Kidnapped by Love-32
ඕෂධී🌸✍
🍓Chapter-32
''ශනායා...''
''ඔව් ශනායා...මං කිව්වේ උබට, මේකි ඇමතිට එහා ගේම්කාරයෙක්... නැත්තන් කොහොමද අපි ඉන්න තැන ගැන දන්නේ...''
''පොඩ්ඩක් හිටහන් බං කලබල නොවී...''
''ඔව් ඔව් උබට කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන්...මොකද ඒකි උබව අදුරන්නේ නෑ, උබ මාස්ක් දාගෙන හිටිය නිසා...ඒත් හු## මම නේ එදා කාර් එකේ ෆේක් ඩ්‍රයිවර් විදියට හිටියේ...මේකි මාව අදුරගත්තොත් අපි ඔක්කොම ඉවරයි...''
''එහෙම වෙන්නේ නෑ...උබ කලබල නොවී ඉදපන්...''
''අර බලපන් බොඩිගාඩ් කෙනෙක් එක්ක ඇවිත් තියෙන්නේ...උන් ලග තුවක්කුත් ඇති...මෙතනදිම අපි දෙන්නව එලොව යවයිද දන්නෙත් නෑ බං.... උබ මෙතනට වෙලා ඕන හු##ක් කරගනින් මං යනවා...''කියාගෙන රමිත් නැගිට්ටද ආදිත්‍ය ඔහුගේ අතින් ඇද නැවත පුටුවෙන් වාඩි කෙරෙව්වේය...
''දගලන්නෙ නැතුව හිටහන්...අනික උබට කොහොමත් යන්න වෙන්නේ පඩිපෙල බැහැගෙන...''
''Excuse me sir, මෙන්න සර්ලා ඕඩර් කරපු අයිස් කොෆි දෙක...කෑම රෙඩි වෙන්න නම් තව විනාඩි දහයක්වත් යයි...''කියමින් වේටර්වරයෙක් පැමිණ අයිස් කෝපි වීදුරු දෙකක් මේසය උඩින් තැබුවේය...
''මල්ලි මෙතන ලිෆ්ට් එකක් නැද්ද...''යනුවෙන් රමිත් ඇසුවිට වේටර්වරයාද උඩබිම බලන්නට විය...
''මොකද්ද සර්...''
''මෙයා ඒක විහිළුවට වගේ ඇහුවේ මල්ලි...මෙයා ඉස්කෝලේ යන කාලේ ඉදන් මේ වගේ ජෝක් කරනවා...ඔයා කෑම රෙඩි වුනාම ගෙනත් දෙන්නකෝ...''යනුවෙන් ආදිත්‍ය වේටර්වරයාට කිව්වේය...
''හරි සර්...''කියූ වේටර්වරයා එතනින් ඉවත්වී ගියේය...
''දැන් මං ජෝක් එකක්ද කලේ...යකෝ අපේ අම්මටයි තාත්තටයි ඉන්න එකම ලමයා මං...''
''තට්ටු දෙකේ රෙස්ටුරන්ට් එකකට මොකටද පගෝ ලිෆ්ට් එකක්...ඔච්චරටම බය නම් මෙතනින් පහලට පැනලා දුවපන්...අනික උබට මං වෙනුවෙන් වෙඩි කන්න බැරි නම් වැඩක් නෑ...''
''තෝ හදන්නේ මාව දිව්‍යලෝකේට යවලා මගේ දේපල ටිකට විදින්න නේද...''
''ඔව් ඔව්...''යනුවෙන් කියූ ආදිත්‍ය නැවතත් පහල බැලූ අතර ශනායා කවුරුන් සමග හෝ දුරකථන ඇමතුමකට සම්බන්ධ වී සිටිනා ආකාරයට ඔහුට පෙනුනි...
''රමිත් මේ අහපන්, උබට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මාව විශ්වාස කරපන්...ලංකාවේ හොද බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක් වෙච්ච උබ ඔහොම කරයි කියලා කවුරුත් හිතන්නේ නෑ...අනික් දේ තමා මං නම් හිතන්නේ නෑ ශනායට උබේ මූන මතක ඇති කියලා... මචං අපි ඒකිව සිහිනැති කරපු හරියේ සිසිටීවී තිබ්බෙත් නෑ...මම එදා ශනායවත් අරන් ගෙදර යනකොට උබව මගින් දාගෙන ගියපු තැන සිසිටීවී තිබ්බෙත් නෑ...බැරි වෙලාවත් මේ ගැන පොලිසියෙන් දම්මලා උබ හොයන්න ගත්තොත් උබලට තියෙන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ තියෙන ප්‍රශ්න නිසා උබට බොරු චෝදනා කරනවා කියලා කියන්න...හැබැයි මම නම් හිතන්නේ නෑ ඇමතියා පොලිසි යයි කියලා...''
''පොලිසිය නැතුව අන්ඩර්වර්ල්ඩ් එක දම්මලා මාව මැරුවොත්...''
''එදාට මං තරම් නරක එකෙක් කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි...මං ඇමතියවයි උගේ දුවයි දෙන්නම මරලා මමත් මැරෙනවා...කලබල නොවී වෙන්නේ මොකද්ද කියලා බලමු...''
''හරි මං උබ කියන දේ අහලා කලබල නොවී ඉන්නම්කෝ...''කියූ රමිත් අයිස්කෝපී විදුරුව ලං කරගත්තේය...
තවත් මිනිත්තුවක් ගතවීමට පෙර තද දුඹුරු පැහැ ටියුබ් ටොප් එකක් හා ක්‍රීම් පැහැ කලිසමක් හැද සිටි ශනයාද උඩුමහලට පැමිණියාය...හොදින් වටපිට බැලූ ඈ ඒ ලග තිබූ මේසයක් අසලින් වාඩිවූ අතර හිස මත තිබූ කළු පැහැ අව්කණ්ණාඩිය හා අත් බෑගය මේසය මතින් තබා තමන්ගේ අවධානය දුරකථනය වෙත යොමු කලාය...
''ඒ උබ කිව්ව එක හරි බං...ඒකිට මාව මතක නෑ තමා...නැත්තන් මෙලහකටත් අපේ මේසේ ලගට ඇවිත් නේ...''
''හ්ම්ම් ඒක තමා...''යනුවෙන් කියූ ආදිත්‍ය ශනායා දෙස හොරහින් බැලුවේ සිදුවූ දේ අගක් මුලක් සිතාගත නොහැකිවය...කතා කරන දේවල් නෑසෙන දුරකින් සිටියා වුවද ශනායා වාඩි වී සිටින්නේ ආදිත්‍යට හා රමිත්ට ඈව හොදින් නිරීක්ෂනය කල හැකි වන අයුරිනි...තවත් සුළු මොහොතකින් පිරිමි ලමයෙක්ද උඩුමහලට පැමිණියේ මල් පොකුරක්ද සමගිනි...
''ඕයි අර ආයුෂ් නේද...'' ආදිත්‍ය හඩ බාල කොට රමිත්ට කියූ අතර ආයුෂ්ගේ නම ඇසුන සැනින් රමිත් ශනායා සිටින දෙස හැරි බැලුවේය...
''අඩෝ ඔව් බං මල්සරා තමා...''ඉදගෙන සිටින තැනින් නැගිට ආයුෂ් ගෙනා මල් පොකුර රැගෙන ඔහුව වැලදගන්නා ශනායා දෙස බලමින් රමිත් කීවේය...
''තම්බි හරක් දිහා බලනවා වගේ බලන්න එපා යකෝ...මෙහේ හැරියන්...''කියූ ආදිත්‍ය රමිත්ව තමන් දෙසට හරවගත්තේය...
''අනේ මේ, මට ඌත් එක්ක තියෙන කේන්තිය තාම ඉවරවෙලා නෑ ආදි...''
''උබ කියන්නේ අර වට බඩුව මූ සෙට් කරගත්ත එකට උබට තාමත් මූත් එක්ක කේන්ති කියලද...''
''ඒකි වට බඩුව තමා... ඒ වුනාට මූට වටින්නේ නෑ එකී මගේ කෑල්ල කියලා දැනගෙනත් ටෝක් කරලා දාගන්න...''
''ඌට බැනලා වැඩක් නෑ යකෝ...ඇමැන්ඩා තමුසෙට ඇත්තටම ආදරේ කලා නම් කීයටවත් මූ ටෝක් කලාම ටෝක් වෙන්නේ නෑනේ...ඇමැන්ඩා නෙවෙයි ඒකි ඇනකොන්ඩා...''
''අඩෝ මොනවා වුනත් මගේ ෆස්ට් ලව් එකට එහෙම කියන්න එපා...''
''ඇමැන්ඩා උබේ ෆස්ට් එක වුනාට උබ ඇමැන්ඩගේ ෆස්ට් එක නෙවෙයි...අනේ උබත් A/L වලට ආව ගමන් ලව් කරන්න ගියානේ...''
''ආ..ආ..මෙන්න ලව් කලේ නැති එකෙක් කතා කරනවා...''
''එහෙම නෙවෙයි බං, මං හිතන්නේ ඇමැන්ඩට වාර්තාවක් තියන්න ඕන වෙන්න ඇති...නෙහාරා කිව්ව විදියට එකිට කොලඹ එක එක ඉස්කෝල වල කොල්ලො හිටියා...අපේ ඉස්කෝලෙන් උබ එතකොට **** කොලේජ් එකෙන් ආයුෂ්, ඇයි **** ඉස්කෝලෙට ගියපු ගගණ...''
''ඇති ඇති මට මතකයි...ආයුෂ්ගෙයි ඇමැන්ඩගෙයි මහ වෙනසක් නෑනේ...අඩෝ සිරාවටම මට ඉස්කෝලේ යන කාලේ හිතුනා ආයුෂ් කවදාහරි අන්තඃපුරයක් දාගනී කියලා...ඌ වටේ යනවා කියලා දැන දැනත් කෙල්ලෝ මූට කැමැත්තෙන් හිටියා නේ...''
''ඒ නම් උගේ පෙනුමට වෙන්න ඇති බං...දැන් කියලත් පෙනුමේ මහ වෙනසක් වෙලා නෑනේ...හැබැයි ඉතින් ඔය ඔක්කොම මජර වැඩත් කරලා මූ ඉගෙන ගන්න එකත් හරියට කරගත්තනේ...''
''ඒක නම් ඇත්ත ආදී...''
''මූ කොහොමද දන්නේ නෑ ශනායව අදුරන්නේ...''
''මං කොහොමද බං ඒක දන්නේ...ඕන නම් මං ලගට ගිහින් අහලා එන්නම් ආදිත්‍ය ඇහුවා කියලා...''
''පිස්සු නැතුව හිටහන්...''
''මේ සමහරවිට ඌ ශනායව උගේ අන්තඃපුරේ අගබිසව කරගන්න හදනවද දන්නේ නෑ...''
''මං නම් හිතන්නේ නෑ ශනායා එච්චර මෝඩයි කියලා...''
''උබ ඔහොම කිව්වට මට නම් හිතෙන්නේ ඇමතියා ශනායව මුගේ කරේ එල්ලන්න හදනව කියලා... නැත්තන් අවුරුදු ගානක් රට හිටපු කෙල්ල මූව අදුරන්නේ කොහොමද...''
ඒ ප්‍රශ්නයට උත්තර තමන් නොදන්නා බව ඇගවීමට මෙන් ආදිත්‍ය උරහිස් ඇකිළුවේය...ඒත් සමගම ඔවුන් ඇනවුම් කල ආහාර රැගෙන ආ බැවින් ඔවුන් ආහාර ගැනීමට පටන්ගත්තෝය...
''ආදි උබ නුවර යන්න හිතාගෙන ඉන්නවද...''තම ජංගම දුරකථනය දෙස බලාගෙන රමිත් ඇසු අතර ප්‍රශ්නයට උත්තර නාව තැන ඔහු දුරකථනයෙන් ඇස් ඉවතට ගෙන ආදිත්‍ය දෙස බැලුවේය...ආදිත්‍ය මේ වනවිටත් වෙනතක් බලාගෙන කල්පනා කරනු දුටු රමිත් ආදිත්‍යගේ ඇස් යොමු වී තිබුනු දිහාව දෙස හැරි බැලුවේය...එවිට ඔහුට ආයුෂ් සමග සිනාසෙමින් කතා කරන ශනායව දැකගන්න ලැබුනු අතර නැවත ආදිත්‍ය දෙස හැරුන රමිත් උගුර පාදා ආදිත්‍යගේ අවධානය තමන් වෙතට යොමු කරගත්තේය...
''ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ...''
නාට්‍යානුසාරයෙන් කියූ රමිත් ආදිත්‍යට ඇසක් වසා ඉගි කොට වතුර වීදුරුවක් තමන්ට ලං කරගත්තේ ආදිත්‍ය ඔහුට දෙන රවාගත් බැල්ම තඹේකට මායිම් නොකරමිනි...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
තිස් තුන්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️