්නේ නෑ...එහෙම දෙන්න ගියොත් මාව ඕනවට වඩා ප්‍රෙශර් වෙලා කතාව ලියන විදියත් අවුල් වෙන්න පුළුවන්...


මගේ අදහස නම් මෙතනින් කතාව නතර කරලා ආයේ දෙසැම්බර් ඉදන් කතාව එක දිගට දෙන්න පුළුවන් කියන එක...එහෙම නැතුව පුළුවන් වෙලාවකට එක කොටසක් හරි දාන්න කියන එකද ඔයාලගේ අදහස...එහෙම දැම්මොත් ඔයාලට ඊළග කොටස කවදා කියවන්න හම්බවෙයිද කියන ප්‍රශ්නෙත් එනවා...


ඔබලාගේ හිතේ ඇති දෑ දැන ගැනීමට මා සතුව අංජනම් දේවතාවියගේ බලය නොමැති බව කරුණාවෙන් සලකන්න...එ බැවින් ඕතරීට කැමති දෙයක් කරන්න කියන්නේ නැතුව තමුන්නාන්සේලා කැමති දේ කියාගෙන යන්නලා...ඒවා සියල්ල සලකා බලා මං තීරණයක් ගන්නම්...


ලයික් කරන්න,කමෙන්ට් කරන්න...කතාව කියවන ඔයාලා ඔක්කොටම ස්තූතී,ආතරෙයි අහස තරම්❤



තිස් හතර වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page