Kidnapped by Love-31

Kidnapped by Love-31

ඕෂධී🌸✍


Chapter-30



🍓Chapter-31



ආදිත්‍ය කොළඹ පාරට මුහුණලා ඇති දෙමහල් අවන්හලකට වී පුද්ගලයෙක් බලාපොරොත්තුවෙන් සිටිමින් වුන්නේය...ඔහු බලාපොරොත්තු වූ පුද්ගලයා එතනට පැමිනියේ ඔහු අවන්හලට පැමිණ විනාඩි විස්සකට පමණ පසුවය...



''උබ නම් ඉස්කෝලේ යන කාලේ වගේමයි රමිත්...තාමත් වෙලාවකට වැඩක් කරන්නේ නෑ...'' හති දමමින් පඩිපෙල නැග ඇවිත් තමන්ට ඉදිරි අසුනින් වාඩිවූ තමන්ගේ මිතුරා දෙස බලා ආදිත්‍ය කීවේය...



''ඒ කාලෙයි මේ කාලෙයි කියලා වෙනසක් නෑ යකෝ...කොයි කාලේ වුනත් මේ කොළඹ ට්‍රැෆික් නවතින්නේ නෑ...කොහොමද ඉතින් සත්‍ය ප්‍රේමයේ භෘංගරාජයට...''යනුවෙන් රමිත් කීවේය...ඔහු නමින් රමිත් භානුක වීරසිංහ විය...ආදිත්‍යට කොළඹ පාසලේදි හමුවූ පලමු මිතුරා රමිත් වූ අතර අදටත් ඔවුන් දෙදෙනාගේ යාළුකම නොනැසී එලෙසෙම තිබේ...



''මොනවද ඕඩර් කරන්නේ...තව ටිකවෙලාවක් ඕඩර් කරන්නේ නැතුව හිටියොත් උබටයි මටයි දෙන්නටම මෙතනින් ගහලා පන්නයි...''



''එහෙම කොහොමද කරන්නේ... අමතක උනාද මගේ තාත්තා මේ ලංකාවේ බිස්නස් ෆීල්ඩ් එකේ උඩම ඉන්න කෙනෙක් කියලා



''හරි හරි උඩම ඉන්නේ උබලගේ තාත්තා මිසක් උබ නෙවෙයි නේ...අද ලන්ච් එක මං ගානේ...''කියූ ආදිත්‍ය ඒ අසල සිටි වේටර්වරයෙක් කැදවා ආහාර ඇනවුම් කලේය...



''මගේ වැඩේ කොහොමද රමිත්...''



''ඔහොම ඉදපන්...ආ මෙන්න බැංකු පොත...උබ කිව්ව විදියටම නෙහාරගේ අම්මගේ නමට හැදුවේ...''කියූ රමිත් සාක්කුවෙන් බැංකු පොතක් ඇද එය මේසෙය උඩින් තැබුවේය...



''මුකුත් ප්‍රශ්නයක් වුනේ නෑනේ...''බැංකු පොත පිරික්සා බලමින් ආදිත්‍ය කීවෙය...



''එහෙම ප්‍රශ්න වෙනවද මල්ලි...යකෝ අපි කොහොමත් දවසකට වතාවක් මේ ගනන් වලින් බැංකු එක්ක වැඩ කරන අය නේ...''



''උබට පින්...මේ සල්ලි අර මිනිස්සුන්ට මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා...උබ නැත්තන් මං මේ ගේම කොහොම ගහන්නද ?''



''පින් නම් ඕනත් නෑ...මොනවා වුනත් නෙහාරා කියන්නේ මගෙත් යාළුවනේ...යාළුවෝ වෙනුවෙන් උදව් කරලා පින් බලාපොරොත්තු වෙන සිරිතක් මේ රමිත් ලග නෑ...ඉතින් උබ මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ...''



''මේ බැංකු පොත නෙහාරාලගේ ගෙදර අයට ගිහින් දෙන්න ඕන...''



''ඒ ලබ්බක් නෙවෙයි යකෝ ඇහුවේ...කොහොමත් උබ ඕක ලග තියාගෙන අල තම්බන්නද...උබට බදින්න අදහසක් නැද්ද...''



''මනමාලි මීට අවුරුදු දෙකකට කලින් නැති වුනානේ...ඉතින් මං කාවද බදින්නේ...''



''ඇයි ශනායා හොද නැද්ද...දෙන්නත් එක්ක සතියකට වඩා එකට හිටියනේ...මට කියන්න එපා උබලා දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ කියලා...කියමු බලන්න කෙල්ලව එක්කගෙන ගියපු වෙලේ ඉදන් වෙච්ච දේවල්...''



''කෙල්ලට සිහිය ආවා රෑ දහයයි හතලිස් පහට විතර...මං ඇමතියට කතා කරාම ජේඩන් කිව්වා කියහන්කෝ නංගි ඉන්නෙ මං ලග කියලා ඔප්පු කරන්න කියලා...ඊට පස්සේ මං ශනායට කතා කරන්න කිව්වම ඒකි කිව්වා, තාත්තා කැමති නම් මාව බේරගන්න නැත්තන් අදුරන්නේ නැති මිනිහෙක් අතින් මැරෙන්න උනත් මං ලෑස්ති කියලා...''



''අඩෝ සිරාවට...දුව තාත්තට එහා ගේම්කාරයෙක්ද දන්නේ නෑ...උබ මූන එහෙම පෙන්නුවේ නෑනේ...''



''නෑ...එයා ඉස්සරහට යන වෙලාවට මං මාස්ක් එකක් දාලා ගියේ...අනික් එක එයාව මං කාමරේ ඇතුලට දාලා ලොක් කරලා තිබ්බේ ඒ දවස් ගානටම...''



''අර කෝල් එකෙන් පස්සේ මොකද වුනේ...''



''ඊට පස්සේ දවසක මං කෑම ගිහින් දෙන්න ගියාම ඒ කෙල්ලම කිව්වා තාත්තා කරපු වැරැද්දකට නේද මාව මෙහෙම හිරකරගෙන ඉන්නේ කියලා...මං ඔව් කිව්වාම එයාම තමා කිව්වේ මේ සල්ලි ගන්න එයා උදව් කරන්නම් ඒකට ජේඩන්ට කෝල් කරන්න කියලා...''



''උදව් කරන්න හේතුව කිව්වේ නැද්ද...''



''එයා දන්නවලු ඇමති හින්දා මිනිස්සුන්ට වෙච්ච සමහර කරදර ගැන...ඒ වගේ කරදරේ වැටිච්ච මිනිහෙක්ට උදව් කරන්න හම්බවෙච්ච එක එයාට සතුටක්ලු...''



''ඒ කෙල්ල පව් නේ බං...''



''මොනවා කරන්නද බං අම්මලා තාත්තලා වැරදි කරන්න කලින් දැනගන්න ඕන...ඒවා කවදාහරි තමන්ගේ ලමයින්ගේ පිටින් වුනත් යන්න පුළුවන් කියලා...''



''මොනා වුනත් ඒ කෙල්ලට අම්මගේ ගතිගුණ පිහිටලා තියෙනවා...''



''මොන අම්මද...''



''මිනිහෙක්ට ඉන්නේ එක අම්මයි...ශනායගේ අම්මා තමා ඇමතිගේ කසාද ගෑනී...ඒ ගෑනු මනුස්සයා පල්ලිය මාර්ගෙන් ලමයින්ට ගොඩක් උදව් කරන කෙනෙක්...''



''ඒක මිසක්...ඒ මොනවා වුනත් ශනායා කියන්නේ පට්ටම මීටරයක්...ඒක එයත් එක්ක කතා කරපු පොඩි වචන ගානට මට තේරුනා...''



''ඉතින් ඒ වගේ මීටරයක් වයිෆි කරගන්න හොද නැද්ද ? දෙන්නම ඉන්නේ ඇමරිකාවේ නිසා වැඩේ ලේසි වෙයි...''



''කොහෙත්ම නෑ...''



''ආදී මේ අහපන්...උබෙයි නෙහාරගෙයි ලව් එක ගැන මං තරම් දන්න එකෙක්වත් නෑ...නෙහාරා හැමදාම කැමති වුනේ උබට හොදක් වෙනවා දකින්න...නෙහාරා කොහෙහරි ඉදන් බලාගෙන ඉන්නවා නම් එයා දුක් වෙනවා ඇති උබ මේ ඉන්න විදිය දැකලා...මං කියන්නේ දැන්ම නැතත් තව ටික කාලෙකින් හරි උබ පිලිවෙලක් වෙන්න ඕන...''



''අර ඇමතියා ජීවත්වෙලා ඉන්නකම් මට ශනායා එක්ක ලව් කරන්න වෙන්නේ නෑ...''



''ඇයි ඒ...''



''බල්ලෝ...ශනායා කියන්නේ ඇමතියෙක්ගේ දුවෙක්...තමන්ගේ දුව යාළුවෙලා ඉන්නේ මොනවගේ එකෙක් එක්කද කියලා ඕනම තාත්තා කෙනෙක් විස්තර හොයලා බලනවා...මං ගැන විස්තර හෙව්වොත් අර යකා අනිවාරෙන් නෙහාරා ගැන දැනගනී...එතකොට ඉතින් මට ශනායව කීයටවත් හම්බවෙන එකක් නෑ...''



''ඒ කියන්නේ උබ ශනායට කැමති නේ...''



''එහෙම එකක් නෑ...උබ මට ඒකිව ජෝඩු කරපු නිසා කිව්වේ...''



''ඕන නම් ඇමතියවත් පරලොව යවමු...එතකොට උබට සැනසී- ...ආදී ඉක්මනට පහල බලපන්...මට පේන කෙනාව උබටත් පේනවද...''යනුවෙන් රමිත් කී අතර ඒ සමග ආදිත්‍යත් තමන්ගේ එහා පැත්තේ ඇති ඉහල මහලේ අත් වැටෙන් එබී බැලුවේය...රමිත් පෙන්වූ කෙනාව දැක ආදිත්‍යගේ දෙබැමද ඉහලට එසවුනි...



''ශනායා...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


මේ පොඩි කොටස ආදිත්‍ය කෝ කියලා අහපු අයට.......



තිස් දෙවෙනි කොටසින් හමුවෙමු....



මම ඕෂධී...✍️


Report Page